Sashi Halneththi

Sashi Halneththi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sashi Halneththi, Digital creator, Panadura.

පරම ශ්‍රේෂ්ඨ වූ නරාසභ වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ද, නෛර්‍යානික සිරි සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් ද, ලෝකයෙහි අනුත්තර පිංකෙත වූ අරහතුන් වහන්සේලා ප්‍රමුඛ ආර්‍ය මහා සංඝරත්නයේ සත්‍යානුභාවයෙන් ද ඔබගේ කායික මානසික දුක්පීඩා දුරුවේවා!

15/01/2025
14/01/2025

කාමාදී සැඩ පහර තිබෙන කෙලෙස් නැමැති දැතිමෝරුන් සිටින දරුණු සංසාර සාගරයේ ගහගෙන යන මාව සදහම් නැවට නග්ගලා බේරගත්ත, කෙලෙස් ගින්නෙන් දැවි දැවී ස‍ංසාරයේ බොහෝ කල් ඉබාගාතේ ඇවිදපු මට දහම් පැන් පොවපු, නැවත කෙලෙස් ඉපදීම කියන රෝගයෙන් පෙලුණ මට සදහම් ඔසු දෙමින් සුවපත් කිරීමට වෙර දැරූ, සිව් අපා ප්‍රපාතයට වැටීමේ අවදානමක සිටි මා අනුකම්පාවෙන් බේරාගැනීමට දම් දෙසූ, ගතට පෙර මාසිත පැවිදි කළ මාගේ ගුරු ස්වාමීන්වහන්සේ වන ගරු පූජ්‍ය විපුලසාර ස්වාමීන්වහන්සේ හට උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සාක්ෂාත් කරගැනීමට මේ කුසල් උපනිශ්‍රය වෙත්වා!

සාදු සාදු සාදු!!!

14/01/2025

පුංචිම හරි පිනක් කලොත්, පින රැස් කරන්න කලින්, පින රැස් කරද්දී වගේම පින රැස් කලාට පස්සේ කියන අවස්ථා තුනේදී ඇතිවෙන සිත එහෙමත් නැත්නම් තුන්සිත කෙලෙස් වලින් අපිරිසිදු වෙන්න නොදී තියාගන්න එක ගොඩාක් අමාරු දෙයක්. විවිධාකාර බැදීම් ගැටීම් එක්ක කිලිටි වෙන සිත නිසා කරපු පිනේ ආනිශංස අඩු වෙනවා. ඒ නිසා ක්ලේෂයන්ගෙන් තුන්සිත රැක ගැනීමට වෙර දැරීම අතිශයින්ම වැදගත් දෙයක්. 🙏

06/01/2025

සිත සමාධිගත කරන ආරණ්‍ය අසල පිහිටාඇති ගඟ 💛

පිලිකුල් සහගත දේවල් ඇතුලට දාලා වහපු කයට, ඒක මගේ ය කියලා අයිතියක් ලබා දෙන්න තරම් මම මොනතරම් මෝඩ වුනාද? මෝහ වළා පටලයෙන් මග...
05/01/2025

පිලිකුල් සහගත දේවල් ඇතුලට දාලා වහපු කයට, ඒක මගේ ය කියලා අයිතියක් ලබා දෙන්න තරම් මම මොනතරම් මෝඩ වුනාද? මෝහ වළා පටලයෙන් මගේ සිත වෙලාගෙන තිබුන නිසාම මට ඒක පෙනුනෙම පියකරු විදියට. ආශ්වාදයටම හිත ඇලුනා මටත් නොදැනීම.

ඉතින් මේ පිළිකුල් සහගත කය කොටස් 32කට බෙදා බැලූ කල්හි එහි උඩ සිට යටට හෝ යට සිට ඉඩට හෝ කිසිම ආශ්වාදයක් නොමැති හුදෙක්ම පිලිකුල් සහගත් දෙයක් පමණක්ම බව වැටහී ගියා. අසූචි පිරිච්ච මස් ගොඩකට මම ය, මගේය, කියලා දෘෂ්ටියක නේද හිටියේ කියලා ටික ටික වැටහෙන්න ගත්තා. මෙවන් විපරිණාමයට පත්වෙන දෙයක් මගේ කැමැත්තට මට ඕනා විදියට පවත්වන්න බෑ නේද කියලා ක්‍රමයෙන් අවබෝධ වෙන්න ගත්තා.

