D Rasangi

D Rasangi මේ ජීවිතය කෙතරම් වෙහෙසකර වුවත් මම මාව අත් නොහරිමි.. මට පුලුවන් උපරිම තැනට මම මාව රැගෙන යමි...❤️😊💐
(1)

උදෙන්ම ම ඔයා මේ කියවන්නේ විශ්වීය විශේෂ පණිවිඩයක් !!! ' ඔයාගේ හීන සැබෑ වෙලා දැන් ,විශ්වාස කරන්න ! ස්තුතිවන්ත වෙන්න ! දැනට...
18/10/2023

උදෙන්ම ම ඔයා මේ කියවන්නේ විශ්වීය විශේෂ පණිවිඩයක් !!!
' ඔයාගේ හීන සැබෑ වෙලා දැන් ,
විශ්වාස කරන්න !
ස්තුතිවන්ත වෙන්න !
දැනටමත් ඒ හැම හීනයක් ම සැබෑ වෙලා !
හැම මොහොතකම ධනාත්මක වෙන්න !
හැම මොහොතකම ස්තූතිවන්ත වෙන්න ! ' 🌼

දුරුව බල කාමය උදා වේවා ලෝක සාමය!ගාසා තීරයේ යුද ගින්නට මැදි වූ දරු පැටව්හයක් හතරක් නොතේරෙන දරුවන් මරා දමමින් හා ප්‍රාණ ඇප...
12/10/2023

දුරුව බල කාමය උදා වේවා ලෝක සාමය!

ගාසා තීරයේ යුද ගින්නට මැදි වූ දරු පැටව්

හයක් හතරක් නොතේරෙන දරුවන් මරා දමමින් හා ප්‍රාණ ඇපයට ගනිමින් කුරිරු ආශ්වාදයක් ලබනා රුදුරු අන්තවාදීන් ලොවට පසක් කරමින් සිටින්නේ රුදුරු ආගම්වාදි අන්තවාදි ත්‍රස්තවාදය මෙලොවින් තුරන් කලයුතු බවය...

යුද ගිණි දැල් නිවේවා! සාමය උදා වේවා!🙏

06/10/2023

පිරමීඩ ජාවාරම් වලට හසු නොවී....

ඔබේ මුදලට ඉහළ ප්‍රතිලාභයක් සහ සුරක්ෂිතභාවයක් සමඟ අනාගතය වෙනුවෙන් යම් අරමුදලක් ගොඩනගා ගන්න අදම ලංකාවේ ලියාපදිංචි වාණිජ බෝග වැවිලි සමාගම වන අප සමඟ එක්වන්න දෙස් විදෙස් ශ්‍රී ලාංකික ඔබට ආරාධනා.

කෙටි කාලීන ආයෝජනයකින් මාසිකව ප්‍රතිලාභයක් ලබා ගන්න අදම අප හා එක්වන්න.

ප්‍රතිලාභ:
*ආයෝජන ආදායම සියලුම රාජ්‍ය බදු වලින් 100% ක් නිදහස් වීම.
* මාසිකව සහතික කරන ලද ආදායමක්
*කල්පිරීමේදී ආයෝජිත මුදලත්
* ඇපකරයක් ලෙස ඉඩමක්

වැඩි විස්තර සදහා,
whatsapp 070 760 5735

06/10/2023

Cℎ𝑒𝑒𝑟𝑠 𝑡𝑜 𝑒𝑑𝑢𝑐𝑎𝑡𝑜𝑟𝑠 𝑤ℎ𝑜 𝑚𝑎𝑘𝑒 𝑎 𝑑𝑖𝑓𝑓𝑒𝑟𝑒𝑛𝑐𝑒 𝑖𝑛 𝑝𝑒𝑜𝑝𝑙𝑒'𝑠 𝑙𝑖𝑣𝑒𝑠! ❤

𝑊𝑒'𝑑 𝑙𝑖𝑘𝑒 𝑡𝑜 𝑤𝑖𝑠ℎ 𝑎𝑙𝑙 𝑜𝑓 the 𝑡𝑒𝑎𝑐ℎ𝑒𝑟𝑠 𝑎𝑟𝑜𝑢𝑛𝑑 𝑡ℎ𝑒 𝑤𝑜𝑟𝑙𝑑 𝑎 ℎ𝑎𝑝𝑝𝑦 𝑇𝑒𝑎𝑐ℎ𝑒𝑟𝑠' 𝐷𝑎𝑦. 𝑀𝑎𝑦 𝑦𝑜𝑢𝑟 𝑑𝑒𝑣𝑜𝑡𝑒𝑑𝑛𝑒𝑠𝑠 𝑓𝑜𝑟 𝑡𝑒𝑎𝑐ℎ𝑖𝑛𝑔 𝑛𝑒𝑣𝑒𝑟 𝑓𝑎𝑑e. 🫶


මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා  රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා...
06/10/2023

මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.

නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.

කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .

එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.

පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .

මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .

මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .

මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .

පළා වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .

කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .

බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .

ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්‍රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .

පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .

යෝගට් කියා ඇත්තේ එම පිටි වලටම ස්ට්‍රෝබෙරි,වැනිලා කෘතීම විස රසකාරක යෙදු වස කෝප්පයකි.

ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස් දමති .

කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .

සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්‍රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය. .
සුප් කැටය යනු වස කුට්ටියකි.

සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .

අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්‍රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .

මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්‍ර කරයි . එහි නියමිත මාත්‍රාවක් ඇතත් එයද වසය.

පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .

තක්කාලි සෝස් සෑදීමට තක්කාලි භාවිතා නොකරයි. ඒ සඳහා යොදා ගන්නේ පිටි ඩයි සහ රසකාරකය...

දින 45 ට කලින් විකුණා ගතයුතු නිසා අධික විෂසහිත හොමෝන වර්ග කවා බ්‍රොයිලර් කුකුලන් ඉක්මනින් බර වැඩීවීමට සලස්වයි..

