Wimukthi Sandakalum

Wimukthi Sandakalum ❤️💛💚
ARTISTRY FOR INNER HARMONY
❤️💛💚
(2)

ශිෂ්‍යත්ව විභාගය 01මෙන්න තවත් විභාග ප්‍රතිඵලයක් ...!2022 හා 2021 උ/පෙ විභාගයෙන් විශ්වවිද්‍යාලයීය ප්‍රවේශයට සුදුසුකම් ලබා...
25/01/2025

ශිෂ්‍යත්ව විභාගය 01

මෙන්න තවත් විභාග ප්‍රතිඵලයක් ...!

2022 හා 2021 උ/පෙ විභාගයෙන් විශ්වවිද්‍යාලයීය ප්‍රවේශයට සුදුසුකම් ලබා ගත් ළමුන් ගණන පිළිවෙලින් = 149,487 හා 149,946

2019 හා 2018 සා/පෙ විභාගයෙන් උ/පෙ සඳහා සුදුසුකම් ලබාගත් ළමුන් ගණන පිළිවෙළින් = 225,539 හා 222,281

2022 හා 2021 උ/පෙ සහ 2019 හා 2018 සා/පෙ සඳහා පෙනී සිටියේ 2013 හා 2012 වසරවල් වල ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්මය..

2013 හා 2012 වසර වල ශිෂ්‍යත්ව විභාගයට දරුවන් පිළිවෙළින් 322,455 හා 310,329 ක් මුහුණ දුන් අතර විභාගය සමත්‍ යැයි තීරණය කරන ලද ලකුණු සංඛ්‍යාව ඉක්මවූයේ දරුවන් 32,617 හා 33,383 ක් පමණක් වූ අතර ලකුණු 70ට වඩා ලබාගත් දරුවන් 233,908 හා 199,809ක් විය..

මෙහි ඇති සුවිශේෂී කාරණාවනම්

මා විසින් නියැඳියක් ලෙස ගත් 2012 හා 2013 වසර වල ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් එම විභාගය සමත් වූ දරුවන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 10.76% හා 10.12% වුවත්

එම දරුවන්ම 2018 හා 2019 වසර වලදී සා/පෙ විභාගයට පෙනී සිට උ/පෙ සඳහා සුදුසුකම් ලබාගත් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 75.09% හා 73.84% විය..

මා විසින් මෙම දත්ත පරීක්ෂා කර ඉදිරිපත් කිරීමට හේතු වූයේ මේ දිනවල ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පිළිබඳ වැඩි කතා බහක් සිදුවන බැවින් හා බොහෝ විට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට කඩ ඉම් ලකුණු ලබාගැනීමට නොහැකි වීම නිසා පීඩනයට පත් වන දරුවන් බහුලව දක්නට ලැබුණු නිසාවෙනි.

විභාග පිළිබඳ දත්ත පමණක් මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන අතර දෙවන ලිපිය මඟින් මානසිකව මෙම තත්වයක් බලපාන ආකාරය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි...
මෙම තොරතුරු සියල්ල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවෙන් ලබා ගත් දත්ත පදනම් කර ගනිමින් ඉදිරිපත් කරන ලද බැවින් වැඩි තොරතුරු ලබා ගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් පිටුව පරිශීලනය කරන්න...

ඊළඟ ලිපියෙන් හමුවන තුරු ඔබට ජය..

විමුක්ති සඳකැළුම්
මනෝඋපදේශණය හා මනෝචිකිත්සනය

ඡායාරූප : අන්තර් ජාලයෙන්
තොරතුරු : විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවෙන්





Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Roshan Chathuranga, Dilshan Maduranga, P...
06/01/2025

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Roshan Chathuranga, Dilshan Maduranga, Pradeepa Nalawaththa, Shalika Kumuduni Lochana Karunarathna Nishanka Sandaruwan Nadee Shani Bulathsinhala Rivisan Fopk Nadeeka Madushani නදී මිහිඳුකුලසූරිය
Thank you all... ❤️❤️🙏

සිරි කුරුස පෙර පාසලේ දරුවන් වෙනුවෙන් වර්ෂ අවසානයේදී පැවැති සතුටු කඳවුර...දරුවන් විවිධ ක්‍රියාකාරකම් වලට සහභාගී වූ අතරදරු...
30/12/2024

සිරි කුරුස පෙර පාසලේ දරුවන් වෙනුවෙන් වර්ෂ අවසානයේදී පැවැති සතුටු කඳවුර...

දරුවන් විවිධ ක්‍රියාකාරකම් වලට සහභාගී වූ අතරදරුවන්ට තම නිර්මාණාත්මක චින්තනය වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව හිමි වුනා..

අවසානයේ ගිනි මැලය අවස්ථාවේදී දරුවන්ගේ හැකියාවන් එළිදැක්වූ අතර ත්‍යාග ලබා දීමදසිදු වුනා.

මෙහිදී සම්පත් දායකත්වය රිවි අරණ කණ්ඩායම විසින් ලබාදෙන ලදි..

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

ඔබගේ පල්ලියේ, පන්සලේ, පංතියේ, සමිතියේ, පාසලේ, පෙරපාසලේ මෙවැනි කඳවුරු සහ වැඩසටහන් පැවැත්වීමට සම්පත් දායකත්වය සඳහා රිවි අරණ කණ්ඩායමෙන් දිනයක් ලබා ගතහැකිය..
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿





නත්තල.......,  අපගේ ඇතුළාන්ත ප්‍රීතිය සහ අපගේ ඇසට පෙනෙන සිහින සැමරීමට  යොදා ගත යුතු කාලයයි.ඔබ සැමට සුභ නත්තලක් වේවා..❤️ර...
24/12/2024

නත්තල.......,
අපගේ ඇතුළාන්ත ප්‍රීතිය සහ අපගේ ඇසට පෙනෙන සිහින සැමරීමට යොදා ගත යුතු කාලයයි.

