UniK Radio

UniK Radio වෙබ් අවකාශයේ සරසවි හ​ඩ

"ටෙලි ගී මතක"ටෙලි ගී කලාවේ රස මතක අවුස්සන හැන්දෑව🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸📻 වෙබ් අවකාශයේ සරසවි හඬ... යුනික් රේඩියෝ අහන්​න......
10/01/2025

"ටෙලි ගී මතක"

ටෙලි ගී කලාවේ රස මතක අවුස්සන හැන්දෑව
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
📻 වෙබ් අවකාශයේ සරසවි හඬ... යුනික් රේඩියෝ අහන්​න...

⏰ සිකුරාදා අද සව​ස 03.00 ​ට
🎧 👉 https://ss.kln.ac.lk/depts/maco/
▶️ නිෂ්පාදනය - සතුෂ්ක ජයවර්ධන
▶️ මෙහෙයවීම - ඉමාෂා අංජලි සමග රවීනා අනුපමා

✅ DOWNLOAD APP - Radio Garden යෙදවුම තුළින් UniK Radio සවන් දීමේ අවකාශය දැන් ඔබට පවතී. පහත සබැඳිය හරහා Radio Garden යෙදවුම භාගත කරගත හැකිය.
👉 https://play.google.com/store/apps/details...
පරික්ෂා කිරීම සඳහා 👇
https://radio.garden/visit/kelaniya/iitTJp3X
Tiktok follow us - https://www.tiktok.com/?lang=en

"විනිස''Clean ශ්‍රී ලංකාවකට ඔබත් සූදානම්ද?🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸📻 වෙබ් අවකාශයේ සරසවි හඬ... යුනික් රේඩියෝ අහන්​න...⏰ අද සව...
09/01/2025

"විනිස''
Clean ශ්‍රී ලංකාවකට ඔබත් සූදානම්ද?
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
📻 වෙබ් අවකාශයේ සරසවි හඬ... යුනික් රේඩියෝ අහන්​න...

⏰ අද සව​ස 03.00 ​ට
🎧 👉 https://ss.kln.ac.lk/depts/maco/
▶️ නිෂ්පාදනය - සතුෂ්ක ජයවර්ධන
▶️ මෙහෙයවීම - අසිත කාංචන

✅ DOWNLOAD APP - Radio Garden යෙදවුම තුළින් UniK Radio සවන් දීමේ අවකාශය දැන් ඔබට පවතී. පහත සබැඳිය හරහා Radio Garden යෙදවුම භාගත කරගත හැකිය.
👉 https://play.google.com/store/apps/details...
පරික්ෂා කිරීම සඳහා 👇
https://radio.garden/visit/kelaniya/iitTJp3X
Tiktok follow us - https://www.tiktok.com/?lang=en

07/01/2025

ලියතඹරා..

07/01/2025

ගලන ගඟක. රළ වාගේ...නිමාවක් නෑ නේ…! 🥰

31/12/2024
ප්‍රියා සූරියසේන ගී මතක...සිංදු විතරක් අහන්න!දෙසැ.27 සිකුරාදා (අද) සවස 6.00 ට, Unik Radio ඔස්සේ සජීවීව..
27/12/2024

ප්‍රියා සූරියසේන ගී මතක...
සිංදු විතරක් අහන්න!
දෙසැ.27 සිකුරාදා (අද) සවස 6.00 ට, Unik Radio ඔස්සේ සජීවීව..

06/12/2024

🎙️🎧 AI ගී.....
වෙබ් අවකාශයේ සරසවි හඬ.. UniK Radio
ගී කලාවේ තාක්‍ෂණික හඬ මුසුව..🎙️🎧

පින්න වැටෙන මේ යාමේ
නුබේ නමින් මතක පොතට
එක් අරුතක් එක් කරන්න
අවසරයිද නුබේ නමට.....

