Monaragala News

Monaragala News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Monaragala News, News & Media Website, Monaragala.
(1)

මොනරාගල නගරයේ දී හමුවූ රුපියල් ලක්ෂ හතහමාරක් වටිනා රත්‍රං බඩු පාර්සලය පොලීසියට ගෙනවිත් භාරදුන් උතුම් මිනිසෙක් ....❤️මොණර...
21/12/2022

මොනරාගල නගරයේ දී හමුවූ රුපියල් ලක්ෂ හතහමාරක් වටිනා රත්‍රං බඩු පාර්සලය පොලීසියට ගෙනවිත් භාරදුන් උතුම් මිනිසෙක් ....❤️

මොණරාගල නගරයේ වෙළඳ සැලක් ආසන්නයේ වැටී තිබී පවුම් හතර හමාරක් වන රුපියල් ලක්ෂ හතහමාරක් වටිනාකමකින් යුත් රත්‍රං මාල දෙකක් , මුද්දක් , පෙන්ඩන්ට් එකක් අඩංගු රත්‍රං බඩු පාර්සලයක් මොනරාගල ගල්බැද්ද ප්‍රදේශයේ පදිංචි K.M ලක්මාල් දයාරත්න මහත්මාට හමුවී ඇත.

ඔහු මොනරාගල නගරයේ පිහිටි මූල්‍ය ආයතනයක ගිණුම් අංශයේ සේවය කරන ඔහු අද (21) දහවල් පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා නගරයේ පිහිටි ආයතනයක් වෙත යමින් සිටියදී නගරයේ වෙළඳසැලක් ආසන්නයේ වැටී තිබී මෙම රත්‍රං බඩු පාර්සලය හමුවේ ඇත. ඔහු එම අවස්ථාවේම මොණරාගල මූලස්ථාන පොලීසියට ගොස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක P.S.C සංජීව මහත්මා හමුවී ඔහුගේ උපදෙස් මත එම රත්තන් බඩු තොගය මොනරාගල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදී.

මෙවන් වූ කාල වකවානුවක් තුළ K.M ලක්මාල් දයාරත්න මහත්මා සිදුකළා වූ මෙම සත්ක්‍රියාව මුළු මහත් සමාජයටම ආදර්ශමත්ය එමෙන්ම ඔබ සිදුකල උතුම් සත් ක්‍රියාව අප මුළු හදවතින්ම අගය කරමු....❤️

05/10/2021

මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත COVID ආසාදිතයින් 19000 සීමාව පසුකරයි...
දිස්ත්‍රික්කයේ සමස්ත COVID මරණ ගණන 147 ක්...

14/09/2021

මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත covid ආසාදිතයින් 6891 දක්වා ඉහලට දිස්ත්‍රික්කයේ සමස්ත covid මරණ 131 ක් ගතවූ දින 10 තුල මරණ 28 ක්..

12/09/2021

විශේෂ දැනුම්දීමයි.....🙏

හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අපවත්වී වදාල පොකුණුගල රාජමහ විහාරස්ථානයේ විහාරාධිපති මහානාම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මොණරාගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අති පූජ්‍ය උල්ලාපොල චන්දානන්ද නායක හමුදුරුවන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (13) වන දින සවස 3.00 ට ගෞවරණීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පවතින තත්වය මත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පොකුණුගල රාජමහ විහාරස්ථානයේදී පැවැත්වේ එදින සවස පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 6.00 ට මොණරාගල ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදහන කටයුතු සිදුකරනු ලබයි......!!!!

නායක හමුදුරුවනේ ඔබ වහන්සේ්ට අමාමහ නිවන්සුව ලැබේවා....!!!
(ආදාහන කමිටු අනුශාසක - පූජ්‍ය බුද්දම නන්දසාර හිමියන්)

11/09/2021

පසුගිය දින 10 ක කාලය තුල මොණරාගල covid මරණ 30 ක් ආසාදිතයින් 2500 ක්...
සමස්ත ආසාදිතයින් 16000 සීමාව ඉක්මවයි සමස්ත මරණ ගණන 120 යි.

