22/12/2021
රටක සංවර්ධනය වනාහි එක් අංශයක් නොව සියලු අංශයන්හි සමබර සංවර්ධනයක් අවශ්‍ය වන්නකි. ඒ අතරින් මහාමාර්ග පද්ධතියේ දියුණුව ආර්ථික ,සමාජ වශයෙන් සංවර්ධනයට ධනාත්මක පිටුබලයක් සපයනු ලබන්නකි.
අතිගරු ජනාධිපතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්රමුඛව නොබෝ දිනක දී ජනතා අයිතියට පත්කිරීමට නියමිතව පවතින මීරිගම - කුරුණෑගල මධ්‍යම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඇරඹීමත් සමඟ
මීරිගම නගරයේ ඇතිවිය හැකි වාහන තදබදය අවම කිරීම වෙනුවෙන් විකල්ප මාර්ග පද්ධතියක් තැනීම සඳහා අවශ්‍ය නිරීක්ෂණයන් අද දිනයේදී (22) මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා ප්රමුඛ කොටගත් අමාත්‍යාංශ නිලධාරීන් , මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා,මධ්‍යම අධිවේගයේ ඉංජිනේරු නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වය සිදුවිය.
🇱🇰