Sarasavi Publishers

Sarasavi Publishers Sarasavi Publishers Pvt. Ltd. Was founded in 2000 as a prominent and important busieness entity of the Sarasavi Group of Companies.

In a growing market with diverse needs, our prime aim is to provide high quality books with rich contents to the expanding readers' community. Our total publishing portfolio includes wide range of books to satisfy the needs of student's to higher academic as well as ordinary readers.We have published many works of renowned and award winning Authors of Sri Lanka. We claim the largest network of dis

tribution in the book trade of Sri Lanka with 30 service outlets. In order to introduce the works of internationally renowned authors we have undertaken multiple of translation projects under which very valuable translations have been made.

04/02/2025
මෙවර (2024) හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කර ගත්තේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහගේ ‘මග හැරුණු දූපත්’...
18/01/2025

මෙවර (2024) හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කර ගත්තේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහගේ ‘මග හැරුණු දූපත්’ කෘතියයි.
‘වයඹදිග වැසියකුගේ දින සටහන්’ තුළින් සිය නිර්මාණ ගමන ඇරඹූ හෙතෙම ඉන්පසු දේව කන්‍යා (2013), මකර තොරණ (2016), ස්වර්ණ කාය (2018) ආදී ග්‍රන්ථ තුළින් කෙටිකතා කලාවේ සිය අනන්‍යතාවය තහවුරු කර ගත්තේය. මකර තොරණ 2016 රාජ්‍ය සාහිත්‍යය සම්මානය ද, ගොඩගේ සාහිත්‍යය සම්මානය ද දිනා ගැනීමට සමත් විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයකු ලෙස සේවය කරන, මේ සම්මානිත ලේඛකයා මෙවර වටමඬල සාහිත්‍ය කතාබහට එක් කර ගත්තෙමු.
ප්‍රශ්නය
‘වයඹ දිග වැසියෙකුගේ දින සටහන්’වල සිට ‘මඟහැරුණු දූපත්’ දක්වා පැමිණි ගමන් මඟේ සමාජයේ විවිධ ස්ථරවල චරිත ඔබ ග්‍රහණය කළා. කොහොමද මෙහෙම හඹා යෑමක් කරන්නේ.
පිළිතුර
“දැන් ඔබ ඒ ප්‍රශ්නය අහන්නේ මේ දක්වා පළ කරලා තියෙන මගේ සියලුම කෙටි කතා පොත් ඇතුළත් වන මුළු ලේඛන කාලයම සමස්තයක් හැටියට අරගෙනනෙ. ඒත් ඇත්තට ම මම ලියනකොට මට තියෙන්නේ පොත් දෙකක් අතර අවුරුදු දෙකක හෝ තුනක කාල පරාසයක්. ඒ අවුරුදු දෙක හෝ තුන අතර ලියැවෙන දේ තමයි පොතක් හැටියට පළවෙන්නේ. ඉතින් එහෙම බලනකොට මගේ ලේඛන ජීවිතය සමස්ත සැලැස්මක් හැටියට අරගෙන උත්තර දෙන එක ටිකක් ව්‍යාජ වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒ හින්දා මට කියන්න තියෙන්නේ අවුරුදු දෙකක හෝ තුනක ඒ කාල පරාස අතර මගේ අවධානයට හසු වෙච්ච චරිත අනුව තමයි කතා ලියවෙන්නේ කියලා. සමහරවිට ඊට එහා අතීතයක දී හිතේ තැන්පත් වෙච්ච චරිතයක් වුණත් නිර්මාණෝත්පත්තිය ලබන්න පුළුවන් ඒ කාලෙදි. ඒ කොහොම වුණත් මෙන්න මේ වගේ චරිත තමයි මම හඹාගෙන යන්නේ කියලා පූර්ණ නිගමනයක්වත් සමස්ත සැලසුමක්වත් මට නෑ. මා වටා ඇති පරිසරයේ ඉන්න ඕනම චරිතයක් හෝ ඕනම සිද්ධියක් මගේ කතාවට අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්.
ප්‍රශ්නය
ඔබේ කෙටිකතා , කතාවකින් කතාවකට එකිනෙකින් වෙනස්. මේ විවිධත්වය පාඨකයා ඇද බැඳ තබා ගැනීමට ඔබ භාවිත කරන මෙවලමක්ද ?
පිළිතුර
