Negombo Hot News

Negombo Hot News hot news from Negombo and its suburb .මීගමුව ගැන උණුසුම්ම පුවත් බෙදාහැරෙන ප්‍රධානතම පුවත් ධාරව....
(1)

08/10/2023

වැල්ලවීදියේ ජනතාවට පොලිස් පහරදීමක් - ජනතාව දේවස්ථානයට රැස්වෙයි

සා.සෙබස්තියන් ධීවර ගම්මානයේ ජනතාව මේ වනවිට වැල්ලවීදිය දේවස්ථානයට රැස්වෙමින් සිටින අතර ඔවුන් පවසන්නේ මීගමුව පොලීසිය පැමිණ ඔවුන්ට පහරදුන් බවයි. මේ වනවිට වැල්ලවීදිය දේවස්ථානයේ සිනුව නාද කරමින් ඔවුන් අවට ජනතාවගේ සහය බලාපොරොත්තු වන අතර කාන්තාවක් මීපුර අමතා ප්‍රකාශ කර සිටියේ පොලිසියේ ප්‍රහාරයට ලක්වූ කාන්තාවන් හා පිරිමි තැන තැන වැටී සිටින බවයි. මෙම පහරදීමට ආසන්න හේතුව වී ඇත්තේ ගමේ මත්ද්‍රව්‍ය අළෙවිකරන පුද්ගලයන් සම්බන්ධ සිදුවීමක් වන අතර දැනට මාසයක් පුරා ගමට ගල්ගසන පුද්ගලයන් සොයාගැනීමට නොහැකිවූ අතර අද රාත්‍රියේදී ගම්මුන් විසින් ගල් ගැසූ ඒක් පුද්ගලයෙකු අල්ලාගෙන ඒ් පිළිබදව දැනුම් දීමට පොලීසියට ගොස් ඇත. ඉන්පසුව පොලීසිය ගමට පැමිණි ඇති අතර , ඒම කිසියම් කරුණක් නිසා පොලීසිය විසින් ගම්වාසීන්ට පහරදීමට පටන් ගෙන ඇත.

මේ මාළුව ගැන දන්නවද?
17/09/2023

මේ මාළුව ගැන දන්නවද?

මිගමුවේ ගිනි නිවන ඒකකයේ ඇතුලත නවතා ඇති මේ සුපිරි කාර් එක කාගේද?ජීවිතේට රස්සාවක් නොකරපු,මිගමුවේ දේශපාලුවෝ දැක්කද හදල තිය...
09/04/2022

මිගමුවේ ගිනි නිවන ඒකකයේ ඇතුලත නවතා ඇති මේ සුපිරි කාර් එක කාගේද?
ජීවිතේට රස්සාවක් නොකරපු,මිගමුවේ දේශපාලුවෝ දැක්කද හදල තියෙන මාළිගාවල්...
යාන වාහනත් එහෙමයි.
හැබැයි දැන් ඉන්නේ හොඳටම බයවෙලා...

ම්ගමුවේ පාමසි වහලා මිනිස්සු හරිම අසරණයි .අත්‍යවශ්‍ය බේත් අරගන්න බැරිකම නිසා සමහර රෝගින්ගේ.ජිවිත අනතුරේ.පාරවල් ගානේ ඇරපු ...
03/04/2022

ම්ගමුවේ පාමසි වහලා මිනිස්සු හරිම අසරණයි .
අත්‍යවශ්‍ය බේත් අරගන්න බැරිකම නිසා සමහර රෝගින්ගේ.ජිවිත අනතුරේ.
පාරවල් ගානේ ඇරපු පාමසියක් හොයාගෙන මිනිස්සු කැරකෙනවා.

03/04/2022

හෘද සාක්ෂියේ මිනිසුන් අදත් සිය විරෝධය තනියම හරි ප්‍රකාශකරනවා.
ඒ තමයි ඇත්ත මිනිසුන්ගේ හැටි.
මේ දැන් මිගමුවේ පෙරියමුල්ලේ තනි මිනිසෙකුගේ අරගලය....

මාධ්‍යවේදීන්ට පහර දුන් රාජපක්ෂලගේ මැර හමුදාව සහ පොලිසියට එරෙහිව අද මිගමුවේදි විරෝධය පළවේ.ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍ය සංව...
02/04/2022

මාධ්‍යවේදීන්ට පහර දුන් රාජපක්ෂලගේ මැර හමුදාව සහ පොලිසියට එරෙහිව අද මිගමුවේදි විරෝධය පළවේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍ය සංවිධාන එක්ව එය සංවිධානය කර තිබුණි.

රාජපක්ෂ පාලනයට එරෙහිව මිගමුවේදි මල්වඩමක්...බලය සදහා පාස්කු ප්‍රහාරය ගැනද සඳහන් කළ පුවරු සහිත මල්වඩම් දෙකක් මීට සුලු මොහො...
02/04/2022

රාජපක්ෂ පාලනයට එරෙහිව මිගමුවේදි මල්වඩමක්...

බලය සදහා පාස්කු ප්‍රහාරය ගැනද සඳහන් කළ පුවරු සහිත මල්වඩම් දෙකක් මීට සුලු මොහොතකට පෙර මිගමුව තෙල්වත්ත හංදියේ තබමින් පිරිසක් සිය විරෝධය පළකර තිබුණි.එහි පැමිණි පොලිසිය එම මල්වඩම එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

රාජපක්ෂලාට එරෙහි විරෝධය තැන තැන දැන් විවිධ හැඩයන් ගනිමින් ඇවිල යමින් තිබේ.

