Mallawapitiya True News

Mallawapitiya True News true news broadcasting

18/09/2021
ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය ගතවූ දින හත තුළ ලෝකයේ පළමු තැනට පත්ව ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.ඒ ...
19/07/2021

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය ගතවූ දින හත තුළ ලෝකයේ පළමු තැනට පත්ව ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වූ දත්ත උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ පනස් හයක් ඉදිරි සති තුනක කාලය තුල මෙරටට ලබා දෙන බවයි.

එම තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයක මේ බව දැක්වෙයි.

මෙරට එන්නත්කරණය ක්‍රියාවලිය කාර්යක්ෂමව  ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉදිරි සති කිහිපය තුළ තවත් එන්නත් මාත්‍රාවන් මෙරටට පැ...
19/07/2021

මෙරට එන්නත්කරණය ක්‍රියාවලිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉදිරි සති කිහිපය තුළ තවත් එන්නත් මාත්‍රාවන් මෙරටට පැමිණීමට නියමිතයි. එන්නත්කරණයේදි රටක් ලෙස හොඳ ප්‍රගතියක් ලබා ඇති අතර ප්‍රමුඛතාව ලබාදිය යුතු පුද්ගලයින්ට එන්නත් ලබාදීම ද වේගවත් කර තිබෙනවා. කඩිනමින් එන්නත්කරණ ඉලක්කයන් සපුරාලමින් අපි මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තු වනවා.

நாட்டில் தடுப்பூசி ஏற்றும் செயல்முறை திறம்பட முன்னெடுக்கப்பட்டு வருகிறது. அடுத்த சில வாரங்களில் மேலுமொரு தொகை தடுப்பூசிகள் கிடைக்கவுள்ளன. தடுப்பூசி ஏற்றும் செயற்திட்டத்தில்
ஒரு நாடாக நாங்கள் நல்ல முன்னேற்றம் கண்டுள்ளதுடன் முன்னுரிமை அளிக்க வேண்டிய நபர்களுக்கு தடுப்பூசி ஏற்றுவதை துரிதப்படுத்தியுள்ளோம். விரைவில் இலக்கை அடைந்து இலங்கையின் பொருளாதாரத்தை முழுமையாக புத்துயிர் பெறச்செய்ய எதிர்பார்க்கிறோம்.

drive is on track! With more vaccines doses due to come into the country within the next few weeks! We are making good headway & covering all priority sectors. We will soon achieve our targeted nos. & be able to fully open our economy!Follow for daily updates.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වයිරස් එන්නත තොග ලබා ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ජපාන රජය ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දී...
09/06/2021

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වයිරස් එන්නත තොග ලබා ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ජපාන රජය ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ඉල්ලීම ජපාන අගමැති යොෂිහිඩ් සුගා වෙත ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හිඟයකට මුහුණ දී සිටින අතර එය මුලින් ඉන්දියාවේ සේරම් ආයතනයෙන් ලබා ගන්නා ලදී.ඉන්දියාවේ හදිසියේම වෛරසය පැතිරීම සහ එහි රසායනාගාරයේ ඇති වූ ගින්නක් හේතුවෙන් ඉන්දීය ආයතනයට වැඩි එන්නත් මාත්‍රාවක් ලබා දීමට නොහැකි වීය.

ශ්‍රී ලංකාවේ මිලියනයකට ආසන්න පිරිසකට 2021 ජනවාරියේ සිට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පළමු මාත්‍රාව ලැබී ඇති අතර ඔවුන්ට දෙවන මාත්‍රාව තවමත් ලැබී නොමැත

ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත අරලියගහ මන්දිරය තුළ බැසිල් රාජපක්ෂ මැතිතුමන් ගේ සභාපතිත්වයෙන් ‍යුත් ජනාධිපති කාර්ය සාධක...
24/05/2021

ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත අරලියගහ මන්දිරය තුළ බැසිල් රාජපක්ෂ මැතිතුමන් ගේ සභාපතිත්වයෙන් ‍යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් මහජන ගැටළු ඉදිරිපත් කිරීමට නව ☎️ 1965 ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කර තිබෙනවා. අද සිට මෙම ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් වලට අදාළ ගැටළු ඉදිරිපත් කළ හැකියි.

කුරුණෑගල නව ජාතික රෝහලේ ඉදිකිරීම් ප්‍රගති සමාලෝචනයකුරුණෑගල පළාත් මහ රෝහල, අති නවීන ජාතික රෝහලක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම...
22/05/2021

කුරුණෑගල නව ජාතික රෝහලේ ඉදිකිරීම් ප්‍රගති සමාලෝචනය

කුරුණෑගල පළාත් මහ රෝහල, අති නවීන ජාතික රෝහලක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ මූලික කටයුතුවල ප්‍රගතිය පිළිබඳ ව ඊයේ (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී විමසා බැලූහ.

රෝහල සඳහා අවශ්‍ය ඉඩම් පවරා ගැනීම, ගොඩ කිරීම සහ නව රෝහලේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ ව අගමැතිවරයා අදාළ පාර්ශ්ව වෙතින් තොරතුරු විමසා බැලිය.

රටේ සමස්ත ජනගහනයෙන් සියයට දහයකට මෙම රෝහල ඔස්සේ සේවා පහසුකම් හිමි වන අතර කුරුණෑගල සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක පහක ජනතාව සෘජුව රෝහලේ ප්‍රතිකාර සේවාවලට යොමුවෙයි.