රටේ පවතින covid වසංගතය හේතුවෙන් ඉන් ආරක්ෂාවීමට ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් රෝගය වැලදී ඇත් අයට ඉක්මන් සුවය පතමින් covid...
10/09/2021

රටේ පවතින covid වසංගතය හේතුවෙන් ඉන් ආරක්ෂාවීමට ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් රෝගය වැලදී ඇත් අයට ඉක්මන් සුවය පතමින් covid රාජකාරීවල නිරතවන සියළුස සෞඛ්‍ය අංශ වලට සහ ආරක්ෂක අංශ අනෙකුත් කාර්්‍යමන්ඩල වලට සෙත් ප්‍රාර්ථනා කරමින් මොනරාගල රාජ මහ විහාරයේ විහාරාධිපති මොණරාගල ශික්ෂාකර පිරිවනේ පරිවෙනාධිපති අතිපූජ්‍ය බදුල්ලගම්මන රතනසාර නාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුසාශනා මත ගෞරවණීය මහ සංඝරත්නයේ වැඩමවීමෙන් පැවති පරිත්‍රානු ධර්මදේශනය ..
මෙම පිරිත් දේශනය මොණරාගල ජෙයේෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමර මහත්මාගේ අධීක්ෂණය යටතේ මොණරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි පෙරේරා යන මහත්වරුන් ඇතුලු මොනරාගල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය සහ අනෙකුත් නිලධරීන්ගේ පූර්ණ කැපවීම මත සංවිධානය කර තිබූ අතර මෙම අවස්තා සදහා සියඹලාණ්ඩුව විශේෂකාර්යය බලකා කදවුරේ අනදෙනණ නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සෙනවිරත්න මහත්මා ඇතුළු නිලධාරීන් සහභාගි වී සිටීහ....

07/09/2021

මොණරාගල දිස්ත්‍රික්කයේ මුළු covid ආසාදිතයින් සංඛ්‍යාව 15291 දක්වා ඉහළට....😥
සමස්ත මරණ ගණන 111 ක්...
මේ වෙන විට වැඩිම රෝගීන් වාරතාව වීම මොණරාගල MOH බල ප්‍රදේශයෙන් 2581 ක්........😥
මොනරාගල දිස්ත්‍රික්කය තුළින් මේ වන විට වාර්තා වී ඇති covid මුළු රෝගීන් සංඛ්‍යාව 15291 දක්වා ඉහළ ගොස් ඇත මෙම රෝගීන් වාර්තා වීම මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මට්ටමින් පහත පරිදි වේ.....
*මොණරාගල -2581
*වැල්ලවාය-1992
*මැදගම -1272
*බුත්තල -1730
*බඩල්කුඹුර- 1104
*සෙවනගල -1190
*සියඹලාණ්ඩුව- 1493
*බිබිල -1643
*කතරගම -708
*තණමල්විල- 429
*මඩුල්ල- 1149
මෙම රෝගීන් වාර්තා වීම සම්බන්ධව 2021.09.07 වන දින පස්වරුවේ මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ දත්ත වලට අනුව වගකීමෙන් යුතුව සටහන් කරමි...
මෙම covid රෝගය මොණරාගලින් තුරන් කිරීම සඳහා නිබඳව ඔබගේ සහය ලබා දෙන්න සෞඛ්‍ය අංශ ලබාදෙන්නාවූ නිසී සෞඛ්‍යය ක්‍රමවේද අනුගමනය කරන්න මුහුණු ආවරණ පළඳින්න ජනතාව අතර ගැවසීමේ දී මීටරය දුර තබාගෙන කටයුතු කරන්න covid ආසාදිතයින් ආශ්‍රිතව සිට ඔබ නිරෝධායනය කර හෝ PCR පරීක්ෂණයකට ලක් කර ඇත්නම් සමාජය තුලට පිවිසීමෙන් වලකින්න එම සෞඛ්‍ය අංශ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන්න ඔබගේ ලඟම ඥාතින් මිතුරන් ආශ්‍රිතයින්ගෙ ආරක්ෂාව පිළිබඳව නිබදව සිතන්න ඔබගේ ආරක්ෂාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් එය අපගේ කාරුණික ඉල්ලීමයි.......👍👍

