05/02/2022
සතියක් වගේ කෙටි කාලෙකින් මේ උතුම් පින් කර්තව්‍යය සිදුකරගැනීමට උදව් වූ සහ සහභාගිවූ SLBシ Clan SLBros Gaming එකේ සියලුම දෙනාට ස්තුතියි! 🙏🙏
අපි ඉස්සරහට තවත් මෙවැනි වැඩ ගොඩාක් කරමු ❤️
වාරියපොළ - 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් මෙහෙයවීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටලයක් (Speaker set with amp & mic) පූජා කිරීම
සබ්බ දානං ධම්ම දානං ජිනාති🙏
(දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි)
== ශබ්ද පූජාවේ අනුසස් ==
බෞද්ධයන් කරන පින්කම් වලින් ශබ්ද පූජාව ද එකකි.
එය මහත් පින්කම්වලට තිබිය යුතු ම අංගයක් ලෙස බොහෝ බෞද්ධයෝ සළකති.
ඒ ශබ්ද පූජාව ඉතා අතිතයේ පටන්ම කැරුණු බව පිටකත්‍රයෙන් හා අටුවාවලින් ද වංශකථාවලින් ද පෙනේ.
ප්‍රාතිහාර්යයෙන් බුදුරදුන් වඩනා කල්හි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදී තූර්ය භාණ්ඩ වලින් ඉබේම නාදය නගින්න පටන් ගන්නා බව ද බොහෝ පොත්වල කියා තිබේ.
එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය.
“නිබ්බුතෙ ලොකනාථම්හි අත්ථදස්සී නරුත්තමො,
තුරියං සබ්බමාදාය අගමං බෝධිමුත්තමං.
වාදිතෙනෙ ච නච්චේන සම්මතාලසමාහිතො,
සම්මුඛාවිය සම්බුද්ධං උපට්ඨිං බෝධිමුත්තමං.
සතකම්මාභිරුද්ධොහං පසන්නො බෝධිමුත්තමං,
තෙන චිත්තප්පසාදෙන නිම්මානං උප්පජ්ජහං.
තිවිධග්ගි නිබ්බුතා මය්හං භවා සබ්බේ ස්මූහතා,
ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධ සාසනෙ.”
(එකාසනියත්ථෙර අපදානයෙන්)
විපස්සි බුදුරජාණන් වහන්සේගේ බෝධියට සක් පිඹිමින් වන්දනා කළ පිනින් බොහෝ සම්පත ලද බව ඒකසංඛීයත්ථෙර අපදානයෙහි දක්වා තිබේ. තවද විපස්සි බුදුරදුන්ට සක් පිඹීමෙන් දිනපතා උපස්ථාන කිරීමෙන් බොහෝ සම්පත් ලද බව බුද්ධුපට්ඨාකථෙර අපදානයෙහි දක්වා තිබේ. ඒ සක් පිඹීම කෙසේ කරන ලද ද යන බව එහි පැහැදිලි ලෙස විස්තර වශයෙන් දක්වා නැත.
ඔබ නිවන් දක්නා ජාති දක්වාම උපදින හැම භවයකම මේ පින්කමේ මහා කුසල ශක්තිය ඔබට අප්‍රමාණව පිහිට වනු ඇත. උපදින හැම භවයකම ඉතා මිහිරි ස්වරයක් ලැබීමට, මහනෙල් මල් සුවද විහිදුවන කටහඩක් ලැබීමට, ජව සම්පන්න මෙන්ම නිරෝගී සිරුරක් ලැබීමට, යනෙන සෑම තැනකම මෙන්ම සභාවේදී ප්‍රධානත්වය ලැබීම, සිය වචනයට සියලු දෙනා අවනතවන්නන්, සවන්දෙන්නන් බවට පතිවීම මෙන්ම මතු නිවනින් සැනහීමටත් මේ පින්කම උපකාර වේවි.
තෙරුවන් සරණයි🙏