ආදරනීය ගම්පොල

ආදරනීය ගම්පොල ආදරනීය ගම්පොල

02/06/2024
*" ඔබට "**ඔබ ආදරය කරන කෙනෙකුට මෙන් සලකන්න*✨      ( Glennoon Doyle Melton ) *තමන්ව පිළිගන්න, තමන්ව අගය කරන්න, තමන්ට ආස දේ...
02/06/2024

*" ඔබට "*
*ඔබ ආදරය කරන කෙනෙකුට මෙන් සලකන්න*✨
( Glennoon Doyle Melton )

*තමන්ව පිළිගන්න, තමන්ව අගය කරන්න, තමන්ට ආස දේවල් අරන් දෙන්න, තමන්ව කැමති තැන් වලට එක්කන් යන්න...*
*ඔබට ඔබ ගැන තියෙන වටිනාකම සෑහෙන්න වැඩි වේවි ❤️*💫

සුභ දවසක් වේවා

* *සෑම දවසක්ම අලුත් ආරම්භයක්* *කලින් දවසේ කොහොම උනත් ඔයා කොයි විදිහට හිටියත් ඔයාට වුවමනාව තියනවනම් ඉස්සරහට යන්න* *අද දවස...
01/06/2024

* *සෑම දවසක්ම අලුත් ආරම්භයක්*
*කලින් දවසේ කොහොම උනත් ඔයා කොයි විදිහට හිටියත් ඔයාට වුවමනාව තියනවනම් ඉස්සරහට යන්න*
*අද දවස ඒ වෙනුවෙන් වෙන් කරන්න*
*ගැඹුරු හුස්මක් ගන්න*
*හිතන්න ඔයා මොනවද කරන්න ඕනේ කියලා*
*සිනාසෙන්න ඔයත් එක්කම*
*පටන් ගන්න අද දවස අලුතෙන්ම* 💪🔥

> Good morning 🍃
🌞🌟👌

*ආදරය කරන්න* *කාරුණික වන්න* *ලැබෙන හැම මොහොතකම සතුටින් හිනා වෙලා ඉන්න* *නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වෙන හැමෝම මතක තබාගන්න...
30/05/2024

*ආදරය කරන්න*
*කාරුණික වන්න*
*ලැබෙන හැම මොහොතකම සතුටින් හිනා වෙලා ඉන්න*

*නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වෙන හැමෝම මතක තබාගන්න*
*" ජීවිතය කෙටියි "*

*කේන්තිය, ඉක්මන් කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය, පළිගැනීම අත්හරින්න* 🫶❤️

ඔයාට හමුවෙන හැම කෙනෙකුටම සතුටු හිතෙන positive දේවල් කියන්න පුරුදු වෙන්න....♥️හැම වෙලාවකම තවකෙනෙකුට positive comments දෙන...
29/05/2024

ඔයාට හමුවෙන හැම කෙනෙකුටම සතුටු හිතෙන positive දේවල් කියන්න පුරුදු වෙන්න....♥️

හැම වෙලාවකම තවකෙනෙකුට positive comments දෙන්න පුරුදු වෙන්න. අපේ පුංචි වචනෙකට පුලුවන් මනුස්සයෙක්ගේ mood එක Confidence එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න. එක වචනයක් නිසා එයා තමන් ගැන ආඩම්බර වෙන්න පුලුවන්, ඒකෙන් මුලු දවසම හිනා වෙලා ගත කරනවා වෙන්න පුලුවන්.

කෙටියෙන් කිව්වොත් තවකෙනෙකුගේ හිනාවකට හේතුවක් වෙන කෙනෙක් වෙන්න....🥰

🌟🌹👌❤

*මේ ජීවිතේ  ඔයාට කරන්න බැරි දෙයක් වෙන කවුරු හරි කරනව දකිනකොට ඒ ගැන පොඩි ඉරිසියාවක් හිතනවා නේද....?**ඒක හැමෝටම ටිකක් එහෙම...
28/05/2024

*මේ ජීවිතේ ඔයාට කරන්න බැරි දෙයක් වෙන කවුරු හරි කරනව දකිනකොට ඒ ගැන පොඩි ඉරිසියාවක් හිතනවා නේද....?*

