රූ Beauty Magazine

රූ Beauty Magazine Beauty Magazine

17/10/2021

නොමිලේ !!
ළමා ඇදුම් මැසීමේ එක්දින වැඩමුළුව | නොවැම්බර් 7 ඉරිදා | Zoom තාක්ෂණය ඔස්සේ..
වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක මගින් අදාළ
WhatsApp සමූහය හා එක්වන්න.

https://chat.whatsapp.com/JRFf2JsRPEQ696g4P6aQxC

ගැටලු නැතුව සාරි හැට්ටය මහන හැටිසාරි හැට්ටය මහනකොට ඇතිවන ප්‍රශ්න කෙලවරක් නෑ. දැනගන්න විදිහක් නෑ කියලා හිතුන ද? ප්‍රවීණ ශ...
19/08/2021

ගැටලු නැතුව සාරි හැට්ටය මහන හැටි

සාරි හැට්ටය මහනකොට ඇතිවන ප්‍රශ්න කෙලවරක් නෑ. දැනගන්න විදිහක් නෑ කියලා හිතුන ද? ප්‍රවීණ ශිල්පිනී රෂිකා කාරියකරවන ලබාදෙන උපදෙස් ඔබේ මේ හැම ගැටලුවකටම විසඳුම් ලබාදෙන හැටි බලන්න. හැබැයි මේ උපදෙස් මැහුම් තක්සලාවෙන් විතරමයි. නොවරදවාම අගෝස්තු මැහුම්ත ක්සලාවේ 18, 19, 20 පිටු පෙරලලා බලන්නකෝ ඔබ හොයන ප්‍රශ්නෙට. උත්තරේ නොවැරදීම ඔබට හමුවේවි.

Ombre Hair Color | නවත ම කොණ්ඩා වර්ණ ගැන්වීමේ ක්‍රමයක්https://youtu.be/jCo0LJanlM8
15/05/2021

Ombre Hair Color | නවත ම කොණ්ඩා වර්ණ ගැන්වීමේ ක්‍රමයක්

https://youtu.be/jCo0LJanlM8

නවත ම කොණ්ඩා වර්ණ ගැන්වීමේ ක්‍රමයක්By: Hasani GunasekaraNaturals Unisex Salon | Nugegoda

14/04/2021
ජපන් ක්‍රමයට කොණ්ඩා මෝස්තරයක් | Japanese Hair Stylehttps://youtu.be/iXBqmFdwMoQ
04/04/2021

ජපන් ක්‍රමයට කොණ්ඩා මෝස්තරයක් | Japanese Hair Style
https://youtu.be/iXBqmFdwMoQ

ජපන් ක්‍රමයට කොණ්ඩා මෝස්තරයක් | Japanese Hair StyleBy: Deepika Gunasekara

ලේයර් ක්‍රමයට නිවැරදිව කෝණ්ඩේ කපන්නේ මෙහෙමයිhttps://youtu.be/DzgDxSWBtDw
30/03/2021

ලේයර් ක්‍රමයට නිවැරදිව කෝණ්ඩේ කපන්නේ මෙහෙමයි
https://youtu.be/DzgDxSWBtDw

ලේයර් ක්‍රමයට නිවැරදිව කෝණ්ඩේ කපන්නේ මෙහෙමයි.Hair Layering Techniques at home

කොණ්ඩේ යනවා නම් පැහෙනවා නම් මෙන්න විසඳුම - https://youtu.be/CKvRrCPuiC0
24/03/2021

කොණ්ඩේ යනවා නම් පැහෙනවා නම් මෙන්න විසඳුම -
https://youtu.be/CKvRrCPuiC0

සවභාවික කොණ්ඩා සත්කාරයක් - Natural Hair Mask & Hair SpaBy: Shashi KarunarathneSalon ShaShi71/4 Temple Road, NawalaContact : 077 99 722 26

ඇඳුමක ලස්සන රුවට එකතු වෙන්නෙ ඒක නිවැරදිව ඇන්දාම නේද.... එන්න ඉගෙන ගන්න...අපේ රූ  you tube channel එක subscribe කරන්න.......
18/03/2021

ඇඳුමක ලස්සන රුවට එකතු වෙන්නෙ ඒක නිවැරදිව ඇන්දාම නේද.... එන්න ඉගෙන ගන්න...
අපේ රූ you tube channel එක subscribe කරන්න....
ඒ වගේම රූ beauty සමූහයටත් එකතු වෙන්න...
https://youtu.be/8Wr5kKgxlzU

Shashi Karunarathne

පියවරෙන් පියවර පැහැදිලිව  ඉන්දියානු ක්‍රමයට කොණ්ඩ මෝස්තරයක් ඉගෙන ගන්න..වීඩියෝව නරඹන්න..මේවගේ තවත් අලුත් දේවල් ඉගෙන ගන්න....
17/03/2021

පියවරෙන් පියවර පැහැදිලිව ඉන්දියානු ක්‍රමයට කොණ්ඩ මෝස්තරයක් ඉගෙන ගන්න..වීඩියෝව නරඹන්න..මේවගේ තවත් අලුත් දේවල් ඉගෙන ගන්න..අපේ chanel එක subscribe කරන්න....
https://youtu.be/GqmZpyBBi0M

Indian Hair Style for a ladyBy : Hasini GunasekaraNaturals Sri Lanka

පියවරෙන් පියවර පැහැදිලිව තායි කොණ්ඩ මෝස්තරයක් ඉගෙන ගන්න..වීඩියෝව නරඹන්න..මේවගේ තවත් අලුත් දේවල් ඉගෙන ගන්න..අපේ  chanel එ...
14/03/2021

