Gaming SL Hera

Gaming SL Hera Gaming Video Creator

ලෝකයේ කොහේවත් Petroleum කර්මාන්තය පාඩු නැත. නමුත් ලංකාවේ Petroleum පාඩුයි. ලංකාවේ Petroleum එකේ තියෙන ලොකුම ප්‍රශනය තමයි...
22/05/2022

ලෝකයේ කොහේවත් Petroleum කර්මාන්තය පාඩු නැත. නමුත් ලංකාවේ Petroleum පාඩුයි. ලංකාවේ Petroleum එකේ තියෙන ලොකුම ප්‍රශනය තමයි තිබුන හැම ආණ්ඩුවකින්ම තමන්ට ජන්දේ දිනන්න උදව් කරපු හෙන්චයියෝ මේකට පුරවනවා.
ලංකාවේ Petroleum එකේ සේවකයින්ට ගෙවන තරම් වැටුපක් ලංකාවේ වෙන කොහෙවත් ගෙවන්නේ නෑ. security firm එකක security කෙනෙකුට ගෙවන්නේ මාසෙටම රු.30,000/-ක් වගේ. නමුත් Petroleum එකේ 100,000.-කට වැඩි..
රජයේ කාර්යාලයක පියන් කෙනෙකුට ගෙවන්නේ 25000/-ක් විතර වැටුපක්.. නමුත් Petroleum එකේ පියන් කෙනෙකුට ගෙවනවා 120000/-ක් විතර වැටුපක්..
අවශ්‍ය සේවක පිරිස වගේ දහගුණයක් විතර ජන්දෙට පෝස්ටර් ගහපු උන්ගෙන් අතුල පිරිලා.
ඊලග එක තමයි "සුද්ද Petroleum බෙදන්න හදපු system " එක වෙනස් කරලා බව්සර් වලින් තෙල් බෙදන එක. සුද්දා හැදුවේ පිරිපහදුවේ ඉදලා ගාල්ලට කෝච්චියේ යන තෙල් එතන ඉදලා බව්සරෙන් බෙදන්න. නුවරට, අනුරාධපුරේට, තිරිකුනමලේට, යාපනේට කෝච්චියෙන් තෙල් යවලා එතන ඉදල තමයි බව්සර් වලින් බෙදුවේ.
රේල් පාරේ යනවා වගේ 10 ගුණයක වියදමක් යනවා බව්සර් වලින් තෙල් බෙදද්දී.. හැබැයි ලංකාවේ තෙල් බෙදන්නේ එහෙමයි.. මොකද ජන්ද කලේ උදව් කරපු ය අහන්නේ අපිට "Petroleum එකට බව්සරයක් දාගන්න පුලුවන්ද කියලනේ.." ඉතින් ඌ බව්සරේ දානවා.. රටේම උන් පව් ගෙවනවා..
දේශපාලනේ ගැහිල්ල ගැන කතා කරලම වැඩක් නෑ..
මේකට කෙලවිලා තියෙන්නේ දැන් ඉන්න දේශපාලුවෝ ටික නිසා විතරක් කියල හිතනවානම් හෙනම ගොන් කමක්.. Petroleum එකට කෙළවෙන්න පටන් ගත්තේ අනුරුද්ද රත්වත්තේ හිටපු කලේ ඉදලා.. මොකද ඒ කලේ තමයි වැඩිම අම්බරුවෝ ගොඩක් ඕකට දැම්මේ. එදා ඉදල හැම එකාම ඕක පිරෙව්වා..
දේශපලුවෝයි, උන්ගෙන් පත්වීම් ගත්තු ගෙවල් වලට වෙලා පඩි ගන්න හාල්පරුවෝයි, උන්ගේ පස්සෙන් ගිහින් බව්සර් ගෙන තෙල් අදින අපතයෝයි ටික තමයි ලංකාවේ තෙල් මිලේ සාපෙට වග කියන්න ඕනි..
සාංගික දේවල් හොර කවම පව් කියනවනේ.. ඒ වගේ තමයි වැඩක් නොකර පඩි ගන්න උන්ටත්.. ඒ කියමන පොදුයි..
-Attitude Changer-

- C O P I E D -

11/05/2022
ජපන් යන්න ලක්ෂ 20 ඉතාලි යන්න ලක්ෂ 20ඔස්ට්‍රේලියා ලක්ෂ 20 කොරියන් එක්සැම් අවු. එක හමාරකින් කරලා නැIELTS පොයින්ට්ස් මදි, ස...
11/05/2022

ජපන් යන්න ලක්ෂ 20
ඉතාලි යන්න ලක්ෂ 20
ඔස්ට්‍රේලියා ලක්ෂ 20
කොරියන් එක්සැම් අවු. එක හමාරකින් කරලා නැ
IELTS පොයින්ට්ස් මදි,
සයිප්‍රස් ලක්ෂ 12
රොමේනියා ලකෂ 6
සීෂෙල්ස් ලක්ෂ 6
සිංගප්පුරු ලක්ෂ 5
මැලේසියා ලක්ෂ 5

සල්ලි ⁣තියෙනවනම් කොල්ලෙක් රට යන්නැ. ලංකාවේ ඉදන් ගේමක් ගහනවා. මේ වගේ ගනන් දිලා ඩොලර් 400-500 පඩියක⁣⁣ට ගිහින් අවුරුද්දක් ණය බේරන්න ඕනි.

