Lakvahini

Lakvahini උතුම් ජාතියක් - උතුම් රටක්

ෂාරුක් ඛාන් වසර 33කට පසු බිරිඳ ගෞරීව මුස්ලිම් ආගමට හරවා ගනීෂාරුක් ඛාන් වසර 33 කට පසු ඔහුගේ ආදරණීය බිරිඳ ගෞරී ඛාන්, සිය ආ...
20/02/2025

ෂාරුක් ඛාන් වසර 33කට පසු බිරිඳ ගෞරීව මුස්ලිම් ආගමට හරවා ගනී

ෂාරුක් ඛාන් වසර 33 කට පසු ඔහුගේ ආදරණීය බිරිඳ ගෞරී ඛාන්, සිය ආගම වූ මුස්ලිම් ආගම වෙත හැරවීමට කටයුතු කර ඇති බවට වන පුවතක් සහ ඊට අදාළ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල වෛරල් වෙමින් පවතී.

සමාජ මාධ්‍යයන්හි පුළුල් ලෙස බෙදාගැනුණු එම ඡායාරූපය මුස්ලිම්වරුන්ගේ අතිශය වන්දනාවට පාත්‍ර වන 'මක්කම' සිද්ධස්ථානයේ දී ගත් ඡායාරූපයක් ලෙසයි පෙනී යන්නේ. එහි පසෙක ෂාරුක් සහ ගෞරී සමඟ පුතු ආර්යන් ද දැකගත හැකියි.

මෙම ආන්දෝලනාත්මක ඡායාරූපයේ ගෞරී ඛාන් මුස්ලිම් කාන්තාවක් ලෙස සම්ප්‍රදායික හිජාබයකින් සැරසී සිටී. හින්දු ආගමික බහුතරයක් සිටින ඉන්දියාව මෙම ඡායාරූපයෙන් ගැස්සී ගොස් තිබුණා. ෂාරුක්ගේ බිරිය ගෞරී චිබර්, හින්දු බ්‍රාහ්මණ පවුලකින් පැවත එන අතර ඔවුන්ගේ විවාහයට මෙම ආගම් අතර ඝට්ටනය ද මුල්කාලීනව බලපෑම් කළ සාධකයකි. කෙසේ වෙතත් ඔවුන්ගේ දශක තුනකට වැඩි විවාහ ජීවිතයට කෙදිනක හෝ ආගම හරස් වී තිබුණේ නැහැ. ෂාරුක් කිසිවිටක ඇය සිය ආගමට නතු කර ගැනීමට බලපෑම් නොකළ අතර ඇය වරක් සඳහන් කළේ තමා ෂාරුක් ගේ ආගමට බෙහෙවින්ම ගරු කරන නමුත් කිසිවිටක ඔහුගේ ආගමට මාරු නොවන බවයි. ෂාරුක් ගේ මන්නත් නිවසේ ඊද් සහ දීපවාලි දෙකම එකම ගෞරවයකින් යුතුව සමරනු ලබන්නක් වන අතර ඔහුගේ නිවසේ කුරානය පවතින්නේ හින්දු දේව ප්‍රතිමා අසලය.

ඉතින් වසර 33කට පසු ෂාරුක් ගෞරී, සිය ආගමට හරවාගෙන ඇති බවට වන පුවත සහ ඡායාරූප සමාජ මාධ්‍යවල කැළඹීමක් ඇති කිරීම පුදුමයක් වුණේ නැහැ. එහෙත් එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව මේ වන විට තහවුරු වී තිබෙනවා. මෙම ඡායාරූපය ෂාරුක් ඛාන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමට හෝ විනෝදය සඳහා AI ඔස්සේ සිදු කළ නිර්මාණයක් බවයි වාර්තා වන්නේ.

© Lakvahinichannel උපුටා ගැනිම තහනම්

'මිස් ටීන් ඇමරිකා' රිය අනතුරකින් ජීවිතක්ෂයට2024 වසරේ "මිස් ටීන් ඇමරිකා" කිරුළ දිනාගත් කැඩන්ස් ෆ්‍රෙඩ්රික්සන් (Kadance Fr...
20/02/2025

'මිස් ටීන් ඇමරිකා' රිය අනතුරකින් ජීවිතක්ෂයට

2024 වසරේ "මිස් ටීන් ඇමරිකා" කිරුළ දිනාගත් කැඩන්ස් ෆ්‍රෙඩ්රික්සන් (Kadance Fredericksen) මේ සතියේ සිදු වූ ඛේදජනක මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.

වයස අවුරුදු 18 ක් වූ කැඩන්ස්, ඔකලූසා ප්‍රාන්තයෙන් ඉදිරිපත් වී මිස් ටීන් ඇමරිකා තරගය ජයග්‍රහණය කළ නැගී එන තාරුකාවකි.

පෙබරවාරි 17 වන සඳුදා ෆ්ලොරිඩාවේ සැන්ටා රෝසා ප්‍රාන්තයේදී සිදු වූ රිය අනතුරකින් මරුමුවට පත් වූ බව මාධ්‍ය වාර්තා පවසනවා.

ෆ්‍රෙඩ්රික්සන් නැගී එන මානව හිතවාදිනියක ලෙස ද කැපී පෙනුණා. ඇය 2017 දී Kada's Promise නමින් ලාභ නොලබන සංවිධානයක් ආරම්භ කළ අතර එම සංවිධානයේ වෙබ් අඩවියට අනුව "නිවාස නොමැති නොසලකා හරින ලද හෝ අපයෝජනයට ලක් වූ" දරුවන්ට වෙනුවෙන් ඇය විශාල වැඩ කොටසක් කරමින් සිටියා.

ක්‍රෙස්ට්වීව් හි වසරේ පුරවැසියා සම්මානය දෙවරක් ලබා ගත් ඇය එම සම්මානය ලැබූ ලාබාලතම තැනැත්තිය ලෙස ද සැලකෙනවා. රූ රැජිනක් ලෙස ඇගේ වෘත්තීය ජීවිතය තුළ රොනල්ඩ් මැක්ඩොනල්ඩ් පුණ්‍ය ආයතනය වෙනුවෙන් ඇය ඩොලර් 25,000 කට වඩා අරමුදල් රැස් කිරීමට දායක වී ඇති බව ද සඳහන්ය.

© Lakvahinichannel උපුටා ගැනිම තහනම්

සක්‍රීය වූ එට්නා කන්දේ ලාවාවලට ඇලුණු මිනිස්සුසිසිලියේ එට්නා කන්ද යනු පෘතුවියේ වඩාත්ම ක්‍රියාකාරි ගිනි කඳු අතර එකකි. 2025...
20/02/2025

සක්‍රීය වූ එට්නා කන්දේ ලාවාවලට ඇලුණු මිනිස්සු

සිසිලියේ එට්නා කන්ද යනු පෘතුවියේ වඩාත්ම ක්‍රියාකාරි ගිනි කඳු අතර එකකි.

2025 වසරේ එහි පළමු පිපිරීම මේ වන විට වාර්තා වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස හිම තට්ටුව හරහා විශාල ලාවා ගැලීමට පටන් ගැනුණා. එට්නා කන්ද නිතිපතා පුපුරා යන අතර එය දශක ගණනාවක් තිස්සේ සංචාරකයින් ආකර්ෂණය කර ගත්තකි.

නමුත් පෙබරවාරි 8 වන දින ආරම්භ වූ නවතම පුපුරා යාමෙන් පසු ඡායාරූප ශිල්පීන්, කඳු නගින්නන් සහ පරිසරකාමීන් විශාල වශයෙන් එයට ආකර්ශනය වෙමින් සිටින්නේ බලධාරීන්ගේ නියෝග ද නොතකමින් බවයි වාර්තා වන්නේ.

