Mawanella Business Society

Mawanella Business Society Mawanella.com Hot News

22/11/2021
13/11/2021

Cartoon of the Day

13/10/2021
05/10/2021
https://youtu.be/ZW5d0DiaAaY
05/10/2021

https://youtu.be/ZW5d0DiaAaY

தமிழ் தேசிய மக்கள் முன்னணியின் நாடாளுமன்ற உறுப்பினர் செல்வராசா கஜேந்திரன் உள்ளிட்டவர்கள் கைது! Selvarasa Kajenthiran Arrest Video!.....

17/09/2021

2021 සැප්තැම්බර් 17 වන සිකුරාදා දවසේ පුවත් විමසුම

# නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබේ..

ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා දීර්ඝ කර ඇත.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ඉකුත් අගෝස්තු මස 31 වෙනිදා සිට නැවතත් දීර්ඝ කිරීමට තීරණය කෙරුනි.

# ලොහාන්ගේ බන්ධනාගාර සිද්ධියට විශේෂ පරීක්‍ෂණයක්

අනුරාධපුර බන්ධනාගාරයේ ඉකුත්දා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. අද දිනයේ රැදවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියේ

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඉකුත් දින වල ඇති වු සිද්ධින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පත් කර ඇති බව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඉකුත් දිනවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැඩි විවේචන එල්ල විය.

අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින එල් ටී ටී ඊ රැදවියන් දෙදෙනෙකු දණගස්වා හිසට පිස්තෝලයක් තබා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ තර්ජනය කර ඇති බවට ඉකුත්දා විවිධ වාර්තා පළ විය. ලොහාන් රත්වත්තේ වැලිකඩ බන්ධනාගාරයට ද ගොස් එහි සිටි සිරකරුවන් පිරිසකට තර්ජනය කර ඇති බවට වාර්තා පළ විය.

# චීනයෙන් තවත් කොවිඩ් එන්නතක් ලංකාවට පරිත්‍යාග කරයි

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා.

චීනයේ නිෂ්පාදිත සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත වන අතර මේ දක්වා රටවල් 50කට පමණ මෙම එන්නතේ මාත්‍රා බිලියන 1 යි දශම 8ක් සපයා ඇති බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ.

මේ අතර ඊයේ දිනයේදී අලුතින් තවත් කොරෝනා රෝගීන් 2,271 දෙනෙකු හදුනාගෙන ඇත. ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 498,693 ක් වන අතර. ඒ අතරින් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 58,287 දෙනෙකු පමණක් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

# නිරෝධායන රෙගුලාසි කඩ කළ තවත් පුද්ගලයින් 816 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළදී පුද්ගලයින් 816 දෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුයට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 73,894 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසා සිටියේ. නිරෝධායන රෙගුලාසි කඩ කරමින් ගමන් කිරීමට පැමිණි වාහන 77 ක්ද ගතවූ පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇත.

# බැසිල්ට විරුද්ධවූ ඇමතිවරුන් තිදෙනා

කෙරවලපිටිය යුගදනවී විදුලි බලාගාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය වාසුදේව නානායක්කාර, විමල් විරවංශ සහ උදය ගම්මන්පිල සිය විරෝධය පළකර තිබේ

ඔවුන් ලිඛිතව මෙම විරෝධය පළකර ඇත්තේ යුගදනවී විදුලි බලාගාරයේ කොටස් ප්‍රමාණයක් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිවයි.

https://youtu.be/q2G1HbdeAsk

20/08/2021

🔴 BREAKING NEWS | අද රාත්‍රි 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන ලදී.

අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔහු පැවසීය.

එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නිතර අලුත් වල ලොකයේ සන්සිද්දි වලින් දැනුවත් වෙන්නට,,, දැන්ම අපගේ
mawanella.com facebook පිටුව like කරන්න..
www.mawanella.com වෙබ් පිටුවට පිවිසෙන්න..
සබරගමුව පුවත් youtube නාලිකාව subscribe කරන්න..

https://youtu.be/Ap0auaq4GMA

අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර ස...
20/08/2021

අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔහු පැවසීය.

එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

20/08/2021

🔴 BREAKING NEWS | ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෟකාව නැවතත් කොළඹ වරාය බලා | 2021-08-20

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇණවුම් කළ සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා පසුගියදා ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වූ "ශක්ති" නෞකාව එම සායනික ඔක්සිජන් තොගය රැගෙන අද (20) අළුයම චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත්විය.

එමෙන්ම, තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යෝදාගනුලබන "ශක්ති" නම් නෞකාවක්ද ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත්වී තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඔක්සිජන් රැගත් මෙම නෞකා අගෝස්තු මස 22 වනදා සහ 23 උදෑසන කොළඹ වරායට සේන්දුවීමට නියමිතය.

නිතර අලුත් වල ලොකයේ සන්සිද්දි වලින් දැනුවත් වෙන්නට,,, දැන්ම අපගේ
mawanella.com facebook පිටුව like කරන්න..
www.mawanella.com වෙබ් පිටුවට පිවිසෙන්න..
සබරගමුව පුවත් youtube නාලිකාව subscribe කරන්න..

https://youtu.be/_T5zct2WSr8🔴 BREAKING NEWS | ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෟකාව නැවතත් කොළඹ වරාය බලා | 2021-08-20

20/08/2021

තලෙයිබාන් පාළනය යටතේ ඇෆ්ගනිස්තාන-පාකිස්තාන අතර ක්‍රිකට් තරඟාය ලංකාවේදී | 2021-08-20

ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර එක්දින ක්‍රිකට් තරඟාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිළිබද තහවුරු කිරීමක් කර තිබේ..

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 03 වනදා මෙම එක්දින ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත..

ඇෆ්ගනිස්තානය, තලෙයිබාන් පාළනයට නතුවීමත් සමඟ මේ වන විට මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ඇෆ්ගනිස්තාන - පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇත.

නිතර අලුත් වල ලොකයේ සන්සිද්දි වලින් දැනුවත් වෙන්නට,,, දැන්ම අපගේ
mawanella.com facebook පිටුව like කරන්න..
www.mawanella.com වෙබ් පිටුවට පිවිසෙන්න..
සබරගමුව පුවත් youtube නාලිකාව subscribe කරන්න..

https://youtu.be/X2SICSMvFfE

COVID-19 Situation Report - 2021-08-19 22:25:21
20/08/2021

COVID-19 Situation Report - 2021-08-19 22:25:21

20/08/2021

🔴 BREAKING NEWS | මාවනැල්ලේ කඩ වසා දැමීමට විරෝදය දක්වන මුස්ලිම් ව්‍යාපාරිකයින් || 2021-08-20

මේ වන විට රටේ පවතින තත්වය හමුවේ ප්‍රදේශ කීපයකම කඩ සාප්පු වසා දැමීමට එම ප්‍රදේශවල වෙළද සංගම් පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් මාවනැල්ල ප්‍රදේශයේ අදික කොරෝනා ආසාදතයින් සිටින පුදේශයක් උනත් තවම නගරයේ කඩ සාප්පු තුල විශාලා වශයෙන් ජනතාව එක් රැස් වී සිටි. මේ හේතුවෙන් මාවනැල්ල වෙළද සංගමය විසින් නගරයේ කඩ සාප්පු වසා දැමීමට තීරණය කරද නගරයේ සිටින බහුතර මුස්ලිම් ව්‍යාපාරිකයන් ඒ සදහා විරෝදය දක්වන බව මාවනැල්ල වෙලද සංගමයේ සාමාජිකයකු පවසා සිටියා.

නිතර අලුත් වල ලොකයේ සන්සිද්දි වලින් දැනුවත් වෙන්නට,,, දැන්ම අපගේ
mawanella.com facebook පිටුව like කරන්න..
www.mawanella.com වෙබ් පිටුවට පිවිසෙන්න..
සබරගමුව පුවත් youtube නාලිකාව subscribe කරන්න..

https://youtu.be/x3dX_WpI4UE

19/08/2021

පැනගිය ජනපතිගෙන් පනිවිඩයක් සමගම ඇෆ්ගන් වැසියන්ට වෙඩි | 2021-08-19

ඇෆ්ගනිස්තානයේ පාලනය තලෙයිබාන් කණ්ඩායම අතට පත්වීමෙන් පසු රටින් පළාගිය එරට ජනාධිපති අෂ්රෝෆ් ගානී පළමුවරට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමට විඩියෝ පටයක් එක්කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, රට තුළ රුධිරය වැගිරීමක් සිදුනොවීම සඳහා තමන් මෙසේ පළා ආ බවය.