බංගලියො, ඉන්දියන්, පිලිපින් කාරයො අඩු පඩිවලට යනවා. යන වියදම අඩු නිසා. ඒ රටවල් වලින් පුලුවන් තරම් ශ්‍රමය පිටරටට විකුණනවා. මොකද රටකට විදේශ විනිමය එන ලේසිම මාර්ගයක් විදේශ රැකියා. අද බංගලාදේශයේ විදේශ මුදල් සංචිතය ඩො.බිලියන 36 ක්. ලංකාවේ ඩො.බි. 4 යි. බංගලාදේශයේ 2017 වෙද්දි ජනගහනයෙන් මිලියන 11.5 ක් විදේශ රැකියා කරනවා රටවල් 140 විතර.

ලංකාවේ ලක්ෂ ගානක් කොල්ලො කෙල්ලො ඉන්නවා රට ජොබ් හොයන. හැබැයි ඒජන්සි fee එක තියා ⁣මෙඩිකල් එකේ 15000 ගෙවන්නෙත් පොලියට අරගෙන.

මෙඩිකල් කරන තැන්වලින් කරන බොරුව දැක්කම මෙඩිකල් කියන්නේ තනිකරම ජාවාරමක්. ඇයි රජයට බැරි විදේස් රැකියා වලට යන මිනිස්සුන්ට රජයේ රෝහලකින් මෙඩිකල් එකක් දෙන්න.

ඇයි රජයට බැරි බියුරෝ චාජස් කියලා ගන්න මුදල අඩු කරලා මේ මිනිස්සුන්ට සහනයක් දෙන්න.

ඇයි රජයට බැරි සහන ණයක් දීලා මේ කොල්ලො කෙල්ලො ටික රට පටවන්න.

ඇයි රජයට බැරි විදේශ රැකියා ආයතන නියාමනය කරන්න. අය කරන ගාස්තු අඩු කරලා වැඩි පිරිසක් රට යවන්න.

ඇයි රජයට බැරි ලබෙන ඇබෑර්තු වැඩි ප්‍රමාණයක් රජයේ විදේශ රැකියා ඒජන්සියෙන් ලබා දෙන්න. එකෙ හැමදාම වේකන්සි නැලු. මොකද ඒජන්සි එකට ගෙවන මුදලින් කොමිස් එකක් විදේශ සේවා එකේ මාමලා නැන්දලටත් යනවා. අනික විදේශ සේවා එකේ නැන්දලා මාමලත් ඒජන්සි දාගෙන ඉන්නවා.

ගෙවල් දොරවල් , රත්තරන් බඩු උකස් කරලා රට යන කොල්ලන්ට පොඩි හරි සහනයක් දෙන්න උන්ට ඕනකමක් නෑ.

රටට ඕනි ඩොලර් නම්, ඩොලර් මවන මැෂින් ලංකාවේ ත්‍රිවිල් පාක් වල, පේමන්ට් වල, පොලවල් වල, ගාමන්ට් වල වයසට යනවා. මෙච්චර ශ්‍රම සම්පතක් තියාගෙන ඩොලර් වලට අඩනවා.

දල වශයෙන් රට ගියපු කොල්ලෙක් අවුරුද්දට $7500 ලංකාවට එව්වොත් කොල්ලො ලක්ෂ 2 ක් අවුරුද්දකට ඩො.බි.1.5 ක් ලංකාවට එනවා.

කරුම දෙකක් තියෙනවා.
එකක් මේවා බලධාරින්ට පේනවා ඒ උනාට උන් නෑ වගේ ඉන්නවා.
අනික අපේ කරුමෙට අපි ලංකාවේ ඉපදෙනවා.

රටේ මහ උන් දකිත්වා !!

❤️

Copy by Page= Japan Bodare-ජපන් බෝඩරේ 🇱🇰🇯🇵

10/05/2022

දැන් සැපද... 😂😂😂

15/04/2022
03/04/2022

Pedestrian Bridge
28/03/2022

Pedestrian Bridge

This Is So Heartwarming 🔥❤️     📷Insta~
17/02/2022

This Is So Heartwarming 🔥❤️

📷Insta~

10/11/2021

Best Action Movie 2021

04/08/2021
  පිටුවට ඔයාව ආදරයෙන් සාදරයෙන් පිලිගන්නව❤🙏
01/08/2021

පිටුවට ඔයාව ආදරයෙන් සාදරයෙන් පිලිගන්නව❤🙏

Address

Kuliyapitiya
60200

Alerts

Be the first to know and let us send you an email when Gaming SL Hera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Gaming Video Creators in Kuliyapitiya

Show All