රබර් එකමුතුව

රබර් එකමුතුව රබර් වගාවට අතහිතක් වීම උදෙසා
(1)

සුදු මුල් රෝගය හා රෝග පාලනය පිළිබඳ උපදෙස් පත්‍රිකා- ශ්‍රී ලංකා රබර් පර්‍යේශන ආයතනය -අගලවත්ත
19/07/2023

සුදු මුල් රෝගය හා රෝග පාලනය පිළිබඳ උපදෙස් පත්‍රිකා- ශ්‍රී ලංකා රබර් පර්‍යේශන ආයතනය -අගලවත්ත

28/09/2020

රබර් සොයාගැනීම

ඉතිහාසයට අනුව රබර් හොයාගැනීම සම්බන්ධයෙන්නම් විවිධ කතන්දර තියෙනවා. කැලයට ආහාර හොයන්න ගිය කාන්තාවක් කිරි ගලාගෙන යන ගහක් දැකල ඒකෙන් ටිකක් අරන් ඇවිල්ල මුල්ම රබර් භාවිතය පටන් ගත්ත කියල කියනවා. තව ක්‍රිස්ටෝපර් කොලොම්බස් 1490 දී ස්වදේශිකයන් පිරිසක් පොලාපනින ස්වභාවයෙන් තියෙන බෝලයක් පාවිච්චි කරලා සෙල්ලම් කරමින් ඉන්නවා දැක්ක කතාවකුත්, තවත් 1736 දී පේරු රාජ්‍යයට ගිය තාරකා විද්‍යාඥයෙක් පැණි වගේ ඇලෙනසුලු සුදු පැහැති දියර වර්ගයක් අරගෙන ආව බව කියන කතාවකුත් තියෙනවා.

කොහොම උනත් 1839 වර්ෂය වගේ වෙනකන්ම රබර් වලින් කාර්මික නිෂ්පාදනයන් කෙරෙනවා වගේ ප්‍රයෝජනයක් අරන්නම් නැහැ. Charles Goodyear අතින් අතපසුවීමකින් වුණු ක්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට තමයි රබර් වල දැනට ගන්න ප්‍රයෝජන ගැනීම ආරම්භ වෙන්නේ.

23/09/2020
සියැට් කැළණි නිෂ්පාදනය වර්ධනය කිරීම හමුවේ දේශීය රබර් කර්මාන්තයේ ආදායම් ඉහළට - Adaderana Biz Sinhala | Sri Lanka Business

සියැට් කැළණි නිෂ්පාදනය වර්ධනය කිරීම හමුවේ දේශීය රබර් කර්මාන්තයේ ආදායම් ඉහළට - Adaderana Biz Sinhala | Sri Lanka Business

සැප්තැම්බර් මාසයේ රබර් මිලදීගැනීම් වලින් පමණක් දේශීය නිෂ්පාදකයින්ට රුපියල් මිලියන 150 ක ආදායමක් ටයර් සඳහා දේශීය .....

20/09/2020
Business Advisor

Business Advisor

"රබර් වලින් හදන සෞඛ්‍යාරක්ෂිත (දිරන) සෙල්ලම් බඩු"
ජනක ඒකනායක මහතා - 077 2793000
සම්පූර්ණ විඩියෝව මෙතනින් බලන්න පුලුවන් - https://www.youtube.com/watch?v=a8I-bTI3XD0&t=46s

12/04/2020

රබර් ශාකයේ විද්‍යාත්මක වර්ගීකරණය

☘️Kingdom Plantae – Plants

☘️Subkingdom Tracheobionta – Vascular plants

☘️Superdivision Spermatophyta – Seed plants

☘️Division Magnoliophyta – Flowering plants

☘️Class Magnoliopsida – Dicotyledons

☘️Subclass Rosidae

☘️Order Euphorbiales

☘️Family Euphorbiaceae – Spurge family

☘️Genus Hevea Aubl. – hevea P

☘️Species Hevea brasiliensis (Willd. ex A. Juss.) Müll. Arg. – rubber tree

29/02/2020

Rubber group Kalutara

හරියට පාවිච්චි කරොත් හරි...නැත්නම් වෙන්නේ වැරැද්දක්..

28/02/2020
කටුපොල් වගාව තහනම්. ඒ වෙනුවට තේ පොල් රබර් සිටුවන්න – ජනාධිපති

කටුපොල් වගාව තහනම්. ඒ වෙනුවට තේ පොල් රබර් සිටුවන්න – ජනාධිපති

කටුපොල් වගාව වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධ....

27/02/2020

දැනුමට යමක්

*ස්වභාවික රබර් යනු බහු අවයවයවක් වේ.
*රබර් ශාකයේ ඇති ක්ශිරයේ, මෙම රබර් බහු අවයවක ස්වභාවිකවම පවතී.
*මෙම බහු අවයවක රසායනිකව
1,4 cis -poly- isoprene ලෙස හදුන්වයි.
*මෙහි තැනුම් එකකය 2 methyl butenine වේ.
*ක්ශීරයේ රබර් අවලම්බනය වෙමින් පවතී.
*රබර් කිරි තුල 25-40 % රබර් පවතී.

රබර් කිරි වල සාමාන්‍ය සංයුතිය,

වියලි රබර් - 33% (25-35 %)
ප්‍රෝටීන - 1-1.5%
ලිපිඩ - 1-2.5%
අළු (ලෝහ අයන හා අකාබනික අයන) - 1%
සීනි - 1%
ජලය - 63%

රබර් ක්ශීරයේ අනෙකුත් ගුණාත්මක සාධක,

ඝනත්වය - 0.975-0.980
pH - 6.5-7.0
ශක්තිය - 40-45 ergs/cm2
රබර් - 35% ( බර අනුව)
ජලය - 55% (බර අනුව)
රබර් අංශුවල ප්‍රමාණය - 200-2000° A°(10 A°=1/10 ^7 cm )
රබර් අංශු රිණ (-) ආරෝපිතයි.

08/02/2020

රබර් වගාවට පොහොර මිශ්‍රණයක් අපිම සාදා ගනිමු !

රබර් වගාව සඳහා යොදන රසායනික පොහොර වෙලඳ පොලේ විවිධ වෙළෙඳ නාම යටතේ මිශ්‍ර පොහොර ලෙස අලෙවි කිරීම සිදු කරනු ලබයි.

නමුත් ඇතැම් කාල වලදී මෙන්ම ඇතැම් ප්‍රදේශ වල මෙම පොහොර ලබා ගැනීමේ යම් දුශකරතා හා ගැටලු වලට ගොව් මහත්වරුන් මුහුනපායි.

නමුත් එම පොහොර මිශ්‍රණය නිවසේදීම සාදාගැනීමට අපටත් හැකියවක් පව්තින බව ඔබ දැනුවත්ව සිටියා ද?

මෙමගින් වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයෙන් ම සාදාගැනීමත් එමගින් අනවශ්‍ය ලෙස පොහොර සඳහා වැයවන මුදල් අවම කිරීමටත් ,නියම ප්‍රමිතියකින් නියමිත පොහොර මිශ්‍රණය ම විශ්වාසදායකව සාදාගැනීමත්, රසායනික පොහොර නියමිත ප්‍රරමාණයට හා නියමිත ප්‍රමිතියකින් බාවිතා නොකිරීමෙන් ඇතිවන පාරිසරික ගැටලු අවමකිරීමටත් හැකියාව පවතී.

බොහෝ ප්‍රදේශ වල බාවිතාවන රබර් පොහොර මිශ්‍රණය වන්නේ 12:14:14
පොහොර මිශ්‍රනයි (කෑගල්ල ඇතැම් ප්‍රදේශ මොණරාගල ,කුරුණැගල හැර)

මෙම අනුපාතයෙන් කියවෙන්නේ කුමක් ද?

රබර් ශාකයට අත්‍යවශ්‍ය වන,
*නයිට්‍රජන් (N ) = කොටස් 12
*පොස්පරස් ( P ) P2 O5( පොස්පේට්)
(phosphorus pentoxide)
= කොටස් 14
*පොටැසියම්( K2 O ) (පොටෑෂ් )
(Potassium oxide ) = කොටස් 14

ලෙස අනුපාතිකව රබර් ශාකයට වරකදී ලබා යුතු බවයි.

රබර් ශාකයට ,
නයිට්‍රජන් මූලද්‍රව්‍ය ලබාදිය හැක්කේ යුරියා මගිනුයි

පොස්පරස්( P2 O5 ) ලබාදිය හැකි ප්‍රදාන ක්‍රමය වන්නේ එප්පාවල රොක් පොස්පේට්( ERP) යි.

පොටැසියම් (K2 O) ලබාදිය හැකි ප්‍රදාන ක්‍රමය වන්නේ
මියුරේට් ඔෆ් පොටැෂ් (රතු කුඩු)( MOP )යි.

