SL Thani - තනි

SL Thani - තනි තනියට, හිතුවක්කාර තනි හිත ❤️
(1)

05/10/2024
Bhathiya Arthanayake මහතාගේ බිත්තියෙන් උපුටා පරණ ලියනගේ තිලක් දයාසිරි මහතාගේ බිත්තියේ එතුමා විසින් පළකල ලිපිය ඔහුගේ බිත්...
10/06/2024

Bhathiya Arthanayake මහතාගේ බිත්තියෙන් උපුටා පරණ ලියනගේ තිලක් දයාසිරි මහතාගේ බිත්තියේ එතුමා විසින් පළකල ලිපිය ඔහුගේ බිත්තියෙන් උපුටා මෙසේ ඔබගේ කියවීම උදෙසා පළකරමි. 👇👇👇

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මගේ අන්තිම සත පහ

🔺 ක්‍රීඩකයින්ගේ දක්ෂතා
මේ ගැන මම මහේල ජයවර්ධන හමුවූ වෙලාවේ කිව්වා. ඒ වගේ ම මහේල ඒවා පිළිගත්තා. නමුත් ඒවා වර්කවුට් වුණේ නෑ. ක්‍රීඩකයින්ගේ දක්ෂතා නැතිවෙලා නෑ. ඒවා යටපත්වෙලා තියෙනවා. ඇයි?

මම මහේල අයියට කිව්වා ඔය ලමයින්ගේ Vision Strength එක චෙක් කරන්න කියලා. හේතුව ක්‍රිකට් ගහන ලමයින්ගේ විතරක් නෙවෙයි, ක්‍රීඩා කරන, මේ ජෙනරේෂන් එකේ හැම ලමයට ම ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙන්නේ මොබයිල් ෆෝන් එක නිසා. මහා රාත්‍රිය වෙනකම් ඔන්ලයින් ඉන්නවා. අඳුරේ ඉදගෙන මොබයිල් ෆෝන් Usage එක වැඩි වෙද්දි ඒක කෙනෙකුගේ ඇස්වලට විතරක් නෙවෙයි, බ්‍රේන් සෙල්ස්වලට බලපානවා. වේගය හඳුනා ගැනීමේ දී, Reaction speed හදද්දි මේ දෙකම වැදගත්. පන්දුව එන්න කලින් ගහනවා. පන්දුව ගියාට පස්සේ ගහනවා. Timing ගැන ප්‍රශ්නය මතුවෙන්නේ එතැනින්. අභියෝගයක් කරනවා. මෙයාලගේ විෂන් ස්ට්‍රෙන්ත් චෙක් කරන්න. ඔයාලට අඩුපාඩු ටික පෙනෙයි.

මම ගාවට ජාතික කණ්ඩායමට ඔන්න මෙන්න ඉන්න ක්‍රීඩකයෙක් ආවා. ඔහු කිව්වේ එක දිගට ඉනිමක් ගහගෙන යන්න බෑ. Concentration lost වෙලා අවුට් වෙනවා කියලා. මම ඇහුවා ඔයා වැඩිපුරම කරන්නේ ඉන්ටග්‍රෑම් රීල්ස් බලන එක නේද කියලා. ඒ වගේ ම ඔයාට ෆිල්ම් එකක් වුණත් එක දිගට බලන්න බෑ, ස්කිප් කර කර බලනවා නේද කියලා. ඒ ළමයා ඇස් දෙක උඩ තියාගෙන කිව්වා “ අයියේ ඔයා කෝචින් නවත්තලා දේවාලයක් දාගන්න” කියලා. දේවාලයක් දාගන්න දෙයක් නෑ, ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරන විදියටයි ඔයා හැම විටම වැඩ කරන්නේ. ඔයා එදිනෙදා ඔයාගේ අනික් ක්‍රියාකාරකම් හරහා ඔයාගේ මනස පුහුණු කරන්නේ ඉවසිලිමත්ව Concentrate කරලා එක වැඩක් ඉවර වෙනකම් කරන්න නෙවෙයි, ස්කිප් කර කර යන්න, ඒක තමයි ග්‍රවුන්ඩ් එකේදිත් ඔයාට වෙන්නේ කියලා මම පෙන්වලා දුන්නා. මේ තත්ත්වයෙන් මිදෙන්න මම එයාට අභ්‍යාසයක් දුන්නා. දැන් ඒ ළමයා ඉතාමත් හොදින් දක්ෂතා අතරට එමින් ඉන්නවා. (අභ්‍යාසය මොකක්ද කියලා ලියන්නේ නෑ. ඒවා බලන් ඉන්න මිනිස්සු අපිට ප්‍රශ්නය තේරෙනවා අපි කරන්නම් කියලා ප්‍රසන්ටේෂන් දාලා, කිසිම ස්කිල් එකක් නැතුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක වැඩ කරනවා දැක්ක නිසා සහ ඔවුන් ඒ කරපු දේවල්වලින් ඔවුන්ට විනා ක්‍රීඩකයින්ට යමක් වුණා කියලා දැනෙන්නේ නැති නිසා.)