භයානක හා ජීවිතයට තර්ජනයක් විය හැකි තත්ත්වය නිසා ලාවා ගලා යන ස්ථානයේ සිට මීටර් 500ක් ඇතුළත සංචාරකයින් සඳහා තහනම් කලාපයක් කිරීමට ඉතාලි බලධාරීන් පියවර ගත්තද එම නියෝග නොතකා සංචාරකයින් ගිනි කන්ද අසලටම ගොස් දැක ගැනීමට උත්සහ කරමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසනවා.

බොහෝ දෙනෙක් ගිනිමය ලාවාවලට ආසන්නව කන්ද තරණයට සහ හිම ක්‍රීඩාවල දිගින් දිගටම නිරත වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. මෙම ප්‍රදේශයට සංචාරය සඳහා ඇතුළු වීම අතිශය භයානක බව බලධාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ ද දැනුම්වත් කර තිබුණා.

සඳුදා බාලවයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අනවසර මවුන්ට් එට්නා හි පැය කිහිපයක් අතරමං වූ අතර ඔවුන් බේරා ගැනීමට ගිනි නිවන හමුදා යෙදවීමට සිදු වූ බව බලධාරීන් ප්‍රකාශ කළා. එදින රාත්‍රියේ තවත් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතුරුදහන් වූ බවටයි මාධ්‍ය වාර්තා පළ වුණේ.

© Lakvahinichannel උපුටා ගැනිම තහනම්

නීති විරෝධී සංක්‍රමණිකයකු බවට පාසල තුළ අපහාස දරාගත නොහැකිව සිය දිවි නසා ගත් 11 හවිරිදි සිසුවියසිය පාසලේ දී සිදු වූ අපහාස...
20/02/2025

නීති විරෝධී සංක්‍රමණිකයකු බවට පාසල තුළ අපහාස දරාගත නොහැකිව සිය දිවි නසා ගත් 11 හවිරිදි සිසුවිය

සිය පාසලේ දී සිදු වූ අපහාස සහ හිරිහැර දරාගත නොහැකිවූ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාසි හි 11 හැවිරිදි සිසුවියක් සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ටෙක්සාස්හි ගයිනස්විල් හි ඔවුන්ගේ නිවසේදී ඇගේ මව ප්‍රතිචාරයක් නොදැක්වූ දියණිය සොයාගෙන දින පහකට පසු, පෙබරවාරි 08 වැනිදා මිය ගිය බව වාර්තා වෙනවා. ජොසලින් රොජෝ කැරන්සාගේ අවමංගල්‍යය බදාදා (පෙබරවාරි 19) උදෑසන සිදු කෙරුණා.

"මම සතිය පුරාම ආශ්චර්යයක් බලාපොරොත්තුවෙන් සිටියා. මගේ දුව සුව වන තෙක් බලා සිටියා." ඇගේ මව මාර්බෙලා කැරන්සා මාධ්‍ය වෙත පවසා තිබුණා.

"නමුත් අවාසනාවකට කළ හැකි කිසිවක් තිබුණේ නැහැ" ඇගේ පවුල නීති විරෝධී ලෙස එක්සත් ජනපදයේ සිටින බවට චෝදනා කරමින් ඇය පාසල තුළ නිරන්තර හිරිහැර ලක් වූ බව මව පවසා තිබෙනවා.

තම දියණියගේ පාසල මෙම හිරිහැර කිරීම් සම්බන්ධයෙන් දැන සිටි අතර ඇයව පාසල තුළ උපදේශනයන් වෙත යොමු කරත් මව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කර නොමැති බවට චෝදනා එල්ල වෙනවා. ඇය මේ පිළිබඳ දැනගත්තේ ඇගේ දියණියගේ මරණය පිළිබඳ සිදුවන විමර්ශනයන් අතරතුර බවයි පැවසෙන්නේ.

ජොසලින්ගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා බදාදා ශාන්ත මේරි කතෝලික පල්ලියට පවුලේ සාමාජිකයින් ඇගේ මිතුරන් ඇතුළු සියගණනක් රැස්වී සිටියා. ඒ අතර ඇගේ මිතුරන් ඇයට ගෞරවය දක්වනු සඳහා ඇගේ රුව පින්තාරු කළ ටීෂර්ට් හැඳ සිටින ආකාරය දක්නට ලැබුණා.

දේව මෙහෙය අතරතුර, පල්ලියේ බැල්කනියේ මරියාචි සංගීත කණ්ඩායමක අඳුරු සංගීතය වාදනය මැද ජොසලින් බව්තීස්ම වූ පල්ලියේම, කුරුසියක් මත වැතිර සිටියේ ඇමරිකාවේ නීති විරෝධී සංක්‍රමණිකයන් මුහුණ දෙන අර්බුදය නිහඬවම ලොවට කියාපාමිනි.

© Lakvahinichannel උපුටා ගැනිම තහනම්

කටට බ්‍රේක් නැති වීම නිසා බොලිවුඩ් චිත්‍රපටයක පෝස්ටරයකින් හැළුණු පළමු නිළියතෙළිඟු චිත්‍රපටයක් වන Daaku Maharaj මේ වන විට...
20/02/2025

කටට බ්‍රේක් නැති වීම නිසා බොලිවුඩ් චිත්‍රපටයක පෝස්ටරයකින් හැළුණු පළමු නිළිය

තෙළිඟු චිත්‍රපටයක් වන Daaku Maharaj මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 100කට වැඩි ආදායමක් උපයා ඇති අතර එහි ප්‍රධාන නිළිය වන උර්වශී රවුටෙලා එහි ප්‍රවර්ධන කටයුතු සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන ආකාරය පසු ගිය දිනවල දක්නට ලැබුණා.

මේ වන විට චිත්‍රපටය Netflix ඔස්සේ විකාශය කිරීමට සූදානම් නමුත් ඒ වෙනුවෙන් නිකුත් කළ නවතම පෝස්ටරයෙහි උර්වශීගේ ඡායාරූපයක් ඇතුළත් කර නොමැතිවීම කතාබහට ලක් වෙමින් පවතී.

මේ අනුව රුපියල් කෝටි 105 ක් ඉක්මවූ චිත්‍රපටයක පෝස්ටරයෙන් ඉවත් කළ ඉන්දියාවේ පළමු නිළිය බවට උර්වෂී පත්වන බවට අදහස් පළ වෙනවා.

උර්වශි රවුටෙලා පසුගිය වසර 11 තිස්සේ බොලිවුඩ් කර්මාන්තයේ කොටසක් වුවත් ඇගේ චිත්‍රපටවලටත් වඩා ජනප්‍රිය වන්නේ ඇය මාධ්‍ය වෙත ලබා දෙන සම්මුඛ සාකච්ඡාය. ඊට හේතුව එම අවස්ථාවල ඇය කියන, තැනට නොගැළපෙන කතාය.

ඇය දුරදිග නොබලා කතා කරන නිළියක් ලෙස දැන් සියලු දෙනා අතර හාස්‍යයට ලක් වෙලා. නෙට්ෆිල්ක්ස් පෝස්ටරයෙන් ඇය ඉවත් කිරීමට නිෂ්පාදක කණ්ඩායම් පියවර ගෙන ඇත්තේ ඇය කෙරෙහි පවතින ජනතා අප්‍රසාදය නිසා බවටයි මත පළ වෙමින් පවතින්නේ. පසු ගිය දා Daaku Maharaj ප්‍රවර්ධන සම්මුඛ සාකච්ඡාවක් අතරතුර සයිෆ් අලී ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඇයගෙන් කළ විමසීමක් සම්බන්ධයෙන් ඇය දුන් පිළිතුරක් මිනිසුන්ගේ දැඩි පිළිකුළට හේතු වී තිබුණා. එහිදී ඇය කටේ බ්‍රේක් නැතිවී ගොස් සයිෆ්ගේ පිහි ඇනුම ගැන කතා කිරීම පසෙක තබා සිය මවගෙන් සහ පියාගෙන් ලැබුණු වටිනා දියමන්ති ආභරණ හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව කතා කළා.