“මේක ඇත්තටම පාඨකයා ඇද බැඳ තබාගන්න භාවිත කරන මෙවලමක් නෙමෙයි. ඒක එන්නේ වෙන තැනකින්. සමහරවිට හේතු කිහිපයක් නිසා. දැන් එක හේතුවක් ගත්තොත් මෙහෙමයි, මම හැමතැනම හැම වෙලාවෙම කියන විදිහට, මම කතාවේ හැඩරුව කතාවේ මුඛ්‍ය තේමාවට උචිත විධියට වෙනස් වෙන්න ඕනේ කියලා විශ්වාස කරන කෙනෙක්. නිර්මාණ ශිල්ප තාක්ෂණයේදී මං හැමවිට ම වගේ ඒක ප්‍රායෝගිකව කරන්නත් උත්සාහ කරන කෙනෙක්. ඉතින් මුඛ්‍ය තේමාව වෙනස් වෙනකොට කතාවේ හැඩරුව වෙනස් වෙනවා. බොහෝ විට එක පොතක වුණත් කතාවකින් කතාවක් වෙනස් වෙන විවිධත්වය එන්නේ ඒක නිසා වෙන්න පුළුවන්. තවත් හේතුවක් තමයි කාලයත් සමගත් විවිධ හේතු නිසා ලේඛකයකුගේ කතාවල හැඩරුව වෙනස් වෙන්න පුළුවන්. කතාවකින් කතාවක් වෙනස් වෙන විවිධත්වය වෙන්නේ ඒකෙන් වෙන්න පුළුවන්. සමහර විට ඔහු හෝ ඇය ලේඛකයකු හැටියට පරිණත වෙන එකත් එක හේතුවක්. ඒ වගේම වෙනත් කලා මාධ්‍ය මෙන්ම විශ්ව සාහිත්‍යය පරිශීලනය කිරීම තවත් හේතුවක් වෙන්න පුළුවන්. මීට අමතරව තුන්වෙනි හේතුවක් හැටියට මට කියන්න පුළුවන්, අත්හදා බැලීම්වලට ඇති රුචිය නිසාත් ඔය කාරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කතාවකින් කතාවක් වෙනස් වන විවිධත්වය ලැබෙන එක.
ප්‍රශ්නය
ඔබ පාඨකයාව කෙටිකතාව තුළට ඇද ගැනීමට සමත් වෙනවා. එවිට ඔහු තවදුරටත් කියවන්නෙක් නෙවෙයි. එහි ජීවත් වන්නෙක්… මේ හපන්කම ඔබ කරන්නේ සාහිත්‍යය පිළිබඳව නිරන්තරව කරන හැදෑරීමක් තුළින්ද?
පිළිතුර
“මම සාහිත්‍යය හෝ කෙටි කතාව ගැන ගැඹුරු ශාස්ත්‍රාලයීය පුහුණුවක් ලබපු කෙනෙක් නෙමෙයි. ස්වාධීනව වුණත් මං හිතන්නේ මම කෙටි කතාව හෝ සාහිත්‍ය ගැන ලොකු හැදෑරීමකට යනවා කියල මම හිතන්නෙ නෑ. ඒක ඉතින් ඇත්තටම මට තියන වෙලාවත් අඩුයි. හැබැයි මම බොහෝ කෙටි කතා කියවන කෙනෙක්. සමහරවිට මගේ හැදෑරීම එන එක විධියක් ඒක වෙන්න පුළුවන්. ඊළඟට ඔබ ඔය කියන ලක්ෂණය මගේ කෙටි කතාවල තියෙනව නම් ඒකට හේතු වෙන කාරණා කීපයක් මට අනුමාන කරන්න පුළුවන්. එකක් තමයි කතාවකදී ඒකෙ සියුම් මානනිරූපණය හරහා මතුකර ගන්න මම අතිශය වෙහෙසක් දරනවා. මේ වෙලාවේ මතක් වෙන උදාහරණයක් දෙකක් ගත්තොත් මඟහැරුණු දූපත් පොතේ එන ‘මචං’ වගේ කතාවක්, ඒ වගේම ස්වර්ණකාය පොතේ එන ‘අශ්ව මූණ හා මුගටි මූණ’ වගේ කතාවක් ගත්තොත් ඒවා ඔය දැන් තියෙන විධියට අර බෙරයක ඇඳපු හම වගේ ගානට ටියුන් කර ගන්න මම සෑහෙන විඳවලා තියනවා. ඊළඟටත් ඔබ ඔය කියන ලක්ෂණයට තවත් හේතුවක් හැටියට මට අනුමාන කරන්න පුළුවන් දෙයක් තමයි මගේ කතාවල බොහෝවිට කේන්ද්‍රිය තේමාවට අදාළ නොවන නැත්නම් විතීකමාන වෙත දක්වන අවධානය හුඟක් අඩුයි කියන එක. මම කතාවක් ගොඩනඟනකොට හුඟක් වෙලාවට මගේ මුළු අවධානයම යොමු වෙන්නේ කේන්ද්‍රිය තේමාවට. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් ”
ප්‍රශ්නය
2024 රාජ්‍ය සාහිත්‍යය සම්මානය දිනා ගැනීමට ඔබ සමත් වුණා. මෙවැනි ඇගයීම් ඔබේ ලිවීමට යම් අභිප්‍රේරණයක් එකතු කරනවාද ?
පිළිතුර
“මං හිතන්නේ ඔව්. පොත්වලට ඒ තරම් විචාර ලියවෙන්නෙ නැති මේ වගේ කාලෙක සම්මානයක් ලැබෙනවා කියන්නේ කිසියම් විධියක විචාරයක් සිද්ධ වෙනවා කියන එක. ඉතින් ඒ අර්ථයෙන් ගත්තහම සම්මානයක් ලැබෙන එක ලේඛකයෙකුට එක්තරා විදිහක දිරිගැන්වීමක් තමයි. හැබැයි මෑතක සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයේ පොදුවේ සම්මාන පිරිනැමීමේ ක්‍රියාවලිය දිහා බලන කොට, සම්මානයක් ලැබීම මං හිතන්නේ අපි පරිස්සමෙන් වටහා ගතයුතුයි කියලා. හේතු කිහිපයක් හින්දා. මම මේ පොදුවේ කියන්නේ, සමහර සම්මානවල විනිශ්චය මණ්ඩල සාමාජිකයින්ට ඒවායේ කටයුතු කරන්න තියෙන සුදුසුකම ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් ශාස්ත්‍රපති උපාධියක් තිබුණු පළියට බොහෝවිට ඒක කරන්න බෑ. තවත් සමහර වෙලාවට විනිශ්චය මණ්ඩයේ එන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සහ ඔහුගේ පශ්චාත් උපාධි ශිෂ්‍යයෝ. ඉතින් අර ශිෂ්‍යයින්ගෙන් තමන්ගේ ගුරුවරයාට විරුද්ධ වන ස්වාධීන තීරණ එයි කියලා හිතන්න අමාරුයි. ඔයිට අමතරව සම්මාන දීමේදී සමහර වෙලාවට පෞද්ගලික දේශපාලනයත් බලපානවා. අහවලාට නං, නැත්නම් අහවලාට සම්බන්ධයක් තියෙන අයට නම් දෙන්නේ නෑ වගේ දේවල්. දැන් මේවා මම කියන්නේ අනුමාන නෙමෙයි. මේවා කරුණු. ඉතින් කාට හරි සම්මානයක් ලැබෙන්න පුළුවන් ඔය වගේ දෙයක් නිසා ගන්න වැරදි තීරණයක ප්‍රතිඵලයක් හැටියට. එහෙම අවස්ථාවකදී මම හිතන්නේ ඒක ලේඛකයෙක් දිරිගන්වනවා කියල කියන්න අමාරුයි .”
