Dil Magazine

Dil Magazine ආදරේ සැබැ අද්දැකීම් ලබන්න තනිකඩයෙකු විදිහට..

Dil Magazine | Dileep Lakshan | Dileep Lakshan
18/03/2022

Dil Magazine | Dileep Lakshan | Dileep Lakshan

කල්පනා කර කර හිටියේදාවීද නුඹ මෙසේජ් එකක් කියා.. මෙසේජ් එකක් ආපු සද්දෙටසතුටින් උඩ පැන්නේ ඒ උබ යැයි සිතා.. ක්ෂණයෙන් ෆෝන් එ...
04/03/2022

කල්පනා කර කර හිටියේ
දාවීද නුඹ මෙසේජ් එකක්
කියා..
මෙසේජ් එකක් ආපු සද්දෙට
සතුටින් උඩ පැන්නේ ඒ උබ යැයි
සිතා..
ක්ෂණයෙන් ෆෝන් එක අරන් බැලුවත්
හිත රිදුනේ ඒ නුඹ නෙවෙයි කියලා
දැකලා..
තාම උබ මගේ මෙසේජ් එක බලලවත්
නෑ..
ඒත් මට පේනවා උබ ඔන්ලයින් නම්
ඉන්නවා..
රණ්ඩු වෙන්න හිතුනත් සීන් කරන්න කියා..
නමුත් කෝ ඒකට මට
අයිතියක්..?

ආදරයක් තිබුණත් හිතේ
කොහොම පවසන්නද මන්
එය..
මට උබව මතක් වෙන තරමටම
උබටත් මාව මතක් උනා නම්
නෑ මෙහෙම විඳවීමක්..
උබට මාව තවත් එක කෙල්ලෙක් විතරක් උනාට
මට නම් උබව
ලෝකයක්
පුළුවන් වෙලාවක
මෙසේජ් එක සීන් කරලා
රීප්ලයී කරන්න..
එතකං මන් ඉන්නම්
බලාගෙන නුඹ දිහාම..

-- Chanuri devinya --

අපි ගොඩක් බලාපොරොත්තු වුනු දේවල් අපිට ලැබෙන්නෙ ටික කාලෙකට විතරයි. නොදැනුවත්වම අපි ඒ දේවල් එක්ක බැඳෙනවා නැතුවම බැරි වෙන ව...
03/03/2022

අපි ගොඩක් බලාපොරොත්තු වුනු දේවල් අපිට ලැබෙන්නෙ ටික කාලෙකට විතරයි.

නොදැනුවත්වම අපි ඒ දේවල් එක්ක බැඳෙනවා නැතුවම බැරි වෙන විදිහට.
ඒත් අපිත් එක්ක රැඳෙන්නෙ නැ අපෙන් ඈතට යනවා.
අපිට ඉතුරු වෙන්නෙ ලස්සන මතකයක් විතරයි .
අපි ඒ දේවල් දිහා දුර ඉදන් බලා ඉඳියට කවදාවත් අපිට අයිති වෙන්නෙ නැ.

හරියට හඳ වගේ.

අපි කොච්චර හඳට ආස උනත් අපිට ලබාගන්න බැ.
දුර ඉදන් පෙම් බඳින්න විතරයි පුලුවන්..

සමහර මිනිස්සුත් එහෙමයි අපේ ජීවිත වලට ඇවිත් ඉඳපු ටික කාලෙට ලස්සන මතකයක් දීලා යන්නම යනවා.

ඊට පස්සෙ මිනිස්සු පුරුදු වෙනවා ඒ මතක එක්ක ජිවත් වෙන්න සදහටම

කාලෙකට පෙර නැතිවම බැරි වුනු
නුඹත් මමත්
අද එකිනෙකා ගැන හොඳින්ම දන්නා ආගන්තුකයන් දෙදෙනෙක් විය.
ඉන්නා තැනක හැමදාම සතුටින් ඉදපන් මගේ මැණික ...

-- Keshan --

* දැන් වෙනස් වෙලා නේද? අලුත් අය හම්බෙලා ද ඔයාට- හූම්ම්* ඒ කියන්නෙ කෙනෙක් ඉන්නවා ද.. ?- මට එහෙම කවුරුත් හම්බුනේ නම් නෑ * ...
02/03/2022

* දැන් වෙනස් වෙලා නේද? අලුත් අය හම්බෙලා ද ඔයාට

- හූම්ම්

* ඒ කියන්නෙ කෙනෙක් ඉන්නවා ද.. ?

- මට එහෙම කවුරුත් හම්බුනේ නම් නෑ

* හ්ම්ම් එහෙනම් තාමත් මට ආදරේ කරනවද?

- මන් කවදද ඔයාට ආදරේ කරන එක නතර කරේ

* හරි දැන් මන් ඉන්නවනේ

- ඉතින්

* ඉතින් කියන්නේ ඇයී ඔයාට බැරිද මට ආදරේ කරන්න කලින් වගේ

- බැහැ

* ඒත් ඇයී..

- මට බෑ ඔයාට බොරුවක් කරන්න ඔයා කරා වගේ

* ඒ කිව්වේ

- මට බෑ වෙනදා වගේ ඔයාට ආදරේ කරන්න.
මන් තාමත් ආදරේ කරන්නෙ මාව දාලා යන්න කලින් හිටපු ඔයාට

* ඉතින් මන් තමයී ඉතින් මේ ඉන්නේ

- ඔව් ඔයා ඉන්නවා

මගේ ඉස්සරහම ඉන්නවා මට පේනවා..
ඒත් මට දැනෙන්නේ නෑ

* ඒ කිව්වේ

- මගේ ඉස්සරහ ඉන්නෙ ඔයාගෙ ශරීරය විතරයි
රූපයක් කෙරෙහි ආශාවක් ඇති වෙන්න පුලුවන්
ආදරේ ඇති වෙන්නෙ හිතක් ඇතූලේ
මන් ආදරේ කරපු
ඔයාගෙ හදවත මැරුනෙ ඔයා මාව දාල ගියපු දවසෙමයි.

ඉතින් මන් හැමදාම ඔයාට ආදරෙයි.
ඒත් මැරිච්ච මිනිස්සු ආයි එන්නෙ නෑ.
අපි ඇත්තට මූන දෙන්න ඕන....

-- chanuri devinya --

බැඳීම් කොයිතරම් සුන්දර වුනත්...හිත ඉල්ලන හැමදේම මුණගැහුනත්...අයිතිවාසිකම කියන දේ සමහර බැඳීම්වලට දෙන්න අපට පින නෑ නේද කිය...
01/03/2022

බැඳීම් කොයිතරම් සුන්දර වුනත්...
හිත ඉල්ලන හැමදේම මුණගැහුනත්...අයිතිවාසිකම කියන දේ සමහර බැඳීම්වලට දෙන්න අපට පින නෑ නේද කියලා මට හිතුනා...

උඹව මට මුණගැහෙන්නෙ ඒ වගේ කාලෙක.
කොහේදෝ ඉඳන් ඇවිදින්
මගෙ හිතේ ඉඩක් මටත් හොරෙන් ලියාගත්තට.

නවතින්න කියන්න හිතුනත්
නවත්තගන්න බැරි...සමුදෙන්න හිත කිව්වත් ඒකට හයියක් නැති...අයිතිවාසිකම් අපේ වුනත් වෙන කාටවත් කියන්න බැරි...ජීව්තේ දවසක මූණදෙන්න හිතුවෙවත් නැති අසරණ තැනක උඹ මාව තනිකරලා...

අදට උබ මගෙන් ඈත්වෙලා මාස3ක් මහත්තයෝ
මම වෙන පිරිමි එක්ක කතාකරල ඉන්න එක උබට පේන්න බැරුවගියා..
අවිශ්වාසය කියන එක උබේ ඔලුවට ගොඩක් කාවැදිල තිබුනේ උබමයි මාව දාලා ගියේ..මට රිදවන්න ඕනවට මගේ යාලුවන්ට කියලා උබේ 4ටෝ එව්වට මම මගේ ජීවිතේ නාස්ති කරගන්නේ නෑ මහත්තයෝ
කොච්චර රිද්දන්න හිතුවත් මටදැන් රිදෙන්නේ නෑ..මේ හිත ගලක් කරගෙන තියෙන්නේ දැන් . මගේ ටාගට් එකට මම යනවාමයි.ඒකට තව අවුරුදු දෙකයි.ඊට පස්සේ උබට මාව දකින්නවත් බැරි දුර රටකට මට යන්න වෙයි.

ඒත් දන්නවද දෙයක් මහත්තයෝ උබ මට කොච්චර රිද්දුවත් මේ හිතේ උබ ගැන පුංචිම තරහවක්වත් නෑ

ඔව්
දවසක මට උඹට යන්න දෙන්න වෙයි
උඹ ගැන මතකය හිතෙන් අමතක කරලා...මට අයිති මගෙම ලෝකෙක මං ජයක්ග්‍රහනය කරල ඉදීවි.
එදාට මටත් වඩා උබේ හිත රිදෙයි...

ජිව්තේ මේ තරම් දුර ගෙනල්ලා...
ගැලපෙන මිනිස්සු නොගැලපෙන කාලෙක මුණගැස්සුවාම අපි මාර අසරණයි

සංසාරෙ පුරුදු බැඳීමක ණය ගෙවලා යන්න උඹ මට මුණගැහුනට මේ ආදරේද කියලවත් හිතාගන්න බැරි තරමට අපි අපෙන් දවසක ඈත්වෙයි...

කෙනෙක් ගේ ඉල්ලීමක් වෙනූවන් ලියවූන දෙයක්....