පසුව ඇය ලියුමක් ලියමින් මේ සම්බන්ධයෙන් සයිෆ් අලී ඛාන්ගෙන් සමාව ඇයද සිටීමට කටයුතු කරත් ඇති වූ ජන අප්‍රසාදය වළකා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

නන්දාමුරි බාල ක්‍රිශ්ණා, උර්වශි රවුටෙලා සහ බොබී ඩියොල් රංගනයෙන් දායක වන තෙළිඟු චිත්‍රපටයක් වන Daaku Maharaj එහි OTT නිකුතුව සම්බන්ධයෙන් සැලකිය යුතු උනන්දුවක් ජනිත කර තිබෙනවා. බොක්ස් ඔෆිස් හි එය ශක්තිමත් ආරම්භයක් ගත් අතර පළමු දිනයේ දී ඉන්දියානු රුපියල් කෝටි 30.2 ක් උපයා ගෙන තිබුණා. පළමු සතිය අවසන් වුණේ රුපියල් කෝටි 78.8 කින් උපයා ගනිමිනි.

දෙවන සතිය වන විට ආදායම රුපියල් කෝටි 20.05 දක්වාත් තුන්වන සතියේ රුපියල් කෝටි 6.32 සහ සිව්වන සතියේ රුපියල් කෝටි 2.26 ක් ලෙස ආදායම පහත වැටුණා.

පෙබරවාරි 25 වන දින උර්වශි රවුටෙලාගේ උපන්දිනයට පෙර පෙබරවාරි 21 වන දින නෙට්ෆ්ලික්ස් හි Daaku Maharaj විකාශය ආරම්භ කිරීමට නියමිතය. චිත්‍රපටයේ උර්වශි උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස රංගනයෙන් දායක වෙනවා.

© lakvahinichannel උපුටා ගැනිම තහනම්

පාප් වහන්සේගේ පෙනහළු දෙකටම නියුමෝනියාව වැළඳී ඇති බවට වතිකානුවෙන් නිවේදනයක්ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනහළු දෙකෙ...
19/02/2025

පාප් වහන්සේගේ පෙනහළු දෙකටම නියුමෝනියාව වැළඳී ඇති බවට වතිකානුවෙන් නිවේදනයක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනහළු දෙකෙහිම නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙන අතර 88 හැවිරිදි ඔහුගේ සායනික තත්ත්වය "සංකීර්ණ" බව අඟහරුවාදා (පෙබරවාරි 18) වතිකානුව නිවේදනය කළා.

එබැවින් සති අන්තයේ අවසානය දක්වා උන්වහන්සේගේ සියලු කටයුතු අවලංගු කරන ලද බව එම නිවේදනයේ දැක්වෙනවා.

2013 සිට පාප් වහන්සේ ලෙස කටයුතු කරන ශුද්ධොත්තම පියතුමන් බ්‍රොන්කයිටිස් සඳහා ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා සිකුරාදා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණා.

සඳුදා, වතිකානුව සඳහන් කළේ, පාප් වහන්සේගේ ශ්වසන පද්ධතියේ "බහු ක්ෂුද්‍ර ජීවී ආසාදනයක්" ඇති බවත් උන් වහන්සේට ලබා දෙන ප්‍රතිකාරවල වෙනසක් අවශ්‍ය වී ඇති බවත් ය. ඊයේ පස්වරුවේ උන්වහන්සේගේ පපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සී.ටී පරීක්ෂණයකින් පෙනහළු දෙකෙහිම නියුමෝනියා ආසාදිත තත්ත්වයක් පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වෙනවා..

කෙසේ වෙතත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යහපත් මනෝභාවයකින් පසුවෙන බව වතිකානුව සඳහන් කර තිබෙනවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය පස්වන දිනය රෝහලේ විවේකීව යාඥා කරමින් පසු වූ බව තවදුරටත් සඳහන් වුණා.

'පසුගිය පැය කිහිපය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලැබුණු සෙනෙහස සහ සමීපත්වයේ පණිවිඩවලට උන්වහන්සේගේ කෘතඥතාව' යනුවෙන් නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.

පසුගිය වසර දෙක තුළ ශුද්ධෝත්තම පාප් වහන්සේ ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අවස්ථා කිහිපයකම පීඩා විඳි බව වාර්තා වුණා.

සිය ලෙයින් උපන් පුතු දැකීමත් පණිවිඩ යැවීමත් අවහිර වුණු ඉන්දීය හිටපු ක්‍රිකට් දැවැන්තයා 'ශිකර් ධවාන්ගේ' ඛේදවාචකයසිය දරුවන...
19/02/2025

සිය ලෙයින් උපන් පුතු දැකීමත් පණිවිඩ යැවීමත් අවහිර වුණු ඉන්දීය හිටපු ක්‍රිකට් දැවැන්තයා 'ශිකර් ධවාන්ගේ' ඛේදවාචකය

සිය දරුවන් සමඟ සන්නිවේදනය කිරීමට නොහැකි වීම මවකට සහ පියෙකුට විඳදරා ගැනීම අසීරුම වේදනාවකි.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවක් අතර සිය පුතුට කතා කිරීමටවත් නොහැකි ඔහුගේ ජීවිතයේ ඛේදජනක පැතිකඩක් පිළිබඳ හද සසල කරවන අනාවරණයක් කළා.

ශිකර් ධවාන් එහි දී වේදනාත්මකව සඳහන් කළේ සිය පුතුට සන්නිවේදනය කළ හැකි සියලුම මාර්ග අවහිර වී තිබියදීත් තවමත් ඔහුට කෙටි පණිවිඩ යවන බවයි. ශිකර්ගේ පුතු සොරාවර් එම පණිවිඩ කියවනවාද නැද්ද යන්නවත් නොදැන ඔහු දිගින් දිගටම පණිවිඩ තබන බව අනාවරණය කළේ සියලු දෙනා කම්පාවට පත් කරමිනි. සෑම දින තුන හතරකට වරක් ශිකර් අඛණ්ඩව පණිවිඩ තබන බව මෙහිදී පැවසුවා.

“මට ඔහු සතුටින් හා නිරෝගීව සිටීමට අවශ්‍යයි. මාව අවහිර කළත් මම තවමත් සෑම දින තුනකට හෝ හතරකට වරක් ඔහුට පණිවිඩ යවනවා. ඔහු ඒවා කියවයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු ඒවා කියවන්නේ නැත්නම් මට කමක් නැහැ. ළඟා වීම මගේ කාර්යයයි. මම එය දිගටම කරගෙන යනවා”

තම පුතාගෙන් වෙන්වීමේ වේදනාව ගැන විවෘත වූ ඔහු 11 හැවිරිදි සොරාවර්ව වසර දෙකක් තිස්සේ දැක නැති බවත්, පසුගිය වසර පුරා ඔහු සමඟ කතා කිරීමට නොහැකි වූ බවත් හෙළි කළා.

39 හැවිරිදි ධවාන් දික්කසාදයෙන් පසු ඔහුගේ ජීවිත අරගලය සහ වේදනාවන් මුදා හරිමින් "මම මගේ පුතාව දැකලා අවුරුදු දෙකක් ගත වෙලා, හැමතැනින්ම මාව අවහිර කරලා තියෙන නිසා මම අවසන් වරට ඔහුට කතා කරලා අවුරුද්දක් ගත වෙලා. ඒක අමාරුයි. නමුත් ඒ සමඟ ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. මට ඔහුව මග හැරෙනවා. එහෙත් ඔහු සමඟ අධ්‍යාත්මිකව කතා කරනවා" යැයි සඳහන් කළා.

