One Day Fashion magazine

One Day Fashion magazine Another Level Of Fashion 💕

30/05/2023

🌸

13/05/2023

මෙයා

New trend 🌻💜️
01/05/2023

New trend 🌻💜️

මගේ පුංචි ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා !!!
23/04/2023

මගේ පුංචි ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා !!!

11/04/2023

💜️

මෙි තියෙන්නේ  ෆලෝ කරන්න හොද  ටික් ටොක්  / යු ටියුබ් ෆැශන් චැනල්ස්....🥺🌻💜️
03/04/2023

මෙි තියෙන්නේ ෆලෝ කරන්න හොද ටික් ටොක් / යු ටියුබ් ෆැශන් චැනල්ස්....🥺🌻💜️

Fashion design  පැත්තෙන් තියෙන රැකියාවල්... ඇපරල් ෆැක්ටරි එකක නෙවේ...ෆැශන් ඩිසයිනින් කියන කැටගිරි එක ඉගෙන ගත්තම කරන්න පු...
25/03/2023

Fashion design පැත්තෙන් තියෙන රැකියාවල්... ඇපරල් ෆැක්ටරි එකක නෙවේ...ෆැශන් ඩිසයිනින් කියන කැටගිරි එක ඉගෙන ගත්තම කරන්න පුළුවන් රැකියාවල් තමා මේ.. ලංකාවේ නැතත් වෙන රටවල් වල මේ රැකියාවල් හරි සාමාන්‍යයි...

ෆැශන් සයිකොලජි කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා දන්නෙත් මේවා හොයාන ගියාම... මං හිතන්නේ මං ඒකට කැමති වේගෙන එන්නේ...💜️🌻

💜
23/03/2023

💜

Something I love 💜️🌻
21/03/2023

Something I love 💜️🌻

💜️
19/03/2023

💜️

එක Aesthetic කැටගරි එකක් තමා dark academia කියන්නේ exam එකෙන් පස්සෙ ඒ ගැන ලියන්නම් 💜
11/03/2023

එක Aesthetic කැටගරි එකක් තමා dark academia කියන්නේ exam එකෙන් පස්සෙ ඒ ගැන ලියන්නම් 💜

💜️
07/03/2023

💜️

කුමන අවස්තාවකිදිවත් හිතින් නොසැලි හිද සියදහසක් වු බාධක හමුවේ... හයිය ගැහැනියෙක් වෙන්න සෑම ගැහැනියකටම හැකි වේවා... 💜️

Addicted 💜️
07/03/2023

Addicted 💜️

Linen & white 💜
05/03/2023

Linen & white 💜

This trend 💜🥺
01/03/2023

This trend 💜🥺

එයාලට ඔන්ලයින් ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් ෆැශන්  ඩිසයිනින් කෝර්ස් හතරක් මේ පල්ලෙහා තියෙන්නේ.... සහ ෆැශන් ඩිසයිනින් වලට කැමත...
28/02/2023

එයාලට ඔන්ලයින් ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් ෆැශන් ඩිසයිනින් කෝර්ස් හතරක් මේ පල්ලෙහා තියෙන්නේ.... සහ ෆැශන් ඩිසයිනින් වලට කැමති නම් පල්ලෙහා තියෙන පොතුත් රිෆර් කරන්න පුළුවන් ඒව⁣ගේ ඊ බුක්ස් ගන්න තියෙනවා සුලු මුදලකට...සමහර ඒවා නොමිලේ ගන්න පුළුවන්...
https://pin.it/3XU6U08

💜🥺
27/02/2023

💜🥺

26/02/2023

🙃🙃🙃

අනිත් රටවල් වලට සාපෙක්ශව ජපානයේ ෆැශන් සම්බන්දයෙන් අමුතු ප්‍රවනතාවයක් තමා තියෙන්නේ විශේශයෙන් කාන්තාවන් අතර...අපි කතා කලා ...
26/02/2023

අනිත් රටවල් වලට සාපෙක්ශව ජපානයේ ෆැශන් සම්බන්දයෙන් අමුතු ප්‍රවනතාවයක් තමා තියෙන්නේ විශේශයෙන් කාන්තාවන් අතර...

අපි කතා කලා එදා ද. කොරියාවෙ එකම විදියේ ෆැශන් එකම විදියේ සපත්තු එකම විදියේ බෑග් කාලෙන් කාලෙට ජනප්‍රිය වෙන විදියට තමා පාවිච්ච කරන්නේ කියලා...

හැබැයි ජපානේ එක ඇදුම් සාප්පුවක එකම විදියේ ඇදුම් දෙකක් තිබුනොත් විකුනගන්න අමාරුයි.... මොකද ජපාන කාන්තාවන්ට ඕන කස්ටමයිස් ඩිසයින් ඒ කියන්නේ... එයාලාට ඕන වෙන අය අදින්නේ නැති විදියේ ඩිසයින්...අනිත් කෙනාට වඩා වෙනස් විදියට එයාගේ ඇදුම් මොස්ත⁣රේ තියෙන්න ඕන....