ප්‍රශ්නය
ස්වතන්ත්‍ර කෙටිකතා කලාවේ ඊළඟ පරපුර මුහුණ දෙන අභියෝග සහ ප්‍රවීණයකු ලෙස ඒවාට දියහැකි විසඳුම් මොනවාද?
පිළිතුර
“මං හිතන්නෙ ඊළඟ පරපුර මුහුණ දෙන අභියෝග කියලා වෙනම අභියෝග ජාතියක් නෑ. ඒ තියෙන අභියෝග වර්තමාන කෙටි කතාකරුවන්ටත් පොදු ඒවා. මම කිහිපයක් සඳහන් කරන්නම් මට මතක් වෙන ඒවා. ඒකත් එක්කම කියන්න ඕනේ ඔය අභියෝගවලට මේ සමීකරණ වගේ සරල උත්තර නැහැ. එක අභියෝගයක් තමයි කෙටි කතාවක තේමාත්මක බර, සහ ශිල්පීය බුහුටිකම තුලනය කර ගන්නේ කොහොමද කියන එක. මොකද සමහරක් වෙලාවට ඔය දෙකෙන් එකක් ඉස්මතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය දෙකෙන් එකක් අනිත් එකේ පිට උඩ නැඟලා ඒක මඬින්න යටපත් කරන්න ගත්තොත්, මං හිතන්නේ සාර්ථක කෙටි කතාවක් බිහි වෙන්න තියන ඉඩ අඩුයි කියලා. මේ දෙකම එක වගේ වැදගත්, ඒ කියන්නේ ඔය තේමාත්මක බර සහ ශිල්පීය බුහුටිකම කියන එක. ඒ වගේම තව අභියෝගයක් තමයි කොහොමද පෙර නොවූ විරූ නව්‍යත්වයකින්, නැත්නම් අපූර්වත්වයකින්, කතාව කියන්නෙ කියන එක. මොකද බොහෝ උපක්‍රම, ශිල්පීය ක්‍රම දැනටමත් භාවිත කරලා තියෙන්නේ. බොහෝ තේමාවල් දැනටමත් කතාවලට පාදක වෙලා තියෙන්නේ. ඉතින් ඒවායේ අපූර්වත්වයක් නැහැ. කොහොමද අපි මේ නව්‍යත්වය ඇති කර ගන්නෙ. මේකට සදෘශ්‍යයක් දුන්නොත් ලියනගේ අමරකීර්තිගේ නව කවි සලකුණ පොතේ තියෙනවා, එක්තරා ඇමෙරිකානු කිවිඳියක් කිව්වා කියලා කියන අදහසක්. ඒක මේ වගේ, භාෂාව තරුණ දවස්වල අහෝ සඳ මට තනි යයි කියූ කල ඉතා දැඩි තනිකමක් සන්නිවේදනය කරන්න පුළුවන් වුණා. ඒත් දැන් භාෂාව වයසට ගිහිල්ලා. ඉතින් භාෂාව භාවිත කරන මනුෂ්‍යයත් භාෂාව ගැන දන්න දේ වැඩ වැඩියි. ඒ නිසා තනියි කියන වචනයට තනිකම සන්නිවේදනය කරන්න අමාරුයි. මං හිතන්නේ කතාකරුවන්ටත් තියෙනවා, මොකද බොහෝ ශිල්ප ක්‍රම අත්හදා බලලා තියෙන්නේ. බොහෝ තේමාවල් දැනටමත් පාවිච්චි කරල තියෙන්නේ. ඊළඟට තව එක අභියෝගයක් තියෙනවා ඔය කෙටි කතාවේ නිර්වචන නිසා ඇතිවෙන. දැන් ඔය කෙටි කතාව ගැන තියෙන ජීවිතෙන් පෙත්තක් වගේ අති සරල නිර්වචන කර තබා ගත්තු කුරුසියක් කර ගන්න නරකයි. මම හිතන්නේ ඒ අභියෝගය අපි ජයගත යුතුයි. මොකද ලේඛකයෝ හැටියට අපිට පුළුවන් වෙන්න ඕනේ ඒවා පැත්තකට දාලා නිදහසේ ලියන්න”
ප්‍රශ්නය
ඔබ චරිත වෙනුවෙන් බොහෝ වෙහෙසෙන්නෙක්. ඒවායේ ගැඹුරට කිඳා බසින්නෙක්. ඔබේ ‘නිර්මාණාත්මක වෙහෙසට’ ලැබී ඇති ප්‍රතිලාභ ප්‍රමාණවත්ද?
පිළිතුර
“ඔව්. මම තෘප්තිමත්. මගේ කතා හොඳින් රස විඳපු නැත්නම් ග්‍රහණය කර ගත්තු පාඨකයෝ අතළොස්සක් හරි මට මුණගැහිලා තියෙනවා. ඉතින් ඒ ඇති. නිර්මාණයක් අව්‍යාජ නම් ඒක යටපත් වෙලා තිබුණත් කවදාහරි කාලයක නැවතත් සාකච්ඡාවට භාජනය වෙනවා කියන එකත්, නිර්මාණයක් ව්‍යාජයක් නම් ඒක කොච්චර පිම්බුවත් කාලයත් එක්ක. ඒකෙ හුළං බහිනවා කියන එකත් දැඩිව විශ්වාස කරන කෙනෙක් මම. ඒක හුදෙක් විශ්වාසයක් විතරක් නෙවෙයි, සාහිත්‍ය ඉතිහාසය දිහා බලනකොට පැහැදිලි වෙන කාරණයක්.”
ප්‍රශ්නය
ඔබ තුළ සිටි ප්‍රතිභාපූර්ණ කවියා කෙටිකතාව තුළින් ගිලගත්තා ද ?
පිළිතුර
“මම යෝජනා කරනවා ඒක තීරණය කරන්න අපි පාඨකයාට භාර දෙමු කියලා. හැබැයි කවියෙක්, කෙටිකතාකරුවෙක් වෙන එකේ, එහෙම නොවන කෙනෙක් කෙටිකතාකරුවෙක් වෙන එකට වඩා වාසියක් තියෙනවා කියලා මට හිතෙනවා”
සාකච්ඡා කළේ සුගත් ප්‍රේමතිලක
දිවයින 2025 ජනවාරි 16