මේවායේ ප්‍රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්‍රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
අපේ රටේ සවුඛ්‍ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
.

කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කලයුතුද..?

( උපුටා ගැනීමක සාරාංශය කි )

රනිල් මුදුන්කොටුව
Ranil Mudunkotuwa page
Copied.

ජීවිතය කියන්නේ  අවිනිශ්චිත දෙයක්. කාලය සහ දෛවය සෙට් වෙලා දෙන ගේමකදි අපි හැමෝම නිකන්ම නිකන් රූකඩ විතරයි. 💔ඒ නිසා, කැබිනට්...
06/10/2023

ජීවිතය කියන්නේ අවිනිශ්චිත දෙයක්. කාලය සහ දෛවය සෙට් වෙලා දෙන ගේමකදි අපි හැමෝම නිකන්ම නිකන් රූකඩ විතරයි. 💔

ඒ නිසා, කැබිනට්ටුවේ තියන හොදම කෝප්පයෙන් තේ බොන්න. හොදම පිගානෙන් බත් කන්න. අනාගතය කියන්නේ ඊළඟ තත්පරයට.

අවිනිශ්චිත ජීවිතයක පසුවට උරගාන්න හොදම දේ පරිස්සම් කරලා වැඩක් නෑ!

හොදම කෝප්පයෙන් ගෙදරට එන අමුත්තා නෙමෙයි තේ බොන්න ඕන. ඔබ සහ සමීපතමයන් තමයි එය පාවිච්චි කළ යුත්තේ.

ඔබට හොදම වෙන්න මීට වඩා වෙලාවක්
එන්නේ නෑ. ඒ යහපත ලබන්න ළගම කෙනාට වඩා කෙනෙකුත් නෑ!

ආදරය කරුණාව තියෙන්නේ අනාගතයට පරිස්සම් කරන්න නෙමෙයි. අතීතයට එකතු කරන්නයි!

ජීවිත හැර ගිය වූවන්ට නිවන් සුව ලැබේවා! තුවාල වූවන්ට ඉක්මන් සුව ලැබේවා! | 💔🙏

Cpd

05/10/2023

Sri Lanka wins gold after 21 years in Asian Games in Athletics.! 🇱🇰🇱🇰

Tharushi Karunarthna creates history for Sri Lanka with the first athletics gold since 2002 for Sri Lanka with a time of 2:03.20 in the Women's 800m ❤️❤️❤️

විශ්වාස කරනවද වචන හරි බලවත් බව? උදේම මූණට හමුවෙන කෙනෙකුට ' අද ඔයා හරි ලස්සනයි ' වගේ දෙයක් කියන මනුස්සයෙකුට පුළුවන් ඒ කෙන...
03/10/2023

විශ්වාස කරනවද වචන හරි බලවත් බව?

උදේම මූණට හමුවෙන කෙනෙකුට ' අද ඔයා හරි ලස්සනයි ' වගේ දෙයක් කියන මනුස්සයෙකුට පුළුවන් ඒ කෙනාගෙ දවසම ලස්සන කරවන්න.

ජීවිතේ පසුබෑම් වලට ලක් වුණු කෙනෙකුට ' ඔයාට පුලුවන්, ඔයා දක්ෂයි ' වගේ දේවල් කියන මනුස්සයෙකුට පුළුවන් ඒ කෙනාගේ ජීවිතයම වෙනස් කරවන්න.

වැඩ රාජකාරි දාහක් මැද්දෙ වුණත්, එකම එක මැසේජ් එකකින් තවකෙනෙක් හොඳින්ද කියලා සැළකිලිමත් වෙන කෙනෙකුට පුලුවන් ඒ කෙනා මේ ලෝකෙ තනිවෙලා නෑ කියන හැඟීම හිත තුළ ඇති කරවන්න.

මිනිස්සු තමන්ගෙම අයගෙන් බලාපොරොත්තු වෙන්නෙත් අන්න ඒ වගේ සැනසීමක්.

මතක තියාගන්න,

පුංචි වචනෙකට පුලුවන් මහන්සියෙන් හෙම්බත් වුණු මැළවිලා ගිය හිත් වලට හරි ලස්සනට පාට තවරන්න.

ලැබෙන හැම මොහොතකදිම අපි ළඟම ඉන්න මිනිස්සුන්ව එක වචනෙකින් හරි සනසවන්න දෙපාරක් හිතන්නෙපා කියන්නෙ අන්න ඒ නිසයි. 🌻🖤

ඔයාගේ  comfortable zone එක ඇතුලේ ඔයාගේ මානසික නිදහස රකින මිනිස්සු විතරක් තියා ගන්න. සමහර විට ඔයාගේ වටේට ඉන්නෙ හරිම Toxic...
02/10/2023

ඔයාගේ comfortable zone එක ඇතුලේ ඔයාගේ මානසික නිදහස රකින මිනිස්සු විතරක් තියා ගන්න.

සමහර විට ඔයාගේ වටේට ඉන්නෙ හරිම Toxic , කිසිම දේක හොදක් දකින්නෙ නැති , අනිත් අයට අපහස කරන , කපටි කුහක මිනිස්සු වෙන්න ඇති. මේ අයගෙ හැටි තමයි අනිත් මිනිස්සුන්ටත් තමන්ගෙ විස පොවලා තමන්ගෙ පැත්තට නම්ම ගන්න එක.

අන්න ඒ වගේ අයව ඔයාගෙ circle එකෙන් අයින් කරන්න දෙපාරක් හිතන්න එපා. ඉන්නෙ හොදම අය එක්කෙනාද දෙන්නෙක්ද කමක් නෑ ඔයාගෙ මානසික නිදහසට කරදරයක් නොවන අය විතරක් ආශ්‍රය කරන්න .

🌹

01/10/2023

Happy Children’s and Elders’ Day! 🫂

We are far from being ‘too young’ or ‘too old’. Our wisdom and our spirit can help to create a better world. ❤️

Let us hope that this Children’s and Elders’ Day will create more awareness of the need for everyone to contribute to the upliftment of our children & elders.



30/09/2023

Hi Qatar!