-- keshan --

.....♥️මැනික💖...ඔයාව ලැබුන දවසෙ......ඔය ආදරෙ මුලින්ම හිතට දැනුන දවසෙ.......මගෙ හිතට දැනුන සතුට වචන වලින් කියන්න මම දන්නෙ...
28/02/2022

.....♥️මැනික💖...

ඔයාව ලැබුන දවසෙ......
ඔය ආදරෙ මුලින්ම හිතට දැනුන දවසෙ.......
මගෙ හිතට දැනුන සතුට වචන වලින් කියන්න මම දන්නෙ නැ මැනික.....

ආදරේ හිත සනසන දෙයක්.....
ඔව් වෙලාවකට.......

ඔය හුරතලේ......
දිලිසෙන බෝල ඇස් දෙක දිහා බලාගෙන ගෙවන තප්පරයක් ගානෙ මවපු ලස්සන හීන.....

පපුවට තුරුල් වෙලා හුරතලෙන් මගෙ මැනික කියල මොනාහරි දෙයක් කියන්න පටන් ගද්දි දැනිච්ච ආදරෙ.....

හිමීට ලං වෙලා මැනික මට කිස් එකක් කියද්දි......රතු වෙච්ච මූණ දිහා බලාගෙන ලස්සන හීන ලෝක මැව්ව මැනික මන්......

මට තවමත් ඒ ආදරේ ඒ උණුහුම ලැබෙනවනම්......

මම ලෝබයි මැනික ඔය ඇස් දෙකට.....ඔය හුරතලේට.....
ඔය ඇස් දෙක දිහා බලාගෙන අන්තිම හුස්ම පොද යවන්න ආසයි මන්

ඔව් මැනික ගොඩාක් ආදරෙයි මන්.....

-- Desh --

මගේ මැණික  🖤,කොහෙන්ද පටන් ගන්නෙ කියලා මම තාම හිතනවා...මට මොනාද කියන්න ඕනි කියලා මම තාම හිතනවා..... ජීවිතේ ඔයාව හම්බෙනකම්...
27/02/2022

මගේ මැණික 🖤,

කොහෙන්ද පටන් ගන්නෙ කියලා මම තාම හිතනවා...මට මොනාද කියන්න ඕනි කියලා මම තාම හිතනවා.....

ජීවිතේ ඔයාව හම්බෙනකම්ම මට තේරුණේ නෑ ආදරය ,සතුට කියන්නෙ කොච්චර ලස්සන දෙයක්ද කියල මැණික.

ඔයාව දකිද්දි,ඔයා හිනා වෙද්දි ,ඔයා කතා කරද්දී මගේ මුලු පපුවම ලොකූ සතුටකින් පිරෙන්න තරම් මම ඔයාට ගොඩාක් ආදරේ වෙලා..

මම අදටත් දන්නෙ නෑ ඇයි? මම ඔයා ට ආදරේ කරන්නෙ කියලා.ඒක පටන් ගත්තෙ ඇයි කියන්න මම දන්නෙ නෑ...

ඒත් මම දන්නවා මම හරි ම ආදරෙයි කියලා ❤

ඔයාව ස්ක්‍රීන් එකේ දකිද්දී මට අල්ලන්නවත් නෑනේ කියලා මම දුක් වෙනවා.
කොච්චර ආදරේ උනත් ඔයාව මගේ පපුවට තුරුල් කරන් ඒ ආදරේ කියන්න ,ඒ ආදරේ ඔයාට දෙන්න මට බැරි එකට මම දුක් වෙනවා..

ස්ක්‍රීන් එක පුරාම මම මගේ ඇගිලි යවලා ඔයාව අත ගාල බලනවා.අනේ! ඒත් මගේ ඇගිලි වලට ඔයාව දැනෙන්නෙ නැති උනාම මගේ හිතට හරි දුකක් දැනෙනවා..

මගේ ජීවිතේ ඔයාව හම්බුණ දා ඉදලා තප්පර ගණන් කලොත් මම වැඩියෙන්ම කරන්න ඇත්තේ ඔයාවම හිතපු එක..

කවදාවත්ම නොලැබෙන ඔයාව මගේ හිතේ පුරෝගෙන මම ඒ තරම් ආදරේ කරනවා මැණික.❤

කොච්චර දුර හිටියත් ඔයාගේ සතුට ම හිත හිත ඔයා වෙනුවෙන් ම බුදුන් ගාව මම උදේ හවස දණ ගහනවා මගේ මැණික.

කවදාවත්ම මගේ නොවුනත් සතුටින් ම ඉන්න මගේ මැණික..
මම ඉල්ලන්නෙ හැමදාම ඔයාගේ සතුට විතරයි.

ඔයා මේ මගේ පපුවට පුරවන මතක,බලාපොරොත්තු ඒවා මාව මැරෙනකම් නොමැරී ජීවත් කරවාවි ...

මගේ ආදරේ 🖤

මම ඔයාට ගොඩාක් ආදරෙයි ❤

-- keshan --

ආදරේ  කියන්නෙ....හැම  තත්පරේම  මැසේජ්  කරන්න  ඕන  කියලා  නෙවෙයි...හැම  තත්පරේම  ලගින්  ඉන්න  ඕන  කියන  එක  නෙවෙයි...හැමත...
26/02/2022

ආදරේ කියන්නෙ....

හැම තත්පරේම මැසේජ් කරන්න ඕන කියලා නෙවෙයි...
හැම තත්පරේම ලගින් ඉන්න ඕන කියන එක නෙවෙයි...
හැමතිස්සෙම කෝල් අරන් කතා කර කර ඉන්න ඕනි කියන එක නෙවෙයි....

ආදරේ කියන්නෙම....

හැම තත්පරේම මැසේජ් කලේ නැතත් වැඩ අතරෙ එන එක මැසේජ් එකටත් ආදරෙන් රිප්ලයි කරනවට....
හැම තත්පරේම ලගින් හිටියෙ නැතත් අමාරුවෙලාවක වචනෙකින් හරි හිත හදනවට ලගින් ඉන්න ඕනිම වෙලාවෙදි අපි ලගින් ඉන්නවට....🥰

උබේ මූන දෝටම අරන්...හැම අඟලකම හාදු තවරන්න ..ඔය ඇස් දිහා බලාගෙන ආදරෙයි රත්තරං  නොකියාම කියන්න..නොසිතු වෙලාවක දෙතොල් පෙති ...
24/02/2022

උබේ මූන දෝටම අරන්...
හැම අඟලකම හාදු තවරන්න ..

ඔය ඇස් දිහා බලාගෙන
ආදරෙයි රත්තරං නොකියාම කියන්න..

නොසිතු වෙලාවක
දෙතොල් පෙති සිපගන්න..

ඒ මොහොතෙ මෘදු හැගුම් නුබෙ විදගන්න...

ලා අදුරෙ පියවෙන නුබෙ ඇස් අස්සෙ හැංගෙන්න..
සිනිදු පපුවට තුරුල් කරන් වරු ගණන් මට ඉන්න...

ආදරේ හාදු වැසි වලින් නුබ නාවන්න...
හීනයක් තියනවා රත්තරං විදඟන්න...

ලෝකයක ඇස් වහල බැරිද මට තනිවෙන්න...

මැනික නුබෙ හුස්ම තමයි
මං දවන එකම ගැස්ම

ජීවිතෙ විඳගන්න
ඔය තුරුලෙ මට ඉන්න

මියෙන්නට කලින් වත්
එනවද....
දැකගන්න...

❤️

-- Keshan --

ගොඩක් නිසදැස් ලියවුනේ කවි,සින්දු ලියවුනේ ගැහැනු අය ගැන.ඒත් .......අමතක කරන්නෙපා අපිට වගේම පිරිමි අයටත්,ආදරේ ඕනි...ගරු කර...
23/02/2022

ගොඩක් නිසදැස් ලියවුනේ
කවි,සින්දු ලියවුනේ
ගැහැනු අය ගැන.
ඒත් .......
අමතක කරන්නෙපා
අපිට වගේම පිරිමි අයටත්,

ආදරේ ඕනි...
ගරු කරන්න ඕනි.
එයාලගෙ හිතුවක්කාරකම්,
මුරණ්ඩුකම් ඉස්සරහ
අපි ඉවසන්න ඕනි.
එයාලව තේරුම් ගන්න ඕනි.
අවංකව ආදරේ කරන්න ඕනි.
වගකීමත් ඇතුව
එයාල ගැන
හොයල බලන්න ඕනි

කොටින්ම කියනව නම්
පිරිමි හිත් පිටින් පේන්නෙ
හරිම මුරණ්ඩුයි කියල
හැබැයි ඒකෙ නොදැකපු පැත්තකුත් තියනව.
එයාලත් අපි වගේම
ඉවසනව...
හැබැයි වෙනස්.
උබ ගාවත් ඉන්නව නම්
ඒ වගේ පොඩි දේටත් තරහ ගන්න යක්ශයෙක්ව...
පොඩ්ඩක් ඌ දිහා හැරිලා බලපන්...
සමහරවිට උගේ
වෙන ප්‍රශ්න නිසා
ඌට සැනසීමකින්නැති නිසා
හැමදේටම තරහ ගන්නව ඇති..
ආදරේ දීලා
ඒ හිතුවක්කාරයව
මෙල්ල කරපන්
උබේ ආදරේ ඉස්සරහ.

ඌට තරහ ගියපු වෙලාවට
උබ ඉවසන්න ඕනි...
එකට එක කියන්න කරන්න යන්නෙපා.
කවදාවත් පරුශ වචන කියල කොල්ලෙක්ට බනින්න එපා..
ඒක ගෙවාගන්න බැරි පවක්.
එයාලටත් මුල් තැන දෙන්න .
දැනෙන්න ආදරේ දීපන්...

