Januda Anudina

Januda Anudina CROWN PRINCE 🇱🇰 👑

ලෝකේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා..ජීවිතයේ කවදාහරි දවසක තමන්ට අශ්චාර්ය ලැබෙයි කියලා ජීවත්වෙන මිනිස්සු..අනෙක් අය තමයි ගෙවන ...
02/09/2023

ලෝකේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා..
ජීවිතයේ කවදාහරි දවසක තමන්ට
අශ්චාර්ය ලැබෙයි කියලා ජීවත්වෙන මිනිස්සු..
අනෙක් අය තමයි ගෙවන හැම මොහොතක්ම
අශ්චර්යමත් දවසක් යැයි සිතා ජීවත්වෙන මිනිස්සු..
මේ දෙකෙන් හොඳ මොකක්ද කියලා
මම නිර්දේශ කරන්නේ නෑ.
හැබැයි තමන්ට තමන්ගේ ජීවිතය සාර්ථක වෙනකල්
හදවත පස්සට දාලා
මොලේ ඉස්සරහට වැඩ කරන්න.

✍🏼 ජනුද

📸 Lahiru Chamara

මතකයි ලේ හැලුවා නුඹ අපි වෙනුවෙන් 🇱🇰
18/05/2023

මතකයි ලේ හැලුවා නුඹ අපි වෙනුවෙන් 🇱🇰

21/06/2022

ඇල්බට් අයින්ස්ටයින් වරක් කළු ලෑල්ලක මෙසේ ලිවීය.
9 x 1 = 9
9 x 2 = 18
9 x 3 = 27
9 x 4 = 36
9 x 5 = 45
9 x 6 = 54
9 x 7 = 63
9 x 8 = 72
9 x 9 = 81
9 x 10 = 91

එකපාරටම පන්ති කාමරය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වුණේ අයින්ස්ටයින් අතින් වරදක් සිදු වූ නිසයි. නිසැකවම, 9 × 10 සඳහා නිවැරදි පිළිතුර 91 නොවේ. ඔහුගේ සියලුම සිසුන් ඔහුට සමච්චල් කළහ.
අයින්ස්ටයින් සියල්ලන්ම නිශ්ශබ්ද වන තෙක් බලා සිටි අතර මෙසේ පැවසීය.
“මම ගැටලු නවයක් නිවැරදිව විශ්ලේෂණය කළත්, කිසිවෙකු මට සුබ පැතුවේ නැත. ඒත් මම එක වැරැද්දක් කළාම හැමෝම හිනා වෙන්න ගත්තා. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයෙකු සාර්ථක වුවද, ඔහුගේ කුඩා වැරැද්ද සමාජය දකින බවයි. ඒ වගේම ඔවුන් එයට කැමති වනු ඇත.
එබැවින් විවේචනවලට ඔබේ සිහින විනාශ කිරීමට ඉඩ නොදෙන්න. කිසිදා වරදක් නොකරන එකම පුද්ගලයා කිසිවක් නොකරන අයෙකි." 👐

11/05/2022

මා දුටු ශක්තිමත්ම අරගල කරුවා සිද්ධාර්ථය..

ඔහු පිය රජුගේ රැකවල් තුට්ටුවකට මායිම් නොකර අරගලයට බසිනුයේ තනිවමය...

ඒ අද මෙන් පාලකයන් වෙනස් කර රට වෙනස් කිරීමට නොව

තමාව වෙනස් කර

ලෝවැසි පැවැත්මෙහි සිස්ටම් චෙන්ජ් එක පිණිසය..

අද මව් පියවරු දරු සිඟිත්තන් අත දරා අරගල බිමට පිවිසෙන අයුරු සංවේදී ය..

එහෙත් සිද්ධාර්ථ අරගලයට පිවිසෙන්නේ එදාම උපන් සිඟිති පුතු පමණක් නොව මිනිසෙකුට සතු විය යුතු ආදරණීයම පතිනියද සදහටම අත් හරිමිනි..