මේ වගේ අටෝරාසියක් කාරණා තියෙනවා. ලියන්නේ නෑ. හේතුව ඒවා එයාලා හොයාගත්තා වගේ ගිහිල්ලා කියන මිනිස්සු ඒවගෙන් වැඩ ගන්න නිසා. ඒවගෙන් උන්ට මිසක් රටට වැඩක් නැති නිසා.

මේ මොබයිල් ෆෝන් ඇඩික්ෂන් එකේ ප්‍රශ්න ගැන මේ පෝස්ට් එකෙන් පස්සෙ එක දිගට කෝල් සහ මැසේජ් එනවා. එයාලට උපකාරී වෙන ලින්ක් එකක් මෙතන මම යොදනවා. බලන්න.
https://youtu.be/iRzj1Fvbb5A?si=nwIYmk_rBcer3ghO

🔺පුහුණුකරුවන්

අනාගතයට ලංකාවට පුහුණුකරුවන් තෝරා ගැනීම ප්‍රශ්නයක් වෙයි. හේතුව මිනිස්සු වැරදි ඇප්ලිකේෂන් වෙන තැන්වල වැඩ භාරගන්න කැමති නෑ. අවශ්‍ය දේ කරන්න දෙනවා නම් විතරක් පුහුණුකරුවෝ ඒවි. ඉස්සරහට පුහුණුකරුවෝ ලබාගැනීම අභියෝගයක් වෙනවා. අනික අද පලවෙනි වතාවට මම මේක ප්‍රසිද්ධියේ ලියනවා. මොකද මේවා හැදෙන්න ඕනේ. ජූනියර් ටීම් එකට මම සෙෂන් එකක් කරපු වෙලාවක පිටිපස්සේ හිටපු පුහුණුකරුවෙක් ඉලෙක්ට්‍රික් සිගරට් එකක් උරනවා මට නෝට් වුණා. ඒක මම ඒ ටීම් එකේ කෝච්ට පර්සනලි පැමිණිලි කලා. ඔය නෝට් වුණ ඒවා විතරයි. අනෙක්වා මම දන්නේ නෑ.

🔺ප්‍රවීණ ක්‍රීඩකයින්

ඔවුන් එලියේ ඉන්නකම් විවේචනය කරනවා. විවේචකයින් බහුතරයකට තියෙන්නේ තමන්ට ඇතුලේ රස්සාවක් හදා ගැනීමේ උවමනාවක් බව පේනවා. ඒක හරියන වැඩක් නෙවෙයි. සිස්ටම් චේන්ජ් කරනවා විනා ක්‍රීඩකයින්ට බැනලා වැඩක් නෑ. දැන් එක ප්‍රවීණ ක්‍රීඩකයෙක් එලියේ ඉන්නකම් ක්‍රීඩාව විවේචනය කලා. දැන් එයා කණ්ඩායම ඇතුලේ ඉන්නවා. දැන් එයා බැනුම් අහනවා. ප්‍රශ්නෙට උත්තරය දැන් ඉන්න ස්ටාෆ් අයින් කරලා එයාලා ඒකට රීප්ලේස් වෙන එක නෙවෙයි. මේ ප්‍රශ්න තේරුම් අරන් සිස්ටම් එකේ වෙනසක් ඉල්ලන එක. නැත්නම් ඔය එලියේ ඉදන් විවේචනය කරන හැම හිටපු ක්‍රීඩකයම ඇතුලෙදි ෆේල් වෙනවා. එයාලා ක්‍රීඩකයෝ විදියට උපයපු ජනප්‍රියත්වයත් විනාසයි.