07/09/2021

මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත covid ආසාදිතයින් 15291 ක් සමස්ත covid මරණ ගණන 111ක්.
වැඩිම ආසාදිතයින් වාර්තාවීම මොණරාගල ප්‍රදේශයෙන්

බුත්තල MOH බල ප්‍රදේශයේ වයස අවුරුදු 30-59 අතර පුදුගලයින් සදහා COVID එන්නත දෙවන මාත්‍රාව ලබාදීම....
30/08/2021

බුත්තල MOH බල ප්‍රදේශයේ වයස අවුරුදු 30-59 අතර පුදුගලයින් සදහා COVID එන්නත දෙවන මාත්‍රාව ලබාදීම....

30/08/2021

සියඹලාන්ඩුව MOH බල ප්‍රදේශයේ වයස 30 -59 ත් අතර පුද්ගලයින් 26161 සදහා COVID එන්නතේ පළමු මාත්‍රාව වත් ලබාදී නැහැ.
(MOH සියඹලාන්ඩුව)

30/08/2021

මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් 13000 සීමාව පසුකරයි.
සමස්ත මරණ ගණන 90 ක්
වැඩිම ආසාදිතයින් මොණරාගල MOH බල ප්‍රදේශයෙන්...

29/08/2021

සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් අද (29) නව ආසාදිතයින් 52ක් හදුනාගනී..
සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් දින දෙකක් තුල මරණ 04 ක් වාර්තා වෙයි

29/08/2021

සියඹලාන්ඩුව ප්‍රදේශයෙන් මරණයක් COVID වාර්තාවෙයි...
ගල්අමුණ ප්‍රදේශයේ පිරිමි පුද්ලයෙකු මෙලෙස මියගොස් ඇත.

28/08/2021

අද (28) සියඹලාන්ඩුව ප්‍රදේශයේ COVID මරණ 03ක් ඒ අතර ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු එකම නිවසේ සහෝදරයින් දෙදෙනෙක් කොහොමද අවදානමක තරම....

28/08/2021

අද (28) මොණරාගලදී සිදුකල Antigen පරීක්ෂණ වලින් නව ආසාදිතයින් 82 ක් හදුනාගනී
මොණරාගල තත්වය දැඩි අවදානම්...

28/08/2021

මොණරාගල දිස්ත්‍රික්කයේ මුළු covid ආසාදිතයින් සංඛ්‍යාව 12188 දක්වා ඉහළට....😥
මේ වෙන විට වැඩිම රෝගීන් වාරතාව වීම මොණරාගල MOH බල ප්‍රදේශයෙන් 2122 ක්........😥
මොනරාගල දිස්ත්‍රික්කය තුළින් මේ වන විට වාර්තා වී ඇති covid මුළු රෝගීන් සංඛ්‍යාව 12122 දක්වා ඉහළ ගොස් ඇත මෙම රෝගීන් වාර්තා වීම මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මට්ටමින් පහත පරිදි වේ.....
*මොණරාගල -2122
*වැල්ලවාය-1587
*මැදගම -1163
*බුත්තල -1438
*බඩල්කුඹුර- 922
*සෙවනගල -837
*සියඹලාණ්ඩුව- 1179
*බිබිල -1287
*කතරගම -523
*තණමල්විල- 342
*මඩුල්ල- 788
මෙම රෝගීන් වාර්තා වීම සම්බන්ධව 2021.08.27 වන දින පස්වරුවේ මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ දත්ත වලට අනුව වගකීමෙන් යුතුව සටහන් කරමි...
මෙම covid රෝගය මොණරාගලින් තුරන් කිරීම සඳහා නිබඳව ඔබගේ සහය ලබා දෙන්න සෞඛ්‍ය අංශ ලබාදෙන්නාවූ නිසී සෞඛ්‍යය ක්‍රමවේද අනුගමනය කරන්න මුහුණු ආවරණ පළඳින්න ජනතාව අතර ගැවසීමේ දී මීටරය දුර තබාගෙන කටයුතු කරන්න covid ආසාදිතයින් ආශ්‍රිතව සිට ඔබ නිරෝධායනය කර හෝ PCR පරීක්ෂණයකට ලක් කර ඇත්නම් සමාජය තුලට පිවිසීමෙන් වලකින්න එම සෞඛ්‍ය අංශ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන්න ඔබගේ ලඟම ඥාතින් මිතුරන් ආශ්‍රිතයින්ගෙ ආරක්ෂාව පිළිබඳව නිබදව සිතන්න ඔබගේ ආරක්ෂාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් එය අපගේ කාරුණික ඉල්ලීමයි.......👍👍

