Sri Lankan Tribune

තණමල්විලින් වැටලූ ගංජා හේනඋඩවලව රක්ෂිත ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ උඩවලව නිලධාරීන් සමත්ව තිබේ...
02/02/2025

තණමල්විලින් වැටලූ ගංජා හේන

උඩවලව රක්ෂිත ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ උඩවලව නිලධාරීන් සමත්ව තිබේ.එම නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී අඩි 04ක් පමණ උසට වවා තිබූ කංසා ශාක 2153ක් සොයා ගැනීමටද නිලධාරීන් සමත් ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවිරිදි වියේ පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති

රන්කැටියාගේ සමීපතමයෙක් ඇතුළු 04ක් අත්අඩංගුවටයුද හමුදා හා පොලිස් නිල ඇඳුම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පාතාලකල්ලී සාමාජිකයෙක...
02/02/2025

රන්කැටියාගේ සමීපතමයෙක් ඇතුළු 04ක් අත්අඩංගුවට

යුද හමුදා හා පොලිස් නිල ඇඳුම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පාතාලකල්ලී සාමාජිකයෙකු වන "රන්කැටියා" යන අයගේ සමීපතමයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහබාගේ පොලීසියට ලැබුණු තොරතුරක් මත ඇලපිටිවල, මගුල්පොකුණ හා හොරපේ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඔවුන් සතුව තිබී යුද හමුදා සහ පොලිස් නිල ඇඳුම්, අත්විලංගුවක්, ව්‍යාජ පිස්තෝල අවියක්, අඟල් 32 දිග ඇත් දළ 02 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම සැකකරුවන් දෙදෙනෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රැම් 780ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 29 හා 39 වයස්වල පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

එක් සැකකරුවෙකු යුද හමුදාවේ සේවය කර ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අණාවරණය වී තිබේ.

තවත් සැකකරුවෙකු පාතාල කල්ලී සාමාජිකයෙකු වන "රන්කැටියා" යන අයගේ සමීපතමයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය.

විදෙස් දුම්වැටි තොගයක් සමග අයෙකු කටුනායකදී අත්අඩංගුවටවිදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටු...
02/02/2025

විදෙස් දුම්වැටි තොගයක් සමග අයෙකු කටුනායකදී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 29 පුද්ගලයෙකි.

ඔහු විසින් රැගෙන ආ දුම්වැටි 38,800ක් අඩංගු දුම්වැටි කාටූන් 179ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්හාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න බවද සඳහන් වේ.

අදාළ ගුවන් මගියා මේ වන විට පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර ඔහු සඟවා ගෙන පැමිණි මෙම දුම්වැටි තොගය එළැඹෙන 05 වැනි දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජ...
02/02/2025

තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක්

මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් වී ඇති බවය.

එමෙන්ම අවුරුදු 15 සිට 24 දක්වා වූ වයස් කාණ්ඩය මේ සම්බන්ධව ඉතා දැඩි අවධානමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් ලිංගාශ්‍රිත රෝග මෙන්ම අනාරක්ෂිත ගැබ් ගැනීම් ද සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පැවසුවාය.

විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පලකළේ පසුගිය දා කොළඹ විජේරාම පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය,

විශේෂයෙන්ම ලිංගාශ්‍රිත රෝග සහ HIV රෝග ගත්තොත් ඒකේ ගොඩක්ම බලපෑමට ලක්වෙලා තියෙන්නේ තරුණ වයසේ අය. අවුරුදු 15 සිට 24 දක්වා කාණ්ඩය ඉතා දැඩි අවධානමකට ලක්වෙනවා. විශේෂයෙන්ම මේ ගැන වැඩිදුරටත් තොරතුරු හොයද්දි සමාජ මාධ්‍ය භාවිතය ඒකට විශාල හේතුවක්. මේ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් තරුණ තරුණියන් තමන්ට සහකාරයෝ සහකාරියෝ සොයාගන්නවා. සමහරවිට එක්කෙනෙකුත් නෙමේ සමාජ මාධ්‍ය කිව්වාම සමහර ඩේටින් ඇප් තියෙනවා ඉතිං ඒවා හරහා තරුණ තරුණියන් විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒ විතරක් නෙමෙයි මත්පැන් භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවෙලා තමා සමහර අය ඒ ක්‍රියාවන්ට යොමු වෙලා තියෙන්නේ මේ ආශ්‍රිත හේතු නිසා තමා ලිංගාශ්‍රිත රෝග HIV වැනි වෛරස් වගේම අනාරක්ෂිත ගැබ් ගැනීම් සිදුවන්නේ."

ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝට...
02/02/2025

ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙයි.

ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය.

2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්ය.

එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර ඇත.

ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි.

එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙන්ය.

ගියවර ඉන්දීය අයවැයෙන් භූතානය වෙනුනෙන් ඉන්දීය රුපියල් කෝටි 2,068ක මුදලක් වෙන්කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දුනි.

නාමල් සමග ගමින් ගමට හෙට ඇරඹෙයිශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන "නාමල් සමග ගමින් ගමට" වැඩසටහන හෙට  ආරම්භ වීමට නියමිත...
01/02/2025

නාමල් සමග ගමින් ගමට හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන "නාමල් සමග ගමින් ගමට" වැඩසටහන හෙට ආරම්භ වීමට නියමිතව තිබේ.

හෙට උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික කටයතු සිදුකර ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ අනුව හෙට දහවල් දෙකට නොච්චියාගම ප්‍රදේශයේදී මෙහි පලමු වැඩසටහන සිදු කිරීමට නියමිතව තිබේ.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි සැලසුම් මෙන්ම ආණ්ඩුව සිදුකරන මර්ධනකාරී වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක් වීමට නියමිතව ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල ගම්මාන ඇතුළු ගම්මාන 14,000ක් ආවරණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇත.

පළාත් පළාන මැතිවරණයට ප්‍රථම තෝරාගත් සෑම ආසනයකටම ගොස් ප්‍රධාන ක්‍රියාකාරීන් හමුවීමටද මෙහිදී සැලසුම් කර තිබේ.

ඇල්ල ඔඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන අරඹයිඋඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය අධිකම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා වන කොට...
01/02/2025

ඇල්ල ඔඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන අරඹයි

උඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය අධිකම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා වන කොටසේ සිරි නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය අද උදසන 09.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් සිය මංගල ගමන ආරම්භ කෙරිණි.

එම දුම්රිය සෑම සති අන්තයකම සෙනසුරාදා හා ඉරිදා දින වල ධාවනයට යොදා ඇති අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.45 පිටත්ව පස්වරු 05.22 ට දෙමෝදර දුම්රිය ස්ථානය වෙත ළගාවීමට නියමිතය. එමෙන්ම එම දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු පස්වරු 06.00 නැවත මහනුවර බලා පිටත් වීමට නියමිතය.

මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන්කළ ආසන 176 ක් ද,දෙවන පංතියේ වෙන්කළ ආසන 176 ක් ද, තෙවන පංතියේ වෙන්කළ ආසන 44 ලෙස ආසන 396 ඇත. පළමු, දෙවන , තෙවන පංතිවල ගාස්තු පිළිවෙළින් රු. 7000/=, 6000/= 5000/= ලෙස පවතී.

පේරාදෙණිය , නාවලපිටිය, හැටන් , ග්‍රේට්වෙස්ටර්න් ,නානුඔය , පට්ටිපොළ, ඔහිය , ඉදල්ගස්හින්න , හපුතලේ , බණ්ඩාරවෙල ,ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් සහ ආරුක්කු නවය පාලමේ මිනිත්තු 10 පමණ නවත්වා ධාවනය කරනු ඇත.

ඊට අමතරව තෝරාගත් නැරඹුම් ස්ථානවල දුම්රිය සෙමින් ධාවනයේ යෙදේ.

පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.පෙබරව...
01/02/2025

පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පෙබරවාරි මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වෙයිමෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්...
01/02/2025

මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වෙයි

මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි.

මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ, ඒ අතරින් 30% ක් ලියුකේමියාවටද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගයටද ගොදුරුවී ඇති බවයි.

මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන අතර ඒ අතරින් 4,000ක් රුධිරගත පිළිකා රෝගීන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

පිළිකා වලින් තුනෙන් එකක්ම වළක්වා ගත හැකි බව විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ ය.