සමහර කොල්ලො ඉන්නව
උගේ ප්‍රශ්න ඉස්සරහදි..
උබත් බැනුම් අහනව ඇති.
වැඩ ගොඩක් අස්සෙ හිරවෙලා
ඉද්දි මැසේජ් කරල හරි
කෝල් කරල හරි
කරදර කලොත් ඒ තරහ
උබේ පිටින් යවනව ඇති

උබටත් සෑහෙන්න දුක හිතෙනව ඇති.
හැබැයි පිරිමි හිත්
මෙල්ල උනේ
ඉවසන ගෑනු ඉස්සරහ.

අපි අපේ ගැනම
හිතන විදියට
එයාල ගැනත්
හිතන්න ගියොත්
ප්‍රශ්න වැඩි වෙයි.
ගෑනු පිරිමි කියන්නෙ දෙගොල්ලක් නිසා
හැසිරීම පවා වෙනස් .

ඒ නිසා එයාව
තේරුම් ගැනීම වැදගත්.

ගොඩක් පිරිමි
එයාලගේ ආදරේ
පිටට පේන්න කලේ නෑ.
කොච්චර බැන්නත්
රණ්ඩු කලත්
බලපන් ආයෙ තත්පරෙන් වෙනස් වෙන හැටි.
උබව මතක් වෙන හැටි
උබවම හොයන හැටි...

ඉතින්

ගෑනු හිත් හරි බොලදයි කිව්වට,
පරිමි හිත් පිටින් පේන්න මුරණ්ඩු ,හිතුවක්කාර උනාට උන් ඇතුලෙ ඉන්නෙ හරි අහිංසක මනුස්සයෙක් බං.
අපි වගේම එයාලත් ආදරේ බලාපොරොත්තු වෙනවා

ඉන්නකම් ආදරේ විතරක්ම දෙන්න
ඒ හිත නොරිද්ද ඉන්න.
හෙවනැල්ලක් වගේ ළගින් ඉන්න.
ගැහැනු අපි
පිටට පේන්න ඇඩුවට
එයාල ඇඩුවෙ
කාටත් හොරා
හදවත ඇතුලෙන් බං
උබට ආදරේ කරන එකා උනත්
එහෙම තමා.

ළග ඉන්නකම්
ආදරේ දෙන්න
කදුලු නොදී
හිනාවක් දෙන්න...
දවසක ඒ මතක
උබවත් සතුටින් තියාවි.
උබලගෙ ආදරේට ජය.
මම නවතින්නම්.❤️

Credit goes : chanuri dhevinya

 #හීනෙකින්වත් උඹට මගේ වෙන්න බැරිද..ආත්ම හතක් ඕනෙ නෑ මට..මේ ආත්මෙවත් මගේ වෙන්න බැරිද..මේ ආත්මෙ මගෙ ළඟ සැනසියන්..ඊටපස්සෙ උ...
23/02/2022

#හීනෙකින්වත් උඹට
මගේ වෙන්න බැරිද..

ආත්ම හතක් ඕනෙ නෑ මට..
මේ ආත්මෙවත් මගේ වෙන්න බැරිද..

මේ ආත්මෙ මගෙ ළඟ සැනසියන්..
ඊටපස්සෙ උඹම ප්‍රාර්ථනා කරාවි
මාව ඕනෙමයි කියලා ආත්ම හතකටම..

නොලැබෙන තැන්,
අයිති කරගන්න බැරි තැන්
හරිම ලස්සනයිලු....

ඔවු ඒක ඇත්ත
හොඳටෝම තේරුම් ගත්තා මම..
උඹ නැති ජීවිතයක් මොකටද මට..
හිත හැම තත්පරේකම කෑ ගහ ගහ උඹවම ඉල්ලද්දි තේරුම් කරන්නෙ කොහොමද මම උඹ මට අයිති නැති හීනයක් කියලා මගෙ හිතට..

ජීවිතේ දුකක්,කලකිරීමක් විතරමයිද මට..
නැද්ද සැනසීමක් කවදාවත්ම..
උඹ මගේ වෙච්ච දවසට හිතෙයි මට
මං ලෝකෙම දින්නා කියලා..

ඒත් ඒ හීනේ හීනයක්ම විතරක්ම වෙච්චිකොට මං කොහොමද උඹ නැති හීනෙකවත් ජීවත් වෙන්නෙ..
දුරින් ඉඳන් හරි සැනසෙන්න තිබුනා මට..
උඹ ඇස්පේන මානෙකවත් නොහිටියනම් ..

උඹව දැක දැකත් මේ හිත
හදා ගන්නේ කොහොමද මම..
කොච්චර ආදරේ කරනවද මම
ඉතින් කොහොමද ඇස්පේන මානේ
ඉන්දැද්දිත් හදාගන්නෙ මගේ හිත මමම..
ජීවිතේ උඹ එක්ක කොච්චර හීන
මවනවාද මම..

කවදාවත්ම හිමි වෙන්නැති උඹට
මේ තරමටම හිත ඇදුනේ සමහරවිට
මං කරපු පවක් වෙන්න ඇති
ගිය ආත්මෙක.

විඳවන්න ඇති හිතක්
මං වෙනුවෙනුත් මේ වගේම..
ගනන් ගන්නෙ නැතුව ඇති
මාත් ඒ හිත උඹ වගේම..
ඒකයි ආපිට මටම මෙහෙම
වේදනාවක් විඳින්න වුනේ කවදාවත්ම
සුව නොවෙන...

ජීවිතේ හැමදේම තිබ්බත්
වැඩක් තියෙද මට උඹ නැතිව..
හදවතට දැනුනු උඹ විතරක්ම
මේ හිත ඉල්ලනකොට
කොහොමද කියාපන් මට
වෙන හිතක් ගැන හිතන්නෙවත් මම..
අයිති නැති හීනෙකටම
මගේ හිතුවක්කාර හිත
අයිතිවාසිකම් කියනකොට
මේ හිතට මමම තහංචි දා ගත්තත්
වැඩක් තියෙද මට..
හදාගන්නම බැරිනම්
මගේ හිත....

ජීවිතේ ලබන්න බැරි උඹව
හදවතේ ගැඹුරම තැන ඉන්නවා
හරි පරිස්සමට
ගිලිහෙන්නට නොදී මේ හිතින්
හැමදාටම රකිනවා මං උඹව..
උඹව දුර ඇති මට..

ඒත් කවදාහරිම ලැබෙයි කියලා
හීන දකිනවා මම..
ඇත්තමයි මැනික..
උඹ නොදන්නවා වුනාට
ගැහෙන මේ පපුව පුරාවටම
ඉන්නෙ උඹම වෙච්චිකොට
වෙන හිතක් ගැන හිතන්න
මට පුළුවන් කමක් නෑ

මැනික ඇත්තටම..

මං ආදරේ කරේ උඹට..
උඹේ ඔය අහිංසක කමට..
ඔය හිත ගැන මං දන්නේ නෑ
දැක්ක දවසේමයි මට
හිත ගියේ උඹට..
කවදාවත්ම හිමිවෙන්නෙ නැතිවෙයි
ඒත් මේ හිත ආදරේයි උඹට
හැම දවසකම,හැම තත්පරේකම....

-- Madushan --

කියනව වගේ ඇත්තටම අවුරුදු 4ක් කියන්නෙ පොඩි කාලයක් නෙවෙයි.ඒ වගේම ආදරේ කරන කෙනෙක් ළඟ ඉන්නකොට ඒ කාලෙ ගතවෙන්නෙ හරිම ඉක්මනින්....
22/02/2022

කියනව වගේ ඇත්තටම අවුරුදු 4ක් කියන්නෙ පොඩි කාලයක් නෙවෙයි.ඒ වගේම ආදරේ කරන කෙනෙක් ළඟ ඉන්නකොට ඒ කාලෙ ගතවෙන්නෙ හරිම ඉක්මනින්.ඒ වගේම ඒ කෙනා ළඟ නැතිවෙද්දි දවසක් ගෙවෙන්නෙ හරියට කල්පයක් වගේ...
ඒ girl ගැන boyකියන කතා එක්ක බලද්දී ඔයගෙත් ලොකු වෙනසක් නෑ....කතාව කියෙව්වම මට හිතුණෙ
"අනේ ඔයා වගේම තව කොල්ලෙක් කියල ..."
මම කරෙත් chocalate & vanila කියල අපේ පාට ගලපපු එක...එතකොට ඔයාගෙ මූණ මට තාම මැවිල පේනවා.....මට කොච්චර පැහැදිලි කරල කිව්වත් මං පිළිගන්න අකමැති තැන...
ඔයා කියනව "ඔව් ඔව් මං සුදු කොල්ලෙක් හොයාගන්නම් ඉක්මනින්. එතකන් ඉන්නව සද්ද නැතුව " කියල
ඒ ඔයාගෙ කේන්තියෙ උපරිම.....
ඒ මොනව වුණත් අපි හරි ආදරෙන් අවුරුදු හතරක්ම හිටියා...මාත් හරි ආසාවෙන් හිටිය හැමෝමව දවසක පුදුම කරන්න.ඒ වගේ ආදරෙන් බදාගෙන ඉඳලා අපි දෙන්නා අපි දෙන්නගෙ විතරමයි කියල හයියෙන් කෑගහල කියන්න.. ලෝකෙටම ඇහෙන්න..
හැබැයි එහෙම හිටපු වෙලාවක ඒක මතකයක් කරගන්න එක photo එකක්වත් ගන්න සිහියක් තිබ්බෙ නෑ අපි දෙන්නටම....එක අතකින් ඒකත් හොඳයි මේ මතක මදිවටද.....
ඉතිං.....
ගෙවුණු අවුරුදු 4රේම ඔයා මට කියල දුන්නෙ ආදරේට උස කොට,සුදු කළු,වයස,කුල භේද නෑ කියන පාඩම.හැබැයි කොච්චර උත්සහ කරත් මට අදටත් ඉගෙනගන්න බැරිවුණේත් ඒ පාඩමම තමයි ..
ඇත්තටම මම ඒ පාඩමේදී හරිම අසරණයි..
මම ඔයා උගන්වපු ඒ පාඩම pass වුණේ නෑ.....පාඩම විතරක් නෙවෙයි මම ජීවිතේම fail වුණා.මොකද ඔයා නැති ජීවිතේ ආයෙ කවදාවත් pass වෙයි කියල මට හිතෙන්නෙ නෑ.....ඔයාටත් වඩා මං ඔයාට ආදරේ වුණත් ඒක ඔප්පුකරගන්න හයියක් මට නෑ...ඔප්පු කරගන්න බැරුව ආදරෙයි ආදරෙයි කිය කිය දඟලන වැඩේ තේරුමක් නෑ කියල තේරෙන නිසයි මම දැන් ටික ටික ඔයාගෙන් ඈත්වෙන්නෙත්.....

