Noobie Wishy

Noobie Wishy What's up guys, Noobie Wishy here! Welcome to my page where I daily streaming games and upload video

22/04/2024

Hi guys ඔන්න හුග දවසකින් Video එකක් අරන් ආවා 😍🔥 Yours heaven Try කරලා බලන්න ආස හිතෙයි ✨

ලෑස්තිද Guys 🎉 !!!!!අද රෑ 8 වෙද්දී අලුත්ම Experience එකකට ලෑස්ති වෙන්න එහෙනම් 😍❤️  ආසම Streamersලාත් එක්ක set වෙමු..
11/04/2024

ලෑස්තිද Guys 🎉 !!!!!
අද රෑ 8 වෙද්දී අලුත්ම Experience එකකට ලෑස්ති වෙන්න එහෙනම් 😍❤️ ආසම Streamersලාත් එක්ක set වෙමු..

08/04/2024

අවුරුද්දට ලස්සන game එකක් play කරමුද...11 Event එකට අනිවාරෙන් එන්න හොදේ 😍💕 Live එකකින් හම්බෙමු !!!

03/04/2024

ඔයාලටත් මේ වගේ දගමල්ලක් ඉන්නවාද 🐶❤️ එයාටත් මේ වගේ තෑග්ගක් අරන් දීලා බලන්න 😍🤭💛
PetDoc 0763745257 Number එකට Whatsapp massage එකක් දාලා බලන්න...

අපි develop කරපු අලුත්ම Survival Game එක 🤩Live එකක් ඕනේනම් comment එකක් දාන් යන්න 😍❤️🤘Prepare for an unforgettable survi...
10/02/2024

අපි develop කරපු අලුත්ම Survival Game එක 🤩
Live එකක් ඕනේනම් comment එකක් දාන් යන්න 😍❤️

🤘Prepare for an unforgettable survival experience!

Zeylon - The Forgotten Realms 🧟‍♀️
representing the haunting beauty of Sri Lanka🇱🇰!!!
Are you ready to face the unknown and uncover the island's dark secrets guys!!!
The countdown begins✨

Hii guys ❤️Long time neh 😌👉👈
29/10/2023

Hii guys ❤️
Long time neh 😌👉👈

12/07/2023
30/06/2023

ඔන්න gamer girlsලට chance එකක්😍❤️

16/06/2023

Virtual game එකක් ඇතුළෙ game එකක් ගහන්න: ලංකාවේ පළවෙනි වතාවට ගොඩබිම, වතුරේ, අහසේ හැමතැනකම සැරිසරන fun game වංකගිරියක අතරමං වෙන්න සුපිරි virtual experience එකක් ගන්න තරග කරන ගමන්, තෑගි දිනන්නත් පුළුවන්. ඒ වගේම virtual music festival එකකුත් තියෙනව. ඔයාලා ආසම streamerට cheer කරන්න එකතු වෙන්න.

10/06/2023

1 Day Left 😍
ලංකාවේ ජනප්‍රියම gamers ලා 09 දෙනෙක් set වෙලා ලංකාවේ පළවෙනි වතාවට ගොඩබිමේ, අහසේ, වතුරේ කරන virtual game එකක් ඇතුළේ game එකක්. ලෑස්ති වෙන්න ඔයාගේ කැමතිම streamer ට cheer කරන්න. මතක තියාගන්න මේ ඉරිදා රෑ 8 ට❤️

ලංකාවේ gamers ලා 09 දෙනෙක් එකතුවෙලා වෙලා ලංකාවේ පළවෙනි වතාවට ගොඩබිමේ, අහසේ, වතුරේ කරන virtual game එකක් ඇතුළේ game එකක්....
08/06/2023

ලංකාවේ gamers ලා 09 දෙනෙක් එකතුවෙලා වෙලා ලංකාවේ පළවෙනි වතාවට ගොඩබිමේ, අහසේ, වතුරේ කරන virtual game එකක් ඇතුළේ game එකක්. ලෑස්ති වෙන්න ඔයාගේ කැමතිම streamer ට cheer කරන්න හරියටම මේ ඉරිදා රෑ 8 ට ❤️

