MAX Digital Media

MAX Digital Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MAX Digital Media, Media/News Company, Raja Mawatha, Sri Jayewardenepura Kotte, Kotte.

28/03/2023
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී ඇත.පලාත් පාලන ඡන්ද ව...
10/02/2023

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී ඇත.

පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේ දී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම ප්‍රතිඥාව ලබා දී තිබේ.

එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු අධිකරණය හමුවේ සඳහන් කළ අතර ඉන් අනතුරුව එම ප්‍රතිඥාව සටහන් කර ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් දෙකේ විභාගය අවසන් කිරීමට තීන්දු කරන ලදි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව් විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලමින් තිබේ.

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.මෙම වි...
10/02/2023

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.

මෙම විශේෂ ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පස...
09/02/2023

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පසුවිපරම් උපායමාර්ගික ක්‍රියාවලින් දියත් කිරීමේ අරමුණින් ‍පිහිටුවීම යෝජිත ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එම සංකල්ප පත්‍රිකාවට අනුව රටේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම පිණිස ස්ථාපිත ඉහළම මට්ටමේ නිල යාන්ත්‍රණය ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පිහිටුවීමට යෝජිතය. කොමිෂන් සභාවේ කාර්යයන් ලෙස නිසි විශ්ලේෂණ ආශ්‍රිතව ප්‍රතිපත්තිසම්පාදනය හා ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ලබා දීම, කෙටි කාලීන මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන සංවර්ධන සැලසුම්කරණය හරහා 2023 - 2048 ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ඇති හැකියාවන් හා විභවයන් හඳුනාගනිමින් සංවර්ධන සැලසුම්කරණය හා කාර්යක්ෂම අයුරින් සම්පත් බෙදී යාමට ඉඩ සැලසීම, කාලීන ජාතික ප්‍රමුඛතා පදනම්කොටගත් සංවර්ධන ක්ෂේත්‍ර හඳුනාගනිමින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම, සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට සමගාමීව නිරන්තර නියාමන හා ඇගයීම් ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම, ජාතික හා පළාත් මට්ටම්වලදී ක්‍රියාත්මක කරනු ලබන ආයතන පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණ ක්‍රියාවලීන් ශක්තිමත්ව ක්‍රියාත්මක කරවීම යන කරුණු දක්වා ඇති අතර ඒ පිළිබඳ දිර්ඝ වශයෙන් කමිටුවේදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ කමිටු සභාපති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉතා ඉක්මනින් මෙම සංකල්ප පත්‍රිකාව ජාතික සභාවට ඉදිරිපත් කර අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද සහ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද ආරම්භ වේ.සභාවාරය උ...
08/02/2023

09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද ආරම්භ වේ.

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් උදෑසන 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා තිබේ.

වෙළඳපොලේ පවතින මිල ගණන් අනුව කිලෝ ග්‍රෑම් 12.5 අවස්ථා ගෑස් සිලින්ඩරයක් මිල වැඩි කළ යුතු නියම මිල රුපියල් 950 ක් බව ලිත්‍...
06/02/2023

වෙළඳපොලේ පවතින මිල ගණන් අනුව කිලෝ ග්‍රෑම් 12.5 අවස්ථා ගෑස් සිලින්ඩරයක් මිල වැඩි කළ යුතු නියම මිල රුපියල් 950 ක් බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ කලින් ඇණවුම් කර ගෑස් තොග තවදුරටත් සමාගම සතුව ඇති නිසා ප්‍රකාශිත මිල ගණන් යටතේ පමණත් මිල වැඩි කිරීමට තීරණය කරන ලද බවයි.

2024 අප්‍රේල් මාසය පමණ වන තෙක් රටට අවශ්‍ය ගෑස් තොග සමාගම සතුව ඇති බව ද හෙතෙම පැවසීය.

ඒ අනුව කිසිම ආකාරයකින් රට තුළ ගෑස් හිගයක් ඇති නොවීමට වග බලා ගැනීමට සමාගම කටයුතු කරන බවද සභාපතිවරයා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

අද අලුයම දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයක් සිදුවී ඇත.මෙම කම්පනය සයිප්‍රස්, ග්‍...
06/02/2023

අද අලුයම දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයක් සිදුවී ඇත.මෙම කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව ඇතුලු රටවල් රැසකට දැනී ඇති අතර කිලෝමීටර 18 ක ගැඹුරින් පොළොව අභ්‍යන්තරයේ ඇති වූ මෙම කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

එමෙන්ම ඊට සුළු මොහොතකට පසුව තවත් කම්පනයක් වාර්තාවී ඇති අතර, එය රික්ටර් මාපකයේ 6.7 ක් අගයක් ගනු ලැබීය.එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 10 ක ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ය.