2012 වසරේදී විවාහ වූ ශිකර් ධවාන් සහ බිරිඳ ඒෂා මුඛර්ජි 2023 ඔක්තෝබර් මාසයේදී දික්කසාද වූයේ ඔවුන්ගේ වසර 11 ක විවාහය අවසානය සනිටුහන් කරමිනි. එහිදී ක්‍රිකට් ක්‍රීඩකයාට සොරාවර්ගේ භාරකරීත්වය අහිමි වුණා. වීඩියෝ ඇමතුම් හරහා සම්බන්ධ වීමේ අයිතිය ලබා දී තිබියදීත් ඔහුට එසේ කිරීමට ඇති හැකියාවට බාධා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. දිල්ලි අධිකරණය මෙම යුවළට දික්කසාදය ලබා දී තිබුණේ මානසික කෲරත්වය පිළිබඳ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමිනි. ඒෂා සහ සොරාවර් දෙදෙනාම ඕස්ට්‍රේලියානු පුරවැසියන් වන අතර එහි පදිංචිව සිටින බවයි වාර්තා වන්නේ.

දිල්ලි අධිකරණය සිය තීන්දුවේදී කියා සිටියේ, වසර ගණනාවක් තම එකම පුත්‍රයාගෙන් වෙන්ව ජීවත් වීමට බල කිරීමෙන් ඒෂා, ශිකර් ධවාන්ට මානසික වේදනාවක් ඇති කර ඇති බවයි. “ඔහු (ධවාන්) තමාගේම වරදක් නොමැතිව වසර ගණනාවක් තම පුතාගෙන් වෙන්ව ජීවත් වීමේ දැඩි වේදනාවක් අත්විඳ තිබෙනවා යැයි නීතිඥයන් තර්කකර තිබුණා.

බිරිඳ එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඇය ඔහු සමඟ ඉන්දියාවේ ජීවත් වීමට සැබවින්ම කැමති වුවද පෙර විවාහයෙන් තම දියණියන් කෙරෙහි ඇති කැපවීම නිසා ඇයට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට සිදුව ඇති බවත් ඇයට ඉන්දියාවේ පදිංචියට පැමිණිය නොහැකි බවත් ප්‍රකාශ කර තිබුණා. එයින් ඇයට විවාහයෙන් පසු ඉන්දියාවේ විවාහය ගත කිරීමට නොහැකි වූ බවත් එම නිසා ශිකර්ට සිය දරුවා දැකගැනීමටත් නොහැකිව දැඩි වේදනා විඳීමට සිදුවු බව අධිකරණය ඉදිරියේ තහවුරු වුණා. එහෙත් දරුවාගේ ස්ථිර භාරකාරීත්වය පිළිබඳ නියෝගයක් මෙතෙක් අධිකරණයෙන් නිකුත් කර නැහැ.

ඒ වෙනුවට ඉන්දියාවේදී සහ ඔස්ට්‍රේලියාවේදී ඔහුව හමුවීමට අයිතිය පමණයි ශිකර්ට හිමි වුණේ. ධවාන් සහ ඔහුගේ පවුලේ අය සමඟ රාත්‍රියේ නවාතැන් ගැනීම සහ පාසල් නිවාඩු කාලය තුළ සංචාරය කිරීමේ අරමුණු සඳහා තම පුතා ඉන්දියාවට ගෙන එන ලෙස ද ඒෂාට අධිකරණයෙන් නියෝග කර ඇති බව සඳහන්ය.

"මම දැනටමත් ඔහු සමඟ සිටින බව, ඔහු සමඟ කතා කරන බව, ඔහු සමඟ සෙල්ලම් කරන බව මට දැනෙනවා. මම භාවනා කිරීමට වාඩි වන විට, මම ඒ දේවල් සිතින් මවා ගන්නවා. මගේ පුතාට දැන් වයස අවුරුදු 11 යි.. නමුත් මම ඔහුව දැකලා තියෙන්නේ ඔහුගේ ජීවිතයේ අවුරුදු දෙකහමාරක් පමණයි."

අවස්ථාවක් ලැබුණොත් තම පුතා සමඟ බෙදා ගන්නා ක්‍රිකට් මතකයන් මොනවාදැයි විමසූ විට ධවාන්ගේ ප්‍රතිචාරය ඉතා හැඟීම්බර වුණා. "මම මුලින්ම ඔහුව වැළඳ ගන්නවා. මම මුලින්ම ඔහු සමඟ කාලය ගත කරනවා. මට ඕන ඔහු කියන දේට සවන් දෙන්න. මගේ ඕනෑම ඉනිමක් ඔහුට පෙන්වීම මට කවදාවත් ඇති වී නැති සිතුවිල්ලක්. මම ඔහුට සවන් දෙන්නම්, ඔහු ගැන දැනගන්න. සමහරවිට ඔහු කඳුළු සැදුවොත් මම ඔහු සමඟ අඬාවි. මම ඔහු සමඟ මගේ කාලය භුක්ති විඳිනවා."

ශිකර් ධවාන් යනු ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වමත් ආරම්භක පිතිකරුවෙකු වන ඔහු දශකයක් පුරා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේදී දිල්ලි වෙනුවෙන් විශිෂ්ටතම එක්දින පිතිකරුවෙකු ලෙස කටයුතු කළ කීර්තිමත් ක්‍රීඩකයෙකි.

ගොඩ බෑමේදී උඩු යටිකුරු වූ ඩෙල්ටා එයාර්ලයින්ස් ගුවන් යානයේ සිදුවූ ආශ්චර්යමත් සිදුවීමටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොට...
19/02/2025

ගොඩ බෑමේදී උඩු යටිකුරු වූ ඩෙල්ටා එයාර්ලයින්ස් ගුවන් යානයේ සිදුවූ ආශ්චර්යමත් සිදුවීම

ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පෙබරවාරි 17 වන (සඳුදා) පුද්ගලයින් 80 දෙනෙකු සමඟ ගොඩ බැස්වූ ඩෙල්ටා එයාර් ලයින්ස් 4819 ගුවන් යානය ගොඩබෑමේදී අනතුරට පත් වී ධාවන පථයේ උඩු යටිකුරු වුණා.

කෙසේ වෙතත් යානයේ සිටි සියලුම මඟින් ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත් බව මාධ්‍ය වාර්තා පවසනවා.

මිනියාපොලිස් සිට ටොරොන්ටෝ දක්වා පැමිණි ගුවන් යානය පැයට සැතපුම් 40 දක්වා තද සුළං ඇතුළු දැඩි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දුන් බව වාර්තාවල දැක්වෙනවා.

අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දරුවෙකු ඇතුළු තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්ය.