බස් රථයෙන් පැමිණෙන රෝගීන්ට වෙන ම බස් සේවා සහ රෝහල අභ්‍යන්තරයේ ම බස් නැවතුමක් ඉදිවීම, පළමු වතාවට රෝහලක් ආකර්ෂණීය හරිත සංකල්පය යටතේ ඉදිකිරීම, ශික්ෂණ රෝහලක් මෙන් ම ශල්‍ය වෛද්‍ය, ළමා රෝග හා මාතෘ සේවා සැපයීම, කුරුණෑගල දිස්ත්‍රික්කය මෙරට වැඩි ම විහාරස්ථාන සංඛ්‍යාවක් සහිත ප්‍රදේශය හේතුවෙන් අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු පරිශ්‍රයක් සහිතව ඉදිකිරීම සහ රෝහලේ සිට අධිවේගී මාර්ගයට මෙන් ම දුම්රිය ස්ථානයට සෘජු මාර්ග පහසුකම් ඇතුළු සියලු නවීන පහසුකම්වලින් සමන්විතව මෙම රෝහල ඉදිකිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම ට අගමැතිතුමා විසින් කටයුතු කරන ලදී

කුරුණෑගල පළාත් රෝහලේ දැනට පවතින සේවාවලට බාධා නොවන පරිදි නව ඉදිකිරීම් කටයුතු සිදු විය යුතු බව ද පෙන්වා දුන් අගමැතිවරයා,ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඔස්සේ නව රෝහලේ ඉදිකිරීමට අදාළ ගොඩකිරීම් මාස තුනක කාලයක් තුළ නිම කිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ ඉඩම් පවරා ගැනීම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.

මෙම රෝහලට අමතර ව වයඹ පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය සඳහා මේ වසරේ වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 602කි.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන බී.වයි.ජී. රත්නසේකර, සුමිත් උඩුකුඹුර, සමන්ප්‍රිය හේරත්, චරිත හේරත්, මංජුලා දිසානායක, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.කේ. රණවීර, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

16/05/2021

මේ වනවිට දිවයන පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හෙට (17) අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතව තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම ක්‍රියාත්මකවන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලැබීය.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට නිවෙස්වලින් බැහැරවීමට අවසර හිමි නොවන අතර හෙට අලුයම 04 දක්වා මෙම සීමාවන් බලපැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

හෙට අලුයම සංචරණ සීමා ඉවත් වුවද මැයි මස 31වන දින දක්වා දෛනිකව රාත්‍රි 11 සිට අළුයම 4 දක්වා සංචරණ සීමා පැනවීමක් සිදුවන අතර පළාත් අතර සංචරණ සීමා ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙට (17) හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණකි.

මේ අතර සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාවලට පුද්ගලයන් 306 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9,588කි.

මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 14කදී පොලීසිය සහ යුද හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී වාහන 1,826ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඒවායෙහි ගමන් කළ පුද්ගලයන් 3,525ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වාහන 42ක පැමිණි පුද්ගලයන් 92ක් පමණ පළාත් මායිම් අසලදී නැවත හරවා යවා තිබේ.
# # # #

අගමැතිතුමන්ගේ දුරකථන ඇමතුමට චිනය ක්ෂණිකව ප්‍රතිචාර දක්වයි.මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් චීන රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රති...
11/05/2021

අගමැතිතුමන්ගේ දුරකථන ඇමතුමට චිනය ක්ෂණිකව ප්‍රතිචාර දක්වයි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් චීන රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් චීනය විසින් ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර් දස දහසක් ඇතුළු අති විශාල වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි.

දැනටමත් සිනොෆාම් එන්නත් මිලියන 0.6 ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර, නුදුරේදී තවත් එවනු ඇත.

ඒ අතර චීනය විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය එන්නත් ශ්‍රී ලංකාවේ නිපදවීමට සැලසුම් කරන බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. ට්විටර් ජාලය ඔස්සේ අදහස් පළ කරමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එන්නත් ලබාදීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවයි.

10/05/2021

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු ම පළාත් අතර සංචරණ සීමා පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එළඹෙන මැයි 30 දක්වා එම සංචරණ සීමා ක්‍රියාත්මක වන බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නොවන බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත්කර ඇති එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් එම සීමාවන් පැනවීමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළ බව ද එහි සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ප්‍රකාශය

උපුටා ගැනීම.

“ කොවිඩ් 19 වසංගතය සමග රට තුළ වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ස්ථාවරය සහ මෙම වසංගත තත්ත්වයෙන් රටත්, ජනතාවත් මුදා ගැනීමට එතුමා සියලු පාර්ශ්වයන් සමග සිදුකළ සාකච්ඡා පිළිබඳව මම ඔබට ගෙනහැර දැක්වීමට සූදානම්.

“ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් ලක්ෂ 05ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු අතර, තවත් එන්නත් ලක්ෂ 05ක් රජය මිලදීගනු ලැබුවා. තවත් එන්නත් 265,000ක් අපට ලැබුණා. ඒ අනුව “ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් මාත්‍රා දොළොස් ලක්ෂ හැට පන්දහසක් ශ්‍රී ලංකාවට හිමි වුණා.