🔺ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය

එයාලගේ හැසිරීම ගැන කියන්න දෙයක් නෑ. එයාලට දිනුවත් පැරදුනත් කල්ල මරේ. දිනනකොට ඒක අවුස්සලා විව්ස් ගන්නවා. පරදිනකොට වෛරය, ක්‍රෝධය පතුරවලා වීව්ස් ගන්නවා. දිනුවත් මුරලි කියපු “ මම කියන්නේ මේක හදන්න බෑ” කියපු එකෙන් පෝස්ට් හදලා මුරලිට ගහලා රීච් එක ගන්නවා. පරදිනකොට ඒකට යූස් කරලා බෝඩ් එකට ගහලා රීච් ගන්නවා. ඕක අපේ ප්‍රේක්ෂකයින්ට තේරෙන්නෙත් නෑ. එයාලා ඒක උස්සන් දුවනවා.

🔺ප්‍රේක්ෂකයෝ

උන් ගැන කියන්න තියෙන්නේ එක වචනයයි. දුකයි.

🔺එතකොට මේක හදන්නම බැරිද?

මං කියන්නෙත් බෑ. දැන් ඉදන් 17 න් පහල, 19 න් පහල කණ්ඩායම්වල ඉන්න දක්ෂ ක්‍රීඩකයින්ට Personal and professional transformative coaching පටන් ගත්තොත්, මේ වැඩේ ගොඩදාගන්න පුළුවන්. බොරු බකපණ්ඩිතයෝ නෙවෙයි, හරි මිනිස්සු තෝරලා වැඩේ කරන්න. අපේ ක්‍රිකට් අඩුම තරමේ අවුරුදු ගාණකින් හරි, හරි පාරට එයි.

🔺දැන් මේක ලිව්වේ ඇයි? ඔයාට එතන වැඩ කරන්න ඕනේ වෙලාද?

කිසිසේත්ම නෑ. මට එයාලත් එක්ක වැඩ කරනවාට වඩා පාසල් ටීම් එක්ක වැඩ කරන එක පහසුයි. හේතුව ඒ පරිපාලකයෝ වගේ ම ජූනියර් ක්‍රීඩකයෝ දෙයක් කිව්වාම ඒක පිළිපදිනවා.

සමහර ක්‍රීඩකයෝ මාත් එක්ක වැඩ කරන්න ආවේ එයාලගේ නරක ම වෙලාවේ. හැබැයි එයාල පර්ෆෝම් කරනකොට ගැලවුණා. හේතුව අදටත් මම දන්නේ නෑ. මතක තියාගන්න මම ඔවුන් එක්ක වැඩ කලේ සත පහක්වත් ගන්නේ නැතුව. සමහරවිට නොමිලේ දුන් නිසා අගයක් දැනෙන්න නැතුව ඇති. ඒ වෙලාවේ ආලෝකය දකින්න මම ඔවුන්ට උදව් කලේ කොහොමද කියලා ඔවුන්ගේ හෘදය සාක්ෂිය සහ මගේ හෘදය සාක්ෂිය දන්නවා. ඒ ඇති.

ප.ලි - කෙනෙක් කමෙන්‍ට් එකක අහල තිබුණා ඇයි පරිපාලනය ගැන මුකුත් නැත්තේ කියලා. පෝස්ට් එක පුරාම තියෙන්නේ එයාලගේ හපන්කම් තමයි.

භාතිය අර්ථනායක
සම්මානලාභී අභිප්‍රේරක/ Transformative life coach

ඵලදායි වීම සඳහා නිසි මානසික ඒකාග්‍රතාවයකින්, අවධානයකින් ඔබගේ වැඩ කටයුතු පවත්වාගෙන යාම අතිශයින් ම වැදගත්. නමුත්, .....