ඔබ සැමට සුභ නත්තලක් වේවා..❤️

රිවි අරණ වෙනුවෙන්... 💐💐💐

හැමදාමත් ආදරෙන් 🌿🌿🌿🌿

- විමූ -

"අපගේ තුවාල බොහෝ විට අපගේ හොඳම හා ලස්සනම කොටසෙහි විවරයන් වේ. ”  - ඩේවිඩ් රිචෝ -
19/11/2024

"අපගේ තුවාල බොහෝ විට අපගේ හොඳම හා ලස්සනම කොටසෙහි විවරයන් වේ. ”
- ඩේවිඩ් රිචෝ -

18/11/2024

සුභ දවසක් වේවා 🙏❤️
🌿🌿🌿🌿🌿🌿🌿🌿

එක්තරා දවසක සිත් නිවන මධ්‍යස්ථානයේ සේවාලාභීන් සමඟ කරපු වැඩකට පස්සේ අපි පේ ප්‍රධාන උපදේශක රිවිශාන් සර්ගෙ යෝජනාවකට අනුව එළියෙම ළිපක් හදල තේ එකක් හදාගෙන බිව්වා.. ආසාවට පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තේ අවශ්‍ය වුනොත් මේ වගේ ලිපියකට එකතු කරන්න..

පස්සෙ දවසක අපේ හෙද නිලධාරිනිය ලක්ෂිකා මිස් අලුතෙන්ම ගෙන්නපු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ "මැයි මාර ප්‍රසංගය" පොත දෙනවා මට කියවන්න..

ඒක කියවගෙන යනකොට 4 පරිච්ඡේදය ආරම්භයම මට මතක් කරල දෙනවා අර තේ හදපු දවස..

එදා ගත්ත වීඩියෝ එකක් එක්ක පොඩි සටහනක් දාන්න හිතෙන්නෙ එවලේ..

පොතේ කොටස ඔයාලා කියවලත් ඇති.. මමත් ඒකෙ කොටසක් මේ ලිපිය එක්කම දැම්ම..

දැන් ඔයාලත්...

🌿🌿🌿🌿🌿මේ තේ එකත් එක්කම මස්ඉඹුල මහත්තයා කියන කතාවත් හිතන ගමන් ඔයාගේ ජීවිතෙත් සම්බන්ධ කරලා බලන්න... එහෙම කරලා තේ එකක් බොන ගමන් තව කෙනෙක්ට හොඳක් වෙයි කියලා හිතෙන දෙයක් මේකෙම යටින් ලියාගෙන යන්න..🌿🌿🌿🌿

- විමුක්ති සඳකැළුම් -
(මනෝඋපදේශණය හා මනෝචිකිත්සනය)

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
"සීනි තේ කොළ තිබුණ පළියට, උණුවතුර තිබුන පළියට ඒක තේකක් වෙන්නෙ නෑ. පුංචිම පුංචි තේකක වුනත් තව බොහෝ දේ සිද්ධ වෙන්න පුළුවන්. හරියට ජීවිතේ වගේම තමයි. රසෙහි අතුරු පාරවල් තියෙනවා දහස් ගණන්. ජීවිතෙත් එහෙමනෙ. වැදගත්ම දේ තමයි තේ එකක් වගේම ජීවිතය ඇල්මැරෙන්න බෑ. දෙකම උණුසුම්ව තියෙන්න ඕනි. තේකක් කියන්නේ පැණි රසම නෙවෙයි. ජීවිතය කියන්නෙත් පැණි රසම නෙවෙයි. තේ එකක පැණි රස කියන්නේ හරියට ජීවිතේ මතුපිට සිනහව වගේ දේකට. වැදගත්ම දේ තමයි ජීවිතයේ ඇතුළු හිනාව. අන්න ඒක තේ එකකත් තියෙන්න ඕනෙ"...............
"සරල සාමාන්‍යයතේ එකකට අපිට එකතු කරගන්න පුළුවන් කුරුඳු, කරදමුංගු, කරාබුනැටි, වසාවාසි, සූදුරු, මාදුරු, උළුහාල් වගේ අලංකරණ. ඕනි නම් දෙහි බින්දු දෙක තුනක්. සැරමීදුම තියෙන දෙසැම්බරේට නං ගම්මිරිස් කුඩු පොඩ්ඩක්....."

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
මැයි මාර ප්‍රසංගය

🔴 අනියම් සම්බන්ධතා ගැන හරියටම කියන Pathological jealousy 🔴🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫මෙම රෝගය හැම වෙලේම නිකරුණේ තමන්ගෙ කෙනාව සැක කර...
17/11/2024

🔴 අනියම් සම්බන්ධතා ගැන හරියටම කියන Pathological jealousy 🔴

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

මෙම රෝගය හැම වෙලේම නිකරුණේ තමන්ගෙ කෙනාව සැක කරන අයට තියෙන්න පුළුවන් තත්වයක්..
මෙම ලිපිය මම සායනික බවක් එක් කරල ලිව්වට මේ රෝගයේ මූලික අදියරයේ හැසිරීම් ලක්ෂණ බහුතරයක් අය තුළත් තියෙන්න පුළුවන් ඒවා රෝගයක්ම නොවෙන්නත් පුළුවන් රෝගයෙ මූලික අවස්ථාව ව්ෙන්නත් පුළුවන් .. ඒ නිසා ලිපිය කියවල යම් දැනුමක් එකතුකර ගන්න කියලා ආරාධනා කරනවා.