අපි නම් ඇදුම් සාප්පුවකට ගියාම දකිනවනේ එකම මැටීරියල් එකෙන් එකම ඩිසයින් එකෙන්... ඇදුම ගොඩක් තියෙනවා අපි ඒවා ගන්නවත් එක්කනේ...

ඒත් ජපානේ තමන්ට විතරක් ආවෙනික වෙච්ච ඇදුම් අදින්න එයාලා මාරම කැමතියිලු...

ඒ නිසා එයලගේ දියුනු තාක්ශනය යොදා ගෙන...ඇදුම් මහලා සාප්පුවට දාන්න කලින්... දෘශ්‍ය පතයක් මගින් එයාලා කලින් ඩිසයින් කරලා තියෙන ඇදුම් විශුවලයිස් කරලා පෙන්නවා ඔයා ඇන්දම මේහෙමයි කියලා.. එයාට තියෙන්නේ ඒකෙන් එකක් තෝර ගන්න පස්සේ පැයක් දෙකක් ඇතුලත එයාට ඇදුම මහලා දෙනවා...

ඒ වගේම තමා ජපාන නිර්මාණකරුවන් ඔවුන්ගේ පැරනි විලාසිතා කිසි දවසක අත්අරින්නේ නැ , ජපන් විලාසිතා සම්ප්‍රදායික කෝචර් මෝස්තර.නවීන විලාසිතා විදියට හරවලා තියෙනවා....

Chitose Abe - SACAI හි නිර්මාපකයා සහ Yohji Yamamoto වගේ ෆැශන් ඩිසයිනර්ස්ලා... ජපන් කිමෝනෝ නවීකරණය කරනවා... ඒ වගේ විලාසිතා ගොඩක් තියෙනවා.. ලස්සනයි හැබැයි.. වෙලාවකට කැරොල් කරත්ත වගෙත් පේනවා...😁

ඒ වගේම තමා goth-grunge aesthetic, ඇගට විශාල හුඩි ප්‍රින්ටඩ් ශර්ට්, ඊ ගර්ල් ජැකට් , Mixing plaid, cama විලාසිතා, පින්ක් ඩෙනිම්, ඩැලමේශන් ඩොට්ස්, කොර්සි ජැකට්ස් වගේ අමුතු අමුතු විලාසිතා භාවිතා කරනවා...

(ඇත්තටම මං සමහර ඒවාට කියන සිංහල නම් දන්නේ නැ ඒකයි ඉංග්‍රිසියෙන් ලියලා තියෙන්නේ...)

යුරෝපයට සමගාමිවම විලාසිතාකරනයේ යෙදෙන රටක් තමා දකුනු කොරියවෙ කියන්⁣නේ....මට අනුව  ආසියාවේ රටක් ඒ විදියට හැඩ ගැහෙන එක ගැන ...
24/02/2023

යුරෝපයට සමගාමිවම විලාසිතාකරනයේ යෙදෙන රටක් තමා දකුනු කොරියවෙ කියන්⁣නේ....මට අනුව ආසියාවේ රටක් ඒ විදියට හැඩ ගැහෙන එක ගැන මට පුද්ගලිකව සතුටක් තියෙනවා... ද.කොරියාවේ මේ ෆැශන් වලට තියෙන උන්මාදය හරිම විශාලයි... ඔයා මේ දැන් යන්න සුපර් මාකට් එකකට ශොපින් මෝල් එකකට ඔයාට ඒ උන්මාදය බලා ගන්න පුළුවන්...එයාලගෙ ෆැශන් ඇල්ගොරිතම් එක ඒ තරම් ප්‍රබලයි...සෝල් යනු විලාසිතා කේන්ද්‍රය කියලා අදුන්වන්නත් පුළුවන්...

ජපානය මීට වෙනස් ඒ ගැන හෙට ලියන්නම්...

මේ පල්ලෙහා තියෙන පිංතුර වල තියෙන්නේ ජනප්‍රිය වේගෙන යන අලුත්ම ට්‍රෙන්ඩ් එකක්... චෙක් ශර්ට් එහෙම නැත්තම් චෙක් ජැකට්ස්...මේ දවස් වල ලංකාවට අලුත් ඩිවෙලොප්මන්ට්ස් වලට මේ චෙක් ඩිසයින්ස් ඇවිත් තියෙනවා ඒ කියන්නේ ලබන අවුරුද්දේ ස්ප්‍රින් සමර් සීසන් වලට මේ ට්‍රෙන්ඩ් එක ගේන්න ලෝකේ ප්‍රබල ඩිසයින්ර්ස්ලා බල පොරොත්තු වෙනවා කියන එක...