පියවරෙන් පියවර පැහැදිලිව තායි කොණ්ඩ මෝස්තරයක් ඉගෙන ගන්න..වීඩියෝව නරඹන්න..මේවගේ තවත් අලුත් දේවල් ඉගෙන ගන්න..අපේ chanel එක subscribe කරන්න....
https://youtu.be/4oTxD-WF2AA

ඔෆිස් යද්දි හැමදාම පුංචි  makeup එකක් දැම්මට...විශ්වාසද ඒක කලේ හරිම විදිහට බව...ඔයාගෙ ලස්සන  වැඩියෙන් කැපිලා  පේන්න..ඔෆි...
06/03/2021

ඔෆිස් යද්දි හැමදාම පුංචි makeup එකක් දැම්මට...විශ්වාසද ඒක කලේ හරිම විදිහට බව...
ඔයාගෙ ලස්සන වැඩියෙන් කැපිලා පේන්න..ඔෆිස් එකට ගැලපෙන්නෙ හරියටම makeup එකක් දාන විදිහ පියවරෙන් පියවර ඉගෙන ගන්න...
මේ වගේ තව videos ගොඩාක් බලන්න..අපේ you tube chanel එක subscribe කරන්න..🌷

https://youtu.be/vEKN11xxUHs

https://www.facebook.com/groups/rubeauty/?ref=share මෙම ලින්ක් එකෙන් එකතු වෙන්න....    ඇස් යට   කලු පැහැ වීම පිළිබද  .. ...
02/12/2020

https://www.facebook.com/groups/rubeauty/?ref=share
මෙම ලින්ක් එකෙන් එකතු වෙන්න....
ඇස් යට කලු පැහැ වීම පිළිබද .. රූ බියුටි සමූහයේ පල කොට ඇති ලිපිය හරහා දැනුවත් වෙන්න..

හරියට මේක්අප් එකක් කළොත් බලන්න කොයිතරම් ලස්සනයි ද ? ඒත් හරියට මේක්අප් එක කරලා තිබුණේ නැත්නම් ? තියෙන පෙනුමත් අවලස්සන වෙල...
07/11/2020