සෑබෑ කිතුණු පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් සිය දූත මෙහෙවරට සැබෑ ලෙසින්ම සාක්ෂි දරමින් අද මිගමුව නගරයට රැස්ව රටේ පවතින ...
01/04/2022

සෑබෑ කිතුණු පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් සිය දූත මෙහෙවරට සැබෑ ලෙසින්ම සාක්ෂි දරමින් අද මිගමුව නගරයට රැස්ව රටේ පවතින ආර්ථික අර්බුදය ට සිය විරෝධතාවය පලකරමින් අරගලයක මේ මොහොතේ නිරතව සිටිති.

කණගාටුව නම් මිගමුවේ පියතුමන්ලා සිය දූත මෙහෙවරට සාක්ෂි දැරිම සදහා මෙම අවස්ථාවට එක්ව නොසි⁣ටිමය..

පීඩතයන් වෙනුවෙන් ඔවුන් සාක්ෂි දරන්නට සැබෑ ලෙස පෙළගැසෙන්නට මැළිවන්නේ ඇයි?????

30/03/2022

අද ( 30 ) මීගමුව , දළුපත ඉන්ධන පිරවුම් හල අසල දිගු පෝලිමකි. ඒ ජනතාව තම නිාවෙස්වල අවශ්‍යතාවය සඳහා භූමිතෙල් ලබාගැනීමේ බල...

හෘද සාක්ෂියක් ඇති මිනිසුන් මහපාරට අරගලය ගෙන එමින් සිටිති.සිය විරෝධය තනි මිනිසෙකුට වුව පළ  කළ හැක.මේ මොහෝතේ මිගමුවේ පෙරිය...
27/03/2022

හෘද සාක්ෂියක් ඇති මිනිසුන් මහපාරට අරගලය ගෙන එමින් සිටිති.
සිය විරෝධය තනි මිනිසෙකුට වුව පළ කළ හැක.
මේ මොහෝතේ මිගමුවේ පෙරියමුල්ල ගමේ තනි මිනිසෙකු සිය විරෝධය ආරම්භ කළ අයුරු....

09/03/2022

යුද අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන් රජයේ ඉහළම මට්ටම්වලට ඇතුළත් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස...

03/03/2022

මාධ්‍යවේදීයෙක්ට රජයෙන් නිකුත් කරපු හැදුනුම්පත උදුරගන්න ෂෙඩ් කාරයෙක්ට පුලුවන් ද?
ඒ ගැන තැකිමක් නැත්තේ,මිගමු පොලිසියේ ඉන්නේ බබාලද?

උණුසුම් තත්වය ගැටුමක් ආසන්නයි...
03/03/2022

උණුසුම් තත්වය ගැටුමක් ආසන්නයි...

03/03/2022

ධීවර සටහන මිගමු කලාපයේ පියතුමන්ලාගේ පූර්ණ සහය..

කොළඹ හලාවත පා⁣ර වසා දමා මිගමුව තෙල්වත්ත හංදියේ ධිවරයෝ දැවැන්ත විරෝධයක.....තෙල් මිළ ,මුහුදෙන් වැලි හෑරිම ඇතුලු ඉල්ලිම් රැ...
03/03/2022

කොළඹ හලාවත පා⁣ර වසා දමා මිගමුව තෙල්වත්ත හංදියේ ධිවරයෝ දැවැන්ත විරෝධයක.....

තෙල් මිළ ,මුහුදෙන් වැලි හෑරිම ඇතුලු ඉල්ලිම් රැසක් මුල කරගෙන මිට සුලු මොහොතකට පෙර මෙම විරෝධතාවය ආරම්භ විය.

බටහිර සංකල්පයක් ගැන කතා කරන්න එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගිය කාර්දිනල් තුමා.ප්‍රතිපත්ති කියල කියන්නේ දිව් හ...
02/03/2022

බටහිර සංකල්පයක් ගැන කතා කරන්න එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගිය කාර්දිනල් තුමා.

ප්‍රතිපත්ති කියල කියන්නේ දිව් හිමියෙන් රකින්න ඕන ඒව.
දකුණට සිග්නල් දාල වමට හැරෙව්වොත් මොකද වෙන්නේ.

මළ මඟුලයි නේද?

ඉතින් අංශක 180ක්ම කැරකිලා මානව හිමිකම් ගැන අපට උගන්නන්න එන්න එපා කියල රජපක්ෂලා වෙනුවෙන් බටහිරට බැනපු කාර්දිනල් තුමාට අන්තිමට උනේ රාජපක්ෂලගේ අවලං වැඩ ගැන ගතු කියන්න ජිනිවාම යන්න ....

කව්රුත් කට පරිස්සම් කරගන්න ඕන කියල තෙරුම් ගන්න ඕන නම් මේ පොටෝ ටික රාමු කරල ගෙදර බිත්තියේ ගහලම තියාගන්න.

ඒ විතරක් නෙමේ දකුණට සිග්නල් දාල වමට හැරෙව්වොත් මොකද වෙන්නේ කියන මතක් වෙන්නත් මේ ෆොටෝ ටික මරු...

මේ ෂෙඩ් එක තියෙන තැනට ඇතුල් වෙන්න ෂෙඩ් කාරයගෙන් අවසර ගන්න ඕනද?මීගමුවේ සිරස මාධ්‍යවේදියට ගහපු දළුපත ෂෙඩ් එකේ අයිතිකාරයා ප...
02/03/2022

මේ ෂෙඩ් එක තියෙන තැනට ඇතුල් වෙන්න ෂෙඩ් කාරයගෙන් අවසර ගන්න ඕනද?

මීගමුවේ සිරස මාධ්‍යවේදියට ගහපු දළුපත ෂෙඩ් එකේ අයිතිකාරයා පොලිසියට කියල තියෙන්නේ මිනිහගේ ෂෙඩ් එකට අනවසරයෙන් මාධ්‍යවේදියා ඇතුල් වෙලාලු.

අනවසර?