ඇයි බං මෙහෙම 😂😂😂(අපේ උන්ගෙ එක බව්න්ඩ්‍රියක් නවත්තන්න බංගලි පස් දෙනෙක් බෝලේ දුවනවා කියහන්කෝ)
01/04/2024

ඇයි බං මෙහෙම 😂😂😂
(අපේ උන්ගෙ එක බව්න්ඩ්‍රියක් නවත්තන්න බංගලි පස් දෙනෙක් බෝලේ දුවනවා කියහන්කෝ)

Link එක 1st Comment එකේ 😍👇Special 2024 New Year Discount එකත් සහිතව, Girls Hair Band, Hair Clips & Hair Tie මිළදී ගැනීම ...
28/12/2023

Link එක 1st Comment එකේ 😍👇
Special 2024 New Year Discount එකත් සහිතව, Girls Hair Band, Hair Clips & Hair Tie මිළදී ගැනීම සඳහා හොඳම තැන.
LILY - Art & Craft 💜️

ගලවල තියෙන්නෙ "සපුරා තහනම්" බෝඩ් එක 😂
14/12/2023

ගලවල තියෙන්නෙ "සපුරා තහනම්" බෝඩ් එක 😂

11/12/2023

නින්ද යනු දවස අග temporary මරණයක්
එලාමය හඬන තුරු ණයට ගත් සහනයක්

රාත්‍රියෙ මළකුණ පණගසයි හෙට උදේ
කාන්සියෙ සළකුණ මුද්‍රිතව ඇස් වටේ
ආත්මය මිරිකන ටයි පටිය ගෙල දිගේ
පැළඳගත් සොම්බියෙකි, ගෙදර කණ්ණාඩියේ
අම්මෙ, ඒ මං නෙමේ

*****

"අම්මෙ කෝ මං වැඩට දාන වෙස්මූණ...?"

"ඊයෙ ගලවපු තැන ඇති... මං ඕවා ගත්තෙ නෑ..."

*****

වෙලාව උදේ හත හමාරයි
බස් එහෙක බඩ කැවුතු
ඇඹරෙමින්, කැළතෙමින්
හෝල්ට්වල මිනිස් පොදි වමාරයි
සීට් ළඟ තෙරපෙමින්
පොඩිවෙමින් - සියක් ඇස්
'ළඟ බහින' අයෙකුගේ
සිරුරු බස සංයමෙන් හදාරයි

"ජීවිතේ රවුම දුවන්න
මට කොටුවට ටිකට් එකක් දෙන්න..."

"තව රුපියල් හතරක් මදි..."

"මදි වෙන්නෙ කොහොමද? මං ඊයෙ ගියෙත් මේ ගාණට..."

"ඒත් මහත්තයා ඊයෙ හිටපු කෙනාමද...?"

"..............."

*****

ට්‍රැෆික් ලයිට් එක හිල් වී
බිමට වැක්කෙරෙයි කාලය
නොයිවසිල්ලෙ සුසුම්වලින්
තදබද වෙයි අවකාශය

රතු වැටෙන තුරු
නොයිවසිල්ලෙනි යාචක
කොළ වැටෙන තුරු
නොයිවසිල්ලෙනි ධාවක
වැටෙන කොළ දෙස බලා
සිහින් සුසුමක් හෙළයි
සනීපාරක්ෂක සේවක

*****

LinkedIn හෑලිවල පම්පෝරි වපුරන්න
Motivation post ගැලරියේ පුරවන්න
Insta Storyවල ජීවිතේ අමුණන්න
නොනවතින තරගයට වේගයෙන් දුව යන්න

හෙටත් ඒ සොම්බියා ඒවි මේ පාරෙන්ම

*****

"අම්මෙ මගෙ ඇඳ යට හිටපු රාස්සයා කෝ...?"

"ඌ දැන් ඉන්නෙ ඇඳ උඩ..."

*****

මට කියන්න දෙයක් තියෙනවා...

සමාවෙන්න,
මෙච්චරකල් බොරු කිව්වට...
හිමින් හිමින් නියම තැනට ළං වුණාට
මං 'ඉබ්බට' කැමතිම නෑ...

