21/03/2023
ඇත්තෙන්ම ඔයා හෙන පොරක්.. හිතන්න ඔයා ගොඩක්ම කටුක අතීතයක් පහු කරල ඇවිත් තියනව, හැම තැනම අහන්න දකින්න හම්බුනේ ලමය මරල දෙමාපියො එල්ලිල මැරිල ඒ වගේ දේවල්, හැබැයි ඔයා ඒ හැම පීඩනයක් දරාගෙන දැන් ජීවත් වෙනව, වැඩ්ඩෙක් නෙවේද ඔයා.. වැඩ්ඩෙක් ඇත්තටම.........👊👊👊👊......
ඔයා ගැන ආත්ම විශ්වාසය නැති උනත්, දිනුවත් පැරදුණත් දැන් ඉන්න තත්වෙට ඇවිත් තියනව ..ඔයා වැඩ්ඩෙක් ...👊....
ඍණාත්මක දේවල් දාහක් මැද එක ධනාත්මක දෙයක් වෙනුවෙන් ඔයා ගමනක් ආව නේද ඔයා.. ඇත්තෙන්ම වැඩ්ඩෙක්...👊
ඔයාට දරාගන්න අමාරුම දවස් තනියම ගත කරල ඔයා අද තමන්ගෙ අරමුණට වැඩ කරනව .වැඩ්ඩෙක් නෙවේද ඔයා ඒ පීඩන තනියම දරා ගත්ත කියන්නෙ....👊
ඔයාට හිනා උන, ඔයාව දාලා ගියපු මිනිස්සු ගනන් ගන්නෙ නැතුව ඔයා ගමනක් යන්න ලෑස්ති වෙලා... තාම ඉන්නෙ අඩියෙම වෙන්න පුළුවන්.... ඒත් ඔයා " මම මේක කරනවමයි" ගේමෙම ඉන්නෙ ඔයා වැඩ්ඩෙක් හින්ද..........
ඇත්තටම වෙන කෙනෙක් නම් ඔයා ආපු පාරෙ ආවනම් මගදි බෑ කියල හැරිල යන්න තිබ්බ.. ඒත් ඔයා කටුක අතීතයක්, වැරදීම් වලින් ඉගෙන ගත්ත පාඩම්, දරාගන්න අමාරුම දේවල් වලට පොඩිවට හරි විසදුමක් හොයාගෙන ඔයා ඉස්සරහට ඇවිත් තියනව.. වහ කාලා ,බෙල්ලෙ වැල දාගෙන මැරෙන්නෙ නැතුව.........ඉතින් ඔයා වැඩ්ඩෙක් නෙවේද.. පට්ටම පට්ට වැඩ්ඩෙක් ඔයා.....
තාම ගමන අවසන් නෑ වෙන්න පුළුවන්.. ඒත් ඔයා උත්සාහ කරනවා.. මතක තියාගන්න උත්සාහ කරන්නෙ වැඩ්ඩෙක් විතරයි, පොඩි පොඩි බච්චොන්ට බෑ👶.....
හැම තිස්සෙම ලොකුවට හිතන්න. ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න කිව්වට ඇගිල්ලෙ තරමට ඉදිමුනානම් අද ලෝකෙ කෝටිපතියන් නෑ .... ඔයා විශ්වාස කරන්න ඔයාව ලොකෙ වෙන කවුරු නැතත්..............ඔයාට කරන්න බැරි දෙයක් නෑ හලෝ.... ලොකුවට හිතන්න... ලොකුම හීන දකින්න.. මොකද පොඩි මනුස්සයෙක් ලොකු හීන දකිනකොට පට්ට 👊👊👊👊😍😍 ...
Good luck........suraj.........