23/02/2023

එක දවසට 1k followers

🌻🧣☁️😍💜️

ආදරෙයි ලමාාායි

හොදම ෆැශන් ඩිසයිනින් වෙබ් අඩවි 1. Dior ප්‍රසිද්ද Brand එකක් වෙච්ච  Dior's වෙබ් අඩවිය ඇත්තටම හිත අලවන සුලුයි... එයාලටම ආව...
23/02/2023

හොදම ෆැශන් ඩිසයිනින් වෙබ් අඩවි

1. Dior

ප්‍රසිද්ද Brand එකක් වෙච්ච Dior's වෙබ් අඩවිය ඇත්තටම හිත අලවන සුලුයි... එයාලටම ආවේනික වෙච්ච අලංකාර අකුරු එක්ක දිගටම වෙබ් සයිට් එක පුරා එක එක ඒවා හොයන්න හිතෙනවා... ලස්සන රූප එක්ක කලු සුදු පාට වැඩිපුර කැපිලා පේන විදියට එයාලා පාවිච්චි කරනවා.... ඔයා ගියත් ⁣මම ගියත් මේ වෙබ් අඩවිය ඇතුලේ විශාල නිශ්පාදන කන්දරාවක් තියෙනවා.. ඒ වගේම ඒ ඒ බාන්ඩය ගැන හොද විස්තරයක්ද සපයලා තියෙනවා..ගිහින් බලන්න අපිට ඉතින් ඒ ගණන්වලට බඩු ගන්න බැ.. බට් අඩුම බලන්න හරි පුළුවන්නේ...නේද... එන්ඩ් කස්ටමර්ට ලේසි විදියට බාන්ඩ තෝර ගන්න... පුළුවන්... පිරිමි අයට ස්පොර්ට්ස් වෙයාර් ලෙදර් ජැකට් ප්‍රදාන වශයෙන් එයාලා මේන් ෆොක්ස් කරලා තියෙනවා... කාන්තාවන් සඳහා පොකට්බුක්, ලිප්ස්ටික් පර්⁣ෆියුම් වගේ දේවල් ලොකුවටම හයි ලයිට් කරලා තියෙනවා..

2. Zara

Zara ගැන ඉතින් මං කියන්න ඕන නැනේ.. ලෝකේ ට්‍රෙන්ඩ්ස් හදපු බ්‍රෑන්ඩ් එකක් තමා Zara කියන්නේ... ස්පාඤ්ඤයේ මුල් ඇද ගත්තු Zara වෙබ් අඩවිය අනිත් ඒවාට වඩා ටික්ක අමුතුයි.. ගොඩක් වෙලාවට කස්ටමයිස් කරලම අපිට ඕන කරන දේවල් තෝර ගන්න පුළුවන්... හැම රූපයක්ම වෙබ් සයිට් එකට එන කස්ටමර්ව ඇදලා බැදලා තියා ගන්න පුළුවන් විදියට මුනට හිනාවක් ගේන්න වාව් මරු කියලා හිතෙන විදියට කමා zara ලා යොදාගෙන තියෙන්නේ ලොකුවට බාන්ඩ ගැන විස්තරයක් නැතත් විශාල ප්‍රමානයක් තියෙන නිසා කස්ටමර්ට ඕන විදියට තෝර ගන්න පුළුවන්...

3 Verge Girl

“Shop Our Obsession" කියන තේමාව යටතේ දිවෙන වර්ජ්ගේ විලාසිතා කියලා ජාත්‍යන්තරව අලෙවි වෙන( හුගාක් වෙලාවට ඔන්ලයින් තමා) සන්නාමයක් මේක... මෙයාලගේ ගොඩක් විලාසිතා ෆොකස් කරන්නේ ගිම්හාන කාලය සදහා.. ඒ කියන්නේ ලංකාවට කොහොමත් ගැලපෙනවා අපි ඉන්නේ ගිරිස්⁣මනේ... හැබැයි ඉතින් ගනන්...😁 වෙබ් සයිට් එක චුට්ටක් විතර හරි ෆනි ගතියකින් තමා මේ ගොල්ලෝ හදලා තියෙන්⁣නේ... මේක චුට්ටක් අරං බලන්න ඕන කියලා හිතෙන තරමටම කියන්න තේරෙන්නේ නැති අමුතු ගතියක් මේ වෙබ් සයිට් එකේ තියෙනවා... ඒ කියන්නේ මේ දවස්වල ජනප්‍රිය හැම ෆැශන් එකකම දැන්වීමක් එයාලගේ ෆස්ට් පේජ් එකේ තියෙනවා ඩියොර් වගේ ක්‍රමවත් නැතත් මේකේ අමුතු ගතියක් තියෙනවා...

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

Rolli Nation, Oliver Clothing ,True link wear ,Maison Labiche,The Idle Man , Nike , White House Black market, Adidas වගේ වෙබ් සයිට්සුත් මට නම් හිතට අල්ලනවා....ඒත් ඔය උඩ කියලා තියෙන තුන තමා මට අනුව හොදම ඒ කියන්නේ ලස්සනම.. හොද බිස්නස් ස්ට්‍රැටර්ජි එකක් තියෙන්නේ....කියලා හිතෙන්නේ...