Hector Dias with D Major live in concert featuring Shanudrie Priyasad

Date - 27th Of October 2023
Time - 7.00pm - 2.00am
Location - Holiday Inn Hotel (Al Masa Ballroom) Doha
( https://maps.app.goo.gl/cnjmukHbt9Yx5CBRA?g_st=ic )

Tickets 🎫
🔵 👉🏼 Standing 🧍🏻🔵
(Random Cocktail tables)
135 QR early bird 🔥
175 QR at the gate

🟠 👉🏼 VIP Table for 10 People 🪑X 10 🟠
3000 QR early bird 🔥
3500 QR at the gate
1 Premium Bottle 🍾 of your choice
1 Fruit platter
Free chasers for the bottle
Free cocktail mixture
Free water

🟢 👉🏼 VIP Individual ticket 🪑 X 1 🟢
235 QR early bird 🔥
250 QR at the gate
Free cocktail mixture
Free water

Drinks 🍻🍷🥃 available at the venue
Snacks 🍤🍗🥙available at the venue

Contact for more information -
Jithendri - +974 30459933
Ruwangi - +974 50383262

29/09/2023

පින්බර බිනර පුන් පොහෝ දිනක් වේවා!!

ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබු‍ෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය. ඒ සමඟම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම විය. තවද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනමය.


මතක ද ඔයාගෙ පාසල් කාලය ! 🥺❤️‍🩹මතක් වෙද්දී ආසාවේ බෑ...💊ඒ කාලේ පුදුම නිදහසක් තිබ්බේ.️🫰🕊️අපහු ඒ පාසල් කාලෙට යන්න තිබ්බනම් ක...
28/09/2023

මතක ද ඔයාගෙ පාසල් කාලය ! 🥺❤️‍🩹

මතක් වෙද්දී ආසාවේ බෑ...💊
ඒ කාලේ පුදුම නිදහසක් තිබ්බේ.️🫰🕊️

අපහු ඒ පාසල් කාලෙට යන්න තිබ්බනම් කියලා ඔයාට හිතුණු අවස්ථා ඕන තරම් ඇති.
අපි , සමහරු ඒ පාසල් කාලෙන් එලියට ඇවිත් ඉවරයි.!! 🤍

කවදාහරි දවසක මතක් කර කර හිනාවෙන්න , සමහර දේවල් මතක් වෙද්දිත් ඇඬෙන , එක කාලයයි තියෙන්නෙ.ඒ තමයි පාසල් කාලය.!

ඉතිං , ස්තූති කරන්න ඔයාගේ දෙමාපියන්ට.ඔයාට ලස්සන පාසල් කාලයක් දුන්නට.☘️💛

මොහොතකට ජීවිතේ ආපස්සට හරවන්න පුළුවන් නම් දෙපාරක් නොසිතා මං ගිහින් නවතින්නෙ මේ කාලයට.!! ❤️‍🩹🚶‍♂️

I Know Brushes

වැස්ස..🌧️වැස්සකට දාහය නිවන්න පුළුවන් වගේම වැස්සකට පුළුවන් හිතක් ඇතුලෙ කාලෙයක් තිස්සෙ මිහිඳන් කරල දාල තියන මතක හාරවුස්සන්...
28/09/2023

වැස්ස..🌧️

වැස්සකට දාහය නිවන්න පුළුවන් වගේම වැස්සකට පුළුවන් හිතක් ඇතුලෙ කාලෙයක් තිස්සෙ මිහිඳන් කරල දාල තියන මතක හාරවුස්සන්න. ජීවිතේ එක එක කාල වලදි අපි විඳපු විඳවපු දේවල්, වැලලිල ගිය රස වගේම නීරස මතක ගොඩ ගන්න වැස්සකට පුළුවන්. ඒ මතක සමහරවිට කාලෙකදි අපේ ජීවිතේට සතුට අරන් ආපු කෙනෙක් එක්ක වැස්සත් එක්ක බැඳුණු රස මතකෙයක් වෙන්න පුළුවන්..🪻 නැත්තන් ජීවිතේ ලොකු අහිමිවීමකින් පස්සෙ අන්තෙටම වැටුණු වෙලාවක තනියෙන් ඒක දරාගන්න, තනියෙන්ම හිත හදාගන්න සිද්ද වුණු නීරස මතකෙයක් වෙන්නත් පුළුවන්..🥀
වැස්සත් එක්ක බැඳිච්ච ඔයා ආසම සිංදුවක් වෙන්නත් පුළුවන්..🎶

අපි එක එක්කෙනාගෙ වයිබ් එක වෙනස්නෙ. ඉතින් එක එක්කෙනා වැස්ස විඳින විදිහත් වෙනස්. සමහරු ආසයි වැස්සෙ උණු උණු කෝපි එකක් බොන ගමන් පොතක් කියවන්න හරි සිංදුවක් අහන්න හරි. තවත් සමහරු ආසයි වැස්සෙ සද්දෙ අහන ගමන් හොඳ නින්දක් දාන්න. තවත් සමහරු ආසයි වැස්සත් එක්ක මනෝපාරක් ගහන් වෙනම ලෝකෙකට යන්න..🌀

ඒ කොහොම වුණත් වැස්සක කවුළුවක් ළඟ තනියෙන් වාඩිවෙලා වැස්ස දිහා බලන් නිමක් කොනක් නැති මනෝපාරක් ගහන් මනෝ ලෝකෙක තනි වෙලා කල්පනා කර කර ඉන්න එකත් අමුතුම දෙයක්. හැල්මෙ දුවන ජීවිතේ ට්‍රැක් එකෙන් පොඩ්ඩක් වෙන පැත්තකට මූව් වෙනව වගේ දෙයක්...✨️
The VIBE ✍️
#වැස්ස

28/09/2023

May the grace of this holy day bring peace to your soul and blessings to your life. Eid Milad-un Nabi Mubarak!


26/09/2023

World Environment Health Day is observed on September 26 every year to mark a day dedicated to creating awareness about the impact of environmental health on human lives. The day is an occasion to recognize the impact of environmental factors on human beings and how a healthy environment is important for healthy living.