මුලු පංච උපාදානස්කන්ධය දුකක්. ඒත් අනවබෝධයෙන් යුත් කාලය තුළ මම කලේම ඒක ආත්මයක් කොට සළකපු එකයි. ටික ටික තේරුම් ගියා සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට කියලා. මෙතරම් කාලයක් දුකට අයිති දේවල් මම මම ය, මගේය, මගේ ආත්මයයි කියලා ගත්තා නේද කියලා හිතෙත කොට මොන තරම් වටිනා කාලයක් මම අනවබෝධයෙන් විනාශ කරලා තියෙනවද කියලා මොහොතකට හිතුනා.

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”

සාදු සාදු සාදු !!! 🙏

සශී හල්නෙත්ති

04/01/2025

දවසක් මගේ වයිෆ් නැතිවෙන්න ටික දවසකට කලින් මගෙන් ඇහුවා එයා මාව දාලා ගියොත් මම මොකක්ද කරන්නෙ කියලා. මට මතකයි මම කිව්වා ඔයා මාව දාලා ගියොත් මම මාවත් අතහරිනවා කියලා. ඔව් අන්තිමට මම කිව්වා වගේම හැමදෙයක්ම අතහැරියා. මම මාවත් අතහැරියා. අවබෝධයෙන් අතහැරීම පසුතැවීමක් ඇති නොකරයි. 😊

අප යමක් ගැන යම් කෙනෙක් ගැන කෙතරම් ආදරයෙන් හිටියත් මොනතරම් ආසාවෙන් හිටියත් කොච්චර පරිස්සම් කලත් දිනෙක ඒ සියල්ල හැරදා හිස් අතින් යා යුතුය.

"සබ්බං පහාය ගමනීයං" 🙏

මේ මොහොතේ අපිත් එක්ක ඇසුරු කරන කෙනා ඊළග මොහොතේ ජීව්තය අත් හැර යන්න පුලුවන්. ඒ නිසා අපි ඇසුරු කරන සියළු දෙනාට කොන්දේසි විරහිතව කරුණාව මෛත්‍රීසහගත සිතුවිලි පවත්වන්න අපි දක්ෂ නොවුනොත් ගොඩක් පසුතැවෙන්න වෙනවා.

02/01/2025

Migraine ආයිත් හැදිලා ඉවසන්න අමාරුයි ඒ ඔලුව කැක්කුම නම් 😶

මේ මගේ කුඩාකලදී ගත්ත ඡායාරූපයක් වන අතර මේ පිංතූරය මට මේ දැන් මොහොතකට කලින් මගේ මවගේ සහෝදරිය දුරකථනයට එවනු ලැබුවා. ඒකෙන් ...
26/12/2024

මේ මගේ කුඩාකලදී ගත්ත ඡායාරූපයක් වන අතර මේ පිංතූරය මට මේ දැන් මොහොතකට කලින් මගේ මවගේ සහෝදරිය දුරකථනයට එවනු ලැබුවා. ඒකෙන් ඇය කුමක් අදහස් කළේ ද යන්න ගැන මා නොදනී. එහෙත් එය මා දැක මොහොතේ පටන් මා හට හැගී ගියේ වෙනදා මෙන් මා සිතට නැගෙන දුකක් වේදනාවක් ප්‍රශ්චත්තාපයක් නොව, ජීවිතයේ අනිච්ච දුක්ඛ අනත්ත බවයි.

අපි හිතන කිසි දෙයක් අපිට ඕනි විදියට වෙන්නෙ නෑ. අපිට අවශ්‍ය විදියට පවත්වා ගන්න බැහැ. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒක අපිට වෙනස් කරන්න බැහැ. සියල්ල වෙනස්වන සුළුයි. ස්ථීර බවක් නොමැත. ඉතින් ස්ථීර බවක් නැති අපේ කැමැත්ත පරිදි පවත්වාගන්න බැරි දෙයක් ඒක ස්ථීර දෙයක් ලෙස සලකා අප වසගයේ පවත්වා ගන්න උත්සාහ දැරීම ඒකාන්තයෙන්ම දුක උරුම කරදෙන කරුණක්.

ශීල, සමාධි, ප්‍රඥා මාර්ග වැඩීම උදෙසා වෙන් කිරීමට සිදුවන කාලය මා ගතකළ ගිහි ජීවිතයේදී ඉතා සීමිතය. සිත පිරිසිදුව තබාගැනීමත්, ශීලයෙහි අඛණ්ඩතාවය තහවුරු කරගැනීමත් ගිහි ජීවිතය ගත කරන්නෙකු හට දුෂ්කර වූවක්. මා එහි දුෂ්කරබව අවබෝධ කරගත් බැවින් කාමභෝගයන්ගෙන් වෙන්ව උතුම් පැවිදි ජීවිතයක්ම ප්‍රාර්ථනා කරමි. එවන් සිතුවිල්ලක් මගේ සිත වෙලාගත් මොහොතේ පටන් මගේ පරම ධනය වුනේ ද ආර්යය ධනයයි. එනම් බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් දේශිත ශ්‍රද්ධා ශීලාදි ගුණධර්මයෝය. එනිසාවෙන් මමද ශීලයෙහි අනුසස් හඳුනා ගනිමින් ඒ තුළ හික්මීමට වීර්යය වැඩීමට උත්සාහ ගනිමි.

