28/09/2023
විටමින් ඩී යනු ශරිරයේ ක්‍රියාකරිත්වය සදහා ඉතා වැදගත් විටමිනයක් වන අතර එය ආහාර සමග මෙන්ම සිරුර තුලද නිපදවිම සිදුකරයි.
කැල්සියම් සහ පොස්පරස් අවශෝෂණය කර ගැනිමට සහ එවා රදවා ගැනිමට උපකාරි වන විටමිනය වේ.එම නිසා අස්ථි පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට සහ වර්ධනය සදහා විටමින් ඩී ඉතා වැදගත් වේ.
බොහෝ විද්‍යත්මක පරික්ෂණ මගින් තහවුරු කර ඇත්තේ විටමින් ඩී මගින් පිලිකා සෛල වර්ධනය අඩු කළ හැකි බවයි.
ආහාර වල විටමින් ඩී අඩංගු වුවද ස්වභාවිකවම අඩංගු වන්නේ ඉතා ස්වල්ප ප්‍රමාණයකි.විටමින් ඩී ලබා ගැනීමට හොඳම ක්‍රමය වන්නේ උදෑසන හිරු එළියට නිරාවරණය වීමයි.එමගින් සිරුර තුළ විටමින් ඩී සංස්ලේෂණය සිදුකරයි.