Chamara Prasad Lk

Chamara Prasad Lk Island Life Sharer | Nature & Photography Enthusiastic | Story Teller

21/12/2024
21/12/2024
11/12/2024
කුඩා දරුවන්ට ගන්නා දේ ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙන්න 👇📢 PP5 (Polypropylene) යනු ප්ලාස්ටික් වතුර බෝතල් සහ  lunch box  සඳහ...
11/12/2024

කුඩා දරුවන්ට ගන්නා දේ ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙන්න 👇📢

PP5 (Polypropylene) යනු ප්ලාස්ටික් වතුර බෝතල් සහ lunch box සඳහා සුදුසු ප්‍රමිතිය වේ. හේතුව:

1. ආරක්ෂාව: PP5 යනු non toxic , BPA (Bisphenol A) වැනි හානිකර රසායනික ද්‍රව්‍ය වලින් තොර ලෙස සැලකේ.

2. කල්පැවැත්ම: එය තාපයට ප්‍රතිරෝධී වන අතර උණුසුම් ආහාර හෝ දියර සමඟ භාවිතා කරන විට හානිකර ද්‍රව්‍ය කාන්දු නොවේ.

3.බොහෝ PP5 නිෂ්පාදන රස්නෙ වතුරෙන් සෝදා ප්‍රමිතියකින් යුත් භාජන සෝදන දේවල් හරහා රත් පිරිසිදු කිරීමට ආරක්ෂිත වේ.

ඔබ මිලිදී ගන්නා දෑ පොලිප්‍රොපිලීන් බව තහවුරු කිරීමට සෑම විටම අංක 5 හෝ "PP" අක්ෂර සහිත ප්‍රතිචක්‍රීකරණ සංකේතය තිබේද බලන්න. හැකි නම්, විශ්වාසදායක ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් මගින් සහතික කරන ලද බෝතල් සහ දිවා ආහාර පෙට්ටි ගෙන්වන හෝ නිෂ්පාදනය කරන ආයතනයන්ගේ නිෂ්පාදන පමණක් මිලදී ගන්න.

තවත් අයෙක් දැනුවත් වෙන්න ශෙයාර් කරන්න ❤️🙏

Why Sri Lanka’s south coast should be your next surfing destination...
07/12/2024

Why Sri Lanka’s south coast should be your next surfing destination...

A tribe of wave riders in palm-fringed southern Sri Lanka is bringing a quiet revolution to surf teaching, placing ocean literacy, mental health and community at the heart of their tropical retreats in Asia’s newest surfing hotspot.

04/12/2024

Pro Max

03/12/2024

ජාත්‍යන්තර භූ භෞතික පරිසරය වෙනස් කරන ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය ✋

වර්තමානයේ සමාජයේ කතාබහට ලක්වෙන ගාල්ල වරාය ප්‍රදේශය හෙක්ටයාර 45ක් ගොඩ කර සකස් කරන වරාය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වචන කිහිපයක් ලියන්නට හිතුණේ එකී ක්‍රියාවලියට දිගු කාලයක් තිස්සේ නිලධාරියෙක් වශයෙන් සම්බන්ධ වූ පුද්ගලයෙක් විදියට👌

ඓතිහාසික තොරතුරවලට අනුව ගාල්ල වරාය වානිජ වරායක් ගැසට් කරන්නේ 1835 දී. ඊට පස්සෙ විශේෂයෙන්ම ක්ලෑන් වාෂ්ප නැව් සමාගම වගේම P N O නැව් සමාගම ගාල්ලේ වරාය හරි හරියට වෙළඳ කටයුතුවල නිරත වෙනවා.
වර්තමානය දක්නට ලැබෙන බාල්දක්ෂ මාවතේ ඇති බොහෝ ගොඩනැගිලි ඒ කාලේ භාවිතා කරේ එකී නැව් සමාගම් විසින් අඟුරු ගබඩා විදියට 👌

කෙසේ වෙතත් ගාල්ල වරාය ප්‍රසාරණය කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට තිබිච්ච අඩු ඉඩකඩ නිසාම එදා 1920 වගේ කාලය වෙනකොට වැඩි වටිනාකමක් කොළඹ වරායට හිමිවෙනවා.