"අත්හැරීමත් ප්‍රේමයක්"
එහෙම කිව්වට මං දන්නව අපිට කවදාවත් එහෙව් ප්‍රේමයක් ඕනිවුණේ නෑ කියල......

"සැබෑ ප්‍රේමවන්තයෝ කවදාවත් එකතුවෙන්නෙ නෑ..."
ඒකත් මං වගේම කෙනෙක් පපුව පැලෙන්න තරම් ආපු දුකක එක මාත්‍රයක් අඩුකරගන්න ගත්ත බොරු උත්සාහයක ප්‍රතිඵලයක් වෙන්න ඕනි...

ප්‍රේමය කියන්නෙම අල්ලගැනීමක් ඉතිං කොහෙද ඒකෙ අත්හැරීමක්...

ඔප්පුකරගන්න බැරිවුණ අසීමිත ආදරයක් හිතේ හිරකරන් මට ඔයාගෙන් දවසක ගොඩක් ඈතට යන්න වෙනවා ඔයාගෙම හොඳට....
හරියට දවසක් කියන්න බෑ..(එදාට මන් වෙනුවෙන් කදුලු බිදුවක්වත් හලන්න එපා මගේ චූටි )
තාම හිත හයිය නෑ එච්චර ....
දැනට කවදාහරි කියල කියන්නම්....එදාට ඔයා අදට වඩා ලස්සනට හිනාවෙලා ඉන්න...එච්චරයි මට වෙන්න ඕනි.වචන පැටලෙනවා ඇස් බොඳවෙන නිසා...ඉතිං ලස්සනට ගලපන්න අමාරුයි.....

ඉතුරු ටික 1 command එකේ බලන්න ...

බලන් ඉන්න තප්පරයක් ගානෙ...ඔයාගෙන් එකම එක මැසේජ් එකක්...ඔයාහෙන් එකම එක සොයා බැලීමක්..දන්නවාද ඔයා එන්නෙ නෑ කියලා දැන් දැන්...
19/02/2022

බලන් ඉන්න තප්පරයක් ගානෙ...
ඔයාගෙන් එකම එක මැසේජ් එකක්...

ඔයාහෙන් එකම එක සොයා බැලීමක්..

දන්නවාද ඔයා එන්නෙ නෑ කියලා දැන් දැන්ත් මම මෙහෙම බලන් ඉන්න්‍ර ඇයිද කියලා...

ඒ ඔයා නොලැබුනත් ඔයා වෙනුවෙන් මම ආදරෙ කරන නිස....

ඉන්න තැනක සතුටිම් ඉන්න.....
කියලා කියන්න ආසා උනත් ඔයා මගේ නොවෙන බව දැන දැනම මම කොහොමද

ඔයාව වෙන කෙනෙක්ට දෙන්නෙ..
කොහොමද ඔයා ලග මවපු හීන නැතු වෙලා.යන හැටි බලන් ඉන්නෙ..

හීන මැව්වෙ ඔයා එක්ක.
හීන සැබෑ කරගන්න ආසා උනෙ ඔයා ලග....

ඒත් ඒ හැමදේම හීනයක් වෙලා..

සැබෑ නොවෙන සිහින මැද සැබෑ වෙන එකම.හීනයක් හරි ඔයා උනානම්.

අද මගෙ මේ රෑ තනිකම හූල්ලන සුසුම් වැල්

ඔයා වෙනුවෙන් ආදරේ කරාවි..

කෙනෙක්ගෙ හිතේ ලියවුන ආදරනීය හීනයක්...
ඔයා...

-- Akash Navanjana --

මාව දාලා යද්දි හිතුන්නැද්ද මැණික උබ මගේ පණත් අරන් යන්නෙ කියලාමන් හැමවෙලේම උබට කිව්වෙ මැනික උබ මගේ පණ කියලා...ඉතින් ඇයි ද...
19/02/2022

මාව දාලා යද්දි හිතුන්නැද්ද මැණික උබ මගේ පණත් අරන් යන්නෙ කියලා

මන් හැමවෙලේම උබට කිව්වෙ මැනික උබ මගේ පණ කියලා...
ඉතින් ඇයි දැන් උබට ඒ කිසි දෙයක් මතකවත් නැත්තෙ....
ඇයි උබ මැරිලා ඉපදිලා වගේ දැන් හැසිරෙන්නෙ....
උබත් කාලයක් මට ගොඩක් ආදරේ කලා මැනික...
මන් ඒක දන්නවා...
ඒත්
ඇයි දැන් උබ මාව අදුරන්නැති ගාන්ට ඉන්නෙ....
කොහොමද බන් උබ එහෙම ඉද්දි මන් දරාගන්නෙ....
මේ හිතට හරි බරයි බන් ඒ දුක්......

උබේ හිත ගලක් උනේ කොහොමද මැනික....

කොහොමද උබ අපේ මතක මෙච්චර ඉක්මනට අමතක කෙරුවෙ...

උබට ඔච්චර ලේසියෙන් කාලයක් නැහීගෙන ආදරේ කරපු කෙනාව අමතක කරන්න පුලුවන් උනාට මැනික...
මට නම් ඒක හීනයක් අමතක කරන්නම බැරි.......

තාමත් මේ හිතේ අපේ හැම මතකයක්ම ලස්සනට පොදිබැදන් තියනවා මැනික...

උබ මාව අමතක කෙරුවට මට උබව අමතක කරන්න නම් මන් මැරෙන්නෝන බන්....
මොකද මන් ජිවත් වෙන්නෙ අපේ ඒ ලස්සන මතක එක්ක...
ඒ මතක තවත් ලස්සන වෙන්න තිබුනා උබ හැමදාටම මන් එක්ක හිටිය නම්....

ඒත් කෝ දැන් ඉස්සර මන් නැතුව ජීවත් වෙන්න බෑ කියලා කියපු හුරතලී....

දුකක් නෑ බන් තියෙන්නෙ කලකිරීමක්ම විතරයි...

උබට මදි වෙන්නැති මගේ ආදරේ...
ඒත් මැනික
මන් උබට පොඩිම අඩුවක්වත් දැනෙන්නැති වෙන්න මහමෙරක් තරම් උබට ආදරේ කරා බන්.......
දැන් මන් මැරි මැරී ජීවත් වෙනවා .... ඒ උබ නිසා මැනික.....

හැමදාටම මේ පපුව ගැහෙන්නෙ නුබෙ නමින් විතරයි මැනික............

-- Siluni Vinhara --

" * ඔයාට යන්න ද ඕනේ - එහෙම නෑ * එහෙනම් මොකද මේ- මූකූත් නෑ..  "සමහර වෙලාවට ඔයාට මෙහෙම වෙලා ඇතී...එයාගේ ආදරේ ඉස්සරහ එයාගේ ...
18/02/2022

" * ඔයාට යන්න ද ඕනේ

- එහෙම නෑ

* එහෙනම් මොකද මේ

- මූකූත් නෑ.. "

සමහර වෙලාවට ඔයාට මෙහෙම වෙලා ඇතී...
එයාගේ ආදරේ ඉස්සරහ එයාගේ සැනසීම ඉස්සරහ ඔයාට තිබූන හැම ප්‍ර්ශ්නයක්ම අමතක කරලා එයා එක්ක හිනා උනා මතකද...

සමහර වෙලාවට එයාගේ එකම එක message එකක් වෙනූවන් රෑ වෙනකන් ඇහැරන් බලන් හිටියා මතකද....

එයාගේ birthday එක දවසට කොච්චර අමාරැ තිබ්බත් නැගිටලා හිටියා මතකද....

සමහර වෙලාවට ඒ කර කිසිම දෙයක් එයාට වටින්නේ නැතූව ඇතී..
මොකද ඔයා වගේ එයාට ඔයාගේ ආදරේ වටින්නේ නැතූව ඇතී

හම්බවූන මූල් දවස් වල ඔයාට එයාගේන් දැනූනා වගේ ආදරයක් දැන් ඔයාට දැනෙන්නේ නැතූව ඇතී...

ඒත් හිතන්න හැම දේම වෙනස් වෙන ලෝකේ ඇයී එයාට විතරක් වෙනස් වෙන්න බැරී කියලා..
සමහර වෙලාවට එයා හොයපූ හොයන ආදරේ ඔයා ලග නැතූව ඇතී..

ඉතින් ආදරේ කියලා බලෙන් අල්ලන් ඉන්න එකද ,

නෑ නේද..