කතා කරපු ඒ ඇස් දෙක
පවසන්නේ හේතු සහිත
ඉගියක්දෝ සිතෙන්නෙ මට
අතරමං වී නුබේම ලග

කුලුදුල් මුත් ප්‍රථම ප්‍රේමේ
ඉගියයි ඒ නෙත් තාලේ
අවසරදෝ නුබේ නමට
පලමු හාදුවේ තෙමෙන්න

නුබේ සෙනේ දැනෙන තාලේ
පවසන්නේ නුබේම වග
කෙදිනක හෝ නුබේ පතිනිය
වන්නද මම කුලුදුලේම

පින්න වැටෙන මේ යාමේ
නුබේ නමින් මතක පොතට
එක් අරුතක් එක් කරන්න
අවසරයිද නුබේ නමට....

පද රචනය:- ✍️ හංසිනී හල්විතාන
නිෂ්පාදනය - සතුශ්ක ජයවර්ධන
SUNO AI යෙදවුම මගින් නිර්මාණය කරන ලද ගීතයකි.

02/12/2024

🎙️🎧 AI ගී.....
වෙබ් අවකාශයේ සරසවි හඬ.. UniK Radio
ගී කලාවේ තාක්‍ෂණික හඬ මුසුව..🎙️🎧

ඉතින් ප්‍රේමිය අවසරයි නම් මට යන්න දුර ඈත
කදුළු ගනු බෑ දෙනෙත් මත්තට වූ පොරොන්දුව විලස
එක්ව යන්නට අල්ලගත් අත උමන්දාවේ පෙරදාක
අතැර යන්නට සිදු වුණේ ඇයි අතරමග දිනක...

සැලූ සලඹ හඩ සවන් වැටුණම මම හැරී බැලුවා
දෙනෙත් මත්තේ සිනාවක් ගෙන ඔබ රැදී උන්නා
තැබූ තිලකය නළල මැද්දේ රූ රටා මැව්වා
දෙව්ලොවින් ආ සුරගනක් දෝ මං මගෙන් ඇහුවා...

ඉතින් ප්‍රේමිය අවසරයි නම් මට යන්න දුර ඈත
කදුළු ගනු බෑ දෙනෙත් මත්තට වූ පොරොන්දුව විලස
එක්ව යන්නට අල්ලගත් අත උමන්දාවේ පෙරදාක
අතැර යන්නට සිදු වුණේ ඇයි අතරමග දිනක...

කැරලි කොණ්ඩය දග කරන විට සුළග එක්කම පොරබදා
කනේ රැදවූ පිච්ච මල නම් ඔහේ බලාගෙන උන්නා
මෙයින් මතුවට කිසි දිනෙක අපි නොදකිනා හින්දා
කනේ රැදවූ පිච්ච මල මට දෙනවාද බෑ නොකියා...

මෙයින් මතුවට කිසි දිනෙක අපි නොදකිනා හින්දා
කනේ රැදවූ පිච්ච මල මට දෙනවාද බෑ නොකියා...

පද රචනය - ✍️ සෞම්‍යා ලියනගේ
නිෂ්පාදනය - සතුශ්ක ජයවර්ධන
SUNO AI යෙදවුම මගින් නිර්මාණය කරන ලද ගීතයකි.

29/11/2024

🎙️🎧 AI ගී.....
වෙබ් අවකාශයේ සරසවි හඬ.. UniK Radio
ගී කලාවේ තාක්‍ෂණික හඬ මුසුව..🎙️🎧

නිසල සද එළියේ.....
ඔබ සිතට එයි රහසේ...
මතක මා මත්තේ ඇවිදින්....
මුලා කරවයි තුන්යාමයේ...

ඔබගේ පහසේ දැනෙන සෙනහස
නිසල කරවයි මගේ හදවත
ප්‍රේමයේ සද එළිය නුඹ වී
එළිය කරවයි මගේ මුලු ලොව

නිසල සද එළියේ.....
ඔබ සිතට එයි රහසේ...
මතක මා මත්තේ ඇවිදින්....
මුලා කරවයි තුන්යාමයේ...

