Sri Lanka Mirror

දුමින්දට වුනේ අසාධාරණයක් - වරදකරු කිරීමේ චේතනාවෙන් දුන් තීන්දුවේ අඩුපාඩු රැසක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්ව...
08/05/2018

දුමින්දට වුනේ අසාධාරණයක් - වරදකරු කිරීමේ චේතනාවෙන් දුන් තීන්දුවේ අඩුපාඩු රැසක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥවරුන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා.

ඒ සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරුන් පෙන්වා දුන්නේ අදාළ තීන්දුව දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීමේ චේතනාවෙන්ම ලබා දුන් නඩු තීන්දුවක් බවත් එහි අඩුපාඩු රැසක් ද ඇති බවත්ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ගොනු කළ අභියාචනය පළමුවරට විභාගයට ගැනුණේ මාර්තු 27 වැනිදායි.

ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

එහිදී කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා සඳහන් කළේ කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවේ අඩුපාඩු රැසක් ඇති බවයි.

එම නඩු තීන්දුව එක් විනිසුරුවරියක් සකස් කර ඇත්තේ දුමින්ද සිල්වා මහතා වැරදිකරු කිරීමේ චේතනාවෙන් බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.

ගිනි අවි භාවිත කළ බවට දුමින්ද සිල්වා මහතාට චෝදනා ගොනු කර තිබූ අතර ඒ සඳහා කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බව ජනාධිපති නීතීඥවරයාගේ මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.

අනෙක් චෝදනා සම්බන්ධයෙන්ද අදාළ නොවන සාක්ෂි ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළ ජනාධිපති නීතීඥවරයා පැවසුවේ එම සාක්ෂිවල පරස්පරතා හා ඌණතා 62 ක් නඩු විභාගයේදී සලකුණු කළ බවයි.

තීන්දුව ලබාදීමේදී ඒවා සැලකිල්ලට ගෙන එහි වාසිය දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වයට ලබාදිය යුතු බවත් එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතීඥවරයා පැවසුවා.

ඊට අමතරව ජනාධිපති නීතීඥවරයා තර්කානුකූලව ඔප්පු කළේ දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීම සඳහා ව්‍යාජ සිද්ධි නිර්මාණය කර ඇති බවයි.

ඊට අමතරව දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදුණු සිද්ධිය භාරත ලක්ෂ්මන් පාර්ශ්වය විසින් ආරම්භ කර තිබුණද තීන්දුව ලබාදීමේදී එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති නීතීඥවරයා තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සාවද්‍යව නිර්මාණය කරන ලද සිද්ධි හා සාක්ෂි මත පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හරිමින් මහාධිකරණයේ නඩු විභාගය සිදුවී ඇති බවයි.

ඔහු පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගොනු කළ මෙම නඩුවේදී සිය සේවාදායකයාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බවයි.

එම නිසා නීතියට පටහැනිව දඩුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලු චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අභියාචනය අද යළිත් විභාගයට ගැනුණේ තුන්වන දිනටයි.

එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ද සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව නීත්‍යනුකූල නොවන බවයි.

එහි අඩුපාඩු කරුණු 10 ක් ඔස්සේ පෙන්වා දුන් ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ සාක්ෂි හෝ කරුණු මත නොවල දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක්වීම මත පදනම් වෙමින් නඩු තීන්දුව ලබාදී ඇති බවයි.

නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියවූවද දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කළේ මන්දැයි සොයාගත නොහැකි බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ගෙතූ බොරු සාක්ෂිවල ලුහුඬුතා හා පරස්පරතා නඩු විභාගයේදී ලකුණු කළ බවයි.

කෙසේ වෙතත් ඒවා සැලකිල්ලට නොගැනීම පිළිබඳව හේතු නොදක්වාල ඒක පාර්ශ්වික නඩු තීන්දුවක් ලබාදී ඇති බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ මහාධිකරණයේ සාක්ෂි සටහන් උපුටා දක්වමින්.

ඔහු පැවසුවේ ගිනි අවියක් ළඟ තබාගැනීමේ වරදටද මහාධිකරණය දඬුවම් ලබාදුන්නද ඒ සඳහා කිසිඳු සාක්ෂියක් නොමැති බවයි.