මල් වගේ ලමයෙක් අද live එකක් එනවලු 🌝🔥
04/05/2023

මල් වගේ ලමයෙක් අද live එකක් එනවලු 🌝🔥

Happy new year guys 🐣🔥පහුවෙලා හරි ඔන්න සරමක් ඇදන් wish කලා ඈ 🌝 (කොන් වෙන්න බෑනේ 😒💛)
29/04/2023

Happy new year guys 🐣🔥

පහුවෙලා හරි ඔන්න සරමක් ඇදන් wish කලා ඈ 🌝 (කොන් වෙන්න බෑනේ 😒💛)

බෝල දෙකක් 😼❤️
16/04/2023

බෝල දෙකක් 😼❤️

12/03/2023

Live එකක් දාමූද කාලෙකින් 🥺🌸
Study leave හම්බුනා යාලුවනේ😌 මන් දැන් සතුටින් ❤️

මුදල් නොගෙවා මගේ page එකේ පලකර දැන්විමකී 💵💰😌මේ දවස් ටිකේ game ගහන්න time එකක් නැති නිසා මං කරන්න අනික් ආසම දේ තමා මේ වගේ...
14/02/2023

මුදල් නොගෙවා මගේ page එකේ පලකර දැන්විමකී 💵💰😌

මේ දවස් ටිකේ game ගහන්න time එකක් නැති නිසා මං කරන්න අනික් ආසම දේ තමා මේ වගේ සුකුරුත්තං හදන එක 😝

Soooooooo මගේ Wish Crafts Page එක follow කරලා support එකක් දෙන්න 🙈😘😘

කියුට් items වලට කැමති අයට😍
🌼 hairclip Rs 50/= ඉදන් තියනවා 😍
🌸Scrunchie Rs 40/=
🌸Cute thank you cards , Birthday Cards, Stikers Customize කරලා හදලා දෙනවා 😍
Gift box හදලා දෙන්නත් පුලුවන් 😌
Wholesale & Cash on delivery දෙනවා 😍

වැඩි විස්තර දැනගන්න මට Massage එකක් දාන්නකෝ
Whatsapp👇🤗
https://wa.me/message/627JSGFPRMASJ1

Happy New Year guys🥳!!! දකුනු රටට ගිය trip එකේ vlog එක Coming soon!
02/01/2023

Happy New Year guys🥳!!!
දකුනු රටට ගිය trip එකේ vlog එක Coming soon!

Hey guys......Horror Night එකකින් හම්බෙමු 🙈🔥
17/12/2022

Hey guys......
Horror Night එකකින් හම්බෙමු 🙈🔥

උදේ පාන්දර Campus එකේ ඉදන් අද හවසටනම් live එකක් දානවමයි කියලා හිතන මම් 🤧
29/11/2022

උදේ පාන්දර Campus එකේ ඉදන් අද හවසටනම් live එකක් දානවමයි කියලා හිතන මම් 🤧

Working on the next big thing💚
17/10/2022

Working on the next big thing💚

What’s kickin’, little chicken🌝?See ya all soon ~ 👻
11/10/2022

What’s kickin’, little chicken🌝?
See ya all soon ~ 👻

30/09/2022

Resin arts වලට ආස අය ඉන්නවද 🥰❤️
මේ පොඩි බබාලව බලාගන්න කැමති අය මට Massage එකක් දාන්න❤️

Update ( බවු බබාලා ටික කෝ කියලා අහන අයට😞)