I don’t know who gave me my first lesson.  It was so long ago that I have forgotten it completely.  It must be someone s...
03/01/2025

I don’t know who gave me my first lesson. It was so long ago that I have forgotten it completely. It must be someone stupid. That must be why I turned out so stupid myself.,But I remember my little sister Kala’s first lesson and who gave it. It was me!,“See what that idiot is doing,” I heard Aiya’s shriek.,Then it was Amma.,“What have you done, Uddaka? You ruined everything!” she shouted.,Kala started crying and I followed.,What have I done? I was just helping Kala identify the letters in her brand-new alphabet book. What’s wrong with that? I couldn’t understand it at all, then. I do now. They must have feared that she was going to be as stupid as I, taking the first lesson from me. But how did she end up becoming so good in her studies? She says she wants to be a doctor. Stupid people do not become doctors, do they?,“It’s okay, Uddaka,” said Thaththa, taking me on his lap. “And, Laksiri, never let me catch you using that word on anyone again.”,“So, that’s my fault now?” said Aiya angrily, storming out.,Thaththa kept quiet. He was always like that. He never overreacted. He understood a lot of things I did not. He knew that I was trying to help. He understood that I did not like being called an idiot, however stupid I was.

Order Online
https://www.sarasavi.lk/product/he-was-gods-child-too-9553132359

මේ කිසි දෙයක් මට ආගන්තුක නෑප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාරචන්ද්‍රරත්න බණ්ඩාර සත්‍ය පුද්ගලයන් හා සිද්ධි ප්‍රබන්ධගත මායාව ...
01/01/2025

මේ කිසි දෙයක්
මට ආගන්තුක නෑ
ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර

චන්ද්‍රරත්න බණ්ඩාර සත්‍ය පුද්ගලයන් හා සිද්ධි ප්‍රබන්ධගත මායාව හා මුසු කරමින් අපූරු ආඛ්‍යාන රටාවක් ගොඩනඟන සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයේ හමුවෙන තීරණාත්මක නවකතාකරුවෙකි.
මෙරු කෘතියෙන් ඇරඹෙන ඔහුගේ නවකතාකරණය වනසපු මල, විමන් දොරකඩ, හැන්දෑදුරය, වළාකුළු බැම්ම, ප්‍රේමානිශංස ඇතුළු නිර්මාණාවලියකින් සමන්විතය. ඔහුගේ නවතම නිර්මාණ වෑයම පියාසර සමය නවකතාවයි. රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ස්වර්ණ පුස්තක, විද්‍යෝදය, ගොඩගේ ඇතුළු සාහිත්‍ය සම්මාන රැසකින් හේ මේ වන විටත් සම්මානිත නිර්මාණකරුවෙකි.
පියාසර සමය ඔස්සේ ඔහු සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සන්දර්භීය කාරණා සඳහා මේ රටේ වන මැදිහත්වීමේ ඌනතාව ගැන නිර්මාණාත්මක ව සාකච්ඡා කරයි. කලාව, දේශපාලනය, දේශාටනය, ඉතිහාසය හා විප්‍රවාසී බවත්; ප්‍රේමයත් හරි හරියට කලවම් අපූර්ව නවකතාවක් වන පියාසර සමය පිළිබඳවත් ඒ ඔස්සේ ඔහුගේ දෘෂ්ටිවාදී මැදිහත්වීම පිළිබඳවත් හේ මේ සංලාපයෙන් අවධාරණය කරයි.

-------------------------

@ විප‍්‍රවාසී සමාජ කණ්ඩායම්, එහෙමත් නැත්නම් ඩයසපෝරාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ඔබ ශ‍්‍රී ලංකාවේ සමාජ දේශපාලනික සන්දර්භය කියවා ගැනීමට මේ කෘතිය ඔස්සේ උත්සාහ කරනවාද?

උතුරු කොරියාව වැනි රටවල් අතළොස්සක හැර ලෝකයේ ජනවාර්ගික ප‍්‍රජාවන් 250ක් පමණ කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ප‍්‍රංශය වැනි රටවල ජීවත් වෙනවා. රටවල් වශයෙන් ගත්තොත් 153ක් පමණ. ලංකාවේ සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන වශයෙන් සැලකිය යුතු බලපෑමක් අවරදිග රටවල ජීවත් වෙන විශාල ඩයසපෝරාව විසින් සිදු කරනවා. විසිවන සියවසේ මහා දේශපාලන කැළඹිල්ල ලෙස සැලකිය හැකි උතුරු නැගෙනහිර ජනවාර්ගික කැරැල්ල දීර්ඝ කාලයක් ඇඳුණේ මේ ශ‍්‍රී ලාංකික ඩයසපෝරාවේ උදව් උපකාර ද සහිතව. ලංකාව දූපතක්. එහෙත් දහනව වන ශතවර්ෂයේ සිටම මේ දූපත ලෝකයට යා වුණේ ස්ථිර හා තාවකාලික ඩයසපෝරාව නිසා. උදාහරණයක් වශයෙන් වාමාංශික ව්‍යාපාරය ලංකාවට ගෙන ආවේ පිටරට කලක් ජීවත් වූ එවැනි විප‍්‍රවාසී පිරිස්. මගේ පියාසර සමය නවකතාවේ කැපී පෙනෙන තේමාව වන 2022 අරගලය සඳහා ශ‍්‍රී ලාංකික ඩයසපෝරාව ආශීර්වාද කළා. එය ජාත්‍යන්තරකරණය කිරීමට සක‍්‍රිය මැදිහත් වීමක් ඔවුන්ගෙන් ඉටු වුණා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා තම නෑසියන් ලංකාවේ තනිකර දමා පැමිණි ඔවුනට ලංකාව ගැන ඇති හැඟීම සුළුපටු නැහැ. ඒක වෙනම ආකාරයක දේශප්‍රේමයක්. බටහිර ජීවත් වන විප‍්‍රවාසීන් සාපේක්ෂ සුරක්ෂිත ජීවිතයක් ගතකරන බව ඇත්ත. එහෙත් ඉන් බොහෝ දෙනා මම ද ඇතුළුව ලෝක දෙකක ජීවත් වෙන්නේ. මම පියාසර සමය නවකතාවට ඩයසපෝරාව යොදාගත්තේ ජීවිතය, නිදහස, දේශපාලනය ,ප්‍රේමය ආදි කාරණා පිළිබඳ සන්සන්දනාත්මක ප‍්‍රවේශයකින්.

