A5 News Sri Lanka

A5 News Sri Lanka News Channel For advertisements contact +94718449424
(2)

සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය ත...
03/02/2025

සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීමයි. එසේම සැබෑ නිදහස තහවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ හෝ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත්වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතුව ඇත. එවිට සමාජය තුළින්ම සාධාරණත්වය පිළිබිඹු වේ.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම, වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇත. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථිකය නඟාසිටුවීමට මුල්තැන දෙමින් සියලුදෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි තීරණ ගැනීමේ භාරදූර කාර්යය කළ යුතුව ඇත. සෑම දෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනගන බවට අප ඔබට පොරොන්දු වෙමු.

එසේම මෙම ‍ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි මම ඉල්ලා සිටිමි.

ආචාර්ය හරිනි අමරසූරිය.
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු.අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී...
03/02/2025

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු.

අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රව‍ර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇත. පසුගිය සියවසේ අපට අහිමි වූ සහ අපට මඟහැරුණු පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යළි ගොඩනඟා ගැනීමේ අභියෝගය සමඟ අපි සැමදෙනා මේ වන විට සාමුහිකව පොරබදමින් සිටිමු.

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුය. රුහිරෙන් කඳුලින් අරගල කළ ඉතිහාසයේ සියලු විරුවන්ගේ කැපකිරීම්වල අපේක්ෂාව වූයේ ද එයයි. ඒ අනුව පුද්ගලිකවත් සාමූහිකවත් අප ඒකීය පද්ධතියක් ලෙස සමාජීය, පාරිසරික හා ආචාරධාර්මික මං ඔස්සේ සංවර්ධිත නූතන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟිය යුතුය.

නව රජය ලෙස එහිදී පසුගිය මාස හතර තුළ මූලික වශයෙන් සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස කරමින්, දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස බැලීම හා සැලකීම කෙරෙහි ජනතාව මෙහෙය වීම හා නීති බල ගැන්වීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ අපගේ මුඛ්‍ය පරමාර්ථ සාධනය කර ගැනීම සඳහා වූ ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී එළැඹුම සනිටුහන් කරමින්, අවදානමට ලක් වූ හා ලක් විය හැකි කිසිඳු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණ සැකසීම, අපට මඟහැරුණු නව්‍ය විද්‍යා හා තාක්ෂණ දියුණුව අත්පත් කර ගැනීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීම, දූෂිත පාලකයන් සිටින රටක් ලෙස වූ පූර්ව නිගමනය බැහැර කර ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමග වඩා විශ්වාසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ යළි ශ්‍රී ලංකාව සන්නාම ගත කිරීම යන කාර්ය වෙත අපගේ අවධානය යොමු විය.

මේ අනුව පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටී. අපගේ පොරොන්දුව පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටිමු. ඒ අනුව දැන් ඇත්තේ ඉහත කී පදනම මත ක්‍රමානුකූලව සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරගැනීම පිළිබඳ වූ ඉතිහාසයේ වඩා නිර්මාණශීලීම කාර්‍යය නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට රැගෙන යාමයි. ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, නිදහස පිළිබඳ වූ නූතන සුසමාදර්ශයක් ගොඩනැඟීමේ කාර්යය හා එක්වන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 77 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 පෙබරවාරි 04 දින

03/02/2025

'ආයුබෝවන්
අද මාධ්‍ය සාකච්ඡාවේ දී
අපි කතා කරන්නේ
රැවටීම සම්බන්ධයෙන්'

- සාගර කාරියවසම්

03/02/2025

'කට්ටිය අහනවා
අපි එකතු වෙනවද කියලා
ඔව් හැම කෙනෙක් එක්කම
අපි එකතු වෙනවා'

- හේෂා විතානගේ

03/02/2025

කොළඹ වරායේ බහාලුම් තදබදයට
බ්ලුමැන්ඩල් පරිශ්‍රයෙන්
කෙටි කාලීන විසඳුමක්

03/02/2025

ඡන්ද හිමි නම ලේඛනයේ
නම තියෙනවා ද?
නැතිනම් මෙහෙම කරන්න

දිවයින පුරා සියලුම සුරාසැල් හෙට (04) දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා. 77 වන ජාතික නිදහස් සමරු උත්සවය වෙනුවෙන් මෙලෙස සු...
03/02/2025

දිවයින පුරා සියලුම සුරාසැල් හෙට (04) දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා. 77 වන ජාතික නිදහස් සමරු උත්සවය වෙනුවෙන් මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි, සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා සඳහන් කරන්නේ. එම කාලය තුළ අදාළ නීතිය කඩකරන මත්පැන් හල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන්කර සිටියා.