28/08/2021

මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් 12000 සීමාව පසු කරයි..
වාර්තාවූ මරණ ගණන 85ක්..
තත්වය දරුනුයි නේද...

28/08/2021

මොණරාගල තත්වය දැඩි අවදානම්...?
ගතවු දින 10 ක කාලයතුල මොනරාගල දිස්ත්‍රික්කය තුල Covid මරණ 30 ක්
නව ආසාදිතයින් 4056 ක්

23/08/2021

මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත COVID ආසාදිතයින් ගණන 10000 සීමාව පසුකරයි සමස්ත මරණ ගණන 73 ක්
තත්වය අවදානම් පරිස්සමෙන් ඉමු...

23/08/2021

මොණරාගල දිස්ත්‍රික්කයේ මේ වන විට වැඩිම ආසාදිතයින් වාර්තාවීම මොණරාගල MOH බල ප්‍රදේශයෙන් දැනට වාර්තාවී ඇති ආසාදිතයින් ගණන 1809 ක්

23/08/2021

සියඹලාන්ඩුව MOH බල ප්‍රදේශයෙන් ඊයේ 22 ආසාදිතයින් 103 ක් සහ අද (23)ආසාදිතයින් 28 සමග දින දෙකතුල ආසාදිතයින් 131 ක් හදුනාගනී මරණ 02යි

මෙම පණිවිඩය හැකිතාක් Shere කර සහයෝගය ලබා දෙන්න...බුත්තල බඩල්කුඹුර මාර්ගයේ වෙහෙරගොඩ ප්‍රදේශයේ පදිංචි 18 ක් වන මලිත සයුරංග...
23/08/2021

මෙම පණිවිඩය හැකිතාක් Shere කර සහයෝගය ලබා දෙන්න...
බුත්තල බඩල්කුඹුර මාර්ගයේ වෙහෙරගොඩ ප්‍රදේශයේ පදිංචි 18 ක් වන මලිත සයුරංග(මෙම ජායාරූපයේ සිටින) නම් දරුවා පසුගිය 15 වන අතුරුදන්ව ඇති බව ඔහුගේ පවුලේ ඥාතින් කියයි....
ඔහු මෙම මස 15 වන දින කතරගමට ගොස් ඇති අතර ඉන්පසු ඔහු පිළිබඳ මේ වනතුරුත් ⁣කිසිදු තොරතුරුක් නොමැති බව දෙමව්පියන් පවසයි. මෙම හේතුවෙන් දෙමව්පියන් කලබලයෙන් පසු වන අතර මොහු පිලිබඳ තොරතුරක් දන්නා අයෙකු ඇත්නම් මෙම දරැවාගේ පියාගේ පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි. (0782353968)

20/08/2021

අද රාත්‍රී 10.00 සිට 30 වනදා අලුයම 4.00 දක්වා රටම වසා තැබේ.
(අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල)

පවතින අවදානම හමුමේ වෙළද සංගමයේ තීරණයක් අනුව අද 19 වන දින සිට සතියක් වසාදැමුණු මොණරාගල නගරයේ වෙළදසැල්.......
19/08/2021

පවතින අවදානම හමුමේ වෙළද සංගමයේ තීරණයක් අනුව අද 19 වන දින සිට සතියක් වසාදැමුණු මොණරාගල නගරයේ වෙළදසැල්.......