ෆැශන් වලට උනන්දු අය මේ පැත්ත ඉගෙන ගන්න කැමති අය... ඔය වෙබ් සයිට්ස් වලට ගිහින් බැලුවට පාඩුවක් නැ... සමහර විට මේවා ග්‍රික් වගේ ඇති...එත් කමක් නැ...

ප.ලි

මේ හොදම බ්‍රැන්ඩ් නෙවේ මේ තියෙන්නේ හිත් ඇදගන්නා සුලු වෙබ්සයිට් තියෙන බ්‍රෑන්ඩ් ☺️ පටලගන්න එපා...ලමයි

තිසරණි නිර්මානි

ඇදුමක් තෝරාගන්න⁣කොට....කලින් ලිපියෙන් මං ලිව්වේ ටී ශර්ට් රෙදි වර්ග ගැන... අද මං ලියන්නේ... ඇදුමක් තෝරාගන්නකොට සැලකිලිමත්...
22/02/2023

ඇදුමක් තෝරාගන්න⁣කොට....

කලින් ලිපියෙන් මං ලිව්වේ ටී ශර්ට් රෙදි වර්ග ගැන... අද මං ලියන්නේ... ඇදුමක් තෝරාගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුනු පහක් ගැන....අපි සාමාන්‍යයෙන් ආස... ලස්සන සෑහෙන කාලයක් අදින්න පුළුවන් ඇදුමකටනේ... අතේ තියෙන ගානට හරියටම වටින්න ඇදුම් ගන්න ඕන නම් මේ කරුනු පහ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න....

1) ⁣කෙඳි (Fibre - composition)

සාමන්‍යයෙන් මං ඇදුමක් තෝරගන්න හිතනවා නම් හුගාක් වෙලාවට ස්වාබාවික කෙදි (natural fibre) වලින් තමා තෝරගන්නේ....ස්වාභාවික ⁣අමුද්‍රව්‍යලින් PH අගය වෙනස් වුනත් හමට සිදුවෙන හානිය අවමයි... කොට්න් ( කපු) ලිනන් හෙම්ප් සිල්ක් වූල් කැශ්මර් සහ ලියෝසෙල් විස්කෝස්... වගේ ලී ද්‍රව්‍ය පාවිච්චි කරලා හදන කෙදි... මේවා ඇත්තටම ඇගට සැහැල්ලුයි... කපු වගේ නම් හරිම සැහැල්ලුයි... ඒත් ඔයාලට පාවිච්චි කරන්න අමාරුයි නේද...අයන් කරනකොට හොද්නකොට එහෙම ප්‍රශ්න එන්න පුළුවන්.. ඒත් හැමවෙලේම අපිට බැ මාකට් එකෙන් සීයට සීයක්...නැචුරල් ෆයිබර්ස්ම හොයන්න හුගාක් වෙලාවට තියෙන්නේ සියට දහයක් හරි කෘතිම කෙදි මිශ්‍රකරපුවා... ඔබේ ඇදුම ස්ට්‍රෙචබිලිටි( ඇදෙසනසුලු) නම් අනිවාර්යෙන්ම ඒකේ ස්පැන්ඩෙක්ස් තියෙනවා....බොහෝ රෙදි වල කෘතිම කෙදි සියට විස්සක්වත් අඩංගු වෙලා තියෙනවා.. තනිකරම නයිලෝන් හරි පොලිඒස්ටර් හරි ඇදුම් අයන් කරන්නවත් ඕන නැ සමහර වෙලාව... ඒත් එයින් ඔබේ හමට යම්තාක්දුරකට හානි සිද්ද වෙන්න පුළුවන්... ඒ නිසා අඩුම වශයෙන් කෙයාර් ලේබල් එක කියවලා බලන්න... මෙනාවයින්ද මේක හදලා තියෙන්නේ කියලා.... ඒ වගේම ගමනක් ගිහින් ආපු ගමන් ඇදුම ගලවලා රෙදි බේසමේ ඔබන්සේ නැතුව... කෙයාර් ලේබල් එක කියවලා බලන්න...ඒකේ තියෙනවා ඔයාගේ ඇදුම පරිස්සම් කරගන්න ඕන විදිය...⁣ෆැබ්රික්⁣ බ්ලෙන්ඩ් එක ගැන ටිකක් සැලකිලිමත් වෙන්න...

2) ප්‍රින්ටඩ් ද සොලිඩ් ද...

