Forget Me Not

Forget Me Not Memories that will last forever (සිතක රැඳුන සදාතනික සිහිවටන)

කඳු මාවතේ...මිටියාවතේපිණි කඳුළු වරුසා හෙලාසඳ කුසුම කිමදෝ මුකුලිත වෙලාඅතීතයේ සිට ආසුපුරුදු ආදර කෙලිලොල් හඬකින්මතකය ඇහැ ඇර...
23/12/2024

කඳු මාවතේ...මිටියාවතේ
පිණි කඳුළු වරුසා හෙලා
සඳ කුසුම කිමදෝ මුකුලිත වෙලා

අතීතයේ සිට ආ
සුපුරුදු ආදර කෙලිලොල් හඬකින්
මතකය ඇහැ ඇරුනා
අප යන මග - පිරිපත උහුලනු මිස
නුඹට මට සිනහවත් මග හැරුනා

ඇයි සිත සසල වෙලා
ආගන්තුක ඇස් රහසින් පවසන
සෙනෙහස ළඟ බිඳෙනා
සිතක් නොවේ - මට නොතැවෙන් සොඳුරිය
නුඹේ ළඟමයි මා අදත් නිවෙනා

නිවුනාමගෙ හිත නිවුනා රිදුමන් බිඳුනානුඹ ළඟ රැඳෙනා මොහොතක මා නිවුනාසිත සනසවනා කොහි සිට ආවාදෝදේවාංගනා...කලුවර විමනේ තිමිරය ...
17/12/2024

නිවුනා
මගෙ හිත නිවුනා රිදුමන් බිඳුනා
නුඹ ළඟ රැඳෙනා මොහොතක මා නිවුනා
සිත සනසවනා
කොහි සිට ආවාදෝ
දේවාංගනා...

කලුවර විමනේ තිමිරය බිඳුනා
ගිනිගෙන දැවෙනා හදකට පිණි ඉහුණා
නොයනා සිත නෑරම රැඳෙනා
කිව මැන නුඹ කවුදෝ
දේවාංගනා

හද ගිනි අවුලා මා හැර නොයනා
නෙත්යුග කියනා ගිවිසුමකින් බැඳුනා
සොයනා සැනසුම මට ලැබුනා
මා ළඟ නැවතුනිදෝ
දේවාංගනා

Have a nice day...🩷
03/12/2024

Have a nice day...🩷

02/12/2024
30/11/2024

සිතක් පුරාවට පෙම් මල් පූ දින
සිහිනය රෑ තුන් යම දැකලා
දිනක් තියේවිද නුඹ මා හිනැහෙන
අහිමි තැනම හිමිකම් ඇඳිලා
අපේ ලොව සිතිජයෙන් දුර ඈතයි
ඈත තරුවක් ලෙසින් නුඹ හිනැහෙයි

ආගන්තුකයින් ලෙසින් හෙටටත්
එළිවන ඒ පෙම්වත් හීනේ
නාඳුනනා පෙම්වතුන් වන්නට
හදවත් යයි ඇයි යළි හමුවන්නේ
අහඹු හමුවක තිබුනේ ජීවිතයයි
අහිමි හිත් හමු නොවිය යුතු ඒකයි

කවදා කොයි ලෙසකින්වත් හිමි නැති
හිත ළඟ සෙනෙහස වෑහෙන්නේ
අදටත් හිත ළඟ හිමි නැති වූ තැන
ඇයි ආදර මල් පූදින්නේ
දෛවයත් සරදම් කරන ගානයි
අහිමි හිත් හමු නොවිය යුතු ඒකයි

Artist : Darshana Wickramatunga
Lyrics: Buddhika Widanage

විසල් පැතුමන් හිත දරාගෙනදස මසක් නුඹ කුස දරාගෙනපෙර නොවිඳි පිරිපත පවා මංදරා උන් හැටි මැවෙනවාසිතින් සිඹ සිඹ මුව දහස්වරඅතින්...
21/11/2024

විසල් පැතුමන් හිත දරාගෙන
දස මසක් නුඹ කුස දරාගෙන
පෙර නොවිඳි පිරිපත පවා මං
දරා උන් හැටි මැවෙනවා

සිතින් සිඹ සිඹ මුව දහස්වර
අතින් පිරි මැද කුස සහස්වර
අසීරුම තත්පර වලත් එදවස
නුඹට සෙත් කවි කියනවා

පළමු දරු ගැබ නුහුරු නුපුරුදු
විඳුම් සහසක් පළපුරුදු සේ
කොහොම මං දැරුවාද මන්දා
අදත් පුදුමය දැනෙනවා

වින්ද පිරිපත සැනෙන් නිම කළ
සිනිඳු මොළකැටි ඇඟිළි පහසත්
දුවේ අටලොස් වසක් ගෙවුනත්
අද සේම මට දැනෙනවා

_FMN_

ඇඬුම් වාවන අහස පාමුළතුහින මල් වැහි මුව සිඹිද්දීඋනන උල්දිය කඳුළු කොපුවෙන්සීරුවෙන් පිට පනිනවා  කටු අනින සිසිලස කපාගෙනලය සු...
19/11/2024