අද අරගලය වෙත යන්නේ පොකුරු පිටිනි..

එහෙත් සිද්ධාර්ථට සිටියේ කන්ථක හා චන්නයන් පමණි ..

අවසානයේ නේරංජාව අසලදී ඔවුන්ව ද දමා ඔහු අරගලයට බසිනුයේ තට්ට තනිවමය...

අප අරගල කරන්නේ සියල්ල අහිමිව ගිය කල ඒවා ලබා ගැනීමට ය.

එහෙත් සිද්ධාර්ථ උපතින්ම ලද සකල විධ සුඛෝපභෝගී හිමිවීම් සියල්ල අතහැර අරගලය ආරම්භ කලේය...

අද අරගල කරුවන් ඉදිරියට යන්නේ කෑමොර දෙමින් ..

නමුත් සිද්ධාර්ථ ඉදිරියට ගියේ නිහඬවමය...

ඔහුටද අපූරු සටන් පාඨයක් විය..

" මම මිදී ලෝ සතුන් මුදවමි" යන්නයි..
"සිංහලෙන් කිව්වොත්" යන්නයි.

ඔහු එය ලියා ගත්තේ ඇඳුමක, පළඳනාවක හෝ ගහක, ගලක නොව සිය හදවත මතය..

යශෝධරාවත් දෙවියනුත් හැර එය අන් කිසිවෙකු දැන සිටියේ ද නැත...

ඔහු අරගල බිමේදී උපවාස කලේය ..

එය දවසක් දෙකක් නොව ..

සා අවුරුද්දකි...

අරගලයේ දුෂ්කරම අවස්ථාවේදි ඔහුට සහය වීමට ඉදිරිපත් වූයේ තවුසන් පස් දෙනෙකි...

අවසානයේ ඔවුන්ද ඔහුව අතැර ගියහ...

ඔහුගේ අරගලයේ උච්චතම අවස්ථාව එලඹෙනුයේ බුද්ධගයා භූමියේදීය ...

ඔහුට එරෙහිව සිටියේ පොලිස් හෝ හමුදා නිලධාරීන් ස්වල්ප දෙනෙකු නොව...

දස බිම්බරක් මාර සේනාවය...

සිද්ධාර්ථ හිතුවක්කාරම අරගලකරුවෙකි ..

දස බිම්බරක් මාර සෙනඟටවත් ඔහුව පාලනය කල නොහැකිව පසු බැස්සහ..

සිද්ධාර්ථ සුපිරි ම අරගල කරුවෙකි ..

ඔහු සියල්ලට ගිනි තබා දවා අළු කලේය.

ඒ ඔහුගේ ඇතුලාන්තයෙ කල්ප ලක්ෂ ගණනක් එකතු වූ ක්ලේෂයන්ය...

ඔබට මට සිහිනෙන් වත් කරන්නට බැරි විනාශයකි එය...

ඔහු සියල්ල සුණුවිසුණු කලේය ..

ඒ සංසාරයේ කැණිමඩල වූ තණ්හාවයි...

අවසානයේ ඔහු අරගලය දිනුවේය..

කිසිදු උදවු උපකාරයක් නැතිවම ඔහු අරගලය දිනන විට ඒ වෙනුවෙන් සක්වල ම ගිගුම් දුන් ජයඝෝෂා නැගුවේ
දෙවියන් හා බඹුන්ය..

එකදු මිනිසෙකු ඔහු වෙනුවෙන් සිටියේ නැත..

ඔබත් මාත් අද අරගල කරනුයේ ජාතිය වෙනුවෙනි...එහෙත් සිද්ධාර්ථ සිය අරගලය ආරම්භ කලේ "ජාතිය" නැති කිරීමට ය....

ඒ, ඕලාරික ජාතිකත්වය මරණය සමඟ වෙනස් වන බව ඔහු දැන සිටි නිසාය..

එතනිනුත් ඒ අරගලය නිමා නොවිනි..