එමෙන්ම,
යුරියාවල නයිට්‍රජන් ඇත්තේ 46% කි.
ERP වල පොස්පේට් ඇත්තේ 30% කි.
MOP වල පොටැසියම් ඇත්තේ 60% කි.

එ අනුව 12:14 :14 අනුපාතය අනුව රබර් වගාව සදහා අවශ්‍ය පොහොර මිශ්‍රනය සාදාගැනීමට අවශ්‍ය යුරියා ,ERP,MOP අනුපාතය සොයාගත යුතුයි.

එ සඳහා පහත සමීකරණ යොදාගත හැක.

මූ.ද්‍ර/සංකී.ශාකයට අවශ්‍ය අනුපාතය
------------------------------------------------------------- රසායනික පොහොරවල අඩංගු එම මූ.ද්‍ර/ සංකී. ප්‍රතිශතය.

* අවශ්‍ය යුරියා අනුපාතය

Urea = 12
----------
46%
= 12 × 100
---------
46

= 26

*අවශ්‍ය ERP අනුපාතය ,

ERP 14/30%=50

*අවශ්‍ය MOP අනුපාතය ,

MOP 14/30%=24

*එ අනුව 26:50:24

*මෙම අනුපාතයන්ගේ එකතුව ගත්විට ,

26+50+24=100කි

මේ නිසා කිලෝ 100 පොහොර මිශ්‍රණයක් සාදාගැනීමට පහසුන්ම

යූරියා 26 kg
ERP 50 kg
MOP 24 kg
------------
100 kg
------------
ලෙස එක් එක් පොහොර වර්ග කිරා ගැනීමෙන් අනතුරුව හොඳින් මිශ්‍ර කර ගැනීමෙන් ඉහත පොහොර මිශ්‍රණය ඉතාපහසුවෙන් සාදාගෙන් බාවිතාකිරීමට හැකියාව පවතී.

මේ පිලිබඳ වැඩි දුර තොරතුරු ලබාගැනීම සදහා ඔබ ප්‍රදේශයේ ලඟම රබර් සංවර්ධනය නිලධාරී හමුවන්න.

01/02/2020

පළමු ශ්‍රෙණියේ ගුණාත්මක ෂීට් රබර් නිෂ්පාදනය කරමු!

ශිට් නිශ්පාදනයේ පියවර

1. කිරි එකතු කිරීම පෙරීම
2. කිරි සමමිතිකරණය
3. කිරි නැවත පෙරීම
4. තනුක අම්‍ල මිශ්‍රණය සදා ගැනීම
5. අම්‍ල එකතු කිරීම හා පෙණ ඉවත්‍ කිරීම
6. කිරි මිදවීම
7. කිරි කැටිය සැකසීම
8. කිරි කැටිය ඇඹරීම
9. අඹරා ගත් ෂීට්‍ යළි සෝදා ගැනීම
10.ෂීට්‍ පවනේ වියළීම
11.ෂීට්‍ දුම්‍ ගැසීම

☘️ කිරි එකතු කිරීම සහ පෙරීම

පිරිසිදු පොල්‍ කටු, ප්‍ලාස්‍ටික්‍ බඳුන්‍ හෝ තාප සුවිකාරක (TPNR) රබර් වලින් සාදන ලද භාජන සුදුසු වේ.
Guage 40-50 මොනෙල්‍ දැලකින්‍ හෝ සුදු යකඩ දැලකින්‍ කිරි පෙරා එකම භාජනයකට එකතු කර ගැනීම.

☘️ කිරි සමමිතිකරණය

කිරි වල ඇති වියළි රබර් ප්‍රමාණය ලීටර් 1කටග්‍රෑම් 125ක් වන ලෙස කිරි වලට වතුර එකතු කිරීම මෙට්‍රොලැක් අගයට අනුව කළ යුතුය

☘️ කිරි නැවත පෙරීම

Guage 40-50 මොනෙල්‍ දැලකින්‍ හෝ සුදු යකඩ දැලකින්‍ පෙරා ගැනීම.
* අරමුණ; ජලය එක්‍ කොට නිසි සමමිතිකරණ ක්‍රියාවලියේදී කිරි වලට එක්‍ විය හැකි අපද්‍රව්‍ය ඉවත්‍ කිරීම.

☘️ තනුක අම්‍ල මිශ්‍රණය සාදා ගැනීම

මිලදී ගනු ලබන ෆෝමික්‍ අම්‍ලය 85% ( බර අනුව ) සාන්ද්‍ර ද්‍රාවනයක් 1:84 ජලය සමඟ කලවම් කර 1% තනුක ද්‍රාවනයක් සදා ගනි. (අම්ල කොටස් 1කට ජලය කොටස් 84 කි)

ග්‍රෑම් 500 රබර් ෂීට් එකක් ලබා ගැනීම සඳහා,

කිරි තැටිය හොඳින් සෝදා සමමිතිකරණය කරන ලද කිරි වලින්‍ ලීටර් 4ක් තැටියට දමන්න.

☘️ අම්ල එකතු කිරීම හා පෙණ ඉවත්‍ කිරීම

1% ෆොමික්‍ අම්ලයෙන් අද දිනම ඇඹරීමට නම් මිලිලීටර් 200-250 ද, පසු දින ඇඹරීමට නම් මිලිලීටර් 175 ක්ද යොදයි.
අම්ලය යොදා ලී හෝ ඇලුමිනියම් පටියකින් හොඳින් මිශ්‍ර කරයි.
එවිට ඇතිවන පෙන වීදුරු හෝ ඇලුමිනියම් තහඩුවකින් ඉවත් කිරි මිදවීම

☘️ කිරි මිදවීම

කුණුරොඩු නොවැටෙන ලෙස ආවරණය කර තිරස් ආධාරක මත තැටි තැන්‍පත්‍ කරයි.

☘️ කිරි කැටිය සැකසීම

කිරි කැටිය තැටියෙන් ඉවත් කර පිරිසිදු මේසයක් මත හෝ ඇලුමිනියම් තහඩුවක් මත ඒකාකාර ඝනකමක් වන සේ අත් වලින් කැටිය සකසයි.
පසුව එය පිරිසිදු ජලයෙන් සෝදා හරියි.
මෙමගින්, අඹරා ගැනීම පහසු වේ , කිරි කැටියේ ඇති සීරම් සෝදා ඉවත් වේ, ඇඹරීමෙන් පසු ලැබෙන ෂීට් වල ඝනකම ඒකාකාරිය.

☘️ කිරි කැටිය ඇඹරීම

කිරි කැටිය දිය රෝලෙන් දෙතුන් වරක් අඹරා ගනී.
ඉන්පසු එක්වරක් ඩයමන්ඩ් රෝලෙන් අඹරා ගනී.
මෙමගින්; කිරි කැටියේ ඇති ජලය තවදුරටත් ඉවත් කිරීම, කිරි කැටිය තුල ඇති රබර් නොවන සීරම් ඉවත් කිරීම, වියලීම ඉක්මන් කිරීම සහ ෂීට් එකිනෙක ඇලීම වලක්වයි.
ඇඹරීමෙන් පසු ෂීට් ඝනකම 3.2 mm විය යුතුය.

☘️ අඹරා ගත් ෂීට් යලි සෝදා ගැනීම

අඹරා ගනු ලබන ෂීට් ගලා යන ජලයෙන් ඉතා හොඳින් සෝදයි.
මෙමගින් ; ෂීට් මතුපිට ඇති රබර් නොවන ද්‍රව්‍ය සෝදා හරියි,ෂීට් පුස් කෑම වලකයි.

☘️ ෂීට් පවනේ වියලීම

* ෂීට් පැය 4-6 කාලයක් ජලය බේරීමට දූවිලි රහිත ස්ථානයක එල්ලා තබයි.
* දින 2ක් හෝ 3ක් හිරු එලියෙන් වියලීම සිදු කරයි.
* ඉන්පසු දුම් ගෙයි වියලයි.
* මෙමගින් ෂීට් මතුපිට ජලය ඉවත් වීම නිසා දුම්ගෙයි තුල වියලන කාලය අඩු කර ගත හැකිය

☘️ ෂීට් දුම් ගැසීම

* දුම් ගෙය තුල උෂ්නත්වය 48-54 'C විය යුතුය.
* දුම් ගෙයි රීප්ප රාක්ක කලින් කල පිසදැමිය යුතුය.
* තුනී දුමක් සහිත මද ගින්නෙන් ලස්සන පැනි පාට ෂීට් ලබා ගත හැකිය.
* දුම් ගෙට දැමූ ෂීට් දිනපතාම පෙරලිය යුතුය.
* සාමාන්‍ය වියලීම දින 4-5 දුම් ගැසීමෙන් කල හැක.
* මෙමගින්, ෂීට් වියලීම, රබර් ෂීට් කල් පැවතීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දුම් වලින් උරා ගැනීම සහ අධික තාපයෙන් රබර් ඔක්සිකරණයට භාජනය වීම වලක්වාලන දුම් වල ඇති ඔක්සිකාරක ද්‍රව්‍ය දුම් වලින් රබර් ෂිට් වලට උරා ගනී.