පළමු එන්නත්කරණය තුළ මාත්‍රා නම ලක්ෂ විසි පන්දහසක් (925,000) එන්නත්කරණය සිදු වූ අතර, පසුගියදා ඉන්දියාවේ මතුවූ තත්ත්වය සමග එම එන්නත්කරණ දෙවන මාත්‍රාව සඳහා එන්නත් ලබා ගැනීමේ දී අර්බුදයක් මතු වුණා.

දෙවන එන්නත්කරණය සඳහා “ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් පමණ අවශ්‍ය බව මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. රජය එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටිනවා.

මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව ඊට පසුදිනම “සයිනොෆාම්” එන්නත්කරණය ආරම්භ වූ අතර, දිනකට එන්නත් මාත්‍රා 25,000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එන්නත්කරණයට රජය කටයුතු කරමින් සිටිනවා.

“සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියන 03ක් චීනයෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර, එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

රුසියානු Sputnik එන්නත ද එන්නත්කරණය සඳහා යොදා ගැනීමට, රජය තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස එන්නත් මාත්‍රා 15,000ක් ශ්‍රි ලංකාවට හිමි වුණා.

Sputnik එන්නත් ක්‍රමවේදය අනෙක් එන්නත් භාවිතා කරන ක්‍රමවේදයට වඩා තරමක් වෙනස් බැවින්, අපගේ සෞඛ්‍ය අංශය නව ක්‍රමවේදය සමග අනුගත වෙමින් ගොතටුව ප්‍රදේශයෙන් එන්නත ලබාදීම ආරම්භ කළා.

එහි දෙවන අදියර යටතේ එන්නත් 85,000ක් නුදුරේදීම ලැබීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා යුරෝපා රටවල් රැසක් මෙම එන්නත්කරණය තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති අයුරින්ම අපට ද එන්නත්කරණය තුළින් පවතින තත්ත්වය සාර්ථකව පාලනය කර ගත හැකි බවටත්, ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය පිළිබඳවත්, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳවත් ජනාධිපතිතුමා පූර්ණ විශ්වාසය පළ කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතිය විශේෂයෙන් ඇගයීමට ලක් කෙරුණා.

කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් සමග කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා ජනතාවගේ කැපවීම ද ඉතා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනවා .

සියලු ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුගතවෙමින් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ලෙස එක් රැස්වීමෙන් වැළකීම වැනි සමාජ වගකීම් පිළිබඳ සියලු පුරවැසියන්ගේ අවධානය යොමු කිරීම නිරෝගීමත් ජාතියක් උදෙසා හේතුවන බව ජනාධිපතිතුමාගේ විශ්වාසයයි.

කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා,

සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්,
පිරිස් එක්රැස් වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,
වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්,
ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම
වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා.

කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.

රජයේ මෙම වැඩපිළිවෙළ සමග අනුගත වෙමින් රටේ ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසයයි.

ස්තූතියි. ”

(උපුටා ගැනීම අවසන්)

# #-mallawapitiya_true_news_ # # # #

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩල සභාපති ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තේරී පත්වේ.
05/05/2021

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩල සභාපති ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තේරී පත්වේ.

දිවයිනේ සියලුම පාසල් ලබන 30 වනදා දක්වා වසා දැමීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී තිබෙනවා.කොවිඩ් 19 පැතිරීම ව...
27/04/2021

දිවයිනේ සියලුම පාසල් ලබන 30 වනදා දක්වා වසා දැමීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැලැක්විමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

කොවිඩ් 19 නව රැල්ල - තරුණ තරුණියන්යින් පවා දැඩි අවදානමක?කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවත...
23/04/2021

කොවිඩ් 19 නව රැල්ල - තරුණ තරුණියන්යින් පවා දැඩි අවදානමක?

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මේ අවස්ථාවේ දී, බොහෝ රටවල තරුණ පිරිස් වැඩි වැඩියෙන් රෝගාතුර වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ලංකාව තුළ ද පසුගිය දවස් කිහිපය තුළ නිරීක්ෂණය කරන ලද තත්ත්වය මේ හා සමානයි.

මෙයට අමතරව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට බරපතළ ශ්වසන අපහසුතා වාර්තාවීමත් දැඩි සත්කාර ඒකක වලට ඇතුල් කිරීමට සිදු වීමත් දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයක්.

මෙවැනි පසුබිමක් තුළ අන්කවරදාකටත් වඩා රෝග නිවාරණ කටයුතු අකුරටම ඉටු කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙනවා. තරුණ මහලු සියලු දෙනා ඇතුළුව කුඩා දරුවන් ට වුවත් මෙම රෝගී තත්ත්වය වැළඳිය හැකි වාතාවරණයක් තුළ අවශ්‍යම කාරණයකට හැර තම නිවසෙන් බැහැර යෑම හැකිතාක් අවම කිරීමට සිදුවෙනවා. වර්තමානයේ සංසරණය වෙන ඇතැම් ප්‍රභේද මුලින් තිබූ ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඇති බවට ද මතයක් පවතිනවා. එම නිසා අනවශ්‍ය ලෙස සෙනග ගැවසෙන ස්ථානවල රැඳී සිටීම තමන්ගේ පමණක් නොව තම පවුලේ බාල මහලු සියලු දෙනාගේම ජීවිත අනතුරේ හෙලීමක් වනවා.