එම නිසා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු අදාළ වරදට දඬුවම් දිය නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් කර ඇති බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළා.

ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ මහාධිකරණ නඩු විභාගය සඳහා අගවිනිසුරුවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළේ එක් එක් විනිසුරුවරයාගේ විනිශ්චය දැනගැනීමේ අරමුණින් වුවත් ඊට අනුගත නොවී විනිසුරුවරුන් කටයුතු කර ඇති බවයි.

එමනිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරුකළ තීන්දුව සැබවින්ම නියම නඩු තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඔප්පු කළා.

06/02/2018

බැදුම්කර මගඩිය අංක 2
රනිල්- මලික් බලපෑමෙන් මහා බැංකු අධිපති ස්වර්ණවාහිනිය මැලේෂියානු ද්‍ර‍විඩයාට කුණු කොල්ලෙට දෙයි- පාඩුව කෝටි 20කට අධිකයි.

මෙරට ප්‍ර‍මුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සහ ඊ.ඒ.පී. සමූහයට අයත් අනෙකුත් ආයතන වන ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම, ඊ.ඒ.පී. චිත්‍රපට සමාගම, හෝටල් ව්‍යාපාරය, ස්වර්ණමහල් හා ස්වර්ණමහල් ෆිනෑන්ස් සමගම ඉහළ මිලකට මිලදී ගැනීමට දේශීය සමාගම් කීපයක් ඉදිරිපත් වී සිටියදී කුප්‍රකට මැලේෂියානු ද්‍ර‍විඩයකු වන සුදීර් ජයරාම්ට අයත් සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. නමැති සමාගමට කුණු කොල්ලයට විකිණීමට ශ්‍රී ලංකා මහාබැංකුව තීන්දු කර ඇතැයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සුදීර් ජයරාම් එල්. ටී.ටී.ඊ. ඩයස්පෝරාව සමග සමීප සම්බන්ධතාවක් පවත්වන අයකි. පසු ගිය කාලයේ සිදු වූ මූල්‍ය වංචාවන් ගණනාවක් සම්බන්ධයෙන් සැකකරුවකු වන මොහු කොළඹ ආශා සෙන්ට්‍රල් රෝහලට අයත් ඉඩමක් මිලදී ගැනීම සඳහා අත්තිකාරම් ගෙවීමට මුදල් ලබාගත් ආකරය පිළිබඳ හා මෙරට තවත් බොහෝ දේපළ මිලදී ගැනීම වෙනුවෙන් අත්තිකාරම් ගෙවූ ආකරය පිළිබඳ හෙළි කිරීමට අදටත් නොහැකි වී ඇත. එමෙන්ම රුපියල් මිලියන 31.8ක් වටිනා විදෙස් මුදල් ශ්‍රී ලංකාවෙන් පිටමං කිරීමට සූදානම් වෙද්දී මොහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රේගුවේ අත්අඩංගුවටද පත් වූ අතර මේ වෙනවිට මොහුට විරුද්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයේද(FCID)නඩුවක් ඇත.

ස්වර්ණවාහිනිය ඇතුළු ඊඒපී සමූහයේ ව්‍යාපාර ජාලය මිලදී ගැනීමට සූදීර් ජයරාම් රුපියල් බිලියන 9.1ක ලන්සුවක් දී ඇති අතර දේශීය සමාගමක් රුපියල් බිලියන 9.3කට එය මිලදී ගැනීමට කැමැත්ත ඵල කර ඇත. එය සුදීර් ගේ ලන්සුවට වඩා රුපියල් කෝටි 20කටත් වැඩි මිලකි. කරුණු එසේ වුවත් රු. බිලියන 93කට වඩා වැඩි මිලකට විදේශීය සමාගමක් ස්වර්ණවාහිනිය ඇතුළු සමාගම් මිලදී ගැනීට කැමැත්ත ඵල කර ඇතැයි පවසන මහා බැංකු අධිපතිවරයා එම සමාගමට ඊඒපී සමූහය විකිණීමට තීන්දු කළ බව පවසයි. නමුත් මහා බැංකු අධිපතිවරයා එම ඉහළ මිල කුමක්දැයි හෙළි කිරීමට මැලි වෙයි. එහෙයින් පෙනී යන්නේ මහා බැංකු අධිපතිවරයා බොරු කියමින්, හොර පාරෙන් ස්වර්ණවාහිනිය ඇතුළු ඊඒපී සමූහය සුදීර්ට දීමට යත්න දරන බවය.