17/08/2021

ගතවූ පැය 24 ක කාලයතුල මොණරාගල දිස්ත්‍රික්කයේ covid මරණ 05 ක්...
ගතවූ දින 04 තුල මරණ 09ක් වාර්ථාවෙයි...

17/08/2021

අද (17) බඩල්කුඹුර ප්‍රදේශයේ සිදුකල Antigen පරීක්ෂණ වලින් නව ආසාදිතයින් 60 ක් හදුනාගනී...

16/08/2021

2021.08.19 වන දින සිට සතියක කාලයක් මොණරාගල නගරයේ සියළුම වෙළදසැල් වසාදැමීමට වෙළද සංගමය තීරණය කරයි....

16/08/2021

අද (16) මොණරාගල නගරයේදී සිදුකල Antigen පරීක්ෂණ වලින් නව ආසාදිතයින් 84 ක් හදුනාගනී මොනරාගල දැඩි අවදානම්..

15/08/2021

ඇතිමලේ ප්‍රදේශයෙන් covid මරණයක් වාර්ථා වෙයි...
ඇතිමලේ 50 කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක කාන්තාවක් මෙලෙස මියගොස් ඇත...

බුත්තල කටුගහගල්ගේ වැවට බිලිවුනු තරුණ ජීවිත....බුත්තල කටුගහගල්ගේ වැවේ දිය නෑමට ගිය මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1...
15/08/2021

බුත්තල කටුගහගල්ගේ වැවට බිලිවුනු තරුණ ජීවිත....
බුත්තල කටුගහගල්ගේ වැවේ දිය නෑමට ගිය මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18,19.18 යන වයස්වල පසුවන තරුණයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත...
මොවුන් තිදෙනා දැනට මොණරාගල මහානාම ජාතික පාසලේ උසස්පෙල හදාරන සිසුන් තිදෙනකු බවට තොරතුරු අනාවරනය වෙයි...
ඊයේ (14) දින මොවුන් තිදෙනා නිවසින් පිටවගොස් ඇති අතර රාත්‍රී කාලයවන විටත් මොවුන් නිවසට නොපැමිණි නිසා සිදු කරනුලැබූ සොයාබැලීම් වලදී බුත්තල කටුගහගල්ගේ වැව් කණ්ඩියේ මොවුන් ගමන්ගත් යතුරුපැදි අද උදෑසන සොයාගෙන ඇති අතර ඔවුන් රුගෙනගිය බඩුබාහිර ආදියද වැව අසල තිබී සොයාගැනීමත් සමග ප්‍රදේශයේ තරුණයින් කිහිපදෙනතු වැවැට බැස සොයා බැලීමේදී වැවතුල තිබී මොවුන්ගේ මලසිරුරු සොයාගෙන ඇත....
මෙම වැවෙ එම ස්ථානය ඉතා අවදානම් ස්ථානයක් බව ප්‍රදේශවාසින් කියයි
මෙම මරණයන් දියේගිලී සිදුවූ මරණ ලෙස බුත්තල පොලීසිය දැනට සැකකරන අතර වැඩිදුර පරීක්ෂණ බුත්තල පොලීසිය විසින් සිදුකරයි......

14/08/2021

සියඹලාන්ඩුව 73 positive ඇතිමලේ ප්‍රදේශය භාරව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාටම covid ආසාදනය වෙයි..
තත්වය දරුනු අතට...

14/08/2021

අද (14) බඩල්කුඹුර නගරයේ සිදුකල antigen පරීක්ෂණයක් සදහා පැමිණි පිරිමි පුද්ගලයෙකු හදිසියේ මියයයි....
ඔහුට covid ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගනී.....
තත්වය අවදානම් පරිස්සම් වෙමු.......

13/08/2021

මොණරාගල දිස්ත්‍රික්කයේ COVID ආසාදිත රෝගීන් 1584 ක් තවමත් නිවාසවල....
මෙම අවදානමෙන් මිදෙන්න ඔබත් පරිස්සමෙන් ඉන්න....

