lashirmp

lashirmp We are Digital Superior who provide best services with digital strategy for your bussiness growths.

Testing.... Your network security is important to us. SLT-MOBITEL Enterprise offers the largest security solutions portf...
15/07/2022

Testing....

Your network security is important to us.
SLT-MOBITEL Enterprise offers the largest security solutions portfolio to address all your security concerns and keep your network protected on every level.
Visit - https://www.slt.lk/en/business
Contact us for more information
Call: 0112 381 381
email: [email protected]

සිතුවිලි වලට පුලුවන් ලෝකයක් වෙනස් කරන්න. සිතුවිලි යහපත් වෙන තරමටම ලෝකයත් යහපත් වේවී.පුලුවන් නම් share කරන්න.තව කෙනෙක් මෙ...
06/06/2021

සිතුවිලි වලට පුලුවන් ලෝකයක් වෙනස් කරන්න.
සිතුවිලි යහපත් වෙන තරමටම ලෝකයත් යහපත් වේවී.
පුලුවන් නම් share කරන්න.
තව කෙනෙක් මෙය කියවන වාරයක් පාසා යහපත් ප්‍රාර්ථනාවක් ලෝකයට එක්වේවි...

ලෝකයම සුවපත් වේවී...

ඉතිං අවසරයි මට සමු ගෙන යන්න,...රන් වැලි සෑ රජිඳුනි, අවසර දෙන්න,....මා කල වරද දවසක මට පවසන්න,..... ජයසිරිමා බෝ සමිඳුන් රැ...
10/05/2021

ඉතිං අවසරයි මට සමු ගෙන යන්න,...
රන් වැලි සෑ රජිඳුනි, අවසර දෙන්න,....
මා කල වරද දවසක මට පවසන්න,.....
ජයසිරිමා බෝ සමිඳුන් රැක ගන්න,....

ඔබ වැඳ පුදා ගන්නට ආ මිනිසුන්ට,.....
ගිණි අව්වේ දෙපා තැවුන පොඩි උන්ට,....
මෙහෙවර කලා ඒ ඇති මට සැනසෙන්ට,....
මහ උන් හෙටත් එයි ඔබ ලග දිවුරන්ට,....

එදාට එපා සෑ රජිඳුනි ගොළු වෙන්ට,.....
මා කල වරද උන්ගෙන් විමසා ලන්ට,.....
තවත් බොහෝ කල් තිවුනත් මට ඉන්ට,.....
⁣අත,පය දෙපළු කල පසු බෑ ඉවසන්ට,.....

⁣වැහි නැති හෙණ, යදින් නෑ මා මිනිසුන්⁣ට,.....
වරදට නියත දඬුවම හිමි වෙයි උන්ට,.....
දොහොත් මුදුන් දී ඔබ වැඳි🙏 මිනිසුන්ට,....
සෑ, රජිඳුනේ මා ගිය බව පවසන්ට,.....


කතෲ අයිතිය :- මුල් හිමිකරුට

එක සෙට් එකක් හිටපු උන්ට බනිනවා, අනිත් සෙට් එක ඉන්න එකාට බනිනවා.. කරපු උන් ආතල් එකේ ඉන්නවා. ලබන අවුරුද්දෙත්, " පාස්කු ප්‍...
21/04/2021

එක සෙට් එකක් හිටපු උන්ට බනිනවා, අනිත් සෙට් එක ඉන්න එකාට බනිනවා..
කරපු උන් ආතල් එකේ ඉන්නවා.

ලබන අවුරුද්දෙත්, " පාස්කු ප්‍රහාරයට අදට අවුරුදු තුනයි " කියලා පෝස්ට් එකක් දාන්න විතරයි අපිට පුලුවන් වෙන්නේ.

දන්නවද කපුටන්ට කන්න දෙන එක මොන තරම් පිනක්ද කියලා..ආසියාව ආශ්‍රිතව උපත ලැබූවයි සැළැකෙන කෙන මෙම පක්ෂියා ලෝකයේ සෑම රටකම බහු...
28/03/2021

දන්නවද කපුටන්ට කන්න දෙන එක මොන තරම් පිනක්ද කියලා..

ආසියාව ආශ්‍රිතව උපත ලැබූවයි සැළැකෙන කෙන මෙම පක්ෂියා ලෝකයේ සෑම රටකම බහුලව වෙසෙන, මිනිසුන් සමග වැඩිපුර ගැවසෙන සත්ව කොට්ටාශයක් ලෙස සැළැකේ..