මන්ද දෙසැටක් මිත්‍යාදෘෂ්ඨියෙන් පිරි භාරතය තුල සම්‍යදෘශ්ටිය වෙනුවෙන් යලිත් අරගලය ඇරඹිණි..

අවසානයේ හුදෙකලා ඔහු වටා ක්‍රමයෙන් මිනිසුන් එක් රැස් වන්නට විය..

දේවදත්ත වැනි අසත්පුරුෂයන් මෙන්ම..

සච්චක වැනි වාග් ප්‍රහාරකයින් ගේද අඩුවක් නොවිණි...

නමුත් මේ හුදෙකලා අරගලකරුවා
විශ්වයට ම..
සම්මා සම්බුද්ධ විය.
ලෝක විදූ විය. අනුත්තර විය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් මිනිසුන් ඔහු වෙනුවෙන්, ඔහුගේ දර්ශනය වෙනුවෙන්
අරගල කරති..එහෙත් අරගලය ආරම්භ කල යුත්තේ තමා තුලින් බව ඔහුගේ දර්ශනය විය..

අපි එය ආගමක් කරගෙන ඔහුගේ අරගලය බැහැරින් කෑදරින් තලුමරමින් සිටිමු.

ඔබද අද අරගලයක නිරතව සිටින්නෙකු විය හැක..

අවසාන අරගලයට පෙර සිද්ධාර්ථද සසරේ නොයෙක් බාහිර අරගල කරන්නට ඇත.

නමුත් ඒ සියළු බාහිර අරගල වල ඇති ශූන්‍ය තාවය වටහාගත් ඔහු අවසානයේ,

තමා සමඟ ..
තමා වෙනුවෙන් කරන අරගලය තෝරා ගන්නට ඇත ..

අද ඔබේ අරගලය ..කෙලෙස් භරිත මිනිසෙකු හෝ සමූහයක් නෙරපීම වෙනුවෙන් විය හැක....එහෙත් නැවත ඔබ විසින් තෝරා ගනුයේද එවැනිම කෙලෙස් පිරි හිස් මිනිසුන්වමය...

ඔවුන්ගෙන්ද කිසිවක් අපේක්ෂා නොකරන්න..

අරගල කරුවන් ලෙස අද ලෝකයේ ඔබට යම් පිළිගැනීමක් ලැබුණද මේ කෙලෙස් පිරුණු ලෝකයේ ඔබත් මමත් තවත් ඉත්තන් පිරිසක් පමණි ..

තවත් වසර දෙකකින් හෝ කිහිපයකින් අපට මේ අරගලයේ සැබෑ වටිනාකම භුක්ති විඳීමට හැකි වනු ද, ඇතැම්විට නොහැකිවනු ද ඇත ..

එවිට සමහරවිට අද මෙන්ම පශ්චාත්තාප වීමටද සිදු විය හැක..

මන්ද අප අරගල කරනුයේ අපෙන් බාහිරවය...හෙට නැවත ඔබට ජීවන අරගල කරන්නට සිදු වනු ඇත.......

එහෙත් ඔබට කියමි ...දිගටම අරගලය ගෙන යන්න ...ඔබට ඔබව හමුවන තුරු අරගලය නොනවත්වා ගෙන යන්න ..

හති වැටෙන්නට ඉඩ නොතබා දිගටම

අරගල කරන්න ...

ඔබේ ඇතුලාන්තයෙන්ම අරගල කරන්න ...

ඔබේම සටන් පාඨයක් තබාගෙන අරගල කරන්න ...සිද්ධාර්ථ මෙන්ම..

සිහියෙන් අරගල කරන්න ...
ක්ලේෂයන් යටපත් කිරීම වෙනුවෙන් ...

ඔබව දිනාගනු පිණිසම ..

මම කිසිදා කළු කොඩි අත නොදරමි..

මිත්‍යාදෘෂ්ඨික සංකේතයක් අත දරා ගැනීමට මට ඇවැසි නැත..ශෝකයේත්..වෛරයේත්...අන්ධකාරයේත් කාල වර්ණය මම පිලිකෙව් කරමි...