☘️ ෂීට් වර්ග කිරීම හා ගබඩා කිරීම

* ෂීට් වර්ග කිරීමට පෙර කුණු සහිත ස්ථාන,නොවියලුනු ස්ථාන ඉවත් කරයි.
* ෂීට් වර්ණය,විනිවිද පෙනීම, කුණු ප්‍රමාණය , වියලීමේ තත්වය යන ලක්ෂණ මත 1,2,3,4 සහ 5 ලෙස වර්ග කරයි.
* ෂීට් ඝනකම 3.2mm, දිග 22cm සහ පලල 17cm වේ.
අරමුණු,
* ෂීට් වල මිල නිර්ණය කිරීම
* ෂීට් රබර් ඛාණ්ඩ කිරීම
* ෂීට් වල පුස් ඇතිවීම වැලැක්වීම

ලිපි සැකසුම ,
රබර් සංවර්ධන නිලධාරී,
සශිනී මදුරුවල මෙනවිය,

30/01/2020

දුම් ගැසූ රබර් ශීට් ශ්‍රේණිගත කිරීම හදුනා ගනිමු.

1.දුම් ගැසූ රබර් ශීට් වර්ගීකරණය කලයුත්තේ ඇයි?

* ඒ ඒ රබර් ශීට් සඳහා පවතින මිල තීරණය කිරීමට.
* ගුණාත්මක රබර් ශීට් සඳහා ඉහළ මිලක් තීරණය කිරීමට.
* නිමි බඩු සකස් කිරීමේදී අමුද්‍රව්‍ය ලෙස රබර් ශීට් යොදාගැනීමේ පහසුවට.
* නිමි ද්‍රව්‍ය වල ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම.
* නිමි බඩුවල නිෂ්පාදන වියදම අඩුකිරීම.

2.ගුණාත්මක රබර් ශීට් එකක තිබිය යුතු ලක්ෂණ.

*ඝනකම 3.2mm විය යුතුයී.
*රබර් ශීට් එකක බර 500g නොවැඩි විය යුතුයි.
*දිග අඟල් 22 පළල අඟල් 17 විය යුතුයි.
*එකාකාරී පැණි පැහැති වර්ණය.
*කුණු ,දුවිලි,පුස්,මලකඩ,රීප්ප සලකුනු වලින් තොර විය යුතුයි .
*ඇලෙන සුළු ,පිලිස්සුනු ස්වබාවයෙන් තොර විය යුතුයි.

3.රබර් ශීට් ශ්‍රේණි

*RSS no 1x-superior quality
*RSS no 1
*RSS no 2
*RSS no 3
*RSS no 4
*RSS no 5

4. RSS no 1 x superior quality ශ්‍රේණිය.

*මෙම රබර් ශීට නිශ්පාදනය කරනු ලබන්නේ අති සුපරික්ෂාකාරී තත්ව යටතේයි.
*කුනු දූව්ලි,පුස්,පුල්ලි,මලකඩ,රීප්ප සලකුනු,අප ද්‍රව්‍ය නොතිබිය යුතුය.
*ඇල පෙනෙති තුඩක තරම් වත් බුබුලු
නොතිබිය යුතුය.
*හොඳින් වියලී තිබිය යුතුය.
*විනිවිද පෙනෙන එකාකාරී පැනි පැහැ විය යුතුය.

5.RSS no 1 ශ්‍රෙණිය.

*මෙහිද කුනු, දූවිලි,පුස්,මඩ,පුල්ලි,රීප්ප සලකුනු ,අප ද්‍රවය නොතිබිය යුතුය.
*ඇල්පෙනෙති හිසක තරම් බුබුලු කීපයක් තිබිය හැක.
*හොඳින් වියලී තිබිය යුතුයි.
*විනිවිද පෙනෙන එකාකරී පැනි පැහැ විය යුතුයි.

6.RSS no 2 ශ්‍රේණිය .

*මේවායේද අපද්‍රව්‍ය නොතිබිය යුතු අතර පුස් මලකඩ සලකුනු කුණු රීප්ප සලකුණු නොතිබිය යුතුය.
*ඉහත RSS no 1 ශිට් වලට වඩා ගුණාත්මක බවින් සුළු අඩු තත්වයක් පවතී.

7.RSS no 3 ශ්‍රේණිය.

*මේවායේ ද අපද්‍රව්‍ය නොතිබිය යුතුයි.
*මේවායේ ඉතා සුළු ප්‍රමාණයෙන් කුණු, පුස් ,රීප්ප සලකුණු ,බුබුළු තිබිය හැක .
*අඳුරු පැහැ පිළිස්සුනු රබර් ශීට් මෙම ශ්‍රේණියට අයත් නොවේ.

8.RSS no 4 ශ්‍රේණිය .

*මේවායේ අපද්‍රව්‍යය නොතිබිය යුතු අතර සැලකිය යුතු මට්ටමින් පුස්, දූවිලි, මලකඩ, රීප්ප සලකුණු තිබිය හැක.
*අවශ්‍ය ප්‍රමාණයට වඩා දුම් ගැසූ රබර් ශීට් මෙම ශ්‍රේණියට ඇතුලත්වේ.

9.RSS 5 -ඉතා බාල තත්වයේ රබර් ශීට්.

*ඉහත සඳහන් කල පරිදී ඉතා බාලම තත්වයේ දුම් ගැසූ රබර් ශීට් මෙම ශ්‍රේණියට අයත් වේ.
*ඇලෙන සුළු, පුස්, පැල්ලම්, දුවිලි,ඉතා විශාල බුබුළු කුණු හා අපද්‍රව්‍ය සහිතය.
*කළු පැහැයට හුරුය.

10.රබර් වෙළෙඳ මහතාගේ කර්ය

*රබර් ශීට් එ එ ශ්‍රේණිවලට අදාල මිල ගනන් වලට අනුව මිලදී ගැනීම.

*රබර් ශීට් ඒ එ ශ්‍රේණිය අනුව වෙන වෙනම ගබඩා කිරීම.

*රබර් ශිට් එක් එක් ශ්‍රේණියට අදාලව මිල ප්‍රදර්ශනය කිරීම.

සම්පත් දායකත්වය,
ජේෂ්ඨ රබර් සංවර්ධන නිලධාරී
සිසිල් ගෝඨාභය අමරකෝන් මහතා.

29/01/2020

කළුතර රබර් එකමුතුව
Likes 200
ඔබට ස්තූතී
🙏

27/01/2020

ඵලදායීතාව ඉහල නංවා ගනිමු

රබර් මිල අපට පාලනය කිරීමට නොහැකි නමුත් රබර් ගහකින් ගන්නා කිරි ප්‍රමාණය වැඩි කර ගත හැකිය. දිනකට එක ගහකින් ගන්න කිරි ප්‍රමාණය ග්‍රෑම් 05කින් වැඩි කර ගතහොත් දිනකට ගස් 250ක් කපන තැනැත්තකුට අමතරව කිරි කිලෝ එකක්, එකහමාරක් එකතු කරගත හැකිය. අප තවමත් රබර් ගසෙන් දිනකට ගත හැකි කිරි ප්‍රමාණය ලබා ගන්නේ නැත. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ රබර් පර්යේෂණ ආයතනය හෝ ලබා දෙන උපදෙස්වලින් කීදෙනෙක් ක්‍රියාත්මක කරන්නේද? අප සකස් කිරීමේ සිට ෂීට් වෙළෙඳ පොළට අලවි කිරීම දක්වා ක්‍රියාවලියම වැරදි ලෙස භාවිත කරන පිරිසකි.

රබර් සිටුවිමේ දී සමෝච්ඡ රේඛා ක්‍රමයට බිම් සකස් කළ යුතුව තිබේ. එනම් පොළොවේ සම උසින් තැන් යා කරමින් බිම සකස් කළ යුතුය. පැළ සිටුවීමද එලෙසය. නමුත් අද බිම සකස් කරනු ලබන්නේ නිලධාරීන්, වතු හිමිකරුවා හෝ, කිරි කපන්නා නොවේ. බැකෝකරුවා විසිනි. බැකෝව රැගෙන යෑමට පහසු මඟ ඔස්සේ ගොස් වේදිකාව සකසයි. මේ වේදිකාවේ පැළ සි‍ෙටව්වාට පසුව තියෙන්නේ සම උසින් නොවේ. අසම උසිනි. එවිට වන්නේ පොළොවට වැටෙන වැසි වතුර පසේ රැඳීමකින් තොරව පහළට දෝරෙ ගලාගෙන යෑමයි. පැළයට දමන පොහොර සේ දී යෑමයි.