1869 කොළඹ කොටුව කඩල කොළඹ වරාය සංවර්ධනය කරන්නෙත් ඒ කාලෙම අඳුරගත්ත විභවතාවය නිසා.රැජින ජැටිය සකස් වෙන්නෙ ඒ කාලයේ..

ගල් කොටු බැම්ම ගලවලා ඉවත් කරලා ගාල්ල වරාය සංවර්ධනය කරන්නත් බ්‍රිතාන ජාතික උත්සාහ කරත් ඒකට පීටර් ඩැනි අන්තෝනිස් දොස්තර මහත්තයා ඇතුළු ගාල්ලේ මිනිස්සු විරුද්ධ වීම නිසා ඒක සිද්ධ වෙන්නේ නෑ.

කෙසේ වෙතත් 1930/40 වගේ වෙනකොට ගාල්ල වරායේ වානිජ කටයුතු අඩුවෙනවා.
මුල් කාලේ වරාය තිබුණේ ගාල්ල කොටු බැම්ම ආශ්‍රිතව පසු කාලයේ වරාය කොටු බැම්මෙන් ඔබ්බට එහෙම නැත්නම් අනෙක් පැත්තට අරගෙනයනවා.

ගාල්ල වරාය ප්‍රකට වෙළඳ වරායක් ලෙස සංවර්ධනය කිරීමට මුල් ගල් තබන්නේ 1980/ 90 දශකයන් තුළ.1988 යුනෙස්කෝ සංවිධාන විසින් ගාල්ල කොටුව ලොකුරුමයක් බවට පත් වුණාට පස්සේ ගාල්ල වරායත් එහි ප්‍රේරණ කලාපයක් විදියට අයිති වෙනවා.විෂේෂයෙන්ම ගාල්ල කොටුව කියන්නෙම ගාල්ලෙ වරාය නගරය.👌

කෙසේ වෙතත් ප්‍රධාන වාණිජ වරායක් විදිහට ගාල්ල වරාය සංවර්ධනය කිරීමට ඇති නොහැකියාව නිසා සහ එකී සංවර්ධන කටයුතුවලින් ගාල්ල කොටුවට ඇති විය හැකි බලපෑම නිසාම යුනෙස්කෝ සංවිධානය විසින් මෙකී මෙකී වාණිජ වරාය සංවර්ධනය කිරීම කටයුතු සඳහා විරෝධතාවය දක්වනවා.👌

ඒ නිසාම එකී සංවර්ධන සැලසුම් පරිමාණානුකූලව අඩු කරලා ගාල්ල වරාය රුවල් නැව්වරායක් විදියට සංවර්ධනය කිරීම සඳහා සියලු ආයතන සහ යුනෙස්කෝ සංවිධානය එකඟ වෙනවා.

එහි ප්‍රතිඵලයක් විදියට JAICA ආයතනය ගාල්ල වරායට රුවල් නැව් වරායක් සකස් කරන්න ආධාර ලබාදීම සඳහා බලාගෙන ඉන්නවා.

නැවත රුවල් නැව් වරායේ වැඩකටයුතු ආරම්භ වෙන්නේ 2015 වර්ෂයේ..ඒ කාලෙ රනිල් වික්‍රමසිංහ අගමැති විදියට මෙම වැඩකටයුතු වලට මැදිහත් වෙනවා.👌

ජපන් ආධාර යම් යම් කාරණා නිසා විවිධ ප්‍රමාදවීම් නිසා නතර වී තිබෙනවා. මෙකී සැලසුම් අනුමත කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානය විසින් විවිධ ලේඛනා ලංකාවෙන් ඉල්ලා සිටියා.