නිසොල්මන් වන අරණක හුදකලාව සියලු සැප හැර දමා මුඩුකරගත් හිසකින් යුක්තව කසාවත දරමින් තුරුණුවියෙන් උපරිම ඵලනෙළීමට වෙරදරමින් බුදුසමිඳුන් පෙන්වා වදාළ උතුම් ගමන් මඟ වඩිනා අනන්ත වූ පැවිදි උත්තමයෝ මේ මිහිමත වෙසෙමින් උත්තරීතර සුවය නිරතුරුව ලබා ගනිති.

සැබවින්ම සැබෑ පැවිදි සුවය ලැබීම දුර්ලභමය. ශ්‍රමණ ඵලය නෙළීම වඩාත් දුර්ලභය, සැපදායකය.දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබු නුවණැත්තකු දුර්ලභ පැවිදි ජීවිතයට ඇලුම් කොට උතුම් නිවනින් සැනසීම ලබන්නේ නම් ඔහුට වඩා උත්තමයෙකු පුණ්‍යවන්තයකු නොමැත.

නමෝ බුද්ධාය!!!

අද දින මා හට ප්‍රථම වරට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව දැක බලාගෙන වන්දනාමාන කරන්නට භාග්‍ය උදා වුනා. එවගේම අපගේ භාග්‍යවත...
23/12/2024

අද දින මා හට ප්‍රථම වරට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව දැක බලාගෙන වන්දනාමාන කරන්නට භාග්‍ය උදා වුනා. එවගේම අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වයට උපහාර පිණිස මහමෙව්නාව භාවනා අසපුව මගින් මහත් ශ්‍රද්ධාවෙන් ඉදිකරන ලද සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාව ද සියැසින් දැක බලා ගන්නට හැකි වුනා..අතිශය සියුම් කැටයම් කලාව එහි ඇති සියළු ඉදිකිරීම් වලින් මා සිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් උතුරා යවනු ලැබුවා. වටිනා ධර්ම පොත්පත් කිහිපයක් ද මෛත්‍රී ශාන්තිය ඇතුළත් CD පටයක්ද මාහට ලබා දුන්නා. ඒවා සියල්ල භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් අභියස පූජා වේවා! සාධූ...!සාධූ...!සාධූ...!!!

දැක බලා අනුමෝදන් වීමට කැමති සියළු දෙනාහට මේ පිං අනුමෝදන් වෙත්වා! මේ පුණ්‍ය ක්‍රියාවට මා ද දායක කොටගෙන මා හටද ඒ අනගි අවස්ථාව ලබා දුන් ගුරු ස්වාමීන් වහන්සේටත් අනිකුත් ස්වාමීන් වහන්සේලා ටත් මේ පිං අනුමෝදන් වෙත්වා! අත්පත් වෙත්වා!

පරම ශ්‍රේෂ්ඨ වූ නරාසභ වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ද, උන්වහන්සේ විසින් මැනවින් වදාරන ලද නෛර්‍යානික සිරි සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ලෝකයෙහි අනුත්තර පිංකෙත වූ උතුම් අරහතුන් වහන්සේල් ප්‍රමුඛ ආර්‍ය මහා සංඝරත්නයේ සත්‍යානුභාවයෙන් ද ඔබගේ කායික මානසික දුක්පීඩා දුරු වී මේ ගෞතම බුදු සසුනේදීම කරදර බාධකවලින් තොරව අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව උදාවේවා!

අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අග්‍ර දක්ෂිණ්‍ය වූ අසම වූ අසමසම වූ තුන්ලෝකාග්‍ර වූ අසරණසරණ වූ ලෝක නාථ වූ තථාගත වූ, අපගේ ස...
21/12/2024

අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අග්‍ර දක්ෂිණ්‍ය වූ අසම වූ අසමසම වූ තුන්ලෝකාග්‍ර වූ අසරණසරණ වූ ලෝක නාථ වූ තථාගත වූ, අපගේ සම්මා සම්බුදුරජාණන්වහන්සේ උදෙසා, පිංකෙත වූ මහා සගරුවන උදෙසා අප විසින් ඉතා ශ්‍රද්ධාවෙන් පිළියෙළ කරන ලද මෙම දහවල් දානය පූජා කරමි...! පූජා වේවා...!