03/02/2025

එකතු වීම ගැන
තවම ලොකුවට කතා කළේ නැහැ
ස්ථාන 3කදී 4 වතාවක්
විතරයි කතා කළේ

- ගයන්ත කරුණාතිලක

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මෙරට පළමු සභාපතිත්වය හෙඹවූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද...
03/02/2025

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මෙරට පළමු සභාපතිත්වය හෙඹවූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 85ක්. 1940 වර්ෂයේදී උපන් ඔහු මෙරට සහ කලාපයේ ආයතනික තනතුරු රාශියක් දරා තිබුණා. දිවයිනේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා ලෙසත්, බ්‍රැන්ඩ්ක්ස් ලංකා සමාගමේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන සංස්ථාවේ දකුණු ආසියානු කලාපීය අරමුදලේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක පත්කර තිබෙනවා.ඒ අනුව බලශක්ති අමාත්‍ය කුමාර ...
03/02/2025

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක පත්කර තිබෙනවා.

ඒ අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති රත්නායක මහත්මිය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ්‍රී ලාංකිකයා බවයි සඳහන් වෙන්නේ.

77 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් මේ මස 01 වනදා සිට 07 වනදා දක්වා සතියක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය එසවීමට සහ ග...
03/02/2025

77 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් මේ මස 01 වනදා සිට 07 වනදා දක්වා සතියක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය එසවීමට සහ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, හෙට සහ අනිද්දා යන දෙදින තුළ පමණක් රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමටයි රජය සැලසුම්කර ඇත්තේ. ඊට අදාල උපදෙස් පත්‍රිකා මාලාවක් රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමු කර තිබෙනවා.

03/02/2025

වැඩබලන අභියාචනාධිකරණ
සභාපති විනිසුරු ලෙස
මොහොමඩ් ලෆාර් තාහිර්
පත් කෙරේ

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා...
03/02/2025

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද පවසනවා. ඒ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

"සමස්තයක් විදියට රාජ්‍ය සේවයේ පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට සන්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය සේවය සමස්තයක් විදියට කළමනාකරණය කරන්න අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් යම් යම් සංශෝධන ගනිමින් ඉන්නවා. එළැඹෙන 17 ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් රුපියල් බිලියන 90ක අති විශාල මුදලක් වැය කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න තීන්දු කරලා තියෙනවා. 13 ලක්ෂයකට සහන සැලසෙනවා. අපි අවබෝධ කරගත යුතුයි, විශේෂයෙන් රාජ්‍ය සේවයකයින් අපි මේ ලබාගන්නා ප්‍රතිලාභවලින් මොන තරම් දේවල් මහජනයාට ආපහු ලබාදිය යුතුද කියලා"යැයි අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 82 වියේ පසුවුණා.හැ...
03/02/2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 82 වියේ පසුවුණා.

හැරී ජයවර්ධන ලෙස බොහෝ දෙනා හඳුන්වන දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන උපන්නේ 1942 අගෝස්තු 17 දිනයි. ඒ ජා-ඇල ප්‍රදේශයේ දී යි.

හැරී ජයවර්ධන තේ ව්‍යාපාරිකයකු ලෙස කොළඹ පිහිටි බ්‍රිතාන්‍යයට අයත් තේ අපනයන ආයතනයකට සම්බන්ධව ව්‍යාපාරික ලෝකයට එක්ව සිටි අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ තේ අපනයන ඒකාධිකාරය පාලනය කළ තේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසයි කටයුතු කළේ.

1977 සැප්තැම්බර් 7 වන දින තේ අපනයනය කිරීම සඳහා Stassen Exports Limited ආරම්භ කර තිබෙනවා.

1992 දී ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ ප්‍රමුඛතම ආයතනය සේ පසුව සලකනු ලබන ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම (DCSL) සමඟ එක්වුණේ එවකට කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ගනුදෙනුවක් හරහා යි.

හැරී ජයවර්ධන මියයන විට මෙරට සමාගම් ගණනාවක ප්‍රධාන කොටස් හිමියෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ද වුණා. වැවිලි සමාගම් ගණනාවක්, සංචාරක හෝටල් ගණනාවක්, තේ අපනයන සමාගම් සහ ප්‍රමුඛ වාණිජ බැංකු දෙකක්ද ඒ අතර වෙනවා. ඊට අමතරව පශු සම්පත් සමාගම්, රක්ෂණ සමාගමක් ආදියත් ඔහු සභාපතිත්වය දැරූ සමාගම් අතරට එක්වෙනවා.

හැරී ජයවර්ධන ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලබා දෙන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධුරය දැරූ අතර ඊට පෙර ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ජාත්‍යන්තර වෙළෙඳ හා විදේශ ආයෝජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාද වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන...
03/02/2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන අසත්‍ය පුවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (2) පස්වරුවේ කරුණු පැහැදිළි කිරීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ජනාධිපතිවරයා ඉකුත් 31වනදා සිදුකළ යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා කල බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව අවධාරණය කරන්නේ.