මට ඕනෙ 'හාවා' වෙන්න...
රේස් එකෙන් අයින් වෙලා
කොතැනක හරි ගහක් යටට
ගිහින් ටිකක් නිදාගන්න...

- Zachintha Promod Naotunna

අවශ්‍යතාවය  #දෙමළ භාෂාව නම්,මේ තියෙන්නෙ ඒකට ගැලපෙනම Class එක. ❤2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වේ.ක්ෂේත්‍රය...
08/12/2023

අවශ්‍යතාවය #දෙමළ භාෂාව නම්,
මේ තියෙන්නෙ ඒකට ගැලපෙනම Class එක. ❤
2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වේ.
ක්ෂේත්‍රයේ පළපුරුදු, භාෂා උපදේශිකා හා භාෂා පරිවර්තිකා අනූ තරංගනී මිස් විසින් මෙහෙයවන දෙමළ භාෂා Online Class 2024 වර්ෂය සඳහා පැවැත්වේ.
Whatsapp - 0717436645

මේවා එහෙම ආවට ගියාට කියන අනාවැකි නෙමෙයි පුතා. 😊👀
19/11/2023

මේවා එහෙම ආවට ගියාට කියන අනාවැකි නෙමෙයි පුතා. 😊👀

සූදුවක් වෙච්ච ක්‍රිකට් ඇතුළේ, ඉන්දියාව කියන්නේ රජෙක්. මං හරි නම් ඉන්දියාව පැරදිලා කැංගරුවො අද දිනන්න ඕනේ. රජා අධිරාජ්‍යය...
19/11/2023

සූදුවක් වෙච්ච ක්‍රිකට් ඇතුළේ, ඉන්දියාව කියන්නේ රජෙක්. මං හරි නම් ඉන්දියාව පැරදිලා කැංගරුවො අද දිනන්න ඕනේ. රජා අධිරාජ්‍යයෙක් වෙන්නෙ එතකොට. 👍😊

❤හිතන්න❤විඳින්න❤
15/11/2023

❤හිතන්න❤විඳින්න❤

මේ තරම් පුංචියිද ජීවිතය ..😲😲😲

අප මේ ගෙවන ජීවිතය...
වසර 70ක්... 80ක්...

ඉස්සරනම් පරමායුශ,
නැත්නම්
උපරිම ආයු කාලය
වසර 80ක්...

ඒත් දැන් ටිකෙන් ටික
අඩු වෙනව කාලය හොඳටම...

මට දැන් වසර 33ක්...

දැන් නම් ඉන්න අය
අවුරුදු 70 පනින්නත්
අමාරුයි වගේ...

සමහරවිට මම
අවුරුදු 60ක් වෙනකොට
මැරෙන්නත් පුලුවන්...

ටිකක් හිතන්න..

මම තව අවුරුදු
40ක් ජීවත් වුනොත්..
මට අවුරුදු 73යි...

එච්චර ඕනෙ නෑ...

මගෙ ආයුශ අවුරුදු
70ක් කියල හිතමු.
ගොඩක් ලොකු කාලයක් නේද...

මෙහෙම හිතුවොත්...

අවුරුද්දට දවස් 365යි.
තව අවුරුදු 70ක්...
365 × 70 = 25,550

ඒ කියන්නෙ
මම ජීවිතේ විදින්න තියෙන්නෙ
දවස් 25,550

දැන් මට 33
365 × 33 = 12,045
🤔🤔🤔

ඒ කියන්නෙ මම
මගෙ ජීවිතෙන්
දවස් 12,045ක්
මේ වෙනකොට ගෙවල ඉවරයි...

25,‪550 - 12‬,045 = 13,505
🙄🙄🙄
මට ඉතිරි තව
දවස් 13, 505ක් විතරයි...

ඒක තව
කොච්චර පොඩි කාලයක්ද...
හීනනම් තව කොච්චරක්
තියෙනවද ඉශ්ඨ කරගන්න...

හිතන්න මොහොතක්
අපතේ නොහරින්න
තව එක තප්පරයක්වත්...