මන්ද විශ්වයේ හොඳම අරගලකරුවා සිහිකරනු වස් බුදු ධජය මට ප්‍රමාණවත්ය...

එසේම ඔබට කියමි...

ඔය ගින්න නිවී යා නොදෙන්න ...

ගෙදර ආ සැනින් නැවත ඔබේම අරගලය ඔබම පටන් ගන්න.
ඔබව මුදාගනු පිණිස ...

සරුව පිත්තල කයිවාරු වචන වලින් හිස්කම වසා ගන්නා අවස්ථාවාදී කපටියන් යලි මුණ නොගැසෙනු පිණිස ...

කොහේ හෝ පෝලිම් වල යලි ලැගීමට සිදු නොවනු පිණිස ...

වසංගත හමුවේ යලි අසරණ නොවනු පිණිස ...

සාගත වලට යලි කිසිදා ගොදුරු නොවනු පිණිස ...

ලෝක යුද්ධ වල ඉලක්ක නොවනු පිණිස

ඔබව ජාතියෙන් හෙවත් භවයට ගෙන යන උපතින් ඔබව මුදා ගැනීමට ඔබේම
අරගලය, ඔබෙන් ම පටන් ගන්න.

එවිට මමද කියමි..

11/04/2022
02/04/2022

කළ යුතු දේ නොකළ නිසා.... විය යුතු දේ වෙමින් පවති.

TRAVEL @මීමුරේ යන අතරමග
12/02/2022

TRAVEL @මීමුරේ යන අතරමග

TRAVEL නුවර අහස යට
12/02/2022

TRAVEL නුවර අහස යට

74 වසරක අභිමානවත් නිදහස් දිනය නොව 74වසරකට පෙර ලැබු නිදහස අභිමානයෙන් සමරමු. එකිනෙකාට දොස් කියමින් එකිනෙකාට දොස් පවරා ගනිම...
04/02/2022

74 වසරක අභිමානවත් නිදහස් දිනය නොව 74වසරකට පෙර ලැබු නිදහස අභිමානයෙන් සමරමු. එකිනෙකාට දොස් කියමින් එකිනෙකාට දොස් පවරා ගනිමින් වර්තමානය තුළ ලැබු නිදහසේ අගය පළුදු කර ගනිමින් සිටියි. ලැබු නිදහසේ අගය ලෝකයට විදහා දක්වන්න . දේශයේ සමස්ත ජනතාව ආගම් ජාති කුල භේදවලින් තොරව එකාමෙන් සිටගත යුතුයි.

✒️දේශයේ අනාගතය

02/02/2022

රජෙකුගේ ජීවිතය හුදකලා ජීවිතයක්👑🇱🇰

31/12/2021

දේශයේ සියලුම ජනතාවට එක්ව එක් දේශයක් සේ ඉදිරියට යාමට තමන් තමන්ටම නායකත්වය උසුලවා ගනිමින්. තමන්ට අවේනික දක්ෂතාවයන්ගෙන් , හැකියාවන්ගෙන් සහ ව්‍යාපාර ක්ෂෙත්‍රයන්ගෙන් සහ ව්‍යවසායකත්ව හැකියාවන්ගෙන් ජයග්‍රාහි දේශයක් කරා යාමට මූලික වූ කරුණු කාරනා වටහා ගැනීමට සහ මූලික වූ නායකත්වය ඔබ තුළම නිර්මාණය කර ගැනීමට අවස්ථාව හිමි වන සුභම සුභ නව වසරක් වේවා.