ගාලු කොටුව සඳහා හොඳ කළමනාකරණ සැලැස්මක් සකස් කිරීම, ගාලු උරුමය පදනම ආයතනය ශක්තිමත් කිරීම, ගාල්ල කොටුවට සංචාර කර්මාන්තය නිසා ඇතිවිය හැකි අනවශ්‍ය බලපෑම් අඩු කිරීම සඳහා උපක්‍රමික සංචාරක සැලැස්මක් සකස් කිරීම ආදී කාරණා ඒ යටතට ඇතුළත් වෙනවා.

2017 වනකොට මේ සියලුම ලේඛන සම්පූර්ණ කරමින් වරාය අධිකාරිය ඇතුළු අනෙකුත් සියලුම ආයතන විසින් යුනෙස්කෝ සංවිධානයට යොමු කරලා අවශ්‍ය අනුමැතියෙන් ගන්නවා.

ඒ වගේම අවස්ථා කිහිපයකදීම යුනෙස්කෝ සංවිධානයේ නියෝජිතයින් මෙකී කටයුතු නිරීක්ෂණයක් කිරීමටත් අදාළ ආයතන නිලධාරීන් හමුවීමටත් පැමිණෙනවා.
මටත් ඒ අවස්ථාවේදී ඔවුන් සමග එකතු වෙලා වැඩ කරන්න පුළුවන්කම ලැබුණා.👌

කෙසේ වෙතත් අනුමැතිය ගැනීම් කාලය බොහෝ ප්‍රමාද වීම නිසාත් දේශපාලන විපර්යාසයක් ඇතිවීම් නිසා පොහොට්ටු රජය නැවත පත්වීම් නිසාත් මෙකී කටයුතු යටපත්නවා.👌

රුවල් වැව්වරායක් සකස් කිරීම සඳහා ජපන් ආධාර ලබාදීමේ ව්‍යාපෘතිය කල් ඉකුත් වීම නිසා ජපන් ආධාර එතනින් නතර වෙනවා.

පොහොට්ටු රජය යටතේ පසු කාලීනව රෝහිත අබේ ගුණවර්ධන වරාය ඇමති විදියට පත් උනාට පස්සේ නැවත ව්‍යාපෘතියක් ගෙනවා ඒ ව්‍යාපෘතිය යටතේ විශාල සංවර්ධන කටයුතු කිහිපයක් ගාල්ලට හඳුන්වා දෙන්න ඒගොල්ලෝ ලහි ලහියේ ලෑස්ති වෙනවා.👌

එය යටතේ ප්‍රධානම කටයුත්ත වෙන්නේ මා ගාල්ල ප්‍රදේශයේ හෙක්ටයාර 45ක් ගොඩ තියලා හදන නව වරාය නගරය.👌

මෙම සැලසුම යුනෙස්කෝ සංවිධානය විසින් කලින් එකඟ වූ සැලසුමට වඩා හාත්පසින්ම්ම වෙනස් එකක්.👌

අපි unesco සංවිධානයත් එක්ක එකඟ වුණේ රුවල් නැව් වරායක් සකස් කරන්න. ඒ වගේම උපක්‍රමික සංචාරක සැලැස්මක් සකස් කරලා රුවල් නැව් වරාය විසින් ගාල්ල කොටුවට ඇතිකර හැකි අනිසි බලපෑම අවම කරන්නත් අපි එකට සැලසුම් සකස් කරනවා.👌

විශේෂයෙන්ම උපක්‍රමික සංචාරක සැලැස්මක් සකස් කරන්න ඒ වෙනුවෙන්ම තමයි.
වරාය ඇමති රෝහිත යටතේ කඩිනමින් ලහි ලහියේ කොළඹ රැස්වීම් තියලා මෙම වරාය ව්‍යාපෘතිය ඉක්මනට ක්‍රියාත්මක කරන්න වැඩ කටයුතු කරනවා.👌

මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් පරිසර හැඟීම් වාර්තාව සකස් කරන්න වගේම ශක්‍යතාවය අධ්‍යයනය කරන්න බාර දෙන්නේ ඉංජිනේරුමය කාරයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය👌

ඔවුන් රැස්වීම් කීපයක් තියලා මෙහි ශක්‍යතාවය සම්බන්ධයෙන් තොරතුරු ගන්නවා

එහිදී අප විසින් මතු කරපු කාරණා කිහිපයක් තියෙනවා.ගාල්ල වරායට ඇත්ත වශයෙන්ම රුවල් නැව් වරායක් අවශ්‍යයි.

ඒ සඳහා සුදුසු මට්ටමේ ප්‍රමාණයෙන් අඩු ජැටි නිර්මාණය විය යුතුයි.

එය මහා පරිමාණයේ රුවල් වූ වරායක් නොව සාමාන්‍ය ප්‍රමාණය රුවල් නැව් වරායක් විය යුතුයි.

මා ගාල්ල ප්‍රදේශය ධීවරයින්ට සුදුසු පරිදි වැල්ල සකස් කරලා සංචාරයකට සුදුසු පරිදි වැල්ල සකස් කරලා වැල්ල පුළුල් කරනවා වෙනුවට නව නගරයක් ඉදිකිරීම කෙසේ ගැලපෙන්නේ නෑ.

විශේෂයෙන්ම ගාල්ල බොක්ක අතිශය සුන්දර ස්වභාවික පිහිටීමක් සහිත ප්‍රදේශයක්.
රූමස්සල ඇති වෙරළ කලාප දෙකත් ගාල්ල බොක්කත් කියලා කියන්නේ එකට බැඳිච්ච භූ භෞතික පරිසරයක්.

එකී භූ භෞතික පරිසරය වෙනස් කිරීමට කිසිදු සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් කරන්න අයිතියක් නැහැ. රූමස්සල සහ ගාල්ල බොක්ක කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ස්වභාවික පරිසර පද්ධතියක්.ඒ නිසාම අපි යෝජනා කරන්නේ මා ගාල්ල ආශ්‍රිතව ඇති වගුරු බිම් කලාප සංචාර කටයුතු සඳහා සම්බන්ධ කරන්න.

ඒ වගේම අභ්‍යන්තර ලන්දේසි ඇල මාර්ග සංචාරක කටයුතු සඳහා සංවර්ධනය කරන්න.
ඒ වගේම රූමස්සල වෙරළ කලාප දෙකත් ඉතාම සුරක්ෂිත වන ලෙස සංචාරක කටයුතු සඳහා සම්බන්ධ කරන්න.

නමුත් හෙක්ටයාර හතළිස් පහක් ගොඩ තියලා ලස්සන මුහුදක් ඇති ගාල්ලට වෙරළක් කෘතිම වෙරළ නගරයක් සකස් කිරීම කිසිසේත් අවශ්‍ය වන්නේ නෑ

හෙක්ටර් 45ක් කියලා කියන්නේ කෘතීම වෙරළ නගරයක්.දැනට මාගල්ල ප්‍රදේශයේ පුද්ගලයින් මුහුණපාන ගැටලු වන්නේ ධීවරයින්ට මාදැල් ඇදීම සඳහා වෙරළ කලාපයක් නැති වීමත් දෙස් විදෙස් සංචාරකයින්ට තමන්ගේ විවේකය ගත කිරීම සඳහා වෙරළ කලාපයක් නොමැති වීමත්.
ගාල්ල මාතර පාර සහ අධිවේගී පිවිසුම සම්බන්ධ කරන වෙල්ල කරාපය දිගින් දිගටම කාදෙණි වෙමින් පවතින බව අඳුරගන්න පුළුවන්.

