Irahanda News Paper

Irahanda News Paper සත්‍ය වූත් නිවැරදි වූත් ප්‍රවෘත්ති ඉ?

එකමුතුව කම්මුතුයි කෑලි මූට්ටු සම්මුතියක් ?වප් මාසයේ ආරම්භයත් සමග උදාවෙන රවි හෙවත් ලංකා කේන්දරයට අනුගත ප්‍රධාන බලපෑම හා ය...
08/09/2022

එකමුතුව කම්මුතුයි කෑලි මූට්ටු සම්මුතියක් ?

වප් මාසයේ ආරම්භයත් සමග උදාවෙන රවි හෙවත් ලංකා කේන්දරයට අනුගත ප්‍රධාන බලපෑම හා යෝගකාරක වූ අඟහරුගේ බලපෑම මත සිදුවන රටේ වෙනස්කම් රටේ පාලනය කෙරෙහි බලපානු ඇත. කොටින්ම අපේක්ෂිත සර්වපාක්ෂික රජයක් යන සංකල්පය මුළුමනින්ම බිඳ වැටේ. ඒ වෙනුවට කෑලි එක් කරගත් සර්වපාක්ෂික රජයක් නිර්මාණය වනු ඇත. විශේෂයෙන් මේ අනුව විවිධ දේශපාලන කණ්ඩායම් අතර, බෙදීම් හා මත ගැටුම් ඇතිවීමේ, ප්‍රවණතාවය ඉහළ නැංවෙනු ඇත. මේ නිසාම සර්වපාක්ෂික හා එක්සත්කම පිළිබඳ බලාපොරොත්තු වූ එකමුතුකම දෙදරා යාමෙන් එය අත්හැරීමට සිදුවෙයි. ඒ වෙනුවට, සර්වපාක්ෂික පුද්ගලවාදී සම්මුති රජයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකිය.

ගම කොළ වෙයි , වෙළට පැළට ඉර එළියක්!-------------හිරු බලවත් වන එළඹෙන සැප්තැම්බරේ රවි බුධ බලවත්ය. රවි රාජ්‍ය නියෝජනය කරන අත...
25/08/2022

ගම කොළ වෙයි , වෙළට පැළට ඉර එළියක්!-------------
හිරු බලවත් වන එළඹෙන සැප්තැම්බරේ රවි බුධ බලවත්ය. රවි රාජ්‍ය නියෝජනය කරන අතර කොළ වර්ණයට අයත් වූ බුධ හෙවත් බුද්ධිය රවි හා සුසංයෝග වෙයි. මෙය පවතින රටේ වර්තමාන සමාජ රටාව හා බද්ධ වන අපූරු පිහිටීමකි. විශේෂයෙන් රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුධය ඇති විදෙස් මුදල් සංචිතයට අනුව විශේෂයෙන් එදිනෙදා ආහාර අවශ්‍යතාව අනුව බෙහෙවින් බලපාන්නේය. එහෙත් මේ තුලින් ගමේ වැඩෙන වී කරළට පමණක් නොව එළවළු හා ඉරිඟු වලට පවා හොඳ වෙළඳ පොළක් නිර්මාණය කරයි. අපේ රටේ ඉරිඟු මුංඇට වැනි ධාන්‍ය වර්ග වලට විවෘත වෙන අධික ඉල්ලුමට අනුව හේනේ පැලේ හා නියරේ ගැවසෙන ගොවියාට වෙළඳ පොලේ මුදලාලිලා පැරදවීමට තරම් ශක්තියක් ග්‍රහනය වීම සැප්තැම්බරයෙන් පසු උදා වෙයි.I.M.F බලපෑම යනු වැටුප් ලබන සේවකයා පහළට ඇද දමන අතර අහස උසට බලාපොරොත්තු නැති ගොවියාට නිදහසේ හුස්ම ගැනීමට තරම් කොළ එළියක් නිර්මාණය කරනු ඇත.

02/08/2022
......................................................................................... 2023 ............................
27/07/2022

......................................................................................... 2023 .........................................................................................
දැනට තිබෙන විවිධාකාරයේ අර්බුධ ඉදිරි මාස කිහිපය මුළුල්ලේ විවිධ හැල හැප්පිලි ඔස්සේ, තවදුරටත් ගලාගෙන යනු ඇත. විශේෂයෙන්, වලෙන් වැටුනු කෙනෙකුට එයින් ලෙහෙසියෙන් මිදී ගොඩ ඒමට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයද එලෙසින් ප්‍රකෘතිමත් වීමටද කල්ගත වෙනු ඇත. එහෙත් ක්‍රම ක්‍රමයෙන් අලුත් අත්දැකිම් හා ප්‍රතිසංස්කරණ ඔස්සේ මේ සඳහා තවත් මාස 06ක් වත් ඉවසිය යුතුව ඇත. විශේෂයෙන් 2023 වන විට දැනට පවතින තත්ත්වයෙන් 50්‍ර පමණ ප්‍රමාණයක් විසදෙනු ඇතැයි උපකල්පනය කලහැකි අතර 2023 හෙවත් තනි අගයකට ගත්කල ලැබෙන අංක 07 හෙවත් ඛමජනහ ිැඩැබ වාසනාවන්ත හත, හති වැටුනු අපට සැනසිල්ලක් පිණිස වෙනු ඇත.

.................................................................................. ❛𝗝.𝗥 ජීවමානයි❜ .........................
18/07/2022

.................................................................................. ❛𝗝.𝗥 ජීවමානයි❜ ..................................................................................