කොහොම උනත් ෂෙඩ් කාරය කියන අනවසර කතාව නම් නියමයි.

අපට එයාගෙන් මුලින්ම අහන්න තියෙන්නේ ඔයා ඔය ෂෙඩ් එක හදල තියෙන්නේ අවසර අරන්ද කියන කියන එකයි.

සිතියම් ගත ඇලක් ⁣උඩ හොර ට ෂෙඩ් එකක් හදාගෙන තව අවසර කතාවක් දාන්නත් එනවා.

අනික මේ ෂෙඩ් භුමිය තුල තමයි බැංකු කිපයක ටෙලර් මැෂින් හයිකරල තියෙන්නේ.ඉතින් ඒවට යන අයත් මේ ⁣ෂෙඩ් කාරයගෙන් අවසර ගන්න ඕනද?

මරු කතාවක් නේ මේ? අනික තවත් දෙයක් මෙතන ලියන්න ඕනා.

පාස්කු ප්‍රහාරය ගැන බුකියේ වැලපෙන ඉතාලියේ මිලානෝ වල ඉන්න කෙනෙක් අපේ මාධ්‍යවේදියා ගැන සටහනක් දාල තියෙනව ෂෙඩ් එක විඩියෝ කරන්න අවසර අරගෙන නෑයි කියල.
ඉතාලියේ මිලානෝ වල ඉන්න කෙනාගෙන් අපට අහන්න තියෙන්නේ එතකොට මේ දවස්වල ලංකාවෙි නිව්ස් වලින් භාගයක්ම කවර කරන ෂෙඩ් පෝලිම් ,ෂෙඩ් ගැන මාධ්‍යවේදියෝ අවසර දෙන කල් ඉදලද කරල තියෙන්නේ කියල..

වැදගත් රටක ඉදන් නොවැදගත් දේවල් ගැන කියන තවත් පප්පෙක්...

ඇලක් උඩ හොරට ෂෙඩ් එකක් හදල මාධ්‍යවේදිායක්ට චණ්ඩි පාට් දාපු තාත්තටයි පුතාටයි අපට කියන්න තියෙන්නේ ඔයාලගෙ හොර වැඩ තවත් ගොන්නක් ගැන අපි ලගදිම හෙළි කරනව කියලයි.

ඒව හෙළි කරන්නත් තාත්තගෙනුයි පුතාගෙනුයි අවසර ගන්න ඕනද ????

මිගමු සිරස මාධ්‍යවේදියාට ගහපු තවත් අය නිදැල්ලේ ???මිගමුව සිරස සහ ශක්ති මාධ්‍යවේදි M.Z.සහජාන්ට ඊයේ දළුපත ෂෙඩ් ඒකේ අයිතිකා...
02/03/2022

මිගමු සිරස මාධ්‍යවේදියාට ගහපු තවත් අය නිදැල්ලේ ???

මිගමුව සිරස සහ ශක්ති මාධ්‍යවේදි M.Z.සහජාන්ට ඊයේ දළුපත ෂෙඩ් ඒකේ අයිතිකාරයයි ඒයාගේ පුතයි ගහල තිබුනේ ඉන්ධන නැති එක ගැන වාර්තා කරන්න ගිහින් තියෙන කොට.
තමන් මාධ්‍යවේදියෙක් කියල රජයේ මාධ්‍ය හැදුනුම් පත පෙන්නන කොටත් හොදටම ගහල එයා විඩියෝ කරමින් හිටපු කැමරා ෆෝන් එකයි මාධ්‍ය හැදුනුම් පතයි උදුරල අරගෙන .
මේක බරපතල වැරැද්දක්.
කොහොම හරි මේ ගැන මිපුර වෙබ් අඩවිය ඇතුළු තවත් මාධ්‍යවල පළවෙනවත් එක්කම ෂෙඩ් ඒකේ අයිතිකාරයවයි එයාගේ පුතාවයි අත්අඩංගුවට අරන් තියෙනවා.
සහජාන් මාධ්‍යවේිදියාගේ ෆෝන් උදුරගත්ත රැවුල තියෙන වයසක මනුස්සය ඇතුළු තවත් කිප දෙනෙක් ඉන්නවා අත්අඩංගුවට ගන්න ,
ෂෙඩ් කාරයා කියනවලු ඒයා දන්නේ නැ කියල තව කව්ද ගහන්න ආවේ කියල. ඒවා බබා ටෝක්.

ඒතන CCTV වල සම්පුර්ණ විස්තරේම ඇති .

දැනට මිගමුවේ අංක 6 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිරස මාධ්‍යවේදි සහජාන් අපට කිව්වේ එයාට ගහපු අනික් අයවත් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කළ යුතුයි කියල .

මාධ්‍යවේදියෙකුට අත තියපු කාටවත් නිදැල්ලේ ඉඩ දෙන්න පොලිසියට බැ.ඒ අයව අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්න ඔ්නා.

බහුදින යාත්‍රාවලටත් මුහුදු යන්න තෙල් නෑ ...අද සිට පැය 7 කටත් වඩා විදුලිය කපනවලු .මරු .ගමන් යන්න බස් නෑ මොකද ඩිසල් නැති න...
02/03/2022

බහුදින යාත්‍රාවලටත් මුහුදු යන්න තෙල් නෑ ...