එම තත්වය වළක්වමින් සංචාරකයන් සහ ධීවරයන්ට පහසුකම් සැලසීම සඳහා සුදුසු ව්‍යාපෘතියක් සකස් කළ යුතුමයි.ඒ නිසාම යම් ප්‍රමාණයකට සංචාරකයින්ට සහ ධීවර වරායක් විදියට එහෙම නැත්නම් ධීවර යාත්‍රා නතර කරන්න මා දැල් අදින්න එම වෙරළ තීරය සංවර්ධනය කිරීමේ කිසිම ගැටලුවක් නෑ.

හැබැයි හෙක්ටයාර හතළිස් පහක් පුරවලා වෙනම නගරයක් සංවර්ධනය කිරීම කියන්නේ කොළඹ වරාය නගන සකස් කරා වගේ මුදල් කාබාසිනියා කරන කිසිම වැඩක් නැති ව්‍යාපෘතියක්.👌

ගාල්ලේ සංචාරක කර්මාන්තය සංවර්ධනය විය යුතුයි. ගාල්ලට ගැලපෙන්න ස්වභාවික සහ සංස්කෘතික සාධක පදනම් කරගත්ත ප්‍රජා මූලික සංචාර කර්මාන්තයක් මිසක් කෘතීම සංචාරක කර්මාන්තයක් නෙවෙයි.👌

ගාල්ල බොක්ක කිසිම ගැටලුවක් නැතුව ප්‍රශස්ත මට්ටමේ එහෙම නැත්නම් ඉතාම පොහොසත් මට්ටමේ නාවික යාත්‍රා එහෙම නැත්නම් රුවල් නැවූ අයිතිකරුවන් වෙනුවෙන් පහසුකම් සැලසිය හැකි ස්ථානයක් බවට පරිවර්තනය කළ හැකියි👌

එසේම රූමස්සල ස්වභාවික පරිසරයත් රූමස්සල දැනට හඳුනාගෙන නැති සංස්කෘතික පරිසරයත් ආරක්ෂා කළ යුතුයි.

මා ගාල්ල ප්‍රදේශය අභ්‍යන්තරයේ ඇති මිරිදිය ජලශ්‍රිත කලාප ඉතාම පරිස්සමෙන් පරිසරය මුල් කරගත් සංචාරක කර්මාන්තය සඳහා සංවර්ධනය කළතුයි.👌

විශේෂයෙන්ම රූමස්සල සතුව ඇති පැරණි ජල මූලාශ්‍ර සහිත තැන් ඒ වගේම සේද මාවතට ජලය සපයපු ස්ථාන ඒ වගේ පැරණි වටිනාකමක් සහිත ප්‍රදේශ සියල්ලම ඉතාම හොඳින් ආරක්ෂා වන ලෙසත් ඒවා ජනතාවට බලාගන්න පුළුවන් විදියට සංවර්ධනය වෙන්න ඕන.👌

ගාල්ල වරායේ ගිලී ගිය ඇති නැව් සම්බන්ධයෙන් සියලුම යෝජනා අදාළ ආයතන විසින් මුල් ව්‍යාපෘතියට ලබා දීලා තියෙනවා.👌

කලින් පැවති ව්‍යාපෘති සැලසුමට අනුව එකී පැරණි ගිලී ගිය නැව් වලට හානියක් සිද්ධ වෙන්නේ නෑ.👌

නමුත් වර්තමාන ව්‍යාපෘතිය යටතේ හෙක්ටාර 45 ක් ගොඩ තියන නිසාම විශාල වශයෙන් එකී ගිලී ගියේ නැව් වලට හානියක් සිද්ධ වෙනවා.👌

ඒ වගේම සම්පූර්ණම ගාල්ලේ ස්වභාවික මෙන්ම භෞතික පරිසරය වෙනස් වෙනවා.විනාශ වෙනවා.හෙක්ටයාර 45 ක් අලුතින් ගොඩ තියලා අලුත් වරාය නගරයක් සකස් කරලා ගාල්ලට ලබා ගත යුතු දෙයක් නැහැ.අපි නැවත ගාල්ල කොටුව ආශ්‍රිතව ඇති පැරණි ජටි සංවර්ධනය කළ යුතුයි.