*ඒක හැමෝටම ටිකක් එහෙම තමයි 🫣*

*ඒත් ඒ දේවල් නිසා කවමදාකවත්, ඒ කෙනාගේ ඒ ලස්සන සිතුවිලි හැඟීම් පහත් කරලා දාලා කතා කරන්න වැඩ කරන්න යන්න එපා*

*ඔයා කරන්නේ ඔයාට කරන්න පුලුවන් දේවල්. එයා කරන්නේ එයාට කරන්න පුළුවන් දේවල්*

*ඔයාට ඒ දේ කරන්න බැරි නම් ඒ කරන කෙනාට ඒ දේ කරන්න පුංචිම හරි ශක්තියක් වෙන්න*
😉👊🤍

👍👍👌👌👌👑️🌟

එක් කාරුණාවන්ත ක්‍රියාවකට පුළුවන් තවත් කෙනෙකුගේ ජිවිතේ ලස්සන කරන්න .💙ඉතින්... එවන් වු ආලෝකමත් ආදරණීය මනුස්යෙක් වෙන්න.🌻තා...
27/05/2024

එක් කාරුණාවන්ත ක්‍රියාවකට පුළුවන් තවත් කෙනෙකුගේ ජිවිතේ ලස්සන කරන්න .💙

ඉතින්... එවන් වු ආලෝකමත් ආදරණීය මනුස්යෙක් වෙන්න.🌻

තාවකාලිකව මිනිසුන් මැද අමරණීය කාරුණාවක් ඇති මනුස්සයෙක් වෙන්න .🥰💛

සුභ දවසක් වේවා 🌞🌟❤

ජීවිතයේ ටික ටික ඉස්සරහට යනකොට ඔයා තේරුම් ගන්නවා ඔයා මහන්සි වෙන්න ඕනෙ ඔයාට අගයක් දෙන තැන්වලදි විතරයි කියලා...නොතේරුම්කමට ...
26/05/2024

ජීවිතයේ ටික ටික ඉස්සරහට යනකොට ඔයා තේරුම් ගන්නවා ඔයා මහන්සි වෙන්න ඕනෙ ඔයාට අගයක් දෙන තැන්වලදි විතරයි කියලා...
නොතේරුම්කමට සමහර වයස්වල දී ඔයා මහන්සි වෙනවා ඔයාට අගයක් නොදෙන තැන්වල හරියට...
ටික දවසක් යද්දී ඒ තැන්වලින් ඔයාට ලැබෙන්නෙ දුකක්...
ඒත් කමක් නෑ....
ඔයා ඉගෙන ගත්ත ඒ පාඩම ඉගෙන ගෙන ඉස්සරහට යන්න..
ඊට පස්සේ ආයෙත් ඔයා කවදාවත් වැටෙන්නේ නැහැ 🍃
🌹🌹🌹🌹🌟🌟🌟🌟❤️❤️❤️❤️
සුභ දවසක් වේවා

*💗🫂 *කාට ඔයාව ලස්සන නැති උනත් , දක්ශ නැති උනත් ඔයාගෙ ජීවිතේ ඔයා දකින ලස්සනම දක්ශම මනුස්සයා ඔයා විතරමයි.....*💗🌚*කවුරුත් ක...
25/05/2024

*💗🫂 *කාට ඔයාව ලස්සන නැති උනත් , දක්ශ නැති උනත් ඔයාගෙ ජීවිතේ ඔයා දකින ලස්සනම දක්ශම මනුස්සයා ඔයා විතරමයි.....*💗🌚

*කවුරුත් කියන කතා අහලා ඔයා ඔයාගෙ වටිනාකම නැති කරගන්න එපා....*💗🫂

*අනිත් දේ තමයි පුලුවන් තරම් කෙනෙක්ව අගය කරන්න...වැරැද්දක් දැක්කොත් ඒක පෙන්නලා දෙන්න...*💗

*ඒ විතරක් නෙවේ ඔයාට කවුරුහරි වැරැද්දක් පෙන්වලා දුන්නොත් එයාව ගන්න නොගෙන ඉන්නත් එපා...🫂❤‍🩹*

මොකද අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවේ...☺️

*තමන්ටම ඉන්න ගැලපෙන විදියක් තමන් හදන් ඉන්නවනේ....💗😽* *ඒ විදියට ජීවත් වෙන්න...*

*මොන ප්‍රශ්නේ ආවත් හිනා වෙලා ඉන්න....*❤‍🩹✨
*පුලුවන් තරම් තමන්ගෙ දේවල් තනියම දරා ගන්න....*❤‍🩹🫂

