MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama 🔰Building a Humane & Effective Communication Media Culture....👥✨️

මිනිස්සු හිනා වෙලා ඉන්නකොට හරිම ලස්සනයි.....🥰❤️ඔයාගේ හිනාවට මොන තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා ඔයා දන්නවද? මනුස්සයෙක්ගේ...
01/02/2025

මිනිස්සු හිනා වෙලා ඉන්නකොට හරිම ලස්සනයි.....🥰❤️

ඔයාගේ හිනාවට මොන තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා ඔයා දන්නවද? මනුස්සයෙක්ගේ හදවතින්ම එන හිනාවට ලෝකයක් වෙනස් කරන්න පුළුවන්,ඇත්තමයි...

ඔයාගේ හිනාව අයිති ඔයාට විතරමයි .ඒ වගේම ඒ හිනාව ඔයාට ම අනන්‍යයි. ආවේණිකයි. ඉතින් මෙච්චර වටින හිනාවක් හංගගෙන තියාගෙන ඉන්නේ මොකටද ළමයෝ...?

මේ ජීවිතය හරිම කෙටියි.හැමෝටම උදව් කරන්න අපිට වෙලාවක් නෑ,හැබැයි, හමුවන හැමෝටම ඔයාගේ ලස්සන හිනාවෙන් සංග්‍රහ කරන්න ඔයාට පුළුවන්. ඉතින් හිනාවෙන්න,මේ සොබාදහම හරි ආසයි හිනාවෙන් පිරුණු, සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සු දකින්න.......❤️

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

පෙබරවාරි 14 වෙනිදාට ඔයත් ලෑස්ති ද ...? 👀❤️
01/02/2025

පෙබරවාරි 14 වෙනිදාට ඔයත් ලෑස්ති ද ...? 👀❤️

සකල දිගත පුරාවට ස්වකීය ප්‍රභානාදය නංවන සේනානායකයින්ගේ මාධ්‍ය සමාජයේ නව වසරේ මඟුල් අඬ හැරය...“ ප්‍රභානාද  - 2025" 😍❤️සබුද...
31/01/2025

සකල දිගත පුරාවට ස්වකීය ප්‍රභානාදය නංවන සේනානායකයින්ගේ මාධ්‍ය සමාජයේ නව වසරේ මඟුල් අඬ හැරය...“ ප්‍රභානාද - 2025" 😍❤️

සබුද්ධික දුහුනු පාසල් මාධ්‍යවේදියනි සූදානමින් සිටින්න, ඔබේ හැකියාවෙන් ලොව දිනන්නට ඔබට ජය!... 🫂❤️

මාධ්‍ය සමාජය,
ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම.

සබුද්ධික දුහුනු පාසල් මාධ්‍යවේදියනි, මේ ඔබේ වාරයයි...නොපමාව ලියාපදිංචි වන්න.😍❤️https://forms.gle/mx7Tvwih75D5f2odA මාධ්‍...
31/01/2025

සබුද්ධික දුහුනු පාසල් මාධ්‍යවේදියනි, මේ ඔබේ වාරයයි...නොපමාව ලියාපදිංචි වන්න.😍❤️

https://forms.gle/mx7Tvwih75D5f2odA

මාධ්‍ය සමාජය,
ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම.

27/01/2025

ප්‍රභානාද - 2025 සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය මාධ්‍ය තරගාවලිය පිළිබඳව විදුහලේ ගරු විදුහල්පතිතුමාගේ පණිවිඩය ...😍❤️

අද හොඳම දවස 😍❤️අද හරිම ලස්සන නැවුම් දවසක්. සරල පුංචි දේවල් එක්ක දවස සතුටින් ගත කරන්න හොඳම දවසක්.👀❤️ඔයා වෙනුවෙන් ජීවත් වි...
26/01/2025

අද හොඳම දවස 😍❤️

අද හරිම ලස්සන නැවුම් දවසක්. සරල පුංචි දේවල් එක්ක දවස සතුටින් ගත කරන්න හොඳම දවසක්.👀❤️

ඔයා වෙනුවෙන් ජීවත් විය යුතු ම දවසක්.. 😌❤️

ඉතින්, අද වගේ සුන්දර දවසක් නැවත ආයිත් කාවදාවත් නොලැබෙන්න පුලුවන්....
අතීතය අමතක කරමු , නෙපෙනෙන අනාගතය ගැන නොහිතා ඉමු. 😉