එම සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා නොකල බවත්, ඒ සඳහා සිය නිල මෝටර් රථයෙන් ගමන් කල බව ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම එහි සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පළමු වරට අග්‍...
03/02/2025

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම එහි සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පළමු වරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා (30) රැස්වී තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් කළ යුතු ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ගිණුම් සකස් කිරීම සහ කඩිනමින් විගණන කටයුතු සිදු කිරීම, සේවා අවශ්‍යතා හඳුනා ගනිමින් අනුමත පුරප්පාඩු අනුව පුරප්පාඩු පිරවීම ගැන ද සාකච්ඡාවට බඳුන් කෙරුණා.

අවශ්‍යතා අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සඳහා පුහුණු අවස්ථා ලබාදීම, සංස්කෘතික උරුමයන් නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා පහසුකම් සහ සනීපාරක්ෂාව සැපයීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර සංවර්ධනය වෙමින් පවතින සංචාරක ⁣ක්ෂේත්‍රය තුළ සංචාරකයන් සඳහා ගුණාත්මක සේවාවක් ලබා දීමත්, මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම ඇතුළු කාරණා පිළිබඳ අදාළ ආයතන සමඟ ඉදිරියේ දී සාකච්ඡා කිරීමට මෙහිදී එකඟතාව පළ වී තිබෙනවා.

සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් නිලන් කුරේ මහත්වරු ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සාමාජිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි වාතා වන්නේ.

02/02/2025

"ගමින් ගමට"
නාමල් අනුරපුරයෙන්
පොහොට්ටුවේ වැඩ අල්ලයි

ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රජයේ රෝහල් පද්ධතියට අඛණ්ඩව සැපයීම මෙන් ම සාධාරණ මිල ගණන් යටතේ එම ඖෂධ විවෘත ව...
02/02/2025

ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රජයේ රෝහල් පද්ධතියට අඛණ්ඩව සැපයීම මෙන් ම සාධාරණ මිල ගණන් යටතේ එම ඖෂධ විවෘත වෙළද පොළට ලබා දීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අදාළ කටයුතුවලට මඟ පෙන්වීමේ ප්‍රමුඛ වගකීම ඉටුකිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව සදහා නව සාමාජිකයින් පත් කිරීමටයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගෙන ඇත්තේ.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කළා.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුකූලව ජාතික උපදේශන කමිටුව පත්කරන ලද අතර, ඒ සඳහා සභාපතිවරයා ඇතුළුව සාමාජිකයින් 24 ක් පත් කර තිබීම විශේෂත්වයක්.

මෙම කම්ටුවේ සභාපති ධුරයට මහාචාර්ය ලාල් ජයකොඩි මහතා පත් කර ඇති අතර ඒ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ද වනවා.

සෙසු සාමාජිකයින් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් සී. වීරසිංහ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීපා ජයවර්ධන, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා, ශ්‍රී ලංකා ඖෂධ සංගමයේ සහකාර කර්තෘ පාවුල් දේවරාජ්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එම්.ඩී.ජේ.අ‌බේගුණවර්ධන, ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ එම්.කේ.එස්.පී.ජයවර්ධන, සාමාන්‍ය වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ඉයුජින් කුරේ, යන අය ඇතුළත්.

එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය අයි.එල්. කපිල ජයරත්න, පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා, ශ්‍රී ලංකා තත්ත්ව සහතික ආයතනයේ අධ්‍යක්ෂ (රසායනාගාර සේවා) එස්.එච්.එස් මහගම, සෞඛ්‍ය අධ්‍යාපන උපදේශක තෙල්ගේ ශ්‍රීමාල් විජිත පීරිස්, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නලින් කන්නංගර, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ප්‍රතාභන් මයිලයාගනන්, මහජනයා නියෝජනය කරමින් හිටපු මහාචාර්ය ලාල් ජයකොඩි, වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන උපදේශක සායනික ඖෂධවේදි වෛද්‍ය වී. සෝබනා, ලංකා වෛද්‍ය විද්‍යාලයේ සභාපති මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.කේ. දුල්වලගේ, ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය නිශ්ශංක ජයවර්ධන, මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය නියෝජනය කරමින් වෛද්‍ය අජිත් කුමාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නීති අංශයේ නීති නිලධාරී චමින්දිකා හේරත් යන මහත්ම මහත්මීන් ද එහි සෙසු සාමාජිකයන් වනවා.

ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව සදහා සාමාජිකයින් තිදෙනෙකු පත් කර ඇති අතර එහි සභාපති ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරු විජිත් මළල්ගොඩ මහතාත්, එහි කමිටු සාමාජිකයින් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ යන මහත්වරුන් පත් කර තිබෙනවා.

Address

230/1, Piliyandala Road, Godigamuwa
Maharagama

Alerts

Be the first to know and let us send you an email when A5 News Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A5 News Sri Lanka:

Videos

Share