හරියට මේක්අප් එකක් කළොත් බලන්න කොයිතරම් ලස්සනයි ද ? ඒත් හරියට මේක්අප් එක කරලා තිබුණේ නැත්නම් ? තියෙන පෙනුමත් අවලස්සන වෙලා පෙනේවි. ඒ කියන්නේ
මේක්අප් එකේ අඩුපාඩු ඉස්මතු වී පෙනෙන්නට පටන් ගනීවි. මෙන්න මේ නිසාම තමයි හරියට මේක්අප් කරන්න හරියටම දැන ගන්න ඕන කියලා අපි ඔබට කියන්නේ.
මේක්අප් කරනවා කියන්නේ ඉතාමත් ක්‍රමාණුකූලව නිවැරැදි ශිල්පීය ක්‍රමවලට අනුව නිර්මාණශීලීව කළ යුතු දෙයක්. මේක්අප් කිරීමේදී ඒ පිළිබඳව දැනුම්වත් විය යුතුදේ
බොහොමයක්ම තිබෙනවා. එනිසා දැනුමක් නොමැතිව මෙන්ම නිසි පුහුණුවක් ද නොමැතිව මේක්අප් කරන්නට ගියොත් එහි සාර්ථකත්වය, සුන්දරත්වය දක්නට නොහැකි වේවි. හරියට මේක්අප් කරන්න හරියටම දැන ගන්න හැටි ඔබට කියන්නට ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි සමන්ත ප්‍රනාන්දු සූදනම්.
* මේක්අප් එකක් කරන්නට කලින් :
සමේ ස්වභවය, සමේ වර්ණය නිවැරැදි හඳුනාගත යුතුයි. හේතුව සමහර අයගේ සම පැහැපත් වුණත් සම වියළියි. එහෙමත් නැත්නම් සම තෙල් සහිතයි. සමේ ස්වභාවය හඳුනා ගැනීමෙන් පසුවයි අප ෆවුන්ඬේෂන් එක තෝරා ගත යුත්තේ. ඉන්පසුව අපට මේක්අප් එකට සූදානම් වන්නට පුළුවන්.
* මුලින්ම ගැල්විය යුතු ප්‍රයිමර්
ෆවුන්ඬේෂන් එක පාවිච්චි කරන්නට කලින් ප්‍රයිමර් එකක් පාවිච්චි කරන්නට ඕන. ප්‍රයිමර් එකෙන් කරන්නේ සමේ තෙල් ගතිය හා දහඩිය මතුවීම වැළැක්වීමයි. අප ගල්වන මේක්අප් සමට හොඳින් උරාගෙන ලස්සන පෙනුමක් ලබා දෙන්න ප්‍රයිමර් එක උපකාරී වනවා. ප්‍රයිමර් තවරා විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හැරිය යුතුයි. ඉන්පසුව ෆවුන්ඬේෂන් භාවිතයට සූදානම් විය යුතු වන්නේ.
* නිවැරැදිව තෝරා ගත යුතු ෆවුන්ඬේෂන් :
මේක්අප් එකක ලස්සන පෙනුම රඳා පවතින්නේ අප යොදා ගනු ලබන ෆවුන්ඬේෂන් එක මතයි. ඇතැම්විට මේක්අප් එකකින් පසු මුහුණෙහි අදුරු පාටක්, සුදු වැඩි ගතියක්
පෙනෙන්නේ සමේ වර්ණයට අනුව ගැළපෙන ෆවුන්ඬේෂන් එක තෝරා නොගැනීම නිසයි.
* ෆවුන්ඬේෂන් එක නිවැරැදිව තෝරා ගන්නේ කොහොම ද?
ෆවුන්ඬේෂන් එක අතේ මැණික් කටුව ප්‍රදේශයේ තවරා එය සමේ වර්ණය හා ගැළපෙනවා ද යන්න පරීක්ෂාකර බලන්න පුළුවන්. මෙහිදී අප ගන්නා නිෂ්පාදනවල එක් එක් නම්බර්ස් සඳහන් වී තිබෙනවා. අප ඒ අනුව අවශ්‍ය නම්බර්ස් තෝරාගත යුතුයි. අප ඩර්මා වලින් ෆවුන්ඬේෂන් භාවිත කරනවා නම් අවශ්‍ය නම්බර්ස් ඒ යටතේ තෝරා ගත යුතුයි.
වියළි සමක් ඇති අයෙකුට අප භාවිත කළයුත්තේ ලික්විඞ් ෆවුන්ඬේෂන් එක සහ ස්ටික් ෆවුන්ඬේෂන්. වියළි සමක් ඇති අයෙකුට පෑන්කේක් භාවිතය සුදුසු වන්නේ නෑ. හේතුව එමඟින් සම තවත් වියළි භාවයට පත් විය හැකි නිසයි.
* ෆවුන්ඬේෂන් එක භාවිත කළ යුතු හරි ක්‍රමය :