කිරි කපන වගාවක ගසකට වසරකට අවශ්‍ය වන පොහොර ප්‍රමාණය ග්‍රෑම් 800කි. රබර් හයිඩ්‍රෝකාබන් (C2H2)n ගසෙන් රබර් ලෙස ඉවත් වෙන්නේ 35‍% යි. 60‍% ක් ඉවත් වෙන්නේ ජලයයි. එසේ බලන කළ පොළවේ තිබෙන පෝෂක කොටස් මේ ශාකය විසින් අස්වනු ලෙස ඉවත් කරන්නේ අවම වශයෙනි. දවස් 14ක් ඇතුළත පැළවෙන ඇට පමණක් පොලිතින් මලූ තවානකට ගැනීම සුදුසුය. ජවයකින් වැඩෙන්න ශක්තිය ඇත්තේ එම පැළවලටය. නමුත් සිදු කරන්නේ විටින් විට පැළවෙන ඇට රැගෙන පොලිතින් මල්ලක සිටුවීමයි. වෙළෙඳ පොළේ තිබෙන පැළ පිළිබඳ පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකිය. ගුණාත්මක පැළයක් සිටුවා වසර 06ක් යනවිට කිරි කැපීමට හැකියාව ලැබේ. නමුත් දුර්වල පැළයකින් එම හැකියාව නැත. කැපුවද ප්‍රමාණවත් කිරි නොමැත.

හොඳ ක්ලෝන සහිත වගාවකින් අවුරුද්දකට හෙක්ටයාරයකින් (අක්කර 2.5) ගත හැකි රබර් කිලෝ ප්‍රමාණය 2000කි. නමුත් 2018 මහ බැංකු වාර්තාවට අනුව අප රැගෙන තිබෙන්නේ කිලෝ 864කි. වියට්නාමය කිලෝ 1600ක් ලබාගෙන තිබේ. රබර් පැළය සිටුවන අපි ඇතැම් විට එම ගස දෙස නැවත හැරී බලන්නේ වසර හය හතකට පසුව කිරි කැපීමටය. මේ විශේෂ කරුණු පිළිබදව පුළුල්ව කර්මාන්තයේ නියැලි ඉන්න පිරිස් දැනුවත් කිරීමට වැඩ පිළිවෙළක් සැකසිය යුතුය. වැස්සේ කිරි කැපිය නොහැකිය. නමුත් නිසි පරිදි වැහි ආවරණයක් දමා තිබුණොත් වැස්ස නැවතු සැණින් බාධාවකින් තොරව කිරි කැපිය හැකිය. රබර් බිමේ ආදායම් ලබා ගත හැකි වන්නේ රබර්වලින් පමණක් නොවේ. අන්නාසි, කෙසෙල්, වැල් දොඩම් වැනි අතුරු භෝගද මෙහි සිටුවිය හැකිය. රබර් මිල අඩු වුවත් වැඩි ආදායමක් උපයා ගැනීමට මේ ක්‍රමවේදය ඔස්සේ හැකියාව තිබේ.

24/01/2020

කම්කරුවාගේ කඳුල 😥😥😥

රබර් වගා ක්ශේත්‍රයට අවැසි වන්නේ ආකල්පමය වෙනසකි. ක්ෂේත්‍රයෙන් වගාකරුවෙක් හෝ කිරිකපන්නෙක් ඉවත්ව යනවා නම් එම පුද්ගලයා ඉන් ඉවත් වන්නේ රබර්වලට මිලක් නැති නිසා ම නොවේ. එය එක හේතුවක් පමණි.මෙරට රටේ කිරි කපන්නන්ට වෘත්තීය පිළිගැනීමක් නැත. එය හිමි කර දිය යුතු ය. වයස අවුරුදු 18 දී කිරි කැපීමට එකතු වන පුද්ගලයකු ජීවිත කාලය පුරාවට කිරි කැපුව නමුත් ඔහුට ඉතිරි වන්නේ අර්ථසාධකය පමණි. ඇතැම් විටක වතු හාම්පුතුන් එයද නිසි පරිදි ගෙවා නැත. නමුත් රාජ්‍ය සේවයට එකතුවන පුද්ගලයකුට රජය මගින් කොතරම් වරප්‍රසාද ලැබේද? බැංකුවකින් ණයක් ලබා දීමේ දී රජයේ පොදු වැටුප් වැඩිවීමක දී වාහන බලපත්‍ර ආදිය ලබා දීමේ දී ඔවුන්ට විශාල සැලකිල්ලක් ලැබේ. ඒ නමුත් වෘත්තීයෙන් කිරි කපන කම්කරුවාට එවැනි සමාජ තත්ත්වයක් නිර්මාණය වී නැත. අවම තරමින් ඔවුන්ට තීරුබදු රහිතව රූපවාහිනි යන්ත්‍රයක්, හෝ පාපැදියක් මිල දී ගැනීමටවත් අවස්ථාවක් නැත. ජීවත් වීමට නිවසක් සාදා ගැනීමට අඩු පොලියට ණයක් ලබා ගන්න ස්ථානයක් නැත. රබර් ක්ෂේත්‍රයේ කම්කරුවන් කොපමණ සිටීද යන්න සොය බැලීය හැකි යාවත්කාලීන වන ලේඛනයක් හෝ අප සතුව නොමැත. අද දවස වන විට මෙම කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය පහත වැටී තිබේ. ඇතැම්විට අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා පාපැදියක්, යතුරු පැදියක්, දරුවකුගේ පාසල් අවශ්‍යතා සඳහා මුදලක් සොයා ගැනීම පවා ඔවුන්ට දුෂ්කරය. සේවය කළොත් පමණක් වැටුප ලැබෙන ක්‍රමවේදයකි ඔවුනට ඇත්තේ. රෝගීව නිවෙසේ රැඳී හිටියොත් දවසේ වැටුප ලැබෙන්නේ නැත.වෙනත් රැකවරණයක් ඇත්තේ නැත.

23/01/2020

කළුතර රබර් එක්මුතුවට
100 likes ලබාදුන්
සියළුදෙනාට ගොඩක් ස්තූතීයි.
🙏

23/01/2020

අතීතයෙන් බිඳක්

චීන ශ්‍රී ලංකා රබර් - සහල් ගිවිසුමේ වැඩි ආර්ථික වාසිය හිමිවූයේ ශ්‍රී ලංකාවටය යන්න විද්වතුනගේ මතයයි. මේ ඓතිහාසික ගිවිසුමට දෙරට අත්සන් තැබුවේ 1952 දෙසැම්බර 18 වැනිදාය. ශ්‍රී ලංකාව නියෝජනය කෙළේ එකල වෙළෙඳ ඇමැති ආර්.ජී.සේනානායක මහතාය. ඔහු දේශප්‍රේමි ජනනායකයකු වූ ඇෆ්.ආර්.සේනානායක සිරිමතාණන්ගේ පුත්‍රයෙකි. ඩඩ්ලි සේනානායක මහතාගේ ඥාති සහෝදරයෙකි.

මේ අවධිය වනවිට ශ්‍රී ලංකාවේ සැම රටවැසි පුද්ගලයකුටම නොමිලේ සහල් සේරු දෙක බැගින් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ සහල් මිල ගණන් ඉහළ ගොස් තිබුණි. චීනයේ සහල් නිෂ්පාදනය පැවතුනේ ඉහළ මට්ටමකය. චීනයේ නිෂ්පාදනයන් සඳහා අමුද්‍රව්‍යක් වශයෙන් රබර් අවශ්‍ය වී තිබුණත් අමෙරිකාව සහ එක්සත් ජාතින් විසින් චීනයට එරෙහි ආර්ථික අවහිරතා ක්‍රියාත්මක කරන ලදී.

මේ අනුව ශ්‍රී ලංකාව චීනයට රබර් දීමටත්, චීනය එම වටිනාකමට සරිලන පරිදි ශ්‍රී ලංකාවට සහල් සැපයීමටත් එකඟවීම මේ ගිවිසුමේ අන්තර්ගතයයි. චීනය කොමියුනිස්ට් නොවන රාජ්‍යයක් සමඟ එළැඹි පළමු ගිවිසුම මෙය වන්නාසේම භාණ්ඩ හුවමාරු (BARTER TRADE) භාණ්ඩ - භාණ්ඩ හුවමාරුවකින් යුතු ප්‍රථම ගිවිසුම ද ශ්‍රී ලංකා චීන රබර් සහල් ගිවිසුමයි.

