ජාතික ජන බලවේගය දිනවමු

ජාතික ජන බලවේගය දිනවමු රට හදන අපි එකට මාලිමාවට​

Borella
24/10/2024

Borella

21/10/2024

NPP පළමු රැලිය - තංගල්ල​
Extracted from official FB page.




06/10/2024

ලංකාවෙ අලුත්ම​ crush එක​ Anura Kumara Dissanayake

06/10/2024

පුදුම ආදරයක් 🥰

04/10/2024

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධූරයේ වැඩ භාරගනිමින්..

සිතන්නට යමක්
01/10/2024

සිතන්නට යමක්

කාලෙකින් කෙරුනු ලොකු මිළ අඩු කිරීමක්!ස්තූතියි ජනාධිපතිතුමනි !
01/10/2024

කාලෙකින් කෙරුනු ලොකු මිළ අඩු කිරීමක්!
ස්තූතියි ජනාධිපතිතුමනි !

29/09/2024

හිඟ බදු ගෙවන්න දැන් ඉතිං

29/09/2024

ඩොලර් 200ක්?

29/09/2024

ඩොලර් 200 ක්?

පාසලේ උත්සව වලට දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න එපා
29/09/2024

පාසලේ උත්සව වලට දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න එපා

28/09/2024

දළදා මාළිගාවේ දර්.ශන නොදුටු ඔබට​


28/09/2024

සුබ නැකතට
රට​
අනුරට​

මෙන්න මෙහෙමයි ඒව ලියවුනේ


28/09/2024

ජනපති අද දින BMICH ජාත්‍යන්‍තර පොත් ප්‍රදර්.ශනයට සහභාගී වෙමින්

වැඩ බලන පොලිස්පතිවරයා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය--------------------------------------------------...
27/09/2024

වැඩ බලන පොලිස්පතිවරයා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය
-------------------------------------------------------------------------
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත පිළිගැන්විය.

වසර 158ක පොලිස් ඉතිහාසය තුළ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලද එකම නිලධාරියා වන්නේ ප්‍රියන්ත වීරසූරිය මහතායි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසු සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස උසස්වීම් ලැබීය.

මානව සම්පත් කළමණාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ඒ මහතා ලබාගෙන ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ වසර තිස් හයක නිකැලැල් සේවයක් සපුරා ඇති වීරසූරිය මහතාගේ සේවය අගයීම සදහා පොලිස්පතිවරුන් දස දෙනෙකුම ප්‍රශංසා ලිපි නිකුත් කොට තිබීම සුවිශේෂී කරුණකි.

පොලිස් අපරාධ හා රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස හා පොලිස් සැපයුම් අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කොට ඇති වීරසූරිය මහතා නැගෙනහිර ටිමෝරය සහ හයිටි රාජ්‍යයේ ද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා එක්ව සිට ඇත.

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම් සිදුකරන විට වීරසූරිය මහතා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරියේ නිරත විය.

වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට කොරියානු සහාය---------------------------------------------------------------...
27/09/2024

වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට කොරියානු සහාය
------------------------------------------------------------------
වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට පූර්ණ සහාය දැක්වීමට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) එකඟතාවය පළ කර ඇත.

කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ (KOICA) ඉහළ පෙලේ නිලධාරීන් කණ්ඩායමක් අද (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේ මෙම එකඟත්වය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රජය ගෙනයන වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව අනුව ණය ආධාර ලබාදීම පිළිබඳ අවධානය යොමු කරන බව ද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), නියෝජ්‍ය තානාපති සොන්ග්යි ජියොන්ග් (Songyi Jeong), KOICA හි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම් (Myungjin Kim), නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂවරන් වන යොන්ග්වන් කිම් (Yongwhan Kim) සහ යුන්සූ ජියොන් ( Yunsoo Jeon), DIMO හි සාමාන්‍යාධිකාරී රොෂාන් සේරසිංහ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බී.එම්. යූ.එස් බන්නහැක යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

27/09/2024

ජනාධිපති මන්දිරය අවට මාර්ග ජනතා පරිහරණයට විවෘත කෙරේ
--------------------------------------------------------------
මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර වසා දමා තිබිණි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම සියලු මාර්ග බාධක ඉවත් කර වසර ගණනාවකට පසු එම ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කර තිබේ.

ඒ අනුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත
මහජන පරිහරණයට විවෘත වේ.

Address

No. 86
Nugegoda
81000

Website

Alerts

Be the first to know and let us send you an email when ජාතික ජන බලවේගය දිනවමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share