@ අරගල ඉතිහාසය වගේම ඔබට, ඔබ ඇතුළේ තියෙන අරගලයත් පියාසර සමය නවකතාව නිර්මාණය කිරීමට නිර්මාණාවේෂය සපයා ඇතැයි මට හිතෙනවා.

මම විශ්වාස කරන්නේ විසිවෙනි සියවස පුරාත් අප ගෙවා දමන විසි එක්වන සියවසේ මුල් කාර්තුව තුළත් ඇති වූ ධනාත්මක දේශපාලන නැගිටීම 2022 අරගලය කියලයි. එවැන්නක් මගේ ජීවිත කාලයේදී දකින්නට ලැබීම මගේ භාග්‍යයක්. ඉනික්බිති එහි ප‍්‍රතිඵලයත් මා දශක හතරක් පමණ දේශපාලනිකව නිරතව සිටි ව්‍යාපෘතියේ මල්ඵල ගැන්වීමක් ලෙසයි මම දකින්නේ. මේ වෙනස දක්වා රට තල්ලු කරමින් ප‍්‍රපාතයට හෙළුෑ ප‍්‍රභූ, නිර්ප‍්‍රභූ ප‍්‍රමුඛ බලවේගයන්ගේ නියෝජනයක් පියාසර සමය නවකතාවේ තිබෙනවා. මේ පැරණි නියෝජනය මෙතෙක් රට පාලනය කළේ මහජනයාගේ හයියෙන්. ඒ ‘ජනතාව’ ඉලක්ක කරගෙන, අපේ බුද්ධිමය සමාජයෙන් බ්‍රෙෂ්ට්ගේ කියමනක් නිතර උච්චාරණය වුණා. ‘අපි පාලකයන් වෙනස් කරන්නට උත්සාහ නොකර අලුත් ජනතාවක් පත්කර ගනිමු කියලා.’ ඒත් ඒ සිද්ධාන්තයම අනාථ කරමින් ජනතාවම ඉස්සර වෙලා පැරණි පාලනය වෙනස් කරලා නව පාලකයන් පත් කළා.’ අන්න ඒ වෙනසේ තිබුණු රසායනය නවකතාවේ ගැබ්වී තියෙනවා කියලා මට හිතෙනවා.

@ ප‍්‍රධාන චරිත හතරක් තිබුණත් මූලික වශයෙන් මෙහි චරිත දෙකක් ඔබ කතාවේ ධාරණාව ගොඩනැංවීමට යොදා ගන්නවා කියලයි මට හිතෙන්නේ. චමත්ට අරගල ආභාසයක් තියෙනවා. මිලංකාගේ පරිසරය ඊට වෙනස්. එකිනෙකට වෙනස් තත්ත්ව තුලනය කර ප‍්‍රබන්ධගත කිරීම පහසු නොවන්නට ඇති?

මම චමත් අයත් පන්තියට අයත් කෙනෙක්. ඒ පන්තියේ හැසිරීම මට ආගන්තුක නැහැ. එහෙත් අහම්බ කාරකයක් ලෙස මිලංකා අයත් සමාජය සමීපව ඇසුරු කරන්නත් හදාරන්නත් මට පුළුවන් වුණා. ඒ සඳහා ප‍්‍රවේශ මාර්ග කිහිපයක් තිබුණා. මූලික පාර වැටෙන්නේ මම සම්බන්ධ පැරණි වාමාංශික ව්‍යාපාරය හරහා. මාර්ග ආයතනය වැනි ආයතනවල කළ රැකියා, මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකු ලෙස කළ රජයේ රැකියා, සමීපව දේශපාලනයේ ඉහළ තන්ත‍්‍රය දැන හඳුනා ගැනීම මේ සඳහා උපයෝගී වෙන්න ඇති.
චමත් හා මිලංකාගේ ප්‍රේම සම්බන්ධය ලංකාවේ නම් මේ සම්මජ්ජාතියට සිදුවන එකක් නෙවේ. ඕනෑ නම් මිලංකාගේ ලිංගික වහලකුගේ භූමිකාවක් චමත්ට තියෙන්න ඉඩ තිබුණා. ඒවා ඕනෑ තරම් ලංකාවේ තියෙනවා. ඊට වඩා නින්නාද නඟන ප්‍රේමයකට ඉඩක් නැහැ. එවැනි පතිරූප දේශයක් නොවේ ලංකාව. මිලංකා සාම්ප‍්‍රදායික පවුල් ජීවිතයේ රීති දැනුවත්ව බිඳ දමනවා. එහෙත් එයට අදාළ තර්කය සකසා දෙන්නේ ඔහුගේ සැමියා විසින්මයි. මිලංකා තමා වෙනුවෙන් තමන්ගේම සදාචාරයක් නිර්මාණය කරගන්නවා. සියලු මානවීය සම්පත් අහිමි ගැහැනියක් වන්නට ඇය සූදානම් නෑ. ඒ සඳහා ඇය ශක්තිය ගන්නේ ඈ අයත් පන්තියේ ශක්තියෙන්. මම පන්ති සමාජයේ සීමා ඉක්මවා ගිය ප්‍රේමණීය ජීවිතයක් විශ්වාස කරන කෙනෙක්. මගේ ඒ ආධ්‍යාත්මය මේ ප‍්‍රබන්ධකරණයට පහසුකම් සැපයුවා.