මිය ගියත් J.R නාමය ශ්‍රී ලාංකික සමාජ ව්‍යුහය තුල තවදුරටත් ගුප්ත වූ පෙරළිකාර චරිතයකි. මිනිසුන් මිය යති. එහෙත් ඔවුන්ගේ නාමය මිය යන්නේ නැත. ඔවුහු ජීවත්ව සිටින කාලය තුල කල කී දේ වල හොද නරක එලෙස සදාතනික වනු ඇත. බොහෝවිට එවැනි මිනිසුන් දෙවිවරු ලෙස අපගෙන් වැදුම් පිදුම් ලබන අවස්ථාද එමටය. අපේ මාතෘකාව දෙවිවරු ගැන නොවේ. J.R යන නාමයයි. ඔහු වඩාත් මිනිසුන්ට සමීප වන්නේ 1978 ජනරජ ව්‍යවස්ථාව යටතේය. මේ අපූරු ව්‍යවස්ථාව එතෙක් මෙතෙක් පහළ වූ කිසිම රජයන්ට තවමත් අහෝසි කරන්නට නොහැකි තරමට ශක්තිමත්ය. එය සාස්තෘවරයෙකුගේ ආගමික දර්ශනයට හා සමානය. මේ අතරින් විධායක ජනාධිපති ක්‍රමයද ප්‍රධාන තැනක් ගනි. අදටත් එය ජන ජීවිතය උඩු යටිකුරු කරන ලියවිල්ලක් බවට පත් වෙමින් තිබේ. කෙසේ වෙතත් ලොව බොහෝ රටවල ඇති විශ්මිත සිදුවීම් හා බැඳුණු නාම අතර, ❝𝐉.𝐑 නාමය හෙට දිනයේත් තවදුරටත් පෙරළිකාර ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වනු නොඅනුමානය.❞ 😳

ජුලි 4 වැඩි විස්තර දැන ගන්න ලයික් කරලා තියා ගන්න - Like & Share 👉 https://www.facebook.com/Irahandanews          👉ඩොලරය ...
01/07/2022

ජුලි 4 වැඩි විස්තර දැන ගන්න ලයික් කරලා තියා ගන්න -
Like & Share 👉 https://www.facebook.com/Irahandanews
👉ඩොලරය රට අල්ලයි👈
සිංගප්පූර් සිහිනයට ආසන්න වෙනසක්

විප්ලවකාරී ජූලි හත මේ පාර මොකක් කරයිද? හුඟක්
දෙනෙක් කියන්නේ ජූලි හත නපුරුයි කියලා. හැබැයි මේ පාර ලංකාව ජූලි හතෙන් පසු කවුරුත් නොසිතූ ආකාරයේ මහා පෙරලියකට මුල පුරන බව පෙනේ. ජ්‍යෝතිෂ්‍ය හා ආර්ථික විග්‍රහය නිරීක්ෂණය කලහොත් අපි මේ මුහුණ දෙන්නේ ඉතාම තීරණාත්මක කාලයකය. කුමක් නිසාද මෙතෙක් අපි අසා තිබූ සිංගප්පූර් සිහිනයට ආසන්න වෙනසක්

Like & Share - https://www.facebook.com/Irahandanews😳👉වැරදුනා නෙමෙයි වැරැද්දුවා👈😳මේ සියලු ප්‍රශ්න සහ ගැටළු තර්ක විතර්ක ප...
01/07/2022

Like & Share - https://www.facebook.com/Irahandanews

😳👉වැරදුනා නෙමෙයි වැරැද්දුවා👈😳

මේ සියලු ප්‍රශ්න සහ ගැටළු තර්ක විතර්ක පසෙකින් තබා ශ්‍රී ලාංකික අපගේ දෛවයට අනුව හෙට අපේ දරුවන්ට රටක් තියේද කියන ගැටලු වලට නිහඬ පිළිතුරක් සෙවීම වැදගත්. ඇත්තටම ඔබ අපි හිතනවාට වඩා මුහුකුරා ගිය දේශපාලනඥයා දස කපටියෙක් බව මතක තබා ගත යුතුය. වැරදුනා කියලා අපි හිතුවට ඔවුන් සිතා මතා වැරැද්දුවා කිව්වොත් ඒක තමයි නිවැරදිම අර්ථ කථනය. 💯

ඉරහඳ නිව්ස් පෙපර් - 01.07.2022

ජුලි 4 වැඩි විස්තර දැන ගන්න ලයික් කරලා තියා ගන්න - https://www.facebook.com/Irahandanews/හත කිව්වම කා තුලත් තිගැස්මක් ඇත...
30/06/2022

ජුලි 4 වැඩි විස්තර දැන ගන්න ලයික් කරලා තියා ගන්න - https://www.facebook.com/Irahandanews/

හත කිව්වම කා තුලත් තිගැස්මක් ඇති කරයි. එහෙත් දැන් අපි කාටත් හතේ හත වැදිලා බොහෝ කල්ය. ඒක නිසා තිගැස්මට බියක් නැත. කොහොම නමුත් 2022 ජූලි 07 හතේ හත වැදුන අපට, විශේෂ දවසකි. හරියට දවස් හතක මහ වැස්සකට පසු ඇතිවන අව් පොදක් වගේය. එහෙම වුණාට උණට තිත්ත කාෂාය වගේ විඳවන ගමන් විඳින්නට ද සිදුවනු ඇත. කොටින්ම අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇති කරවන නමුත් එය හෙණ ගහපු දෝංකාරයට පුපුරපු කණ් අඩි ඉක්මනින් නිවී නොයන ආකාරයටය. ඔබ කලබල නොවෙනවානම් ඒ කොහොමද කියලා ලබන සඳුදාට අපි කියන්නම්.

Address

No 229/3 , New Kandy Road , Pittugala
Malabe
10115

Website

Alerts

Be the first to know and let us send you an email when Irahanda News Paper posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Irahanda News Paper:

Share

Nearby media companies


Other News & Media Websites in Malabe

Show All

You may also like