වසර 5 න් පහට ගිවිසුම අලුත්වැඩියා කළ අතර ශ්‍රී ලංකාවේ රබර්වලට චීනය ඉහළ මිලක් තීරණය කළාය. එසේම සහල් සඳහා නියම කෙළේද අඩු මිලකි. එම නිසා මෙය දෙආකාරයකින්ම ශ්‍රී ලංකාවට වාසි සහගත ගිවිසුමකි. මේ සඳහා වෙළෙඳ ඇමැති ආර්.ජී.සේනානායක මහත්මා ගත් උත්සාහය සුළුපටු නොවේ. අද වනවිට චීන - ශ්‍රී ලංකා සබඳතා ප්‍රශස්ත මට්ටමක පවතින අතර එම සබඳතාවේ මුදුන් මුල ඉහත කී රබර් - සහල් ගිවිසුමයි.

22/01/2020

පරිසර හිතකාමී වැවිලි බෝගය

රබර් මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය සමාජ පසුබිම සමඟ බැඳුණු ශාකයකි. එමෙන්ම එය පරිසර හිතකාමීය. කෙටි කාලීන ආර්ථික වාසි බලාපොරොත්තුවෙන් රබර් ඉවත් කර වෙනත් වගා දැමිම සිදු කළ යුතු නොවේ. රබර් ගසේ ස්වරූපය අනුව පොළොවට ඉහළින් වියනක් නිර්මාණය කරයි. ඒ වියනට වැටෙන වැහි බිඳු හෙමින් සීරුවේ ගහ දිගේ පොළොවට ගලා එයි. යටි ආවරණයක් තිබුණොත් ඒ ජලය හෙමින් හෙමින් පොළොව තුළට කිඳා බසී. පොළොවේ වතුර රැඳෙයි. පස සාරවත් වෙයි. ජීවීන්ට හිතකර වේ. රබර් ගස මිනිසුන්ට ලබා දෙන්නේ කිරි පමණක් නොවේ. පානීය ජලය පස තුළ රැක දෙයි. දැව ලබා දෙයි. පරිසරයට සිසිලස ලබා දෙයි. මොණරාගල දිස්ත්‍රික්කය තුළ රබර් වගාව ව්‍යාප්ත වීමෙන් පසුව එම ප්‍රදේශවල වැසි රටාව පවා වෙනස් වී තිබේ. වැස්ස වැඩි වී තිබේ. පරිණත රබර් ගසක් ජීවිත කාලය තුළ තිර කරන කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය ටොන් 01ක්. හෙක්ටයාරයක භූමි ප්‍රමාණයක් ගතහොත් ඒය ටොන් 280කි. ලෝක කාබන් වෙළෙඳ පොළ තුළ තිර කරන කාබන් ඩයොක්සයිඞ් ටොන් 01ක විකුණුම් මිල දැක්වෙන්නේ ඩොලර් 5-20ක් ලෙසිණි. කළමනාකරණය මඟින් රබර්වලින් දීර්ඝකාලිනව ආදායම් උපයන්නට පුළුවන. වියට්නාමය වැනි රටවල් අපටත් කලින් රබර් වෙනුවට කටුපොල් තෝරා නොගත්තේ ඇයි? ආකල්පමය වශයෙන් අපි වෙනස් විය යුතුය.

21/01/2020

රබර් සමග අතුරු බෝග වගාව

විශේෂයෙන් අමතර ආදායමක් ලෙස රබර් වගාවේ අපරනිත අවස්ථාවේදීත් ආදායමක් ලබාගත හැකි අතර රබර් වගාවට සමගාමීව රබර් ශාකය පරිනත අවස්ථාවේදීත් රබර් ආදායමත් සමග අතුරු බෝග වගාවෙන් අමතර ආදායමක් ලැබිය හැකිවේ. එහිදී භූමිය උපරිම ලෙස ප්‍රෙයෝජණයට ගැනීම සිදුවේ. අතුරු බෝග වගා කිරීමේ අදහසක් ඇතිනම් ඒ සදහා ක්ෂේත්‍රයේ රබර් සිටුවීමටපෙර සිතා බැලිය යුතුය. පැල අතර හා පේළි අතර පරතරය පිළිබදව විශේෂයෙන් සිතා බැලිය යුතුවේ. සාමාන්‍යයෙන් පැල අතර අඩි 8 ක් සහ පේලි අතර අඩි 25 ක්වන ලෙස රබර් ස්ථාපනය කිරීම මෙහිදී වැදගත්ය. ඒ වගේම අතුරු බෝගය තෝරා ගැනීමේදීද සිතා බැලිය යුතු කාරණා කිහිපයක් පවතී. එනම් අඩු තරගකාරිත්වය, ශ්‍රමය අඩුවෙන් භාවිතා වීම, රබර් වගාවට බළපාන රෝග වලින් තොරවිය යුතු බෝගයක් වීම, පහසුවෙන් අලෙවිකර ගැනීමට ඇති හැකියාව, එම කාරණා අතර ඇත. ඒ සදහා නිර්දේශිත අතුරු බෝග අතර කෙටි කාලීන, දිගු කාලීන හා වාර්ෂික බෝගද ඇත. ඒවා පහත පරිදි වේ.

වගාකල හැකි බෝග වර්ග

කෙසෙල්

එළවළු බෝග, මිරිස්

තේ, කුරුදු, ගම්මිරිස්

අන්නාසි

සෝයා බෝංචි, කඩල

කරද මුංගු, වැනිලා

පැෂන් පෘට්

කව්පි, රටකජු

ඇන්තූරියන්



උක්

බඩ ඉරිගු

21/01/2020
රබර් වගාව අද ඇත්තේ කොතැනද?

රබර් වගාව අද ඇත්තේ කොතැනද?

1876දී රබර් ඇට එක්දහස් නවසිය දහනවයක් වගා කරමින් මෙරට රබර් කර්මාන්තය ඇරඹි බව අගලවත්ත රබර් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ම...

21/01/2020

අර්බුදයට විසදුම්

රබර් යනු මෙරට ප්‍රධාන ආර්ථික භෝගයකි. එය අතීතයේ ප්‍රධාන අපනයන භෝගයක් වී තිබූ නමුත් වර්තමානය වන විට දේශීය වෙළෙඳ පොළ අවශ්‍යතාවයටත් ප්‍රමාණවත් නොවන නිශ්පාදනයකි. ඉල්ලුම අඩුවක් නැතිව පැවතුණත් රබර් මිල සම්බන්ධයෙන් පවතින්නේ සතුටුදායක තත්ත්වයක් නොවේ. රබර් මිල කලක පටන් පහත වැටී අති බවටත්, එම හේතුවෙන් රබර් අතහැර වෙනත් භෝග සඳහා යොමු වීමට සිදුව ඇති බවටත්, කර්මාන්තයේ නියැලි පුද්ගලයින් චෝදනා නඟයි. සැබැවින් ම රබර්වලට මිලක් නැද්ද? කර්මාන්තය අඩපණ වී ඇත්නම් ඊට හේතු මොනවා ද?

ලෝක වෙළෙඳ පොළේ රබර් මිල පාලනය කිරීමට හෝ ඊට අභියෝග කිරීමට අපට හැකියාවක් නැත. මන්දයත්, ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ පහළ යෑම පවා රබර් මිල උච්ඡාවචනය වීමට බලපානු ලබන බැවිනි. අනික් අතට අපි ලෝක වෙළෙඳ පොළට විශාල වශයෙන් රබර් අපනයනය කරන රටක් ද නොවේ. අපේ අපනයනය 2‍%ක සීමාවටවත් ළඟා වී නොමැති පසුබිමක තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල් වෙළෙඳ පොළට විශාල වශයෙන් රබර් නිකුත් කරනු ලබයි. ඒ මට්ටමින් ගත් කල අප තවම ඉන්නේ ඉතා පහළ ශ්‍රේණියකය. සැබවින්ම අපේ දේශීය වෙළෙඳ පොළ ඉල්ලුම සපුරාලීමට වත් මෙරට නිශ්පාදනය කරන ස්වභාවික රබර් ප්‍රමාණවත් වන්නේ නැත. එබැවින් දේශීය සමාගම් පවා තම නිමි භාණ්ඩ නිශ්පාදනය පවත්වාගෙන යාමට වාර්ෂිකව පිටරටින් ස්වභාවික රබර් ආනයනය කරයි.