දේශයේ අනාගතය ✒️~

සුභ උදෑසනක්
16/12/2021

සුභ උදෑසනක්

රුවන් වැලි මහා සෑ රදුන්
13/12/2021

රුවන් වැලි මහා සෑ රදුන්

දඹුලු විහාරය
13/12/2021

දඹුලු විහාරය

සීගිරි රාජධානිය
13/12/2021

සීගිරි රාජධානිය

ශ්‍රී මහා බෝධිය
13/12/2021

ශ්‍රී මහා බෝධිය

මාළිගය
13/12/2021

මාළිගය

සිරි පාද පුද බිම
13/12/2021

සිරි පාද පුද බිම

දේශය වෙනුවෙන්
18/11/2021

දේශය වෙනුවෙන්

Wish Your Happy Birthday Former President Of Sri Lanka Mr. Mahinda Rajapaksha.
18/11/2021

Wish Your Happy Birthday Former President Of Sri Lanka Mr. Mahinda Rajapaksha.

All a competitor must have in a competition is the thought of winning🎯
11/11/2021

All a competitor must have in a competition is the thought of winning🎯

දේශයට අහිමි වූ ඒ හඬ
08/11/2021

දේශයට අහිමි වූ ඒ හඬ

දේශයේ වාදීභසිංහයාණන් දැයෙන් සමුගෙන අදට වසර 6ක්
07/11/2021

දේශයේ වාදීභසිංහයාණන් දැයෙන් සමුගෙන අදට වසර 6ක්

🇱🇰 මගේ දේශයේ උරුමයන්
10/10/2021

🇱🇰 මගේ දේශයේ උරුමයන්

එයයි ............🇱🇰
10/10/2021

එයයි ............🇱🇰

🔴''කෝට්ටේ තරුණ අපි'' ෆේස්බුක් සමූහයේ අරමුණ සහ ගමන්මඟ🔴අද සවස 4.00ට.......කෝට්ටේ තරුණ තරුණියන් දැන්ම එකතු වෙන්න.👇 https://...
05/10/2021

🔴''කෝට්ටේ තරුණ අපි'' ෆේස්බුක් සමූහයේ අරමුණ සහ ගමන්මඟ🔴
අද සවස 4.00ට.......
කෝට්ටේ තරුණ තරුණියන් දැන්ම එකතු වෙන්න.👇
https://www.facebook.com/groups/227470456012418/

හැන්දෑවක 🌾
05/10/2021

හැන්දෑවක 🌾

03/10/2021

TRAVEL

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝක වාර්තාක් සමඟින් ඉතිහාසයේ පළමු පැරා ඔලිම්පික් රන් පදක්කම දිනාදු...
30/08/2021

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝක වාර්තාක් සමඟින් ඉතිහාසයේ පළමු පැරා ඔලිම්පික් රන් පදක්කම දිනාදුන් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා. හෙල්ල විසිකිරීමේ F46 ඉසව්වේදී මීටර් 67.79 ක් වාර්තා කරමින් පිහිටවු මෙම නව ලෝක වාර්තාව හා ලැබු රන් පදක්කම රටක් ලෙස අප මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලැබු සුවිශේෂීම ජයග්‍රහණය ලෙස හැඳින්විය හැකියි. ශ්‍රී ලාංකිකයින් ලෙස අපි හැමෝටම මෙම ලෝක පරිමාණයේ ජයග්‍රහණය ගැන ආඩම්බර විය හැකියි.

Congratulations Dinesh Priyantha on creating history at the Tokyo Paralympic Games 2020! He sets a new World Record in the F46 Javelin Throwing event with 67.79m and wins the Gold Medal. A very proud moment for all Sri Lankans.🥇🇱🇰 #ජයගමු

https://www.facebook.com/101546211503616/posts/358589995799235/
29/08/2021

https://www.facebook.com/101546211503616/posts/358589995799235/

🔴අනාගත මිලියනපතියෙක් වෙන ලක්ෂණ ඔයාටත් තියෙනවාද?

1. ඔයා වැඩ කරන්නෙත් මාසය අන්තිමට පඩිය විතරක් බලාගෙනනම් ඔයාට කවදාවත් ධනපතියෙක් වෙන්න බැහැ. පඩිය කියන්නේ ඔයාව දුප්පත්කමට ඇදලා දාන ලොකුම උගුල.