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

රෝගාතුර ඊර්ෂ්‍යාව, ව්‍යාධි ඊර්ෂ්‍යාව හෝ මායාකාරී ඊර්ෂ්‍යාව ලෙසද හැඳින්වේ.
බොහෝ විට සැබෑ සාක්ෂි නොමැතිව තම සහකරු සහකාරිය ද්‍රෝහිකමක් කරන්නේයැයි අතාර්කික සහ උමතු ලෙස සිතීම සහ විශ්වාස කිරීමයි.

🔴 පොදු රෝග ලක්ෂණ සහ පොදු හැසිරීම් රටා

🟡 නිරන්තර සැකය
🔸චපල හෝ අවිශ්වාසවන්ත බවට පැහැදිලි සාක්ෂි නොමැති වුවද, තම සහකරු සහකාරිය අවිශ්වාසවන්ත බව උමතු ලෙස විශ්වාස කරයි...

🟡 අධි සුපරීක්ෂාකාරීත්වය
🔸තම සහකරුගේ සහකාරියගේ ක්‍රියාවන්, දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, හෝ භෞතික පෙනුම පවා සමීපව හා අසාමාන්‍ය ලෙස නිරීක්ෂණය කරමින්, ද්‍රෝහිකමේ "සාක්‍ෂි" සෙවීමට උත්සහ කරයි..

🟡 ප්‍රශ්න කිරීම
🔸ඔවුන් නිතරම තම සහකරු සහකාරියගෙන් ප්‍රශ්න කරයි. තම මතය ස්ථීර කර ගැනීමට හා ඔවුන්ව බොරුවෙන් හෝ වරදින වචනයකින් අල්ලා ගැනීමට උත්සාහ කරයි.

🟡 චර්යාවන් පරීක්ෂා කිරීම
🔸"සාක්‍ෂි" සොයා ගැනීමට සහකරුගේ සහකාරියගේ (දුරකථන, ඊමේල් සහ සමාජ මාධ්‍ය වැනි) භාණ්ඩ නැවත නැවත පරීක්ෂා කිරීම. මුර පද ඉල්ලා සිටීම. අසාමාන්‍ය ලෙස වීඩියෝ ඇමතුම් මඟින් අවට පරිසරයේ සිටින පුද්ගලයන් නිරීක්ෂණය කර ඒ පිළිබඳ සැක කර අභූත චෝදනා නැඟීම.

🟡 චෝදනා සහ ගැටුම්
🔸පොදු ස්ථාන වලදී පවා උණුසුම් ගැටුම් හෝ වාද විවාද දක්වා වර්ධනය වන චෝදනා කිරීම. ගමන් බිමන්, ඇඳුම් පැළඳුම්, සමාජ සම්බන්ධතා පිළිබඳව චෝදනා කිරීම් සහ ගැටුම් ඇති කර ගැනීම.

🟡 අතිශයින් චිත්තවේගීය ප්‍රතික්‍රියා
🔸කෝපය, දුක සහ කාංසාව පොදු වන අතර, ඊර්ෂ්‍යාව සහ සැකය ඇති කරන සෑම අවස්ථාවකම මෙම හැඟීම් ප්‍රබල ලෙස ප්‍රකාශ විය හැක.

🟡 සමාජ හුදකලාව
🔸 මෙම අසාමාන්‍ය ඊර්ෂ්‍යාව නිසා තම සහකරු සහකාරිය,මිතුරන් හෝ පවුලේ අයගෙන් හුදකලා වීමට හේතු විය හැකිය. එම නිසා බොහෝවිට තම සහකරු සහකාරිය සමාජයෙන් පවුලෙන් මිතුරන්ගෙන් දුරස් කිරීමට කටයුතු කරන අතර තමා සමඟ පමණක් කාලය ගත කිරීමට, කතා කිරීමට, සම්බන්ධතා පැවැත්වීමට බලකරයි.. සහකරු සහකාරිය ඇසුරුකල යුත්තේ කා සමඟද යන්න පාලනය කරයි.

🟡 ශාරීරික ආක්‍රමණ
🔸ක්‍රමක්‍රමයෙන් ඊර්ෂ්‍යාව දරුණු අතට හැරෙන අවස්ථාවල දී ඔවුන්ගේ සහකරු සහකාරිය හෝ ප්‍රතිවාදියා ශාරීරික හිංසනයට පත්කිරීමට පෙළඹේ.

🟡 මානසික අවපීඩනය සහ අඩු ආත්ම අභිමානය
🔸මෙවන් තත්වයන් වලදී යම් සම්බන්ධතාවයකදී තමාගේම වටිනාකම ගැන සැක කිරීම හා තමාගේ පෞරුෂය පිළිබඳව (ලිංගික, ආර්ථිකමය, සමාජීය සම්බන්ධතා, සමාජ තත්වය, දැනුම, කුසලතා, අධ්‍යාපන මට්ටම) ප්‍රමාණවත් තෘප්තිමතභාවයක් නොවීම හේතුවෙන් ඇතිවන අඩු ආත්ම අභිමානය සහ මානසික අවපීඩනය ඊර්ෂ්‍යාවට පාදක විය හැකිය.