අමුද්‍රව්‍ය වශයෙන් රබර් අලෙවි කිරීමෙන් ලාභ ඉපැයිය හැකි තත්ත්වයක් දේශීය වෙළෙඳ පොළේ හෝ විදේශීය වෙළෙඳ පොළ තුළ බහුල වශයෙන් නොමැත. එබැවින් අප අගය එකතු කළ නිෂ්පාදන රබර්වලින් සැකසිය යුතුය. අමුද්‍රව්‍යයක් ලෙස බහුලව රබර් සපයන රටවල් ගණනාවක් ලෝකයේ තිබේ. ඒවා තරගකාරී ලෙස වෙළෙඳ පො‍ෙළහි තම රබර් අලෙවි කරන අතර ඔවුහු ඉහළ තාක්ෂණය භාවිත කරන අතර කර්මාන්තය මහ­ාපරිමාණයෙන් සිදු කරනු ලබති. එසේම ලෝක වෙළෙඳ පොළ තුළ වැඩි අවස්ථාවක් හිමි කර ගෙන සිටිති.

මෙරට රබර් මිලදී ගැනීමේ දී නිසි වර්ගීකරණයක් සිදු වන්නේ නැත. බොහෝ විට ගොවියා නිෂ්පාදනය කරන සියලුම රබර් ශීට් පොදු මිලකට දේශිය වෙළෙඳුන් විසින් මිලදී ගැනේ. ගොවියාට රබර් සඳහා නිසි මිලක් නොලැබීමට මෙයද හේතුවක් වී තිබේ.

කම්කරු අවශ්‍යතා

වත්තේ වැඩ කරන තරුණයාගේ හා අනිත් තරුණයකුගේ අවශ්‍යතා අතර විශාල පරතරයක් නොමැත. අලුත් යතුරු පැදියක් මිල දී ගැනීමට තරුණයකුට හිතෙන නමුත් වත්තක වැඩ කරන තරුණයකුට ඒ සඳහා අවකාශයක් නැත. ඇතැම් විටෙක ඔහු යතුරු පැදියක් ගැනීම උදෙසා තම මවුපියන් විසින් උරුම කර දුන් රැකියාවට තිත තබනවා විය හැකිය. නමුත් ඔහුගේ අවශ්‍යතාවය මෝටර් සයිකලයක් ලබා ගැනීම නම් වත්තේ පාලන අධිකාරියට එය ඉටු කර දිය හැකිය. රජයටත් මෙහි දී වගකීමක් පැවරෙයි. වතු සමාගමේ හෝ ආයතනයේ නමට යතුරු පැදිය මිල දී ගෙන පහසු ගෙවීමේ ක්‍රමයකට කම්කරුවාට ලබා දී ගෙවීම් අවසන් වූ පසුව යතුරු පැදියේ අයිතිය ලබා දීමට හැකිය. කම්කරුවා සතු මාසික වැටුපෙන් වාරික මුදල පියවා ගත හැකිය. එවැනි වැඩ පිළිවෙළක් තුළින් තරුණයාගේ අවශ්‍යතාවය ඉටු වන අතර ඔහු වත්ත තුළ රැකියාවේ රැඳී සිටීමට හේතුවක් ද නිර්මාණය කළ හැකිය. හාම්පුතුන් සම්බන්ධයෙන් වුවද යහපත් ආකල්පයක් ඔහු තුළ ගොඩනැගෙනු ඇත.

විවාහ උත්සවයක දී නැතිනම් නිවසක් ඉදි කර ගැනීමේ දී සහන පොලියකට ණයක් ලබා දීමට හැකි නම් ඒක කිරි කපන කම්කරුවකුට විශාල උපකාරයකි. කාන්තාවක් ඇය විසින් කැපූ කිරි හිස මත තබා ගෙන මීටර 500ක් ඇතැම් විටක කිලෝ මීටරයක් එකතු කරන මධ්‍යස්ථානයට රැගෙන යනවා විය හැකියි. එසේම ඇයට එසේ රැගෙන යා හැකි වන්නේ කිලෝ 20ක් හෝ 25ක් විය හැකිය. එවැනි අවස්ථාවක රැගෙන යාමේ දුෂ්කරතාව මත ඇය තමන් කපන කිරි ප්‍රමාණය සීමා කරයි. නමුත් කපන කිරි රැගෙන යාමට පාපැදියක්, වෙනත් පහසු ක්‍රමවේදයක් සකසා දිය හැකි නම් ඇය වැඩි වැඩියෙන් කිරි කැපීමට පෙළඹේ. මේවා සුලු නමුත් විශාල බලපෑමක් කළ හැකි වෙනස්කම්ය. ඇඳුම තවත් විශේෂ කාරණයකි. කිරි කපන්නා කියූවිට මැවෙන්නේ කිරි තැවරී අසෝබන වූ ඇඳුමකි. මේ දසුන දකින අලුත් පරම්පරාවේ තරුණයෙක් හෝ තරුණියක් අලුතින් ක්ෂේත්‍රයට පිවිසෙනු ඇතැයි අනුමාන කළ නොහැකියි.

වෘත්තීය පෙනුමක් සහිත ඇඳුමකට ඔවුන් කැමති වනු ඇත. එය පහසුවෙන් පිරිසිදු කර ගත හැකි කබායක් සමඟ බූට් සපත්තු යුගලක් විය හැකිය. ඒ තුළින් රැකියාව පිළිබඳව අභිමානයක් හැඟෙයි. පෞද්ගලික අංශය තුළ මේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. තවත් අත්දැකීමක් නම් කෑගල්ල නගරය තුළ සපත්තු මහන උදවිය අවට වතුවල කම්කරුවන්ය. නගරයේ වෙළෙඳ සල්වල බඩු කිරන බහුතරය වතුවලින් පැමිණි උදවිය, වත්තේ දුක්ඛිත ජීවිතයට පිටු පෑ ඔවුන්ට නගරයේ දී ඊටත් වඩා වැඩි දුක් ගැහැට විඳීමට සිදුව තිබේ. නමුත් වත්තේ රැකියාව කළ කාලය තුළ ඔවුන් එවැනි අත්දැකීමක් විඳ නැත. පවුලේ කුඩා දරුවෙක් සිටියි නම් ඒ දරුවටද රුකවරණය සලසාගෙන වත්තක රැකියාව කරන්න පුළුවන. නමුත් ඔවුන් වත්තට සමු දී නගරයට පැමිණියේ ඔවුන්ට රැකියාව කරන්න පරිසරය නිර්මාණය වත්ත තුළ වී නැති නිසාය

21/01/2020

සාම්ප්‍රදායික රබර් කර්මාන්තය

දැනට දශක හයකට හතකට ඉහතදී අපගේ ගම් පලාත්වල ගෘහාශ්‍රීත රබර් නිෂ්පාදනය ගැමියාටම ආවේණික ක්‍රමවේදයන්ට අනුකුලව කරන ලදී. මේ නිසාම රබර් කර්මාන්තය ආශ්‍රිත වාග් මාලාවක්ද කට වහරට පැමිණ ඒවා බොහෝ දුරට ඒ ලෙසටම භාෂාවටද එකතුවී තිබේ.

කිරි කැපීම, කිරි පිහිය, කිරි කට්ටිය, කිරි ඇකිලිම, කිරි පෙරීම, ‘ඩයමන්’ රෝල, දිය රෝල, රොටි තැලීම, රොටි වේලීම, දුම් ගෙය, ඔට්ට පාල්, පොල්කටු පාල්, බ්ම් පාල්, රබර් කොළ නිවාඩුව ආදිය මෙම වාග් මාලාවේ පොදු වචන කිහිපයකි. රබර් කර්මාන්තය ආරම්භ කළ මුල් කාලයේදී විදෙශිකයින් විසින් රබර් වතුවල යොදවන ලද ඉන්දීය ද්‍රවිඩ කම්කරුවන් භාවිත කළ සමහර වචන නිසා ඒවාට ද්‍රවිඩ ඌරුවක්ද තිබේ.

රබර් වැවීම ආරම්භ කළ කාලයේ සිටම බොහෝ ගැමියන් තම ඉඩම් වලද කුඩා රබර් වගාවන් ආරම්භ කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් වූ අපටද පාරම්පරිකව ගෘහාශ්‍රීත රබර් කර්මාන්තය ගැන හුරුවක් තිබුණි. පෙබරවාරි මාසය වන විට රබර් ගස්වල කොළ ඉදී වැටේ. මෙසේ සති තුනක් පමණ තිබී අලුතින් දළු ලා මල් හටගනී. ගස් වළ කොළ නොමැතිව ලා දළු පමණක් තිබෙන ඒ කාලයේ ‘කිරි කැපීම’ සිදු නොවේ. මේ නිසාම පෙබරවාරි මාසය ‘රබර් කොළ නිවාඩුව’ වශයෙන් නම් කිරීමට ගැමියා පුරුදු විය. බොහෝ විට ඉඩමේ වල් පැල නෙලීම, සහ රබර් ගස් වලට පොහොර යෙදීම මේ කාලයේ දී කළ යුතු වැදගත් කාර්යයකි. ඒ සමගම කිරි කැපීමේදී ගස්වල පොත්ත පලුදු වී ඇති ස්ථානවල, අලුතින් පටක වර්ධනය සඳහාත් බැක්ටීරියා මර්දනය සඳහාත් ගොම මැටි සහ රසායනික ද්‍රවයක් ආලේප කිරීමද අවශ්‍යම දෙයකි.

