Shanaka Jayawardhana

Shanaka Jayawardhana Youth Engagement Specialist l Social Activist l Life Coach l Self Defense Instructor l

"Dedicated to empowering young minds and inspiring positive change."

Skilled in youth development, social activism, life coaching,and self-defense training.

19/01/2025

සමහර හමුවීම් තාවකාලිකයි.

වෙන්වීමට වඩා අසීරු, අවාරයේ නුඹව යලිත් මුණ ගැසීමය.අප ආ ගිය, හමු වූ මෙන්ම නතර වූ තැන් ද අද මට මෙන් ම ඔබට ද අහිමිය.අද එහි වෙන උන්ය.

ඇතැම් ආදරණීය තැන්, කාලයා විසින් ද සොරාගෙනය.ඒ මතක මන්දිරයන් පවා අද නැත.

සොඳුරිය,ඇතැම් තැන්හි මා ඇය සමගින් සරණා විට, අතීතයේ නුඹේ සිනහවේ දෝංකාරය මා හද තුල රැව්පිරි දුන්නේය.එය පෙරටත් වඩා අද බලවත් විඩාවකි.

කාලයා බොහෝ දුර අපව ගෙන ගොස්ය.අවසර නැත, නැවත ආපසු හැරීමට හෝ නැවතීමට.ඔබ මෙන් මාද යා යුතුය.

එයට මට ද කාලය අවසර දුනි.ඒ සොඳුරු මතකයන් හදවතේ ගැඹුරු ම තැන නිදන්කරමින්,සැතපුම් දහස් ගණනකට මා ද පියනැගුවෙමි.......

Shanaka Jayawardhana



V.c.අන්තර්ජාලය ඇසුරින්.

ඔබට ජීවිතයේ මිනිස්සූ කී දෙනෙක් නම් මුණගැසුනාද?කී දෙනෙක් සමග ඔබ සිනාසුනාද?.කී දෙනෙක් සමඟ ඔබ කතා කළාද?.කී දෙනෙක් නම්  ඔබ ස...
17/01/2025

ඔබට ජීවිතයේ මිනිස්සූ කී දෙනෙක් නම් මුණගැසුනාද?කී දෙනෙක් සමග ඔබ සිනාසුනාද?.කී දෙනෙක් සමඟ ඔබ කතා කළාද?.කී දෙනෙක් නම් ඔබ සමගින් අමනාප වුණාද?.කී දෙනෙක් නම් ඔබ සමග ගනුදෙනු කළාද?.

බොහෝ විට පිළිතුර, සැබවින්ම නිශ්චිත නෑ.

මිත්‍රයා,අපිට අපේ ජීවිතේ හමුවෙන හෑම කෙනෙක් ම අපිත් එක්ක හැමදාමත් ඉන්නේත් නෑ.ඒ අය අපිත් එක්ක එන දුරක් තියෙනවා.කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත්.ඒ වගේ ම අපිටත්, ඒ අයත් එක්ක යන්නම වෙන දුරක් තියෙනවා.

ඒ වගේ ම ජීවිතේ අපිට හමුවෙන අය නිසාම, අපි කොතරම් නම් වද වුණාද? කොතරම් නම් සිනාසුනාද?කොතරම් හැඩුවද?

කොහොම වුනත්,හමුවන කිසිම කෙනෙක් අපිත් එක්ක හැමදාමත් ඉන්නෑ මිත්‍රයා.

හැබැයි ඒ හැම හමුවීමකම වටිනාකමක් තියෙනවා.එ නිසා මුල දී අපහසු වුණත්,ඒ හමුවෙන හැම හමුවීමකට ම වටිනාකමක් එක් කරන්න අමතක කරන්න එපා.

මොකද ඒ හැම හමුවීමක් ම අපේ ජීවිතයට අවශ්‍යයි.සමහර මිනිස්සු අපේ ජීවිතයට ආවේ,ගියේ ඇයිද කියන එක අදටත් අපිට ප්‍රශ්නයක්.

කාලයක් යද්දී ,සමහර ගැටලු වලට විසඳුම් ලැබේවි.සමහර දෑ ඔබට ම වැටහේවි.

ඒ වගේම තවත් සමහර මිනිස්සුන්ගේ පැමිණිම් හා වෙන්වීම්, අපිට ජීවිතේ කවමදාවත් නොවැටහේවි.

මිත්‍රයා,අපි දුර්වලයන්ට සමාව දෙමු.ඔවුන්ට හැදෙන්න අවස්ථාවක් දෙමු.බැරි ම නම් සතුටින් අත් හරිමු.

අනික හමුවන හැමෝම අපිට එක විදිහට ම සලකන්නේත් නෑ.හරියට අපිත් ඔවුන් හැමෝට ම එකම විදියට සලකන්නේ නැති වා වගේ.