ෆවුන්ඬේෂන් යොදා ගන්නා විට එය වඩාත් අවම ආකාරයට භාවිත කළ යුතුයි. සමහර අය මෙහිදී වඩාත් ඝනව ෆවුන්ඬේෂන් යොදන අවස්ථා තිබෙනවා. එය සුදුසු දෙයක් නොවෙයි. අප මෙහිදී පාවිච්චි කරන්නේ ලික්විඞ් ෆවුන්ඬේෂන් එකයි. එය පාවිච්චි කළ යුත්තේ බ්‍රෂ් එකක ආධාරයෙන්. ෆවුන්ඬේෂන් එක මුහුණේ තිත් :ාදඑි* ආකාරයට තබා ඉන්පසුව ස්පොන් එක ආධාරයෙන් එය සමාන්තරව තුනී කළ යුතුය. ෆවුන්ඬේෂන් තවරන විට එය සමට උරා ගන්නා ආකාරයට ආලේප කළ යුතුයි. සාමාන්‍යයෙන් මෙහිදී ෆවුන්ඬේෂන් ආලේපයේදී ස්පොන්ජ් එකකින් මෙන්ම බ්‍රෂ් එකකින් ගාන්නට පුළුවන්.
ෆවුන්ඬේෂන් ගෑ පසු අවසාන වශයෙන් කළ යුත්තේ ටිෂූ එකකින් තෙත මාත්තු කිරීමයි. එසේ නොකිරීමෙන් ටික වේලාවක් ගතවන විට අළු පැහැති පැල්ලම් ආකාරයට මතුවෙන්නට පුළුවන්. හේතුව වතුරත් සමඟ මුසු වූ ෆවුන්ඬේෂන් පිටතට මතු වී ඒමයි. තෙත මාත්තුකර පවුඩර් ස්පොන්ජ් එකකින් අලේපකර ඉන්පසු බ්‍රෂ් එකකින් බැලන්ස් කළ යුතුයි. මෙය වැඩි දෙනෙක් නොදන්නා දෙයක්. බ්‍රෂ් එකකින් ෆවුන්ඬේෂන් ආලේප කරන විට අප නොදැනුවත්වම බ්‍රෂ් එකෙහි ඉරි මුහුණ මත රැඳෙන්නට පුළුවන්. ෆවුන්ඬේෂන් එකක් අප පාවිච්චි කරනු ලබන්නේ මුහුණේ තිබෙන වර්ණය වඩාත් එළිය කරගන්නටයි. නමුත් මෙහිදි කළු අයෙක් සුදු කරනවාය යන්න අදහස් වන්නේ නෑ. එය සම්පූර්ණයෙන්ම වැරැදි අදහසක්.
මේක්අප් එකෙහි දෙවැනි පියවර වශයෙන් සිදු කෙරෙන්නේ පවුඩර් ගැල්වීමයි. අප ගැල් වු ෆවුන්ඬේෂන් එකෙහි වර්ණයට ගැළපෙන පවුඩර් පාවිච්චි කළ යුතුයි. පවුඩර් පාවිච්චියේ රෝස පැහැය භාවිත කරන්නේ නෑ. අයිවරි පාට ක්‍රීම් පාට වැනි වර්ණ භාවිතයයි වඩා සුදුසු වන්නේ. පවුඩර් භාවිත කරන විටත් එය තැවරිය යුතු වන්නේ පවුඩර් ස්පොන්ජ් එකක ආධාරයෙන්. ඉන්පසු එය බ්‍රෂ් එකකින් බ්ලැන්ස් කර ගන්න ඕනෑ.
* භදිැ ජමඑ (නෝස් කට්)
නාසයෙහි හැඩය මතුකර ගැන්ම දැන් මේක්අප්වල තිබෙන විලාසිතාවක්. සමහර අය මෙහිදි තද පැහැයන් භාවිත කරනවා. එය සුදුසු වන්නේ නැහැ. තලෙළු සමක් ඇති අයෙකුට පාවිච්චි කරනු ලබන ෆවුන්ඬේෂන් එකෙන් නෝස් කට් එක සකසා ගත හැකියි. එවිට එය දිස්වන්නේ ෂැඩෝ එකක් ආකාරයටයි. කම්මුල් වැඩි, ඩබල් චින් තිබෙන අයට දුඹුරු පැහැය භාවිත කිරීම සුදුසුයි. ඉන්පසු නැවතත් පවුඩර් එකකින් එය බ්ලැන්ස් කළ යුතුයි.
* ඇහි බැමි සැකසිය යුත්තේ කොහොම ද?
ඇහි බැමි හැඩ කිරීමේදි කෙළින්ම පැන්සලයෙන් ඇහි බැමි අඳිනවාට වඩා ඩාර්ක් කලර් අයි ෂැඩෝ එකක් භාවිත කොට :ා්රන ඉරදඅබ* ඇඳීමෙන් වැඩි ලස්සනක් මතුකර ගන්නට පුළුවන්. නැත්නම් පැන්සලේ වර්ණය බ්‍රෂ් එකෙහි තවරා බ්‍රෂ් එක ආධාරයෙන් පැන්සලේ තිබෙන පාට ඇහි බැමි ඇඳීමට යොදා ගත හැකියි. එසේ කිරීමෙන් ස්වභාවික ලස්සනක් ගෙන දෙනවා.
* අයි මේක්අප් එක හරියටම කරන්න
මුලින්ම අපි බේස් කලර් එකක් ගත යුතුයි. සමේ පැහැයට සරිලන අයි ෂැඩෝ එකකින් ලයිට් කොපර් වැනි පාටක් බේස් එක ලෙස තවරන්න. ඉන්පසු අයිලිඞ් එක එනම් ඇස් පිල්ලම ක්‍රමවත්ව සකසා ගත හැකියි. අයි මේක්අප් එක සඳහා වර්ණ හතරක් ප්‍රමාණවත්. ඉන්පසු ඇස කෙළවරට (ක්‍දබැර* තද දුඹුරු පැහැයක් ගෙන ඇසේ දාරය බ්ලෙන්ඞ් කරන්න. ඇසේ ලස්සන පෙනුම අප පිටතට ගනු ලබන්නේ මෙහිදී භාවිත කරන එම වර්ණයෙන්.