නමුත් තමන් යළි ඇෆ්ගනිස්තානය බලා පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බවට ඔහු සඳහන් කර ඇති බව වාර්තා වේ.

රටින් පළායාමේ දී විශාල ධනස්කන්ධයක් රැගෙන ආ බවට සිදුකරන චෝදනා ද අදාළ විඩියෝ පටය මඟින් ජනාධිපති අෂ්රෝෆ් ගානී ප්‍රතික්ශේප කර තිබේ.

මේ අතර
ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව තලෙබාන් සංවිධානය ලොවටම පැහැදිලි පොරොන්දුවක් දුන්නේය.

ඒ, තමන් ඇෆ්ගන් වැසියන්ගෙන් පළිනොගන්නා බවට ය.

නමුත් එම පොරොන්දුව දින කිහිපයක් ගතවීමටත් පෙර කඩකිරීමට එම සංවිධානයේ ආයුධ සන්නද්ධ සටන්කරුවන් ක්‍රියාකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කාබුල් අගනගරය ට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ජලලාබාඩ් නගරයේදී ඊයේ තලෙබාන් සංවිධානයට එරෙහිව උද්ඝෝෂණයක් නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ තලෙබාන් තුවක්කුකරුවන් විසින් එම උද්ඝෝෂකයින්ට වෙඩිතැබීමක් සිදුකළ බවත් ඉන් නගරවාසීන් තිදෙනෙක් මියගොස් ඇති බවත් ය.

එම උද්ඝෝෂකයින් නගර මධ්‍යයේ ඇෆ්ගනිස්තාන කොඩිය එසවීමට උත්සාහදරා ඇති අතර ඔවුන් වෙත තුවක්කුකරුවන් වෙඩිතබා තිබුණි. ඉන් තිදෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

නිතර අලුත් වල ලොකයේ සන්සිද්දි වලින් දැනුවත් වෙන්නට,,, දැන්ම අපගේ
mawanella.com facebook පිටුව like කරන්න..
www.mawanella.com වෙබ් පිටුවට පිවිසෙන්න..
සබරගමුව පුවත් youtube නාලිකාව subscribe කරන්න..

https://youtu.be/jeC86MqxB2w

19/08/2021

🔴 BREAKING NEWS "සතියකටවත් රට වසා දමන්න" මහනායක හිමිවරුන් ජනපතිගෙන් අගමැතිගෙන් ඉල්ලයි ඉල්ලයි

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට සතියක කාලයක් වසා දැමීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපි යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

වත්මන් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රටේ සමස්ත ජනතාවම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බැවින් ජන ජිවිතය සුරක්ෂිත කිරිම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දමා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරිම උදෙසා පියවර ගන්නා ලෙස එම ලිපියේ දැක්වේ.

නිතර අලුත් වල ලොකයේ සන්සිද්දි වලින් දැනුවත් වෙන්නට,,, දැන්ම අපගේ
mawanella.com facebook පිටුව like කරන්න..
www.mawanella.com වෙබ් පිටුවට පිවිසෙන්න..
සබරගමුව පුවත් youtube නාලිකාව subscribe කරන්න..

https://youtu.be/cJbCaH1zufc

19/08/2021

🔴 BREAKING NEWS |සති තුනක කාලයක් සදහා රට වැසීමට ජනපතිගේ අවදානය || 2021-08-19

වර්ථමානයේ රටේ පවතින කොවිඩ් රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමකට පහත හෙළීම සඳහා අවම වශයෙන් රට සති 03ක කාලයක් සඳහා අගුලු දැමීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 10ක මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ..