*සීමාව ඉක්මවලා දරාගන්න බැරි නම් තමන්ට ලගම කෙනෙක්ට් ඒක් කියලා හිත නිදහස් කරගෙන...ඊලඟ තත්පරේ හිනා වෙන්න....*🫀✨

මේ ලෝකේ වැඩියෙන්ම දුක් විඳපු මිනිස්සු තමා දවසක ලස්සනට හිනා වෙන්නේ...✨😽

❤‍🩹✍️

වැස්සත් හරි පුදුමයි !වැස්ස කියන්නෙ හරි සුන්දර දෙයක්වැසි යාමෙක ඒ සීතලත් එක්කඋණුසුම් කෝපි කෝප්පයක් එක්කහරි රහට වැස්ස විදින...
24/05/2024

වැස්සත් හරි පුදුමයි !
වැස්ස කියන්නෙ හරි සුන්දර දෙයක්
වැසි යාමෙක ඒ සීතලත් එක්ක
උණුසුම් කෝපි කෝප්පයක් එක්ක
හරි රහට වැස්ස විදින්න පුළුවන්
ලස්සන පොතක් එක්ක
ඒ සිද්ධීන් මවාගෙන
ලස්සන ලෝකයක තනිවෙන්න පුළුවන්
විටෙක වැස්ස ආදර්ණීය මතක ගොන්නකට පාර කියනවා
එක් නිදහස් හැගීමක්
හිතට ආවර්ජනය වෙන මොහොතක්
වැස්සට පුළුවන් මිනිස්සුන්ගෙ හිත් නිවන්නත්
ඒ වැටෙන වැහි බිදු දිහා බලන් ඉද්දි
හිතට දැනෙන්නෙ අමුතුම හැගීමක්
ඇත්තටම වැස්ස කියන්නෙ වෙනමම රහක වෙනමම feeling එකක් !

ඇයත් අදයි ඉපදුනේ..❤          අමතකද එයනොතිබුණු නම් එවන්    කැපකිරීමක්    දරාගැනීමක්   ඉවසීමක්මෙවන් පෝ දිනෙක කෙසේ බුදුවන්න...
23/05/2024

ඇයත් අදයි ඉපදුනේ..❤
අමතකද එය
නොතිබුණු නම් එවන්
කැපකිරීමක්
දරාගැනීමක්
ඉවසීමක්
මෙවන් පෝ දිනෙක
කෙසේ බුදුවන්නද සිදුහත්..❤🙏

එවන් උත්තමාවියගේ නාමයට නිරතුරු නමස්කාර වේවා 🙏☸️🏵️

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක ස...
23/05/2024

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි.

සිද්ධාර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීමයි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය.

එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි.

බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකය.

වෙසක් පොහොය දිනයේ ඇති තවත් වැදගත්කමක් ලෙස සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම පෙන්වා දිය හැක

ඉහත සිදුවීම්වලට අමතරව මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල්ම වරට ආරම්භ වීම වැනි සිදුවීම් ද සිදුවුණේ වෙසක් පොහොය දිනයක දීයි.

ඊට අමතරව අතීතයේ දී සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය කර තිබෙන්නේ ද වෙසක් පොහොය දිනයක යි.

ඉහත සඳහන් කරන ලද සියළුම සිදුවීම් වෙසක් පොහොය දිනවල සිදුවී ඇති නිසා ලොව පුරා සිටින බෞද්ධ ජනතාවට වඩාත්ම වැදගත් පොහොය දිනය වන්නේ වෙසක් පොහොය දිනය යි.

එම නිසාම බෞද්ධ ජනතාව එම පොහොය දිනයේ වැදගත්කම මනාව වටහාගෙන සැදැහැ සිතින් යුතුව වතාවත් කළ වනවා.

