Rata Viruwo & Matale Madiyawdiyo

  • Home
  • Rata Viruwo & Matale Madiyawdiyo

Rata Viruwo & Matale Madiyawdiyo රටවිරුවෝ සහ මාතලේ මාධ්‍යවේදියෝ

29/12/2022
‘‘මාතලේ රට විරුවෝ’’   වළගම්බා මහ රජු දවස ත්‍රිිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කරන ලද ඓතිහාසික අලුලෙන් විහාරය පිහිටා ඇත්තෙ මාතලේ ...
29/12/2022

‘‘මාතලේ රට විරුවෝ’’
වළගම්බා මහ රජු දවස ත්‍රිිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කරන ලද ඓතිහාසික අලුලෙන් විහාරය පිහිටා ඇත්තෙ මාතලේ පුරවරයේය. රට දැය වෙනුවෙන් සටන් කොට මව්බිම වෙනුවෙන් ජීවිත පුජාකල විරුවන් වැඩි පිරිසකගේ නිජබිම මාතලේ පුරවරය, ඓතිහාසික උරුමයන්ගේද ශේෂ භූමියකි.

එවැනි පුරවරයක වෙසෙන මාධ්‍යවේදීන් විසින් "මාතලේ රට විරුවන්"නමින් ෆේස්බුක් නිල පිටුවක් සහ යූටුයුබ් නාලිකාවක් දෙසැම්බර් මස 30වැනි දින සිකුරාදා සවස 3.30ට විවෘත කර ජනගත කරනු ලබයි.

රටට විදේශ විනිමය ලබාදෙන අපේම සහෝදර සහෝදරියන් විවිධ කම්කටොලු වලට සහ ගැටලුවලට මුහුණ දෙන බව රහසක් නොවෙයි.එම රට විරුවන්ගෙ තොරතුරු සොයා බලා වගකිව යුතු අංශ වලට යොමුකිරීම අප සංගමයේ අරමුණයි.අසරණ තත්වයට පිළියම් යෙදීමට අදාළ වගකිව යුතු අංශ වලට හැකියාවන් නොමැති බව පැහැදිලිය.



මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක .

ඇන්.ඩබ්ලිව්.සෝමරත්න බණ්ඩාර

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජූලි2022 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගිය අතර, ආනයන වියදම අඛණ්ඩව පස්වන මාසයටත...
29/12/2022

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජූලි

2022 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගිය අතර, ආනයන වියදම අඛණ්ඩව පස්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සමස්ත පහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් 2022 වසරේ ජූලි මාසයේ දී ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර, හදිසි නොවන ආනයන වියදම් සීමා කිරීම සඳහා ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ද ආනයන ඉල්ලුම් පීඩනය පාලනය කිරීමට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වසරකට පෙර පැවති වෙළඳ හිඟයට සාපේක්ෂව 2022 වසරේ ජූලි මාසයේ වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පහළ යෑමක් වාර්තා වූ අතර, එමඟින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ වූ පීඩනය අඩු විය. 2022 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් ඉහළ ගිය අතර එම මට්ටම වෙළඳ හිඟය ඉක්මවා පැවතීම මඟින් දැඩි ගෙවුම් ශේෂ පීඩනය යටතේ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන්ට සහාය විය. සංචාරක ඉපැයීම් පෙර වසරේ පැවති පහළ පදනමේ සිට 2022 වසරේ ජූලි මාසයේදී (වාර්ෂික ලක්ෂමය පදනම මත) වැඩිවීමක් වාර්තා කර ඇත. 2022 වසරේ ජූලි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. භාවිත කළ හැකි දළ නිල සංචිත මට්ටම අඩු වුවද අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 361ක මට්ටමක පැවතුණි.

ආර්ථික අර්බුදය:රටට ඩොලර් එවන විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබෙන නව තීරුබදු සහනය ගැන ඔබ දන්නවාද?නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට මු...
29/12/2022

ආර්ථික අර්බුදය:රටට ඩොලර් එවන විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබෙන නව තීරුබදු සහනය ගැන ඔබ දන්නවාද?

නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවන විගමනික ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය සඳහා අවසර ලබාදීමේදී යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක වන්නේ නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීම දිරිගැන්වීමක් ලෙසය.

ඒ අනුව සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 25,000 ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක්ද, අමෙරිකානු ඩොලර් 65000 ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් වාහනයක්ද ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පසුගිය අගෝස්තු මස 8 වැනිදා කැබිනට් මණ්ඩලය වෙත මේ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබුණි.

විගමනික ශ්‍රමිකයින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැන්වීම අරමුණු කරගනිමින් තවදුරටත් සහන ලබාදීමට කැබිනට් මණ්ලය අනුමැතිය තිබේ.

වාහන තීරු බදු සහනය
• 2023/04/30 දින දක්වා හෝ වාහනයක් ආනනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50% ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබේ.

•2022/05/1 වැනිදා සිට 2023/12/31 වැනිදා දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50% ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර හිමිවනු ඇත.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරනු ලබන්නේ මැද පෙරදිග රටවලය. ඒ අනුව කෙසේ වෙතත් මෙම සහනය ලබා ගැනීම සඳහා වසරකට මෙරට එවිය යුතු මුදල් ප්‍රමාණය අති විශාල බව විදෙස්ගත ශ්‍රමිකයෝ පෙන්වා දෙති.

යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ අමාත්‍යවරයා කිව්වේ කුමක්ද?
අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ "විදෙස්ගත ශ්‍රමිකයන් මේ වෙලාවේ එවන මුදල් නිසා තමයි අපිට විශාල වශයෙන් යම් යම් මිලදී ගැනීම් කරන්න ඩොලර් ලබා ගන්න හැකි වෙලා තියෙන්නේ. පහුගිය කාලයේ එවූ මුදල් ප්‍රමාණයේ යම් කිසි අඩුවක් තිබුණත් ජූලි මාසේ වෙද්දී යම් වැඩිවීමක් තියෙනවා. මේ මුදල් නිසා තමයි අපිට තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි අපි මුලින් ම ඉල්ලීමක් කළේ රටේ තියන ප්‍රශ්නය විසදාගන්න ඔබට පුළුවන් සහයෝගයක් දෙන්න කියලා."

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, "සමහරු උන්ඩියල්,හවාලා වැනි ක්‍රම හරහා සල්ලි එවද්දී රටට ආදරේ මිනිස්සු ටික තමන්ගේ ඩොලර්, යෙන්, ඩිනාර් ටික බැංකු හරහාම එව්වා. ඒ ඩොලර් සංචිත වලින් මේ රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ පූර්ණ එකඟතාවය මත අපේ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එකතු වෙලා එවන ප්‍රේෂණ වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා."

Address

Super Market Complex

21000

Telephone

+94778797577

Website

Alerts

Be the first to know and let us send you an email when Rata Viruwo & Matale Madiyawdiyo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rata Viruwo & Matale Madiyawdiyo:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share