ආදරේ කියන දේ බලෙන් ගනවත්
කෙනෙක්ව දැක්ක ගමන් මට මෙයාව මයී ඕනේ කියලා දගලන එක නෙමෙයි නේද ආදරේ කියන්නේ ...

ආදරේ කියන්නේ කෙනෙක් ගේ හිතේ ඇතී වෙන්න ඕනේ දෙයක් නැතූව
බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ඉතින්
ආදරේ කරන්න හැබැයි කවදාවත් ඔයාට ඕනේමයි කියලා බලෙන් කෙනෙක් ගෙන් ආදරේ ලබාගන්න උත්සහ කරන්න එපා...

-- chanuri devinya --

ගොඩක් ආදරේ කරපු අය අද ඉන්නේ තමන් ආදරේ කරපු එක්කෙනාගේ බ්ලොක් ලිස් එකේ... ඒක නේද ඇත්ත මම ආදරේ කරපු එක්කෙනා මාව බ්ලොක් කරලා...
18/02/2022

ගොඩක් ආදරේ කරපු අය අද ඉන්නේ තමන් ආදරේ කරපු එක්කෙනාගේ බ්ලොක් ලිස් එකේ...
ඒක නේද

ඇත්ත මම ආදරේ කරපු එක්කෙනා මාව බ්ලොක් කරලා අදට.
අවුරැදු දෙකක් ඒ වගේම මම දන්නවා එයා ආයේ කවදාවත්ම ආපහු හැරෙන්නේ නැ කියලා ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි මැණික

හුගක් මිනිස්සු වර්ථමානයේ නම් ආදර සම්බන්ධකම් නවත්තන්න ඉසස්රලාම පටන් ගන්නේ බ්ලොක් කරලා ඒගොල්ලෝ හිතනවා නම්බර් එකක් බ්ලොක් කරහම ආදරේ බ්ලොක් වෙනවා කියලා
ඒවා තේරෙන්නේ තව ටික කාලයක් ගිහිල්ලා නම්බර් එකක් බ්ලොක් කරපු පලියට ආදරයක් හිතේ බ්ලොක් වෙන්නේ නැ
මිනිස්සුන්ගේ හැගීම් වලට ටෙක්නොලජි එකෙන් උත්තර දෙන්න පුලුවන් කමක් නැ
හැබැයි හිත සනස ගන්නයි අනිත් කෙනාට රිද්දන්නයි ඒක හොද වැඩක් ඒත් දුක් වෙන්න එපා අපිව බ්ලොක් කරන සමහරැන්ට ජීවිතේ කවදා හරි දවසක හුගක් දේවල් බ්ලොක් වෙනවා ...

-- Deshan --

මං ආසයි ඔයා එක්කමහ හයියෙන් වැටෙන වැස්සකපිස්සුවෙන් වගේ තෙමෙන්න...ඔය අතේ එල්ලිලා ගව් ගානක් දුර අපේම ලෝකෙක ඇවිදින්න....තරු ...
17/02/2022

මං ආසයි ඔයා එක්ක
මහ හයියෙන් වැටෙන වැස්සක
පිස්සුවෙන් වගේ තෙමෙන්න...
ඔය අතේ එල්ලිලා ගව් ගානක් දුර
අපේම ලෝකෙක ඇවිදින්න....
තරු පිරිච්ච රෑ අහස දිහා බලාගෙන
ඔය උනුහුමට ගුලිවෙලා වරු ගානක් කියවන්න....
හිතට එන හැමදේම පොඩි එකෙක් වගෙ
ඔයා ලගට වෙලා හුරතල් වෙවී කියවන්න....
දුකක් හිතුන වෙලාවට
දුවගෙන ඇවිල්ලා ඔය පපුවට තුරුල් වෙන්න....
හිතට බර වුනු සුසුම්
ඔය උරහිසට බර වෙලා පිටකරන්න...
කෝළම් කරලා මහ හයියෙන්
හිනාවෙන්න....
අල්ලගත් අත් අතහරින්නෙම නැතුව
අපි දැකපු හීන වලට ඇවිදින්න...
මහ ගොඩක් ආදරේ එක්ක
ගෙවෙන හැම දවසක්ම සතුටින් විතරක්ම ඉන්න
මං හරි ආසයි මැණික
සුසුමකින්වත් දුර නොයා
ඔය ඇස් අස්සෙම රැදෙන්න..🌍💕

||අමා❤️‍||

ආදරෙ කරද්දී කෙල්ල කොල්ලව පිස්සු වට්ටනවලු......ආදර කතා වල ගොඩක් පේන්නේ අවසානෙට  කොල්ලට පිස්සු හැදෙන එක .එත් ආදරෙදි ගොඩක් ...
16/02/2022

ආදරෙ කරද්දී කෙල්ල කොල්ලව පිස්සු වට්ටනවලු......

ආදර කතා වල ගොඩක් පේන්නේ අවසානෙට කොල්ලට පිස්සු හැදෙන එක .
එත් ආදරෙදි ගොඩක් කොල්ලෝ කෙල්ලව රවට්ටනවා.
මෙහෙම කිව්වොත්
දෙන්නම serious කරනවා .
එත් කොල්ලා වටේ ඉන්න ඔක්කොම කෙල්ලෝ එක්ක fun එකේ ඉන්නවා .

එත් අර කෙල්ල serious ඒ කොල්ලා මත්තෙම ඉන්නවා .

කෙල්ල ඉවසලා ඉවසලා කොල්ලගෙන් ඈත් වෙලා ඉන්න බලනවා මොකද එහෙම දෙන්නට එකට ඉන්න අමාරුයි .

කෙල්ලෝ ආදරෙදි හරි ලෝබයි බොලදයි කොල්ලගෙන් හිත පිරෙන්න ආදරෙ හොයනවා එයාටම වෙන් උන.

දෙන්නම ඈත් වෙනවා කොල්ලා නිදහසේ ඉදලා වටේ යන එහෙම නැත්තං ටිකක් හොද නැති කෙල්ලෙක්ට රැවටෙනවා .
එයාලගේ වැඩේ ඉතින් කොල්ලෝ ආස්ත්‍රේ කරන එකනේ .
එයාලා හොයන්නේ නිදහස
ඒ කෙල්ලට නිති දාන්න බැ තමන්ගේ කියලා .

එහෙම ගිහින් ඒ කෙල්ලත් දාලා යනවා .
එතකොට අර පරණ කෙනා මතක් වෙනවා .
එතකොට එයා හිත හදන් ඉවරයි
ඒ කෙල්ල වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බත් නැතත් ආය අර කොල්ලා ගාවට එන්නෑ.
කෙල්ලෙක් දෙයක් අයින් කරන්නේ ආය සදහටම .
අර කොල්ලා ඒ කෙල්ල මත්තේ නැහෙනවා එකල්ලා පිස්සෙක් වෙනවා.

එත් නම යන්නෙ අර වටේ යන කෙල්ලෙක් ජාරා කෙල්කෙක් නිසා අහිංසක කොල්ලෙක් නැති උනා, පිස්සු හැදුනා කියලා .
සමහරවිට ඒ වටේ යන කෙල්ලෙක් කියන්නෙත් කොල්ලෙක්ගෙන් මෙහෙම විදවිමක් හම්බුන කෙනෙක් වෙන්න ඇති .

කාට හරි දෙයක් කියන්න කලින් ඇතුලේ තියෙන කතාව දැනගෙන කතා කරන්න ඔනි. අපි කව්රුත් දන්නැ එක එක කෙනාගේ හිතේ තියෙන දෙවල්.

-- සශිනී සිතාරා --

මට තියෙන්නෙ එක ආදරයයි ඒ මැණික නුබේ ආදරේ විතරයි...මට තියෙන්නෙ එක පැතුමයි... හැම ආත්මයකම ඔය හිතේ අයිතිය වෙන එක විතරයි...මට...
15/02/2022

මට තියෙන්නෙ එක ආදරයයි ඒ මැණික නුබේ ආදරේ විතරයි...

මට තියෙන්නෙ එක පැතුමයි...
හැම ආත්මයකම ඔය හිතේ අයිතිය වෙන එක විතරයි...

මට තියෙන්නෙ එක බලාපොරොත්තුවයි
අපේ මේ ආදරේ රැක ගෙන නුබේ හීනත් ඉටු කරගෙන දෙන්න එක්ක සතුටින් ජිවත් වෙන එකයි...

මට මහා ලොකු හීන නෑ මැණික
නුබේ එක්ක ලස්සනට ජිවත් වෙන්න නුබව සතුටින් තියන්න ඒ වගේ පුංචි හීන විතරයි...

මං දකින හැම හීනයකම ඉන්නේ නුබ විතරයි
නුබ මහා කොලමක් මට ලෝකයක් වටින
මගේ ජිවිතේ මට ලැබුන ලස්සනම ආදරය ඒ ඔයාගේ ආදරේ විතරයි...

නපුරු වෙලා නුබ මට බැන්නට ඒ වචනවල තියෙන්නේ නුබේ පරිස්සම ආදරේ කියලා මං දන්නවා...

එකයි මෙච්චර ලෝභ මං ඔය ආදරේට
සත්තයි නුබ නැති ලොවක් නෑ මට....