🍃

අත අරින්න එපා, අල්ලන් ඉන්න....මොන බාධකය ආවත් ඔයාට බැරිනෑ, ඔයාව නවත්තන්නත් බෑඔයා කොහොම හිතුවත් බෑ කියලා හිතන්න එපා ❤️🫵
25/09/2023

අත අරින්න එපා, අල්ලන් ඉන්න....
මොන බාධකය ආවත් ඔයාට බැරිනෑ, ඔයාව නවත්තන්නත් බෑ
ඔයා කොහොම හිතුවත් බෑ කියලා හිතන්න එපා ❤️🫵

25/09/2023

Hi Dubai! Hector dias with D major Live in Dubai featuring Umara Music & Umaria Sinhawansa for the very first time all on one stage.

Date - 28th Of October 2023
Time - 8.00pm - 2.00am
Location - Millennium Plaza Downtown Hotel - Sheikh Zayed Road ( https://maps.app.goo.gl/dyZjV7abW7iryxDd6 )

VIP For 10 seats (Including 2 black lable & Unlimited chasers)
At the gate - 3500 AED
Early bird - 3000AED

Gold Seats
At the gate - 200 AED
Early bird - 170AED

Standing (Random Cocktail tables)
At the gate - 180AED
Early bird - 150AED

Contact for more info . Lakmal - +971 569 457 189
Christine - +971 562 589 043

Pay Yourself First❗පළමු ගෙවීම ඔබට❗ඔබට ලැබෙන ආදායමෙන් භාහිර පාර්ශව වෙනුවෙන් කරන ගෙවීම් එනම් බිල්පත් ගෙවීම්, ණය ගෙවීම්, ආහ...
25/09/2023

Pay Yourself First❗පළමු ගෙවීම ඔබට❗

ඔබට ලැබෙන ආදායමෙන් භාහිර පාර්ශව වෙනුවෙන් කරන ගෙවීම් එනම් බිල්පත් ගෙවීම්, ණය ගෙවීම්, ආහාර සහ වෙනත් අත්‍යවශ්‍යය දෑ මිළදී ගැනීම් වෙනුවෙන් කරන ගෙවීම් පළමුව සිදු කිරීම වෙනුවට, පළමු කොටස ඔබ වෙනුවෙන් වෙන් කරගන්න. එනම් පළමු කොටස ඉතුරුම් හා ආයෝජන වෙනුවෙන් වෙන් කරන්න.

අප පුරුදුව සිටින්නේ සියලු දේ ගෙවා අවසානයේ යමක් ඉතුරු වුවහොත් පමණක් ඉතිරි කිරීමට හෝ ආයෝජන අවස්ථා වලට යොමු වීමයි. මෙය සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවලියකි. බොහෝ විට වියදම් සියල්ල සිදු කළ පසු ඉතිරි කිරීමට කිසිවක් ඉතිරි නොවේ.

ඔබ කොපමණ මුදලක් ඉපයූවද තවමත් පොහොසත් වී නොමැති බව හැගේ නම් සහ තවමත් ජීවිතයේ පටන් ගත් තැනම බව පෙනේ නම් එයට හේතුව ඔබ තමාගේ කොටස වෙන් කර නොගෙන අන් අය වෙනුවෙන් ගෙවීම් සිදු කරමින් සිටීමයි.

අවම වශයෙන් ලැබෙන සෑම ආදායමකින්ම 5%-10% ක් වත් අපහසුතා මධ්‍යයේ ඉතිරි කිරීම් වලට යොමු කිරීමට පුරුදු වන්න.එසේ කිරීමේදී වියදම් වලට ආදායම ප්‍රමාණවත් නොවන බව පෙනේ නම් විකල්ප ආදායම් මාර්ග සොයා ගැනීමට උත්සාහ කරන්න. ඉතිරි කිරීමට පුරුදු වීම ආදායම වැඩි කර ගැනීමට ඔබව උනන්දු කරගැනීමට හේතුවක්ද වේ. ඉතිරි කිරීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති නම් රජය, ඔබේ කාර්‍යාලය හෝ වෙනත් කිසිවෙක් ඔබ වෙනුවෙන් ඔබට මුදල් ලබා දීමට බැදී නොමැති බවත් ඔබ අවබෝධ කර ගත යුතුය.

පොහොසත් වීම අපහසු නොවේ. අවශ්‍ය වන්නේ වුවමනාව සහ විනය පවත්වා ගැනීම පමණි.

ඔබට පුලුවන්! Yes You Can 💪

©️

ඔබ කිසිවිටෙක ඔබ ගැන ඔප්පු කිරීමට හෝ කිසිවෙකුට පැහැදිලි කිරීමට අවශ්‍ය නැත.අන් අයට හානියක් නොවන පරිදි සරලව, සත්‍ය ලෙස ඔබම ...
25/09/2023

ඔබ කිසිවිටෙක ඔබ ගැන ඔප්පු කිරීමට හෝ කිසිවෙකුට පැහැදිලි කිරීමට අවශ්‍ය නැත.

අන් අයට හානියක් නොවන පරිදි සරලව, සත්‍ය ලෙස ඔබම වී ජීවත් වන්න. ඔබව වරදවා වටහා ගන්නා පුද්ගලයින්ට සිනහවෙන් සංග්‍රහ කරන්න.

මිනිසුන්ට ඔවුන්ගේ ප්‍රමාණය මත ඔබව වටහා ගැනීමට ඉඩ දෙන්න.

ඔබේ ජීවිතයේ වඩාත්ම වැදගත් පුද්ගලයන් වේ නම් ඔවුන් වැරදි ලෙස පෙනෙන කැඩපත දෙස වුවද දෙවරක් හැරී බලනු ඇත. ❤️🌻

24/09/2023

"Waterways in our communities"

World Rivers Day is a day to celebrate our waterways and to increase public awareness about conserving our water resources.It lays an emphasis on protecting rivers that remain in a healthy state, while also striving to restore those that have been damaged in past.