අද සිට පැය 7 කටත් වඩා විදුලිය කපනවලු .මරු .ගමන් යන්න බස් නෑ මොකද ඩිසල් නැති නිසා .
ඩොලර් නැති නිසා බේත් නැලු.
බඩු මිළ අහස උසට. බිත්තර විතරමයි ලාභෙට තිබුනෙ දැන් ඒ්කත් ඉහල යන්න පටන් අරන් .
මිගමුවට විතරක් නෙමේ දැන් රටටම මාළු නෑ. මාළු අල්ලන්න යන්න කෝ තෙල් .
බහුදින යාත්‍රාවලට මුහුදට යාගන්න බැරිවු ඉන්නවා.
ඩීසල් නැතිව.,
ධිවරයෙක් කිව්වා දවස් 5 තිස්සේ ඩිසල් හොයල 6 වෙනි දවසෙ තමයි ඩිසල් හම්බවෙලා තියෙන්නේ .
දැන් ඔ්ක තමයි ඇත්ත තත්වය .
මාළු කන්නත් දැන් නැ .

මිගමු ජන හඬ බයේ ලංසල ෆෝ්න් ඔෆ් කරලලුපාරවල් වසා පි⁣⁣ටිපන ජනයා ගෙන යන අරගලය හේතුවෙන් ලංසාල සිය ජංගම දුරකතන වසා දමා කිසිදු ...
21/01/2022

මිගමු ජන හඬ බයේ ලංසල ෆෝ්න් ඔෆ් කරලලු

පාරවල් වසා පි⁣⁣ටිපන ජනයා ගෙන යන අරගලය හේතුවෙන් ලංසාල සිය ජංගම දුරකතන වසා දමා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව පිටිපන පල්ලියේ පියතුමා පවසා සිටිති.

හුස්ම ගන්න ඉඩ දියව්.....
21/01/2022

හුස්ම ගන්න ඉඩ දියව්.....

කෝ මීගමුවේ නගරාධිපති ?නගරාධිපතිට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය.ගමක් එක හඬින් කියති
21/01/2022

කෝ මීගමුවේ නගරාධිපති ?

නගරාධිපතිට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය.

ගමක් එක හඬින් කියති

පිටිපන ජනයා පාර අවහිර කරමින් දැවැන්ත විරෝධයක...පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග වලට එරෙහිව ගම ගදගස්සන දියර පොහොර ව්‍යාප...
21/01/2022

පිටිපන ජනයා පාර අවහිර කරමින් දැවැන්ත විරෝධයක...

පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග වලට එරෙහිව ගම ගදගස්සන දියර පොහොර ව්‍යාපෘතියට එරෙහිව පාර අවහිර කරමින් විරෝධතාවයට පියවර ගෙන තිබේත

ගම ගද ගස්සන මිගමුව පිටිපන දියර පොහොර ව්‍යාපෘතියට එරෙහි ජනතාව මහපාරට..පිටිපන ගම්වාසින් විසින් පිටිපන පල්ලිය ඉදිරිපිට මේ ම...
21/01/2022

ගම ගද ගස්සන මිගමුව පිටිපන දියර පොහොර ව්‍යාපෘතියට එරෙහි ජනතාව මහපාරට..

පිටිපන ගම්වාසින් විසින් පිටිපන පල්ලිය ඉදිරිපිට මේ මො⁣හොතේ විරෝධතාවයක් ආරම්භ කර ඇත.

අනාථ නිවසක් හදන්න කියල ගොඩනැගිලි ද්‍රව්‍ය  එකතු කරපු මිගමු කොට්ටාශයේ පොලිස් ලොක්කා කව්ද????මිගමු පොලිස් කොට්ටාශයට සම්බන්...
18/01/2022

අනාථ නිවසක් හදන්න කියල ගොඩනැගිලි ද්‍රව්‍ය එකතු කරපු මිගමු කොට්ටාශයේ පොලිස් ලොක්කා කව්ද????

මිගමු පොලිස් කොට්ටාශයට සම්බන්ධ පොලිස් නිලධාරියෙක් පහුගිය කාලේ අනාථ නිවාසයක් හදන්න කියල සිමෙන්ති ඇතුලු දේවල් ලබාගත්තලු.

හැබැයි අන්තිමට හැදිල තිබුනේ අනාථ නිවාසයක් නම් නෙමේලු...

වෙන එකක්ලු .....

ලැජ්ජයි......

මීගමු මහනගර සභාවේ අංගුලි මාල කව්ද ????මිගමු මහනගර සභාවේ නිලධාරීන්ට චණ්ඩි පාට් දාලා ඇඟිලි කපනව කියල තර්ජනය කරපු මන්ත්‍රී ...
17/01/2022

මීගමු මහනගර සභාවේ අංගුලි මාල කව්ද ????

මිගමු මහනගර සභාවේ නිලධාරීන්ට චණ්ඩි පාට් දාලා ඇඟිලි කපනව කියල තර්ජනය කරපු මන්ත්‍රී පොරකට දැන් සේවකයෝ කියන්න පටන් අරන් අංගුලි මාල කියල...

මරු ..

හරිනම් හොරකම් කරන උන්ගේ ඇඟිලි කපනව කියල කියන්න ඕනා විපක්ෂයේ මන්ත්‍රි පොරවල් ,ඒ හොරුන්⁣ගේ ඔඩොක්කුවේ ඉන්න හින්ද උන්ගේ හොරවැඩ අල්ලන්න හදපු නිලධාරීන්ගේ ඇඟිලි කපන්න හදනවා...

ලංසා පවුල් පාලනය යටතේ මිගමුවේ ක්‍රිඩා පිටි සියල්ල විනාශය කරා....මිගමුව කියන්නේ ක්‍රිඩාවට නම් දරාපු නගරයක්...කලක් ලංකාවේ ...
17/01/2022

ලංසා පවුල් පාලනය යටතේ මිගමුවේ ක්‍රිඩා පිටි සියල්ල විනාශය කරා....

මිගමුව කියන්නේ ක්‍රිඩාවට නම් දරාපු නගරයක්...
කලක් ලංකාවේ පාපන්දු ක්⁣ෂේත්‍රයේ ඉහලින්ම වැජඹුන සුපිරි පාපන්දු ක්‍රිඩකයන් රැසක් මිගමුවෙන් බිහිවෙලා තිබුනා.