@ මිලංකාගේ චරිතය ඔබ ගොඩනංවන්නේ ඉතා ප‍්‍රවේශමෙන්. ඒ ස්ත‍්‍රී පරමාදර්ශයේ බහුවිධ ස්වරූප ගැන අවධානයෙන් කියලා මම කිව්වොත්?

වෙන්න පුළුවන්. මගේ සමීප මිනිස් ඇසුරු හා ඇගයීම් ගොඩනැඟෙන්නේ කිසියම් හෘදයංගම බවක් සමඟ. ඒ හෘදයංගම බව ඇතිවීමට ඔහු හෝ ඇය කිසියම් හර පද්ධතියක් නඩත්තු කළ යුතුයි. මිලංකා විශාල ලැබීම් සම්භාරයක් සහ නොලැබීම් සම්භාරයක් සහිත ගැහැනියක්. වෙනත් බොහෝ ගැහැනුන්ට මෙන් නොව තමන්ගේ මව තමන්ට කළ අහිමි කිරීම ගැන වෛර කරන්නත්, තමන්ට ලබා දුන් අසීමිත හිමිකම් ගැන පෙරළා සිය මවට ආදරය කරන්නත් එකවිට සිදුවන ගැහැනියක්. පසුගිය ආසන්න දශක කිහිපයේ ලංකාව බිඳවැටීමේ ප‍්‍රධාන කාර්යභාරයක් විශ්වවිද්‍යාල විසින් ඉටුකර ඇති බව මම විශ්වාස කරනවා. එම හරයාත්මකවත් සදාචාරාත්මකවත් බිඳවැටීම චෛත්‍යයක කොත බිඳවැටීමක් හා සමානයි. එහෙත් පියසීලී විජේගුණසිංහ, ආචාර්ය කුමාරි ජයවර්ධන වැනි කාන්තාවෝ මේ නරක තත්ත්ව යටතේ වුණත් ඒ ගුරු භූමිකාව මනාව ඉටු කළා. මට එවැනි කාන්තාවන් පමණක් නොව සමහර ගුරුවරුන් ද මිලංකා නම් පරමාදර්ශී කථිකාචාර්යවරිය නිර්මාණය කර ගැනීමට උපකාර වුණා. මිලංකා වැනි ජීවිතයේ සුසංවාදය වෙනුවෙන් මිහිරි උත්සාහයක යෙදෙන ගැහැනුන් මට අනන්තවත් මුණගැසී තිබෙනවා.

@ විජේවික‍්‍රම මහත්මිය සහ පුෂ්පේ යන චරිත ඔබ භාවිත කරන්නේ වෙනම ආධ්‍යාශයකින්?

විජේවික‍්‍රම මහත්මිය වගේ අය තමයි කිසියම් ආකාරයකට නිමා වූ යුගයේ ඇත්ත සම්පාදකයන්. ග‍්‍රීක යුගයේ හෙට්‍රාවක් වගේ. හෙට්‍රාවක් කියන්නේ පාලකයන්ට ආශ්වාදය සපයන කාන්තාවන්. පෙරික්ලීස්ගෙ පාලන කාලයේ ඇස්පේසියා කියන රූපිකාව බලයේ ඇත්ත හිමිකාරිය වුණා වගේ. මං හිතන්නෙ පසුගිය වසර හැත්තෑ හයක කාලයේ පාලකයන් අතළොස්සකට හැර හෙට‍්‍රාවන් හිටියා. සමහරු හෙට‍්‍රා පිරිමි. හැබැයි විජේවික‍්‍රම මහත්මිය දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රයේ යහන සරසන්නියක් විතරක් නොවේ. ඇය සංස්කෘතික ගැහැනියක්. ඉහළ ධනේෂ්වරයට අද නැති, පෙර තිබුණු කිසියම් සාරධාර්මිකත්වයක් සහිත කෙනෙක්. පුෂ්පේ වරෙක අබිසරු පිරිමියකුත් පසුව පාලකයකුත් වෙන අධම තත්ත්වයක් නිරූපණය කරනවා. ඔහු තමයි කුණුවී ඕජස් ගලන සමාජය නිරූපණය කරන්නේ. මේ උදවිය විසින් කලක් තිස්සේ මේ සියල්ලගේ සහායෙන් ගෙන ගිය අගතිගාමී පාලනය තවදුරටත් දරන්නට බැරිව තමයි ලංකාවේ ජනතාවගේ නිලීනව තිබුණු පුරවැසි ශක්තිය අරගලය ලෙසින් මතුවෙන්නේ.

@ ඔබේ නවකතාකරණයේ මා දකින ප‍්‍රබල ලක්ෂණයක් වන්නේ සත්‍ය චරිත හා සිද්ධි ප‍්‍රබන්ධයට නොදැනෙන සේ ඊට එක්කිරීමයි. මෙය උපක‍්‍රමයක්ද?

මා කියන්නට හදන දේ තහවුරු කිරීමට ඒ යොදා ගැනීම උපයෝගී වෙනවා. බොහෝ විට මා උපයෝගී කරගන්නේ කළ කාර්යභාරයන් නිසා හොඳින් හෝ නරකින් සමාජයේ සංස්ථාපිත වූ උදවිය. චිත‍්‍රසේන හෝ ආනන්ද කුමාරස්වාමි ගන්න. ඔවුන්ට විකල්ප නෑනේ. ඒ අයගේ කාර්යභාරය හැඳින්වීමට වෙනත් නම් හෝ සංකේත නාම පාවිච්චි කිරීම ඒ අයට කරන අවමානයක් කියලා මට හිතෙන්නෙ.