අපි සියලු දෙනා ම, අපිට තියෙන දෙයයි අනිත් අයට දෙන්නේ.ඒ වගේ ම අපි අනිත් අයට දෙන දෙයයි,දිනක අපිට ම ලැබෙන්නේ.
ඒ නිසා ලෝ දහමේ කොහෙවත් අසාධාරණයක් නෑ මිත්‍රයා.මන්ද අපි එක් අයෙකුට හෝ දෙදෙනෙකුට හොඳ උනාට අනිත් හැමෝටම හොඳ නැති නිසා.

මිත්‍රයා, අපේ ජීවිතේට එන බොහෝ අය අපිට පාඩම් කියලා දෙනවා.ඒ අපි ශක්තිමත් කරන්න.නිවැරදි කරන්න.පෝෂණය කරන්න.ඒ වගේම ඇතමෙක් ලස්සන මතක ලබාදෙනවා.සතුටින් ඉන්න. සතුටින් තියන්න.

ඒ නිසා අපි අපේ හැම හමුවීමකට ම වටිනාකමක් දෙමු.
අපි අපේ ජීවිතේට එන හැමෝටම ගරු කරන්න පුරුදු වෙමු.පුළුවන් විදිහෙන් උපකාරයක් කරමු.ඒ තුළ ලස්සන මතකයන් පමණක් අපිට ඉතිරි වේවි.

දිනක ඔවුන් අපෙන් සමු ගන්නා විට, අපට ඔවුන් ගැන ලස්සන මතකයන් පමණක් ම ඉතිරි වේවි.

මම
Shanaka Jayawardhana



p.c.අන්තර්ජාලය ඇසුරෙන්

"හමුවෙන හැම ජිවිතයක්ම අපි ලග නතර වෙන්නේ නෑ."මතකයන් පමණක් අපට ඉතිරි  කරලා ඔවුන් යනවා. නැත්නම් යන තැනට වැඩ කරනවා.ඉන්නකං හැ...
14/05/2024

"හමුවෙන හැම ජිවිතයක්ම අපි ලග නතර වෙන්නේ නෑ."
මතකයන් පමණක් අපට ඉතිරි කරලා ඔවුන් යනවා. නැත්නම් යන තැනට වැඩ කරනවා.ඉන්නකං හැමෝමත් එක්ක සතුටින් ඉන්න.

Shanaka Jayawardhana

VisitingLecturer l Counselor l Trainer l SocialResearcher 🇱🇰



p.c. අන්තර් ජාලය ඇසුරෙන්

Teacher's Diary -" ඔබේ දරුවාට පොත්පත් සියයකින් ඉගෙනීමට  නොහැකි බොහෝ දේ එක් පුද්ගල හමුවකින් හෝ ඇසුරකින් සිදුවනු ඇත." ලෝකය...
13/05/2024

Teacher's Diary -
" ඔබේ දරුවාට පොත්පත් සියයකින් ඉගෙනීමට නොහැකි බොහෝ දේ එක් පුද්ගල හමුවකින් හෝ ඇසුරකින් සිදුවනු ඇත."

ලෝකයේ මිනිස් විවිධාකාරය.ඒ විවිධාකාරත්වය තුළම අපූර්වත්වයක් ගැබ්ව පවතී.එ අපුර්වත්වය ජාතිය, වර්ණය, කුලය,පන්තිය,ආගමික ඇදහිලි විශ්වාස තුළින් ,දේශපාලන භාවිතාවය,ධනය ,බලය මෙන්ම උගත්කම ......ආදිය මත විචලය වේ.

හැකි සෑම විටම ඔබත් ඔබේ දරුවාට පොතක් පතක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙනවා මෙන්ම විවිධත්වයෙන් යුතු මිනිසුන් හා පුද්ගල කණ්ඩායම් ඇසුරු කිරීමට අවකාශය සලසා දෙන්න.ඒ තුළ ඔහු බොහෝ දෑ අභ්‍යන්තරීගතකරණය කරනු ඇත.එහෙම වැදගත්කම වැදගත්කම විවිධ විවිධ සමාජීය න්‍යායන් තුළින් මනාව පෙන්නුම් කර ඇත.
අද වන විට න්‍යායාත්ම දැනුමින් සන්නද්ධ නමුදු අත්දැකීම් තුළින් හා දුර්වල පරුෂත්වන්ගෙන් යුතු දුබල දරුවන් බිහිවීමට මෙය ප්‍රබලව බලපා ඇත. මන්ද එය දරුවාගේ මානසික හා චර්‍යාත්මක,සමාජීය , සංස්කෘතික මෙන්ම සංජායනීය දියුණුව ඉතා ප්‍රබල අවකාශයකින් සීමා වන නිසාවෙනි.