* අයි ලයිනර් -
ලික්විඞ් අයි ලයිනර් පාවිච්චි කරනවා නම් වඩාත් සුදුසුයි. ලික්විඞ් අයි ලයිනර් එකෙන් අප පාවිච්චි කරනු ලබන්නේ කේක් අයි ලයිනර් එකයි. අයි ලයිනර් එක දියකර ගත යුත්තේ වතුරෙන්. මේ සඳහා කුඩා ප්‍රමාණයේ - නෝට් පින්සලක් (0 ඉරමිය) ගෙන අයි ලයිනර් එක ඇඳ ගන්නට පුළුවන්. 0 වශයෙන් හඳුන්වන්නේ බ්‍රෂ් එකෙහි ප්‍රමාණයයි. තද මෙරුන් පාට, තද දම් පාට වැනි පාටකින් ෂේඞ්කර ගැන්මෙන් ස්වභාවික පෙනුමක් මතු වී පෙනෙයි. ඇසේ යට ලයින් එක ද පැන්සල ආධාරයෙන් ඇඳ ගත යුතුයි.
ඇස් පිහාටු යට තද මෙරුන් පාටින් ෂේඞ් කිරීම වැදගත්. අයි ලයිනර් එක ඇඳීමේදී ඇස් පිහාටු යටින් අදින්නට එපා. එයින් ඇස්වලට වෙනස් පෙනුමක් ඇති විය හැකියි. මෙහිදී අප භාවිත කරන සෑම වර්ණයක්ම ස්වභාවික පෙනුමක් ගෙන දෙන ආකාරයට තිබිය යුතුයි.
* මස්කාරා ගල්වන හැටි :
මස්කාරා ගැල්වීමෙන් ඇස් පිහාටුවලට ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න පුළුවන්. මෙමඟින් ඇස් පිහාටු තිබෙනවාට වඩා දික්ව පෙනෙන ආකාරයෙන් ඉස්මතු කර ගත හැකියි. මස්කාරා තවරා ටික වේලාවක් තබා යළිත් වරක් තවරා වියළෙන්නට හැරිය යුතුයි. ඒ ආකාරයෙන් තුන්වරක් තවරා වියළෙන්නට හරින්න. ඒ ආකාරයටම තුන්වරක් පමණ නැවත නැවත ඇස් පිහාටුමත තැවරිමෙන් වැඩි ලස්සනක් පෙන්නුම් කරයි.
* තොල් ආලේප ගැල්වීම :
තොල් ආලේප තවරන විට ලිප් ලයිනර් එකක් ආධාරයෙන් හෝ ලිප්ස්ටික් ආධාරයෙන් කුඩා පින්සලකින් ලිප් ලයිනර් එක ඇඳගන්නට පුළුවන්. මෙහිදී අප තවරන ලිප්ස්ටික්වලට වඩා ටිකක් තද ලිප්ස්ටික් එකකින් ලයින් එක ඇඳ එයින් දෙතොල හොඳින් බ්ලෙන්ඞ් කරන්න. දෙතොල වටේ බ්ලෙන්ඞ් කිරීමෙන් දෙතොල්වලට ලස්සන නිමාවක් වැඩිකර පෙනේවි. ඉන්පසුව අවශ්‍ය ලිප්ස්ටික් වර්ණය තවරන්න. ලිප්ස්ටික් භාවිතයේදී වුවත් වඩාත් තද පාට පාවිච්චි කිරීම නොකළ යුතුයි. මැට් කලර් ලිප්ස්ටික්ද වුවත් යොදා ගන්නට පුළුවන්. ලිප්ස්ටික් තැවරීමෙන් පසු ඊට උඩින් ලිප් ග්ලොස් ගල්වන්න.
* බ්ලෂර් මේක්අප්වල අවසාන පියවරයි.
ඉහත කී ආකාරයෙන් මේක්අප් එකක නියමිත පියවරයන් සිදු කිරීමෙන් පසු අවසන් වශයෙන් කළ යුත්තේ බ්ලෂර්් කිරීමයි. කම්මුල් දෙපස බ්ලෂර් තවරා මුහුණේ හැඩ මතුකර ගැන්මක් මෙහිදී සිදු කෙරෙයි. එසේ හැඩකර ගත් පසු එම බ්‍රෂ් එකෙන්ම නිකට යට,
හෙයාලයින් එක වැනි තැන් වලත් මඳ වශයෙන් තවරා ඉන්පසුව ෆිනිෂින් පවුඩර් භාවිත කරනු ලබනවා. මුහුණේ යම් යම් තැන්වල බ්ලෂර් වැඩියෙන් තැවරී ඇතැයි හැගෙනවා නම් ෆිනිෂින් පවුඩර් එකෙන් එය බ්ලැන්ස් කර ගත හැකියි.
දෙසැම්බර් රූ ඊැ්මඑහ ඵ්ට්‘සබැ හරහා මේක්අප් පිළිබඳ තවත් වැදගත් කරුණු කාරණා ඔබත් එක්ක කතා කරන්නට අප සූදානම්.
උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි
සමන්ත ප්‍රනාන්දු
(සැලොන් සමන්ත වැලිගම්පිටිය )
සටහන - මංජුලා මල්කාන්ති