2.මුදල් විතරක් බලාගෙන වැඩකරන මිනිස්සු කවදාවත් ධනවත් වුණේ නෑ. ධනවත් වුණු හැමෝම තමන්ගෙ වැඩේ ඇතුළෙ හෙව්වෙ සතුට සහ නිදහස.

3.අනාගත මිලියනපතියෙක් වෙනවනම් ඔයාට කවදාවත් එක ආදායමකින් තෘප්තිමත් වෙන්න බැහැ. ධනවත් වෙන්න ඕනනම් ඔයා තව මාර්ග හොයන්න පටන් ගන්නවා.

4.අනාගත ධනපතියෙක් වෙන ඔයාගෙ හීන කාර් එකකට, බයික් එකකට, අලුත් ගෙදරකට, ඇපල් ෆෝන් එකකට වඩා සෑහෙන්න විශාලයි. ඔයා ඒවා මිලදීගන්නේ ඔයාට දරන්න පුළුවන්නම් විතරයි.

5. ධනවතෙක් වෙන හැටි ඔයා හරියටම ඉගෙනගෙන තියනවනම් ඔයාට කවදාවත් settle වෙන්න ඕනෙ නැහැ. ඔයාගෙ අතට එන මුදල්වලින් අවදානම්සහගත විධියට සෙල්ලම් කරන්න ඔයා කැමතියි.

6.සල්ලි ඉතිරි කළා කියලා කවදාවත් ධනවත් වෙන්න බැහැ. ඔයා ආයෝජනයට කැමති කෙනෙක් වෙන්නම ඕනේ.

7. අනාගතයේදී ධනවතෙක් වෙන ඔයාගෙ හීන අනික් අයගේ හීනවලට වඩා ලොකුයි. අනිත් එක ඔයා ගොඩක් නිර්මාණශීලියි.

8. ධනවත් වෙන්න ලෑස්තිනම් ඔයා හැමවෙලාවෙම ඉන්නේ සූදානමින්. මුදල් නිර්මාණය කරන්න අවස්ථාවක් කොහේහරි තියෙනකොට ඔයාට ඒක ඉවෙන් වගේ හඳුනාගන්න පුළුවන්.

9. ඔයා ආදායම ගැන හිතන තරමටම වියදම ගැනත් හිතන්න ඕනේ. වියදම් කරන විධිය දන්නෙ නැත්නම් ඔයාට කවදාවත් ධනවත් වෙන්න බැහැ.

ප්‍රමේෂ් වික්‍රමසිංහ
පුද්ගල අභිප්‍රේරක | ව්‍යාපාර සංවර්ධන පුහුණුකරු

තිස්සමහාරාම සෑ සමිදු පිහිටෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
28/08/2021

තිස්සමහාරාම සෑ සමිදු පිහිටෙන්
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

සියනෑ කෝරලෙන් කන්ද උඩරට සෙංකඩගල පුරවරයට පාද චාරිකාවේ දෙවන දිනට පිටත් වුනු නැදුන්ගමුවේ රාජා.විශේෂ ඉල්ලීමයි....නැදුන්ගමුවේ...
03/08/2021

සියනෑ කෝරලෙන් කන්ද උඩරට සෙංකඩගල පුරවරයට පාද චාරිකාවේ දෙවන දිනට පිටත් වුනු නැදුන්ගමුවේ රාජා.

විශේෂ ඉල්ලීමයි....

නැදුන්ගමුවේ රාජා නුවරට ගමන් කරන අතරමග ඔබටත් හමුවුනොත් වෙනදා වගේ කෑම පළතුරු දෙන්න යන්න එපා පවතින කොවිඩ් වසංගත තත්වය නිසා හැකි උපරිමයෙන් දුරස්ථභාවය පවත්වාගැනීමට කාරුණික වන්න....

සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! 🙏
26/07/2021

සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! 🙏

Address

Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when Januda Anudina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Januda Anudina:

Share


Other News & Media Websites in Kotte

Show All

You may also like