හිතේ පාටින් - Hithe patin

හිතේ පාටින්  - Hithe patin හිතේ පාටින් අකුරු අමුණමි.

මට ඉන්න ඉඩදෙන්න ඔයාගේ ඇස් දෙකේ..ආදරේ විඳගන්නඉඩ දෙන්න හදවතේ..සිහිනයෙන් සිහිනයටලඟ ඉන්න පන මගේ ..මැරෙනකම් නෙවෙයි අපිඅපේ වෙම...
07/12/2023

මට ඉන්න ඉඩදෙන්න
ඔයාගේ ඇස් දෙකේ..
ආදරේ විඳගන්න
ඉඩ දෙන්න හදවතේ..
සිහිනයෙන් සිහිනයට
ලඟ ඉන්න පන මගේ ..
මැරෙනකම් නෙවෙයි අපි
අපේ වෙමු සසරේ....

නයනා දර්ශි

බැද්දකට සුන්දර උනත් නාදුනන වැඩුනු වැල්..මිදුලකට නොහොබී ඉබාගාතේ වැඩුණු වැල්සුන්දර උනත් කොතනක උව  පිපුනු මල්..මල් තමයි විද...
18/04/2023

බැද්දකට සුන්දර උනත්
නාදුනන වැඩුනු වැල්..
මිදුලකට නොහොබී
ඉබාගාතේ වැඩුණු වැල්
සුන්දර උනත් කොතනක
උව පිපුනු මල්..
මල් තමයි විදවන්නෙ "ඒ වැල් හරි නෑ" කියා
වැදෙනකොට ගල්..
..නයනා දර්ශි

මතකයන් වැඩිපුරම තියෙන්නෙනවාතැන්පලවල්  වල ....
28/05/2022

මතකයන් වැඩිපුරම තියෙන්නෙ
නවාතැන්පලවල් වල ....

27/05/2022
කච්චං සුළඟ හමන කොටත්ගිල්ම  ගහන්නෙ අහේතුකව හිත පුරා ගොඩගැහුන අහිමිවීම් ගඟුලක්...වසන්තය එන බවය ඉඟිදෙනකොහාත්  කෑගහසන්නෙකනකො...
25/05/2022

කච්චං සුළඟ හමන කොටත්
ගිල්ම ගහන්නෙ අහේතුකව
හිත පුරා ගොඩගැහුන අහිමිවීම් ගඟුලක්...

වසන්තය එන බවය ඉඟිදෙන
කොහාත් කෑගහසන්නෙ
කනකොකෙකුගෙ ස්වරයෙන්..

ඒ හැමදේම දරාගන්න හදවතට
පණිවිඩ ගෙනියන්නෙ හැම නියුරෝනයක්ම
හදවත කිණිහිරයක් කරගනින් ..

ඇසිල්ලක දැවටෙන තුත්තිරියෙත්
පැටලෙන්නෙ කච්චං හුළඟෙන් බව
සළුවත් දැන දැනත්...

කච්චං සුළං - වියළි කාලයේ හමන තද සුළඟ

නයනා දර්ශි

13/03/2022

කඳුළු කුමට නොගලා ගල් වෙන්න නම්
සුසුම කුමට නොහැලී හිර වෙන්න නම්
තනිය කුමට නොගෙවා වල් වැදෙන්න නම්
සිතක් කුමට තවකෙකු මත යැපෙන්න නම්

නයනා දර්ශි

සයුර කොපමන දුරට දිව්වත්මේඝයක හෝ වදිනු නම් බෑරැල්ල කොපමන ගොඩට ගැසුවත් ඇතුගලේ හෝ වදිනු නම් බෑඇයට කොපමන අය සිටීයත්නුඹට ඇයගෙ...
13/03/2022

සයුර කොපමන දුරට දිව්වත්
මේඝයක හෝ වදිනු නම් බෑ
රැල්ල කොපමන ගොඩට ගැසුවත්
ඇතුගලේ හෝ වදිනු නම් බෑ
ඇයට කොපමන අය සිටීයත්
නුඹට ඇයගෙන් වෙන්වෙන්න බෑ
අපිට අපි ගස, මල ලෙසට වූවත්
අපේ ලස්සන ලොවට නම් බෑ...

නයනා දර්ශි

13/03/2022

ලං වෙන කොට හැකිලෙන එකයි
නිදිකුම්බා ගහකට උරුමය ...
සහස්රැස් හැරෙන කොට
සැගවෙන එකයි සේපාලිකාවක උරුමය..
ගොරවන කොට නවතින එකයි
වැස්සක උනත් උරුමය..
තනිවෙනකොට ඉවසන එකයි
ගැහැණියකගේ උරුමය..

--- නයනා දර්ශි ---

Address

Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when හිතේ පාටින් - Hithe patin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category