ඇඬුම් වාවන අහස පාමුළ
තුහින මල් වැහි මුව සිඹිද්දී
උනන උල්දිය කඳුළු කොපුවෙන්
සීරුවෙන් පිට පනිනවා
කටු අනින සිසිලස කපාගෙන
ලය සුසුම් උණුහුම හදද්දි
අපේ මිහිදන් කෙරූ මතකේ
අඳුරු සෙවණැළි ඇඳෙනවා

හරි තදින් හදවත වෙළාගත්
තනිකමේ රැහැනටම් හසුවී
කාලයෙන් සැදු ගැඹුරු කැපුමෙන්
තවම උණු ලේ ගලනවා
දරාගන්නා අයුරු පැහැදූ
පාඩමේ සිව් කොනම පිරිසිඳ
ලෝකයම ඉදිරියේ මං තව
හිනා මුහුණක් අඳිනවා...🩷
- FMN -

ගරුතර ලක් මවුනි පෙරඹර හිරු නැගෙන කොටපිරිවර නොදුටුවෙද රොද බැඳ එන එක      පෙළටදස වස් හතකටත් ඔබ්බෙන් සිට ඔබ විඳි     දුකටනැ...
22/09/2024

ගරුතර ලක් මවුනි පෙරඹර හිරු නැගෙන කොට
පිරිවර නොදුටුවෙද රොද බැඳ එන එක පෙළට
දස වස් හතකටත් ඔබ්බෙන් සිට ඔබ විඳි දුකට
නැවතුම තියන සුබ නැකතයි එන්නෙ හෙට

මෙරට රකිනවැයි දිවුරා බිම හැපී කියා
බලයට පැමිණ රට වෙන්දේසියේ තියා
පවුල් පිටින් හොරකර තොපි එගොඩ ගියා
රටම බංකොලොත් ණය බර ඉහළ ගියා

බොරුවෙන් බැරිය හැමදාමත් රජ වෙන්න
වංචාවෙනුත් ටික දවසයි හැකි ඉන්න
හිතුවට මහජනතාව හැමදා අන්දන්න
හොර දෙස් පාලුවනි මේ පිළිතුර අපි දුන්න

වරම ඉල්ලුවම දුන්නේ රට කරවන්න
නොපනත් කම් කරන්නේ නම් පිළිතුර මෙන්න
පත් කල ලෙසම දූෂිත තොපි පන්නන්න
ජනතා හයිය ගැන සුළුවෙන් නොතකන්න

වෙහෙසකර දවසකට පස්සෙ ටිකක් දවල්වෙනකන් නින්ද ගිය නිසා සුබ පැතුම පමා වුනාට සමාවෙන්න සොඳුරී....❤නිදුක් නීරෝගී චිර ජීවනය පතනව...
15/09/2024

වෙහෙසකර දවසකට පස්සෙ ටිකක් දවල්වෙනකන් නින්ද ගිය නිසා සුබ පැතුම පමා වුනාට සමාවෙන්න සොඳුරී....❤

නිදුක් නීරෝගී චිර ජීවනය පතනවා...හිතේ තියෙන හැම පැතුමක්ම ඉටු වේවා...ූ!!!❤

🩷
04/09/2024

🩷

එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවාමල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියනවානුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවාමම තවම මට අහිමි මගෙ...

මල් රේණු ඉහේවා නුඹේ පා යුග සිඹින දෙරණතේමද සුළඟ හමාවා විඩා ගිම් නිවා නුඹෙ මුදු ගතේසහසකුත් දෙවිවරුන් බැලුම් ලන සුබම සුබ මු...
02/08/2024

මල් රේණු ඉහේවා
නුඹේ පා යුග සිඹින දෙරණතේ
මද සුළඟ හමාවා
විඩා ගිම් නිවා නුඹෙ මුදු ගතේ
සහසකුත් දෙවිවරුන්
බැලුම් ලන සුබම සුබ මුහුරතේ
ලක් මවුන් දිනවනා
යෝධ බල ලැබේවා නුඹ වෙතේ

තරුෂි ❤️ ජය වේවා...❤️❤️❤️

Forget me not..........💜හදවතේ පතුලතම අගුළු ලා වසා ලූඅතීතේ මංපෙතට විවර වන ද්වාරය හැර ලමීගැඹුරටම කා වැදුන කැළැල් වියැකී න...
03/07/2024

Forget me not..........💜

හදවතේ පතුලතම අගුළු ලා වසා ලූ
අතීතේ මංපෙතට
විවර වන ද්වාරය හැර ලමී
ගැඹුරටම කා වැදුන කැළැල් වියැකී නොගිය
රිදුම් සීරුම් ගහන
ඉරිතැලුණු හද නුඹට පෙන්වමී
කඳුළු පිරි කතාවක අවසානයේ දීත්
හැරී නොගොසින් පසෙක
නුඹ ඉන්නවා ඇතැයි සිතනෙමී
අඳුරු නටඹුන් මැදින් නැගිටින්න වාරු දුන්
නුඹම යම් මතුදාක
යළි මසිත නොබිඳිතැයි අදහමී
- FMN-

❤️
13/03/2024

❤️

Address

157/2 C, Balika Niwasa Road, Pannipitiya
Kottawa

Telephone

+94772003146

Website

Alerts

Be the first to know and let us send you an email when Forget Me Not posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Forget Me Not:

Videos

Share