සංස්කෘතික විවිධත්වයෙන් යුතු පුද්ගල ඇසුර නිසාවෙන්ම ,කුඩා කල සිටම ඔවුන්ගේ ඒ විවිධත්වයට ගරු කිරීමට ඔහු නිරායාසයෙන්ම උගනි.නැතිනම් කණ්ඩායමේ අනිත් සගයන් ඔහුට හෝ ඇයට එය කියා දෙති.

එමෙන්ම ඔබත් එය ඔහුට හෝ ඇයට කුඩා කල සිටම කියාදෙන්න.ඔවුන්ගේ වටිනාකම් හා අගනාකම් අගයන් පුරුදු කරන්න.එවිට පුද්ගල හා සංස්කෘතික විවිධත්වයට ගරහන්නෙකු නොවි එයින් වටිනාකම් තම ජීවිතයට උකහා ගන්නා අයෙකු බවට ඔබේ දරුවා ව පත් කළ හැක.

එවිට කිසි දිනක ඔහු හෝ ඇය අනිකාව ජාති ආගම්, කුල, පන්ති, වර්ණයන්...ආදී සංස්කෘති සාධකයන් මත පීඩාවට පත් නොකරනු ඇත. එය මානව පරිනාමණයේ දියුණුම ලක්ෂණයකි.

අප බොහෝ කාරණාවන්ගෙන් සංස්කෘතිකව සාපේක්ෂව දියුණු ජාතියක් වුවද,ඇතැම් විටක දූපත් රාජ්‍යයක් නිසාවෙන් ම අපි සංස්කෘතික සාක්ෂරතාවයෙන් දුප්පත්ව ඇත.
ඒ සංස්කෘතික සාක්ෂලතාවයේ දුර්වලකම නිසාවෙන්ම අද වනවිටත්,අපි රටක් ලෙසත් ,ජාතියක් ලෙසත් බොහෝ දුක්ඛිත තත්ත්වයන්ට පත්වපත්ව ඇත.තවද පත්වෙමින්,පත් කරමින් පවතී.

දරුවන්ගේ ලෝකයන් පුළුල් කිරීමටත් , සුන්දර කිරීමටත් ඔවුන් සංස්කෘතික වශයෙන් සුපෝෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි .ඒ සදහා අවශ්‍ය අවකාශය හා පසුතලය නිර්මාණය කරදිම, දෙමාපියන්ගේ පරම යුතුකමක් හා වගකිමක් ලෙස අප සියලු දෙනාම තේරුම් ගත යුතුය.

එවිට මානව දයාවෙන් තෙත් වු හදවතක් සහිත,අනිකාට ගරු කිරීමට සමත් දරු පරපුරක් අනාගතයේ මත දිනෙක අපට නිර්මාණය කිරීමට අවකාශය සැලසෙනු ඇත.

Shanaka Jayawardhana

VisitingLecturer l Counselor l Trainer l SocialResearcher 🇱🇰




p.c.අන්තර් ජාලය ඇසුරෙන්.

31/03/2024
26/03/2024

Office එකේ auntyත් එක්ක boss ට බනින්න එපා .

23/03/2024

දරුවන්ට භෞතික සැප සම්පත් වලට වඩා ආදරයයි අවශ්‍යය.

20/03/2024

Office partyවල drinks 🍻 ගනිද්දී පරිස්සමෙන් .

ජීවිතයේ  අපිට වැඩියෙන් ම කෙලෙව්වේ,අපි ළඟ ම හිටපු උන්. වැදූ අම්මා ,අප්පච්චි හැරුණු කොට කිසිම එකෙක් තමන්ට වඩා අනිකාට  හරිය...
12/03/2024

ජීවිතයේ අපිට වැඩියෙන් ම කෙලෙව්වේ,අපි ළඟ ම හිටපු උන්. වැදූ අම්මා ,අප්පච්චි හැරුණු කොට කිසිම එකෙක් තමන්ට වඩා අනිකාට හරියනවට කැමති වුණේ නෑ.

07/03/2024
07/03/2024

ඔබත් ආදර්ශමත් පියෙක්ද? මවක්ද.?

05/03/2024

ආයතනය තුළ ඔබේ ප්‍රශ්න පත්‍රය දිගහරින්න එපා.

ඔප්පු කිරීමට නොවෙයි අත්හැරීමට පුරුදු වෙමු.                                       p.c.අන්තර්ජාලය ඇසුරින්.
29/02/2024

ඔප්පු කිරීමට නොවෙයි අත්හැරීමට පුරුදු වෙමු.



p.c.අන්තර්ජාලය ඇසුරින්.