නිවසින් පිටව යන අවස්ථාවේ දී සෑම විටම මුව ආවරණයක් පැළඳීම වගේම නිතරම දෑත් පිරිසිදුව තබා ගැනීමත් ඉතාමත් ම වැදගත්.

පිරිස් රැස්වන ස්ථානවලට යෑම හැකිතාක් මගහැරීමට වග බලා ගන්නා අතර අත්‍යාවශ්‍යම කාරණයකට සෙනග ගැවසෙන ස්ථානයකට යාමට සිදු වුවහොත් හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පිට වීම ද රෝගය වැලඳීමේ අවදානම යම් තරමකට හෝ අඩුකර ගැනීමට හේතු වෙනවා.

මේ වසංගත තත්ත්වය කොයි තරම් කෙටි කාලයක් ඇතුළත ඉතා දරුණු මුහුණුවරක් ගත හැකිද යන කාරණය විදේශ රටවලින් අහන්න දකින්න ලැබෙන ප්‍රවෘත්තිවලින් පැහැදිලි වෙනවා. මේ එළඹෙන කාලය තුළ දී අපගේ හැසිරීම් රටාව, අප රටත් ඒ දිශානතියට ම ඇදී යනවාද ඉන් මිදී වඩා යහපත් හෙට දවසක් කරා යනවාදැයි තීරණය කරනවා ඇති.
# # # #

21/04/2021

කුරුණෑගල ගනේවත්ත තිත්තවැල්ගාල ග්‍රාම නිළධාරී වසම මේ මොහොත් සිට හුදකලා කරන බව හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

19/04/2021

පැවති අගයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (19) රුපියල් 191.97ක් ලෙස සඳහන් විය.

එහි ගැනුම් මිල රුපියල් 187.93 ක් ලෙසින් වාර්තා වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මස 15 වන දින ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් රු 204.62ක් ලෙස ඉහළ ගොස් තිබුණි.

02/04/2021

අයි.ඩී.එච්.රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා liveat8.lk වෙත සඳහන් කළා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දිවයිනේ ප්‍රධාන රෝහල ලෙස ක්‍රියාත්මක වන්නේ අයි.ඩී.එච්. රෝහලයි.

කොරෝනා ආසාදිතයන් දෙසීයකට වැඩි පිරිසක් අයි.ඩී.එච්. රෝහලේ මෙයට පෙර ප්‍රතිකාර ගත් බව කී රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝගීන් සංඛ්‍යාව මේ වන විට සියයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇතැයි ද ප්‍රකාශ කළා.

රෝහලේ සියලුම වාට්ටු පසුගිය කාලයේ එක්තරා අවස්ථාවක සම්පූර්ණයෙන්ම පිරී පැවැතුණ බව ද අත්තනායක මහතා පවසනවා.

එන්නත්කරණයත් සමගම කොරෝනා රෝග ව්‍යාත්තිය පහත බැසීම රෝගීන් සංඛ්‍යාව අඩුවීමට බලපෑ ප්‍රධාන හේතුව බවත් රෝගීන් සංඛ්‍යාව මෙලෙස අඩුවී ඇතත් ඕනෑම අවදානමකට මුහුණදීමට රෝහල් පහසුකම් සූදානම් බවත් එහි නිලධාරීහු පවසනවා.
# # # #

විදෙස් රටවල සිට මෙරටට පැමි‍ණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ මෙරට සංචාරයට පැමිණෙන විදේශිකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉ...
14/03/2021

විදෙස් රටවල සිට මෙරටට පැමි‍ණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ මෙරට සංචාරයට පැමිණෙන විදේශිකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.

එළඹෙන සතිය තුළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

විශේෂයෙන් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.

නිරෝධායන කාලසීමාව පිළිබඳව සහ රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙම නව මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර මෙරට සිට කෙටිකාලීනව විදෙස් ගතවන පුද්ගලයින් යළි මෙරටට පැමිණීමේදී අනුගමනය කළයුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වනපරිදි මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරඇති අතර විශේෂ රාජ්‍ය සංචාර, නිල සංචාර සහ වෙළෙදාම් කටයුතු සඳහා කෙටි කාලීනව විදෙස්ගතවන පුද්ගලයින් අනුගමනය කළයුතු ක්‍රමවේද එහි ඇතුළත් කර තිබේ.

විදෙස් සංචාරය නිමවා යළි දිවයිනට පැමිණීමේදී PCR පරීක්ෂණය මගින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වන්නේනම් ඔවුන් නිවෙස් නිරෝධායනය සඳහා යොමුකිරීමට මෙම නව මාර්ගෝපදේශ මාලාව මගින් හඳුන්වාදී ඇති බව වාර්තා වේ.

ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කිරීම සම්බන්්ධයෙන් සම`ගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේ...
12/03/2021

ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කිරීම සම්බන්්ධයෙන් සම`ගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතාගෙන් ඊයේ (11 දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතාට කර තිබූ දැනුම්දීමකට අනුව ඒ මහතා ඊයේ (11 දා* උදෑසන සිය නීතිඥවරුන් සම`ග එහි පැමිණ සිටියත් නීතිඥයන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවීමට අවසර ලබාදී නැත.

පාස්කු ප‍්‍රහාරය සිදු කරවනු ලැබුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට අබේසිංහ මහතා ඉකුත් දා කර තිබූ ප‍්‍රකාශයට අදාළව ඒ මහතා විසින් ඊයේ (11 දා* අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදී ඇත.