මෙම සිද්ධිය පස්වරු 2:45 ට පමණ සිදු වූ අතර, පියර්සන් හි සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට හේතු වුණා. උඩු යටිකුරු වූ CRJ-900 ගුවන් යානයෙන් මගීන් ඉවත් කරන දර්ශන සහ ඡායරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

ග්‍රීක දෙවියකුට සමාන රිතික් රෝෂන්ටත් වඩා කඩවසම් රිතික්ගේ පුතාකඩවසම් හා අලංකාර අංග ලක්ෂණ නිසාම 'ග්‍රීක දෙවියකු' ලෙස හඳුන්...
19/02/2025

ග්‍රීක දෙවියකුට සමාන රිතික් රෝෂන්ටත් වඩා කඩවසම් රිතික්ගේ පුතා

කඩවසම් හා අලංකාර අංග ලක්ෂණ නිසාම 'ග්‍රීක දෙවියකු' ලෙස හඳුන්වනු ලබන රිතික් රෝෂන් මෑතක ලොව කඩවසම්ම පුරුෂ ලැයිස්තුවේ පස් වැනි ස්ථානයට පත් වුණා. ඔහු නිරන්තරයෙන් ඔහුගේ විශ්මයජනක පෙනුමෙන් ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ අතර මේ වන විට ඔහු ද ඉක්මවා ගිය ඔහුගේ පුතාගේ රූපයෙන් සියලු දෙනා මවිතයට පත්වී සිටිනවා.

රිතික් රෝෂන් සහ සුසෑන් ඛාන්ගේ පුතු දෙදෙනා වන්නේ රිදාන් රෝෂන් සහ රිහාන් රෝෂන් ය. ඔවුන් දෙදෙනාගෙන් රිදාන් රෝෂන් මෑතකදී පැවති 'ද රෝෂන්ස්' උළෙලට සහභාගී වීමෙන් පසු සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතා බහට ලක් වුණා. රිතික්ගේ දරුවන් නිතර මාධ්‍යවල දක්නට නොලැබෙන නිසාම කලකට පසු තරමක් උස් මහත් වී කඩවසම් නව යෞවනයකු බවට පත්ව සිටින රිදාන් ගේ පෙනුම ඔහුගේ පියාට ද දෙවැනි වන බව පෙනෙන්ට තිබීම ඊට හේතුවයි.

රෝෂන්ස් සැමරුමේ දී සැමගේ අවධානය දිනා ගත්තේ රීදන්ය. මේ සමඟ පියාගේ සහ මවගේ ජාන උරුමය බෙදා ගනිමින් දැවැන්ත තිරයට උචිත රුවකට හිමිකම් කියන, පාරම්පරික සිනමා උරුමය ඇති රිදාන් බොලිවුඩ්යට පැමිණීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවට අනාවැකි පළ වීමට පටන් ගෙන තිබෙනවා. ඔහු රෝෂන් පරපුරේ බොලිවුඩයේ මීළඟ සුපර් ස්ටාර් වනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙන්නේ.

තවත් අය ඔහුගේ රුව ඇමරිකානු සහ ප්‍රංශ රංගන ශිල්පියෙකු වන තිමෝති චලමෙට්ගේ රුවට සමාන කර ඇති අයුරු දක්නට ලැබෙනවා. "රිතික්ගේ පුතා ඔහුටත් වඩා කඩවසම්" ඉන්දියානුවන්ගේ ආදරය රිදාන් වෙත ලැබී තිබුණේ ඒ අකාරයටයි.

මීට පෙර ඔහුගේ මව වන සුසෑන් රිදාන් හා රිහාන්ගේ ඡායාරූප කිහිපයක් ඇගේ ඉන්සටග්‍රෑම් ගිණුමේ යාවත්කාලීන කර තිබුණා. ඔහු තම පියාගේ අඩිපාරේ යාම හෝ තමන්ගේම මාවතක් තෝරා ගනීද යන්න මෙතෙක් අනාවරණය කර නැහැ. එසේ වුවත් රිදාන් මෙන්ම රිහාන් ඉදිරියේ දී දිගටම මාධ්‍යවල සිරස්තල බවට පත් වෙනු ඇති බව නම් නිසැකය.

́echalamet

සපත්තුවලට දැඩි ලෙස පෙම් බඳින රන්බීර් සිහින සපත්තු හා විලාසිතා බ්‍රෑන්ඩ් එක එළිදක්වයි.. ප්‍රවර්ධනය නොමිලේ ගෙදරින්රන්බීර් ...
18/02/2025

සපත්තුවලට දැඩි ලෙස පෙම් බඳින රන්බීර් සිහින සපත්තු හා විලාසිතා බ්‍රෑන්ඩ් එක එළිදක්වයි.. ප්‍රවර්ධනය නොමිලේ ගෙදරින්

රන්බීර් කපූර් පෙබරවාරි 14 වැනිදා ඔහුගේ විලාසිතා සන්නාමය ලෙස ARKS එළිදැක්වුවා.

ARKS යනු රන්බීර් දිගු කලක් දුටු සිහිනයක් සැබෑවීමක්. දශකයක් තිස්සේ සංවර්ධනය කළ ඔහුගේ මෙම සන්නාමය සපත්තු සහ ඇඳුම් විලාසිතා සඳහා ප්‍රමුඛත්වයක් දෙයි. මේ අනුව පළමු ARKS වෙළඳසැල මුම්බායි හි බටහිර බන්ඩ්‍රා ප්‍රදේශයේ දී විවෘත කෙරුණා.

ඉතින් මෙම සන්නාමය ප්‍රමෝට් කිරීමට ඔහුගේ නිවසින්ම සම්පත් දායකයන් සොයා ගැනීමට තරම් රන්බීර් වාසනාවන්ත වුණා.

බොලිවුඩයේ සුපිරි තරුවක් වන ආලියා බාත් ඒ සඳහා අය කරන මුදල අනාවරණය කර නැතත් සිය සැමියාගේ අලුත්ම බ්‍රෑන්ඩ් එකේ කැප් සහ සපත්තු පැළඳගෙන එම ඡායාරූප ඇගේ ඉන්සටග්‍රෑම් ගිණුමේ නොමිලේම බෙදාගෙන තිබුණා.

රන්බීර් සහ විලාසිතා අතර ඇත්තේ දැඩි බැඳීමක් වන අතර ඔහු සපත්තුවලට දැඩි ලෙස පෙම්කරන්නෙකි. "මම සපත්තු වලට ආදරෙයි. මගේ පළමු සපත්තු යුගලය ලැබුණු විට මං ඒවා දැම්මෙවත් නෑ.. පෙට්ටියක දාල බල බලා හිටියා. මට ඒ හැඟීම කිසිදාක අමතක වෙන්නේ නැහැ. එය සිප් එකක් සහිත කළු පැහැති සපත්තුවක්. මම පාසලෙන් ගෙදර ඇවිත් ඒවා දෙස බැලුවා. එය ඒ කාලයේ මා සතු වටිනාම දෙයක් වුණා."

ඔහු මුම්බායි හි විචිත්‍රවත් වීදි හරහා බයිසිකලයෙන් ගමන් කරන අතරතුර ඔහුගේ පළමු විලාසිතා අත්දැකීම් ආදරයෙන් සිහිපත් කරන හෘදයාංගම ප්‍රවර්ධන වීඩියෝවක් ද බෙදාගෙන තිබෙනවා.

ජනප්‍රිය නිළි ජුලියන් මෝර්ගේ ළමා කෘතියක් ට්‍රම්ප් පාලනය තහනම් කරයිජනප්‍රිය රංගන ශිල්පිනියක වන ජූලියන් මෝර් (Julianne Moo...
18/02/2025

ජනප්‍රිය නිළි ජුලියන් මෝර්ගේ ළමා කෘතියක් ට්‍රම්ප් පාලනය තහනම් කරයි

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ජූලියන් මෝර් (Julianne Moore) විසින් රචිත අර්ධ ස්වයං චරිතාපදාන පොතක් ට්‍රම්ප් පරිපාලනය තහනම් පොත් ලැයිස්තුවට එකතු කර නු ලැබුවා.

Freckleface Strawberry ඇකඩමි සම්මානලාභී 64 හැවිරිදි ජූලියන්ගේ ප්‍රථම කෘතිය ලෙස සැලකෙනවා. දරුවෙකු තම ලප කැළැල් වැළඳ ගැනීම පිළිබඳ කතාවක් ඇතුළත් වන Freckleface Strawberry ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පාසල්වලින් (DoD) තහනම් කර ඇති බව පසුගිය දා වාර්තා වුණා.