දැන් අවුරුද්දකට කලින් වගේ උන සිද්දියක් මේ. Video එක දාද්දී මෙහෙම වෙයි කියලා දැනන් හිටියේ නෑ 😞මෙයාලගේ අම්මාට distemper කියන ලෙඩේ හැදිලා ඉදලා තියෙන්නේ😖 පැටවුන්ට කිරි තිබුනේ නෑ. එයා අමාරුවෙන් වගේ හිටිය හින්දා අපි වෙනම කිරි පොව පොව බලාගත්තේ.. ඒත් ඇස් අරිද්දීම එක එක්කෙනා මැරෙන්න ගත්තා 😞 පස්සේ එයාගේ කලින් පාර පැටවුන්ගෙන් එක්කෙනෙක් හචින් අරින්න ගත්තා.. අපි මුලින් හිතුවේ එයාලගෙම තව දෙන්නෙක් operation කරන් ඇවිල්ලා ගෙදර තියාගත්තා. කරේ නැති දෙන්නාව එලියේ තිබ්බා. සෙල්ලන් කරලා මැහුම් කඩාගත්තොත් කියලා. ඒක හින්දා පිනී බාලා ඇති කියලා.. කාටවත් අඩුවක් නැති හින්දා හොයලා බලද්දී ලෙඩේ කියලා දැනගත්තේ.. පොඩි අයට බෙහෙත් විද්දාට වැඩක් නෑ කිව්වා.. කලින් පාර පැටවු ටිකටයි, ගෙදර අයටයි ඔක්කොටම බෙහෙත් විද්දා අරන් ගිහින් ලෙඩේට.. ඒත් පස්සේ එයාලගේ අම්මාගේ පස්සම පන නැති උනා.. බෙහෙත් දීලා injection විදලා එයාව බේරගන්න පුලුවන් උනා🥰 ඒත් පොඩි අයවයි, කලින් පාර පැටවු 3න් දෙනෙකුයි, අපේ ගෙදර එක්කෙනෙකුයි ඔක්කොම නැති උනා. අපේ අම්මාගේ පරිස්සම හින්දා ගෙදර එක්කෙනෙකුයි , සාත්තූ කරලා කරලා පාරේ ඉන්න අය දෙන්නෙකුයි විතරයි බේරගන්න පුලුවන් උනේ 😖 අන්තිමට ලෙඩේ ගැන කියලා page එකේ video එකක් දැම්මා.. එයාලට ලෙඩ හැදුන දවස් වල සිහියක් තිබ්බේ නෑ.. හැමදාම සේලයින් දිදී පුදුම ගේමක් දුන්නා රෑ එලිවෙනකන් වතු වල ඉදගෙන එයාලව බේරගන්න. හැමොවම ජීවත් කරවන්න බැරිඋනා මට 😞💛
තාම shock එක වගේ තියනවා එයාලව මතක් වෙද්දී හැමොටම විස්තරේ කියද්දී මට තවත් දුකයි ඒකයි description එකේ update කරේ😞 පොඩි අයට වඩා අර ඔය video එකේ ඉන්න එක්කෙනා එහෙම පන නැතුව ගැහි ගැහි නැතිඋනේ.. නිකන් මිනිස්සුට කොරෝනා වගේ 😖 බවුවෝ හදන අය අනේ අනිවාරෙම් DHL එක විදලා තියන්න එයාලට.

මගේ live බලන නංගිලා මල්ලීලාට පොඩි දෙයක් කියන්න හිතුනා ❤️ පොඩි කාලේ ඉදන් මම exam වලදි පන්තියේ අන්තිම හරියේ හිටිය කෙනෙක්.....
28/09/2022

මගේ live බලන නංගිලා මල්ලීලාට පොඩි දෙයක් කියන්න හිතුනා ❤️ පොඩි කාලේ ඉදන් මම exam වලදි පන්තියේ අන්තිම හරියේ හිටිය කෙනෙක්.. හැබැයි පොඩි කාලේ ඉදන් මම ආස දේ මොකක්ද කියලා හෙව්ව කෙනෙක්😌 life එකේ බැලනස් එක හොයන් හැම දේම කරපු කෙනෙක්...