13/08/2021

අද (13) මොණරාගල නගරයේදී සිදුකල Antigen පරීක්ෂණ වලින් නව ආසාදිතයින් 75 දෙනෙකු හදුනාගී මොණරාගල නගරයද දැඩි COVID අවදානමක.

12/08/2021

මොණරාගල දිස්ත්‍රික්කයේ මුළු covid ආසාදිතයින් සංඛ්‍යාව 7202 දක්වා ඉහළට....😥
මේ වෙන විට වැඩිම රෝගීන් වාරතාව වීම මොණරාගල ප්‍රදේශයෙන් 1273 ක්........😥
මොනරාගල දිස්ත්‍රික්කය තුළින් මේ වන විට වාර්තා වී ඇති covid මුළු රෝගීන් සංඛ්‍යාව 7202 දක්වා ඉහළ ගොස් ඇත මෙම රෝගීන් වාර්තා වීම මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මට්ටමින් පහත පරිදි වේ.....
*මොණරාගල -1273
*වැල්ලවාය-976
*මැදගම -880
*බුත්තල -910
*බඩල්කුඹුර- 560
*සෙවනගල -458
*සියඹලාණ්ඩුව- 630
*බිබිල -577
*කතරගම -308
*තණමල්විල- 223
*මඩුල්ල- 399
මෙම රෝගීන් වාර්තා වීම සම්බන්ධව 2021.08.12 වන දින පස්වරුවේ මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ දත්ත වලට අනුව වගකීමෙන් යුතුව සටහන් කරමි...
මෙම covid රෝගය මොණරාගලින් තුරන් කිරීම සඳහා නිබඳව ඔබගේ සහය ලබා දෙන්න සෞඛ්‍ය අංශ ලබාදෙන්නාවූ නිසී සෞඛ්‍යය ක්‍රමවේද අනුගමනය කරන්න මුහුණු ආවරණ පළඳින්න ජනතාව අතර ගැවසීමේ දී මීටරය දුර තබාගෙන කටයුතු කරන්න covid ආසාදිතයින් ආශ්‍රිතව සිට ඔබ නිරෝධායනය කර හෝ PCR පරීක්ෂණයකට ලක් කර ඇත්නම් සමාජය තුලට පිවිසීමෙන් වලකින්න එම සෞඛ්‍ය අංශ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන්න ඔබගේ ලඟම ඥාතින් මිතුරන් ආශ්‍රිතයින්ගෙ ආරක්ෂාව පිළිබඳව නිබදව සිතන්න ඔබගේ ආරක්ෂාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් එය අපගේ කාරුණික ඉල්ලීමයි.......👍👍

12/08/2021

ගතවූ දින 05 ක කාලය තුල මොණරාගල දිස්ත්‍රික්කය තුලින් නව ආසාදිතයින් 1346 ක් හදුනාගනී...
වැඩිම ආසාදිතයින් වාර්ථාවීම ඊයේ 339ක්...

12/08/2021

මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත COVID ආසාදිතයින් 7000 සීමාව පසුකරයි..
දිස්ත්‍රික්කයේ සමස්ත මරණ ගණන 53 ක්....

12/08/2021

බඩල්කුඹුර ප්‍රදේශයේ සිදුකල Antigen පරීක්ෂණ 100 කින් 23ක් Positeve..

12/08/2021

අද (12) ඔබ්බේගොඩ ප්‍රදේශයේ සිදුකල Antigen පරීක්ෂණ 84 කින් 22 ක් Positive...

12/08/2021

බඩල්කුඹුර ප්‍රදේශයේ ව්‍යාපාරික පුද්ගලයෙක් COVID ආසාදනයවී බදුල්ල මහ රෝහලේදී මියයයි...

Address

Monaragala

Telephone

+94779399644

Website

Alerts

Be the first to know and let us send you an email when Monaragala News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Monaragala News:

Videos

Share


Other News & Media Websites in Monaragala

Show All

You may also like