මේ සියළු පූජාවෝ , මුළු ජීවිතය පුරාම මා විසින් සිදු කරන ලද සියලුම ආමිස පූජාද, ප්‍රතිපත්ති පූජාද, සම්මා සම්බුදු රජාණන්වහන්සේ මෙන්ම මහා සංඝරත්නය උදෙසා සාදර ගෞරවයෙන්, පූජා කරමි...! පූජා වෙත්වා...!

මා නමින් මියපරලොව ගිය සියළු දෙනාටත්, විශේෂයෙන්ම මා හදාවඩා මෙලොවට බිහි කල පරලෝ සැපත් මාගේ මව්දෙමව්පියන් වන කේ සන්ධ්‍යා කුමාරි ගුරු මෑනියන්ටත්, ලාල් හල්නෙත්ති ගුරු පියාණන්ටත්, මාගේ බිරිද වූ පරලෝ සැපත් පී.මධුරි කෞෂල්‍යා ටත්, මාගේ මිත්තණිය වන අපවත්වී වදාළ පානදුරේ භවානී මුදිතා භික්ෂූනීන් වහන්සේටත්...දැක බලා සතුටු වූ ඔබ සියළු දෙනාටත් අනුමෝදන් වන සියළු දෙනාටත් මේ පිං එක ලෙස අනුමෝදන් වෙත්වා!

ඔබ සියළු දෙනාගේ කායික මානසික දුක්පීඩා දුරුවෙත්වා! කායික මානසික සැපසැහැල්ලුව උදාවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා! චිර ජීවනය සැලසේවා! ඇස්වහ කටවහ අණවිණ කොඩිවිණ දෝෂ දුරින්ම දුරුවේවා! කරන කියන සියළු කටයුතු සාර්ථක වේවා! සිතන පතන සියළු යහපත් පැතුම් ඉටුවේවා! කළණ මිතුරු ඇසුරම නිරතුරු සැලසේවා! මේ ගෞතම බුදු සසුනේදීම කිසිදු බාධාවකින් තොරවම අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා!

සාදු ...! සාදු...! සාදු...!

මා මෙම ආරණ්‍ය හි මෙසේ වාසය කරමි...🙏 මා ආරණ්‍යගත වූ අරමුණ ගිලිහෙන්න නොදී එය නිතර සිහි කරමින් වත්පිළිවෙත් ද සිදු කරමින් මම...
20/12/2024

මා මෙම ආරණ්‍ය හි මෙසේ වාසය කරමි...

🙏 මා ආරණ්‍යගත වූ අරමුණ ගිලිහෙන්න නොදී එය නිතර සිහි කරමින් වත්පිළිවෙත් ද සිදු කරමින් මම මෙහි වාසය කරමි.

🙏 ආරණ්‍යට පැමිණි පළමු වතාවේ ගුරු ස්වාමීන් වහන්ස විසින් මාහට ලබා දුන් අවවාද තුන නිතර නිතර සිහි කරමින් මෙහි වාසය කරමි. ඒවා නම් ඉවසීම, ගුරු ගෞරවය සහ විවෘතභාවයයි.

🙏 හැකි සෑම මොහොතකම භාවනාවේ යෙදෙමින්, යෝනිසෝමනසිකාරයෙන් යුක්තව, බුද්ධෝපස්ථානය සහ සංඝෝපස්ථානය සිදු කරමින්, ධර්ම පොත්පත් ඇසුරු කරමින් වාසය කරමි.

🙏 සෑම දෙයකටම මුල්වන්නේ තමා විසින් රැස්කරගන්නා පින බැවින් සෑම මොහොතකම පිං රැස් කරගැනීමට වෙර දරමින් වාසය කරමි.

🙏 මෛත්‍රීසහගත කායකර්ම, මෛත්‍රීසහගත වචී කර්ම, මෛත්‍රීසහගත මනෝකර්ම හැකි සෑම අවස්ථාවකම සිදු කරමින් වාසය කරමි.

🙏 අවේලාවන් හි දී නිදිමත එන සෑම මොහොතකම එයට පහළ වන නිමිත්ත ( ඒ ගැනම සිත සිතා නොසිට වෙනත් දේකට හිත යෙදවීම) වෙනස් කරමින් එලෙස වීර්‍යයෙන් යුතුව වත්පිළිවෙත් කරමින් වාසය කරමි.