Rivers in virtually every country face an array of threats, and only through our active involvement can we ensure their health in the years ahead. 💚




භයානක “නීපා” වෛරසය රටවල් රැසක ව්‍යාප්ත වෙයි.!ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බං...
22/09/2023

භයානක “නීපා” වෛරසය රටවල් රැසක ව්‍යාප්ත වෙයි.!

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භයානක වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවමින් සදහන් කරයි.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවයි.

“නීපා” වෛරසයේ ආසාදිතයින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වු අතර මෙම වෛරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 මැලේසියාවේ ඌරු ගොවිපොලකිනි.

සුබ දවසක්...එක එක කාලවලදී ඔයාට ජීවිතයේ විවිධ මානසික තත්ව ඇති වෙන්න පුලුවන්.' මේ ජීවිතේ හරි නීරසයි. හැමදාම එකම දේ, එකම තැ...
19/09/2023

සුබ දවසක්...

එක එක කාලවලදී ඔයාට ජීවිතයේ විවිධ මානසික තත්ව ඇති වෙන්න පුලුවන්.

' මේ ජීවිතේ හරි නීරසයි. හැමදාම එකම දේ, එකම තැන අපි කැරකෙනවා' වගේ හැඟීමක් ඔයාටත් කාලෙකදී දැනිලා ඇති.

ඒක ඇත්තටම නිකන්ම නිකන් හැඟීමක් නෙමෙයි. ඒක ඔයාට මොළයෙන් ලැබෙන සංඥාවක්.

ඒකෙන් අදහස් වෙන්නේ ඔයා මේ දවස් වල හිරවෙලා ඉන්න බව. ඔයාට දැන් වෙනසක් ඕන, අළුත් අත්දැකීමක් හෝ ඔයා උනන්දුවක් දක්වන දෙයක් නැවත පටන් ගන්න ඕන.

ඒත් එක්කම, ' මටමයි හැමදේම වෙන්නෙ, තව මොනාහරි වුණොත් මම ඉවරෙටම ඉවරයි. හැමදේම වෙන්නේ නරක විදියට ' වගේ දේවල් දැනෙන කාලවලුත් ඔයාට ඇති.

ඒ වගේ දවස්, ඔයා ආසම දේවලුත් ඔයාට එපා වුණ, කිසිම දෙයක් ගැන උනන්දුවක් නැති දවස් වෙන්න ඇති.

එහෙම වෙද්දි ඔයා තේරුම් ගන්න ඕන ඔයාට දැන් ගොඩක් මහන්සි බව, ඔයාට හොඳ විවේකයක් අවශ්‍ය බව. යාලුවෝ එක්ක, පවුලේ අය එක්ක ටිකක් කාලය ගත කරන්න ඕන බව.

හැමදාම කරන වැඩ වලින් එක දවසක් හරි විවේක ගන්න ඕන කියලා හිතුණා නම් දැන් තමයි ඒකට හොඳම වෙලාව.

මතක තියාගන්න, හැම අමාරු කාලයකටම පස්සේ ඔයා ඔයාවම නැති කරගන්න නෙමෙයි, ඔයා ඔයාවම හොයගන්නයි ඕන.

ලස්සන ගමනක් ආයෙත් පටන් ගන්නේ අන්න එතකොටයි.

18/09/2023

ඔබේ ජයග්‍රහණයන් නිරතුරුවම පතන ..අපෙන්...

හෙට දින ඔබව රකින හොඳම ආයෝජන සැලැසුම්...

Like කරලා...Follow එකක් දෙන්න...Share කරන්න...

https://www.facebook.com/phphomagama?mibextid=ZbWKwL

පවර් හැන්ඩ්ස් ප්ලාන්ටේෂන්

#
#
🇱🇰

🇱🇰

දන්නවද, ජීවිතේ එකම එක වතාවක් හරි ' මම ඔයාට ආදරෙයි ' කියලා අහගන්න බැරි වුණු මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. ' ඔයාට සුබ උපන්දිනයක...
18/09/2023

දන්නවද,

ජීවිතේ එකම එක වතාවක් හරි ' මම ඔයාට ආදරෙයි ' කියලා අහගන්න බැරි වුණු මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.

' ඔයාට සුබ උපන්දිනයක්' කියලා අහගන්න බැරි වුණු අය ඉන්නවා.

' මම ඔයාට උදව් කරන්නම්' කියලා තව කෙනෙක්ගෙන් අහගන්න බැරි වුණු අය ඕන තරම් ඉන්නවා.

ඉතිං ඔයාට පුලුවන් වෙන්න ඕන
පුංචිම පුංචි වචනෙකින් හරි ඔයා එක්ක ඉන්න අය ගැන සතුටු වෙන්න.

විවේචනයකින් තොරව ඒ අය ඔයා වෙනුවෙන් කියන, කරන පුංචි දේත් අගයන්න.

ඔයාට ඒ වෙනුවෙන් ඔයා කැමතිම මිනිස්සු ළඟ නැති වෙන්න පුලුවන්.

ඒත් මතක තියාගන්න,
ජීවිතේ පුරාම තව කෙනෙකුගෙ ආදරය, කරුණාව නොලබපු,

නොසෑහෙන්න තනි වුණු මිනිස්සු මේ ලෝකෙ ඕන තරම් ඉන්න බව. 🥀🖤

👀❤        මීදුමී........      ✨️🌿 ඔයා දැන් ඉන්න ජීවිතයට වඩා වෙනසක් ජීවීතේට ඕනි නම්..🤫❤ඔයාගේ අරමුණු ළඟා කරගන්න ඕනිනම්..😌ඔ...
16/09/2023