මින් පෙර අවස්ථා දෙකකදී අබේසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණද ඒ මහතා එහි පෙනී සිටියේ ඊයේ (11 දා* උදෑසන 9.00 ට පමණය.

සම`ගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු පිරිසක් අශෝක් අබේසිංහ මහතා සම`ග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් සිදු කරයි.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පදනම් විරහිත ප‍්‍රකාශයක් තමා සිදු කළ බව සහ ඒ පිළිබඳව තමා කනගාටුවට පත් වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ප‍්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
උපුටා ගැනීම:divaina. Com.

ෂෙයික් සයීඩ් පදනමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ගරු හමාඩ් සලීම් බින් කාඩ්‍රස් අල් අමෙරි මැතිතුමන් හා ක්‍රිඩා අමාත්‍ය ගරු නා...
10/03/2021

ෂෙයික් සයීඩ් පදනමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ගරු හමාඩ් සලීම් බින් කාඩ්‍රස් අල් අමෙරි මැතිතුමන් හා ක්‍රිඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් පසුගිය දා සිදු විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිතුමන් ද මෙම හමුවට සහභාගි වු අතර මෙරට ග්‍රාමීය පාසල් සඳහා පිරිසිදු පානීය ජලය හා වැසිකිළි පහසුකම් ලබාදීම ගැන මෙහීදි සාකච්ඡා විය.
# # #

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට අදාළව රටවල් 21ක නියෝජිතයින්  ශ්‍රී ලංකාවට පක්ෂපාතීව සි...
27/02/2021

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට අදාළව රටවල් 21ක නියෝජිතයින් ශ්‍රී ලංකාවට පක්ෂපාතීව සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබුණි.
ඒ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රටවල් 38ක් සිය ස්ථාවරය ප්‍රකාශ කළ අවස්ථාවේදීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති වාර්තාව සම්බන්ධයෙන් රටවල් 38ක නියෝජිතයින් සිය රටවල නිල ස්ථාවරය පැහැදිලි කර තිබුණි.
එහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය,අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහකොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළකර තිබුණි.
මේ අතර ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ ස්ථාවරයක සිටිමින් අදහස් පළකිරීම විශේෂත්වයකි.
චීනය, පාකිස්තානය, ඉරානය, සිරියාව, රුසියාව, කියුබාව, ලාඕසය, වියට්නාමය, පිලිපීනය ඇතුලු රටවල් 21ක් මහකොමසාරිස්වරියගේ වාර්තාවට එකඟ නොවන ස්ථාවරයක සිටිමින් ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් පළකළ අයුරු දැකගත හැකිවිය.

26/02/2021

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා ඇති කොවිඩ් 19 ඇතුළු වෛරස විනාශ කරන නවතම මුහුණු අ‍ාවරණයක් අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබෙනවා.

මේවන විට ලොව භාවිතා වන සියලු මුහුණු ආවරණවලට වඩා ඉතා ඉහළ තාක්ෂණයකින් යුතු මෙම මුහුණු ආවරණය ස්ථර තුනකින් නිර්මාණය කර ඇති බව මේ පිළිබද පර්යේෂණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද ජේෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මෙය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වමින් ප්‍රකාශ කර සිටියා.

එම මුඛ ආවරණයේ පළමු ස්ථරයෙන් කෙළ බිදිති වැනි ද්‍රව්‍ය දෑ ක්ෂණිකව ඉවත්කිරීම සිදුවන බවත් දෙවැනි ස්ථරයේ ඇති විශේෂිත රසායනික ද්‍රව්‍යයක්මගින් යම් ආකාරයකින් හෝ පැමිණෙන වෛරස විනාශ කරන බවත් තෙවැනි ස්ථරයෙන් පැමිණෙන කෙළ බිදිති වැනි දේ වාෂ්පකිරීම සිදුකරන බවත් මහාචාර්යවරයා පැවසුවා.

එසේම විසිපස් වතාවක් මෙම මුහුණු ආවරණය නැවත නැවත සෝදා භාවිතා කළ හැකිවීමද විශේෂත්වයක් බව ඔහු පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ විශේෂ වෛද්යද චමින්ද හේරත් ප්‍රකාශ කර සිටියේ මෙම මුහුණු ආවරණය දැනට භාවිතාවන KN 95 මුහුණු ආවරණයට වඩා ඉහළ සුරක්ෂිත බවකින් යුතු බව පර්යේෂණාත්මකව සනාථ වී ඇති බවයි.

පේරාදෙණිය විශ්ව විද්යාාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨ‍යේ සිදු කරන ලද පර්යේෂණවලට අනුව මෙම මුහුණු ආවරණයේ රැදෙන වෛරස 99%ක් විනාශ වන බව තහවුරුවී ඇති බවද වෛද්‍ය චමින්ද හේරත් ප්‍රකාශ කර සිටියා.

සාමාන්‍ය මුහුණු ආවරණයක රැදෙන වෛරස දින 7ක් පමණ පැවතුනද මෙම මුහුණු ආවරණය මගින් ඒවා ඉතා කෙටි කලක් තුළ විනාශයට පත් කිරීම සුවිශේෂි කරුණක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙම නවීන තාක්ෂණයෙන් යුතු මුහුණු ආවරණය මේවන විට වෙළද කටයුතු අමාත්‍යාංශය මැදිහත්වීමෙන් දේශීය වෙළදපොළ සදහා නිෂ්පාදනය කිරීම සිදු කරන බවත් ඉදිරියේදී අපනයනය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.
# # # # #

25/02/2021

கொரோனா வைரஸ் பரவல் காரணமாக பணியிலிருந்து நீக்கப்பட்ட தொழிலாளர்கள் தொடர்பில் உரிய நடவடிக்கை எடுக்கப்படுமென தொழில் அமைச்சர் நிமல் சிறிபால டி சில்வா தெரிவித்தார்.