සිහින අතරේ රහසින්ම නුබ
සැරිසරයි ආලෙන් වෙලී
ආදරේ සුබ පැතුම ඔබ වී
අවසරයි එනු මැන ඉතින්

නිසල සද එළියේ.....
ඔබ සිතට එයි රහසේ...
මතක මා මත්තේ ඇවිදින්....
මුලා කරවයි තුන්යාමයේ...

පද රචනය - ✍️ අනුත්තරා පතිරණගේ
නිෂ්පාදනය - සතුශ්ක ජයවර්ධන
SUNO AI යෙදවුම මගින් නිර්මාණය කරන ලද ගීතයකි.

29/11/2024

🎙️🎧 AI ගී.....
වෙබ් අවකාශයේ සරසවි හඬ.. UniK Radio
ගී කලාවේ තාක්‍ෂණික හඬ මුසුව..🎙️🎧

මන්දාරම් ඉවුරු කොනේ
ඉන්නා විට සොදුරු නගේ
හන්ගා පෙම් යනවා මගේ
දැනුනා මට බිනරි නගේ

මන්දාරම් ඉවුරු කොනේ
ඉන්නා විට සොදුරු නගේ
හන්ගා පෙම් යනවා මගේ
දැනුනා මට බිනරි නගේ

මගේ සිතට දැනුනා නගේ
නුබේ රුවට කෝල වේවි
යාග පොලේ කෝල කරේ
නුබේ රුවම ඕනේ නිසයි

රැහේ පිපුණු මල් යායෙන්
වෙනස් මලක් තිබුණා නගේ
රොන් ගන්නට බබරු ඇතත්
රොන් දෙනවා නෙමෙයි නගේ

රැහේ පිපුණු මල් යායෙන්
වෙනස් මලක් තිබුණා නගේ
රොන් ගන්නට බබරු ඇතත්
රොන් දෙනවා නෙමෙයි නගේ
පද රචනය - ✍️ S.සුපුන් සුදර්ශන පැතුම් බණ්ඩා
නිෂ්පාදනය - සතුශ්ක ජයවර්ධන
SUNO AI යෙදවුම මගින් නිර්මාණය කරන ලද ගීතයකි.

22/11/2024

🎙️🎧 AI ගී.....
වෙබ් අවකාශයේ සරසවි හඬ.. UniK Radio
ගී කලාවේ තාක්‍ෂණික හඬ මුසුව..🎙️🎧

නළලත මුදු හාදු පහස
විදගන්නට ආයෙ වරක්
පුරුදු තැනට ඇවිත් යන්න
නොකර කතාවක්...

කතා කරන ඔය ඇස් දෙක
කතා කීව තාලය මට
තවම හොදට පුරුදුයි තව
නෑ අමතක නම්...

දොඩමළු වූ අපෙ සිවු නෙත්
අතරමැදිව ආ නෙත් යුග
පටලාගත් වග නම්
නෑ මට රහසක්...

නළලත මුදු හාදු පහස
විදගන්නට ආයෙ වරක්
පුරුදු තැනට ඇවිත් යන්න
නොකර කතාවක්...

හිනැහෙනු බැරි මගෙ නෙත් ළග
ඔබේ සිනා මැවෙනා විට
යන්නට යන්නම් මං දුර
තියා එකම හාදුවක්...

පද රචනය - ✍️ සෞම්‍යා ලියනගේ
නිෂ්පාදනය - සතුශ්ක ජයවර්ධන
පොස්ට් නිර්මාණය - නවෝද්‍යා දිල්රුකෂි
SUNO AI යෙදවුම මගින් නිර්මාණය කරන ලද ගීතයකි.

21/11/2024

🎙️🎧 AI ගී.....
ගී කලාවේ තාක්‍ෂණික හඬ මුසුව..🎙️🎧

සකද මල් පෙති සිනා ගැන් වූ
බඹලුවයි නුඹ මගෙ සදා
සසර ගමනේ මෙමට හමු වූ
වසත් සෘතුව නුඹ තමා.....

නිමේෂෙක ලද විශේෂය ගැන
අරුත් සොයනා පිටු දිගේ.......//

අමාවක රෑ අහස තනියම
බිදුව ඉකියක් දුර ගියා
නොපෙනෙනා දුර ඈත මානෙක
සොදුරු සුපහන් දැල්වුණා .......