-- Chanuri devinya --

මැණික අද වැලන්ටයින් 🙂ඔයා එක්ක හිටපු හැමදවසක්ම හැම මොහොතකම මට වැලන්ටයින් මැණික .ඔයාගේ හිතේ මන් නෑමගේ හිතේ ඉන්නෙම ඔයා මෙ ක...
14/02/2022

මැණික අද වැලන්ටයින් 🙂

ඔයා එක්ක හිටපු හැමදවසක්ම
හැම මොහොතකම මට
වැලන්ටයින් මැණික .
ඔයාගේ හිතේ මන් නෑ
මගේ හිතේ ඉන්නෙම ඔයා
මෙ කදුලු ඇස් වල ඔයාට තියෙන ආදරෙ මැණික .
ඒ ආදරෙ එදා වගෙම අදටත් ඊටත් වඩා ගොඩක් පරිස්සමෙන් තියෙනවා අඩුවෙලා නැ .
ඔයා ආය ආවොත් ගන්න එපා කියලා හැමොම කියනවා .
මෙච්චර ආදරෙ කරද්දී මන් කොහොමද නොගෙන ඉන්නේ මැණික .
තවමත් කල්පනා කරනවා මන්
මගෙන් උන අඩුව මොකද්ද ඇයි දාලා ගියේ කියලා .
අපි කොච්චර ආදරෙන් හිටියද .
මාව මතක් උනේ නැද්ද කියලා ඉස්සර වගේ අහන්න ආසයි .
එත් මන් ඔයගේ බ්ලොක් ලිස්ට් එකේ .
මටත් පුදුමයි මේ තරම් ඇයි මන් ආදරෙ කරන්නේ කියලා .
මට මේ දැනෙන දුක , පාලුව , තනිකම කොහොමද මැණික දරාගන්නේ .

ආදරෙයි ♥️

හොඳට දන්න තැනක තනිවෙලා බලපන්..හොඳටම දන්න මිනිස්සුන්ට නොදන්න කෙනෙක් වෙලා බලපන්..ආදරය කරන උන් වෛර කරන හැටි බලපන්..ඒ මිනිස්...
13/02/2022

හොඳට දන්න තැනක තනිවෙලා බලපන්..
හොඳටම දන්න මිනිස්සුන්ට නොදන්න කෙනෙක්
වෙලා බලපන්..
ආදරය කරන උන් වෛර කරන හැටි බලපන්..
ඒ මිනිස්සුම උඹට කියන කතා අහගෙන ඉඳලා බලපන්..
ඇඳන් හිටපු ඇදුමත් ගලවලා දුන්න උන් උඹේ ඇඳුමට
හිනාවෙන හැටි බලපන්..
අමාරුම තැන් වලදි ලඟ හිටපු උන් ඕනෙම
තැන් වලදි උඹව පිට එකෙක් කරන හැටි බලපන්..
හීන වලට යන්න උදව් කරපු උන්ම උඹේ හීන වලට
ගරහන හැටි බලපන්..
උන් වෙනුවෙන් අඬපු උඹට වෙන උන් එක්ක
හිනා වෙන හැටි බලපන්..
උඹට පණ දෙන්න හිටිය උන් උඹව වැරදිකාරයෙක්
කරන්න ගහන ගේම බලපන්..
ඔක්කොම හොඳ වෙලා අන්තිමට උඹ විතරක්
වැරදිකාරයා උන විදිහ බලපන්..
උන්ගෙ වැරදි වහගන්න උඹට ඇඟිල්ල දික්කරන
ලස්සන බලපන්..

අන්න එදාට උඹටම තේරෙයි බැඳීම් මොනතරම් නම් අවස්ථාවාදීද කියලා...

-- Rush Queen official --

ජීවිතේ එක තැනකදී..කොයි තරම් අමතක කරන්න බැරි උනත්..සමහර දේවල්..අමතක කරන්නම වෙනවා..ඒ නැතත්..අමතක කරා වගේ..ලෝකෙට අගවලා..හැම...
12/02/2022

ජීවිතේ එක තැනකදී..
කොයි තරම් අමතක කරන්න බැරි උනත්..
සමහර දේවල්..
අමතක කරන්නම වෙනවා..
ඒ නැතත්..
අමතක කරා වගේ..
ලෝකෙට අගවලා..
හැමෝටම පේන්න නැගිටලා..
කදුලු පිහිදගෙන..
හිත ඇතුලේ වේදනාව අදෝනා දෙනකොට..
මට විතරක්ම ඒ හඩ ඇහෙනකොට..
හැමෝටම පේන්න හිනාවෙන්න වෙනවා..

හරියටම..
උබව අමතක කරගන්න බැරිව..
මේ හිත පොරබදනවා වගේ..
මේ හිත වේදනාව උපරිමෙන් විදවනවා වගේ..
ඒ කොහොම උනත්..
මං දැන් හැමෝටම පේන්න..
හිනාවෙනවා වගේ..

ඒත්..
මං විතරක් දන්න රහසක් තියනවා..
මගෙ වස්තු..
මට උබව අමතක නොවෙන වෙලාවක් නෑ..
උදේ ඉදන් රෑ වෙනකල්ම...
කොහේ මොනවා කරත්..
මුලු හිතේම උබ ඉන්නවා..
මහ රෑට..
අපේ මතක සේරම..
කදුලු වෙලා ඔහේ ගලනවා..

කොහොමද මං අමතක කරන්නේ..
ඔය ඇස්..
ඔය හිනාව..
ඔය කතාව..
ඔය මූන..
ඔය හුස්මටත් ලෝබකම් කරපු කෙනානේ මං..

හිතට හරිම මහන්සියි වස්තු..
උදේ ඉදන් මං හිනාවෙන්න ඕනි..
හිත ඇතුලේ වේදනාව අදෝනා තිබ්බට..
මං හොදින් බව පෙන්නන්නම ඕනි..

මේ තරම් ආදරේ දෙනකොට..
හිතක් පපුවක් නැතිම ගානට..
උබ ගියා තමයි..
ඒත් මගෙ වස්තු..
මගෙ හුස්ම ටිකත් උබම තමයි..
තවමත්.......

-- keshan --

දන්නවද මැනික ඔයාගේ එකම එක හිනාවකට එකම එක බැල්මකට කොච්චර මගේ හිත හදන්න පුළුවන් ද කියලා..ඒ වගේම ඔයා දන්නේ නෑ...ඔයාගේ එකම එ...
11/02/2022

දන්නවද මැනික
ඔයාගේ එකම එක හිනාවකට
එකම එක බැල්මකට
කොච්චර මගේ හිත හදන්න පුළුවන් ද කියලා..

ඒ වගේම ඔයා දන්නේ නෑ...
ඔයාගේ
එකම එක පොඩී නපූරැ වචනයක් ට කොච්චර නම් මන් අඩනවද..
විදවනවද කියලා...

ඔව් සමහර වෙලාවට ආදරේ කියන්නේ දරා ගැනීමක්..
මොකද ,
අපි දැන දැනම අපිව රිද්දන මිනිස්සුට ආදරේ කරනවා..
එයාලාගේ පොඩී ම පොඩී වචනයක් ගානේ අඩනවා
ඒ වචන ඇතූලේ ඒ ආදරේ හොයනවා...

හැබැයි .......... ,
ආදරේ කියන්නේ වේදනාවකම විතරක් නෙමෙයි
ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඔයාගේ ජීවිතේට
දවසක ලැබේවී.......

ඔයාගේ අම්මා තාත්තා ඔයාව පරීස්සම් කරන තරමටම ඔයාව පරිස්සම් කරාවී..

ඔයා දූකින් ඉන්න වෙලාවකට ඔයාගේ හිත හදාවී...

මට මේක කරගන්න බෑ කියන වෙලාවට
" ඉන්න මන් ඉන්නවා කරලා දෙන්නම් "
කියලා ඔයාගේ පස්සෙන්ම ඉදීවී..

ජිවිතේ හැම වැටෙන අඩියක් ගානෙම
" ඔයාට පුළුවන් මාත් ඉන්නවා "
කියලා කියන කෙනෙක් ඔයාටත් ලැබේවී..

ඒත් ඔයාලා හිතනවා ඇතී එහෙම අය නෑ නේද කියලා..
එහෙම මිනිස්සු ඉන්නවා තමනගේ
ආදරේ වෙනුවෙන් ඕනම වෙලාවක එයා එක්කම ඉන්න...
ජිවිතේ හරීම දේ එක සැරේ ලැබෙන්නේ නෑ
ඒත් හරී වෙලාවට ඔයාට
ඔයා කැමති ඔයා හොයපූ කෙනාව ඔයාටත් ලැබේවී...

-- chanuri devinya --

උබේ එක වචනයක් ඇති බන් මට නිවෙන්න........දන්නවද මැණික උබට මන් කොච්චර ඇබ්බැහි වෙලාද කියලා ..........උබව ඒනාඩියකට දෙකකට දැක...
10/02/2022

උබේ එක වචනයක් ඇති බන් මට නිවෙන්න........

දන්නවද මැණික

උබට මන් කොච්චර ඇබ්බැහි වෙලාද කියලා ..........

උබව ඒනාඩියකට දෙකකට දැක්කත් ඇති බන් මේ හිත පිරෙන්න........

උබ ආගමක් නම් මන් ඒ ආගම අදහන බැතිමතෙක් මැණික......

ආසයි බන් මාත්

උබත් එක්ක එකතුවෙලා හීන දකින්න ..........

උබත් එක්ක අතොරක් නැතුව කියවන්න.........

උබත් එක්ක ලොකෙ වටේ ඇවිදින්න ...........
මාත් ආසයි මැණික

මට උබව ඕන බන්

පැයකට දෙකකට සතියකට මාසෙකට අවුරුද්දකට නෙවෙයි මුලු ජීවිත කාලෙටම මට උබව ඕන මැණික ...........

මන් උබට ආදරේ කරන තරමට වෙන කවුරුවත් ආදරේ කරන්නැතුවැති මැණික........

උබට මගෙ ආදරේ සමහරවිට වටින්නැතුවැති බන්.......