'තම ලප කැළැල් වලට අකමැති නමුත් අවසානයේ ඒවා සමඟ ජීවත් වීමට ඉගෙන ගන්නා අවුරුදු හතක ගැහැණු ළමයෙකු පිළිබඳ' කතාවක් දැක්වෙන සිය කෘතිය තහනම් කිරිම පිළිබඳ තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බව ඇය පවසා තිබෙනවා.

'මෙය මගේ දරුවන්ට සහ අනෙකුත් දරුවන්ට අප සියල්ලන්ම අරගල කරන නමුත් අප සියලු දෙනා මනුෂ්‍යත්වය මඟින් එක්සත් කරන බව මතක් කර දීම සඳහා මම ලියූ පොතකි.'

DoD පන්ති කාමරවල පොත තහනම් කිරීමට ගත් තීරණය පැමිණෙන්නේ විවිධත්වය, සමානාත්මතාවය පිළිබඳ ඉගැන්වීම් වැළැක්වීම සඳහා පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක වීම මධ්‍යයේය.

සංක්‍රාන්ති ලිංගික සහ සංක්‍රමණ ගැටළු වැනි අනෙකුත් මාතෘකා මේ වන විටත් බොහෝ පාසල්වල තහනම්ය.

ලොව වටා සංචාරය අතර ශකීරා හදිසියේ රෝහල් ගත කරයිකොලොම්බියානු ගායිකා ශකීරා, දරුණු උදර වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා....
18/02/2025

ලොව වටා සංචාරය අතර ශකීරා හදිසියේ රෝහල් ගත කරයි

කොලොම්බියානු ගායිකා ශකීරා, දරුණු උදර වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

ශකීරා මෑතකදී ඇගේ Las Mujeres Ya No Lloran ඇල්බමයට සමගාමීව ලෝක මට්ටමේ සංචාරයක් ආරම්භ කළ අතර ඇය හදිසියේ අසනීපවී ඇත්තේ එම ප්‍රසංග මාලාව අතරතුරදීය.

මේ අනුව පේරු හි පැවැත්වීමට නියමිතව තිබූ ඇගේ ප්‍රසංගය කල් දැමීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.

ශකීරා ඉන්ස්ටග්‍රෑම්හි හා X හි ඇගේ සෞඛ්‍ය තත්ත්වය බෙදා ගනිමින් සෙනසුරාදා (පෙබරවාරි 15) රාත්‍රියේ හදිසි ප්‍රතිකාර ඒකකයට යාමට සිදු වූ බවත් තවමත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටින බව සඳහන් කර තිබුණා.

වෛද්‍යවරු ඇයට වේදිකාවට නැගීම සුදුසු නොමැති බවත් විවේක ගත යුතු බවත් නිර්දේශ කර තිබෙනවා.

ප්‍රසංගය කල් දැමීම ගැන ඇය පේරු රසිකයන් වෙත ඇගේ දැඩි කණගාටුව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. ශකීරා පෙබරවාරි 11 වන දින රියෝ ද ජැනයිරෝ හිදී ප්‍රසංග මාලාවක් ඔස්සේ ලොව වටා සංචාරයක් ආරම්භ කළා.

තමා සමලිංගිකයෙකු බව පිළිගත් ලොව ප්‍රථම මුස්ලිම් පූජකවරයා මහමඟ ඝාතනය වේලෙස්බියන් විවාහ මංගල්‍යයක් පැවැත්වූ බවට චෝදනා එල්ල...
18/02/2025

තමා සමලිංගිකයෙකු බව පිළිගත් ලොව ප්‍රථම මුස්ලිම් පූජකවරයා මහමඟ ඝාතනය වේ

ලෙස්බියන් විවාහ මංගල්‍යයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වූ ලොව ප්‍රථම ප්‍රසිද්ධ සමලිංගික මුස්ලිම් පූජකවරයා (ඉමාම්වරයා) ඔහුගේ රිය තුළ වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

57 හැවිරිදි මුහ්සින් හෙන්ඩ්‍රික්ස් (Muhsin Hendricks) දකුණු අප්‍රිකානු නගරයක් වන Gqeberha හි ගමන් කරමින් සිටියදී සෙනසුරාදා උදෑසන ඝාතනය කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙම මුස්ලිම් පූජකවරයා කේප්ටවුන් හි මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන ගිය අතර එය LGBTQ මුස්ලිම්වරුන්ට ආරක්ෂිත තෝතැන්නක් ලෙස ක්‍රියාත්මක වුණා.

කේප්ටවුන් හි වින්බර්ග් තදාසන්න ප්‍රදේශයේ මස්ජිදුල් ගුර්බා පල්ලිය පවත්වාගෙන යන ඔහුගේ Al-Ghurbaah පදනම, සෙනසුරාදා උදෑසන ඉලක්කගත ප්‍රහාරයකින් ඔහු මිය ගිය බව තහවුරු කළ බව BBC ප්‍රවෘත්ති වාර්තා කර තිබෙනවා.

ප්‍රහාරයේ කම්පන සහගත සීසීටීවී දර්ශනවලට අනුව හෙන්ඩ්‍රික්ස් පුජකවරයාගේ වාහනය අවහිර කරනු ලබන කැබ් රථයකින් බැස ගත් ඝාතකයින් ඔහුට වෙඩි තබා පළ යන ආකාරය දැකගත හැකියි. තහවුරු නොකළ වාර්තා පවසන්නේ හෙන්ඩ්‍රික්ස් මහතා ලෙස්බියන් විවාහ මංගල්‍යය උත්සවයක් පැවැත්වීමෙන් පසු ඉලක්ක කර ඇති බවයි.

ඔහුගේ මරණය ලොව පුරා LGBTQ ප්‍රජාවට ප්‍රබල කම්පනයක් ඇති කර තිබෙනවා. පූජක හෙන්ඩ්‍රික්ස් ප්‍රථම වතාවට 1996 දී සමලිංගිකයෙකු ලෙස එළියට පැමිණියේ දකුණු අප්‍රිකාවේ සහ පුළුල් ලෝකයේ මුස්ලිම් ප්‍රජාව කම්පනයට පත් කරමිනි.

එම වසරේ ඔහු ඔවුන්ගේ ඇදහිල්ල සහ ලිංගිකත්වය ඒකාබද්ධ කිරීමට උත්සාහ කරන සමලිංගික මුස්ලිම්වරුන්ට සහාය සහ ආරක්ෂිත අවකාශයක් සපයන සංවිධානයක් වන The Inner Circle ආරම්භ කිරීමට ද මුල් වුණා.

2022 දී හෙන්ඩ්‍රික්ස් පූජකවරයා "The Radical" නම් වාර්තා චිත්‍රපටයටද තේමා වූ අතර එහි ඔහු මුහුණ දුන් තර්ජන ගැන පවසා තිබුණේ 'අව්‍යාජ වීමේ අවශ්‍යතාවය මිය යාමට ඇති බියට වඩා විශාලයි' යනුවෙනි.

ප්‍රධාන බිරින්දෑවරු තිදෙනාට අමතර සිව්වැනියෙකුගෙන් ඊලොන් මස්ක්ගේ 13 වැනි දරුවාත් වාර්තා වේපසුගිය සිකුරාදා ඊලොන් මස්ක්ට අය...
18/02/2025

ප්‍රධාන බිරින්දෑවරු තිදෙනාට අමතර සිව්වැනියෙකුගෙන් ඊලොන් මස්ක්ගේ 13 වැනි දරුවාත් වාර්තා වේ

පසුගිය සිකුරාදා ඊලොන් මස්ක්ට අයත් X වේදිකාවට පැමිණි ඈෂ්ලි සෙන්ට් ක්ලෙයාර් නම් කාන්තාවක් තැබූ පණිවිඩය මෙසේය.