பாராளுமன்றம் நேற்று சபாநாயகர் மஹிந்த யாப்பா அபேவர்தன தலைமையில் முற்பகல் 10 மணிக்கு கூடியது.

சபாநாயகர் அறிவிப்பு, மனுக்கல் சமர்ப்பணத்தை தொடர்ந்து கேள்வி நேரத்தின் போது பாராளுமன்ற உறுப்பினர் எஸ்.எம். மரிக்காரால் எழுப்பப்பட்ட கேள்விக்கு பதிலளிக்கும் போதே அவர் இவ்வாறு கூறினார்.

அவர் மேலும் குறிப்பிட்டதாவது,

கொரோனா வைரஸ் அச்சுறுத்தல்களால் சேவையிலிருந்து நீக்கப்பட்ட தொழிலாளர்கள் தொடர்பான 200க்கும் அதிகமான முறைப்பாடுகள் கிடைத்துள்ளன.

இந்த முறைப்பாடுகள் தொடர்பில் விரைவாக நடவடிக்கை எடுக்கப்படும்.

தொழில் திணைக்களத்தில் பதிவு செய்யப்படாத தொழில் நிறுவனங்களில் சேவையிலிருந்து நீக்கப்பட்டுள்ள தொழிலாளர்கள் தொடர்பான முறைபாடுகளை தொழில் திணைக்களத்தில் பதிவு செய்தால், அது தொடர்பில் நடவடிக்கை எடுக்கப்படும் என்றார்

Attending the bilateral discussions between the Prime Minister of Pakistan Mr. Imran Khan and H.E. President Gotabaya Ra...
24/02/2021

Attending the bilateral discussions between the Prime Minister of Pakistan Mr. Imran Khan and H.E. President Gotabaya Rajapaksa at the Presidential Secretariat.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ...
24/02/2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමු වූ අවස්ථාව

பாகிஸ்தான் பிரதமர் இம்ரான்கான் சற்றுமுன் இலங்கையை வந்தடைந்தார்.
23/02/2021

பாகிஸ்தான் பிரதமர் இம்ரான்கான் சற்றுமுன் இலங்கையை வந்தடைந்தார்.

22/02/2021

ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් එළඹෙන බ්‍රහස්පතින්දා රාත්‍රීයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ඇනමුව සිදුකර තිබේ.

වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව තහවුරු කළේය.
# # #

මෙරට මිලියන 9ක ජනතාවට ලබාදීම සඳහා ඇණවුම් කළ එන්නත් තොගයෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් තවත් දින 7ක් තුළ මෙරටට ...
15/02/2021

මෙරට මිලියන 9ක ජනතාවට ලබාදීම සඳහා ඇණවුම් කළ එන්නත් තොගයෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් තවත් දින 7ක් තුළ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
"බොහෝදුරට ඉදිරි සති කිහිපය තුළදී ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට අමතරව සාමාන්‍ය ජනතාවට එන්නත ලබාදීමට කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මිලියන 9කට එන්නත්කරණය සඳහා රජය විසින් එන්නත් ඇණවුම් කරලා තියෙනවා මේ වනවිටත්."
"ඒ අනුව මේ ඇණවුම් කරනු ලැබූ එන්නත්වල පළමු කොටස, ලක්ෂ 5ක් තවත් සතියක් තුළදී ලංකාවට පැමිණෙයි. ඒ අනුව එන්නත් මිලියන 18ටම ලංකාවට පැමිණීමට නියමිතයි."
"ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයත් අපිට එන්නත් ලබාදීමට නියමිතයි. ඒ එන්නතේ ප්‍රථම කොටස මාර්තු මාසයේ පළමු හෝ දෙවන සතියේ ලැබීමට නියමිතව තිබෙනවා."
"ඒ අනුව ලබන සතියේ සිට සාමාන්‍ය ජනතාවට එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතයි. ඒ කණ්ඩායම් හඳුනාගෙන අවසන්. ඉන් ප්‍රථමයෙන්ම දීම සඳහා සුදුසු කණ්ඩායම තමයි තෝරගන්න තියෙන්නෙ. මමත් තවමත් එන්නත ලබාගෙන නෑ. මොකද හමුදාවේ ඉදිරිපෙළ කණ්ඩායම්වලට අවස්ථාව ලබාදිය යුතු නිසා."

බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව අවසන් වූ ජනාධිපති කොමිසමේ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වන කිසිදු සැකකරුවෙකුට හෝ සිද්ධිය පසුපස සිටින අ...
13/02/2021

බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව අවසන් වූ ජනාධිපති කොමිසමේ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වන කිසිදු සැකකරුවෙකුට හෝ සිද්ධිය පසුපස සිටින අයට නීතියෙන් පැනයෑමට නොලැබෙන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ ප‍්‍රකාශ කළේය.