දරුවනේ,ඉගෙන ගනිල්ලා.ගෑණු පිරිමි බේදයකින් තොරව  ඉගෙන ගනිල්ලා.ජාති ආගම් භේදයකින් තොරව ඉගෙන ගනිල්ලා.දුප්පත්, පොහොසත් භේදයකි...
29/02/2024

දරුවනේ,
ඉගෙන ගනිල්ලා.ගෑණු පිරිමි බේදයකින් තොරව ඉගෙන ගනිල්ලා.ජාති ආගම් භේදයකින් තොරව ඉගෙන ගනිල්ලා.දුප්පත්, පොහොසත් භේදයකින් තොරව ඉගෙන ගනිල්ලා.හර විෂයන් , අතිරේක විෂයන් කියලා භේදයකින් තොරව ඉගෙන ගනිල්ලා.

සමාජ මාධ්‍යයන් තුළ විවිධ චරිත හැදුවට,අධ්‍යාපනය දෙවනි කරලා මුදල ඉස්සුවට ,උගතුන්ට ගැරහුවට ඇත්ත ඒක නෙවෙයි.

ජීවිතයේ ගැඹුර ,ජීවිතයේ රසය,ජීවිතයේ අර්ථය දැනෙන්න ,හොයන්න රසවිඳින්න නම් ඉගෙන ගන්නම ඕන.

ශාස්ත්‍රීය හෝ වේවා ,වෘත්තීය හෝ වේවා අධ්‍යාපනයට අඩු ලන්සුවක් තියන්න එපා.මේ ලෝකේ කවදා හරි ,කවුරු හෝ නැති වුනත්, උගත්කම උඹලා ව බඩගින්නේ තියෙන එකක් නෑ.

රුපියල්, සතවලට කවදාවත් උඹලගේ අධ්‍යාපනය අඩු ලංසුවට තියන්න එපා.අධ්‍යාපනය, දැනුම කියන්නේ සල්ලි ගොඩක්ම විතරක් නෙවෙයි.

වචනයකින් හරි තවත් එකෙක් ට ඉගෙන ගන්න ධෛර්යයක් දීපල්ලා. නූගත්කමින් හෙම්බත් වෙච්ච සමාජයක ,කවදාවත් සැබෑ සතුට මුදලින් ගන්න බෑ.

උගතුන්ට ලංකාවේ සාධාරණ වැටුපක් නැත්තේ,ඔවුන් ආර්ථිකව ශක්තිමත් නැත්තේ ඒ උගත්කමට සරිලන රැකියා වෙළඳ වෙළඳපලක් නැතිකමයි.නැතිනම් රැකියාව වෙළඳපොලේ ප්‍රමුඛතාවයන් සමඟින් අධ්‍යාපන ධාරාව සමපාත නොවීමයි.නමුත් අද දවසේ ලංකාවේ සැබෑ ආර්ථික තත්ත්වය හාත්පසින්ම වෙනස් එකක්.

සරලව ලංකාව තුළ පවතින්නේ ආර්ථික පරිහානියක්.දේශපාලනය තුළින් ඇති කරපු කාලකන්නි ආර්ථික පරිහානියක්.

ඒකයි ඇති බහුතරයක් මිනිස්සු අද දවසේ රට හැර යන්නේ.දැඩි මානසික ආතතියකින් පෙලෙන්නේ.

පුද්ගලානුබද්ධ දුර්වලතා නැතුවම නෙවෙයි.කොහොම නමුත් මේක ටිකක් මතබේදාත්මක ලොකු කතාවක්.

සරලව මෙච්චරයි.ඉගෙන ගනිල්ලා.



p.c.අන්තර්ජාලය ඇසුරින්.

සොබාදහමත් අපූරු  උසාවියක්.පොඩි නඩු ඉක්මනින්.ලොකු නඩු හැමදාමත්  පරක්කු වෙනවා.නමුත් දඬුවමේ කිසිදු අඩුවක් නෑ.ඉවසන්න.කාලය  හ...
28/02/2024

සොබාදහමත් අපූරු උසාවියක්.පොඩි නඩු ඉක්මනින්.ලොකු නඩු හැමදාමත් පරක්කු වෙනවා.නමුත් දඬුවමේ කිසිදු අඩුවක් නෑ.

ඉවසන්න.කාලය හැමදෙයක් ම හොඳින් විසඳා වි.



p.c.අන්තර්ජාලය ඇසුරින්.

අවංක පක්ෂපාතිත්වය කියන්නේ මැටිකම ම නෙවෙයි.                                       p.c.අන්තර්ජාලය ඇසුරින්.
28/02/2024

අවංක පක්ෂපාතිත්වය කියන්නේ මැටිකම ම නෙවෙයි.



p.c.අන්තර්ජාලය ඇසුරින්.

Address

Maharagama

Opening Hours

Thursday 15:00 - 21:00
Saturday 09:00 - 20:00
Sunday 16:00 - 20:00

Telephone

+94778266446

Website

Alerts

Be the first to know and let us send you an email when Shanaka Jayawardhana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share