මේ ගෙවෙන මොහොත පරිස්සම් කරගමු. සතුටේ රහස තියෙන්නේ මෙන්න මෙතැන. මේ ලැබුණේ කාලයක් ඔයා බලන් හිටපු ඔයාගේ ආස ම දවස. එහෙනම් දැන් වැඩ පටන්ගමු.🤩😌💪🏼

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

හැමදාමත් ඔබට අලුත් දේ තිළිණ කළ  සේනානායකයින්ගේ මාධ්‍ය සමාජය අභිමානවත් අයුරින්  සංවිධානය කරනු ලබන "ප්‍රභානාද  - 2025" සමස...
23/01/2025

හැමදාමත් ඔබට අලුත් දේ තිළිණ කළ සේනානායකයින්ගේ මාධ්‍ය සමාජය අභිමානවත් අයුරින් සංවිධානය කරනු ලබන "ප්‍රභානාද - 2025" සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය මාධ්‍ය සමාජ තරගාවලිය මෙම වසරේදීත් අභිමානවත් අන්දමින් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා පහත සබැඳිය ඔස්සේ ඔබේ පාසල් මාධ්‍ය සමාජයටත් මෙතැන් සිට ජනවාරි 31 වෙනි දින දක්වා ලියාපදිංචි විය හැකි බව දන්වා සිටිමු.🎤❤️

https://forms.gle/mx7Tvwih75D5f2odA

මාධ්‍ය සමාජය,
ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම.

ඔයා වැඩ කරද්දි ස්ථීර අධිෂ්ඨානය ඇතිව ඔයාගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න 🤗ඔයාගේ වටේ ඉන්න අයගෙන් ඔයා කරන දේවල් වෙනුවෙන් වචනෙකි...
19/01/2025

ඔයා වැඩ කරද්දි ස්ථීර අධිෂ්ඨානය ඇතිව ඔයාගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න 🤗

ඔයාගේ වටේ ඉන්න අයගෙන් ඔයා කරන දේවල් වෙනුවෙන් වචනෙකින්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා 🤚

හැබැයි මතක තියාගන්න,ඔයා ඔයාගේ ගමන යද්දී මිනිස්සු විවිධ කතා කියයි , විවිධ බාධා කරාවි . 💔

ඒ දේවල් වලට පසුගාමී නොවී ,
ඔයා ඔයාගේ ගමන යන්න 💪
ඔයාගේ අනාගතය ඔයා ම ගොඩනගාගන්න 😎

ඔව් ඔයාට ඒක කරන්න පුළුවන් 💪❤️‍🔥

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

"அறுவடைத் திருநாள்" என்று பொருள்படும் தைப் பொங்கல், உலகம் முழுவதும் வாழும் தமிழ் மக்களால் ஒவ்வொரு ஆண்டும் கொண்டாடப்படுகி...
13/01/2025

"அறுவடைத் திருநாள்" என்று பொருள்படும் தைப் பொங்கல், உலகம் முழுவதும் வாழும் தமிழ் மக்களால் ஒவ்வொரு ஆண்டும் கொண்டாடப்படுகிறது.🫂❤️

"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව විසින් සෑම වසරකදී ම සමරනු ලබයි.🫂❤️

தைப் பொங்கல் பண்டிகை இந்தியாவின் பல்வேறு மாநிலங்களில் கொண்டாடப்படும் 'மகர சங்கராந்தி'யுடன் தொடர்புடையது.

තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන ' මකර සන්ක්‍රාන්ති ' හා බැදීමක් පවතී.

பொங்கல் என்ற தமிழ் வார்த்தையின் அர்த்தம் "வெளியே பாய்வது அல்லது நிரம்பி வழிவது".
ஒரு மண் பானையில் பால் கொதிக்க வைப்பது அவர்களின் குடும்பத்தின் எதிர்கால செழிப்பின் அடையாளம் என்று இந்துக்கள் நம்புகிறார்கள்.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි".
මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු භක්තිකයන් විශ්වාස කරනු ලබයි.

இந்த ஆண்டு தைப்பொங்கல் பண்டிகையை மிகுந்த மகிழ்ச்சியுடன் கொண்டாடும் இலங்கையிலும் உலகெங்கிலும் உள்ள இந்து பக்தர்களுக்கு எங்கள் வாழ்த்துக்களைத் தெரிவித்துக் கொள்கிறோம்....

මෙවර තෛපොංගල් උත්සවය මහත් හරසරින් සමරන ශ්‍රී ලාංකීය හා ලොවපුරා සිටින හින්දු බැතිමතුන් ට අපගේ සුභාශිංසන එක් කරමු....