මේ හැල්ල කියෝලා ගන්න දෙයක් තියෙනවනම් අරගන්න 😌❤️

චූටිම කාලේ මුලින් English ඉගෙනගද්දී හැමෝම කියනවා ඇහිලා කට පාඩම් උනේ my ambition is to be a doctor කියන්න😝 9වසරට වගේ එද්දී තේරුනා සබ්ජෙක්ට් 3ක් තෝරන්න තියෙද්දී, ආ මට කියලා කරන්න දේකුත් තියෙන්න ඕනිනේ😅 කොමස් හොදයි කියලා හැමෝම කියනවා තෝරගන්න... අපේ අක්කා කෙනෙකුත් කරලා හොද campus එකකට ගියා.. job උත් තියෙනවා මාත් දැන් ඉදන් කරනවා කියලා 😎 අම්මටහුඩු වෙන්න කරන්න ගත්තට පස්සේ තමා තේරුනේ මේ මොන මගුලක්ද කියලා 😅 මොකද මම පොඩ්ඩක්වත් ආස නෑ ඒ subject එකේ තියෙන ඒවලට..හැබැයි කොහොමහරි A එකකුත් දාගත්තා කටපාඩන් කරලා මොකද කරන්න ගත්ත දේනේ මම🙃

🛑 ඉතින් මම එතනින් ඉගෙනගත්ත දේ තමා කවුරුත් කරන්නම් වාලෙට දෙයක් කරන්න යන්න හොද නෑ කියන එක. ජීවිතේට බලපාන දෙයක්නම් හොදට හොයලා බලන්න ඕනී ඒකේ අන්තර්ගතේ කොහොමද අපිට ගැලපෙනවාද කියලා 🥰

එක එක ආසව්ල් එනවානෙ ජීවිතේ ඊට පස්සේ මට ආව පිස්සුව තමා කොරියන් පිස්සුව😌 ඉතින් මට ඒ කාලේ පොඩි lap එකකුයි internet connection එකකුයි තිබ්බා. ඉතින් මම කොරියන් තනියම ලියන්න කියවන්න පවා ඉගෙනගත්තා උන කොච්චරද කියන්නේ korean වලින් facebook account එකක් පවා හදන් වෙන වෙන රටවල් වල අය එක්ක කතා කරා.

ඊට පස්සේ මගේ life එකේ ලොකුම turning point එක.. ඉතින් 10 වසරෙදී අහම්බෙන් වගේ කොරියන් look එක තියෙන ලගම ඉස්කෝලේ අපේ වයසේම dial එකක් හම්බුනා😅 කොල්ලා ගැන පොඩි crush එකක් ඇවිල්ලා කොහොමහරි දැලේ දාගත්තා කොල්ලාව 😌❤️

මට lap එකක් තිබ්බාට තාත්තා කවදාවත් කැඩුනොත් මාස ගානකට හදන් නැති හින්දා මම ඕක එක්ක ඔට්ටු වෙන්න බයේ හිටියේ.. වාසනාවට කොල්ලා ලොකුවටම tech සීන් එකේ.. ඉතින් ඔතනින් තමා මගේ ඇගේ නිදියන් හිටිය යකා ඇහැරුනේ.. මම බය නැතුව lap එක use කරන්න ගත්තා 🤭 කෑලී බෑලී ගලෝලා ඉගෙනගත්තා..දන්නේ නැති දේවල් අහගන්න bubu හිටිය හින්ද බයක් තිබ්බේ නෑ❤️ ඉතින් 11 දිම love එක ගෙදරට මාට්ටු උනත් අපි ඉගෙනගන්න ගමන් හොදම results උත් දාපු හින්දා අවුලක් උනේ නෑ 😌❤️

මම Arts කරලා කොරියන් කරන්න හිටියට ඒ වෙද්දී A/L කොරියන් තිබ්බේ නෑ. ඉතින් අපි දෙන්නටම It පැත්තෙන් ඇම්මක් තිබ්බ හින්දා අපි අනිවාරෙන් ICT කරනවා කියලා තීරෙන හිටියට A/L කරන්නේ මොන පැත්තෙන්ද කියලා හිතාගන්න බැරිඋනා. Polli ට ඕනී උනේ maths කරහම පිලිගැනීම තියෙනවා කියලා maths කරන්න. එත් මම ටිකක් ඔය වෙලේ මොලෙන් අනාගතෙ ගැන හිතුවා🙃 O/L කොමස් වගේ ආයේ අනාගන්න බෑනේ.