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා🙏

*මිනිස්සු ලස්සනම හිනා වෙලා ඉන්නකොට 🫣❤️*                    *ප්‍රශ්න දාහක් මැදින් වුනත් ඔයාට ඔයාගේ හිනාව රැකගන්න පුළුවන්න...
21/05/2024

*මිනිස්සු ලස්සනම හිනා වෙලා ඉන්නකොට 🫣❤️*
*ප්‍රශ්න දාහක් මැදින් වුනත් ඔයාට ඔයාගේ හිනාව රැකගන්න පුළුවන්නම් ඔයා සැබෑම දක්ෂයෙක්......🥰❤️*

සතුටු සිනා මුවග රැදුන
සුභ දවසක් වේවා 🌟🌟🌹🌟🌟

ගැටඹේ බෝධිය පිළිබඳ මේ තතු ඔබ දන්නවාද?මහනුවර සිට කොළඹට විහිදෙන ප්‍රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ප්‍රකට ගැටඹේ රාජෝපවනාරාමයේ...
19/05/2024

ගැටඹේ බෝධිය පිළිබඳ මේ තතු ඔබ දන්නවාද?

මහනුවර සිට කොළඹට විහිදෙන ප්‍රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ප්‍රකට ගැටඹේ රාජෝපවනාරාමයේ පඬුරු දමන බෝධිය පාර අද්දර පිහිටා ඇත. මේ බෝධිය පිළිබඳ රසවත් කතා පුවතක් මෙහි දැක්වෙයි. මහනුවර සිට ගැටඹේ බෝධිය තෙක් දුර කිලෝමීටර පහක් පමණ වෙයි. මේ බෝධිය මහනුවර නිර්මාණය වූ කරත්ත සීපදවල වර්ණනා වනුයේ එදා සිය ගණනක් වූ කෝපි කොළඹට රැගෙන ගිය ගැල් රෑට නවාතැන් ගත් තිප්පලක් වශයෙනි. මේ බෝධිය සිට කිලෝ මීටර් භාගයක් පමණ දුරින් පේරාදෙණිය පොලිසිය අසලින් ඇතුළට ගිය විට එදා තුන් සිංහලයේ ම පයින් ගමන් බිමන් ගිය අය නැවැතී විවේක ගෙන සීතල දිය නා ගිමන් හළ ප්‍රකට මධ්‍යස්ථානයක් වූ හාල් මැහි කඳුර නම් හන්තාන කන්දෙන් පොළව යටින් මතු වී බුබුළු දමමින් උඩට ආ සීතල ජල උල්පත විය. පියා හා අමනාප ව කොත්මලේට පලාගිය ගැමුණු කුමරු දිවා ආහාරය ගෙන විවේක ගත්තේ ද හාල් මැහි කඳුරේදී ය. 1947 ගංවතුරෙන් මුළු ප්‍රදේශය ම වර්ෂා ජලයෙන් යට වෙද්දී ගැටඹේ බෝධිය අවට බිම ගංවතුරට යට නොවී ඉතිරි වීම සමඟ ගැටඹේ බෝධියේ හාස්කම් පැතිරී යාමට විය. වර්තමාන දියුණුවට අඩිතාලම වැටුණේ මේ හාස්කම සමඟ ය.

පේරාදෙණිය රාජෝපවනාරාම පඬුරු දමන බෝධිය පිළිබඳ රසවත් කතා පුවත දැන් විමසා බලමු. උඩරට දෙවන රාජසිංහ රජු (1636 / 1687) රජ කරන විට දිගූද මේලෝ කැස්ට්‍රෝ නමැති පෘතුගීසි සෙන්පතියා යටතේ පෘතුගීසි වරු උඩරට විශාල යුද හමුදාවක් රැගෙන විත් වට කළහ.

පරංගි හමුදාව කඳවුරු බැඳගත්තේ මහවැලි ගඟ අද්දර ගැටඹේ තොට අසලයි. පෘතුගීසීන් උඩරටට ඇතුළුවන විට මහනුවර අත හැර කඳුකරයට පළා ගිය රජු ටිකෙන් ටික නගරයට ළංවෙමින් ගරිල්ලා ක්‍රමයට සතුරා වටලන්නට විය. දැඩි වර්ෂාව සමඟ මහවැලි ගඟ උතුරා යාමට විය. ගැටඹේ බෝධිය අසල මෑතක් වනතුරු ගඟ හරහට ස්වභාවික ගල් බැම්මක් සේ විහිදී ගිය හරස් ගල්තලාවක් විය. ඉන් ගඟේ ජලය ගලායාම සිදුවූයේ ඉතා සෙමිනි. එය ගඟේ ස්වාභාවික බාධකයක් විය.