அனைத்து இந்து பக்தர்களுக்கும் மிகவும் மகிழ்ச்சியான மற்றும் வளமான தைப் பொங்கல் நல்வாழ்த்துக்கள்...!❤❤❤❤❤

සියලු හින්දු බැතිමතුන් ට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ ම සුබ තෛපොංගල් දිනයක් වේවා...!❤❤❤❤

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

🪔 බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම. 🪔බුදුන් වහන්සේ සමන් දෙව...
12/01/2025

🪔 බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම.

🪔බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

🪔බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් නිදන් කොට මහියංගන චෛත්‍ය ඉදිකිරීම.

🪔බුදුන් වහන්සේ දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

🪔බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදුකිරීම.

🪔තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කළ බුදුරජාණන් වහන්සේ මිය ගිය ඥාතී ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීම අනුමත කළ අතර, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වීම.

🔴 ආදී සුවිශේෂී ශාසනික සිදුවීම් රාශියක් සිදු වී ඇත්තේ අද වැනි පින්බර දිනයකදීය.

🤍අනන්ත වූ තෙරුවන් බෙලෙන් සර්ව ආරක්ෂා රැකවරණය ලැබේවා...🤍

🌼කිලිටි සිත් දුරු වී දැහැමි සුපසන් සිත් සැමට ඇති වේවා...🤍

තව කෙනෙක්ට උදව් කරගෙන මේ ගමන යන්න .....🫶🏻ගොඩක් මිනිස්සු හදන්නේ කොහොමහරි අනික් අයව පාගන් උඩට එන්න .....🙂ඒත්, ඒක නෙවෙයි වෙ...
12/01/2025

තව කෙනෙක්ට උදව් කරගෙන මේ ගමන යන්න .....🫶🏻

ගොඩක් මිනිස්සු හදන්නේ කොහොමහරි අනික් අයව පාගන් උඩට එන්න .....🙂

ඒත්, ඒක නෙවෙයි වෙන්න ඕනි.... අපිට ඉස්සරහට යන්න තියෙන හොදම ක්‍රමය සහයෝගයෙන් වැඩ කරන එක.... 😌

ඉතින් ළමයෝ ,
පොඩි පොඩි දේවල් වලින් වෙනස් වෙන්න...🙌🏻

Class එකේ එකට ඉන්න යාලුවට තේරුම් නැති දෙයක් කියලා දෙන්න....🥹

අසනීපෙන් අමාරුවෙන් ඉගෙන ගන්න කෙනෙක් දැක්කොත් එයාට උදව් කරන්න....😍

ඉගෙන ගන්න වැඩ miss කරන යාලුවෙක් ඉන්නවා නම් කොහොමහරි කියලා හදාගන්න ...😇

දවසක ඒ හැමෝම ලොකු ලොකු තැන්වල ඉඳියි.... එයාලා ඔයාට ස්තුති වෙයි.... ❤‍🩹

හැමෝම මෙහෙම හිතලා සහයෝගයෙන් වැඩ කළොත් ජාතියක් රටක් විදියටත් අපිට ඉදිරියට යන්න පුලුවන් වෙයි ....💪🏻

හිත හොඳ මිනිස්සු තමයි ලෝකේ හැමදාමත් දිනන්නේ...🫶🏻

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

❤️💚💛ගෙවී ගිය වසරෙන් උගත් පාඩම් සියල්ල රැගෙන නව වසර වෙත පියවර තබනා ආදරණීය සහෘද ඔබ සැමට සිත තුළ පවතින සොඳුරු යහපත් බලාපොරො...
31/12/2024

❤️💚💛ගෙවී ගිය වසරෙන් උගත් පාඩම් සියල්ල රැගෙන නව වසර වෙත පියවර තබනා ආදරණීය සහෘද ඔබ සැමට සිත තුළ පවතින සොඳුරු යහපත් බලාපොරොත්තු සියල්ල ම පැතූ විලසින් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වන නිදුක් නිරෝගි චිර ජීවනය සපිරි සුබ ම සුබ නව වසරක් වේවා...!💛💚❤️

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු තුය්හං...!🙏🏻🙏🏻🙏🏻

පුරා වසරක් අප විසින් කළ කී දෑ... ❤️2024.01.22💚 "ප්‍රභානාද 2024" ගම්පහ දිස්ත්‍රික් අන්තර් පාඨශාලීය  හොඳම පාසල් ප්‍රවෘත්ති...
31/12/2024

පුරා වසරක් අප විසින් කළ කී දෑ... ❤️

2024.01.22
💚 "ප්‍රභානාද 2024" ගම්පහ දිස්ත්‍රික් අන්තර් පාඨශාලීය හොඳම පාසල් ප්‍රවෘත්ති නිවේදකයා / නිවේදිකාව සහ ජනප්‍රියතම පාසල් ප්‍රවෘත්ති නිවේදකයා / නිවේදිකාව තේරීමේ තරගාවලිය පැවැත්වීම.