🟡 විශ්වාස කිරීමේ දුෂ්කරතා
🔸විශ්වාසවන්තභාවය පිළිබඳව කිසිදු සැකයක් නොමැතිබව සනාථ වී තිබියදීත්, ඊර්ෂ්‍යා කරන පුද්ගලයා තම සහකරුගේ සහකාරියගේ පක්ෂපාතිත්වය හෝ අවංකභාවය විශ්වාස කිරීමට මැලිවෙයි. එයට හේතුව වනුයේ තම සම්බන්ධතාවය අනාරක්ෂිතයැයි දැනෙන ගැඹුරු හැඟීම විය හැකිය.

🔴හේතු සහ දායක සාධක

🟡 මනෝවිද්‍යාත්මක ආබාධ
🔸ව්‍යාකූල පෞරුෂ ආබාධ
🔸OCD හෝ භින්නෝන්මාදය වැනි තත්ත්වයන්.

🟡 අතීත කම්පනය හෝ පාවාදීම 🔸සම්බන්ධතා වලදී ඇති වූ පාවාදීමේ හෝ අත්හැරීමේ ඉතිහාසය

🟡 මත්ද්‍රව්‍ය අපයෝජනය
🔸මද්‍යසාර, උත්තේජක
🔸භ්‍රාන්තීන් හා මායාවන්

🔴ප්‍රතිකාර විකල්ප

🟡 ප්‍රජානන චර්යා ප්‍රතිකාරය (CBT)
🔸අතාර්කික සිතුවිලි හඳුනා ගැනීමට සහ අවිචාර සිතුවිලි වලට අභියෝග කිරීමට පුද්ගලයාට උපකාර කරයි.

🟡ඖෂධ
🔸ඊර්ෂ්‍යාව විශාල මානසික සෞඛ්‍ය ගැටලුවක කොටසක් නම් මනෝ වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ඖෂධ භාවිතා කළ යුතුය.

🟡 සහකරු සහකාරිය සමඟ උපදේශනය
🔸සම්බන්ධතාවය තුළ පවතින විශ්වාසය සහ සන්නිවේදන ගැටළු විසඳීමට උපකාර කරයි.

🟡 ජීවන රටා ගැලපීම්
🔸ආතතිය කළමනාකරණය කිරීම, ආත්ම අභිමානය වැඩි දියුණු කිරීම සහ ධනාත්මක සබඳතා වර්ධනය කිරීම මෙහිදී සිතු කරය

මෙම තත්වයන් සුවපත් කිරීමට සහ යහපත් සම්බන්ධතා ඇතිකර ගැනීමට වෘත්තීය උපකාර අවශ්‍ය වේ.
මන්ද එය පාලනය නොකළහොත් ඊර්ෂ්‍යා කරන පුද්ගලයාට සහ ඔහුගේ සහකරුට චිත්තවේගීය හා ශාරීරික හානියක් විය හැකිය.

එබැවින් ඔබ හෝ ඔබේ සහකරුවා සහකාරිය තුළ මෙවැනි ගති ලක්ෂණ පවතීනම් අනිවාර්යයෙන්ම මනෝ උපදේශකයකුගේ , මනෝ චිකිත්සකවරයෙකුගේ සහය පැතීමට ඔබගේ අවධානය යොමු කිරීම ඔබගේ සම්බන්ධතා සහ ඔබගේ අනාගතය සතුටුදායක වීමට බලපානු ඇත..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

විමුක්ති සඳකැළුම්
(මනෝ උපදේශණය හා මනෝ චිකිත්සාව )

🌿🌿සතුට ගෙනෙන ප්‍රජා මුළුතැන්ගෙය🌿🌿මානසික ආබාධ සහිත පුද්ගලයන්ට උපකාර කිරීම සහ ඔවුන්ගේ පුනරුත්ථාපනය සඳහා උපකාර කිරීම සඳහා ප...
16/11/2024

🌿🌿සතුට ගෙනෙන ප්‍රජා මුළුතැන්ගෙය🌿🌿

මානසික ආබාධ සහිත පුද්ගලයන්ට උපකාර කිරීම සහ ඔවුන්ගේ පුනරුත්ථාපනය සඳහා උපකාර කිරීම සඳහා ප්‍රජා මුළුතැන්ගෙයට පරිවර්තනීය කාර්යභාරයක් ඉටු කළ හැකිය. මෙම අවකාශය කෑමට වඩා වැඩි යමක් ලබා දෙයි. ඒවා සමාජ සහයෝගය, කුසලතා සංවර්ධනය සහ චිත්තවේගීය යහපැවැත්ම ඇති කරන අවකාශයක් ලෙස කටයුතු කරයි.

1. සමාජ සම්බන්ධතාව වැඩිදියුණු වීම සහ හුදකලාව අඩු වීම
🔸මානසික සෞඛ්‍ය ගැටලු මඟින් බොහෝ විට හුදකලාව සහ තනිකම පිළිබඳ හැඟීම් ඇති කරන අතර ප්‍රජා මුළුතැන්ගෙය සේවාලාභීන් සමාජගත කිරීම සඳහා අවකාශයක් නිර්මාණය කරයි. එමඟින්
* ඔවුන්ට අන් අය සමඟ සම්බන්ධ වීමට..
* මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමට...
* ප්‍රජාවක කොටසක් ලෙස දැනීමට...
ඉඩ සලසයි.
තනිකම පිළිබඳ හැඟීම් අඩු කිරීම සහ තමන්ද යම් ප්‍රජාවකට අයත් සහ වටිනාකමක් ඇති පුද්ගලයින් බව ඔවුන්ට ඒත්තු ගන්වයි.

