Thanu jx

Thanu jx Learn the way and make your own way �

උපුගැනීමRasika සර් ගේන් 🙂මෙම post එක page එක තුල පල කිරීමට ඉල්ලා සිටින අතර එය කිරීමට නොහැකි නම් මාගේ අමනාපයක්ද නොමැති බව...
27/04/2023

උපුගැනීම
Rasika සර් ගේන් 🙂

මෙම post එක page එක තුල පල කිරීමට ඉල්ලා සිටින අතර එය කිරීමට නොහැකි නම් මාගේ අමනාපයක්ද නොමැති බව පමණක් කියමි.
පාසල් ළමුන් රැගෙන එන දිවා ආහාර වෙලා එම ළමුන්ට හොරෙන් කෑමට ගන්නා පාසලක (මලියදේව ආදර්ශ පාසල) ළමුන් ගැන කියන්නට අවශ්‍යයම බව සිතුනි.
මලියදේව ආදර් ශ පාසල තුල මේ වන සිට 10 වසර සඳහා පාසල් කාලයෙන් පසු සවස 3 වනතුරු පන්ති පැවැත්වේ.
ඉතා දුර බැහැර සිට ළමුන් පාසලට පැමිණෙන අතර උදේ ආහාර වේලද නිසි පරිදි බොහෝ පිරිසක් ලබා ගන්නේ නැත. එවන් අවස්ථාවක සවස 3 වනතුරු සිටින ළමුන්ට දිවා ආහාර වේල කොපමණ ද වැදගත් ද යන්න කිව යුතු නොවේ.
පන්ති කාමරය තුල සිසුන් නොමැති අවස්ථාවල පන්තියට පැමිණෙන මෙම මැර ළමුන් විසින් ළමුන් ගෙනා ආ දිවා ආහාර වේල බෑග් වලින් එළියට ගෙන කා, ඒවා එලෙසම තබා ළමුන් ගෙන ආ වතුර බෝතල අවසන් කර ඒවා එලෙසම තබා පන්ති කාමරයෙන් පිට්ව යති.
බත් පතක් බෙදා හදා ගෙන කෑම එක දෙයකි, එය හොරෙන් කෑම තවත් දෙයකි.ගුරුවරුන්ට දැනුම් දුන්නත් කිසිම පියවරක්ද ගෙන නොමැත. එම පියවරක් නොගැනීමෙන් එවැනි සිසුන් සාමාජයට පැමිණ ඊටත් වඩා ජඩ කම් කිරීමට පෙළබේ. මෙවන් දේ පාසලෙන්ම නතර කිරීම සිදු විය යුතුමය.
අප්ප අම්මට සාදන්නට නොහැකි ළමයා පාසලෙන් සෑදිය යුතුමය, ඒසේ කිරීමට නොහැකි වූ කල පොලීසියෙන් හෝ සමාජයෙන් පාඩමක් ඉගෙන ගත යුතුමය.
මෙම post එක මලිදේව ආදර්ශයේ සිසුන් , ගුරු බවතුන් හෝ විදුහල්පති තුමන්ලා ගේ හෝ ඇස ගැටේ යැයි මම විශ්වාස කරමි. මෙම ක්‍රියාවන් සඳහා පාසල් තුලදී පියවරක් ගත යුතුමය. එසේ නොවීමෙන් පාසල් ගේට්ටුවෙන් එළියේ මෙම ප්‍රශ්ණ විසඳීම පාසලට ද හොඳ නැත. බත් පත කෑම වෙනුවට ඔවුන් වෙනත් යමක් මිශ්‍ර කර තිබුනහොත් ... එවන් දේ ඉදිරියේදී සිදු නොවේ යැයි අප සිතන්නේ කොහොමද?
පළමු සහ අවසාන උත්සාහය ලෙස මෙම එක එක තුල පල කිරීමට Admin ගෙන් ඉල්ලා සිටින අතර නැවත එම සිදු වීමක් වීම ඉවසා සිටීමක් සිදු නොවන බව ද කිව යුතුම ය.

🧐
18/01/2023

🧐

07/01/2023

උපුටා ගැනීමක් 🙂

බලලා Delete කරන්න කියලා යවපු ඔයාගේ අතිශය පුද්ගලික Photos Leak කරනව කියල තර්ජනය කලොත්?

හිතන්නකෝ ඔයාගේ හිටපු Boyfriend, නැතිනම් දැනට තරහ වෙලා ඉන්න Boyfriend හෝ වෙනත් පිරිමි කෙනෙකු ඔයාගේ අතිශය පුද්ගලික photos Facebook වලට හෝ WhatsApp group වලට දානවා කියලා ඔයාට තර්ජනය කරනවා නම් හෝ ඔයාගෙන් අයුතු දෙයක් බලාපොරොත්තු වෙනවානම් සාපරාධි බියගැන්විම යන වෝදනාව( දණ්ඩනීති සංග්‍රහයේ | Penal Code 483) යටතේ පොලිසියට නීතිය කිුයාත්මක කළ හැකි බව ඔයා දන්නවද..