🙏 සමාදන්ව සිටින සීලය ගැන නිතර සිහි කරමින් ශික්ෂාපද ආරක්ෂා කිරීමට හැකි සෑම මොහොතකට වෙර දරමින් වාසය කරමි.

🙏 මරණසතිය වඩමින් හැමවිටම සිතට එන සිතුවිලි පවා අනිච්ච බව සිතමින් වාසය කරමි.

🙏 මාහට මේ ලැබී ඇති කළ්‍යාණමිත්‍ර සම්පත්තියෙ උපරිම ප්‍රයෝජනය ගනිමින් වාසය කරන අතර එහිද අනිච්ච භාවය මෙනෙහි කරමින් වාසය කරමි.

🙏 ලාභ සත්කාර වලට යට නොවී වාසය කරමි

🙏 ගිහි ජීවිතයේ ඇති ආදීනව දකිමින් වාසය කරමි.

🙏 අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු වීම වැනි ගුණ හැකි තරම් වඩමින් වාසය කරමි.

🙏 බලන්නේ යම් දහම් කරුණක් ද එය මනසින් නිතර නිතර විමසමින් වාසය කරමි.

🙏 පිරිත්, සතර කමටහන් නිතර අසමින් බලමින් කියමින් වාසය කරමි.

🙏 සිදු කරන පිං නිතර සිහි කරමින් උපන් අකුසල් නැති කරමින් නූපන් කුසල් උපදවමින් වාසය කරමි.

නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි...
නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි...
නමස්කාර වේවා සඟ රුවනට සැමදා මහ සඟ සරණ යමි...
නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි...

නමෝ බුද්ධාය!

අද දිනට (දෙසැම්බර් මස 19) මගේ බිරිද පී. මධුරි කෞෂල්‍යා ද සිල්වා අභාවප්‍රාප්ත වී මසක් පිරෙනවා. අද දින මා වසනා ආරණ්‍ය සේනා...
19/12/2024

අද දිනට (දෙසැම්බර් මස 19) මගේ බිරිද පී. මධුරි කෞෂල්‍යා ද සිල්වා අභාවප්‍රාප්ත වී මසක් පිරෙනවා.

අද දින මා වසනා ආරණ්‍ය සේනාසනයේ උදය හීල් දානමය පිංකමට මමත් මහත් ශ්‍රද්ධානුසම්පන්නව ශ්‍රමයෙන් දායක වී, මහා සංඝරත්නය උදෙසා පිරිනැමීමෙන් ඇති කරගත් මහා පුණ්‍ය ශක්තිය ඇය වෙනුවෙන් අනුමෝදන් වෙත්වා! අත්පත්වෙත්වා! නැවත මෙවන් අකල් මරණ ලෙඩදුක් වලට මුහුණ පෑමට සිදු නොවේවා! මනුසත්ත හෝ දේවත්ව පටිලාභයක්ම හිමි වේවා!

මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝධය ලබා පරම නික්ලේශී වූ නිබ්බාන සුවයෙන් සුවපත් වෙන්නට හැකිවේවා!

සාදු සාදු සාදු!!!🙏

අද දින මා වසනා ආරණ්‍ය සේනාසනයේ කුටි සෙනසුන් පූජාවක් අධික සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිනි. මහා සංඝයාවහන්සේල...
15/12/2024

අද දින මා වසනා ආරණ්‍ය සේනාසනයේ කුටි සෙනසුන් පූජාවක් අධික සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිනි. මහා සංඝයාවහන්සේලා හට වැඩ සිටීම උදෙසා සෙනසුන් කරවීම අග්‍ර පුණ්‍ය කර්මයක් ලෙස සම්බුදුරජාණන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද සේක.

විහාරදානං සංඝස්ස - අග්ගං බුද්ධේන වණණිතං
තස්මාහි පණ්ඩිතෝ පෝසෝ - සම්පස්සං අත්ථමත්තනො
විහාරේ කාරයේ රම්මේ - වාසයෙත්ථ බහුස්සුතේ

එබැවින් සම්බුදු වදන් සිහි කරනා යහපත කැමති නුවණැත්තෝ දහම් දැනුමෙන් යුත් පිංවත් මහ සගරුවන විෂයෙහි රමණීය අයුරින් කුටි සෙනසුන් කරවා පුදන්නෝය. එහි යම් යම් වැඩකටයුතු වලට මාහටද සහභාගි වීම ලැබීම ජිවීතයේ මා ලද දුර්ලභ පුණ්‍ය කර්මයන්ගෙන් එකකි. සියල්ලෝම මේ උතුම් පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

සාදු සාදූ සාදූ!!!