ඊළඟ මාසයේදී ‘කිරි කැපීම’ ආරම්භ කරනවිට ගසෙහි අනික්‌ පැත්තේ අලුතින් කැපුමක් ආරම්භ කිරීම සිරිතකි. කිරි පොල් කටුව සවි කිරීම සඳහාත්, කිරි ධාරාව ගලායාම සඳහාත් ලෝහ පීල්ලද ගලවා නව කැපුමට සවි කිරීම ද අත්‍යවශ්‍ය දෙයකි.

මෑත කාලයේදී වවනු ලබන PB (Pure bred) 86 වැනි, ප්‍රමාණයෙන් කුඩා, කිරි වැඩියෙන් ලැබෙන, රබර් ගස් එකළ නොවිය. සමහර ගෙවතු වල රූස්ස රබර් ගස්ද සුලභ විය. සිටුවා වසර පහකින් පමණ, රබර් ගසකින් කිරි ලබාගත හැකිය. මේ සඳහා ගසේ මුල සිට අඩි හතරක් පමණ උසින්, ගසේ වටප්‍රමාණයෙන් අඩක පමණ පළමු ‘කැපුම’ දමනු ලැබේ.

මේ සඳහා විශේෂයෙන් සකස් කර තිබෙන ‘කිරි පිහිය’ භාවිත කෙරේ. වෑස්සෙන කිරි පහසුවෙන් ගලායාම සඳහා මෙම කැපුම අංශක 15 ක පමණ ආනතියකින් යුක්තය. මෙම කැපුමේ අවසානයේ සිට අඩියක් පමණ පහලට නොගැඹුරු ඇලියක් කපා, එයට පහලින් කුඩා ලෝහ ‘පීල්ලක්’ සවිකෙරේ. කැපුමෙන් වැගිරෙන කිරි, පහලට ගලාගොස්, ඇලිය ඔස්සේ පීල්ලට වැටී, පීල්ලෙහි මැද කුඩා කොටසක් පහලට නමා සකස් කළ ආධාරක නෙරීමටත්, ගසේ කඳටත් අතරින් සවි කෙරෙන, පොල් කටුවකට එකතු වේ.

ඝර්ම කලාපිය රටවල වැඩෙන බොහෝ ගස්වල තිබෙන, ක්ෂිරධර පටක (Laticiferous tissues) විශේෂයක් මගින් විවිධ ආකාරයේ යුෂ නිපදවනු ලැබේ. අමිහිරි රසයකින් යුක්ත විෂ සහිත යුෂ නිසා මෙම ශාක, ශාක භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වේ. එසේම පරිවෘත්තිය අපද්‍රව්‍ය වන රෙසින, ඇල්කලොයිඩ සහ වෙනත් හයිඩ්රෝකාබන ද යුෂ වල අන්තර්ගත වේ. රබර් වල ප්‍රත්‍යස්ථ භාවයට හේතු වනුයේ එහි ඇති දික් හයිඩ්රෝකාබන් අණු ජාල නිසාය.

කිරි ලබාගැනීම සඳහා ගසෙහි පොත්ත කැපිමද ප්‍රවේශමෙන් කළ යුත්තකි. කිරි වෑස්සෙන ක්‍ෂීරධර පටක පිහිටනුයේ, ගසෙහි දුඹුරු පැහැති වල්කමය පිටපොත්තට යටින් ඇති ද්විතිය ප්ලෝයම පටක ආශ්‍රිතවය. මීට යටින් ඇති ගසෙහි වර්ධක පටක වන ප්‍රාථමික ප්ලෝයමට හානි නොවන ලෙස රබර් කැපුම සකස් කර ගැනීමට ගැමියා දක්ෂයෙකි.

රබර් කිරි කැපීම, හැකි තරම් උදෙන්ම ආරම්භ කිරීම සිරිතය. සාමාන්‍යයෙන් එක ‘රබර් කට්ටියක’ රබර් ගස් සියයක් පමණ තිබේ. උදෙන්ම කිරි කැපීම පටන් ගත් විට පෙරවරු දහය පමණ වන විට ‘කිරි ඇකිලිම’, නැතහොත් ගසින් ගසට ගොස් පොල්කටු වලට වෑස්සී තිබෙන කිරි, බාල්දියකට එකතු කර ගැනීම කරනු ලැබේ. පැයකදී පමණ ගස් සියල්ලේම කිරි එකතු කර ගත හැකි වේ. ගසේ කැපුමේ ඉතිරි වන කිරි, කිරි එකතුකරන වේලාව වන විට කැපුම මත ඝනවී පට්ටයක් මෙන් සෑදේ. මෙම පට්ටය පසුදින කපන විට ගලවා වෙනම එකතු කර ගනී. ‘ඔට්ට පාල්’ලෙස හඳුන්වනුයේ මෙම පට්ටා විශේෂයයි. (හොඳින් ඇදෙනසුලු ‘ඔට්ට පාල්’ වෙසක් කුඩු බැඳීම සඳහා ඉස්තරම් පට්ටා වර්ගයකි.)

20/01/2020

සුදු මුල් රෝගය

රබර් වගාවේදී දැකිය හැකි ප්‍රධානතම රෝගය වනුයේ සුදුමුල් රෝගයයි. මින් රබර් වගාවට තදබල හානියක් සිදුවීමට පුළුවන. ඉන් අස්වැන්න අඩු වේ. මෙය පාළනය කළ යුතු තත්ත්වයකි. රිජිඩොපෝරස් මයික්‍රොපෝරස් නැමති දිලීරය නිසා හට ගනී. සාමාන්‍යයෙන් මතුපිට පස් සථරය ආසන්නයේ ඇතිධාරක මුල් මත දිලීරය සිහින් සුදු පැහැති සූත්‍රිකා ලෙස එකිනෙක මත වෙලී දිලීර මූලිකා ලෙස වර්‍ධනය වේ. හොදින් වැඩුණු දිලීර මූලිකා වලින් තෙත් කාලයේදී හතු හටගන්නා අතර ඒවායේ පැහැය තැඹිලි හෝ රතු දුඹුරු පැහැයක් ගනී. රෝගය බෝවන්නේ පැරණි වගාවේ තිබූ රෝගය සෑදුනු මුල් ක්ෂේත්‍රෙය් ඉතිරිව පැවතීමෙනි. තවද රෝගී මුල් කැබලි අළුත් වගාවක් හරහා ගෙනයාමේදීද ඒවා ක්ෂේත්‍රයට වැටීමෙන් අළුත් වගාවකට රෝගය බෝවිය හැකිය.ආසාදනය වූ රබර් ශාකයන්හී මේරූ පත්‍ර තරමක් අවර්‍ණවී යටි අතට හැකිලීයන අතර ලපටි පත්‍ර තරමක කහ පැහැයක් ගනී. තවද සමහර ක්ලෝනවල අකාලයේ මල් හට ගැනීමද සිදුවේ. මෙම තත්ත්වය උග්‍ර වීමෙන් රබර් ශාකය මිය යාමටද පුළුවන.

පාළනය සදහා

පැරණි වගාව ඉවත් කිරීමට පෙර ආසාදිත ගස් ලකුණු කොට සියළුම මුල් සම්පූර්‍ණෙයන්ම ගලවා ඉවත් කළ යුතු වේ. මෙම කර්‍ය්‍ය අනිවාර්‍ය්‍යෙයන්ම අධීක්ෂණයට ලක් කළ යුතු අතර නැතිනම් රෝගී මුල් පසේ ඉතිරිවීමෙන් අළුත් වගාවටද රෝගය බෝවිය හැකිය. තවද අළුත් වගාවේ පැල පේළි පැරණි වගාවේ පේළිවලින් වෙනස් කොට සිටුවිය යුතුය. තවද නිසි කලට ආවරණ වගාව හොදින් ස්ථාපිත කළයුතු අතර මෙමගින් රෝගී මුල් කැබලි පසේ ඉතිරිව ඇත්නම් ඒවා දිරායාම පහසු කරයි.කෙසේ හෝ රබර් ශාකයේ මුල ප්‍රදේශයේ පොත්තේ/පටකයේ 50 % කට වඩා වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇත්නම් එම ගස් සම්පූර්‍ණෙයන්ම උදුරා ඉවත් කොට එම ස්ථානයට ගෙන්දගම් ග්‍රෑම් 200 ක් යොදා මාස දෙකක් පමණ එම ස්ථානය නිදහසේ තැබිය යුතුය.රසායනික ක්‍රම අතර දිලීර නාශක යොදා මෙම රෝගී තත්ත්වය පාළනය කළ හැකිය. එනම් රෝගය මුල් අවධියේදීම හොදින් හදුනාගෙන ප්‍රතිකාර කළ යුතුවේ. ට්‍රෙබියුකොනසෝල් හෝ හෙක්සකොනසෝල් අඩංගු දිලීර නාශකයක් ගෙන මුල් වලට වත්කල යුතුය. මාස තුනකට පසුව නැවතත් දිලීර නාශකය යෙදිම වඩාත් සුදුසුය.