ඒ වගේ කවුරු හරි ඔයාව බය කළොත් හෝ ඒ phots ටික Upload කරනවා කියලා කවුරු හරි කිව්වොත් අපේ ගොඩක් ගෑනු ළමයි බය වෙන එක තමා සිද්ධ වෙන්නේ. ඒ වගේම ගොඩක් අය ඒ පුද්ගලයා කියන දේවල් වලට අවනත වෙන්න හදනවා..එහෙමත් නැත්නම් වහ ටිකක් බීල | කාලා හරි, එල්ලිලා හරි මැරෙන්න හදනවා..ඇයි මේ කොහෙවත් ඉන්න එකෙක් නිසා තමන්ගෙ වටිනා ජීවිතය නැති කරගන්නේ.ඔයාල ඔයාලගේ හානියක් කර ගන්නේ නැතිව අපි එයාව හිරේ යවන වැඩක් කරමු.

එහෙම කරනවනම් හැබැයි පොලිසියට යන්න ඕනි..පොලිසියට නිකං අත් දෙක වන වනා නම් යන්න එපා. ඔයා පොලිසියට යනවා නම් ඒ පුද්ගලයා ඔයාට තර්ජනය කරන message වල screenshot හරි, තර්ජනය කරන කෝල් එක voice recording එකක් හරි අරගෙන යන්න.මොකද අද ගොඩාක් ය පාවිච්චි කරන්නේ smart phone එකක්නේ එක නිසා ඒ වැඩේ මාරම ලේසියි. පොලිසියට යනවනම් හැබැයි වැඩිහිටියෙක් එක්ක යනවනම් තමයි ගොඩක්ම හොඳ. ගෙදර වැඩිහිටියෙක් එක්ක යන්න බෑ වගේ නම් වගේ යාළුවෙක් එක්ක හරි තනියට එක්කන් යන්න.කෝකටත් ඔයාගේ ආරක්ෂාව හොඳයිනේ..

හිතන්නකෝ ⁣ගමේ පොලිසිය හරියට වැඩේ කරන්නේ නෑ කියලා එහෙනම් ඉතිං කොළඹ ගෑන්ඩ්පාස් තියෙන ළමා හා කාන්තා කාර්යාංශය වෙත යන්න. 011244444 වැඩිදුර නීති උපදෙස් අවශ්‍ය නම් ළගම උසාවිය තුළ තිබෙන නීති ආධාර කොමිෂන් සහාවට ගිහින් නොමිලේ නීති උපදෙස් ලබා ගත හැකියි.( ප්‍රධාන කාර්යාලය - 0112433618) සතියේ දවස්වල කාන්තා කටයුතු අමාත්‍යාංශයේ hotline එක 1938 කතා කරලා ගෙදර ඉදන්ම උපදෙස් ලබා ගන්න පුලුවන්.

කොළඹ ගෑන්ඩ්පාස් එක නැත්නම් මිරිහාන අපරාධ විමර්ෂණ ඒකකය එකත් මාරම හොඳයි. ඔයාලාගේ සාක්‍ෂි විමසන්න එන්නේ ගොඩාක් වෙලාවට කාන්තා පොලිස් අයමයි.
හොඳම දේ කොළඹ ගෑන්ඩ්පාස් යන්න කලින් call එකක් දීලා උපදෙස් අරගෙන, එයාලා කියන හැම document එකක්ම අරගෙන යනවනම් ඔයාගේ පැත්තට තමා වාසි..ඔයාට ඒ පිරිමි පුද්ගලයා වෙනුවෙන් නඩුවක් දාන්න ඕනි කියලා හිතන්නකෝ..සමහර අවස්ථාවන් වලදී ඔයාට උසාවියට යන්න අවශ්‍ය නැහැ.ඔයාගේ voice recording එකක්, ලිඛිත ලියවිල්ලක් හොඳටම ඇති ඒ පුද්ගලයාට විරුද්ධව උසාවියේ නඩුවක් උනත් දාන්න. අන්න ඒක නිසා තමන්ගේ වටිනා ජිවිතේ නාස්ති කර ගන්නේ නැතුව හරිම දේ කරමු..

31/12/2022
හෑ😩😳
31/12/2022

හෑ😩😳

Waiting for a miracle ☺️
24/09/2022

Waiting for a miracle ☺️

ඕකියි තත්ත්වේ මිතුර 🥲🥲
17/06/2022

ඕකියි තත්ත්වේ මිතුර 🥲🥲

10/06/2022
😑
07/06/2022

😑

🙄😂 පුංචි අයින්ස්ටයින් 😁
06/06/2022

🙄😂 පුංචි අයින්ස්ටයින් 😁

06/06/2022

😂සහතික ඇත්තක් නේද? 😊
04/06/2022

😂සහතික ඇත්තක් නේද? 😊

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Thanu jx posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thanu jx:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share