ඒත්

දවසක උබට තේරෙයි මන් තරම් උබට ආදරේ කරපු කෙනෙක් නැ කියලා.........

ආදරෙයි මහ ගොඩක්
පණ තියන තුරාවට
නුබෙ නමින් මා හද
ලියැවී අවසන් මැණික

-- Siluni Vinhara --

කෙනෙක් සතුට ලබද්දි අනෙකා විදවන බැදීමක් මොකටද ?බැදීමකදි එක්කෙනෙක් විතරක් ආදරේ විදලා වැඩක් නැහැ අනිත් කෙනා ඒ බැදීමෙන් විදව...
09/02/2022

කෙනෙක් සතුට ලබද්දි අනෙකා විදවන බැදීමක් මොකටද ?

බැදීමකදි එක්කෙනෙක් විතරක් ආදරේ විදලා වැඩක් නැහැ අනිත් කෙනා ඒ බැදීමෙන් විදවනව නම්.
*ඉතින් තමන් සතුටක් ලබද්දි අනෙකා විදවන ආදරයක් බැදීමක් මොකටද ?*
ඒ බැදීමෙන් කෙනෙක් විදවද්දි අනෙකා සතුටු වෙනව නම් ඒ සතුටෙන් ඇති වැඩක් නැහැ. *කෙනෙක්ගෙ හිතක් රිද්දලා ඒකෙන් සතුටු වෙනව නම් ඒක මනුෂ්‍ය ගතියක් වෙන්න බැහැ.*
තමන්ගෙ ආදරෙන් බැදීමෙන් අනිත් කෙනාට සතුටක් නැත්නම් ඒ බැදීමෙන් ඈත් වෙන්න.
ඔව් ඔයාලා හිතනවා ඇති කොහොමද මෙච්චර ආදරේ කරලා එහෙම ඈත් වෙන්නෙ කොහොමද මන් මගෙ ආදරේ වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්නේ කියලා.
ඒත් පොඩ්ඩක් හිතන්න එයාගෙ සතුට ගැන.

අපේ හිත් හරි ලෝබයි බන් ආදරෙන් ඈත් වෙන්න
අපි ආත්මාර්ථකාමියි ආදරේ ලගදි ...ඒත්,
අපිට කොච්චර දුකක් උනත් කොච්චර අකමැත්තෙන් උනත් අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් අපි ඈත් වෙන්නම වෙනවා.
ආදරේ දි ඒ වගේ කැපකිරීම් කරන්න වෙනවා♥️

*එතනයි සැබෑ ආදරේ තියෙන්නෙ♥️.*

Siluni Vinhara

උබ මගේ ජීවිතේට එන්න කලින් මට තිබුණේ පාලුවක් විතරමයි ......පාරේ අත් පටලන් යන ලස්සන කපල් දැක්කම මටත් හිතුනා අනේ මටත් එහෙම ...
08/02/2022

උබ මගේ ජීවිතේට එන්න කලින් මට තිබුණේ පාලුවක් විතරමයි ......

පාරේ අත් පටලන් යන ලස්සන කපල් දැක්කම මටත් හිතුනා අනේ මටත් එහෙම ඉන්න තිබුනා නම් කියලා ......

යලුවො ආදරේ ගැන නිර්වචන දෙද්දි මටත් ආස හිතුනා ඒ හැගීම මටත් රස විදින්න තිබුනා නම් කියලා .......

ඒත් මැණික මට දැන් තමා තේරෙන්නෙ....
එදා ඒ දැනුන පාලුවට ආසවට වඩා
අද උබ නැතුව මම මේ විදින වේදනාව තනිකම සාංකාව මහ දුකක් කියලා ........

අත් පටලන් යන ජෝඩුවක් දැකපු තැන ඉස්සර වගේ නෙමෙයි දැන් කදුලු කැට වැටෙනවා මටත් නොදැනිම .......

යාලුවො එක්ක කතා කරන්න හිතක් නෑ මට මනස පිලි ගන්නෙ නෑ උබ දැන් මගෙ ලග නැති බව.......

කටට ගත්ත බත් කට උගුරෙන් හිර වෙන්නෙ උබ ගැන හිතලම .......
දැනුයි මට තේරෙන්නෙ ඒ තනි කමේ අඩුව පුර වන්න ගිහින් මම කර ගත්ත මෝඩ කම......
උබට ආදරේ කර වරදට මම දැන් විදවනවා හැම මොහොතකම......

-- Nimesh madushan --

ආදරය හරි ලස්සන හැගීමක් වෙන්න ඇති නේද...මං තනිකඩයි   තනිකඩ ජීවිතේ පට්ට ආතල් කිව්වට දන්නවද ......සමහර දවස්වලට සමහර වෙලාවලට...
07/02/2022

ආදරය හරි ලස්සන හැගීමක් වෙන්න ඇති නේද...

මං තනිකඩයි
තනිකඩ ජීවිතේ පට්ට ආතල් කිව්වට දන්නවද ......

සමහර දවස්වලට
සමහර වෙලාවලට මටත් හිතෙනවා වහින වෙලාවට තුරුලු වෙලා ඉන්න.
මොකක් හරී පිස්සුවක් නටලා එයාව තරහ ගස්සලා එයාගේ රතූ උන ඒ මූන දිහා බලන් ඉන්න.
රෑ එලි වෙනකම් කියව කියව ඉන්න.
එකතුවෙලා පිස්සු වැඩ කරන්න . මටත් මගේම කියල ආදරයක් තිබුන නම් කියලා.......

ඒත් ඉතින් ඒ දැනෙන මහා තනි කම පාළුව අස්සෙන් හිත හිනාවෙවී කියනවා
"අපිට ඔය ප්‍රශ්න නෑනේ අපි single life full ආතල් එකේ ඉන්නේ කියලා.............
නැත්තන්
හිතන්නේ ඕවා කරලා අඩනවට වඩා මේ යන ආතල් එක හොදයී නේද කියලා ..........."

ඒත් වෙලාවකට හිතෙනවා මේ ජීවිතේ හරිම තනියි
ගොඩක් පාලූයී කියලා....

දෙමව්පියන්ට කියන්න බැරි දේවලුත් අපේ හිත් වල තියනවා......
love කරන්න කලින් target cover කරාට මොකද දැන්නම් මට ගොඩක් තනියී.
ගොඩක් මහන්සි ගොඩක් පාලූයී.
චූට්ටක් නෙමෙයි
ගොඩාක් ගොඩාක් ගොඩාක්..........

ඒත් තාමත් මං ඉන්නේ මං කෙනෙක් හොයාගත්තෙ නැති එක හොදයි කියලා ......
මොකද මට දවසක මගේම වෙන එකෙනාට කියන්න පුලුවන් ඔයාට විතරයි මගේ අදෙරේ දුන්නේ කියලා...
මගේ හිතේ හිරවෙලා පුපුරන්න ඔන්න මෙන්න තියන මගේ ආදරේ එයාට දෙන්න පුලුවන්.....

ඒත් දැන්නම්
මේ හිතට ගොඩක් පාලූයී..
කියාගන්න බැරී තරම්ම........... 🥺🦋❤️

-- chanuri devinya --

කසාද බැඳලා ටික කාලයක් ගියාම ගෑනිට මිනිහා එපා වෙනවා. මිනිහට ගෑනි එපා වෙනවා. එදා ඉඳන් දෙන්නා පිට යන්න පාරවල් හොයන්න ගන්නවා...
06/02/2022

කසාද බැඳලා ටික කාලයක් ගියාම ගෑනිට මිනිහා එපා වෙනවා. මිනිහට ගෑනි එපා වෙනවා. එදා ඉඳන් දෙන්නා පිට යන්න පාරවල් හොයන්න ගන්නවා. ඒක කොහොමත් එහෙම වෙනවා ! "
ඒ මගේ මිත්‍රයාගෙ කොළ අත. ඉතින් අපි අදින්න පටන් ගන්නවා.

ළපටි මම හැමදාම තර්ක කළේ ඒක ආදරේ පරණ වීම සම්බන්ධ ප්‍රශ්නයක් විතරයි කියලා. " උඹ පොඩි වැඩියි උඹට තාම ඔව්වා තේරෙන්නෙ නෑ ! " කියලා හැමදාම වාදය අවසන් වුණත් මම හැමදාම ආයෙමත් ඒක අවුස්සලා දානවා.

ගෑනුන්ට මිනිස්සුන්ට කාලයක් ගියාමත් එපා නොවී ආදරේ කරන්න බැරිද ...

කසාදයක් බඳින්න ගියාම "මාව ඇති තරම් පරීක්ෂා කරලා බලලා කසාද බඳින්න " කියලා කිසිම ආදරවන්තයෙක් කියන්නෙ නෑ.

" උඹ මාව බැන්දෙ නැත්තං මම උඹව මරාගෙන මැරෙනවා " කියලා කියනවා මිසක්..

" කෙනෙක් ගැන අපි ගොඩ නගාගත්තු ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම කැඩිලා බිඳිලා ගියාට පස්සෙත් යමක් ඉතුරු වෙනවා නම්, ඒ තමයි ප්‍රේමය ! "

ඉතින් අපිට බැරිද හැමදාම මල් පිපෙන ගානට හැසිරෙන්න. හැම දවසකම අලුතින් ආදරේ කරන්න පටන් ගන්න !

බෑනෙ ! ගෙදර ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් ගෙවල් කුලී , උද්ධමනය , ආර්ථික අවපාතය , දළ ජාතික නිශ්පාදිතය , පක්ෂ දේශපාලනය.. අලි මදිවට කොටි කියලා අන්න පොඩි එකාට හෙට ඉස්කෝලෙ එද්දි දිය හොල්මනක් හදන් එන්න කියලා !!!