20/01/2020

රබර් වගාවෙ පස හා පාංශු සංරක්ෂණය :-

රබර් වගාවේදී පමණක් නොව සෑම වගාවකදීම පස හා පාංශු සංරක්ෂණය පිළිබද අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. පස පිළිබදව සළකා බැලීමේදී බහුලව ආම්ලික පසේ රබර් වගා කරයි. රබර් වගාවට සුදුසු පස් කාණ්ඩ 4 ක් පවතී.

රතු කහ පොඩ්සොලික් පස
රතු දුඹුරු පස සහ අපරිනිත දුඹුරු පස
රතු දුඹුරු ලැටසෝල් පස
රොගසෝල්ස් සහ ඇලුවියල් පස
තවද ශ්‍රී ලංකාවේ රබර් වගා කරන භූමිය පාංශු පැතිකඩෙහි රූපීය ලක්ෂණ හා මාතෘ ද්‍රව්‍යවල ස්වභාවය අනුව පස් ශ්‍රේණි අටකට බෙදා දක්වයි. එනම්,

පාරම්බේ ශ්‍රේණිය
හෝමාගම ශ්‍රේණිය
අගලවත්ත ශ්‍රේණිය
රත්නපුර ශ්‍රේණිය
මාතලේ ශ්‍රේණිය
බෝරල ශ්‍රේණිය
මාදම්පේ ශ්‍රේණිය
ගංගා සහ දෙණිය ශ්‍රේණිය ලෙසයි.


ඉහත දැක්වූ මිල කල නොහැකි ස්වභාවික සම්පතක් වන පස සංරක්ෂණය කළ යුතුය. සුළග හා ජලය මගින් ඛාදනයට ලක් වේ. ඒ සදහා පිළියම් යෙදිය යුතුය. එය පාංශු සංරක්ෂණයයි. රබර වගා ඉඩම් වලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක ඵලදායිතාවය අඩුවීම කෙරෙහි මතුපිට පාංශු ඛාදනය බලපා ඇත. මෙම තත්ත්වය අවම කර ගැනීම සදහා රබර් වගාවේදී ,

මතුපිට පස වැහි බිංදු වලට නිරාවරණය වීම වැලැක්විය යුතුය. එනම් මුකුණා, පියුරේරියා, ඩෙස්මෝඩියම් වැනි ආවරණවැල් වගාවන් සංස්ථාපණය කළ යුතුය.
ඉවුරු මතුපිට හා වැටවල් ආසන්නයේ ඇති වල් පැලෑටි ඉවත් නොකළ යුතුය. එම ස්ථාන වල වල් පැලෑටි වීසි කැති ගැසීම කල යුතුය. ආවරණ වැල් වගාවේ මුල් මගින් පසේ බැදීමක් ඇති කරයි.
කාණු කැපීම. මෙහිදී ප්‍රධාන කාණු හා පාර්ශවික කාණු වෙනවෙනම කැපිය යුතුය. ඉන් පාර්ශවික කාණු මගින් ප්‍රධාන කාණු වෙත ජලය ගෙන එන අතර ප්‍රධාන කාණුවේ බාධක මගින් ජලයෙහි ගලා බැසීමේ වේගය අඩු කරයි.
ගල් වැටි දැමීම. අධික ගල් සහිත භූමිවල සමෝච්ච ගල් වැටි දැමීම මගින් රබර් වගාවේ පාං පසේ බැදීමක් ඇති කරයි.
කාණු කැපීම. මෙහිදී ප්‍රධාන කාණු හා පාර්ශවික කාණු වෙනවෙනම කැපිය යුතුය. ඉන් පාර්ශවික කාණු මගින් ප්‍රධාන කාණු වෙත ජලය ගෙන එන අතර ප්‍රධාන කාණුවේ බාධක මගින් ජලයෙහි ගලා බැසීමේ වේගය අඩු කරයි.
ගල් වැටි දැමීම. අධික ගල් සහිත භූමිවල සමෝච්ච ගල් වැටි දැමීම මගින් රබර් වගාවේ පාංශු ඛාදනය වළකා ගත හැකිය.

19/01/2020

රබර් වගාවේ පොහොර

පොහොර යෙදීම යනු ශාකයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බාහිරව කෘතිමව ලබාදීමයි. රබර් ශාකයේ වර්‍ධනය සදහා විශේෂයෙන් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලෙස විශේෂයෙන් N, P, K සහ Mg දැක්විය හැකිය. මෙම පොහොර යෙදීම රබර් වගා කරන ප්‍රදේශ සදහා පස අනුව විවිධ ප්‍රමාණයන් නිර්දේශ කොට තිබේ. එපමණක් නොව එම නිර්දේශය ගසේ වයස අනුව වසරින් වසර වෙනස් වේ. කෙසේ හෝ අදාල පොහොර මිශ්‍රණය තෝරාගත යුත්තේ අදාල ප්‍රදේශයේ ඇති පාංශු දර්‍ශකය අනුවය.

පරිනත වගාවන් සදහා පොහොර යෙදීමේදී එය සිදු කරනුයේ විශේෂිත ආකාරයකටය. එම කාර්‍ය්‍යද රබර් වගා කරන ප්‍රදේශය අනුව එහි ඇති පාංශු ශ්‍රේණිය සැළකිල්ලට ගෙන පොහොර යොදයි. මෙය විශේෂ වනුයේ කුඩා රබර් වතු හිමියන්ටය. අන් අය සදහා පාංශු හා ශාක පෝෂත්ව දෙපාර්තමේන්තුව මගින් වසර තුනකට වරක් පත්‍ර හා පාංශු විශ්ලේෂණය මගින් පොහොර නිර්දේශ කරයි.

පොහොර වර්‍ග ඒ ඒ ප්‍රමාණයන් නිවැරදි ලෙස භාවිතා කිරීමේදී ඒවා භාවිතා කළ යුතු නිවැරදි කාලයක්ද ඇත.එනම්,

තද වැසි කාලය මග හැරිය යුතුය. තද වැසි නිසා පොහොර සේදී යා හැකිය.
නියං කාල මගහැරිය යුතුය.
හරිත වගාවන් සදහා දළුලෑමෙන් මසකට පසු යෙදිය යුතුය.
තෙත් කලාප‍යේනම් ජූනි මාසයට පෙර පොහොර යෙදීම අවසන් කළ යුතුය.
පොහොර දැමීමට පෙර ගස වටා අඩි 3 – 4 ක අරයක් සහිත වට ප්‍රමාණයක වල් මර්‍ධනය කළ යුතුය.
මුල්ලු කිරීම මගින් පස තුළට පොහොර යෙදිය යුතුය.කිසි විටෙකත් පස මත පොහොර විසිරවීම නොකළ යුතුය.
පැල සිටුවා මුල් අවුරුද්ද තුල මුල සිට අඩියක් දුරින් මුල්ලු කිරීම සමග පොහොර යෙදිය යුතුය.
ගස පරිනත වන විට ටිකෙන් ටික ගසේ අරය වැඩිකොට පරිනත වූ පසු අඩි 3 – 4 ක අරයක් පොහොර දැමීම සදහා භාවිතා කළ යුතුය.
පොහොර යොදා වසුන් යෙදීම ( පිදුරු/ කොළ අතු ) ශාකයේ වර්‍ධනයට සහ පසේ තෙතමනය රදවා ගැනීමට මනා පිටුවහලක් වේ.
මීට අමතරව හැකි සෑම අවස්ථාකදීම නිර්දේශයන්ට අමතරව කාබණික පොහොර යෙදීම ඉතා වැදගත්ය. ඒ සදහා ගොම/ කුකුල් පොහොර/ කොම්ෆොස්ට් භාවිතා කළ හැකිය. පරිනත ගසක් සදහා එක් වරකට කාබණික පොහොර 5 Kg ප්‍රමාණවත්ය. ඉහත පොහොර මිශ්‍රණ හා කාබණික පොහොර රබර් ගසට පළමු හා දෙවන වසර වල හතර වරක්ද, ( වසරකට අදාල ප්‍රමාණය 4 ට බෙදා ) ඉන් එහාට කිරි කපන තෙක් වාර තුන බැගින්ද යෙදීම වඩාත් සුදුසුය.

Address

Kurunegala
Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when රබර් එකමුතුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

Nearby media companies


Other Media in Kurunegala Colony

Show All