මෙම ගනු දෙනුව මේ අයුරින් කිරීමට මහා බැංකු අධිපතිවරා මෙහෙයවන්නේ මින් පෙරද මෙවැනි කුප්‍ර‍කට ගනු දෙනු වෙනුවෙන් මහා බැංකු අධිපතිවරුන් අවභාවිතා කර මනා පල පුරුද්දක් ඇති අගමැති රනිල් වික්‍ර‍මසිංහ සහ ඇමැති මලික් සමරවික්‍ර‍ම බවට තොරතුරු අනාවරණය වී ඇත. සුදීර් ජයරාම් සමග කුළුපගු ඇසුරක් පවත්වන මොවුන් මින් පෙර අවස්ථා ගණනාවකදී සුදිර් ජයාරාම් සිදු කළ වංචාවන් වලදී ඔහු රැක ගැනීමට ඉදිරිපත් වී ඇති බව ද මේ වන විට විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ හෙළිදරවු වී ඇත.

මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන ස්වර්ණවාහිනිය මැලේෂියානු ද්‍ර‍විඩයකුට අලෙවි කිරීමට ගෙන ඇති තීරණය ජනතා විමුක්ති පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍ර‍ශ්න කළේය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් විදේශීය සමාගමකට අළෙවි කළ හැක්කේ කුමන පදනමින්ද යන්න වහාම රටට හෙළිකරණ ලෙස මෙහිදී ඔහු ආණ්ඩුවට අභියෝග කළේය.

04/01/2018

ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ සහ ස්වර්ණමහල් මූල්‍ය ආයතනයේ කල් පිරුනු සහ යාවත් කාලීන තැන්පතු මුදල් යළි ලබා ගැනීම මාස 6කට අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියෝග කර ඇත.

මෙම ආයතන දෙකේ ඇති වී ඇති දුර්වල මූල්‍ය ප්‍ර‍ගතිය හේතුවෙන් මෙම ආයතන සඳහා නව පාලක මණ්ඩලයක් පත් කිරීමට ද එම මණ්ඩලය තීරණය කර ඇති බව වාර්ථා වේ.

පසු ගිය කාල සීමාව තුළ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ දිගින් දිගටම සිදු වූ මූල්‍ය කඩා වැටීම හමුවේ එහි ආයෝජනය කළ ගනු දෙනු කරුවන් බරපතල පීඩාවකට ලක් විය. ශ්‍ර‍ී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියා පදිංචි මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ දුර්වල මූල්‍ය ප්‍ර‍ගතිය නිසා අගතියට පත් ගනු දෙනු කරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව මැදිහත් විය යුතු බවට පසු ගිය කාලය පුරාවටම මාධ්‍ය වාර්තා ද ඵල විය.

මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය සමාගමක් ලෙස පැවැති ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ‍ දිනෙන් දින ඔඩු දුවන බරපතල මූල්‍ය කඩා වැටීම හමුවේ ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිනිය ඇතුළු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා සහ සුව නෙත අක්ෂි රෝහල යන ව්‍යාපාර ඒකාබද්ධ කර විකුණා දැමීමට ඊ.ඒ.පී සමූහයේ වත්මන් පාලකයින් තීන්දු කර තිබේ.

16/12/2017

සෝමා එදිරිසිංහගේ සභාපතීත්වයෙන් පැවැතුනු EAP මාධ්‍ය ජාලයට අයත් වූ ස්වර්ණවාහිනියේ තේමා පාඨ වුනේ “ශ්‍රී ලංකේය අභිමානය”. සෝමා මළාට පස්සේ ඒ සමාගමේ පාලනය අතට ගත්ත සෝමාගේ දූලා පුතාලා ඉස්සෙල්ලාම “පවුලේ අභිමානය” කාබාසිනියා කෙරුවා.