අ⁣තේ තියෙන ගානට ඇදුමක් ගන්නවානම් මං තෝරගන්⁣නෙි තනිපාට ඇදුමක්.. ප්‍රින්ටඩ් ඇදුම් කැතයි කියනවා නෙවේ...සමහර වෙලාවට ප්‍රින්ටඩ් ඇදුමේ වටිනාකමට වඩා ගානක් අපිට ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා...මෙහෙමනේ...ෆ්ලෝරල් පොල්කා ⁣ඩොට්ස් සහා ප්ලේඩ්ස්.. වගේ ප්‍රින්ටඩ් ඩිසයින් කරන්නේ.. එක්කෝ ස්ක්‍රින් ප්‍රින්ටින් මැශින් එකක නැත්තම් රෝලර් ප්‍රින්ටින් මැශින් එකක...හරිම ආසයි බලන් ඉන්න...ඒ දිහා... ඒත් ඔය අතර මැද්දෙදි හරියට ප්‍රින්ට් වුනේ නැත්තම් අපරාදේනේ...නේද...ඒ රෙදි ඔක්කොම එයාලා අයින්කරනවා ඒ අයින්කරපු රෙදිවල කොස්ට් එකත් අර හරියට ප්‍රින්ට් වෙච්ච රෙදි කොටසට ඇතුලු කරනවා..ඒත් ඩයි එකකදි එහෙම වෙන්න බැ...එකම ඩයි බාත් එකක තමා ඩයි කරන්නේ....තේරුනාද සොලිඩ් එකයි ප්‍රින්ටඩ් හකයි එකම ගාන වෙන්න පුළුවන්...ඒත් ප්‍රින්ටඩ් එක ඊට වඩා හුගාක් අඩු ගානක් වටිනවා වෙන්නත් පුළුවන්...
මං මේ ප්‍රින්ටඩ් කියන්නේ රෙදි මත තින්තවලින් මැශින් ආදාරයෙන් ප්‍රින්ට්කරන එකට එහෙම නැතුව... පාට පාට නූල් වලින්ම රෙදිවියලා ලස්සන ඩිසයින් ගන්නවා... ඒවාට කියන්⁣නේ ජකාර්ඩ් කියලා...සිංහල නමක් නම් මං දන්නේ නැ...ඇත්තටම ඒකත් ප්‍රින්ට් එකක් තමා...ඒකට කියන්⁣නේ වුවන් ප්‍රින්ට් කියලා...ඒක සාපෙක්ශව අනිත් දෙවර්ගයේම රෙදි වලට වඩා ගනන් වැඩියි...ඒත් ඒකේ කොලිටි ඒකේ...කොලිටි එක වැඩියි...සල්ලි තියෙනවානම් එහෙම ඒවා ගත්තට කමක් නැ...😊

3)හෑන්ඩ් ෆීල්....එක

උසස් තත්වයේ..රෙදි හැම ⁣ වෙලේම හැමවිටම මෘදු වෙන්න ඕන... සොෆ්ට්ම සොෆ්ට් හැන්ඩ් ෆිල් එකක් තියෙන්න ඕන...හැන්ඩ් ෆිල් නැ කියලා සමහර අය ශිප්මන්ටි පිටින් රිටර්නි කරනවා....ඔයිලි සහ ප්ලාස්ටික් ෆීල් එකක් වගේ.දැනෙනවා නම් ඒ ඇදුම තෝර ගන්න එපා...එපා සමහර ප්‍රින්ටඩ් ඇදුම් එහෙම ඇන්දම ඇගේ සමහර තැන් කසන්න ගන්නවා...අපි ඇදඅම් අදින්නේ අපේ ඇගට පහසු වෙන්න... ඉතින් ඒක අපහසුවෙන් ඇදගෙන ඉන්න ඕන නැනේ...හැම වෙලේම පොඩි බබෙක්ට තෝරනවා කියලා හිතලා මෘදු රෙදිම තෝරගන්න...😂 ඒ වගේම තමා කෘතිම රෙදිවල සසහර වෙලාවට මෘදු කාරක දාලා සොෆ්ට් කරලා තියෙනවා ඒත් ගෙදර ගිහින් හේදුවාම ඒක නැතිවෙලා යනවා... නේද... ආයේ ඇදපු ගමන් අර ඇදුම ගන්නකොට තිබ්බ මෘදු ගතිය නැති වෙලා ගිහින් නේද...ඒක තමා මං කිව්වේ ෆයිබර් ⁣කන්ටෙන්ට්ස් එක ගැන සැලකිලිමත් වෙන්න කියලා....