"මාස පහකට පෙර මම ලෝකයට අලුත උපන් බිළිඳෙකු පිළිගත්තා. පියා ඊලොන් මස්ක්" යනුවෙන් ලතින් වාක්‍ය ඛණ්ඩයක් සමඟ Alea iacta est (The die is cast) එහි සටහන් වී තිබුණා.

ඇය එම සටහනෙහි පවසන ආකාරයට ඇය මෙතෙක් තොරතුරු රහසිගතව තබා ගෙන ඇත්තේ දරුවාගේ ආරාක්ෂාව වෙනුවෙනි. එහෙත් ටැබ්ලොයිඩ් පුවත්පත් එය පළ කිරීමට සූදානම් බව දැන ගැනීමෙන් පසු ඇය මේ බව ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබෙනවා.

පසුව සෙන්‍ට් ක්ලෙයාර්, සෙනසුරාදා නිව් යෝර්ක් පෝස්ට් වෙත පැවසුවේ තම පුතාගේ නම රහසක් ලෙස තබා ගැනීමට ගත් තීරණය ගැන “කිසිවක් වෙනස් නොකරන” බවයි.

මාස කිහිපයකට පෙර මස්ක්ගේ දරුවාට උපත ලබා දුන් බව පැවසූ නමුත් මස්ක්, දරුවාගේ පැවැත්ම හෝ ඔවුන්ගේ සම්බන්ධතාවය හඳුනා නොගෙන රහසක් ලෙස තබා ගැනීමට වසරක් පුරා දැරූ උත්සාහය ඇයට බරක් වූ බව ඇය කියා සිටියා.

කන්සර්වේටිව් බලපෑම් කරන්නියක් සහ හිටපු වෙබ් ලේඛිකාවක් වන ඈෂ්ලි සෙන්ට් ක්ලෙයාර් ටිවිටර්හි සෘජු පණිවිඩ මාර්ගයක් (DM) ඔස්සේ ඊලොන් මුණ ගැසුනු බවයි කියන්නේ. ඊට පෙර ඔහු පිළිබඳ පැවතියේ සීමිත දැනුමක් පමණක් යැයි ඇය පවසනවා. ඉන් පසු ඇයගේ වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයා මාර්ගයෙන් පැය 48ක් තුළ ඇයව සැන්ෆැන්සිස්කෝ වෙත ගෙන්වා ගැනීමට ඊලෝන් කටයුතු කළ බවට ඇය පාපෝච්චාරනය කර තිබෙනවා. මස්ක් ඇගේ ගැබ් ගැනීම රහසක් ලෙස තබා ගැනීමට නියෝග කළ බවත් එය සදහටම රහසක් ලෙස තබා ගැනීමට තමාගෙන් ඉල්ලීම් කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් වන The Sun ඈෂ්ලිගේ වයස අවුරුදු 26 ක් බව සඳහන් කරන අතර නිව්යෝර්ක් පෝස්ට් වාර්තා කරන ආකාරයට ඇයගේ වයස අවුරුදු 31 කි.

ලෝක ප්‍රකෝටිපති ලැයිස්තුවේ ඉහළින්ම සිටින ඊලොන්ට දශක දෙකක් තුළ විවිධ කාන්තාවන් තිදෙනෙකු හරහා දරුවන් 12 දෙනෙකු බිහි කළ කර ඇති බව ලෝකයට රහසක් නොවේ.

ජනප්‍රිය ළාබාල කොරියානු තරුව නිවසේදී අබිරහස් ලෙස මියගිහින්'Listen to My Heart', 'The Queen's Classroom' සහ 'Hi! School-L...
18/02/2025

ජනප්‍රිය ළාබාල කොරියානු තරුව නිවසේදී අබිරහස් ලෙස මියගිහින්

'Listen to My Heart', 'The Queen's Classroom' සහ 'Hi! School-Love On' වැනි කොරියානු නාට්‍යවල කැපී පෙනෙන චරිත නිරූපණය කළ දකුණු කොරියානු නිළි කිම් සේ-රොන් (Kim Sae-ron) 2025 පෙබරවාරි 16 වන දින ඇගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

ඇය මිය යන විට 24 වැනි වියේ පසුවුණා.

වාර්තාවලට අනුව, ඇය හමුවීමට නියමිතව සිටි මිතුරෙකු ඇගේ සිරුර සොයාගෙන බලධාරීන්ට දැනුම් දීමෙන් පසු හදිසි සේවා ඇගේ නිවසට පැමිණ ඇති බව සඳහන් වෙනවා..

බලහත්කාරයෙන් කිසිවකු නිවසට ඇතුළු වූ බවට කිසිදු සලකුණක් නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ. එහෙත් මරණයට හේතුව තීරණය කිරීම සඳහා පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව කොරියානු මාධ්‍ය පවසනවා.

මෙම පුවත දකුණු කොරියානු විනෝදාස්වාද කර්මාන්තය පුරා කම්පනයක් මතු කර ඇති අතර ඇගේ සගයන් සහ රසිකයන් ඔවුන්ගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කරමින් සිටිනවා.

2000 ජූලි 31 වන දින උපත ලැබූ කිම් සේ-රොන් ඇගේ රංගන දිවිය ආරම්භ කළේ වයස අවුරුදු නවයේදීය. 'A Brand New Life' (2009) සහ 'The Man From Nowhere' (2010) වැනි ප්‍රශංසනීය නිර්මාණවලට දායක වීම තුළින් ඇ‍ය ඉක්මණින් කොරියාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල ආදරයට පාත්‍ර වුණා. ඇය නව යොවුන් වියට පා තබන විට කිම් 'A Girl at My Door' (2014) සහ 'Secret Healer' (2016) රූපවාහිනී කතා මාලාවල ප්‍රධාන භූමිකාවන් නිරූපනය කිරීමට ලැබුණේ ඇය සතු කැපී පෙනෙන රංගන භාවිතාව නිසාය.

කෙසේ වෙතත් ඇය මෑත වසරවලදී සැලකිය යුතු පෞද්ගලික සහ වෘත්තීය අභියෝගවලට මුහුණ දුන් බව වාර්තා පවසනවා. 2022 මැයි මාසයේදී, ඇය සෝල් හි බීමතින් රිය පැදවීමේ සිද්ධියකට සම්බන්ධ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු දේපළ හානි සිදු වූ අතර ඇයට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ද සිදු වුණා. එම සිද්ධියෙන් පසු කිම් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇගේ රංගන ජීවිතයෙන් පවා ඉවත් වූ බව වාර්තාවල දැක්වෙනවා.

පසුව ඇය මූල්‍යමය දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ජීවිතය ගැට ගසා ගැනීම සඳහා අර්ධකාලීන රැකියා පවා සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඇගේ රංගන ජීවිතය නැවත පණ ගැන්වීමට කටයුතු කරමින් සිටියත් සෞඛ්‍ය ගැටලු කිහිපයක් නිසා එය ද අසාර්ථක වූ බව පැවසෙනවා. 2023 දී නිකුත් කරන ලද 'Bloodhounds' ඇගේ අවසාන නිර්මාණයයි.