නිමේෂෙක ලද විශේෂය ගැන
අරුත් සොයනා පිටු දිගේ ........//

සිතුවෙවත් නැති කාල නිම්නෙක
කරපු සිත්තම් කවි ගොතා
එකම සිහිනෙක යනෙන ගමනක
හදින් හදවත් යා වුණා.....

නිමේෂෙක ලද විශේෂය ගැන
අරුත් සොයනා පිටු දිගේ.......
(නිමේෂෙක ලද විශේෂය ගැන
නුඹ ම රිසි පිටු පැහැදුවේ ......)//

සකද මල් පෙති සිනා ගැන් වූ
බඹලුවයි නුඹ මගෙ සදා
(සසර ගමනේ මෙමට හමු වූ
වසත් සෘතුව නුඹ තමා.......) //

පද රචනය - මිහිරි නවෝදා වික්‍රමසිංහ Mihiri N Wickramasingha
නිෂ්පාදනය - සතුශ්ක ජයවර්ධන
පොස්ට් නිර්මාණය - නවෝද්‍යා දිල්රුකෂි
SUNO AI යෙදවුම මගින් නිර්මාණය කරන ලද ගීතයකි.

21/11/2024

AI ගී.....
ගී කලාවේ තාක්‍ෂණික හඬ මුසුව..🎙️🎧

කවිකාරි නුඹයි
මා හදේ
පෙම් හැගුම්
මෝදු වී
හොර රහසේ..

සිහිනයකුදු නොසිතූ
ඉමක නැවති
විදින්නෙමි
හදට දැනෙනා
කුලුදුල් පෙම
ආදරෙන්..

මන්දාරම් සිහිනයක
අත් අල්ලන් ඉතින්
අපි ඇවිදිමු..

හුරු දෑතක
පැටලෙමින්
හුදු ලොවක
තනිවෙමු..

සෙනෙහසින්..

පද රචනය - තරුෂි නෙත්මිණි
නිෂ්පාදනය - සතුශ්ක ජයවර්ධන
පොස්ට් නිර්මාණය - නවෝද්‍යා දිල්රුකෂි Navodya Dilrukshi
SUNO AI යෙදවුම මගින් නිර්මාණය කරන ලද ගීතයකි.

20/11/2024

AI ගී
ගී කලාවේ තාක්‍ෂණික හඬ මුසුව..

පෙමට කවියක් වීය නුබ මට
රහස හැදිනූ ආදරේ
නිහඩ සිතුවිලි ගලන හදතුල

කවිය විය නුඹ ආදරේ

නුබට බැදි පෙම කියනු බැරි වී
ගොලුව හදවත ආදරෙන්
හදෙහි රැදි පෙම කියාගන්නට

ලියමි කවියක් ආදරේන්//

දකින හැම විට මගෙ හද තුල පැතුම ඔබ විය ආදරේ
සිතන සිතුවිලි අතර හැම විට

සිහිනේ විය නුබ ආදරේ //

සතුට කදුලත් දාරාගෙන මතු දිනේ මා හා ආදරෙන්
හුස්ම සේ ඔබ ලගින් ඉන්නම්

රකින්නම් මගේ ආදරේ//

පෙමට කවියක් වීය නුබ මට
රහස හැදිනූ ආදරේ
නිහඩ සිතුවිලි ගලන හදතුල

කවිය විය නුඹ ආදරේ //

පද රචනය - ගිම්හානි රණවීර Gimhani Ranaweera
නිෂ්පාදනය - සතුශ්ක ජයවර්ධන
පොස්ට් නිර්මාණය - නවෝද්‍යා දිල්රුකෂි Navodya Dilrukshi
SUNO AI යෙදවුම මගින් නිර්මාණය කරන ලද ගීතයකි.

Address

Department Of Mass Communication, University Of Kelaniya
Kelaniya

Alerts

Be the first to know and let us send you an email when UniK Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UniK Radio:

Videos

Share

Category