@ ඔබට නවකතාව සජීවී අත්දැකීමක් කිරීමට අවශ්‍යද?

ඔව්. පළමුව මමත් යළි කෘතිය කියවන පාඨකයාටත් ඒ වින්දනය ලබාදීමට මම උත්සාහ කරනවා. මම සංචාරයට බොහෝ ප්‍රිය කරන කෙනෙක්. මම ස්මාරක හා ස්වභාව සෞන්දර්යය මෙන්ම ජනජීවිතය අත්විඳින්නත් කැමතියි. පොතක් කියැවීමෙනුත් මම මේ සංචාරය කරනවා. එය අපට ලෝකය ගැන ඥානණය කරගන්න තෙවෙනි ඇසක් ලබා දෙනවා. මම මගේ සාහිත්‍ය කෘතිවලින් උත්සාහ කරන බොහෝ දේ අතර එම සජීවී අත්දැකීමක් ලබාදීමත් එකක්.

@ මේ රටේ දේශපාලන සාක්ෂරතාව ගැන ඔබට ගැටලුවක් තිබෙන බව කෘතිය කියවද්දී ඇඟවෙනවා. ලංකාවෙ දේශපාලනය හා දේශපාලන සාක්ෂරතාව ගැන කලා කෘතියකින් හෙළිදරව් කිරීම පහසු කටයුත්තක් නොවන්නට ඇති.

‘මෙරු’ හා ‘හැන්දෑ දුරය’ හැරුණු විට අනෙකුත් නවකතා දේශපාලන විෂයය තේමා වූ කෘති. මට දේශපාලනය, කලාව තරම්ම සමීප හා මා නියැළෙන විෂයයක්. මගේ බොහෝ මිතුරන් ද එවැනි උදවිය. ලංකාවේ ජනයාගේ දේශපාලන සාක්ෂරතාව පිළිබඳ උභතෝකෝටිකය, අරගලය නිසා විසඳුණා. 1943 නිදහස් අධ්‍යාපන පනතේ මහිමාව දේශපාලන ආධානාග‍්‍රාහකත්වය විසින් යටපත්ව තිබූ නමුත් එහි සිල නිවා දමන්න කවර තරම් අධම පාලකයකුටවත් බැරිවූ බවයි මට හැඟෙන්නේ. මම වසර හතළිහක් පමණ වාමාංශික දේශපාලනයේ නිරත වීම ඔබ කියන කාරණය පහසු වුණා. වාමාංශික දේශපාලනයේ ක‍්‍රියාකාරිත්වය කියන්නෙ වැඩ කිරීමත් හැදෑරීමත් යන දෙකම.

@ මේ නවකතාව ඇතුළට ඔබ විවිධ කලා සංස්කෘතික ප‍්‍රවේශ ගෙන එනවා. මේ සියල්ල එක නවකතාවක් ඇතුළේ එක්තැන් කිරීම අසීරු වුණේ නැද්ද?

අසීරු වුණේ නැහැ. මිහිරක් දැනුණා. අනෙක මේ හැම දෙයක්ම මට ආගන්තුක නෑ. අප‍්‍රමාණ මිනිස් ඇසුරට පින්සිද්ධ වෙන්න මේ විවිධ කලා ෂානර සම්මිශ‍්‍රණයක මම ජීවත් වුණා. අදටත් එහෙමයි. කවර කලාවක් වුණත් අනෙකුත් කලාවන්ගෙන් පෝෂණය විය යුතුයි. ඒ ඒ මාධ්‍යයට අනෙකුත් කලාවන් ගළපා ගන්නට හැකියාව ලැබිය යුතුයි කියලා මං විශ්වාස කරනවා.

@ ජීවිතය හමුවන්නේ දෘෂ්ටිවාදවලින් එළියට ඇවිල්ලා නිදහස් වුණු විට බව ඔබ නොකියා කියනවා. එහෙමත් නැත්නම් මේ නවකතාවේ ධාරණාව විදියට අපට එය දැනෙනවා?

දෘෂ්ටිවාද අවශ්‍යයි. මිනිසාගේ නිරි ගති දුරලා තමා අවට ලෝකය නිර්වචනය කරගත හැක්කේ එහෙම දෘෂ්ටිවාද තිබුණොත් පමණයි. මිලංකාටත් චමත්ටත් පරස්පර වුවත් දේශපාලන දෘෂ්ටිවාද තියෙනවා. ඔවුන්ගේ ලෝක දෘෂ්ටිය සකස් වී ඇත්තේ ඒ අනුසාරයෙන්. එහෙත් ඔවුන් සතු පොදු මානව ලාලසා තියෙනවා. ප්‍රේමය වැනි සංසිද්ධියක් මැඬගත හැකි තරමට ඔවුන්ගේ දෘෂ්ටිවාද දෘඩ නැහැ. අද ලෝකයේ වාමාංශයත් ලිබරල්වාදයත් එකිනෙක පෝෂණය වෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ සම්ප‍්‍රදාය ලංකාවේ වුණත් පැරණි වාමාංශය ඇතුළත තිබුණා. සෑම් ගිරිදර අරගන්න. ඔහුත් විජේවික‍්‍රම මහත්මියගේ ශෘංගාර ලෝකයේ දැවටෙන කෙනෙක්. ජීවිතය හමුවන්නේ දෘෂ්ටිවාදයන් තුළමත් වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.

✍️සුමුදු චතුරාණී ජයවර්ධන

17/12/2024

Title: Malwathu Oya: The Fountain of Anuradhapura Civilisation Author: Kumudini Dias Haputhanthri Publisher: Sarasavi Publishers Translator: K.A.N. Perera Pages: 58 Though this publication…

පරිගණක අක්ෂර සංයෝජකවරියක් ලෙසින් අප හා එක්වන්න.
13/12/2024

පරිගණක අක්ෂර සංයෝජකවරියක් ලෙසින් අප හා එක්වන්න.