4)නිමාව නැත්තම් ෆින්ශින් එක

ඇදුමක් ගත්තම ඒක පිලිවෙලට හරියට නිමාවක් දැකලා තියෙන්න ඕන එහෙන් මොහ නුල් කැලි එල්ලනේනේ නැතුව... හරියට බට්න් හෝල් බට්න් ඇටෑච්මන්ට් එක කරලා තියෙන්න ඕන...සිපර් පොක්ට්ස් කොලර්ස් වගේ තැන් අනිවාරියෙන්ම පරික්ශා කරලා බලන්න හරියට මහලා.ත්යෙනවාද කියලා.. සමහරවිට පොකට් එක එහෙම ඇදේ යන්න පුළුවන්.. ඩබල් නීඩ්ල් යන තැන් වල අවුට් ගිහින් තියෙන්න පුළුවන්.... බුරුල් නුලක් එහෙම තිබ්බෝ ඒක ඇදලා දාලා ඇදුම ගෙදර අරගෙන යන්න හදිස්සි වෙන්න එපා... තව දෙයක් බට්න් ඇටෑච් කරලා තියෙන ගැප එක සමානද කියලා ඇස් මට්ටමට පරික්ශා කරගන්න... SPI කියලා මිනුමක් තියනවා... STICHES PER INCH කියලා.. ඒ කියන්නේ අගලකට තියෙන මැහුම් ගාන කියන එක...මේක මුලු ඇදුම පුරාම සමාන වෙනකොට තමා ඇදුමක ලස්සන තියෙන්නේ....මැහුමක් අතර දුර ඒ කියන්නේ මැහුමක ප්‍රමනය.. ලොකුයි නම් ගන්න එපා... ඇත්තටම බ්‍රැන්ඩඩ් ඇදුම් වල තියෙන විශේශත්වය තමා එයාලා හැමවෙලේම මේ ෆිනිශ්න් කියන එක ගන්න ලොකු උත්සහයක් දරනවා එයාලගේ ඇදුම් සප්ලයර්ස්ලට ලොකු ප්‍රෙශර් එකක් දෙනවා මේ ඇදුම හරියට ෆින්ශින් කරලා ගන්න...
ඒ වගේම තමා රලු දාර එලියට පෙන්නේ නැති වෙන්න පිලිවෙලට මහලද කියලා බලන්න...ප්‍රධාන වාටිය කැපිලා පේනවා ඕනම තැනකදි...විශේශයෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න...

5) FIT

ඇදුමක් මෙන තරම් තේරුවත් ඒක ඔයාගේ ඇගට හරියට ෆිට් වෙන්නේනැත්තම් කිසිම තේරුමක් නැ ඒ ඇදුම අරගෙන...සමහර වෙලාට රෙද්දත් හොදයි ඩිසයින් එකත් හොදයි හොදට මහලත් තිායනවා ඒත් ඇදුහ ඇන්දම ඇගට පොඩි ඇද ගතියක් දැනෙනවා නේද... එක්කෝ කොලර් එකෙන් ලොකුයි අත් දෙක ලොකුයි නැත්තම් හිරයි...සමහර වෙලාවට ඇන්දම උන බටයක් වගේ... කිසිම හැඩයක් නැ නේද...ඒකට තමා FIT- On Rooms හදලා තියෙන්නේ....හැමවෙලේම ඇදුමක් අරගෙන දුවගෙන එනවට වඩා විනාඩියක් දෙකක් අරං ඇදලා බලන්න....මං කිව්වට මාත් වෙලාවකට එහෙමයි...ඉතින්...සමහර අයගේ.කලවා හුගාක් මහතයි...කලිසම් තෝරනකොට ඉනේ ප්‍රමානෙට තෝරලා බැ එහෙම තේරුවට කලිසම් අදින්න බැ ඒවා ඇදලා බලලම තෝරගන්න වෙනවා නේද....ඇගට FIt ගතියක් දැනෙනවානම් ඒ ඇදුම අරගෙන ගෙදර එන්න...😊 ඩාර්ට්ස් පපු ප්‍රදේශයේ ප්‍රමානය වේස්ට් එකේ ප්‍රමානය.. අත් වල දිග ලයිනින් එක මේවා ගැනත් හිතන්න....

▪තිසරණි නිර්මානි...

ඕනම ඇදුමක උපරිම ආයු කාලය සේදුම් වාර විසිපහයි...⁣එතැනින් එහාට ඒ ඇදුම හමට හානිකර වෙන්න පුළුවන්.... මොකද සේදුම් වාර විසිපහක...
22/02/2023

ඕනම ඇදුමක උපරිම ආයු කාලය සේදුම් වාර විසිපහයි...⁣එතැනින් එහාට ඒ ඇදුම හමට හානිකර වෙන්න පුළුවන්.... මොකද සේදුම් වාර විසිපහකට පස්සේ (ඊට කලින් වුනත්) PH අගය වෙනස් වෙන්න පටන් ගන්නවා... වර්ණ(dye) වල රසායනික විපර්යාස වෙන්න පුළුවන්.. ⁣කුඩා දරුවන්ගේ එහෙම ඇදුම් භාවිතා කිරිමේද මේ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්...