වර්ෂාව සමඟ ම රෝගාබාධ මතු වන්නට විය. පෘතුගීසීන්ගේ යුද කඳවුරේ ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් සියල්ල වර්ෂාවට තෙමී තෙත බරිත විය. පසුදා උදෑසන හිරු රැස් වැටෙන විට තෙමුණු වෙඩි බෙහෙත් ගෝනි බිම එළා සුදු වැලි ඇති ගංඉවුරේ දමා වේලන්නට විය. ගැටඹේ තොට යාව පිහිටි ගන්නෝරු කන්ද හෙවත් දිවි දොස් කන්ද එදා උඩවත්ත කැලේ - හන්තාන – බහිරව කන්ද සමඟ එක ම කැළෑ යායක් ලෙස පැතිර තිබූ දැවැන්ත කැළෑවක් විය. දිවි දොස් කන්ද මුදුනට නැඟගත් සිංහල සෙනෙවියෝ ගැටඹේ ගංඉවුරේ පෘතුගීසීන් තෙත් වූ වෙඩි බෙහෙත් ගෝනි මත එලා වේලනු දුටුවාහ. මේ බව ඊයක බැඳි රහස් තල්පතක් මඟින් රජු වෙත දැනුම් දී ඇත. රාජ නියෝගය වූයේ ඒ වෙඩි බෙහෙත් විනාශ කිරීමයි. දිවි දොස් කන්ද මුදුනේ සිට ඊතලවල බැඳි ගිණි ඇවිල වූ කරුංකා ගෙඩි බැඳ වෙඩි බෙහෙත් වෙත දුනුවලින් ඊතල කීපයක් එක්වර ම පතිත විය. වේලමින් තිබූ වෙඩි බෙහෙත් මහ හඬ නඟා පුපුරා එක ම ගිණි ජාලාවක් බවට පත් විය. ඒ සමඟ ම සැඟවී සිටි සිංහලයෝ තුවක්කු හෙලි දුනු ඊ කඩු රැගෙන පරංගීන් වෙත කඩා පැන්නාහ. අඩ හෝරාවක් ම පැවැති ගන්නෝරු සටනින් පරංගි හමුදාව සමූල ඝාතනය වූ අතර පරංගි ලෙයින් ගැටඹේ තොටේ සුදු වැල්ල රතුපාට විය. මාරාන්තික කඩු පහර කෑ දිගූද මේලෝ කැස්ට්‍රෝ තම පුතා දෙවන රාජසිංහ රජුට බාර දී අවසන් හුස්ම හෙලුවේය.

1638 ගන්නෝරු සටනින් ලැබූ ජය දෙවන රාජසිංහ රජුගේ රාජ සභාවේ සිටි කවීන් නවදෙනා මෙන්ම ප්‍රශස්ති හා හටන් කාව්‍ය කරුවන්ගේ ජය සමරු ප්‍රශස්ති කවිවලට වස්තු බීජ විය. ශ්‍රී නාමේ – පවන – රාජසිංහ රාජෝත්තමයා එවැනි ප්‍රශස්ති කාව්‍ය කීපයකි.

ගන්නෝරු සටනේ එය සිහිවීමට දෙවන රාජසිංහ රජු තම සහෝදර විජයපාල කුමරු ලවා ජය සමරු බෝධි අංකුර තුනක් සිටුවීය. ගැටඹේ රාජෝපවනාරාමයේ ඇති පඬුරු දමන බෝධිය එසේ රාජසිංහ රජුගේ නියමය පිට විජයපාල කුමරු 1638 රෝපණය කරවූවකි. එය දැනට අවුරුදු 375කට වඩා පැරැණිය. අතු පතර විහිදී ගිය දැවැන්ත ශාඛා පහක් පමණ එහි ඇත. බෝධි පූජාවලට මේ ස්ථානය නම ගිය ස්ථානයකි.

දෙවන ජය සමරු බෝධිය මීට මඳක් නුදුරින් මහනුවර ඇසළ පෙරහර දියකපන තොටුපල අසල පිහිටා ඇත. එය ගඟ අද්දර ම සරු පසක පිහිටි බැවින් මුලවට අඩි හතළිහක් පමණ යුතු හොඳින් ශාඛා පත්‍ර විහිදී ගිය වෘක්ෂයකි. ඇසළ පෙරහරේ දිය කපන දා මේ දිය කැපුම් බෝධිය අසල දහස් ගණනක් බැතිමත්හු මහ රෑ ගඟට පැන දිය කැපූ පසු නාති. මේ දිය කැපුම් බෝධියේ අතු හා පත්‍ර හරස් අතට විහිදීම විශේෂයකි. මේ අසළ අලුතින් දිය කැපුම් තොට රක්වංග විහාරය ඇරැඹී ඇත. මේ බිම්කඩ මහනුවර විෂ්ණු දේවාලයට අයිතිය.