කැරීබියානු වෙරළ තීරයක ෆොටෝ ගසමින් සිටි කාන්තාවකගේ අත් දෙකම මෝරෙක් ඩැහැගෙනකැරිබියානු වෙරළ තීරයක කාන්තාවක් ඡායාරූපයක් ගනිම...
18/02/2025

කැරීබියානු වෙරළ තීරයක ෆොටෝ ගසමින් සිටි කාන්තාවකගේ අත් දෙකම මෝරෙක් ඩැහැගෙන

කැරිබියානු වෙරළ තීරයක කාන්තාවක් ඡායාරූපයක් ගනිමින් සිටියදී මෝරෙකු ඇගේ දෑත් සපා කෑ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කැනේඩියානු ජාතිකයෙකු බව සැලකෙන 55 හැවිරිදි කාන්තාව මෙම පහර කෑමට ගොදුරු වුණේ පසුගිය සිකුරාදාය. තොම්සන්ස් කෝව් අසල නොගැඹුරු වෙරළ තීරයේ දී ඇය මෙම අනතුරට ගොදුරු වූ බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

බලධාරීන්ට අනුව, කාන්තාවට පහර දුන් මෝරා අඩි 6 ක් පමණ දිග කොල්ලකාරී මත්ස්‍යයෙකි.

ඇයගේ එක් අතක් මැණික් කටුවට පහළින් කපා දමා ඇති අතර අනෙක් අත අඩක් ඉහළට කපා දමා ඇති බව වාර්තා පවසනවා.

ඇය මේවන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කැනඩාවට ආපසු රැගෙන ගොස් තිබෙනවා.

විශේෂය තහවුරු කර නොතිබුණද, මාධ්‍ය වාර්තා යෝජනා කළේ පහර දුන් මත්ස්‍යා බුල් වර්ගයේ මෝරෙකු බවයි.

බියට පත් ඇගේ සැමියා මෝරා නැවත පහර දීමට පෙර එළවා දැමීමට උත්සහ කර ඇති බවද සඳහන් ය.

පහර දීමට පෙර මෝරා, විනාඩි 40 ක් පමණ ප්‍රදේශයේ පිහිනමින් සිටි බව ද වාර්තා වෙනවා.

ජැකලින්ට හිරේ ඉන්න වැලන්ටයින් එව්ව ගිෆ්ට් එකබන්ධනාගාරගතවී සිටින සුකේෂ් චන්ද්‍රශේකර් මෙවර වැලන්ටයින් දිනය නිමිත්තෙන් ඔහු ...
17/02/2025

ජැකලින්ට හිරේ ඉන්න වැලන්ටයින් එව්ව ගිෆ්ට් එක

බන්ධනාගාරගතවී සිටින සුකේෂ් චන්ද්‍රශේකර් මෙවර වැලන්ටයින් දිනය නිමිත්තෙන් ඔහු පෙම්වතිය ලෙස සලකන බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් වෙත තෑගි කළේ Gulfsteam වර්ගයේ ජෙට් යානයක්.

ඒ සමඟ සුපුරුදු පරිදි ලියුම් කඩදහියක්ද ඇය වෙත එවීමට ඔහු අමතක කර නැහැ.

"බබා, මගේ වැලන්ටයින්, ජැකී මම ඔයාට පිස්සුවෙන් වගේ ආදරෙයි, අපි ආදරය කරන්න පටන් ගත්තු වැලන්ටයින් දවසෙ මම ඔයාව පුදුම නොකර ඉන්නෙ කොහොමද?" වගේ දේවල් තමයි ඒ ලිපියෙ මේ පාරත් ලියලා තිබුනේ.

සුකේෂ් ජැකලින්ට එවූ ජෙට් එකේ ඇගේ මුලකුරුවන JF, සටහන් කරඇති බවද ලිපියේ සඳහන්.

සුකේෂ් චන්ද්‍රශේකර් දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් 2015 සිට සිරගතව සිටින අතර ජැකලින්ගේ උපන්දින හා වැලන්ටයින් වැනි විවිධ වැදගත් දිනවලදී වටිනා තෑගි එවීම පුරුද්දක් කර ගත්‍තෙකි.

මහා වැස්සක් වස්සවා දේවත්වයට පත් වූ අමිතාබ් බච්චන්ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් විසින් අමිතාබ් බච්චන් අර්ධ දේවතාවෙකු ලෙස සලක...
17/02/2025

මහා වැස්සක් වස්සවා දේවත්වයට පත් වූ අමිතාබ් බච්චන්

ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් විසින් අමිතාබ් බච්චන් අර්ධ දේවතාවෙකු ලෙස සලකනු ලැබුවද එක් නගරයක වැසියන් ඔහුව පූර්ණ වශයෙන් දෙවියෙකු ලෙස සලකනවා.

ඒ ජයිසල්මර් නගරයේ මිනිසුන්ය. මෑතක සම්මුඛ සාකච්ඡාවකදී අධ්‍යක්ෂ අපූර්වා ලඛියා ඊට හේතුව පහදමින් බච්චන් නගරයට පැමිණීමෙන් පසු නියඟයක් අවසන් වූ ආකාරය පැහදිලි කර තිබුණා.

මෙම සිදුවීම සිදුවුණේ Mumbai Se Aaya Mera Dost in Jaisalmer චිත්‍රපටයේ රූගත කටයුතු සඳහා අභිෂේක් බච්චන් ඇතුළු කණ්ඩායම ජයිසල්මර් නගරයේ රූගත කිරීම්වලට සහභාගී වී සිටි අවස්ථාවේදීය.

එම අවස්ට්ථාවේ අමිතාබ් බච්චන් පවුලේ අය සමඟ එහි පැමිණියේ අභිෂේක් හමුවීමටය.

"අපි Mumbai Se Aaya Mera Dost in Jaisalmer රූගත කරමින් සිටියා. ඒ වන විට එහි දැඩි නියඟයක් තිබුණා. අපි කාන්තාරයේ තැනක රූගත කරමින් සිටියා"

බච්චන්ගේ රිය පෙරහැර ළඟා වන විට, ලගාන් හි දර්ශනය මෙන් අහසේ අඳුරු වලාකුළු ඇති වීමට පටන් ගත් බව අපූර්වා පැවසුවා. ඔහු මෝටර් රථයෙන් බැස අහිෂේක්ව වැළඳ ගන්නා විට වැස්සක් ආරම්භ වුණා. "ඔබ එය විශ්වාස කරන්නේ නැහැ, මම මගේ මවගේ ජීවිතය ගැන දිවුරනවා, ඔහු දර්ශන තලයට ආවා. වලාකුළු ඇති වීමට පටන් ගත්තා. ඔහු මෝටර් රථයෙන් බැස අභිෂේක්ව වැළඳ ගත්තා. හිම කැට වැස්සක් ඇති වුණා"

"ගංගා උතුරා යන මට්ටමට වැස්ස පටන් ගත්තා" ඊට පස්සේ හෝටලයෙන් පිටත, දෙවියන් ඇවිත් කියලා ඔහුගේ පාද අල්ලලා වඳින්න 40,000-50,000ක් විතර මිනිස්සු රැස්වෙලා හිටියා. ජයිසල්මර් වල තද නියඟයක් තිබුණේ, ඔහුගේ පැමිණීමෙන් පසු ගංගා පිටාර ගැලුවා. මම ඒක මගේ ඇස් දෙකෙන්ම දැක්කා.”

අහම්බෙන් සිදු වූවක් වුවද මෙම සිදුවීම මහා තරුවේ ප්‍රබල බලපෑමෙන් සිදුවූවක් බවට නගරය තුළ දැඩි විශ්වාසයක් ඇති වුණ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. අපූර්වා පසුව 2005 දී Ek Ajnabee චිත්‍රපටයේ අමිතාබ් සමඟ වැඩ වැඩ කළ බව සඳහන්ය.

Address

Angoda

Alerts

Be the first to know and let us send you an email when Lakvahini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakvahini:

Share