2. දින චර්යාව සහ සෞඛ්‍යසම්පන්න ව්‍යුහයක් නිර්මාණය වීම
🔸මානසික ආබාධවලින් පෙළෙන බොහෝ පුද්ගලයන්ට අනුකූලතාවය සහ චර්යාව අත්‍යවශ්‍ය කරුණකි. ප්‍රජා කුස්සියකට නිතිපතා සහභාගී වීම ව්‍යුහාත්මක දින චර්යාවක් ඇතිකිරීමට කිරීමට උපකාරී වන අතර එමඟින් මනෝභාවය වැඩි දියුණු කිරීම සහ කාංසාව අඩු කළ හැකිය.

3. නිපුණතා සංවර්ධනය සහ ස්වයං-කාර්යක්ෂමතාව වැඩි කිරීම
🔸ආහාර පිසීමට ඉගෙන ගැනීම හෝ ආහාර පිළියෙල කිරීමට උපකාර කිරීම මඟින්
* ජයග්‍රහණය
* විශ්වාසය
* ස්වයං අභිමානය
පිළිබඳ හැඟීමක් ගොඩනඟයි. සහභාගිවන්නන්ට....
* ආහාර සැලසුම් කිරීම
* අයවැයකරණය
* කණ්ඩායම් වැඩ
වැනි නව කුසලතා වර්ධනය කර ගත හැකි අතර එය ස්වයං-කාර්යක්ෂමතාව ඉහළ නංවමින් පුනරුත්ථාපනය කරා යන ගමනේදී පුද්ගලයන් සවිබල ගන්වයි.

4. සිහිය පුහුණුව හා චිකිත්සක නියැලීම
🔸මෙහිදී ඉවුම් පිහුම් සිහිය පුහුණු කිරීමේ ක්‍රියාකාරකමක් ලෙස භාවිතා කරයි. විවේකය සහ අවධානය පුහුණු කරයි. ඉවුම් පිහුම් වල සංවේදී අත්දැකීම්....
* එළවළු පෙති කැපීම
* භාජන කලවම් කිරීම
* ඖෂධ පැළෑටි සුවඳ
ලිහිලන සහ චිකිත්සන ක්‍රමවේද ලෙස භාවිතා කරයි. සේවාලාභීන්ට ඒ මොහොතේ ගතකිරීමට හා ක්‍රියාකාරීව සිටීමට උපකාර කරයි.

5. සෞඛ්‍ය සම්පන්න පෝෂණය
🔸මානසික ආබාධ සහිත බොහෝ පුද්ගලයන් දුර්වල ආහාර සහ පෝෂණය සමඟ අරගල කරන අතර එමඟින් තෙහෙට්ටුව, මානසික අවපීඩනය සහ කාංසාව වැනි රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරිය හැක. ප්‍රජා මුළුතැන්ගෙයි බොහෝ විට අවධානය යොමු කරන්නේ
* පෝෂ්‍යදායී,සමබර ආහාර සැපයීම
* සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කිරීම
* වඩා හොඳ ආහාර තෝරා ගැනීම දිරිමත් කිරීම
කෙරෙහි වන අතර එය ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ධනාත්මක ලෙස බලපායි.

6. තමා පිළිබඳ වන අවතක්සේරුව අවම කිරීම.
🔸ප්‍රජා මුළුතැන්ගෙයි විවිධ පරිසර හා පවුල් පසුබිම් සහිත පුද්ගලයන් එකට කටයුතු කරයි. මානසික ආබාධ සහිත සහ ඇබ්බැහිවූ පුද්ගලයන්ට උපකාරක පරිසරයක් තුළ ඔවුන්ට අන් අය සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසයි. මෙය අවබෝධය වැඩිදියුණු කරන අතර අවතක්සේරුව අඩු කරයි. සේවාලාභීන්ගේ සුවපත්භාවය සහ සංවර්ධනය සඳහා වඩාත් ගුණාත්මක අවකාශයක් නිර්මාණය කරයි.

7. සහය පද්ධතිය සහ ගුණාත්මක මිතුරන් නිර්මාණය.
🔸ප්‍රජා මුළුතැන්ගෙය ක්‍රියාත්මක කිරීමේදී බොහෝ විට කාර්ය මණ්ඩලය, චිකිත්සකවරු සහ සේවාලාභීන් සමඟ ආධාරක සබඳතා ජාලයක් නිර්මාණය කරයි. මෙම ආධාරක පද්ධතිය මානසික සෞඛ්‍ය සුවපත්භාවය සඳහා අත්‍යවශ්‍ය අංගයක් විය හැකිය. සේවාලාභීන්
*දිරිගැන්වීම්
*හවුල් අත්දැකීම්
*මගපෙන්වීම මෙහිදී සිදු කරනු ලබයි.

🌿🌿සමස්තයක් වශයෙන් ප්‍රජා මුළුතැන්ගෙය සායනික ප්‍රතිකාර සහ ප්‍රජා ඒකාබද්ධතාවය අතර පාලමක් ලෙස ක්‍රියා කරන අතර මානසික සෞඛ්‍යයේ දිගුකාලීන සුවපත්භාවය සහ පුනරුත්ථාපනය සඳහා අත්‍යවශ්‍ය වන, ප්‍රායෝගික ජීවන කුසලතා සහ චිත්තවේගීය යහපැවැත්ම යන දෙකම පෝෂණය කරන අවකාශයක් ලබා දෙයි.