ජනාධිපති ආරක්ෂක නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරකටජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද...
01/02/2025

ජනාධිපති ආරක්ෂක නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද (1) අළුයම 1ට පමණ අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට තලාව පොලීසිය පවසයි.

ඊයේ (31) යාපනයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ඒ අනුව අනතුරින් තුවාල ලැබූවන් ඔවුන් සමග පැමිණි වෙනත් වාහනයකින් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග පවසයි.

තුවාලකරුවන්ගෙන් රියදුරු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බවත්, අනෙකුත් අයට ශ්‍රී ලංකා පොලීසියට අනියුක්තවය සේවය කරන ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බව වාර්තා වේ.

රියැදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලීසිය සැක කරයි.

අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

කටුනායකදී කොටු වූ කුෂ්කුෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙ...
01/02/2025

කටුනායකදී කොටු වූ කුෂ්

කුෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් ඊයේ (31) එම වැටලීම සිදුකර තිබුණි.

ඒ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ය.

තායිලන්තයේ බැංකොක් සිට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02ක් සන්තකයේ තබාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 36 යන වයස්වල පසුවන හංවැල්ල හා උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට අමෙරිකාවේ දොරටු විවෘත කරයි2025 වසරේ දී අමෙරිකාව ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ඩොලර් බිලියන 3...
01/02/2025

ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට අමෙරිකාවේ දොරටු විවෘත කරයි

2025 වසරේ දී අමෙරිකාව ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ඩොලර් බිලියන 365 ක ආදායමක් උපයා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය පවසයි.

එසේම නැව්ගත කිරීමේ කාලය අඩුවීම, අඩු තීරුබදු සහ එක්සත් ජනපදයේ මෙහෙයුම් ස්ථාපිත කිරීමෙන් වෙළෙඳපල ඉල්ලුමට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබිය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

පසුගියදා ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් එක්සත් ජනපද තානාපතිනිය මේ බව කියා සිටියාය.

අමෙරිකා එක්සත් ජනපදයේ නව පරිපාලනය ඉස්මතු කරමින්, අමෙරිකා එක්සත් ජනපදය ව්‍යාපාර සඳහා විවෘත බවත්, ඉදිරියට යන ආයෝජන සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යාමක් අපේක්ෂා කරන බවත් ඇයව සඳහන් කළාය.

අමෙරිකාවේ ආයෝජනය කිරීම උපායමාර්ගික ව්‍යාපාරික පියවරක් මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික සමාගම් සඳහා වඩාත් ඔරොත්තු දෙන සහ තරඟකාරී අනාගතයක් ගොඩනැගීමට අවස්ථාවක් බව ඇය තවදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ වත්මන් රජය යහපාලනය ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයන් තානාපතිනිය ඇගයීමට ලක් කළ අතර, විදේශීය ආයෝජකයින් පිරිසිදු හා විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව අවධාරණය කළාය.

පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9ක්2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජ...
01/02/2025

පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9ක්

2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම සඳහා මෙලෙස ආනයනයට අවසර හිමිව ඇත.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැයකරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අධෛර්යයමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව වාහන ආනයනයට අදාළව පහත කොන්දේසි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව,

1. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු ලබන රෙගුලාසිවලට යටත්ව වාහන ප්‍රමාණය ආනයනය කළ හැක.

2. ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස 12ක කාලසීමාවක් තුළ එක් මෝටර් වාහනයක් පමණක් ආනයනය කළ හැක.

3. ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් වාහනයක් ගැනුම්කරුගේ නමට (ලියාපදිංචි ආනයනකරුවකුගෙන් මිල දී ගන්නා අවස්ථාවක දී) හෝ ආනයනකරුගේ නමට එකී මෝටර් වාහනයට අදාළ ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

4. මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමඟින් අනෙකුත් අවශ්‍ය සියලු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

තවද, ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවන වාහනය ආනයනය කිරීමේ දී, තම ප්‍රථම වාහනය ආනයනය කළ දින සිට (රේගු සටහන්කරයේ දින සිට) මාස 12ක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බව ද එකී දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය.