2024.02.07
💚පෙබරවාරි මස 23 වෙනිදා යෙදී තිබෙන මාධ්‍ය සමාජයේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද සතිමත් සිප්හල වැඩසටහන සහ භික්ෂූන් වහන්සේලා තුන් නමක් විෂයෙහි පවත්වන ලද දානමය පින්කම

2024.03.12
💚නවක හයවන ශ්‍රේණිය භාර ගැනීමේ උත්සවයේ නිවේදන කටයුතු සිදු කිරීම.

2024.04.03
💚දෙරණ මාධ්‍ය ආයතනය සහ අප මාධ්‍ය සමාජය මගින් එක්ව සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුව සහ ඊට සමගාමීව සංවිධානය කළ ප්‍රභානාද 2024 ප්‍රවෘත්ති නිවේදන තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ජයග්‍රහණ ලබාදීම.

2024.04.05
💚වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ මාධ්‍ය දින වැඩමුළුවට සහභාගි වීම.

2024.04.09
💚මෙම වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සඳහා නිවේදන දායකත්වය ලබාදීම.

2024.04.25
💚කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කළ සමස්ත ලංකා මාධ්‍ය දින තරගාවලියේ ගුවන් විදුලි වැඩසටහන් නිවේදන ජ්‍යෙෂ්ඨ අංශයේ අනුශූරතාවය දිනා ගැනීම.

2024.05.21
💚වෙසක් පොහොය නිමිති කරගනිමින් මාධ්‍ය සමාජය විසින් සාම සන්නිවේදන සහ ප්‍රජා සන්නිවේදන යන ව්‍යාපෘතින්ට සමගාමීව “මනුසත්කමින් සුසැඳි යොවුන් පරපුරක් යන තේමාව "යටතේ සංවිධානය කරනු ලැබූ “ මනුසත් චාරිකා " වැඩසටහන ඔස්සේ තවලම්පිටිය රජයේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් උදෙසා ආහාරපාන ලබාදීම රසවින්දන වැඩසටහනක් පැවැත්වීම හා වෙසක් කාඩ්පත් තරගාවලිය

2024.07.16
💚අප මාධ්‍ය සමාජයේ මූලිකතත්වයෙන් ආරම්භ කරන ලද තවලම්පිටියේ මහා විද්‍යාලයේ මාධ්‍ය සමාජයේ දරු දැරියන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගි වීම.

2024.07.17
💚විද්‍යාලයේ හය වන ශ්‍රේණියේ දුවා දරුවන් සඳහා පැවැති නිවේදන පුහුණු වැඩසටහන.

2024.07.20
💚පොසොන් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කරනු ලැබූ “ බැති ගී සුයාමය " වැඩසටහනේ නිවේදන කටයුතු සිදුකිරීම.

2024.07.24
💚පොසොන් පොහොය නිමිති කර ගනිමින් අම්බන ළමා නිවාසයේ දුවා දරුවන් සඳහා දිවා ආහාර වේල ලබාදීම සිදුකිරීම.

2024. 09.27
💚වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ වෙසක් කාඩ්පත් තරගයේ නිර්මාණ ප්‍රදර්ශනය.

2024.10.01
💚ලෝක ළමා දිනය වෙනුවෙන් පවත්වන ලද ගුරු සිසු ක්‍රිකට් තරගාවලිය සඳහා නිවේදන දායකත්වය ලබාදීම.

2024.10.23
💚පාසලේ ආදි ශිෂ්‍යයකුගේ දායකත්වය මත මාධ්‍ය සමාජයේ උදෙසා සකස් කරන ලද බ්ලේසර් විදුහල්පතිතුමා විසින් නිල වශයෙන් මාධ්‍ය සමාජයට භාරදීම.

2024.10.24
💚මාරපොළ මහා විද්‍යාලයේ පැවති උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය වැඩමුළුව සඳහා සහභාගී වීම.