හිටි ගමන් ඇස් යට කළු වෙන්න පටන් ගත්තොත් ඇයි එහෙම වෙන්නෙ කියන එක හිතට වඳ දෙන ප්‍රශ්නයක්. සමහරුන් නම් හිතන්නේ ඇස් යට කළුවී...
07/11/2020

හිටි ගමන් ඇස් යට කළු වෙන්න පටන් ගත්තොත් ඇයි එහෙම වෙන්නෙ කියන එක හිතට වඳ දෙන ප්‍රශ්නයක්. සමහරුන් නම් හිතන්නේ ඇස් යට කළුවීම අපලෙට වෙන දෙයක් කියලයි. සෙමට, පීනසට, නිදිවරණකොට ඇස් යට කළු වෙන බවයි තවත් සමහරුන් හිතන්නේ. මේ කොහොම වුණත් ඇස් යට කළු වෙන්නේ ඇයි? යන්න ගැන විමසා
බැලුවොත් එයට මුල්වන හේතුන් ද බොහෝමයක් තිබෙනවා. නමුත් එම හේතූන්
බොහෝමයක් අපට වළක්වා ගත හැකි ආකාරයේ ඒවායි. ඒ ගැන අප විමසිලිමත් වනවානම් ඇස් යට කළු වීම මඟහරවා ගන්නට අසීරු වන්නේ නෑ.
එහෙමනම් ඇස් යට කළු වීම සිදුවන්නේ කුමන ආකාරයේ හේතුන් නිසා ද යන්න ගැන මුලින්ම විමසා බලමු.
ඔබ ප්‍රමාණවත් පරිදි නින්ද නොලබන කෙනෙක් නම් නිතරම නිදිවරණ කෙනෙක් නම් ඒ වගේම අව් කණ්ණාඩි පැලඳීමේදී ප්‍රමිතියක් නැති අව් කණ්ණාඩි පලඳිනවානම් එය ඇස් යට කළුවීමේ තත්ත්වයට බලපාන්නට පුළුවන්.
* නොසැලකිලිමත් ලෙස යම් යම් ආලේපන භාවිතය නිසා ඇස් වටා කළු වීම සිදුවනවාද?
මෙය විමසා බැලිය යුතු තත්ත්වයක්. එයට හේතුව ආලේපන තැවරීමේදී බොහෝ විට තමන්ගේ ඇස් පිළිබඳව අවධානයක් නොදක්වන අවස්ථාවන් දක්නට ලැබෙන නිසයි. ඇස් අපේ ශරීරයේ තිබෙන ඉතාමත් සියුම් ඉන්ද්‍රියයක්. අපේ ඇස පිහිටා තිබෙන්නේ ඇසේ කුහරයක් තුළ බව අප දැනගත යුතුයි. ඇස් වටා ආලේපන තැවරීමේදී මේ ගැන අවධානයකින් යුතුව කටයුතු කිරීම වඩාත් වැදගත් වනවා. එසේ නොමැති වුවහොත් ඇස් ගිලා බැසීමකට ලක්ව ඇති ස්වභාවයක් දක්නට පුළුවන්. මෙය කාන්තාවකගේ මුහුණට අවලස්සන බවක් ගෙන දෙන හේතුවක්. එම නිසා ඇස් වටා ආලේපන කරන විට වැඩි පීඩනයක් ගෙන නොදෙන ආකාරයට සියුම්ව කිරීමට කල්පනාකාරී විය යුතුය. එමෙන්ම මෙහිදී ඔබේ අවධානයට යොමු විය යුතු තවත් කරුණක් තිබෙනවා. ඒ ආලේපන භාවිතයයි. ඇස් සඳහා වන ආලේපන භාවිතයේදී
කිසි විටෙකත් ප්‍රමිතියකින් තොර ආලේපන භාවිත කරන්නට එපා. විශේෂයෙන් අයි මේක් අප් වර්ග මිලදී ගැනීමේදී උසස්ම තත්ත්වයෙන් යුත් ආලේපන ගැනීමට කල්පනාකාරී වෙන්න.
සමහරුන් මෙහිදී විලාසිතා කිරීම පිළිබඳව සිතුවත් තෝරා ගන්නා හෝ ගල්වන ආලේප ඇස්වලට ආරක්ෂා සහිත ද යන්න ගැන සිතන්නේ නෑ. මෙමඟින් ඇස් පිහාටු වැටීම, ඇස් වටා දුර්වර්ණ වීම ආදිය සිදුවෙන්න පුළුවන්. ප්‍රමිතියක් නොමැති ආලේපන භාවිතයෙන්
ඇස් යට කළුවීම සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. මේ හැරෙන්නට ආරෙට යාම නිසා ද ඇස් වටා කළු වීම වැනි තත්ත්වයන් සිදුවන්නට පුළුවන්. එවන් තත්ත්වයක් නම් වළක්වා ගැන්ම
අපහසුයි. ඇස් යට කළු වීමට බලපාන තවත් එක් හේතුවක් තිබෙනවා, නමුත් ඒ පිළිබඳව
වැඩි දෙනෙක් සිතන්නේ නෑ. දැන් බොහෝ දෙනෙක් පරිගණක භාවිත කරනවා.
වැඩි වේලාවක් එක දිගට පරිගණකය හා කටයුතුවල යෙදෙන අවස්ථාවන් බහුලයි. ඇස් යට කළු වීමට එය බලපෑමක් ඇති බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්.
මෙයට යම්කිසි පිළියමක් තිබෙනවා ද නැද්ද යන්න දැන් ඔබට සිතේවි. පරිගණකය හා කටයුතු කිරීමේදී ඇස් ආරක්ෂා කරගත හැකි ආලේපන තිබෙනවා. ඔබ නිතර පරිගණකය හා කටයුතු කරන කෙනෙක් නම් ඇස් ආරක්ෂා කරගැනීමටත් ඇස් යට කළු බව වළක්වා ගන්නටත් එවන් ආලේපනයක් භාවිත කිරීම වැදගත්.
* ඇස් යට කළු වී අඳුරු පැහැයක් ගෙන තිබෙනවා නම් එම තත්ත්වය වළක්වා ගන්නට අප කුමක්ද කළ යුත්තේ?
මෙහිදී කළයුතු වන්නේ අප මුලින් කී ආකාරයට ඇස් යට කළු වීමට හේතුවන
තත්ත්වයන් වළක්වා ගැන්ම කෙරෙහි අවධානය යොමු කිරීමයි. ඉන්පසුව අප මෙහි දක්වන ආකාරයේ ප්‍රතිකර්මවලට යොමුවන්නට ඔබට පුළුවන්.
අර්තාපල් ඉස්ම
කිරි
ආමන්ඞ් ඔයිල්
මේවා සම ප්‍රමාණයෙන් ගත යුතුය. අර්තාපල් ඉස්ම ගන්නා විට එය පොතුහැර හොඳින් සෝදා පිරිසුදුකර ග්‍රේටරයකින් ගා ගන්න. ඉන්පසු එය පිරිසුදු රෙදි කඩකට ගෙන මිරිකා යුෂ ලබා ගන්න.
ඉන්පසු අර්තාපල් යුෂ, කිරි, ආමන්ඞ් ඔයිල් එකට මිශ්‍ර කරගන්න. දැන් එම ආලේපනය ඇස් වටා තවරන්න. මෙය ඇස් වටා කළු පැහැය මඟහරවන ස්වභාවික ආලේපනයක්.
දැන් බලන්න ඇස් වටා ආලේපන තවරන විට එය කළයුතු නිවැරැදි ආකාරය.:
ඔබ සකසා ගත් ආලේපනය ඇස් වටා තවරා ඉතාමත් මෘදු ලෙස සෙමෙන් ඇතුළු පැත්තට රවුම් ආකාරයට පිරිමදින්න. නොසැලකිලිමත් ලෙස ඇස් වටා ආලේපන ගැල්වීම
කිසිවිටෙකත් සිදු නොකළ යුතුයි.
* ඇස් වටා සම්බාහනය කළ යුත්තේ කොහොම ද?
මුලින්ම අප සිදු කළේ ඇස් වටා ආලේපනය ගල්වා ඇතුළු පැත්තට රවුම් ආකාරයට
සෙමෙන් පිරිමැදීමයි. දෙවනුව ඇහි බැමි ඇඟිලි තුඩුවලින් සියුම්ව තෙරපීමකට ලක් කරන්න.
දැන් අප අටේ ඉලක්කම ලිවීමේදී අත හසුරුවන ආකාරය අනුගමනය කරමින් එක් ඇඟිල්ලකින් ඇස වටේට මෘදුව සම්බාහනය කරන්න.
ඊළඟට දෙඅත්ල එකට හොඳින් පිරිමැද ඉන් ඇතිවන උණුසුම ඇස්වලට ලැබෙන
අයුරින් දෙඅත්ල ඇස් මතුපිටින් තබන්න. ඒ ආකාරයට් කිරීමෙන් ඇස්වල තැවරූ ආලේපනය
හොඳින් සම තුළට උරා ගැනීමද සිදුවෙයි.
* මීළඟ පියවරේදී අප ඇසට සත්කාරයක් ලබාදීම අවශ්‍යයි. දැන් බලන්න එය කළයුතු ආකාරය
තුනීවට කපාගත් පිපිඤ්ඤා පෙති
තුනීවට කපාගත් අර්තාපල් පෙති හෝ එසේත් නැත්නම් තේ පොට්ටනියක් වැනි දෙයක්.
( තේ වත්කර ඉතිරිවන තේ කොළ පෙට්ටනියක් ලෙස සකසා ගත හැකියි)
දෑස් මත තබා එය මඳ වේලාවක් තිබෙන්නට හැර ඉවත් කරන්න.
මෙය සත්කාරයක් වූ පමණින් ඕනෑවට වඩා වැඩි වේලාවක් ඇස් මත තිබෙන්නට හරින්න එපා. එසේ කිරීමෙන් ඇස් යට අයිබෑග් වශයෙන් හඳුන්වන තත්ත්වයක් මතුවීමට එය හේතුවිය හැකිය.
අප රූපලාවණ්‍ය සත්කාරයක් වුවත් සිදුකරන විට ඒ සඳහා ගත විය යුතු වෙලාවන් සහ නිවැරැදිව එය අනුගමනය කළයුතු ක්‍රමයක් තිබෙනවා. මේ පිළිබඳ ඔබ අවධානය යොමුකළ යුතු බව අමතක කරන්නට එපා.
උපදෙස්
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
ී්කදබ ීඇබස අධිපතිනී ස්විනීතා කොතලාවල
සටහන - මංජුලා මල්කාන්ති