මේ මගේ අවසාන ඡායාරූපය වනු ඇත (මෑත කාලයේදී ගනු ලැබූවකි) සැමට කලියෙන් ජීවිතයේ අවශ්‍යම තැන් වලදි මා සමග සිටි මා තනි නොකළ සි...
14/12/2024

මේ මගේ අවසාන ඡායාරූපය වනු ඇත (මෑත කාලයේදී ගනු ලැබූවකි) සැමට කලියෙන් ජීවිතයේ අවශ්‍යම තැන් වලදි මා සමග සිටි මා තනි නොකළ සියළු මිනිස්සුන්ට මාගේ කෘතඥතාව පළ කොට සිටිමි. එමෙන්ම අවුරුදු 42ක් මා ගතකළ අබ්‍රහ්මචරියා ජීවිතයේ මා අතින් දැන හෝ නොදැන යම් වැරදි සිදු වූ සියළු දෙනාගෙන් කමාව අයැද සිටිමි. එමෙන්ම පැණ නැගුනු ගැටලු, සහ ජීවිතය පිළිබද කළකිරීම් ඉදිරියේ මා හට ශක්තියක් වීම ප්‍රතික්ෂේප කළ ඇතැම් මිතුරන්ට ද මා කිසිදින වෛර නොකරමි. මා ඔවුන්ට ස්තූවන්ත වන්නේ ජීවිතාවබෝධය ලැබ ලෞකිකත්වයෙන් ලෝකෝත්තර දිවියකට එළබීමට මංපෙත් එළිපෙහෙළි වූයේ ඒ නිසා විය හැකි බව මා තදින්ම විශ්වාස කරන නිසයි 🙏

සහෘදයන් සේ ඇසුරු කළ ඇතැම් මිතුරන් "මල්ලි උබව මට මානසික වදයක්" ලෙස පවසද්දී මට බොහෝ දේ අවබෝධ වෙන්න පටන් ගත්තා. බලාගෙන ඉදිද්දී අම්මා , තාත්තා ඉන්පසුව සිටි එකම බලාපොරොත්තුව වෙච්ච බිරිදත් අකලට දිවිසැරිය නිමා කරද්දී, පවුලේ එකම දරුවා වූද බැවින් සහෝදර සහෝදරියන්ගෙන් තොර වූ තනි ජීවිතයක් වසර 40 කට වැඩිමනත් කලක් ගෙවූ මා, මා කරකියාගත නොහැකිව අසරණ වී බලා උන්නේ තම රැල අහිමි වූ තනි හස්ථියෙක් සේය.

එහෙත් අනපේක්ෂිතව වුවද දුර්ලභව ලද මේ බ්‍රහ්මචාරී ජීවිතය උතුම් සීලයෙන් සංවර කරගෙන වාසය කිරීමේ අවස්ථාව මා හට හිමි වීම පිළිබදව ඉමහත් සතුටකින් යුතුව අප්‍රමාදීව නිවන් මගේ හික්මෙමි. එවිට ලෝසතුන් සසර දුකෙන් මුදවාගනු වස් කලාතුරකින් මෙලොවට පහළ වී වදාරණ ඒ මහා කරුණාවෙන් පිරුණු බුදුපියාණන් වහන්සේලා විසින් පමණක්ම පිහිටුවන මේ පරම දුර්ලභ බුද්ධ ශාසනයේ සැබෑ ප්‍රයෝජනය ගෙන මේ ගෞතම බුදු සසුන තුළදීම නිවන් දොරටු විවෘත කරගැනීමේ භාග්‍ය මා හට උදාවෙනු නිසැකය.

🙏 මා හට අවශ්‍ය අඩුපාඩු ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා දායකත්වය දැරූ පිංවතුන් සියළු දෙනාටත් එම පිංවතුන්ගේ පවුල් වල සියළු දෙනාටත් හිත මිතුරන්ටත් ඒ අසා සතුටු වූ සියළු දෙනාටත් ඒ කරගත්තා වූ පිං එක ලෙස අනුමෝදන් වෙත්වා!

🙏 පරම ශ්‍රේෂ්ඨ වූ නරාසභ වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ද, උන්වහන්සේ විසින් මැනවින් වදාරන ලද නෛර්‍යානික සිරි සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ලෝකයෙහි අනුත්තර පිංකෙත වූ උතුම් අරහතුන් වහන්සේල් ප්‍රමුඛ ආර්‍ය මහා සංඝරත්නයේ සත්‍යානුභාවයෙන් ද ඔබගේ කායික මානසික දුක්පීඩා දුරුවේවා!

🙏 කායික මානසික සැප සැහැල්ලුව උදා වේවා!

