09/04/2024
2009 වර්ෂයේ ද ලෝකයේ බිහිවුණු විශිෂ්ඨතම න්‍යායත්මක භෞතික විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින්ස් විසින් පොඩි පාටි එකක් සංවිධානය කරලා තිබ්බා. හැබැයි එයා එහෙම පාටි එකක් තියෙනවා කියලා කාටවත්ම කියලා තිබ්බේ නැහැ. කොටින්ම කිව්වොත් එහෙම පාටි එකක් තියෙනවා කියලා මේ ලෝකේ දැනගෙන හිටපු එකම කෙනා වුනේ එයා විතරයි. එයා ඒ පාටි එකේ ආරධනා පත්‍රත් යැව්වේ පාටි එක ඉවර වුනාට පස්සේ.
පාටිය ඉවර වේලා දවස් කිහිපයක් ගියාට පස්සේ හෝකින්ස් එයා එහෙම පාටි එකක් ලෑස්ති කරලා තිබ්බා හැබැයි ඒකට කවුරුත්ම ආවේ නැහැ කියලා එයාගේ යාළුවන්ට, විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට විතරක් නෙමෙයි මාධ්‍යයටත් කිව්වා.
මෙහෙම කාටවත්ම කියන්නේ නැතුව පාටි එකක් සංවිධානය කරපු එකෙන් හෝකින්ස් බලාපොරොත්තු වුනේ අතීතයට කාල තරණය කරන්න පුලුවන් කියන මතය බිඳ දමන්න. මොකද හෝකින්ස් ඉස්සර ඉඳලාම විශ්වාස කලා අනාගතයට කාල තරණය කරන්න පුළුවන් වුනත් අතීතයට කාල තරණය කරන එක කරන්න බැරි වැඩක් කියලා. ඉතින් මෙයා කාටවත්ම කියන්නේ නැතුව පාටි එකක් සංවිධානය කරලා එකට කවුරුත් ආවේ නැති වුනාම ගොඩක් සතුටු වුනා. හෝකින්ස් එහෙම පාටි එකක් සංවිධානය කලා කියලා අනිත් අය දන්නේ දවස් කිහිපයකට පස්සේ නිසා ඒ පාටි එකට එන්න පුලුවන් කමක් තිබුණු එකම අය වෙන්නේ අනාගතයේ ඉඳලා අතීතයට කාල තරණය කරන අයට විතරයි.
උදාහරණයක් විදිහට මේ ලිපිය කියවන ඔයා ගැන හිතන්න, ඔයා හෝකින්ස් විසින් එහෙම පාටි එකක් සංවිධානය කරලා තිබ්බා කියලා දන්නේ 2024 වර්ෂයේ අප්‍රේල් වල. ඔයා 2009 වර්ෂයට කාල තරණය කරලා එයාගේ ඒ පාටි එකට ගියා කියලා හිතන්න. එහෙම වුනා නම් හෝකින්ස් පිළිගන්නවා අතීතයට කාල තරණය කරන්න පුලුවන් කියලා. හැබැයි එදා කවුරුත්ම ආවේ නැහැ.
හැබැයි මේ පරීක්ශණයෙන් අපිට කියන්න බැහැ අතීතයට කාල තරණය කරන්න බැරි වැඩක් කියලා. මොකද ඒ පාටි එකට යන්නේ නැතිව ඉන්න තීරණය කරපු කාල තරණය කරන අයත් ඉන්න පුලුවන් නිසා. ඒ විතරක් නෙමෙයි කාල තරණය කියන එකේ තියෙන භයානකකම නිසාම අනාගතයෙන් කෙනෙක් ඒකට නොඑන්න තීරණය කලා වෙන්නත් පුළුවන්. සමහරවිට ඒ පාටි එකට අනාගතයෙන් කවුරුහරි එන්නත් ඇති, හැබැයි හෝකින්ස් බොරුවට කිව්වද දන්නේ නැහැ කවුරුත් ආවේ නැහැ කියලා. අන්න එහෙම උනා නම් මෙතන Paradox එකක් හැදෙනවා. සමහරවිට අතීතයට කාලතරණය කරන හැටි ප්‍රයෝගිකව හොයාගන්න කලින් මිනිස්සු න්‍යශ්ඨ වේලා යනවත් ඇති.
කොහොම වුනත් අදටත් අතීතයට කාල තරණය කරන්න පුලුවන් විදිහක් තාර්කිකව ඉදිරිපත් වේලා නැහැ. ඔයාට අතීතයට කාල තරණය කරන්න පුලුවන් නම් මෙන්න මේ දවසේ, මෙන්න මේ වේලාවේ, මෙන්න මේ ඛණ්ඩාංක වලට ගිහින් Stephen Hawking ව හම්බවෙන්න.
“I’m hoping copies of [the invitation], in one form or another, will survive for many thousands of years, In which case, the party is on June 28th, 2009, and the coordinates are 52° 12’ 21” N, 0° 7’ 4.7 E”
(දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති Amyotrophic Lateral Sclerosis (ALS) කියන රෝගය නිසා අංශභාග තත්වයේ හිටපු මනුස්සයෙක් කොහොමද බැලූන් එල්ලලා පාටි එකක් ලැස්ති කරන්නේ කියලා, එයා ඒ විදිහට සැරසිලි කරන්න එයාගේ විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් උදව් අරගෙන තිබ්බා. හැබැයි එයා ඒ පාටි එක කා වෙනුවෙන්ද ලැස්ති කරලා තියෙන්නේ කියලා ඒ ළමයින්ට කිව්වේ නම් නැහැ.)
Follow - Z E R O ॐ