රෙදි එහෙමත් නැත්තම් තේරෙන භාශාවෙන් කියනවා නම් ෆැබ්රික්... හදන්නේ රසායනික විපර්යාස වලට බදුන් කරලා... හුගාක් දූවිලි සහිත පරිසරයක ඒ නිසා කවදාවත් ඇදුමක් ගත්ත ගමන් කවදාවත් හෝදන්නේ නැතුව අදින්න එපා... පුළුවන් නම් දවසක ෆැබ්රික් මිල් එකක් වටේ ඇවිදලා එන්න එතකොට ඔබට තේරේවි

ඇදුමක් හෝදන විට පුළුවන් හැමවිටම මෘදුකාරක(softner) බාවිතා කරන්න මොකද ඇදුමක PH අගය හා රසායනික ද්‍රව්‍ය ස්ටේබල්වල තියා ගන්න එහෙමත් නැත්තම් ඇදුමක ආයු කාලය වර්ධනය කරන්නත් මේ මෘදු කරක උපයෝගි වෙනවා...

එතකොට අැදුමක් බාවිතා කරනවා නම් හැමවිටම නිකමට හරි කෙයාර් ලේබල් එක කියවන්න පුරුදු වෙන්න... සමහරවිට අපේ සමහර රෙදි සේදිමේ ක්‍රම විතරක් නෙවේ රෙදි වේලන ක්‍රමත් ඇදුමට හානිකර වෙන්න පුළුවන්....

පුළුවන් හැමවිටම බ්‍රැන්ඩ් එක ගැන සැලකිලිමත් වෙන්න... බ්‍රැන්ඩඩ් ඇදුමකින් බොහො දුරට ඔබේ සමට වෙන්න පුළුවන් හානිය අවම වෙනවා.... මොකද ඒ බ්‍රැන්ඩ් වලට ISO,watermark AATC වගේ certificate හම්බෙන්නේඑහි තිබෙන ගුනාත්මක බව නිසාමයි.... TESTING සිය ගානක් කරලා තමා ඔවුන් ඇදුමක් මාර්කට් එකට දාන්නේ....

ඔබේ ඇදුමට ගිනි ඇවිලුනොත් ඔබට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්... ඒ ඇදුම හදන්න බාවිතා කරපු රෙද්ද ෆයර් ටෙස්ටින් එකෙන් පාස් කරපු කෙනාට මරන දඩුවම හිමිවෙන්නත් පුළුවන්...

එ වගේම තමා හැමෝම රෙදි ගන්න යනවනේ.... සමහර අය මාසේකට පාරක් සමහර අය සතියනට වතාවක් සමහර අය අවුරුද්දකට සැරයක්.... කාලාතුරකින් කෙනෙක් හම්බෙනවා මහලා අදින....

අද පොඩි උපදෙස් ටිකක් දෙන්නම් ඇදුම් ගන්න ගියාම රෙදි තෝරන විදිය අනුව..... සමහර ඇදුම් තියෙනවා... ලස්සන විතරයි කිසි කොලිටායක් නැ.. සමහර ෆැබ්රික් වලින් ඇදුම් ගත්තම ඇදන් ඉන්න බැ රස්නෙයි....

අද ඇදුම් ගන්න ගියාම ඔයාලට හම්බෙන රෙදි වර්ග හා ඒවා හරියට තෝර ගන්න විදිය කියන්නම්...

අපි හැම ⁣තැනම රෙදි දැක්කත් ඇත්තම රෙද්දක් හදනවයි කියන්නේ හෙනම ගේමක්.... ලොකු ප්‍රොසෙසස් එකක්...

අපි හිතමු කපු රෙද්දක් හදනවා කියලා...

කපු හිටවන්න ඕන
සාත්තු කරන්න ඕන
මල් කඩන්න ඕන... ⁣
ඒවා වෙන් වෙන් කරන්න ඕන
නූල් හදනවා කියන්නෙත් විශාල ප්‍රොසෙස් එකක්...
ඊට පස්සේ රෙදි වියන්න ඕන ඩයි කරන්න ඕන ට්‍රිට්මන්ට් වරග බර ගානක්තියෙනවා....විශාල කොමිකල් ප්‍රමානයක් යොදා ගන්නවා....
ඒවා කියන්න ගියොත් අද මට වෙන කියන්න දෙයක් නැති වෙනවා....

හරි දැන් ඔය ඔයාලා කියන්නේ ටී-ශර්ට් රෙදි කියලා... ඇත්තටම ඒකේ නම් ටී-ශර්ට් රෙදි නොව්... ක්නිට් ෆැබ්රික් ( සිංහල නම - ගොතපු රෙදි)

හරි මේ ටී ශර්ට් රෙදි ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා...
වෝර්ප් ක්නිටින්
වෙෆ්ට් ක්නිටින්
එයිනුත් එක් වර්ගයක් තමා අපිට සමීප ඒ තමා අපි වෙෆට් ක්නිට්න් කියන්නේ...

ඒ වෙෆ්ට් ක්නිටින් කියන එකෙත් වර්ග රාශියක් තියෙනවා.... එයිනුත් ප්‍රධාන වශයෙන් ලංකාවේ භාවිතා කරන වර්ග හතරක් තියෙනවා...හැබැයි ලංකාවේ ඔය ඔක්කොම වර්ග වලින් හදනවා හොදේ...