හිටපු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ නැවතත් එම තනතුරෙහි පිහිටුවීමට ...
03/02/2023

හිටපු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ නැවතත් එම තනතුරෙහි පිහිටුවීමට ජනධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන ඇත.

පසුගිය දා ආශු මාරසිංහගේ පෙම්වතිය වන ආදර්ශා කරඳනගේ සුරතල් සුනඛයා ලිංගික හිංසනයට ලක්කර ඇති බවට චෝදනා එල්ල කරමින් වීඩියෝපටයක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය.

තවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආදර්ශා කරඳන සමග මාධ්‍ය හමුවක් කැඳවමින් සත්ත්ව අපයෝජනය පිළිබඳව ආශු මාරසිංහ වෙත චෝදනා එල්ල කළේය.

එම බලපෑමෙන් අනතුරුව ජනාධිපති උපදේශක ධුරයෙන් මහාචාර්ය ආශු මාරසිංහ පසුගියදා ඉල්ලා අස්විය.

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී ඇත.උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට 90 හැවිරිදි වියේ පසු වු අතර කළක...
03/02/2023

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී ඇත.

උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට 90 හැවිරිදි වියේ පසු වු අතර කළක් රෝගාතුරව උන්වහන්සේ සිට ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කටයුතු කර ඇත.

2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇත.ඒ අනුව පෙබරවාරි 22, 23 සහ 24 ...
03/02/2023

2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇත.ඒ අනුව පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල එය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණයට අදාළ අනෙකුත් ඡන්ද විමසීම් මාර්තු 9 වැනි දා පැවැත්වීමට දැනට නියමිතව ඇත්තේ.

රුසියාව නව ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බව යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.එය පෙබරවාරි 24 දින ආරම්භ විය හැකි බවට ...
03/02/2023

රුසියාව නව ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බව යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.එය පෙබරවාරි 24 දින ආරම්භ විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.

යුක්‍රේන ආරක්ෂක ඇමති Oleksii Reznikov පවසනේ මොස්කව් හමුදා දහස් ගණනක් එක්රැස් කර ඇති බව ය.පසුගිය වසරේ ආරම්භක ආක්‍රමණයේ සංවත්සරය සැමරීමට ඔවුන් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තඹුත්තේගම විවිධ සේවා සමුපකාරය සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ලද කණ්ඩායම ජ...
03/02/2023

තඹුත්තේගම විවිධ සේවා සමුපකාරය සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ලද කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. එහි සියලුම සභික ධුර 12 ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනා ගෙන ඇති අතර එහි ප්‍රතිශතය සියයට සීයකි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා උපන් ගම වන්නේද තඹුත්තේගමයි.

ඇපල් සහ ගූගල් සමාගම් මගින් පාලනය කරන "Play Store"වලින් ටික් ටොක් ඉවත් කරන ලෙසට අමෙරිකානු සෙනෙට් සභිකයෙක් ඉල්ලීමක් කර තිබ...
03/02/2023

ඇපල් සහ ගූගල් සමාගම් මගින් පාලනය කරන "Play Store"වලින් ටික් ටොක් ඉවත් කරන ලෙසට අමෙරිකානු සෙනෙට් සභිකයෙක් ඉල්ලීමක් කර තිබේ.ටික් ටොක් මගින් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් මතුවන බවයි අමෙරිකානු බුද්ධි කමිටුවක සාමාජිකයෙක් වන මයිකල් බෙනට් පවසා ඇත්තේ.

චීනයේ ByteDance සමාගම ටික්ටොක් හි හිමිකාරීත්ව දරන අතර ටික් ටොක් මෙවලම එරට මධ්‍යම රජය සතු පද්ධතිවලින් ඉවත්කරන ලෙසට ඉල්ලීම් ලැබී තිබෙන අතර අමෙරිකානුවන්ගේ දත්ත ලබාගැනීම සඳහා චීන රජයේ ආයතන මගින් ටික් ටොක් සතු දත්ත පද්ධතිය භාවිත කිරීමට ඉඩ ඇති බවයි එම ඉල්ලීම්වල සඳහන් වන්නේ.

2023 වසර සඳහා වෙන්කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 06% කින් කපාහැරීම සහ රජයේ වියදම් කළමනාකරණයට අදාළ චක්‍රලේඛය මුදල් ආර...
02/02/2023

2023 වසර සඳහා වෙන්කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 06% කින් කපාහැරීම සහ රජයේ වියදම් කළමනාකරණයට අදාළ චක්‍රලේඛය මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වෙයි.

Address

Raja Mawatha, Sri Jayewardenepura Kotte
Kotte

Alerts

Be the first to know and let us send you an email when MAX Digital Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share