ජුපිටර්ස්,යූත් රටේ නමගිය පාපන්දු සමාජ..

හැබැයි පස්සේ කාලෙක මේව ඇතුලටත් ජාරාජීර්ණ දේශපාලනය ඇතුල් වෙලා මේවා විනාශ කරනවා.

මේ ජාරාජිර්ණ දේශපාලනය මිගමුවේ පාපන්දු විතරක් නෙමේ හැමදේම විනාශ කරනවා.

මිගමුවේ බදුගෙවන ජනයාගේ දරුවන්ට තිබුන ක්‍රිඩා පිට්ටනි ලංසා පවුල එයාලගේ දේශපාලන හෙංචයියන්⁣ගේ පාලනයට නතු කරල විනාශ කරල දානවා.

යන්තමින් හරි ඉතුරු වෙලා තිබුන කඩොල් කැලේ පිට්ටනියේ තිබුන ඉතුරු ටිකත් විනාශ කරල දාන්න දැන් තවත් කුමන්ත්‍රණයක් පටන් අරන්...

එකේ ඉන්නෙත් මිගමුවේ පිට්ටනි විනාශ කරල කප් ගහපු අයම තමයි.

දැන් මේ කඩොල් කැලේ පිට්ටනිය ක්‍රිකට් බෝඩ් එකට දෙන්න යනවලු අවුරුදු 30කට ....

බදු සල්ලි අරන් පවුලේ සුඛ විහරණයට දාපු දේශපාලුවන්ට බැරි වෙනවා මිගමුවේ දරුවන්ට සෙල්ලම් කරන්න පිට්ටනි ටිකවත් ආරක්ෂා කරල දෙන්න.

කාලකණ්නි පාලකයෝ...

මේ පාලකයන්ට ආවඩන ,ආශිර්වාද කරනව ආගමික නායකයෝ ඊට හපන්

මිගමුවට කෙළවුනේ මේ සේරම හින්ද තමයි...

මාරවැඩේ පුංචි රෝමෙට වුනේ...

පාරවල් වල රථ ගාල් දාල  ටිකට් කඩන මීගමුවේ  අපූරු නගරාධිපති...අනුන්නට අයිති පාරවල් හරියට තමන්ගේ බුදලේ කියල හිතන ලංසා පවුල ...
17/01/2022

පාරවල් වල රථ ගාල් දාල ටිකට් කඩන මීගමුවේ අපූරු නගරාධිපති...

අනුන්නට අයිති පාරවල් හරියට තමන්ගේ බුදලේ කියල හිතන ලංසා පවුල දැන් කාලෙක ඉදන් කොටුව පිට්ටනිය ලග පාරෙත් රථ ගාලක් දාල වැල්ලවිදියේ පල්ලියට මුවා වෙලා ජාවාරම් කලා මදිවට දැන් පිටිපන ලෙල්ලමට එන වාහන වලිනුත් ටිකට් කඩන්න පටන් අරන්.

ඒකට ටිකට් එකකුත් ගහල.වෙනදා පාරේ නවත්තල ගිහින් නිදහසේ මාලු අරගෙන ආපු අය ලගට ගිහින් ටිකට් කොල්ලෝ සෙට් එක කියනව වාහන නැවැත්තුවට රු 100ක් දෙන්න කියල.

මිගමු නගරාධිපති දයාන් ලංසා මිගමුවෙි හිටපු දුර්දාන්තම නගරාධිපති කියල ඉතා පැහැදිලිව කියන්න පුලුවන්..

වැඩේ කියන්නේ පිටිපන පාරේ ලෙල්ලම ලග හැම තැනම රථවාහන නැවැත්විම තහනම් කියල ගහපු බෝඩ් එහෙමම තියෙද්දි ලංසා පවුලට පුලුවන් වෙනවා පොලිස් ලොක්කන්ගේ අණත් බල්ලට දාල පාරේ නවත්තන වාහන වලට ටිකට් කඩනන්න..

ලැජ්ජයි...

මාර වැඩේ .හුඟක් අය මේ ගැන ප්‍රශ්ණ කරනවා.
පාලත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාරක් වෙව්ච මේ පිටිපන පාර මිගමුව මහනගර සභාව කොහොමද රථ ගාලක් කලේ.

මේ ගැන යෝජනාව පහුගිය මහසභාවකට ආපුහාම මිගමුවේ එජාප සංවිධායක බෙන්ජමින්ලාගේ සෙට් එකත් විරුද්ධ වෙලා නැ.

හැබැයි මිගමුවේ විපක්ෂයේ 7කල්ලිය මේකට විරුද්ධ වෙනවා.

වැඩේ කියන්නේ මේ වගේ මජර වැඩ කරන නගරාධිපතිල⁣ට එරෙහිව කටයුතු කරන්න මිගමුවේ කිසිම පුරවැසි සංවිධානයක් නැති එ⁣කනේ.

ලංසා පවුල් පාලනය තුල මීගමුවේ මහජන ක්‍රිඩාපිටි ඔක්කොම විනාශ වුනා.හේතුව තමයි එයාල ටයි කෝට් ඇන්දට මහත්තුරු නෙමෙයි.එයාල ඇත්ත...
12/01/2022

ලංසා පවුල් පාලනය තුල මීගමුවේ මහජන ක්‍රිඩාපිටි ඔක්කොම විනාශ වුනා.
හේතුව තමයි එයාල ටයි කෝට් ඇන්දට මහත්තුරු නෙමෙයි.
එයාල ඇත්තටම මහත් -හොැරු

අයියා මලෝ පාලනය කාලය තුල එයාලගේ හෙංචවයින්ගේ පාලනයට බාරකරපු පිට්ටනි විනාශ වෙලා හමාරයි.