ඊට පස්සේ එදිරිසිංහ දෙමාල්ලෝ ගොඩ නගපු ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම, ඊ. ඒ. පී.චිත්‍රපට සමාගම, හෝටල් ව්‍යාපාරය, ස්වර්ණමහල් ජුවලරිය, ස්වර්ණමහල් ෆිනෑන්ස් සමගම වගේම ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය කියන මේ ඔක්කොම විජාතික දෙමළෙකුට කුණු කොල්ලෙට විකුණන්න ලෑස්ති වෙලා ඉන්නවා. ස්වර්ණවාහිණිය ගන්න ඇවිත් ඉන්නේ මැලේසියාවේ ඉන්න ජය සුදීර් ජයරාම් කියන කම්බා හොරා.

ම.රා. ගේ පාලන කාලේ වෙච්ච මුල්‍යමය වංචාවන් ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය එයාගේ පස්සේ තාමත් පන්නනවා. එකපාරක් මෙයා ආශා සෙන්ට්‍රල් රෝහලට අයත් ඉඩම ගන්න අත්තිකාරම් ගෙවූවා. ඒ විතරක් නොවෙයි මෙයා ලංකාවේ තවත් බොහෝ දේපළ මිලදී ගන්න අත්තිකාරම් ගෙව්වා. නමුත් ඒ සල්ලි හම්බ කරපු විදිහ හෙළි කරන්න එයාට අදටත් බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට මේ හොරාට විරුද්ධව FCID එකේ නඩුවක් යනවා. මෙන්න මේ කියන සුදීර් ස්වර්ණවාහිණියයි කලින් කිව්ව එදිරිසිංහලාගේ සමාගම් ටිකටයි ඔක්කොටම දීපු මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 60යි. නමුත් ලංකාවේ දේශීය සමාගම් කීපයක් ඊය වඩා වැඩි මිලක් මේ සමාගම් ජාලය වෙනුවෙන් ගෙවන්න සූදානම් වුණත් එදිරිසිංහ දරුවන්ගේ අවසාන කැමැත්ත වෙලා තියෙන්නේ සූදිර්ගේ සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. කියන කුප්‍රකට සමාගමට මේ ඔක්කොම ටික දීලා දාන්න.

ඒ අනුව හෙට හෝ අනිද්දා සුදීර් ඇමෙරිකානු ඩොලර් මිලියන 60කුත් අරගෙන එයි ස්වර්ණවාහිනිය අරගෙන යන්න. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මේ රටේ මහා බැංකුවට පුලුවන්ද එහෙම ලෙහෙසිට පහසුවට මේ විදේශික දෙමළාට එයා ගේ කලු සල්ලි සුදු කරගන්න යාන්ත්‍රණයක් මේ රට ඇතුළේ හදලා දෙන්න. සුදීර්ට බෑ එයා මේ වියදම් කරන්න හදන සල්ලි හම්බ කරපු විදිහ රටට කියන්න. එහෙමනම් ශ්‍රී ලංකාවේ මහා බැංකුවටත් බෑ සූදීර්ට මේ ගනුදෙනුව කරන්න ඉඩ දෙන්න. සුදීර් කියන්නේ එල්. ටී. ටී. ඊ. බළල් අතක්. සුදීර් වියදම් කරන්නේ කොටි සල්ලි. සුදීර්ට ඕන මේ රටේ ගොඩ නැඟුනු දේශීය ව්‍යාපාර විනාශ කරන්න. මේ ඔක්කොටම වැඩිය සුදීර්ලගේ ඩයස්පෝරාවට දැන් වුවමනා වෙලා තියෙනවා දේශීය පදනමක් මත ගොඩ නැගුනු මාධ්‍ය ජාලයක්. මෙන්න මේ කොටි දොල දුක සංසිදුවා ගන්න රහසිගතව ක්‍රියාත්මක වන පරගැති දේශපාලන බළල් අණ්ඩකුත් දැන් මල්ලෙන් එළියට පැනලා තියෙනවා.