කම්මැලි නේද... මේක කියවන්න... 😂😂😂

කමක් නැ දැන් ඔයාගේ ටී ශර්ට් එකක් අරං හොදට ඇහැට ලං කරලා බලන්න දෙපැත්තම එක වගේද කියලා.... දෙපැත්තම එක වගේ නැත්තම් හුගාක්ම තුනි නම්... කැපුවොත් රෝල් වෙන සයිස් නම් ඒක සිංගල් ජර්සි. ඒක ටිකක් ඇදෙනවා වගේ නේද...ඒ ඇදෙන්නේ ඒකට ඉලාස්ටික් දාලා නෙවේ ඒක හදලා තියෙන ස්ට්‍රක්චර් එක නිසා....

සිංගල් ජර්සි ෆැබ්රික් මහන්න හරි අමාරුයි අරහෙට මෙහෙට ඇබරෙනවා....හුගාක් වෙලාවට ඕවර්ලොක් මැශින් තමා පාවිච්චි කරන්නේ....ඒ නිසා ඩයමෙන්ශල් ස්ටැබිලිටි එක වෙනස් වෙන්න පුළුවන් ලෝකල් ගාමන්ට්ස් වල මහන ඒවා නම්....හුගාක් පරිස්සමින් තෝර ගන්න ඕන....චුට්ටක් අතගාලා බලන්න හැන්ඩ්ෆීල් එක කොහොමද කියලා...හොද හැන්ඩ්ෆීල් එක් තියෙනවා නම් ඒක තෝර ගන්න මෙකෙදපඒ මැටීරියල් එකේ වෙන ඉම්පෲව් කරන්න දෙයක් නැ...

අනිත් එක තමා රිබ් ෆැබ්රික් කියන එක.... සමහර මැටීරියල්පතියෙනවා නේද දෙපැත්තට අැද්දම හුගාාාක් ඇදෙනවා නේද... පොඩ් ලමයින්ගේ ඇදුම් එහෙම හුගාක් මේ මැටීරියල් එකෙක් තියෙනවා...තම ටී ශර්ට් වල කොලර් ⁣එක අර අත දෙපැත්තට දාන්නෙත් රිබ් ෆැබ්රික්ම තමා.... මේක ගන්නවා වොශීන් මැශින්වල හෝදනකොට ටිකක් පරිස්සමින් මොකද එහෙට මෙහෙට ඇදිලා අබරෙන්න පුලුවන් ප්‍රවනතාව වැඩියි.. ඊට පස්සේ ඇන්දම එහෙම නිකම් ඇදයි වගේ පේන්න පුළුවන්.... වතුරේ දාලා තියලා නිකම්ම පොඩි කරලා ගන්න....

අනිත් වර්ගේ තමා ඉන්ටර්ලොක් කියන වර්ගේ මේ වර්ගේ ටිකක් ගනන්... හැබැයි⁣ ගනකම්... ඇගට සනීපයි... සෑහෙන කලක් පාවිච්චි කරන්න පුළුවන්.... මේක හදන්න ටිකක් වැඩියෙන් නූල් යන නිසා තමා මේක ගනන් වෙන්නේ.... රිබ් ෆැබ්රික් එක වගේ දෙපැත්කට ඇදෙනවා අඩුයි.. තනිට් ට්‍රවුසර්ස් එහෙම මහන්න මේ මැටිරියල් එක ගන්නවා... ඒක හොදනකොට වොශින් මැශින් දැම්මට කමක් නැ... තෝර ගන්නකොට හැන්ඩ්ෆිල් බලලා තෝරා ගන්න....

අන්තිම වර්ගේ ලැකොස්ටේ ලැකොස්ටේ කියක්නේ අර සමහර ටී ශර්ට් මැටිරියල්වල තියෙන්නේ කිරිබත් කැටේ වගේ නිකම් මී වදයක් වගේ....අන්න ඒක.... ටිකක් රස්නෙයි ඇදන් ඉන්න බට් ස්ට්‍රක්චර් එක ලස්සනයි... තව ස්ට්‍රක්චර්ස් ගොඩාරියක් තියෙනවා...

තව තියෙනවා ජාතියක් හරියට ලිනන් වගේ ඒත් ලිනන් නෙවේ මාල් ෆැබ්රික් වලින් හදන ⁣ටී ශර්ට්ස් ඒවා ටිකක් ගනන්... සිංගල් ජර්සි වගේම තමා වෙනසක් නැ.. පාටයි නූල් තෝර ගන්න විදියයි තමා වෙනස්....

▪️තිසරණි නිර්මානි

Address

Kelaniya

Telephone

+94778207897

Website

Alerts

Be the first to know and let us send you an email when One Day Fashion magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Magazines in Kelaniya

Show All