දැන් තවත් සැරයක් ගේමකට සෙට් වෙනවා

මිගමුවේ ජනතාව වෙනුවෙන් මහත්තයෙක් වගේ වැඩකරල ඒ ප්‍රතිපාදන වලින් හදපු සරත් වන්ද්‍ර ගුණරත්න ක්‍රිඩාංගනය දැන් ආයෙත් තවත් කට්ටියකට අවුරුදු 30කට දෙන්න යනවලු.

මුන් නම් රාජපක්සලගේම ගමන් මගේ යන කලු සල්ලි රාජාලම තමයි.

කුඩු ජාවාරමට එරෙහි විරෝධතාවය අවලංගු කලේ කාගේ බලපෑමටද ?පසුගිය 26 වනදා පෙරියමුල්ල රහුමානාබාත් ප්‍රදේශයේ කරුණයෙකු පෝරුතොට ත...
31/12/2021

කුඩු ජාවාරමට එරෙහි විරෝධතාවය අවලංගු කලේ කාගේ බලපෑමටද ?

පසුගිය 26 වනදා පෙරියමුල්ල රහුමානාබාත් ප්‍රදේශයේ කරුණයෙකු පෝරුතොට තක්කියා පාර ප්‍රදේශයේ නිවසකදි සියතින් ගෙල කපා ගෙන මිය ගොස් තිබුණි.ඔහු අයිස් නම් වු මත්ද්‍රව්‍යයට දැඩිව ඇබ්බැහිව සිටි අයෙකු බවද පැවසේ .මෙම අවාසනාවන්ත මරණයෙන් කම්පාවට පත්වු පෙරියමුල්ල ප්‍රදේශයේ තරුණයන් පිරිසක්ද එක්ව අද දවල් මුස්ලිම් දේවමෙහෙයෙන් පසුව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුනේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවය.

කෙසේ වෙතත් හදිස්සියේම මෙම විරෝධතාවය අද නොපවත්වන බව දරනගන්නට ලැබුණි.

කුඩු ජාවාරම්කරුවන් අල්ලා ගැනිමට පොලිසියද අසමත්ව ඇතැයි ප්‍රදේශයේ ජනයා චෝදනා කරති.

මෙයට අමතරව ඇතැමුන් කියා සිටින්නේ මිගමුවට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකුගේ බලපෑමද මෙම විරෝධතාවය අවලංගු කිරිමට බලපා ඇතැයි සැකයක් පවතින බවය.

මෙම විරෝධතාවය සංවිධානය කළ ප්‍රධාන පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟ කල අයෙකු බවද පැවසේ.

කුඩු ජාවාරම්කාරයන්ට එරෙහිව මිගමුවේ සැබෑ පුරවැසියෝ පෙරමුණ ගනිති.මිගමුවේ අති බහුතරයක් සිටින්නේ පුරවැසියන් නොව වහලුන්ය.ඒ නි...
30/12/2021

කුඩු ජාවාරම්කාරයන්ට එරෙහිව මිගමුවේ සැබෑ පුරවැසියෝ පෙරමුණ ගනිති.

මිගමුවේ අති බහුතරයක් සිටින්නේ පුරවැසියන් නොව වහලුන්ය.

ඒ නිසාම මිගමුව අංක එකේ දුෂිතම නගරය ලෙසින් කප් ගසා තිබුනද මිගමුවේ ජනයාට ඒ ගැන වගේ වගක් නැත.

කතෝලික පල්ලියද ,වරක් කුඩුවලට එරෙහිව දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වුවා මතකය.

මිගමුවේ ඇතැම් කතෝලික පියතුමන්ලා කුඩු සහ කලු සල්ලිවලින් ජාවාරම්කාරයන්ගෙන් උදව්වෙන් පල්ලිවලට ඇවැසි දේ පමණක් නොව ලැගුම් ගෙවල්ද හදා⁣ගන්නට මැලි නොවෙති.

එපමණක් නොව ජනයා වෙනුවෙන් දිවිපිදු ජේසුගේ අම්මාටත් නිගා දෙමින් ඇගේ ප්‍රතිමා කලු සල්ලි ජාවාරම්කාර දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන් නගරයේ මැද ඔරලෝසු කණුවේ මුදුනතේ තබති.

ලැජ්ජයි.

මේ සියල්ල එසේ වෙද්දි මිගමුවේ මත්කුඩු ජාවාරම්කරුවන් ට එරෙහිව හෙට පෙරියමුල්ලේ ජනයා බයනැතිව පෙරට ඒමට තින්දුකර තිබේ.

ගිනි අවදානම් මැද බීල පාටි දාන ගිනි සමන්ලා  අම්බියුලන්ස් යවනවා පාරේ බැනර් කපන්න.නුගත් නගරාධිපතිටම ගැලපෙන බඩියෝ...මේ නත්තල...
30/12/2021

ගිනි අවදානම් මැද බීල පාටි දාන ගිනි සමන්ලා අම්බියුලන්ස් යවනවා පාරේ බැනර් කපන්න.

නුගත් නගරාධිපතිටම ගැලපෙන බඩියෝ...

මේ නත්තල් කාලේ ගිනි අවදානමක් එන්නේ කොයි වෙලේද කියල ෂුවර් නැ.

එහෙම තියෙද්දි මිගමුවේ ගිනි නිවන ඒකකයේ ලොක්කා (එයා වැඩියෙන්ම ප්‍රසිද්ධ ගිනි සමන් කියල)ඒ ආයතනය ඇතුලේ බීලා පාටි දානවා.
ඒ මදිවට මිගමුවේ 3rd class කොමසාරිස්වරියත් මේ බොන පාටිවලට යනවා.