කළුතර-සිත් නිවන මධ්‍යස්ථානය, තම නේවාසික සේවාලාභීන් හට ප්‍රජා මුළුතැන්ගෙය වැනි ඉතා වටිනා අවකාශයන් නිර්මාණය කරදෙන සේවාලාභීන්ගේ සුවපත්භාවය සඳහා නිරතුරු කැපවීමෙන් කටයුතු කරන, එක් එක් සේවාලාභීයා හට අවශ්‍ය ආකාරයට උපදේශණය හා චිකිත්සන කටයුතු සිදු කරන උපදේශණය හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයකි.

මේ එහි එක්තරා ප්‍රජා මුළුතැන්ගෙය අවකාශයක් නිර්මාණය කල අයුරු දැක්වෙන ඡායාරූප වේ.

- විමුක්ති සඳකැළුම් -
(මනෝ උපදේශනය හා මනෝ චිකිත්සනය)

දැනෙන කෙනෙක් වෙන්න කැමතිද.....🤔එහෙනම්.....😊මේ ගුණාංග අපේ ජීවිතයට එක් කර ගන්න උත්සාහ කරමු.💪1.සංවේදනය (සහකම්පනය) - Empathy...
15/11/2024

දැනෙන කෙනෙක් වෙන්න කැමතිද.....🤔
එහෙනම්.....😊
මේ ගුණාංග අපේ ජීවිතයට එක් කර ගන්න උත්සාහ කරමු.💪

1.සංවේදනය (සහකම්පනය) - Empathy
🔸ඔහුගේ හෝ ඇයගේ සිද්ධිය/ගැටළුව වෙනුවෙන් දුක්වීම නොව ඔහුගේ ඇයගේ හැඟීම් තේරුම් ගැනීම, දරා ගැනීමට සහය වීම සහ බෙදාගැනීම.

2.අඛණ්ඩතාවය - Integrity
🔸අවංකව ක්‍රියා කිරීම සහ ශක්තිමත් සදාචාර ප්‍රතිපත්ති පිළිපැදීම හා එම ගුණාංගය වෙනස් කර නොගෙන සිටීමට උත්සාහ කිරීම.

3.දයානුකම්පාව - Compassion
🔸 ලාභ ප්‍රයෝජන හෝ අවභාවිතා කිරීමකින් තොරව අන්‍යයන්ගේ යහපැවැත්ම කෙරෙහි කරුණාව සහ සැලකිල්ල දැක්වීම.

4.ගෞරවය - Respect
🔸තමන් පිළිනොගන්නා නමුත් අන් අයගේ අයිතිවාසිකම්, අදහස් සහ වෙනස්කම් අවමානයට,හෑල්ලුවට ලක් නොකිරීම හා ඒවාට ගරුකිරීම.

5.වගකීම - Responsibility
🔸තමාගේ ක්‍රියාවන් සහ තීරණ සම්බන්ධයෙන් වගවීම.

6.නිහතමානීකම - Humility
🔸අන් අයගේ සීමාවන් පිළිගැනීම,ගරු කිරීම සහ නොදන්නා දේ ඉගෙනීමට නිරහංකාර වීම.

7.ත්‍යාගශීලීත්වය -Generosity
🔸කාලය, සම්පත් සහ සහයෝගය බෙදා ගැනීමට ඇති කැමැත්ත.

8.සාධාරණත්වය - Fairness
🔸සියල්ලන්ටම පක්ෂග්‍රාහී නොවී එකලෙස සැලකීම.

මෙම ගුණාංග තුළින් ධනාත්මක සබඳතා පෝෂණය කරන අතර වඩාත් ආදරණීය සමාජයක් ගොඩනඟන්නට පිටුවහලක් සපයයි.

හැමදාමත් ආදරෙන් ..❤️
-විමූ-

ප.ලි
තරඟකාරී සමාජ රටාව තුළ අපි බහුතරයක් කරන්නේ ඉලක්ක වලට දුවන එක...
ඒක නරක දෙයක් නෙමේ..
මේ දුවන අතරේ අපිට ඉහත් කියපු ගුණාංග අමතකවීම හරි මඟහැරුණු නිසා අපේ සම්බන්ධතා විශාල පසුබෑමකට ලක් වෙලා මානසිකව වේදනාවට පත්වෙලා තියෙන්න පුළුවන් ..
අන්න ඒ වෙලාවට ඔයාට තනියම ඒ
සිතුවිල
හැඟීම..
හැසිරීම...
පාලනය කර ගන්න බැරුව.. එහෙම නැතිනම් සෞඛ්‍යයසම්පන්න ලෙස හැඟීම් පිට කර ගන්න බැරි වෙලාවල් එනවා..
අන්න ඒ වෙලාවට බය නොවී මනෝ උපදේශකයකු මනෝ චිකිත්සකවරයෙකු සමඟ කතා කරන්න පසු බට වෙන්න එපා.

❤️❤️❤️❤️
- විමුක්ති සඳකැළුම් -
(මනෝ උපදේශණය හ මනෝ චිකිත්සාව)



✨කැමති ️චිත්‍රයකට කැමති කතාවක් දෙන්න...✨️තමන්ට තමන් ගැන කතාවක් ඇත.. එමෙන්ම අපිට සමාජය විසින්ද කතාවක් නිර්මාණය කර ඇත...🍀අ...
25/10/2024

✨කැමති ️චිත්‍රයකට කැමති කතාවක් දෙන්න...✨️

තමන්ට තමන් ගැන කතාවක් ඇත.. එමෙන්ම අපිට සමාජය විසින්ද කතාවක් නිර්මාණය කර ඇත...