5. යම් ආනයනකරුවෙකු දින 90ක් ඇතුළක ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, එම මොටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේ දී, මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF Value) 45%ක උපරිම සීමාවකට යටත්ව, මාසික CIF අගයෙන් 3% බැගින් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදුවේ.

6. කිසිදු අවස්ථාවක දී, මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්‍රදානය කරනු නොලැබේ.

7. මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේ දී, එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතුය.

8. සහනදායී බදු අනුප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිත කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබාදෙනු නොලැබේ.

9. දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත්, එකී මෝටර් වාහන (වාහන) රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රතිඅපනයනය කළ යුතුය.

තවද, තීරුබදු නිදහස් කිරීමේ රේගු ආඥා පනත යටතේ විධි විධාන අනුව අය නොකළ තීරුබදු නැවත බලාත්මක කිරීම සඳහා 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ 2025 ජනවාරි මස 27 දිනැති අංක 2421/05 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව රේගු සංකේතාංක පරිච්ඡේද අංක 87හි ඇතුලත් වන ම‌ෝටර් වාහන ආනයනය කිරීමේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් (CIF Value) 20%ක තීරු බද්ද අය කිරීම 2025 ජනවාරි මස 28 දින සිට බලාත්මක කරන ලදී.

එසේ වුවද, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30%ක තීරු බද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව දැනට ක්‍රියාත්මක 20%ක් වූ තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50%ක අධිභාරය සමඟ රේගු ආඥා පනත (235) වන අධිකාය) යටතේ මුළු තීරු බදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇත.

පොලීසිය මහජනතාවට කෙටි දුරකතන අංකයක් හඳුන්වා දෙයි අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරමහ් පිළිබඳ තොරතුරු සහ අනෙක...
31/01/2025

පොලීසිය මහජනතාවට කෙටි දුරකතන අංකයක් හඳුන්වා දෙයි

අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරමහ් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මත මෙම දුරකතන අංකය හඳුන්වා දී තිබේ.

ඒ අනුව තොරතුරු ලබා දෙන්නාට තමන්ගේ අනන්‍යතාවට ප්‍රකාශ කිරීමකින් තොරව පොලීසිය වෙත තොරතුරු ලබා දිය හැකි බවත් ඒ සඳහා 1997 කෙටි දුරකතන අංකය පොලීසිය විසින් මෙලෙස හඳුන්වා දී තිබේ.

ලාදුරු ගැන බය හිතෙන කතාවක්පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් පමණ සොයා ගත් බව ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය පවසයි.එහ...
31/01/2025

ලාදුරු ගැන බය හිතෙන කතාවක්

පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් පමණ සොයා ගත් බව ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේ වැඩිම ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි. එය සමස්ත රෝගීන්ගෙන් 40% කි.

වෛද්‍යවරිය පැවසුවේ ලාදුරු මර්දන මාසය මේ වනවිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව රෝගීන් හඳුනා ගැනීම වැඩි කර ඇති බවද ඇය ප්‍රකාශ කළා ය.

එසේම ලාදුරු රෝගය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ලෝකයේ රටවල් 13 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත.

31/01/2025

LIVE 🔴තල් අරණේ සහෝදරත්වය හමුවෙන්න ජනපති අනුර කුමාර යාපනයට | සුහද හමුවේ සජීවී විකාශය මෙන්න

31/01/2025

තල් අරණේ සහෝදරත්වය හමුවෙන්න ජනපති අනුර කුමාර යාපනයට | සුහද හමුවේ සජීවී විකාශය මෙන්න

උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර නැවත ජනතාවට ලබා දීමට පියවර 💥💥jවැඩි විස්තර  දැනගන්න වට්ස්ඇප් චැනලය සමග එකතු වෙන්නhttps://wh...
31/01/2025

උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර නැවත ජනතාවට ලබා දීමට පියවර

💥💥jවැඩි විස්තර දැනගන්න වට්ස්ඇප් චැනලය සමග එකතු වෙන්න
https://whatsapp.com/channel/0029VaeY09z1yT25z7NEJE0y

Address

Nugegoda
4556

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Tribune posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lankan Tribune:

Videos

Share

Category