චතූ..❤️

🤣🤣🤣
15/11/2023

🤣🤣🤣

🚫 බඩු මාට්ටු..!     ICC ය විසින් SLCricket තහනම් කර නැත. SLC සිය කැමැත්තෙන්  තහනම් කරවාගෙන ඇත. 🤭
10/11/2023

🚫 බඩු මාට්ටු..! ICC ය විසින් SLCricket තහනම් කර නැත. SLC සිය කැමැත්තෙන් තහනම් කරවාගෙන ඇත. 🤭

ICC එක ලංකාවේ 🇱🇰 ක්‍රිකට් තහනම් කරා කියලා ඇත්තටම දුකක් කියල එකක් තියෙනව නම් තියෙන්නෙ මෙන්න මේ කෙල්ල ගැන විතරයි. Chamari ...
10/11/2023

ICC එක ලංකාවේ 🇱🇰 ක්‍රිකට් තහනම් කරා කියලා ඇත්තටම දුකක් කියල එකක් තියෙනව නම් තියෙන්නෙ මෙන්න මේ කෙල්ල ගැන විතරයි. Chamari Athapaththu මේ එයාගේ හොඳම කාලේ. 😪 අන්න ඒකට පට්ටම දුකයි. පිරිමි කණ්ඩායම ගැන නම් මෙලෝ දුකක් නෑ.
පව් මේ කෙල්ල.

අපිට සෙමි පයිනල් යන්න බෑද දැන් එතකොට? 🤔
10/11/2023

අපිට සෙමි පයිනල් යන්න බෑද දැන් එතකොට? 🤔

ICC භවේ රක්ඛති ශම්මිචාරී 🙏
10/11/2023

ICC භවේ රක්ඛති ශම්මිචාරී 🙏

06/11/2023

උන්ට බෝල් ගාඩ් එක අමතක වෙලා එද්දිත්, අපේ උන් හිනා වෙනා අමතක කෙරුවා විතරයි. (2019) ඒකට උන් 🤬

හැමෝටම අමාරු වෙලාවක් කියලා දන්නවා. ඒත්, එක මොහොතකට මේ නිවස දිහා නැවතිලා බලන්න. 😓 මෙම නිවස මාත් පෞද්ගලිකව දන්නා බොහෝ ආර්ථ...
04/11/2023

හැමෝටම අමාරු වෙලාවක් කියලා දන්නවා. ඒත්, එක මොහොතකට මේ නිවස දිහා නැවතිලා බලන්න. 😓 මෙම නිවස මාත් පෞද්ගලිකව දන්නා බොහෝ ආර්ථික අපහසුතා මැද ජීවත්වන අයෙකුගේ නිවසක්.😓
එක තහඩුවක් හරි අරන් දෙන්න පුලුවන් පරිත්‍යාගශීලියෙක් ඉන්නව නම්,
Comment එකක් Inbox මැසේජ් එකක් දාන්න විස්තර ලබාදෙන්නම්. 🙏
නැති නම් මෙම පෝස්ටුව මුලින්ම දමා ඇති Janith Chandimal Manchanayaka (0703650588) මහතා සම්භන්ධ කරගන්න. ❤

අපි හැමෝම මේ නිවසේ තහඩු ටික අලුතින් හෙවිලි කරගන්න සහයෝගයක් දෙමුද? 👍 මූල්‍යමය වශයෙක් සහයෝගයක් දෙන්න හැමෝටම අපහසු වුනත් පුලුවන් හැමෝම Share කරලා හරි මේ දේට උදවු කරමු. 🙏

SL Thani - තනි ❤

යකො එක.. ක්‍රිකට් ඔහොමවත් තියෙනවා ඇති....
03/11/2023

යකො එක.. ක්‍රිකට් ඔහොමවත් තියෙනවා ඇති....

If this happened 😍
03/11/2023

If this happened 😍

අඩෝ... 🙈🫣😁🤣
03/11/2023

අඩෝ... 🙈🫣😁🤣

01/11/2023

අජන්ත මෙන්ඩිස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම ❤🇱🇰
13/6 ❤

01/11/2023

ඒ ගාන ෂේප් #නේහ් ? 😁

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when SL Thani - තනි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Thani - තනි:

Videos

Share


Other Digital creator in Kurunegala

Show All