තුන්වන ජය සමරු බෝධි අංකුරය එදා පේරාදෙණිය මල්වත්තේ සිටුවා ඇත. සරුවට වැඩී තිබූ මේ බෝධිය 1820 ඉංග්‍රීසින් පේරාදෙණි මල්වත්ත නැවත සකස් කිරීමේදී කපා දමා ඇත. ගැටඹේ බෝධිය දකින විට 1638 ගන්නෝරු සටන හා සිංහලයන් එහිදී ලැබූ අතිවිශිෂ්ට ජය එක්වර සිහියට නැඟෙයි.

උපුටාගත් ලිපියකි

අම්මෝ ඒකේ ලොකු 😱😢මේ ඔබ දකින්නේ මේ වන විට සූර්යා මත ඇතිවී තිබෙන ප්‍රබල සූර්ය ලප සමූහයක්. මේ ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ අද ද...
18/05/2024

අම්මෝ ඒකේ ලොකු 😱😢

මේ ඔබ දකින්නේ මේ වන විට සූර්යා මත ඇතිවී තිබෙන ප්‍රබල සූර්ය ලප සමූහයක්. මේ ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ අද දින එනම් මැයි මාසයේ 11 වෙනි දිනයි. මෙය තාරකා විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කරන ලද විශාලතම සූර්ය ලප සමූහයක් වන අතර මේ වන විටත් සෞරග්‍රහ මණ්ඩලය පුරා රත්වූ ආරොපිත අංශූන් පිටකිරීම් සිදුකරමින් පවතිනවා. සෞරග්‍රහ මණ්ඩලය සිසාරා මෙම රත් වූ ආරෝපිත අංශූන් ගමන් කරන නිසා ඒවා අපගේ පෘථිවිය තුළත් ඝට්ටනය වෙනවා. නමුත් ඒවායින් අපට කිසිදු හානියක් ඇති නොවන්නේ, පෘථිවිය සතුව පවතින ප්‍රබල චුම්භක ක්ෂේත්‍රය නිසයි. මේ නිසා මේ දිනවල වැඩි ප්‍රමාණයක් අවුරෝරා නිරීක්ෂණය වී තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. නමුත් පෘථිවිය වටා කක්ෂගත වී පවතින පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවන් වලට මෙවැනි ආරක්ෂාවක් නොමැති නිසා ඒවායේ විවිධ පරිපථවලට විවිධ දෝශ ඇති කරන්නට හැකියාව පවතිනවා.

මෙලෙස විද්‍යාඥයන් නිරීක්ෂණය කරන ලද නවතම සූර්ය ලප සමූහය AR3664 ලෙස නම් කර තිබෙනවා. මෙම කුඩා සූර්ය ලපයක් අපගේ පෘථිවියේ සම්පූර්ණ විශ්කම්භයටත් වඩා විශාල බව අවසාන වශයෙන් මතක තබාගන්න. 😑

*" ඔබව සැක නොකර ඔබේ සිහින විශ්වාස කරන්න,මනසින් සෑමවිටම එහි ජීවත්වීම දකින්න.**ඔබ මනසින් දකින ඒ සියල්ල විශ්වය යථාර්ථයක් ලෙ...
15/05/2024

*" ඔබව සැක නොකර ඔබේ සිහින විශ්වාස කරන්න,මනසින් සෑමවිටම එහි ජීවත්වීම දකින්න.*

*ඔබ මනසින් දකින ඒ සියල්ල විශ්වය යථාර්ථයක් ලෙස ඉක්මනින්ම ඔබේ අත්ල මත තබාවී..❤️"*

Address

Gampola
20500

Telephone

+94771248363

Website

Alerts

Be the first to know and let us send you an email when ආදරනීය ගම්පොල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ආදරනීය ගම්පොල:

Videos

Share

Category


Other Media in Gampola

Show All