ඉතින් මම bubu ට තේරුම් කරේ අපිට ICT වලට focus එක දෙන්න ඕනීනම්. ඒ ගමන් වෙන දේවල් ඉගෙනගන්න try කරන්න ඕනිනම් A/L වලටම focus එක දෙන්න වෙන maths කරලා හරියන් නෑ කියලා. අනික අපි යන්න හිතන් ඉන්න path එකට ලොකුවට match වෙන්නේ නෑනේ..පස්සේ අපේ result දාපු අනික් අය maths bio තෝරගද්දී අපි tech තෝරගත්තා❤️

ඉතින් ICT වලත් පැති ගොඩායි.. එවගෙන් අපි ආස දේ මොකක්ද කියල හොයාගන්න එකත් ගොඩක් කල් යන වැඩක්. Arduino clz එකකට පවා ගියා අපි දෙන්නා පලවෙනි අවුරුද්දේ සතියට දවසක් After A/L campus යන්න ඉන්න අයට තියෙන. ඉතින් ඉගෙනගත්තා ගොඩක් දේවල් course බැලුවා. Phone repair course එකක් කරා. Programming ඉගෙනගත්තා. ඔක්කොගෙම basic ඉදන් පොඩ්ඩක් deep ඉගෙනගද්දී වාසනාවට අපිට තේරුනා අපි දෙන්නාගෙම deep එකෙත් deep එකට යන පැත්ත තියෙන්නේ creativity පැත්තෙන් කියලා ❤️ ඔය කාලෙම තමා මම games stream කරන්න අරගත්තේ. Video edit කරා online course බැලුවා. Stream පැත්තෙන් තනියම ගොඩක් දේවල් හෙව්වා. මොකද stream කරන අය හිටියේ නෑ ගොඩක් අහගන්න ඒ දවස් වල.. මගෙ video post හදන්න පුරුදු උනා මම. Bubu ගොඩක් වෙලාවට ඒ දෙවල් ඉගෙනගෙන මට කියලා දෙනවා. ඉතින් ඒකත් ලොකුම help එකක් උනා..

🛑ඉගෙන ගන්න කාලේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි දාගන්නවනම් ඉගෙනගන්න කාලේ , "අනේ සුදු අම්මියෝ අපි clz එකක් cut කරලා ජීවිතේ විදලා, සුදු අම්මිගෙම මූන තියෙන කිරි පැටියෙක් හදාගෙන ලුනුයි බතුයි කමු" කියන එකෙක්නම් හොයාගන්න එපා 😂 ඇයි කියලා අහන්න එපා...එපා..💔😅

ඇත්තටම කිව්වොත් මට A/L වලට IT ඇරෙන්න අනික් මුලින් ගිය private clz එකක්වත් සෙට් උනේ නෑ🥲 ICT ඉස්කෝලෙත් මුල ඉදන්ම අල්ලගෙන ගියා. මොකද ඒ දවස් වල ආසාව තිබ්බයි එක දිගට IT වල ගොඩක් පැති තනියෙන් ඉගෙනගෙන තිබ්බ එකයි හින්දා ගොඩක් අල්ලලා ගියා මට subject එක❤️ ඒත් SFT ET වල තියෙන්නේ මොනවද කියලාවත් මට idea එකක් තිබ්බේ නෑ ඉස්කෝලේ යන දවස් ටිකේ ඉගෙනගන්න ටිකයි, මාරු කර කර යන clz වල ඉගෙනගන්න ටිකයි තමා තිබ්බේ. ඉතින් අන්තිම මාස තුනේ තමා ඒ subject වලට ගේම ගැහුවේ. SFT sir කෙනෙක් කරන youtube channel එකක් හම්බුනා. ET නම් තනිකරම ඉස්කෝලේ මැඩම්ලා exam එකට කලින් දවසෙත් මට වෙනම කියලා දුන්නා❤️ ඉතින් පරක්කුයි කියලා හිතන්න එපා. ඔයාලට ගේම ගහන්න හොදටම ඇති මේ පොඩි කාලේ.