29/06/2020

ආස හිතෙන හුරතල් පාට කුකුළු රෑන ඔයාලගෙ පුංචි පැටියගෙ බෙඩ් රූම් එක තවත් ලස්සන කරාවි...පහසුවෙන් හදාගන්න..මැහුම් තක්සලාව ජූනි කලාපය ගන්න..

19/06/2020

පර්ස් එකට වාසියි වගේම දෑත් යුවලටත් සුවපහසුයි...දෑතේ මිම්මටම මහගන්න...මැහුම් තක්සලාව ජූනි මස කලාපය බලන්න.

02/06/2020

Latest Releases - Magazines Add to cart Add to wishlist Browse Wishlist Browse Wishlist Downloads Only Grade 03 April 2020 Online Edition රු70.00 Downloads Grade 03 - Samanala Danuma Add to cart Add to wishlist Browse Wishlist Browse Wishlist Downloads Only Grade 02 April 2020 Online Edition ර...

ඔබේ දුවට,පුතාට අවශ්‍යය සමනල දැනුම අධ්‍යාපනික සඟරාව ඩවුන්ලෝඩ් කරගැනීමට අවස්වක් මෙන්න...
19/04/2020

ඔබේ දුවට,පුතාට අවශ්‍යය සමනල දැනුම අධ්‍යාපනික සඟරාව ඩවුන්ලෝඩ් කරගැනීමට අවස්වක් මෙන්න...

""බලන්න මේ කොණ්ඩෙ.... අලුත් කරගන්න,,වෙනස් කරගන්න ගිහින් ..තිබ්බ කොණ්ඩෙත් නැතිවෙයි වගේ මට.....එච්චරටම කොණ්ඩෙ යනවා....😪"" ...
10/03/2020

""බලන්න මේ කොණ්ඩෙ.... අලුත් කරගන්න,,වෙනස් කරගන්න ගිහින් ..තිබ්බ කොණ්ඩෙත් නැතිවෙයි වගේ මට.....එච්චරටම කොණ්ඩෙ යනවා....😪""
ඔයත් මේ වගේ කනස්සල්ලෙන්ද....?..
මොනා කලත් ප්‍රතිපල නැතිද...
ආයෙ දුක් වෙන්න ඕනි නෑ... ස්ට්‍රේට් ,පර්ම් හා පාට කල කොණ්ඩ පරිස්සම් කරගන්න විදිහ අපි කියා දුන්නා ඔන්න...මාර්තුවේ රූ බියුටි මැගසින් එක අරන් බලන්නකෝ....
අරන් බලලා විතරක් බෑ.... ඒ විදිහට කරලත් බලනකෝ....ආයෙම කොණ්ඩෙ නිසා තැවෙන්න ඕනි වෙන්නෙ නෑ...

සඳ මුහුණට මොකටද ආවාට...    ලප කැළැල් නිසා පීඩාවෙන්ද.... එහෙනම්  මාර්තුවේ රූ බියුටි මැගසින් ගන්න... ඔයාගෙ මූණ ලස්සන කරන ව...
07/03/2020

සඳ මුහුණට මොකටද ආවාට...
ලප කැළැල් නිසා පීඩාවෙන්ද....
එහෙනම් මාර්තුවේ රූ බියුටි මැගසින් ගන්න... ඔයාගෙ මූණ ලස්සන කරන විශ්වාසනීය සත්කාර හා ප්‍රතිකාර අපෙන්...