Virajini Thennakoon’s novel ‘Camellia’ has won the Golden Book Award Sri Lanka 2024. Since it was published in 2023, the...
03/12/2024

Virajini Thennakoon’s novel ‘Camellia’ has won the Golden Book Award Sri Lanka 2024. Since it was published in 2023, there were many discussions and reviews claiming that this novel is a work of magical realism. But labeling it as a magical realism work won’t do a justification for this amazing novel about Sri Lanka’s underrepresented community who are earning foreign exchange for such a long time. This review to clarify the work explaining how the aspects of magical realism are covered in the novel.
As we know, the term ‘Magical Realism’ first used by the German critic Franz Roh to explain the painting emerged in 1920’s Germany. However, In order to highlight how ordinary objects may appear magical, amazing, and odd when you pause and gaze at them, Roh coined the word "magischer realismus."

Later, this genre was popular among Latin American writers who tried to write against colonialism. They found a new voice in magical realism to criticize colonial oppressors. Argentine author Jorge Luis Borges identified as the first Latin American author who used magical realism. But it was Gabriel Garcia Marquez who made it popular around the world with his famous novel ‘One Hundred Years in Solitude’ which single handedly won the Nobel Prize for him.

Although Virajini's novel has many layers of socio-political issues, gender issues and many themes, this review is about to identify the aspects of magical realism in the novel. Since the term magical realism came to light there were different opinions about the aspects of magical realism. But there were few common aspects among all the critics who described the aspects of magical realism.
The first aspect is ‘Realistic Setting.’ Every magical realism novel takes place in a setting in this world that’s familiar to the reader. If we closely look at the ‘Camellia’, the setting was nothing new to the Sri Lankan reader. The setting takes place in a familiar tea plantation estate in the era of the British Government. The characters, environment, equipment, political and social events that occurred during the time of the novel were related in history, familiar for the reader.

The second aspect is ‘Magical Elements.’ From speaking objects to dead characters walking, telepathy and many supernatural powers, the magical realism stories have magical elements that do not happen in the real world. But in the stories those elements represented as normal. When reading ‘Camellia’ the reader would find many magical elements same as above mentioned. For instance, Ambhiga, a character in the novel, who hangs her tea plucking casket in her back lifetime, would not occur in the real world. But the idea of using these magical elements was to showcase the weight pile on her people from the beginning would carry to generations. If the author wanted to explain this weight it would take many pages to describe the whole thing. Magical elements can work as a metaphor. When Ambiga died, people couldn’t remove her cane basket because it was tightly bound with her like a new organ.

Also, when Appan died, it was impossible to move his dead body from the storeroom. It was there for many days without rotting. Instead, the body became more beautiful and healthier.

‘’During this time, particular changes began to happen in the Appan’s body. He was a thin, hunched back, black man, but after he died, day-to-day he left those physical features like he was resurrected with a new soul.” – Page 131

After the betrayal of Henry, Camellia didn’t change her wedding dress for six months.

“After spending six months only in the upstairs of Seram Bungalow, one evening when Camellia appeared in front of the school with torn veil and holding up the dirty wedding dress, children of the state ran for the hills scared of her appearance.” – page 176
Magical elements artfully weave into the fabrics of mundane life in above sentences to normalize the magic.

Author didn’t try to explain these incidents with full of information but pen down it like a very normal incident. This can be explained as another aspect of magical realism. In order to normalize the magic as much as possible and reinforce that it's a part of everyday life, authors of magical realism deliberately leave the magic in their works of literature unexplained. Limited information is the third aspect of magical realism. In the novel, the author used limited information for several events that happened in Moon Melt estate. How Anita went to sleep for seven days to Camellia's six months in the same dress.

The next aspect is ‘Social or Political Critique.’ Magical realism is frequently used by writers to subtly criticize society, particularly politics and the ruling elite. In regions of the world, such as Latin America, that were exploited and economically oppressed by Western nations, the genre received popularity. Authors of magic realism used the genre to criticize and express their distaste for American imperialism. Art of daily existence. While reading ‘Camellia’ readers would find the critique against colonial oppressors and their local agents, social dilemma of tea plantation workers, the place of a woman in feudal society. And about relationships too.

It is obvious with these examples that Virajini’s novel ‘Camellia’ is a work of magical realism. Apart from that it has socio-political themes that need to be discussed among the readerships. While reading it I found one similarity between Marquez novels, ‘One hundred Years of Solitude’ and ‘Camellia.” Both novels have a hypothetical place, Marquez created ‘Macondo’ back in the 60's and Virajini created ‘Moon Melt’ in 2023.

In conclusion, it is obvious that Virajini’s novel will pave a new way for the next generations to follow if they want to use magical realism. While trying to explain how this novel could be claimed as a magical realism work, there is not enough space to describe the language used in the book. This article would not be enough to discuss it. However, ‘Camellia’ will be an all-time novel.

*Published in 01st of December Sunday Observer newspaper.*

රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිමාවෙන් සහ පිටු සැකසුමෙන් යුතු ග්‍රන්ථයබෙල්ලන්විල සිත්තම් කාව්‍ය - කේ.ජී. දිනේෂ් සංජීව
29/11/2024

රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිමාවෙන් සහ පිටු සැකසුමෙන් යුතු ග්‍රන්ථය
බෙල්ලන්විල සිත්තම් කාව්‍ය - කේ.ජී. දිනේෂ් සංජීව

රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථයබෞද්ධ කලාවේ දේශපාලනය - මහාචාර්ය වජිර නලින්ද ජයතිලක
29/11/2024

රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය
බෞද්ධ කලාවේ දේශපාලනය - මහාචාර්ය වජිර නලින්ද ජයතිලක

රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා  පිටකවර නිර්මාණයයශෝධරා - තිළිණ ද සිල්වා
29/11/2024

රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා පිටකවර නිර්මාණය
යශෝධරා - තිළිණ ද සිල්වා

Address

1/3, Church Road
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Sarasavi Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sarasavi Publishers:

Videos

Share

Category