🙏 නිදුක් නීරෝගී සුවපත් භාවය සැලසේවා!

🙏 චිර ජීවනය සැලසේවා!

🙏 ඇස්වහ කටවහ අණවින කොඩිවිණ දෝෂ දුරින්ම දුරු වේවා!

🙏 අතුරු ආන්තරා දුරු වී සියලු ආරක්ෂාව සැලසේවා!

🙏 කරන කියන සියළු කටයුතු සාර්ථක වේවා!

🙏 ඔබේ දැහැමි ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා!

🙏 කලණ මිතුරු ඇසුරම නිරතුරු සැලසේවා!

🙏 කලණ මිතුරු දහමම සුවසේ පුරුදු පුහුණු කරන්නට වාසනාව උදාවේවා!

🙏 මේ ගෞතම බුදු සසුනේදීම කරදර බාධකවලින් තොරව අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව උදාවේවා!

" ධම්මෝ හි වාසෙට්ඨා, සෙටඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේ ච"
(වාසෙට්ඨයෙනි මෙලොවෙහි ත්, පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි!)
- අග්ගඤ්ඤ සූත්‍රය -

සාදු! සාදු! සාදු!!!🙏

~සශී හල්නෙත්ති~

සෑම දිනකම මා විසින් ආරණ්‍යවාසී සිල්වත් සංඝයා වහන්සේලා උදෙසා කරනු ලබන ඇප උපස්ථාන වලින් ඇතිවන පුණ්‍ය බලයෙන් ලැබෙන්නා වූ සි...
13/12/2024

සෑම දිනකම මා විසින් ආරණ්‍යවාසී සිල්වත් සංඝයා වහන්සේලා උදෙසා කරනු ලබන ඇප උපස්ථාන වලින් ඇතිවන පුණ්‍ය බලයෙන් ලැබෙන්නා වූ සියළු පිං පරලෝසැපත් මාගේ මෑණියන් වූ කේ. සන්ධ්‍යා කුමාරි ගුරු මෑනියන්ටත්, පරලෝ සැපත් මාගේ පියාණන් වූ ලාල් හල්නෙත්ති ගුරුපියාණන්ටත් පරලෝසැපත් මාගේ බිරිද මධුරි කෞෂල්‍යාටත් මාගේ මිත්තණිය වූ අපවත් වූ වදාළ පූජ්‍ය පානදුරේ භවානී මුදිතා භික්ෂූනීන් වහන්සේටත් අනුමෝදන් වෙත්වා!
අත්පත්වෙත්වා! ඔවුන් ද මතූපදින අත්භව කදී උතුම් වූ පරම නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!

මා නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා . ඒ අයගේ පරලොව ජීවිතය සුවපත් වේවා . සැපවත් වේවා . සාපිපාසාදී දුක් කරදර දුරු වේවා ... සසර දුකෙන් නිදහස් වෙත්වා ....

සියලු දෙවියන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා . ඒ සියලු දෙවියන්ටත් අමා නිවන පිනිස මෙම පින උපකාර වෙත්වා .

තෙරුවන් සරණයි ...

සාධූ! සාධූ! සාධූ!

11/12/2024

මා මෙම ආරණ්‍ය සේනාසනයේ සිටිනේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක දැඩි අවශ්‍යතාවයක් පවතින තත්වයකදීය. පිං කැමති ඔබට හැකියාවක් පවතී නම් මා හට එම ද්‍රව්‍ය ලබා දී නිවන් මං පෙත් එළිපෙහෙළි කරගැනීමට ඒ පිං උපනිශ්‍රය කරගනිත්වා.

අත්‍යවශ්‍ය වී ඇති ද්‍රව්‍ය .......................................

~ ඇදුම් කිහිපයක් දැමිය හැකි ට්‍රැවලින් බෑගයක් වැනි යමක්

~ ලා පැහැති බෙඩ් ශීට් 2

~ ලා පැහැති කොට්ට උර දෙකක් සහ කොට්ටයක්

~ ඇගේ දැවටිය හැකි තුවායක්

~ බොටම් වර්ගයේ කලිසම් දෙකක් (ඉලාස්ටික් හෝ නූල සහිත) එය තනි තද පැහැයක් නම් හොදයි). බිම ඉදගැනීමට සිදුවන නිසා...උස 44 වගේ. මගේ උස අඩි 6. ඉණ 35/36

~ කොලර් සහිත තනි ලා පැහැති කොටන් ටීෂර්ට් 2. XL ප්‍රමාණයේ

~ වෙස්ට් 2 (අත් රහිත) - 95cm

~ Underwear 2 (Size - M)

