02/05/2023
O/L කරන නංගිලා මල්ලිලාට❤️
විභාගයට තව මාසයයි...🗓️
📚මේ දවස්වල ගොඩක් නංගිලා මල්ලිලා මගෙන් අහන දෙයක් තමා O/L විභාගෙ ගොඩ දාගන්න මේ කාලෙ ඇතිද?
👉උත්තරය - ඔව්. ඇත්තටම විභාගෙ ගොඩ දාගන්න පුංචිම හෝ උවමනාවක් තියනවා නම්, තමන් ගැන තමන්ට විශ්වාස නම්, අද ඉඳලා හරි පටන්ගෙන අවංකව කැපවුණොත් අනිවාර්යෙන් ඒ දේ කරන්න පුලුවන්❤️
•••••••••••••••••••••••
🟪හැමෝම නොයෙකුත් අභියෝග, බාධක ගොඩාක් මැද්දේ ඉගෙනගන්න කාලයක මේ දක්වා ඔයාලා ඉගෙන ගෙන තියන දේවල් ගැන සතුටු වෙන්න. ඔයාට වචනයකින් හෝ උදව් කරන අයට, ගුරු හරුකම් ලබා දෙන ගුරුවරුන්ට හදවතින් ස්තූතිවන්ත වෙන්න.
🟪පහුවුණු කාලය ගැන දුක් වෙවී,නැහැ, බැහැ කිය කියා තමන් ගැන අවතක්සේරුවෙන් ඉන්නවා වෙනුවට තවමත් ඉතිරි වෙලා තියන වටිනා කාලය ඇතුළත ඔයා දන්න දේවල් එක්ක, අඩුපාඩු තැන් හදාගෙන ඔයාට පුලුවන් උපරිමය කරන්න උත්සාහ කරන්න. මොකුත්ම නොකර විභාගෙ අත් හැරියොත් ඒක ඔයාගෙ ජීවිතේට ඔයා කරන ලොකු අපරාදයක්.
🟪මේ දවස්වල ඔයාලා පාඩම් කරන ගමන්ම පසුගිය විභාග ප්රශ්න පත්රවලට, ආදර්ශ ප්රශ්න පත්රවලට අනිවාර්යෙන් උත්තර ලියන්න. හැම විෂයකම ඔයාගෙ අඩුපාඩු තියන කොටස් ඒ ගමන්ම නැවත බලලා පාඩම් කරගන්න. (එහෙම කරලා යන අයට විභාගෙ දවසෙදි තමන් ගැනම සතුටු වෙන්න පුලුවන් වෙයි😊)
🟪මේ මාසය නාස්ති වෙන්න නොදී විෂයන් 9 ම ගොඩදාගන්න ඉදිරි දවස් 30 ඔයා කරන්න ඉන්න දේවල්, පාඩම් කරන ඉන්න දේවල් හැමදෙයක්ම ඇතුළත් කරලා Plan එකක් අදම හදාගන්න. සැලැස්මක් ඇතුව කරන දේවල් සාර්ථක වෙන්න තියන ඉඩකඩ ගොඩාක් වැඩියි. ඔයා තවමත් පරක්කු නෑ. අදම පටන්ගන්න❤️
🟪බාහිර දේවල් හිතනවට වඩා තමන් ගැන විශ්වාසය තියාගෙන ඉතිරි වෙලා තියෙන මේ මාසයේ උපරිම ප්රයෝජනය ගත්තොත් ඕනම කෙනෙක්ට O/L විභාගය ගොඩ දාගන්න පුලුවන්. හැමවෙලේම මතක තියාගන්න ඔයා කැපවෙන තරම අනුවයි ඔයාගෙ ප්රතිපලයත් තීරණය වෙන්නේ❤️
✨️ ඉතින්, ඔයාලා හැමෝගෙම හීන සැබෑ කරගන්න ශක්තිය ලැබෙන්න කියලා මමත් සුබ පතනවා💪❤️
Pubu's Diaries 💗
🎁 මගේ O/L කාලෙ ගැන, මම O/L A9 ක් ගන්න වැඩ කරපු විදිය ගැන Video එක😊👇
https://youtu.be/FMzUFe12e3o