ඒ කාලේ මිනිස්සු කපුටෙක් කෑ ගහනකොට දැනගත්තා මොකටද මේ කෑ ගහන්නේ කියලා. ශ්‍රී ලාංකිකයන් සේම ඉන්දියානුවන්ද නිවස දෙස බලා කපුටෙකු කෑ ගැසීම නිවසට අමුත්තෙකු පැමිණෙන බවට වූ අනාවැකියක් ලෙස විශ්වාස කරනු ලැබේ.
18 වන වියට්නාම වැසියන් කපුටා ගෘහස්ථව ඇති කරමින් දෛනික වැඩ කටයුතු සඳහා යොදා ගත් බව පැවසේ. කපුටා සතුව ඉහළ තීක්ෂණ බුද්ධියක් පැවතීම හා මනා සම්බන්ධීකරණ හැකියාවක් පැවතීම හේතුවෙන් වියට්නාම වැසියන් විසින් කථනය සඳහා කපුටන් හුරු කල බවත්, ස්වාමියා නොමැති අවස්ථාවන්හිදී නිවසේ ආරක්ෂාව සඳහා තබාගත් බවත් කියැවේ. තවද, කපුටන් හට යම් පුද්ගලයෙකුගේ මුහුණ, හැඩරුව මතකයේ තබා ගත හැකි නිසා වියට්නාම් සාහිත්‍යය තුළ ඒ වටා ගොඩ නැගුණු ජනකතාද පවතී.

මේගොල්ලො සර්වභක්ෂක පක්ෂීන්, ඉතිම් ඕනෑම කුනු ගොඩක් කනවා. ඉතින් මිනිස්සු අපි, ලෝකෙට ගොඩගහන කුණු පාලනය කරන්න සොබාදහමේ කරපු අපූරු නිර්මාණයක් තමයි කපුටා කියන්නෙ.

සාමාන්‍යයෙන් ශරීර ස්කන්ධයෙන් 27% කපුටගේ මොලේ බරයිලු. මේ පක්ෂියා ජීවිතය සැලසුම් කරල ජීවත් වෙන සත්වයෙක් ලෙස සැලකේ..

මෙයාලා මිනිස්සුන්ට වඩා හොදයි. මොකද මෙයාලා ජීවත් වෙන්නෙ එක සහකරුවෙක් හෝ සහකාරියක් සමග පමණයි.

කපුටු අම්මා කෙනෙක්ගෙ මව් සෙනෙහස කොතෙක්ද කිව්වොත්, නොදැනුවත්ම හෝ කොවුලන්ගේ පරම්පරාවේ පැවැත්මට දායක වෙන්නෙ එයා.
තමන්ගෙ ළමයම කුණු කාණුවලට දාන මිනිස් අම්මලා ඉද්දින්, කොවුලගේ බිත්තරේ රැකලා, පැටවුන්ට කවලා, තමන්ගෙ ජාතියේ එකෙක් නොවුනත් උස්මහත් කරලා යවනවා...

දින 28-30 අතර කාලයේදී කපුටු පැටියෙක් පියාබන්න පුලුවන් තත්වෙට පැමිණියත් දින 60 පනිනකම් අම්මා පැටවුන්ට රැකගනී.

කපුටො වයස්ගත දෙමාපියන්ට සලකනවා කියලා පරීක්ෂණ මගින් තහවුරු වෙලා තියෙනවා. අදකාලේ මිනිස්සු කරන්නෙම නැති දෙයක්.

අනික කවදාවත් කපුටො දෙයක් තනියෙන් කන්නෙ නෑ. හැමෝටම එන්න කියලා සතුටින් බෙදාගෙන තමයි කෑම කන්නේ..

කොච්චර කෑවත් මෙයාගේ බඩ පිරෙන්නෙ නෑ කියලා සමාජ මතයක් තියෙනවා..
" කපුටා වගේ හැම වෙලේම කෑවට, කැහැට්ට වගේ " කියලා කතාවක් ජන සමාජෙ තියෙනවා. ඉතින් මේ දේවල් සසදලා බලනකොට කපුටගෙ බඩේ කොයි වෙලෙත් ගින්දර.

බඩ පිරෙන්න නම්, ගිතෙල් මිශ්‍ර කෑම වේලක් දෙන්න ඕන කියලා ජන කතාවක් පවතිනවා. එහෙම කලොත් ඒක ලොකු පිනක් කියලා හැම ආගමකම වගේ කියනවා...

සොබාදහමේ පැවත්මට නිසි දායකත්වය ලබා දෙමින් , ලස්සන ජීවිතයක් ගත කරමින්, තම වර්ගයා සමග අනගි අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවත්වාගෙන යමින් පරිසරයේ ජීවත් වන වටිනා ජීවී කොට්ටාසයක කුසගින්න නිමනවා කියන්නේ පොඩියට කරන්න පුලුවන් ලොකු පිනක්...

පිං රැස් කරන අයට පමණක් අදාලවේ...

සොබාදහම මිනිසුන්ට පාඩම් කියා දෙමින් සිටී...
07/03/2021

සොබාදහම මිනිසුන්ට පාඩම් කියා දෙමින් සිටී...