~ Nail cutter - 1

~ සැන්ඩ්ල් වර්ගයේ සෙරප්පු ජෝඩුවක් . සයිස් 10. වෙනත් ආරණ්‍ය වෙත ඇතැම් වේලාවන්හිදී සමහර වැඩසටහන් වලට සහභාගි වීමට යාමට සිදුවන නිසා

වෙනත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 072 061 7525 / 0722 112 430 ඔස්සේ මා සම්බන්ධ කරගත හැකිය (වට්සැප් හෝ සාමාන්‍ය ඇමතුම්)

දෙසැම්බර් මස 23ට පෙර ලබා දිය හැකිනම් වඩාත් ප්‍රයෝජනවත් බව සලකන්න.

සියළුදෙනාටම තෙරුවන් සරණයි 🙏

සියලු යහළුහිතමිත්‍රාදීන් වෙත කෙරෙන කාරුණික දැනුම්දීමයි!!! ලෞකික ජීවිතයෙන් සමුගෙන ලෝකෝත්තර දිවිපෙවතකට පානැගීමට මම තීරණය ක...
10/12/2024

සියලු යහළුහිතමිත්‍රාදීන් වෙත කෙරෙන කාරුණික දැනුම්දීමයි!!!

ලෞකික ජීවිතයෙන් සමුගෙන ලෝකෝත්තර දිවිපෙවතකට පානැගීමට මම තීරණය කළෙමි. මේ වන විටත් දුරබැහැර ආරණ්‍ය සේනාසනයක ඒ සදහා අවශ්‍ය පුහුණුව ලබමින් සිටිමි.වෙනදා මෙන් මා සමාජ මාධ්‍ය ජාලා වල මින් පසු ඔබ නොදකිනු ඇත.

මෙතෙක් මා සමග සිට මා ධෛර්යමත් කළ ඔබට බොහෝමයක් පිං! ඉතින් පසුගිය කාලය තුළ මා නිසා ඔබට කිසියම් වරදක්, සිත් රිදවීමක්, සිදු වූයේ නම් කෝටිවාරයක් සමාව ඉල්ලා සිටින අතර මා හට වෛර කළ, සතුරුකම් කල අයකෙරෙහි කිසිම වෛරයක් මා සිත තුළ මේ වන විට නැත. ඇත්තේ හුදෙක්ම මෛත්‍රීය සහගත සිතක් පමණි.

සැදැහැයෙන් යුතුව ම කාමයන් අත්හැර මනාව දේශනා කරන ලද සද්ධර්මය ඇති ශාසනයක පැවිදි බව ලබා සැදැහැවත් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් පුදන සිව්පසය පරිභෝග කරමින් කුසීත ව ප්‍රමාදී ව වාසය කිරීමේ ආදීනව සිහි කර කර ජීවිතය අප්‍රමාදී ව ගත කිරීමට මමද වෙර වඩමි. ධර්මය මුල්කරගෙන ධර්මානුකූල ව ජීවිතය ගත කරමි. මා විශ්වාස කරන අන්දමට සැබැවින්ම එවැනි පිරිස් ලොව පූජනීයත්වයට පත් වනු ඇත. අග්‍ර වූ සැපය සාක්ෂාත් කරනු ඇත.

සැබවින්ම නුවණැති වූ සමස්ත ගිහි පැවිදි ප්‍රජාව කුමන අයුරින් හෝ මේ සියලු ආකාරයෙන් හෝ ජීවිතය ලොව උතුම් ම මඟ තුළ හික්මවා ගන්නට සමත් වෙති. එසේ හික්මෙන පැවිදි උතුමන් කිසිදා නොපිරිහී පැවිද්දේ සාරය වූ සොඳුරු විමුක්තිය සාක්ෂාත් කරමින් සියලු දුක් දොම්නස්, ගැටලු ප්‍රශ්න, පීඩා, දැවිලි තැවිලි, අකුසල් මෙන් ම සසරට අයත් සියලු දේ ඉක්මවා නිවී යනු නොඅනුමාන ය.

අප විසින් ම සකසා, අප විසින් ම විඳවමින් සිටින දුක් ගිනි නිවා සනහන මහා කාරුණික බුදුරදුන්ගේ පරිපූර්ණ අවබෝධය තුළින් ඔබ අප හැමදෙනා හටත් දිගු සසරේ නිමාව දකින්නට දුර්ලභ වාසනාව උදා වේවා!

තෙරුවණ් සරණයි!!!🙏
සශී හල්නෙත්ති

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when Sashi Halneththi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sashi Halneththi:

Videos

Share