හිත් පිත් නැති මෙම ප‍්‍රහාරය පිළිබඳව වගකිවයුත්තන්ට රැකවරණය සැලසීමට හෝ චෝදනාවලින් ඔවුන් බැහැර කිරීමට කිසිසේත් සිදු කළ නොහැකි බව පැහැදිලිව කිව හැකි බවද වැරදිකරුවන්ට නීති ප‍්‍රකාරව දඬුවම් හිමිවෙන බව ී්්විශ්වාස යැයිද අගමැතිවරයා කීවේය.

පාස්කු ඉරිදා සිදු කළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව ඔත්තුව ලැබී තිබියදීත් ඒ ගැන කිසිදු උනන්දුවක් නොදැක්වීම ඉතා බරපතළ වරදක් යැයි කී අගමැතිවරයා පසුගිය යහපාලන ආණ්ඩුවේ කෙරුවාව ඉතා හොඳාකාරවම ජනතාවට පෙනී ගොස් තිබෙන බව පැවසීීය.

කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණ...
08/02/2021

කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස වෙළෙඳ කුටි පද්ධතිය ඉදි කෙරේ.
නාවික හමුදාව නව සැලැස්මට අනුව ආදර්ශ වෙළෙඳ කුටි නිර්මාණය කර තිබේ. ගාලු මුවදොර පිටියට ආකර්ශණීය පෙනුමක් ලැබෙන අයුරින් වෙළෙඳ කුටි ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

# # #

තවත් මාස 04ක කාලයක් තුළ එන්නත් ලබා දිය යුතු මෙරට සියලු දෙනා වෙනුවෙන් එන්නත් ලබා දී අවසන් කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ඖෂ...
07/02/2021

තවත් මාස 04ක කාලයක් තුළ එන්නත් ලබා දිය යුතු මෙරට සියලු දෙනා වෙනුවෙන් එන්නත් ලබා දී අවසන් කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ කොරෝනා වසංගතය හමුවේ වුවද රටේ සංවර්ධන ක්‍රියාවලියද අඛණ්ඩව සිදු කරන බවයි.

දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් 2017 වර්ෂයේදී දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල මිලදී ගැනීමේදී ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය...
05/02/2021

දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් 2017 වර්ෂයේදී දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල මිලදී ගැනීමේදී ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධාර වෙත යොමුවීම නිසා රුපියල් කෝටි 19කට අධික පාඩුවක් (ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක්* සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් සිදුකළ විගණනයකදී අනාවරණය වී ඇත.


එම දුම්රිය එන්ජින් මිලදී ගැනීම ස`දහා අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡුා සම්මුති කමිටුවක් පත්කොට තිබුණි. එම කමිටුව විසින් ඇමරිකානු මූල්‍ය පැකේජය යටතේ වූ අශ්වබල 3000ක එන්ජිමෙහි ඇස්තමේන්තුගත මිල හා ඉන්දියානු ණය ආධාර යටතේ එම්/එස් රයිටස් සමාගම විසින් ඉදිරිපත් කළ මිල ස`දහා ශුද්ධ වර්තමාන අගයන් සැසඳීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කර තිබුණි.

ඒ අනුව ශුද්ධ වර්තමාන අගයන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඇමරිකානු එන්ජින් ඉන්දීය එන්ජින්වලට වඩා ආර්ථික වශයෙන් වඩා ලාභදායී බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර තිබුණි. නමුත් ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධාර යටතේ දුම්රිය එන්ජින් මිලදී ගැනීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 1,905.23ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇති බව 2019 වර්ෂයට අදාළව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ ස`දහන් වේ.

ඩොලර් ණය ගිවිසුම යටතේ 2017 වර්ෂයේ ජුනි 06 වැනිදා ඉන්දියානු එක්සිම් බැංකුව විසින් දුම්රිය මාර්ග පුනරුත්ථාපන කටයුතු ස`දහා ඩොලර් මිලියන 136ක ණය ප‍්‍රදානයක් සලසා තිබුණි. එහෙත් එම කාර්යය ස`දහා පුමුඛත්වයක් ලබා නොදී තිබූ බවද විගණන වාර්තාවේ ස`දහන් වේ.

2018 වර්ෂයේ දත්ත අනුව සේවයේ යෙදිය හැකි දුම්රිය එන්ජින් 111ක් ඇතුළු දුම්රිය එන්ජින් 150ක බලඇණියක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවතුණි. දුම්රිය ධාවනයට අවශ්‍ය අනිකුත් අවශ්‍යතාවල වර්ධනයක් සිදු නොකර පවතින කාලසටහන් අවශ්‍යතාවන්ද සැලකිල්ලට ගත්විට නව දුම්රිය එන්ජින් මිලදී ගැනීම තුළින් එන්ජින් ඇණිය පමණක් වැඩි කිරීමෙන් ධාවන කාර්යසාධනය වැඩි කිරීම දුෂ්කර වී තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තුවට රෝලින් තොග මිලදී ගැනීම ස`දහා ඩොලර් ණය රේඛා ගිවිසුම යටතේ ඩොලර් මිලියන 177ක ප‍්‍රතිපාදනයෙන් එස් 13 බලවේග කට්ටල 06ක් මිලදී ගෙන ඇත. දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉංජිනේරු ඇස්තමේන්තුව ඉක්මවා රුපියල් මිලියන 236.10 ක් වැඩියෙන් වැයකර එම බලවේග කට්ටල මිලදී ගෙන තිබූ බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් ස`දහන් වේ.