👀❤ මීදුමී........ ✨️🌿
ඔයා දැන් ඉන්න ජීවිතයට වඩා වෙනසක් ජීවීතේට ඕනි නම්..🤫❤
ඔයාගේ අරමුණු ළඟා කරගන්න ඕනිනම්..😌
ඔයාට සිද්ද වෙනවා ඔයාගේ comfort zone එකෙන් එලියට එන්න...🥀
ඔයාට නුහුරුයි..අමාරුයි කියලා හිතෙන පියවර තැබුවට පස්සෙ..🤫
ටික කලකින්..🤫
ඔයාට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා..🤗
අන්න ඒ පියවර තියන්න නම්..
ඔයාට පුංචි වෙහෙසක් දරන්නම වෙනවා..🤫❤
ඒත්...පාඩුවක් වෙන්නෙ නම් නෑ..😌🤫

ඒකිව්වෙ,
මෙන්න මෙහෙම හිතන්න..🤫
ඔයාගෙ අරමුණු වෙනුවෙන්,
ඔයාට කලින්ට වඩා උදෙන් ඇහැරෙන්න ඕනි කියලා හිතමු...
ඔයාට පළවෙනි දවසෙ ගොඩාක් අමාරුයි වෙලාසන ඇස් ඇරගන්න ...
ඒත්... ටිකක් පුරුදු උනාම..🥀
ඔයාට ඒක ගානක් නෑ..
ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා..🤫🌼

සෑම සාර්ථක කතාවක් පිටිපස්සෙම..
එහෙම අමාරුවෙන් තියපු පියවරක් තියෙනවා..🌼
ඒ පියවර තියන්න ශක්තියක් ඔයාට තියෙනවා ..❤
ඉතින් ..
උත්සාහ කරලා බලන්න..❤🌼





| ඉඩෝරය දරා ගනිම්වසන්තය එනවා සත්තයි 🌼|
12/09/2023

| ඉඩෝරය දරා ගනිම්
වසන්තය එනවා සත්තයි 🌼|

10/09/2023

හිතවත් පාරිභෝගිකභවතුනි,

"කෙටි පණිවුඩයෙන් එන වෙබ් ලිපිනය තැපෑලේ නොවේ."

ඔබටත් කෙටි පණිවුඩයක් ඒවි. එහි තැපැලේ රඳවාගත් පාර්සලයක් ගැන හෝ හෝ වෙනත් සේවාවක් ගැන සඳහන් වේවි. Link එකක් දීල ඒකෙන් ඇතුළත් වෙන්නත් කියාවි. ඔබ වෙබ් අඩවියට ඇතුළත් වුවහොත් ඒ සඳහා කුඩා මුදලක් හෝ ගෙවන්නට යැයි එහි සඳහන් වේවි. බැලූ බැල්මට වෙබ් ලිපිනයත් වෙබ් අඩවියත් තැපැල් දෙපාර්තමේන්තුවේ ම වගේ වේවි.
රැවටෙන්න එපා. ඒක බොරුවක්.......

තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් වෙත පැමිණ හෝ ඔබ දන්නා හදුනන තැපැල්කරුමහතා වෙත හෝ හැර තැපෑල වෙනුවෙන් යැයි වෙබ් අඩවි හරහා වෙනත් මාර්ග වලින් මුදල් ගෙවන්න යන්න එපා.

ඒ සොරුන් ඔබගේ කාඩ්පත් තොරතුරු ලබාගෙන ඔබගේ ගිණුම්වලින් මුදල් සොරා ගනීවි.
ප්‍රවේශම් වන්න!

"පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් වන තැපැල් දෙපාර්තමේන්තු පණිවුඩයකි."

රාජිත රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)

වැඩිමනත් විමසීම් සඳහා 1950 දෙපාර්තමේන්තු පාරිභෝගික සේවා හදිසි ඇමතුම් අංකයෙන් හෝ දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ අංශයේ මෙහෙයුම් උපකාරක සේවාවේ 011 2542104, 011 2334728, 0112335978, 0112687229, 011 2330072 දුරකථන අංකවලින් හෝ 0742496323 WhatsApp අංකයෙන් හෝ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය මඟින් තැපැල් මූලස්ථානය අමතන්න.

____උපුටාගැනීමකි___

ආයෝජන ගැන පොඩ්ඩක් ලියන්න ඕන කියලා හිතුණා. එත් මට ලියන්න නම් ලොකුවටම හැකියාවක් නෑ. ඒකත් මතක තියාගෙන මම මේ ලියන දේ කියවන්න...
07/09/2023

ආයෝජන ගැන පොඩ්ඩක් ලියන්න ඕන කියලා හිතුණා. එත් මට ලියන්න නම් ලොකුවටම හැකියාවක් නෑ. ඒකත් මතක තියාගෙන මම මේ ලියන දේ කියවන්න කියලා ආරාධනා කරනවා.

ආයෝජනයකින් තොර සාර්ථක , සාධාරණ මුල්‍ය දියුණුවක් මම නම් දකින්නේ නැහැ, ඒ වගේම මම ඒක පිලිගන්නෙත් නැහැ. ඉතිං මම මේ කිව්ව ක්‍රමයට විරුද්ධව කෙනෙක් මුල්‍ය දියුණුවක් ලබනවා නම්, එක්කෝ ලොතරැයි දිනුමක්, මැණිකක් හෝ නිධානයක් වගේ දෙයක් හම්බවෙලා ලැබෙන මුදල් තොගයක් විය යුතුයි.😁 නමුත් එයද බොහෝ විට තාවකාලික දියුණුවක් කියලා තමයි මගේ අත්දැකීම් අනුව මට හිතෙන්නේ .. නමුත් මගේ මතයට විරුද්ධ අවස්ථාවන් පවා මම දැකලා තියෙනවා, ඒ කියන්නේ එහෙම අහම්බෙන් ලැබෙන මුදල් හරිවිදියට භාවිතා කරලා මුල්‍ය දියුණුක් සැබෑ ලෙස අත් කරගත් මිනිස්සුන්ද මම දැකලා තියෙනවා. නමුත් ඒක අහම්බයක් , සහජ දක්ෂතාවයක් ! ඉතිං මා මෙහි අදහස් කරන සහජ දක්ෂතාවය එහෙම නැත්නම් අහම්බය කුමක්ද ? අප විසින් අවබෝධ කරගත යුතු වැදගත්ම දේය කුමක්ද ? එය නම් #මුදල්_පාලනය යයි. එහෙම නැත්නම් , මුල්‍ය සාක්ෂරතාවයයි. තවත් සරලව කියනවා නම්, මුදල් වලින් මුදල් මැවීමේ කලාවයි. ඔබට ලැබෙන පොඩි මුදල වර්ධනය කර ගැනීමේ ආකාරයයි...