එම පැරණි ජැටි පහ ආශ්‍රිතව ක්‍රියාකාරකම් ඇති කළ යුතුයි.එකී ජැටිවල සිට රූමස්සල දක්වා සුදුසු ඉලෙක්ට්‍රික් බෝට්ටු සර්විස් එකක් පවත්වාගෙන යා යුතුයි.👌

පැරණි ජැටි සංචාරකයින් සඳහා විවිධ ඉසව් වෙනුවෙන් වෙන් කළ යුතුයි

බාල්දක්ෂ මාවතේ තියෙන පැරණි ගල් අඟුරු ගබඩා නැවත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා භාවිතා කළ යුතුය.

දැනට ධීවර වරායක් ලෙස භාවිතා කරන රත්ගම වැල්ල ප්‍රදේශය වඩා විධිමත් කළ යුතුයි.👌

නීත්‍යානුකූලව රත්ගම වැල්ල ගැසට් කරපු ආකාරයට එකී භාවිතය තහවුරු කළ යුතුයි.👌

ඊට අමතරව ගාල්ල බොක්ක සුදුසු පරිදි ජලාශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා වෙන් කරාට වරදක් නැහැ.👌

වර්තමානයේ ජනගත වී ඇති පරණ ආණ්ඩුවේ වරාය ඇමති මුල්වෙලා කරපු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ගාල්ලට කිසිම ගැලපීමක් නෑ.👌

ඒ වගේම ගාල්ලේ ස්වභාවික පරිසරය විනාශ කරන වරාය සම්බන්ධ ව්‍යාපෘතියක්.මේකට ගාල්ලෙ ප්‍රජාව විරෝධතාවය දක්වන්න ඕන.
ඒවගේම ගාල්ලට අවශ්‍ය රුවල් නැව් වරායක්. ඒ වෙනුවෙන් මිනිස්සු පෙනී ඉන්න ඕන.👌

විශේෂයෙන්ම ස්වභාවික පරිසර ආරක්ෂා කිරීම සංස්කෘති උරුම පරිසරය ආරක්ෂා කිරීම කල යුතුමයි.

ගාල්ලේ වටිනාකමක් සහිත ගාල්ලේ අනන්‍යතාවයක් සහිත පැරණි භූ භෞතික පරිසරය වෙනස් කරලා සංචාරක කර්මාන්තය සංවර්ධනය කරලා ලංකාවට ලැබෙන කිසිවක් නැහැ.❤

අදහස,
පුරාවිද්‍යා දර්ශනපති තරංග ලියන ආරච්චි.
03/12/2024

(උපුටා ගැනිමකි මෙහි මුල් අයිතිය සුරකින්න )

01/12/2024
අධික වේගයෙන් රිය පැදවීමෙනුත් වළකිමු !
01/12/2024

අධික වේගයෙන් රිය පැදවීමෙනුත් වළකිමු !

29/11/2024
ජීවිතය සෑම කෙනෙක්ටම එකම ලෙස නොමැත... ඔබ සතු දේ සඳහා ස්තුතිවන්ත වන්න...Life is not same for everyone.. Be grateful for wh...
28/11/2024

ජීවිතය සෑම කෙනෙක්ටම එකම ලෙස නොමැත... ඔබ සතු දේ සඳහා ස්තුතිවන්ත වන්න...
Life is not same for everyone.. Be grateful for what you have..