ඔය සේරම අස්සෙ ගෑනිටයි මිනිහාටයි මගුල් නටන්න වෙලාවක් තියෙනවාද ?

කසාද බැඳපු මිනිස්සු හිතාගෙන ඉන්නෙ ආදරේ අලුත් කරගන්න සති දෙකක් නිවාඩු දාලා සිංගප්පූරු ගිහින් එන්න ඕන කියලා. ඒ මිනිස්සුන්ට අමතකයි තමුන්ලා කොන්දොස්තර අහක බලන තප්පරේටත් අල්ලලා ඉඹගත්තා කියලා. ඒ එක පුංචි තප්පරේ මාසයක් විතර ස්මරණය කර කර වින්දා කියලා !

පරිණත වෙනවා කියන්නෙ පුංචි පුංචි ආදරේ පිරුණු තප්පර විගඩමක් විකාරයක් විදිහට පේන එක නම් මිනිස්සු පරිණත විය යුතු නෑ. බැන්දට පස්සෙ මිනිස්සු බස්සො වෙනවා නම් මිනිස්සු කසාද බඳින්න ඕනත් නෑ. එහෙම ඕනම නම් ඒ අය බැඳලා ටික කාලයක් ගියාම එකාට එකා එපා වෙනවා , ඊට පස්සෙ පිට යන්න පාරවල් හොයනවා කියන කාරණාවට නහයෙන් අඬන්න අවශ්‍ය නෑ.

ආදරයක තියෙන " wow " එක හැමදාටම පරණ නොවී තියාගන්න කෙනෙකුට පුළුවන් නම් , අනිත් කෙනා කවදාවත් තොරොම්බල් අතරෙ අතරමං වෙලා සබන් බෝල හොයාගෙන යන එකක් නෑ.

ආදරේ ඇතුළට යක්කුන්ට රිංගන්න පුළුවන් විදියෙ හිස් තැන් හදන්න එපා. ඒක තමයි පරණ නොවී ආදරය කිරීමේ රහස !

-- chanuri devinya --

ජීවිතේට හොයාගනින් පිරිමියෙක්උඹව සැරින් සැරේ අඬවලාආතල් එකේ ඉන්න එකෙක් නෙමෙයිඋඹ අඬද්දිඋගේ පපුවත් පිච්චෙන එකෙක්උඹ ප්‍රශ්නෙක...
05/02/2022

ජීවිතේට හොයාගනින් පිරිමියෙක්
උඹව සැරින් සැරේ අඬවලා
ආතල් එකේ ඉන්න එකෙක් නෙමෙයි
උඹ අඬද්දි
උගේ පපුවත් පිච්චෙන එකෙක්

උඹ ප්‍රශ්නෙක ඉද්දි
කතා නොකර පාඩුවේ ඉන්න
එකෙක් නෙමෙයි
උඹගෙ හිතට පොඩි හරි සැනසීමක්
පොඩි හරි සතුටක්
ගෙනත් දෙන්න දඟලන එකෙක්

සල්ලි පස්සෙයි ලස්සන පස්සෙයි
දුවන එකෙක් නෙමෙයි
උඹේ ඔය හිත අස්සෙ පැලෙන්න තියෙන ආදරේ
වටිනාකම දන්න එකෙක්
ඒ ආදරේට
මුළු හිතින්ම ආදරේ කරන එකෙක්
ඒ ආදරේ නැති කරගන්න බය එකෙක්

හොයාගනින්
'මට ඕන දේ මම කරනවා'කියන
එකෙක් නෙමෙයි
උඹෙනුත් අහලා උඹ කැමතියි නං විතරක්
ඕනම දෙයක් කරන එකෙක්

නිදහසේ ආතල් එකේ ඉන්න දඟලන
රස්තියාදුකාරයෙක්
නෙමෙයි
කොච්චර නිදහසේ හිටියත්
අම්මට තාත්තට පස්සෙ
උගේ ජීවිතේ පලවෙනිම තැන
උඹට දෙන එකෙක්..

සමහරවිට ලැබිලා ඇති
සමහරවිට උඹත්
එහෙම කෙනෙක් හොයනවා ඇති

ආදරේ කියන්නෙ විඳවීමක් නෙවෙයි
විදවීම් කියන්නෙ ආදරේ එක පැත්තක්
විතරයි
අපි ආදරේ කරනව කියල
පැල් බැදන් විඳවන්න ඕනි නැහැ

තමන්ව දැනෙන
හදවතින්ම ආදරේ දෙන
උඹව තේරෙන
කනෙක් ජීවිතේට
ලං කරගන්න
සුභ පතනව
හදවතින්ම...🤟❤

Copied

කියවිය යුතුම කතාවක් .**************************** විවාහ ජීවිතය එපාම වී ගිය තරුණියක් තම සැමියාව මරා දමන්නට සැරසුනාය. එක් ...
04/02/2022

කියවිය යුතුම කතාවක් .
****************************
විවාහ ජීවිතය එපාම වී ගිය තරුණියක් තම සැමියාව මරා දමන්නට සැරසුනාය.

එක් උදැසනක ඇය තම මව වෙත ගොස් මෙසේ කීවාය.
"අම්මේ, මට දැන් මගේ මනුස්සයා ඇති වෙලා තියෙන්නේ. තවදුරටත් ඒ මිනිහගේ විකාර වැඩ ඉවසන් ඉන්න බැහැ . මට ඌව මරලා දාන්න ඕන. ඒත්, නීතිය ඉඳිරියේ වරදකාරියක් වෙයි කියලා භය හිතෙනවා. අම්මේ, ඔයා මට උදව් කරනවා නේද?"

මව ඇයට පිළිතුරු දෙන්නට විය:
- "ඔව් දුවේ, මට පුලුවන් ඔයාට උදව් කරන්න. ඒත්, ඒකට පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා."

"මොකක්ද කරන්න ඕන? ඒ මිනිහව ඉවරයක් කරන්න ඕනම දෙයක් කරන්න මං ලෑස්තියි."
දියණිය පැවසුවාය.

"හරි", මව යළිත් පවසන්නට විය,
"මුළින්ම ඔයා ඔහුත් එක්ක සමගි වෙන්න ඕන, එවිට, ඔහු මිය ගිය විට කිසිවෙකුත් ඔයා ගැන සැක හිතන්නේ නැහැ.
ඔහුගේ හිතේ ඔයා ගැන වැඩිමනක් ආකර්ෂණයක් ඇතිවෙන විඳියට ඔයා ඔයාගේ පෙනුම ලස්සන කරගන්න ඕන.
වෙනදටත් වඩා ඔයා ඔහු ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන. ඒ වගේම, ඔහුට ප්‍රියමනාප බවක් ඇතිවෙන විඳියට හැසිරෙන්න ඕන.
වෙනදාට වඩා ඉවසිලිවන්ත වෙන්න ඕන. pඒ වගේම ආදරණීය වෙන්න ඕන. ඉරිසියාවත් ටිකක් අඩු කරගන්න ඕන. ඔහු කියන දේවල් වලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕන වගේම ඔහු කෙරෙහි ගෞරවණීය වෙන්න, කීකරු වෙන්නත් ඕන.
ඔයාගේ මුදල් ඔහු වෙනුවෙන් වියදම් කරන්න. ඔහු ඒක ප්‍රතික්ෂේප කරොත් තරහ ගන්නත් එපා.
ඔහු සමඟ වාද කරන්න යන්න එපා. ඔහු මිය ගිය විට කිසිවෙකුත් ඔයා ගැන සැකයක් නොහිතන තරමට සමගියෙන්, ආදරයෙන් ඉන්න. දවස් තිහක් මේ විඳියට කරොත් කිසිම ප්‍රශ්නයක් නොවෙන විඳියට එයාව මරලා දාන්න ඔයාට පුළුවන්."

"ඔයාට මේ පොඩි දේවල් ටික කරන්න පුළුවන්ද?"
මව විමසුවාය.

"ඔව්, මට පුළුවන්.."
ඇය පිළිතුරු බැන්ඳාය.

"හරි,"
එසේ කියමින් මව තම දියණියගේ සුරත මත යමක් තැබුවාය.

"මේ කුඩු වලින් ටික ටික එයාගේ හැම කෑම වේලකටම එකතු කරන්න, ඒකෙන් එයා ටිකෙන් ටික මිය යන්න පටන් ගනීවි."

මවට සමුදුන් දියණිය තම නිවෙස වෙත ගොස් මව පැවසූ සියල්ල එසේම කරන්නට විය.

දින තිහක් ගතවන්නටත් පෙර ඇය යළිත් තම මව හමුවන්නට ආවාය.

"අම්මේ, මට තවදුරටත් මගේ සැමියාව මරන්න උවමනාවක් නැහැ. මං දැන් සම්පූර්ණයෙන්ම ඔහුට ආදරෙන් ඉන්නේ, එයත් දැන් හුඟාක් වෙනස් වෙලා. ඔහු මං හිතුවාටත් වඩා ආදරණීය ස්වාමිපුරුෂයෙක්.
මට ඔහුට මැරෙන්න දෙන්න බැහැ. මං කොහොමද ඒ විෂ එයාගේ ඇගෙන් ඉවත් කරන්නේ?
අම්මේ, අනේ මට උදව් කරන්නකෝ.."

ඇය දුක්මුසු ස්වරයෙන් මව ඉඳිරියේ බැගෑපත් වූවාය.

" ඉතිරිය පලමු Comment එකෙන් බලන්න... "

Address

Makandura

Alerts

Be the first to know and let us send you an email when Dil Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dil Magazine:

Videos

Share

Category


Other Makandura media companies

Show All