යමෙකු ධනවතෙකු වීමට බලාපොරොත්තුවක් ඇති කරගත් දා සිට මෙම කලාව ප්‍රගුණ කල යුතුය. මෙය ගැන අවබෝධ කරගත යුතුය. ඒ අනුව සාර්ථක , සාධාරණ මුල්‍ය දියුණුවකට ඇති එකම විසදුම මුල්‍ය සාක්ෂරතාවය තුලින් ආයෝජනයට පිවිසීම බව තරයේ අවබෝධ කරගත යුතුය..

👉Guruwidha

___Copy ___

Rainy Mood🌧 ❤️________
03/09/2023

Rainy Mood🌧 ❤️
________

අද මේ පටන් ගත්තෙ අවුරුද්දේ තියෙන තවත් එක සුන්දරම මාසයක්. මාස 12න් මාස 8ක් ගෙවිලා ඉවරයි. ඒ මාස 8 ගැන ආපස්සට හැරිලා බලද්දි...
01/09/2023

අද මේ පටන් ගත්තෙ අවුරුද්දේ තියෙන තවත් එක සුන්දරම මාසයක්.

මාස 12න් මාස 8ක් ගෙවිලා ඉවරයි. ඒ මාස 8 ගැන ආපස්සට හැරිලා බලද්දි ඔයා ගොඩක් මහන්සි වෙලා තියෙන්න පුලුවන්. එක එක හැල හැප්පීම් මැද්දෙ ආවා වෙන්න පුලුවන්.

එහෙමත් නැත්තන් කිසිම විශේෂයක් නැතුව ඔහේ ගෙවිලා ගියා වෙන්න පුලුවන්.

ඒ කොහොම වුනත් ගෙවෙන දිනත් එක්ක ඔයාට පුලුවන් අද ඉඳලා අළුත් වෙන්න. හැමදාම එක දිගට කරගෙන යන වැඩක වුනත් නැවත අළුත් ආරම්භයක් ගන්න.

මිනිස්සු හරි බයයි අලුත් වෙන්න, අලුත් පියවරක් තියන්න. අන්න, එතනදි තමයි ඔයාට උත්සහය, ධෛර්යය කියන දේ ඕන වෙන්නෙ.

ඒ ධෛර්යයෙන් උත්සහයෙන් ඔයා කරන වැඩ වලට, අවශ්‍ය කාලය තුළ, උපරිම අවධානය දෙන්න.

මතක තියාගන්න, දවසක ජීවිතේ දිනන්නෙ දක්ශම කෙනා නෙමෙයි. දිනන කෙනයි දක්ශයා වෙන්නෙ.

අතාරින්න එපා. මේක ඔයාගෙ කතාව. ඉතිං කතාවෙ ලස්සන තැන් හොයාගන්න ඕන වෙන කවුරුත් නෙමෙයි, ඔයාමයි. 🍃✨️📝

ඔහොම නවතින්න ! දන්නවද පුංචි ළමයෝ , ඔයා දිනනවා ! ඔයාගේ හීන සැබෑ වෙනවා ! ඔය කුණාටු නැති වෙනවා ! ඔයා හරි සතුටින් හිනා වෙන්න...
29/08/2023

ඔහොම නවතින්න !
දන්නවද පුංචි ළමයෝ ,
ඔයා දිනනවා ! ඔයාගේ හීන සැබෑ වෙනවා !
ඔය කුණාටු නැති වෙනවා !
ඔයා හරි සතුටින් හිනා වෙන්න පටන් ගන්නවා ...
ජීවිතේ ලස්සන ඔයා විඳිනවා .....
හැමදේම පාට වෙනවා !
හැම හීනයක් ම සැබෑ වෙනවා ! 🌼

ඔයා ඔයාට මුල් තැන දෙන දවසට ,ඔයා ඔයා ගැන හිතන දවසට, ඔයා ඔයාට ආදරේ කරන දවසට , ඔයා ඔයාව අගය කරන දවසට ,ඔයා ඔයාගේ වටිනාකම දකි...
28/08/2023

ඔයා ඔයාට මුල් තැන දෙන දවසට ,
ඔයා ඔයා ගැන හිතන දවසට,
ඔයා ඔයාට ආදරේ කරන දවසට ,
ඔයා ඔයාව අගය කරන දවසට ,
ඔයා ඔයාගේ වටිනාකම දකින දවසට ,
ඔයා ඔයා එක්ක සතුටින් ඉන්න දවසට ,
ඔයා ඔයාව ඉහළින් දකින තරමට ,
ඔයා ඔයා ගැන හිතලා තීරණ ගන්න දවසට ,
ඔයා දිනනවා____________________🌼🌼

Feel   the   Nature  🌏v͟͟͟͞͞͞i͟͟͟͞͞͞s͟͟͟͞͞͞i͟͟͟͞͞͞t͟͟͟͞͞͞ s͟͟͟͞͞͞r͟͟͟͞͞͞i͟͟͟͞͞͞l͟͟͟͞͞͞a͟͟͟͞͞͞n͟͟͟͞͞͞k͟͟͟͞͞͞a͟͟͟͞͞͞  🍀🇱🇰 ...
28/08/2023

Feel the Nature 🌏

v͟͟͟͞͞͞i͟͟͟͞͞͞s͟͟͟͞͞͞i͟͟͟͞͞͞t͟͟͟͞͞͞ s͟͟͟͞͞͞r͟͟͟͞͞͞i͟͟͟͞͞͞l͟͟͟͞͞͞a͟͟͟͞͞͞n͟͟͟͞͞͞k͟͟͟͞͞͞a͟͟͟͞͞͞ 🍀🇱🇰
______________

📷 credit to respective owner

ඔයාට හමුවෙන හැම කෙනෙකුටම සතුටු හිතෙන positive දේවල් කියන්න පුරුදු වෙන්න. 😊" කෙට්ටු වෙලා, කළු වෙලා, කොණ්ඩේ ගිහිල්ලා, තව ම...
28/08/2023

ඔයාට හමුවෙන හැම කෙනෙකුටම සතුටු හිතෙන positive දේවල් කියන්න පුරුදු වෙන්න. 😊

" කෙට්ටු වෙලා, කළු වෙලා, කොණ්ඩේ ගිහිල්ලා, තව මහත් වෙලා, කැත වෙලා, ඔයාට ඒක බෑ නේද, ඔයා ෆේල් නේද, ඒක කැතයි ඔයාට ......" වගේ දේවල් කියන එක නවත්වන්න.