ඒ අනුව...
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ 10ක මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

අවුරුදු 18ට වැඩි සමස්ත ජනගහණය එන්නත්කරණය සිදුකිරීම සඳහා අවම වශයෙන් සති 06ක කාලයක් ගත වනු ඇත. එකි ක්‍රියාදාමය ප්‍රතිපලය දැකීමට තවත් මාසයක කාලයක් ගතවන බවයි එම පක්ෂ එම ලිපියෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇත්තේ.

නිතර අලුත් වල ලොකයේ සන්සිද්දි වලින් දැනුවත් වෙන්නට,,, දැන්ම අපගේ
mawanella.com facebook පිටුව like කරන්න..
www.mawanella.com වෙබ් පිටුවට පිවිසෙන්න..
සබරගමුව පුවත් youtube නාලිකාව subscribe කරන්න..

https://youtu.be/FNeA-6BJ56Y

17/08/2021

🔴 GOSSIP NEWS || ඇත්තටම ගිය ඉරිදා ඇම්බියුලන්ස් ගුවන් යානයෙන් සිංගප්පූරු ගියේ මංගලද.? මහින්දද.?

අගෝස්තු 15වෙනි ඉරිදා කටුනායක ගුවන් තොටුපලට හදිසියේම ආපු ගිලන් රථ ගුවන්යානයකින් මේ රටේ ප්‍රභූවරයෙක් සිංගප්පූරුවට අරන් ගිය කතාවක් නිසා සමජ මාධ්‍යය කැලබී තිබුණා.

මේ අතර ගොඩක් අය කියලා තිබුණා කොවිඩ් හැදුනු මංගලව සිංගප්පූරු අරන් ගියා කියලා.තවත් අය කිව්ව අගමැති මහින්ද රාජපක්ෂව අරන් ගියා කියලා.

සමහර අය කියලා තිබුනේ ඇමෙරිකාවේ සමන්තා පවර් මංගලව සිංගප්පූරු ගෙනිහින් කියලා. අගමැතිතුමා අරන් ගියා කියල කියනකොට අගමැතිතුමා හිටියේ හම්බන්තොට රැස්වීමක.

ඉතින් සිද්ධිය වෙලා තියෙන්නෙ මෙහෙම සෙනසුරාදා (14) හවස ජර්මනියේ ඉදලා මසකට් හරහා එම ගුවන් යානය කටුනායකට ඇවිත් තියනවා ඒකේ ඉදල තියෙන්නෙ සිංගප්පූරු ජාතියකයෙක් වන අයෙක්. ඔහුගේ නම අජේ භට්ටාචාර්ය.

Ajay Bhattacharya,
Singapoorean,
Passport No-E6700792N.

මෙම අජේ භට්ටාචාර්ය ජර්මනියේදී අසනීප වෙලා එයා වෛද්‍යවරු දෙන්නෙක් ඇතුලු කණ්ඩායමක් එක්ක කටුනායකට ගෙනත් තියෙන්නේ. ඒ වෙනකොට තවත් එවැනි යානයක් සිංගප්පූරුවේ ඉදල කටුනායකට ඇවිත් තියනවා.තවත් වෛද්‍යවරු දෙන්නෙක් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයකුත් එක්ක. එම ගුවන් යානයෙන් අජේ භට්ටාචාර්ය මහතාව ඒ වෙලාවේම සිංගප්පූරුවට අරන් ගිහින් තියනවා. ජර්මන් වලින් ආපු ගුවන් යානය කටුනායකින් ගිහින් තියෙන්නෙ ඉරිදා. මේ ඉරිදා ගිය ගුවන් යානය නිසා තමයි මේ කතාව මෙ විදියට සමාජ ජාලා හරහා පැතිරිලා තියෙන්නෙ.

නිතර අලුත් වල ලොකයේ සන්සිද්දි වලින් දැනුවත් වෙන්නට,,, දැන්ම අපගේ
mawanella.com facebook පිටුව like කරන්න..
www.mawanella.com වෙබ් පිටුවට පිවිසෙන්න..
සබරගමුව පුවත් youtube නාලිකාව subscribe කරන්න..

https://youtu.be/B05K7NC4ZU4

Address

Mawanella
Mawanella
71520

Alerts

Be the first to know and let us send you an email when Mawanella Business Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mawanella Business Society:

Videos

Share