....නිය ආලේපන ඉවත් කරන්න හැමෝම දන්නවා උනත්... පහසුවෙන්,, ඉක්මනින්  හා ආරක්ෂිතව නිවැරදිව  ඉවත් කරගන්නෙ කොහොමද කියලා රූ ඔය...
27/02/2020

....නිය ආලේපන ඉවත් කරන්න හැමෝම දන්නවා උනත්... පහසුවෙන්,, ඉක්මනින් හා ආරක්ෂිතව නිවැරදිව ඉවත් කරගන්නෙ කොහොමද කියලා රූ ඔයාලට කියලා දෙනවා පෙබරවාරි කලාපයෙන් .......

ඔයා රූමත් කම ගැන හිතන කෙනෙක් නම් ..සම පැහැපත්ව තබා ගැනීම බොහෝ වැදගත්...නමුත් බොහෝ දෙනෙක් සැලකිලිමත් වෙන්නෙ මුහුනෙ පැහැපත...
21/02/2020

ඔයා රූමත් කම ගැන හිතන කෙනෙක් නම් ..සම පැහැපත්ව තබා ගැනීම බොහෝ වැදගත්...නමුත් බොහෝ දෙනෙක් සැලකිලිමත් වෙන්නෙ මුහුනෙ පැහැපත් බව පිලිබඳ පමණයි.නොයෙක් ආලේපන හා සත්කාර මගින් මුහුණ පැහැපත් කරගැනීමට කාලය වෙන්කරන සමහරු ශරීරයේ පැහැය පිලිබඳ නොසැලකිලිමත් .
නමුත් මුහුණ මෙන්ම සිරුරද පැහැපත් ජවි වර්ණයකින් හෙබි අයෙක් නම් ඇය සියල්ලන් අතර සැබෑ රූමතියක් ලෙස කැපී පෙනෙනවා නොවේද....""රූ "" වෙතින් මෙවර හදුන්වා දෙන මේ ඖෂධීය තෙල් සත්කාරය ඔබේ සිරුරට ලබා දී කැපී පෙනෙන ජවි වර්ණයකින් යුතු සුන්දරියක් වන්න...

10/02/2020

"ඉක්මනින් ලස්සන "වෙන්න විටමින් සී ෆේෂල් එකක් කරගන්න ආකාරය ඉගෙනගන්න...රූ බියුටි මැගසින් බලන්න....

04/02/2020

👩‍....සුදු වෙන්න.... නෑ රන් වන් පාට වෙන්න...
දකුණු ආසියාතික ලලනාවට ආවේණික ජවි වර්ණන් අතර ඇයව ලොව ඉදිරියෙන් ඔසවා තබන විශේෂිත ජවි වර්ණය වන රන් වන් විසිරුනු කහ පැහැති කාන්තිය ඔබේ සමට ලබා දෙන්න......
මෙවර "රූ බියුටි මැගසින්" වෙතින් කිරි හා මීපැණි අනුසාරයෙන් විශේෂිත සත්කාරයක් කරගන්නා ආකාරය ඉගෙනගන්න...
ඔයත් ලස්සන වෙන්න...අනිත් අයත් ලස්සන කරන්න ඉගෙන ගන්න... "රූ" එක්ක ඉන්න..🌹

02/02/2020

අනේ මටනම් කොණ්ඩේ පීරන්නත් හිතෙන්නෙ නෑ...පීරන සැරේට මෙහෙම කොණ්ඩේ ගියොත් තට්ටෙත් පෑදෙයි...😓..
කණස්සල්ලෙන් යුතුව කියවමින් වුන් ඕ රූමත් යුවතියකි..නමුත් අඩු කොණ්ඩ ගස් ප්‍රමාණයකින් යුතු කෙස් කළඹ ඇගේ රූමත් බවට බාධාවක් ලෙස පෙනේ..
" හොඳයි කියන ෂැම්පූ ජාති සේරම ට්‍රයි කලා.. ඒත් වැඩක් වුනේ නෑ..අර තෙල් මේ තෙල් ඔක්කොමත් ගෑවා... නිකන්ම කොණ්ඩේ හැලෙනවා..."" ඕ පවසන්නේ වඩාත් කණගාටු වෙමිනි.
"" ඇයි මෙහෙම කොණ්ඩේ යන්නේ.....මොකක්ද මේකට කරන්න ඔනි""
ඔව් .....ඒ ප්‍රශ්න දෙකට හොඳම හා නිවැරදිම පිළිතුරු දැනගන්න පුළුවනි පෙබරවාරියේ රූ බියුටි මැගසින් තුලින්.. ගැලවිලා යන කොණ්ඩේ නිසා ආයෙ කණස්සලෙන් ඉන්න ඕනි නෑ ඔන්න.....

30/01/2020

"සිරුරේ පැහැය වැඩි කරන ඖෂධීය තෙල් සත්කාරයක්"
රූ බියුටි මැගසින් පෙබරවාරි කලාපයෙන්..
ඉක්මනින් ඔබේ කලාපය වෙන්කරගන්න...

Address

968 Colombo Raod
Kurana Katunayaka

Alerts

Be the first to know and let us send you an email when රූ Beauty Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රූ Beauty Magazine:

Videos

Share

Category