දැන් තවත් ගොන් වැඩක්.
ගිනි නිවන ඒකකයේ තියෙන ගිලන් රථය යවනව නගරයේ බැනර් කපන්න.මුන් නම් රට හරක්.
මිගමු නගරයේ පුරවැසියා වෙච්ච මහහරකාට ම ගැලපෙන රැලක්
මේ අයට අම්බානක පිස්සු කෙලින් පුලුවන් වෙලා තියෙන්නේ බෙන්ජලා වගේ විපක්ෂයේ ඉන්න නාම්බෝ හින්ද.

වැඩේ කියන්නේ ඇත්ත යුක්තිය වෙනුවෙන් මිගමුවේ පෙනි ඉන්න සංවිධාන නැතිඑක.
සංවිධාන තියෙනව හැබැයි ඒව වැඩකරන්නේ ඩොලර් හම්බවෙන ව්‍යාපෘති ගැන විතරයි.

මුං ඉන්න පුංචි රෝමෙට දෙයියන්ගෙ පිහිටයි.

වැඩේ කියන්නේ දෙයියන්ගේ නියෝජිතයෝ කියල මිගමුවෙි ඉන්න සමරහක් ස්වාම්ලත් මේ ගොන් රැලට කඩේ යනවනේ.

එක රටක් නීති ගොඩක්රාජ්‍ය ආයතනයක මත්පැන් සාද දාපු මිගමුවේ නාගරික කොමසාරිස්වරියට සහ ගිනි සමන්ලා⁣ට  එරෙහිව නීතිය...ක්‍රියාත...
28/12/2021

එක රටක් නීති ගොඩක්

රාජ්‍ය ආයතනයක මත්පැන් සාද දාපු මිගමුවේ නාගරික කොමසාරිස්වරියට සහ ගිනි සමන්ලා⁣ට එරෙහිව නීතිය...ක්‍රියාත්මක නැද්ද?

කෝ දඬුවම් ????
.

එදා ලංස කියපු සහන පිට සහන දැන් තමයි ලැබෙන්නේ.නත්තල් අවුරුදු කන්න මිගමුවේ කටාන ජනතාවට ගෑසුත් නෑ.මේ තියෙන්නේ අද හැන්දෑවේ ව...
28/12/2021

එදා ලංස කියපු සහන පිට සහන දැන් තමයි ලැබෙන්නේ.

නත්තල් අවුරුදු කන්න මිගමුවේ කටාන ජනතාවට ගෑසුත් නෑ.

මේ තියෙන්නේ අද හැන්දෑවේ වයි හංදිය ලග තිබුන ගෑස් පෝලිම..

ලංසට මොකෝ මිනිහ දැන් ලංකාවෙත් නෑලු..?.

දාගොන්න ප්‍රදේශයට සැහැල්ලු ගුවන් යානයක්  හදිසියේ ගොඩබස්සවයි. කිඹුලාපිටිය දාගොන්න ප්‍රදේශයේදි සිදුකර ඇති මෙම හදිසි ගොඩබ...
27/12/2021

දාගොන්න ප්‍රදේශයට සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි.
කිඹුලාපිටිය දාගොන්න ප්‍රදේශයේදි සිදුකර ඇති මෙම හදිසි ගොඩබැස්සවිම හේතුවෙන් තුවාල ලැබු තිදෙනෙකු මේ වන විට මිගමුව රෝහලට ඇතුලත් කර තිබේ..

මිගමුවේ රාජ්‍ය ආයතනයක මත්පැන් සාදයක්...රාජ්‍ය ආයතනයක මත් පැන් තහනම්ව තිබියදී මීගමුව නාගරික කොමසාරිස් රාජ්‍ය නීතිය තඹයකට ...
24/12/2021

මිගමුවේ රාජ්‍ය ආයතනයක මත්පැන් සාදයක්...

රාජ්‍ය ආයතනයක මත් පැන් තහනම්ව තිබියදී මීගමුව නාගරික කොමසාරිස් රාජ්‍ය නීතිය තඹයකට මායිම් නොකර, නගරයේ 24පැය සේවයට ඉන්න ගිනි නිවීම් ඒකකයේ මත් පැන් සාද පවත්වයි, මීගමුව බදු ගෙවන ජනතාව ගේ හා අනිත් ප්‍රදේශයන් වල ආපදා හා ගිනි නිවීම් ජීවිත මුදවා ගැනීමට ඉන්න ගිනි නිවන හමුදාව මෙසේ මත් වී සේවය සැපයී හැකිද,

[නාගරික කොමසාරිස් , නාගරික ඉංජිනේරු , ගිනි නිවීම් ස්ථාන භාර නිලධාරීන් , කණඩායම් භාර නිලධාරීන් ඔක්කොම පොටෝ වල ඉන්නවා]

මිගමු එජාප සංවිධායක බෙන්ජමින් ඇතුලු එජාප මන්ත්‍රිවරු පිරිසක් මිගමුව අයවැය ඡන්දය මඟ හරියි.ලංකාවේ දූෂිතම පළාත් පාලන ආයතනය ...
09/12/2021

මිගමු එජාප සංවිධායක බෙන්ජමින් ඇතුලු එජාප මන්ත්‍රිවරු පිරිසක් මිගමුව අයවැය ඡන්දය මඟ හරියි.

ලංකාවේ දූෂිතම පළාත් පාලන ආයතනය මිගමුව විය හැකිවා සේම ලංකාවේ දූෂිතම විපක්ෂය සිටින්නේද මිගමුවේ බව දැන් ඉතා පැහැදිලිය.

19 දෙනෙකුගෙන් යුත් මිගමුවේ එජාපය නියෝජනය කරන නාගරික මන්ත්‍රි පිරිසෙන් 08 දෙනෙකු අද මහසභාවේ අයවැයට ඡන්දය දීමට පැමිණ තිබුනේ නැත.
මේ අය අතර එජාප සංවිධායක බෙන්ජමින් මෙන්ම විපක්ෂ නායක රොයිස් ව්ජිතද විය.