තමන්ගේ අම්මා මැරුනට පස්සේ අම්මා මතක්කරලා දානයක් දෙන්න පස්ස ගැහුව දුවෙක්, අම්මා පටන් ගත්ත ජන සරණ සමාජ සුබ සාධන අරමුදලේ සල්ලි ටික අම්මාගේ මරණෙන් පස්සේ යටි මඩි ගහගත්ත පුතෙක්, අලෝකෝ උදපාදී චිත්‍රපටියේ නිෂ්පාදකයව ගොනාට අන්දලා සල්ලිටික අරගෙන පිට රට පැනලා පවුලේ නම්බුව කිච කරපු පුතෙක් වගේ ගූ ගොඩේ තියෙන රුපියලත් දිවෙන් ගන්නා ජාතියේ සෝමාගේ මේ දරුවෝ ඩොලර් මිලියන 60යි තව එක රුපියලකුයි දුන්නත් නම්මා ගන්න පුළුවන් කම තිබියදීත් ඩොලර් මිලියන 60 ට වඩා ගෙවන්න සූදනම් වෙච්ච දේශීය ව්‍යාපාරිකයන් වෙනුවට සුදීර් නම් කොටි හිතවාදී කම්බ හොරාට වැඩියෙන් ආදරේ කළේ මේ ඩීල් එක පස්සේ ඉන්න නීල කාස හොර, පරගැති දේශපාලුවාගේ බල පෑම නිසායි. රටේ මූල්‍ය මර්මස්ථානය වන මහා බැංකුව පාලනය කරන්න රටේ එකෙක් නැතුව සිංගප්පූරුවේ දෙමළෙක් දාගෙන, මහා බැංකුව මංකොල්ල කාපු රටේ, පරම්පරා ගණනාවක නොසැලෙන විශ්වාසය මත ගොඩ නැගූ“ශ්‍රී ලාංකේය අභිමානය”, රටේ උන් වැඩි මිලට ඉලද්දී ත් මැලේසියානු දෙමළෙකුට කුනු කොල්ලෙට දෙන්න මේ රටේ උන් ඉඩ දෙන්නේ නම් අපට කියන්නට ඇත්තේ “විලි ලැජ්ජා නැති රටේ පනමට පොල් හැටේ”

ස්වර්ණවාහිනිය ඩොලර් මිලියන 60කට සිංගප්පුරු සමාගමකටස්වර්ණවාහිනී නාලිකාව සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. සම...
11/12/2017

ස්වර්ණවාහිනිය ඩොලර් මිලියන 60කට සිංගප්පුරු සමාගමකට

ස්වර්ණවාහිනී නාලිකාව සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. සමාගමට පැවරීමට මේවනවිට තීන්දු කර ඇතැයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙම සිංගප්පුරු සමාගමේ හිමිකරු වන්නේ මැලේෂියාවේ පදිංචි සුදීර් නමැති ව්‍යාපාරිකයෙකි.

පසුගිය පාලන සමයේ සිදුවූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් මෙම සුදීර් නමැත්තා පිළිබඳව මේවනවිටත් පොලිස් විමර්ශනයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසේ.

ETI ෆිනෑන්ස් සමාගම යටතේ ක්‍රියාත්මක වන චිත්‍රපට සමාගම, හෝටල් ව්‍යාපාරය, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය, ස්වර්ණමහල් ( swarnamahal jewellers ) හා ස්වර්ණමහල් ෆිනෑන්ස් සමගම (swarnamahal financial services) මිලදී ගැනීම සඳහා සිංගප්පුරු සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් ලබාදීමට එකඟත්වය පළකර ඇති අතර මහ බැංකුව ඊට එකඟත්වය පළකර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

දේශපාලන හස්තයක් ?

ස්වර්ණවාහිනිය මෙසේ සිංගප්පුරු සමාගමකට පැවරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවන බවට බරපතල සැකයක් මතුව තිබේ.

එම සැකයක හේතුවී ඇත්තේ, ඇමරිකානු ඩොලර් මිලියන 60ක වැඩි මුදලකට මෙම සමාගම මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක් ම ඉදිරිපත්ව තිබුනද එම ඉල්ලීම් ඉහලින් ආ නියෝගයක් මත නොසලකා හැරීම නිසාය.

සයිබර් අවකාශයේ ලිංගික හිංසන අල්ලන්න කඩිනම් මෙහෙයුමක්
28/05/2017

සයිබර් අවකාශයේ ලිංගික හිංසන අල්ලන්න කඩිනම් මෙහෙයුමක්

අන්තර්ජාලය උපයෝගී කරගනිමින් ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත...

CID crackdown on sexual harassment through internet
28/05/2017

CID crackdown on sexual harassment through internet

The CID is enforcing the law and arresting persons who commit sexual harassment through the internet. Its unit investigating computer crime has been p...

Address

No:71, Thotupala Road, Athul Kotte, Sri Jayawardenapura
Kotte

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Mirror posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Mirror:

Share