![දෑ වෙලාව 12ත් පහුවෙලා..නිදාගන්න කියල ඇදට ආවත් නින්ද අහලකවත් නැති දවස් දැන් ජිවිතේ එමටයි..Light off කරන් ඇදට වැටුනත් ඇස් ...](https://img3.medioq.com/891/169/1032292678911696.jpg)
26/12/2024
දෑ වෙලාව 12ත් පහුවෙලා..
නිදාගන්න කියල ඇදට ආවත් නින්ද අහලකවත් නැති දවස් දැන් ජිවිතේ එමටයි..
Light off කරන් ඇදට වැටුනත් ඇස් පියාගත්ත මොහොතෙ ඉදන් ඔලුවෙ දුවන්නෙ මහ කලුවරේ දාරානිපාත වැස්සක මහ පිට්ටනියක් මැද තනියම ඉන්නව වගේ හැගීමක්..
හිතා ගන්න අමාරුයි ඔයා දැන් මං ළග නැහැ කියලා..!
අනේ මංද ඔයා මං ළග නැති දවසෙ ඉදන් ඔයා නෑ කියල මතක් වෙද්දි පපුව මැද්දෙන් මහ වේදනාවක් දැනෙනවා ඉදිකටු වලින් පපුව මැද්දට අනිනව වගේ..
ඇගේම කොටසක් වගේ එකටම හිටිය ඔයා ජිවිතේ සම්පුර්ණයෙන්ම ගියාට පස්සෙ මට දැණෙන්නෙ මගෙ ඇගේ මහ පදාසයක් නෑ වගේ. මෙක මහ මුසල හැගීමක්
සමහර දවස් තියෙනව,
කල්පනාකරලා ඉබේටම නින්ද යන.
එත් මහ පාන්දර ජාමෙට ඇහැරෙනවා ඔයාගෙන් msg එකක් ඇවිත් කියල හිනෙන් දැකලා.
දෑ මට මේ වෙදනාව පුරුදුයි , මුලදි නැගිට්ට ගමන් ෆොන් එක බලල මුකුත් නැතුව වරු ගනන් ඇඩුවට.
දැන් මට ඇඩෙන්නෙ නෑ..
එත් එන්න එන්නම මේ දැණෙන පාලුව දරාගන්න මට හරි අමාරුයි.
හරියටම මගෙ ජිවිතේ කලුවර ගුහාවකට ඇදගන්නව වගේ.
හිනා වෙලා හිටිය දවසක් දෑ නැති තරම්..
මිනිස්සු හරි අසරණයි,
එහෙම වෙද්දි..
තමන්ට කව්රුත් නෑ කියල දැණෙන මේ වෙදනාව කාටත් දැණෙන්න හොද නෑ.
ඉවසගන්න හරි අමාරුයි..!!!