පැමිණ සිටි එජාප මන්ත්‍රින්ගෙන් මාක් සුජිත් පියුමි වීරසිංහ සහ මනෝජ් යන අය ලංසා පවුලේ දුෂිත පාලනය ශක්තිමත් කිරිම සඳහා අයවැයට පක්ෂව ඡන්දය ලබා දි තිබුණි.

අයවැයට එරෙහිව,සංගීත්,නාමල් ,සුමිත්,,කාංචනා,චාමර යන එජාප මන්ත්‍රි පිරිසද,එක්සත් ජාතික නිදහස් පෙරමුනේ කපිල නන්ද සුලෝචන ද අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

මිගමුවේ එජාප නායකත්වය යනු දුෂිත ලංසා පවුලේ ඔඩොක්කුවට වැටුන පිරිසක් බවට පත්ව සිටින බව ඉතා පැහැදිලිය.

එක රටක් !නීති ගොඩක් ! මිගමුවේ කානිවල් එකක්...නිරෝධායන නීති නිසා මිගමුව මහනගර සභා රැස්විම ආවරනය කරන්න මාධ්‍යවේදින්ටත් ඉඩ...
09/12/2021

එක රටක් !නීති ගොඩක් ! මිගමුවේ කානිවල් එකක්...

නිරෝධායන නීති නිසා මිගමුව මහනගර සභා රැස්විම ආවරනය කරන්න මාධ්‍යවේදින්ටත් ඉඩ නොදෙන නගරාධිපති මෙන්න බොලේ දැන් මිගමුවේ කානිවල් වලටත් අවසර දීලා.

මේ කානිවල් එක කරන කෙනා නගරාධිපතිගේ කුප්‍රකට බඩි ටීම් එකේ කෙනෙක්ලු.කොටින්ම කියනව නම් රාජපක්ෂ පාක් එකේ ටිකට් ආදායමෙනුත් මාටියා ගහපු කෙනෙක් කියලත් ආරංචියි..

මුලතිව් මාධ්‍යවේදියාට එල්ල වු හමුදා ප්‍රහාරයක් බොරුවක්ලු -කොළඹ ප්‍රධාන මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති ලොක්කෙක් කිව්වලු..පසුගි...
05/12/2021

මුලතිව් මාධ්‍යවේදියාට එල්ල වු හමුදා ප්‍රහාරයක් බොරුවක්ලු -කොළඹ ප්‍රධාන මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති ලොක්කෙක් කිව්වලු..

පසුගිය 27 වෙනිදා මුලතිව් නිදහස් මාධ්‍යවේදි විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට හමුදා සොල්දාදුවන් පිරිසක් විසින් එල්ල කරපු ම්ලෙච්ඡ ප්‍රහාරයක් බොරුවක් කියල ප්‍රකාශ කරල තියෙන ප්‍රවෘත්ති අංශෙක ලොක්කා මොකා වුනත් මිනිහ නම් මාධ්‍යවේදියෙක් වෙන්න බෑ.
සමහර විට මාධ්‍ය වෙස්ගත්තු සොල්දදුවෙක් වෙන්න ඇති.
ලැජ්ජයි හලෝ තමුසෙලා වගේ උන්ට මාධ්‍යවේදින් කියනවට.

විශ්වලිංගම් පෙරලගෙන ගහන වෙලාවේ එතනට ඇවිත් මැදිහත්වුන අය නොවෙන්න තවත් ඛේදවාචකය ඇතිවෙන්න ගියා.

ඒත් මේ පුවත කොළඹ මාධ්‍ය ආයතන වලට විතරක් නෙමේ විකල්ප කියල ලේබල් ගහගෙන ඉන්න වෙබ් අඩවිත් මේ ගැන වචනයක් ලිව්වේ නැ.

මේ සමහරක් අයට දිනක්ෂිගෙ දුවට බේත් විදින පුවතක් වුනාට ලේපෙරෙන්න හමුදාවෙන් ගහපු විශ්වලිංගම්ගේ කතාව පුවතක් වුනේ නැ.

ඒ විතරක් නෙමේ දකු⁣නේ මාධ්‍ය කණ්ඩායම් වලටත් මේ ගැන ලොකු අවධානයක් තිබුන කියල අපට නම් හැඟුනේ නැ.

මේ ප්‍රහාරයට එරෙහිව දකු⁣ණෙ සංවිධානය වුන එකම විරෝධතාවය මිගමුවේ පැවැත්වුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍ය සංවිධානය වලට මුලිකත්වයෙන්

නමුත් මේ ගැන වාර්තා කරන්නද කියල අහපුවාම එක මාධ්‍ය ආයතනයක කෙනෙක් තමයි කියල තිබුනේ ඒක බොරුවක් ඒ හින්ද ආවරණය කරන්න එපා කියල

ලැජ්ජයි හලෝ .

ඊයේ තිබුන වැඩේ කොළඹ මාධ්‍ය ආයතන වලට පුවතක්ද වෙයිද කියල තාමත් දන්නේ නැ.

බලමු.

අපිත් හොඳට බලන් ඉන්නවා.

04/12/2021

මුලතිව් මාධ්‍යවේදි විශ්වලංගම් හමුදා සොල්දාදුවන් පිරිසක් විසින් එල්ල කර තිබුණ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් වි....

Address

07 දෙවන එළිබෙත් රැජිනමාවත තලාදුව මිගමුව
Negombo

Alerts

Be the first to know and let us send you an email when Negombo Hot News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Negombo Hot News:

Videos

Share


Other News & Media Websites in Negombo

Show All