තමා සිංහල බෞද්ධ නායකයෙක් බවත් එය ප්‍රකාශ කරන්නට තමා කිසිවිටෙකත් මැලි වන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි....
04/02/2021

තමා සිංහල බෞද්ධ නායකයෙක් බවත් එය ප්‍රකාශ කරන්නට තමා කිසිවිටෙකත් මැලි වන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින් අද (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
"මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුවයි. සෑම ආගමකටම, සෑම ජාතියකටම නිසි ගෞරවය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුළ සෑම ආගමිකයෙකුටම සහ සෑම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුළ එක හා සමාන නිදහස භුක්ති විඳීමේ අයිතිය තියෙනවා. මම රටේ ජනතාවගෙන් සෑම විටම ඉල්ලා සිටින්නේ විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියලා," යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවද ජනාධිපතිවරයා පැවසීය.
එම මහා අපරාධය සැලසුම්කළ හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවීයාමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
"රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා."

නිදහස් නිවහල් දේශයක 73වැනි අභිමානනීය නිදහස් දිනය සමරමු. #  # #
03/02/2021

නිදහස් නිවහල් දේශයක
73වැනි අභිමානනීය
නිදහස් දිනය සමරමු.
# # #

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල  නිදහස් චතුරස්‍රයේ දී  පෙබරවාරි 4 වන දින පැවැත්වීම පිළිබඳව සොයා බැලීම සඳහා  විශේෂ නි...
03/02/2021

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල නිදහස් චතුරස්‍රයේ දී පෙබරවාරි 4 වන දින පැවැත්වීම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ නිරීක්ෂණ චාරිකාවකට විෂය භාර අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමා එක් විය. "ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිම" යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ජාතික නිදහස් දින සැමරුම උත්සවයේ සූදානම් පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු එක්ක සිටියේය.

ජනාධිපතිතුමන්ගේ නියෝගයෙන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතට. #  # #
30/01/2021

ජනාධිපතිතුමන්ගේ නියෝගයෙන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතට.
# # #

AI281 දරන එයාර් ඉන්දියා ගුවන්යානයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා පළමු එන්නත් තොගය ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපළෙන් මෙර...
28/01/2021

AI281 දරන එයාර් ඉන්දියා ගුවන්යානයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා පළමු එන්නත් තොගය ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපළෙන් මෙරටට ළඟා විය.

Indian Airlines flight AI 281 arrives at the BIA with the 1st consignment of Oxford AstraZeneca Covid-19 vaccines from India.

ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කල රටවල් අතර ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ...
28/01/2021

ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කල රටවල් අතර ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ ආයතනයක් වන Lowy ආයතනය විසින් මෙම සමීෂණය සිදුකොට ඇති අතර ඒ සඳහා ඔවුන් සැලකිල්ලට ගෙන ඇත්තේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම්,මරණ අනුපාතය සහ සුවවීමේ ප්‍රතිශතය ආදී දත්ත වාර්තාවන්.


මෙහි ප්‍රථම ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය,තායිවානය සහ තායිලන්තය පිළිවෙලින් එහි සෙසු ස්ථාන හිමිකරගෙන තිබෙනවා.
එක්සත් රාජධානිය මෙම ලැයිස්තුවේ 66 වෙනි ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාවට හිමිව ඇත්තේ 86 යි.
මෙම සමීක්ෂණයට රටවල් 98 ක් පාදක කොට ගෙන ඇති අතර අවසන් ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.ඇමරිකාවට හිමිව ඇත්තේ 94 වන ස්ථානයයි.
ශ්‍රී ලංකාව හැරුනු විට දකුණු ආසියානු කලාපයේ වෙනත් කිසිඳු රටක් මෙහි පලමු රටවල් 10 අතරට ඇතුලත් වී නොමැති අතර ප්‍රමාණවත් දත්ත වාර්තා නොමැති වීම නිසා මෙම ලැයිස්තුවට චීනය ඇතුලත් නොවීමද විශේෂත්වයක්.
අදාළ සමීක්ෂණ වාර්තාව මෙතනින් https://interactives.lowyinstitute.org/features/covid-performance/

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්, ප්‍රධාන පුහුණුකරු, ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන්, අමාත්‍යංශ නිලධාරින් හා ක්‍රීඩා ...
28/01/2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්, ප්‍රධාන පුහුණුකරු, ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන්, අමාත්‍යංශ නිලධාරින් හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවේදි තීන්දු තීරණ 05ක් ගෙන තිබෙනවා.
ඒ අනුව නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම, තරගකාරී අභ්‍යන්තර හා පළාත් තරඟාවලියක් පැවැත්වීම, විනය හා ශාරිරික යෝග්‍යතාවයට ප්‍රමුඛත්වය ලබාදීම, දක්ෂතා පදනම් කරගෙන ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගිවිසුම් ගත කිරීම සහ ප්‍රධාන පුහුණුකරුගේ සහායට අධ්‍යක්ෂවරයෙක් හා උපදේශකවරයෙක් පත් කිරිම මෙහිදී තීරණය කර තිබෙනවා
# # #

Address

Mallawapitiya, Kurunegala
Kurunegala
60000

Telephone

+94777370774

Website

Alerts

Be the first to know and let us send you an email when Mallawapitiya True News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Nearby media companies


Other News & Media Websites in Kurunegala

Show All