07/03/2021

මුලු ඉන්දියාවම අදටත් බය, රාවණ...
කැමති කෙනෙක්ට කැමති දෙයක් හිතන්න පුලුවන්...
නමුත් යතාර්ථය නම් ශක්තිය විනාශ කළ නොහැක, වෙනත් ශක්තියකට පරිවර්තනය විය හැක...

Anyone can think of something they like ...
But reality cannot destroy energy .. it can be transformed into another energy ...


මාලිගාවක් හදන්නේ රජ කෙනෙක්නෙ, රජ කෙනෙක් උණාම ඕනම අවස්ථාවක ආක්‍රමණයකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕන. හිතන්න ලොකු ආක්‍රමණයක...
03/03/2021

මාලිගාවක් හදන්නේ රජ කෙනෙක්නෙ,
රජ කෙනෙක් උණාම ඕනම අවස්ථාවක ආක්‍රමණයකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕන.
හිතන්න ලොකු ආක්‍රමණයක් වෙනවා, ආක්‍රමනිකයෝ මුලු මාලිගාවම වට කරගන්නවා. අවස්ථානුකූලව රජතුමාට හෝ රජකම උරුමක්කාරයෙක්ට මාලිගාවෙන් පැන ගන්න විදිහක් නෑනේ..
එතකොට ගලක් උඩ මලිගාවක් හැදුවෙ ඇත්තටම ඌට පිස්සුද මන්දා.. 😂

හැබැයි මේක හරියට අධ්‍යනය කරොත්, මාලිගයෙන් පිට වීමේ රහස් දොරටුවක් ගල ඇතුලෙන් තිබිය යුතු නොවේද...?
ඒ කියන්නේ ගල ඇතුලෙත් මාලිගාව තියෙන්න ඕන නේද..?

ඇත්තටම මේ මාලිගාව හැදුවෙ කව්ද, මොකටද..?

දවසකට සීමා නොවී,ජීවිතය ලස්සන වෙන්න,ආදරයට අරුතක් දෙන්න...
14/02/2021

දවසකට සීමා නොවී,
ජීවිතය ලස්සන වෙන්න,
ආදරයට අරුතක් දෙන්න...

13/02/2021


ඇත්තටම මේ දවසේ වෙන්නේ ආදරය සැමරීමක්ද?
නැත්තම් සාමිගෙ හිස ගසා දෑමීමේදී වුන ශාපයකට සමාජය ගොදුරු වීමක්ද..?

හෙට  ගොඩක් කොල්ලෝ තමන්ගේ යාලුවන්ට කියන කතාවක්,
" බලපන් මම හෙට ඕක අදිනවා "
ගොඩක් කෙල්ලෝ හෙට කොල්ලගෙන් අහන කතාවක්
" අයියේ ඔයා මාව බදිනවා නේද..? "

ඇත්තටම මේ ආදරය සැමරීමක්ද නැත්තම් අර සාමිගේ ශාපයක්ද..?
ලිංගිකත්වය මත පදනම් වූ ඇලීමකට ආදරය යැයි නම දාගෙන, ඔබ නිග්‍රහ කරන්නේ ඔබේ අම්මටයි, තාත්තටයි.

කුස පිළිසිද ගත්දා පටන්, මේ ලෝකේ එලිය දැකලා ලිංගික ආශාව ඔලුවට ගහනකම් ආදරය ඉගෙන ගන්නේ, අම්මගෙන් තාත්තගෙන්.
කතා කරන්න බැරි ඔයාට බඩගිනි බව අම්මට දැනෙන්නෙ ඉවෙන්. කොච්චර ඇඩුවත් අම්මගෙ තාත්තගෙ අතට ගියාම නැලවෙන්නෙ ආදරයෙන් මිරිකිලා.
ඔබව උස්මහත් කරන්න, අම්මා තාත්තා නොකරන කැප කිරීමක් නෑ.

එහෙම අම්මාගෙන් ඉගෙන ගත්තු ආදරයද කියලා සමරන්නේ..?
සමහර දේවල් කොච්චර කිව්වත් අපිට තේරුම් ගන්න කල් යනවා. සමාජය නම් කියන්නේ ඕක වයසෙ වැරැද්ද කියලා.

හැබැයි ඇත්ත ඕක වයසෙ වැරැද්ද නෙවෙයි බුද්ධියෙන් හීන කම.

මේ යතාර්ථය තේරුම් ගත්තු කෙනෙක් නම් මේ පණිවිඩය සමාජයට දෙන්න. එක දුවෙක්ගෙ හරි පුතෙක්ගෙ හරි ජීවිතය ලස්සන කරන්න ඔබත් දයක වෙන්න..

Address

Moratuwa

Telephone

+94718745753

Website

Alerts

Be the first to know and let us send you an email when lashirmp posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to lashirmp:

Share