ඔයා ඒක මොන හිතින් කිව්වත් අපි දන්නෙ නෑ ඒක අනිත් කෙනාට කොච්චර දුරට නරක විදියට බලපානවද කියන්න.

ඒ වෙලාවෙ ඒක නොපෙනුනත් ඔයාගෙ ඒ පුංචි වචනෙට තව කෙනෙක් මාස ගාණක් සති ගාණක් දුක් වෙන්න පුලුවන්. තමන් ගැනම කලකිරෙන්න පුලුවන්.

හැම වෙලාවකම තවකෙනෙකුට positive comments දෙන්න පුරුදු වෙන්න. අපේ පුංචි වචනෙකට පුලුවන් මනුස්සයෙක්ගේ mood එක Confidence එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න. එක වචනයක් නිසා එයා තමන් ගැන ආඩම්බර වෙන්න පුලුවන්, අලුත් දෙයක් ගැන හිතන්න පුලුවන්. ඒකෙන් මුලු දවසම හිනා වෙලා ගත කරනවා වෙන්න පුලුවන්.

කෙටියෙන් කිව්වොත් Toxic වෙන්න එපා. තවකෙනෙකුගේ හිනාවකට හේතුවක් වෙන කෙනෙක් වෙන්න.😊

____________________________✍️

මිනිස්සුන්ට ජීවිතේ එක කාලයක් එනවා හැමදේකම මහන්සි දැනෙන. හිතලා මහන්සියිජීවත් වෙලා මහන්සියිබොරුවට හිනාවෙලා මහන්සියිසමාජය ඉ...
25/08/2023

මිනිස්සුන්ට ජීවිතේ එක කාලයක් එනවා හැමදේකම මහන්සි දැනෙන.

හිතලා මහන්සියි
ජීවත් වෙලා මහන්සියි
බොරුවට හිනාවෙලා මහන්සියි
සමාජය ඉදිරියේ රඟපාලා මහන්සියි
ඉගෙනගෙන මහන්සියි
හම්බකරලා මහන්සියි

මේ හැමදේම අතෑරලා ටිකක් නිදහසේ ඉන්න හිතෙනවා නේද? ඒත් ඒක කරන්නත් හරි අමාරුයි. මේ වගේ කියාගන්න බැරි මොකක්දෝ මානසික මට්ටමක ඉන්නෙ ඔයා විතරක් නෙමෙයි. හැමෝටම මේ දවස් හරි අමාරුයි.

හීන පස්සට ගිහින් මේ වයස වෙද්දි achieve කරගන්න හිතපු goals තාමත් අතරමඟ

Business ටිකත් ඉස්සර වගේ හොඳ තත්වයක නෑ කඩන් වැටිලා

Office එකෙත් හැමදාම එකම විදියට වැඩ ගොඩයි

හීන දැකපු වාහනේ ගන්න, ලස්සන wedding එකක් ගන්න තවම හරි හයියක් නෑ

දෙමාපියෝ හරි ඉක්මනට වයසට යනවා. ඒත් තවමත් එයාලා වෙනුවෙන් හිතේ හැටියට දෙයක් කරගන්න බෑ

මේ හැමදේම මෙහෙම නම් තව චුට්ටක් ඉවසලා ඉන්න.

මේ හැමදේකම බර ඔලුවට එකවර දෙන්නෙ නැතුව ඔයා පොඩි break එකක් ගන්න. ඒකට කමක් නෑ. වැඩිය හිතන්නෙපා. එතනින් පස්සෙ ආයෙ අලුත් විදියට හිතලා ඒ දේවල් පටන් ගන්න.

ඒ පාර ඔයා කලින්ටත් වඩා හොඳට ඒ දේවල් පටන් ගනියි.
මට විශ්වාසයි!

ඉවසන්න,

මොකද, සීත ඍතුවල තුහීන එක්ක අපෙ හිත් ගල් වුනත්

දවසක වසන්තයෙ මල් පිපෙත්ම ආයෙ මේ හැම හිතක්ම සුවද වෙන්නම ඕන අනිවාර්යයෙන්. 💫🌻✨️

24/08/2023
WORLD ENVIRONMENT DAY 2023🌱🌸❤️අද ලෝක පරිසර දිනය 🌱🌳☘️🍀🍃🌿අද විතරක් නෙමෙයි හැමදාම හුස්ම බෙදන කොළපාට පරිස්සම් කරන්න!!වපුරන්න...
05/06/2023

WORLD ENVIRONMENT DAY 2023🌱🌸❤️

අද ලෝක පරිසර දිනය 🌱🌳☘️🍀🍃🌿

අද විතරක් නෙමෙයි හැමදාම හුස්ම බෙදන කොළපාට පරිස්සම් කරන්න!!
වපුරන්න!!
කොළපාට නහවන්න !! 🌱❤️

ප්ලාස්ටික් ද්‍රව්‍ය නොදමා කොළ පාට රැක ගන්න දායක වෙන්න!!! 😇🦋

- පවර් හැන්ඩ්ස් ප්ලාන්ටේෂන් -

Address

No. 579/1/1, High Level Road, Godagama
Homagama
10200

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94707605735

Alerts

Be the first to know and let us send you an email when D Rasangi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D Rasangi:

Share