2024.10.26
💚කොළඹ ඩී .එස් .සේනානායක විද්‍යාලය මගින් සංවිධානය කරන ලද මාධ්‍ය දින තරගාවලියේ ඒක වර්ණ ඡායාරූප අංශයෙන් තෙවන ස්ථානය දිනා ගැනීම.

2024.11.04
💚මාධ්‍ය සමාජයේ ක්‍රියාකාරී නායකයෙකුව සිටි, දැනට විදේශගතව සිටින තරිඳු එදිරිසිංහ ආදී ශිෂ්‍යයා විසින් මාධ්‍ය ඒකකයට පරිත්‍යාග කරන ලද වානේ අල්මාරිය විදුහල්පතිතුමා විසින් නිල වශයෙන් භාරදීම.

2024.11.12
💚නවක දොළහ ශ්‍රේණිය භාර ගැනීමේ උත්සවයේ නිවේදන කටයුතු සිදුකිරීම

2024.11.20
💚මීරිගම බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති වැඩසටහන සඳහා සහභාගී වීම.

2024.11.22
💚නත්තල් දින උත්සවයේ නිවේදන කටයුතු සිදුකිරීම.

2024.11.22
💚පරිසර නියමුවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ නිවේදන කටයුතු සිදු කිරීම.

2024.11.24
💚 මාධ්‍ය සමාජයේ Whatsapp Channel ය ආරම්භ කිරීම
👉🏻

💛මීට අමතරව පාසලේ උදා විකාශන කටයුතු දින පහට වැඩසටහන් පහක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම,

💛පාසල තුළ පවත්වන ලද සියලු උත්සව ,ප්‍රධාන රැස්වීම් , විශ්‍රාම යාමේ උත්සව , හයවන ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා පන්ති කව රැස්වීම් මෙහෙයවීම.

💛රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් බිත්ති පුවත්පත දරුවන්ගේ නිර්මාණ තුළින් යාවත්කාලීන කිරීම, ( ප්‍රජා සන්නිවේදන, නිර්මාණාත්මක සන්නිවේදන, කුසලතා සාම සන්නිවේදන හා රසවින්දන යන ව්‍යාපෘතිවලට සමගාමීව )

💛දිනපතා දවසේ සිතුවිල්ල පාසල තුළ ප්‍රදර්ශනය කිරීම ( කුසලතා, ප්‍රජා සන්නිවේදන, නිර්මාණාත්මක සන්නිවේදන, සාම සන්නිවේදන යන ව්‍යාපෘතිවලට සමගාමීව )

මේ ආදී කටයුතුද සිදුකළ බැව් සතුටින් සිහිපත් කර සිටිමු...😍❤️

මේ සඳහා සහයෝගය දැක්වූ වන්දනීය ස්වාමීන් වහන්සේලා, ගරු විදුහල්පතිතුමා, මාධ්‍ය සමාජය භාර ආචාරිණි Wimarshi Gamage ගුරු මෑණියන්, මාධ්‍ය සමාජය සහාය භාර ආචාරිණි භාග්‍යා වික්‍රමාරච්චි ගුරු මෑණියන්ටත්, ඉංග්‍රීසි නිවේදන අංශය භාර සුධර්මා පියසීලි ගුරු මෑණියන්, දමිළ නිවේදන අංශය භාර ස්වප්නා ගුරු මෑණියන් පෙරටු කර ගත් ආචාර්ය මණ්ඩලයේ ගුරු මැණිවරුන්ට සහ පියවරුන්ටත් , අනධ්‍යන කාර්‍ය මණ්ඩලයන් හි මහත්ම මහත්මීන්, ආදි ශිෂ්‍ය සංගමය, මාධ්‍ය සමාජයේ සියලුම නායක නායිකාවන්, සාමාජික සාමාජිකාවන් සියලු දෙනා, සහෝදර පාසල් මාධ්‍ය සමාජ භාර ගුරු මහත්ම මහත්මීන් හා එම මාධ්‍ය සමාජවල සාමාජික සාමාජිකාවන්, සුබ පතන්නන්, සහය දක්වන්නන්, අදහස් දක්වන්නන් ආදී සැමට මාධ්‍ය සමාජයේ ප්‍රණාමය පුදකර සිටිමු ❤️🙏🏻.

Address

Mirigama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94710910457

Website

Alerts

Be the first to know and let us send you an email when MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama:

Videos

Share

Category