🍀අපේ චිත්‍රයෙන් ඔබ දකින අපේ කතාව කියන් යන්න ඔබට ආරාධනා කරනවා ....🍀🍀🍀🍀

කලා චිකිත්සාව මඟින් පෞද්ගලික මානසික උපදේශන ආයතනයක නේවාසික සේවාලාභීන් පිරිසකට නවමු අත්දැකීමක් ලබා දුන් අවස්ථාවක් ...
චිකිත්සකවරු 4ක් සමඟ සේවාලාභීන් 12ක්...

🍀හැඟීම් මුදා හරින චිත්‍ර චිකිත්සාව🍀චිත්තවේගීය, මානසික සහ ශාරීරික යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණාත්මක ප්‍රකාශනය ...
24/10/2024

🍀හැඟීම් මුදා හරින චිත්‍ර චිකිත්සාව🍀

චිත්තවේගීය, මානසික සහ ශාරීරික යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණාත්මක ප්‍රකාශනය භාවිත කිරීම ඉතා වැදගත් වේ.

එය පුද්ගලයන්ට හැඟීම් ගවේෂණය කිරීමට, ආතතිය අඩු කිරීමට, ආත්ම අභිමානය වැඩි දියුණු කිරීමට සහ වාචික නොවන, චිකිත්සවක් ආකාරයට කම්පනය හඳුනා ගැනීමට සහ සුවපත්භාවයට ඉඩ සලසයි.
වචන හරහා හැඟීම් ප්‍රකාශ කිරීමට අපහසු අයට එය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

ස්වයං ගවේෂණය සහ සුවය සඳහා ආරක්ෂිත නිදහස් අවකාශයක් ලැබීම මෙහිදී සිදුවේ.
මීට අමතරව, චිත්‍ර ප්‍රතිකාර මගින් සංජානන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට, මනෝභාවය වැඩි කිරීමට සහ පුද්ගල වර්ධනයට දායක විය හැක.

චිත්තවේගීය, මනෝවිද්‍යාත්මක සහ සමාජ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන චිත්‍ර චිකිත්සාවේ ප්‍රධාන ප්‍රතිලාභ කිහිපයක් මෙන්න:

1. චිත්තවේගීය ප්‍රකාශනය සහ සුව කිරීම
චිත්‍ර ප්‍රතිකාරය සංකීර්ණ චිත්තවේගයන් ප්‍රකාශ කිරීම සඳහා වාචික නොවන ප්‍රවාහයක් සපයයි. එය වචන වලින් හැඟීම් ප්‍රකාශ කිරීමට අරගල කරන පුද්ගලයින්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. එය මිනිසුන්ට ශෝකය, කෝපය, කාංසාව සහ කම්පනය වැනි චිත්තවේගයන් ආරක්ෂිත සහ නිර්මාණශීලී ආකාරයකින් සැකසීමට උපකාරී වේ.

2. ආතතිය අඩු කිරීම
නිර්මාණාත්මක ක්‍රියාකාරකම්වල නියැලීම, කෝටිසෝල් මට්ටම අඩු කිරීමට සහ විවේකය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. මානසික ආතතිය, මානසික අවපීඩනය හෝ කාංසාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහා මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.

3. කම්පන යථා තත්වයට ගෙන ඒමට
PTSD අත්විඳින අය වැනි කම්පනයෙන් දිවි ගලවා ගත් අය සඳහා මෙන්ම චිත්‍ර ප්‍රතිකාර ක්‍රම ක්‍රමයෙන් සහ පාලිත ආකාරයකින් ගැඹුරු චිත්තවේගීය තුවාල වලට ප්‍රවේශ වීමට සහ එවා විසඳීමට උපකාරී වේ. එය ඔවුන්ගේ අත්දැකීම් සහ හැඟීම් සංකේතාත්මකව ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි, අතීත කම්පනයන්ට මුහුණ දීම සහ සුව කිරීම පහසු කරයි.

4. ආත්ම අභිමානය සහ විශ්වාසය ගොඩනැඟීම
චිත්‍ර චිකිත්සාව ස්වයං ගවේෂණය සහ පුද්ගලික තීක්ෂ්ණ බුද්ධිය දිරිමත් කරයි, පුද්ගලයන්ට ජයග්‍රහණ පිළිබඳ හැඟීමක් වර්ධනය කර ගැනීමට සහ ආත්ම අභිමානය ගොඩනැගීමට උපකාර කරයි. අද්විතීය දෙයක් නිර්මාණය කිරීම විශ්වාසය වැඩි කිරීමට සහ සවිබල ගැන්වීමේ හැඟීමක් ඇති කළ හැකිය.

5. සන්නිවේදනය සහ සමාජ අන්තර්ක්‍රියා
සමූහ චිත්‍ර ප්‍රතිකාරයේදී, පුද්ගලයන්ට තම කලා කෘති සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට, ප්‍රජාව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට සහ අන්තර් පුද්ගල කුසලතා වැඩි දියුණු කිරීමට හැකිය. පාසල්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන, හෝ රෝහල් වැනි සැකසීම්වලදී මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

6. සිහිය සහ අවධානය
චිත්‍ර නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය පුද්ගලයන්ට සිහිය පුරුදු කිරීමටත්, වර්තමාන මොහොතේ ඒවා පදනම් කර ගැනීමටත් අවධානය වැඩි දියුණු කිරීමටත් උපකාර කළ හැකිය. එය දෛනික ආතතියෙන් මානසික විවේකයක් ලබා දෙන අතර අභ්‍යන්තර සන්සුන්තාවයේ හැඟීමක් ප්‍රකාශ කරයි.