ගෙවල් වල ප්‍රශ්න වගේ හිතෙනවනම් ඔයා තනියම ඉගෙනගන්න ටික කරගන්න පුරුදු වෙන්න. හොද අහන් ඉන්න පුලුවන් කෑල්ලක් දාගන්න😌 යාලුවෙක් හරි කමක් නෑ ❤️ ගෙදරත් ප්‍රශ්න කියලා හදිශ්සියට සුදු තාත්ති කෙනෙක් හොයාගන්න යන්න එපා, තාත්තිට වඩා සුදු තාත්තී ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නැත්නම් 😅 මොකද අපේ ගෙදරත් ඇති වෙන්න ප්‍රශ්න තිබ්බා. ඇයි කියලා අහන්න එපා තිබ්බා 😅💔

ඉතින් හිතුවේ නැති විදිහට අන්තිමට උන මහන්සියේ ප්‍රතිපල හින්ද හොද result එකක් ආවා 🥰 ඒත් මම government campus එකට දැම්මේ නෑ. ගොඩක් අය එක එක කතා කිව්වා.. ඒත් තමන් කරන්න ආස degree එක නැත්නම් කරලා අහවල් එකකටද.. ඔය අතරේ තමා student loan කතන්දරේ දැක්කේ.. ලක්ශ 18 යන එක ලක්ශ 6යි ඉගෙනගන්න ටිකේ ගෙවන්නත් පුලුවන්. ඒක ගැන විස්තර ඕනි අය ඉන්නවනම් මට කතා කරන්න❤️ z එකත් තිබ්බ හින්දා ඒකට කෙලින්ම select උනා ඉතින්. Campus එකට යන්න ඕනෙවට හරි නිකන් ඉගෙනගන්න හම්බෙනවා කියලා Z එකට ගැලපෙන degree එකක් තෝරගන්නවා වෙනුවට, නෑ කමක් නෑ ඉගෙනගන්න ගමන් මම ගෙවනවා හැමදේම නිකන් දෙනකන් බලන් ඉන්න ගියොත් කෙලවෙනවා කියන එක මම තේරුන් ගත්තා.

කවදාවත් හරි ඉලක්කයක් නැතුව තියෙන දේ කරන්නන් වාලේ කරන් යන්න එපා. හරියන අයත් ඉන්නවා. ඒත් ජීවිතේ සතුට නැති වෙනවා ගොඩක් වෙලාවට.. තමන්ගේ ඇතුලේ ඉන්න එකා ආස දේ හොයාගන්න..පුලුවන් තරම් දැන් ඉදන් එක එක දේවල් කරලා තමන් ආස තමන්ට ගැලපෙන දේ මොකක්ද කියලා බලන්න ❤️ ගේම් එකකම එල්ලිලා ඉන්න එපා phone එකක් තිබ්බා කියලා. ඉගෙනගන්න.. එතකොට තමා ඔයා ආස දේ නැති දේ මොකක්ද කියලා හොයාගන්න පුලුවන් 😉❤️ නැත්නම් පස්සේ ඔයා ආස දේ වෙන දෙයක් කියලා තේරුනොත් හැරිලා මුල ඉදන් පටන්ගන්න ඔයා අනික් අයට වඩා ගොඩක් පරක්කු වෙලා ඉදී.. ඒ හින්දා හැමදෙයක්ම try කරලා බලන්න පොඩ්ඩක් හරි ❤️ අද හුග කාලෙකින් ඉස්කෝලෙට ගියාම මතක් උනා ඉතින් මේ ආව ගමන. ඔයාලටත් වටින දෙයක් තියෙනවනම් අරගන්න 🥰❤️

Address

Nilpangoda
Minuwangoda
11550

Telephone

+94705249681

Website

Alerts

Be the first to know and let us send you an email when Noobie Wishy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Noobie Wishy:

Videos

Share


Other Gaming Video Creators in Minuwangoda

Show All