අවසානයේ සාරාංශයක් ලෙස, චිත්තවේගීය සුවය, පුද්ගලික වර්ධනය සහ සමස්ත මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා චිත්‍ර චිකිත්සාව ප්‍රබල මෙවලමකි.
එය නිර්මාණාත්මක ප්‍රකාශනය සහ මනෝවිද්‍යාත්මක යහපැවැත්ම අතර පරතරය අඩු කරයි, ප්‍රතිකාර සහ ස්වයං රැකවරණය සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් ලබා දෙයි

විමුක්ති සඳකැළුම්

ආයුබෝවන් ❤️ඔබ සියලුමදෙනාව             🌼රිවි අරණ🌼 වෙත ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා .       🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿ජීවිතයේ වඩාම වැදග...
17/09/2024

ආයුබෝවන් ❤️

ඔබ සියලුමදෙනාව
🌼රිවි අරණ🌼
වෙත ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා .
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

ජීවිතයේ වඩාම වැදගත් කාරණයක් වන
💐මානසික සුවය,
💐මානසික නිදහස අහිමි වූ හෝ අහිමි වේයැයි බියක ඇති..
නැතහොත්
💐මානසික සුවය නිදහස වැඩි දියුණු කර ගන්නට අවශ්‍යයයැයි සිතන.... ඔබ සඳහා අවශ්‍යය සේවය.. අවශ්‍යය සහය.... වෘත්තීමය වශයෙන් ලබාදීම අපගේ ප්‍රධාන අරමුණයි..
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

ඔබේ
✔️ ආයතනයේ...
✔️ ️පාසලේ....
✔️ දහම් පාසලේ...
✔️ සංගමයේ...
✔️ සමූහයේ
✔️ පෙර පාසලේ

සාමාජික සාමාජිකාවන්, දරු දැරියන් හට දැනුම කුසලතා ආකල්ප වර්ධනය සඳහා වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබා දීමද සිදු කරයි..

🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

ඉතිං නැවතත් රිවි අරණ සමඟ සම්බන්ධ වී සිටින...සම්බන්ධ වන... රැඳී සිටින ඔබ සැම දෙනාවම රිවි අරණට පිළිගනු ලබන අතර සියලු දෙනාට මාගේ ගෞරවණීය ස්තූතියි පුද කරමි...❤️🙏

හැමදාමත් ආදරෙන්...❤️🙏🌿🌱

I've received 200 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉❤️
04/09/2024

I've received 200 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉❤️

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. ❤️🙏🤗🎉
27/08/2024

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. ❤️🙏🤗🎉

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉💪🏆🙏 Lochana Karunarathna, Nadeeka Madusha...
26/08/2024

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉💪🏆🙏 Lochana Karunarathna, Nadeeka Madushani, Roshan Chathuranga, Sanjuna Perera, Tyronne Wickramasekaraa & all

25/08/2024

අත්කම් නිර්මාණය තුළින් දරුවන්ගේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට විශාල පිටුවහලක් ලැබේ. එමඟින් දරුවන්ගේ අවධානය යොමු කිරීම, ඉවසීම ස්වයං විනය ආදී ජීවිත කුසලතා වර්ධනය වේ.

1. අත්කම් නිර්මාණය කිරීමෙන් දරුවන්ට ඔවුන්ගේ සිතුවිලි, හැඟීම්, සහ අභ්‍යන්තර ලෝකය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබේ.

2. අත්කම් නිර්මාණ ක්‍රියාවලිය තුළ, දරුවන්ට විවිධ භාණ්ඩ භාවිතා කිරීම, නිවැරදිව කැපීම, කතුරෙන්, පිහියෙන් කපා නිවැරදි රේඛා ඇඳීම වැනි කුඩා පරිමාණයේ ක්‍රියාවන් කිරීමෙන් සිහිය පවත්වා ගැනීම වැඩිදියුණු වේ.

3. සමාජීය සහ සංවේදනාත්මක සංවර්ධනය - එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කිරීම, අදහස් හුවමාරු කිරීම සහ වෙනත් දරුවන්ගේ නිර්මාණවලට සහය වීම සහ අගය කිරීම මගින් සමාජීය හා සංවේදනාත්මක කුසලතා වර්ධනය කරයි.

4. සංකල්පමය සිතුවිලි වර්ධනය - අත්කම් නිර්මාණය, නිර්මාණශීලීව සිතීම, ගැටලු විසඳීම, සහ නව විසඳුම් සොයා ගැනීමට දරුවන්ට දිරිගන්වයි.

සාරාංශයක් ලෙස අත්කම් නිර්මාණයක් මඟින් දරුවන්ට අදාළ කුසලතා වර්ධනය කිරීමට, ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට, සහ ලෝකය ගැන පුළුල්ව සිතීමට අවස්ථාවක් ලබා දේ.

- විමූ -

Address

Pugoda

Telephone

+94782704599

Website

Alerts

Be the first to know and let us send you an email when Wimukthi Sandakalum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share