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට සාර්ථකව මුහුණ  දීමට ශක්තිය හා හැකියාව ලැබේවා... 🙏May all the children fac...
24/11/2024

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට සාර්ථකව මුහුණ දීමට ශක්තිය හා හැකියාව ලැබේවා... 🙏

May all the children facing this year's A/L examination have the strength and ability to succeed... 🙏

අවු 80 පමණ වන මෙම තාත්තා දුටුවොත් පහත නොම්මරයට(0717726570) ඇමතුමක් දෙන්න.කන් ඇසීමේ අඩුවක්ද ඇතිබ්ව දැනගන්න ලැබුණ.ගෙවල් පි...
24/11/2024

අවු 80 පමණ වන මෙම තාත්තා දුටුවොත් පහත නොම්මරයට(0717726570) ඇමතුමක් දෙන්න.කන් ඇසීමේ අඩුවක්ද ඇතිබ්ව දැනගන්න ලැබුණ.ගෙවල් පිංකන්දෙලු.

ඔබත් මේ scam එකට අහූනාද ? අහුවෙන්න කලින් සම්පූර්ණයෙන් මේ ලිපිය කියවන්න 👇
22/11/2024

ඔබත් මේ scam එකට අහූනාද ? අහුවෙන්න කලින් සම්පූර්ණයෙන් මේ ලිපිය කියවන්න 👇

දැන් මාසෙක විතර ඉඳන් අපි ලඟට එන ප්‍රශ්නයක් තමයි, "Booking com booking එකක් දාපු කට්ටියක් අපිට කලින් සල්ලි ගෙවන්න කියල අහනව, ඒ සල්ලි ගන්න බෑ නෙ"

ඕන කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේකෙ ප්‍රශ්නයක් නෑ නෙ, අපේ බැංකු ගිනුමකට සල්ලි එනවනම් කියල. ඇත්තටම ප්‍රශ්නෙත් ඒකම තමයි. ඒගොල්ලො කියන්නෙ Western union through සල්ලි දැම්ම, මේ අංකෙ ගිහින් western union agent ට දෙන්න ඔයාට සල්ලි ගන්න කියල (ප්‍රශ්නෙ ඇත්තටම පටන්ගන්නෙ එතනින්)

අපි Western Union Agent ලඟට අංකෙ අරන් ගියාම ඒකෙන් සල්ලි ගන්න බෑ, අංකෙ වැරදියි හෝ මොකක් හරි එකක් එනව. ඉතින් අපි අර Booking com through booking එක දාපු කෙනාට කියනව සල්ලි ගන්න බෑ කියල

⚠️⚠️⚠️
මෙතනදි තමයි අපි නොදැනුවත්වම අපිව මංකොල්ල කන්නෙ. ඒගොල්ලො එවනව මෙන්න Western Union web site link එක, එකට ගිහින් ඔයාගෙ account එකට සල්ලි දාගන්න පුලුවන් කියල

බැලූ බැල්මට ඒ වෙබ් සයිට් Western Union එක වගේමයි, පාට, අකුරු, සේරම. හැබැයි URL ( web address) එක වෙන එකක්. ඒ link එකට ගියාම ලංකාවෙ සියලු ලියාපදිංචි බැංකු ඒකෙ පෙන්නනව, එතනදි අපේ බැංකුව තෝරල දුන්නම අපිට කියනව අපේ online banking username password ගහන්න කියල.

Submit කරාම ඒක වැරදියි, අපි නැවත නැවත username password දෙනකොට ඒ සේරම ඒගොල්ලො රෙකෝඩ් කරන් ඉවරයි, එතනදි ඒගොල්ලො අපේ login detail අරන් ඉවරයි, ඊටපස්සෙ ඒගොල්ලො අපිට කතාකරනව, ඔයා log වෙන්න උත්සහ කරල තියනව, අපි සල්ලි දාන්නම් ඔයාට OTP එකක් එයි කියල.

මේ පලවෙනි OTP එකෙන් එයාල මේ එකව්න්ට් එක ඒගොල්ලො පාවිච්චි කරන common App එකකට Save කරගන්නව

ඊලඟට ආපහු කියනව OTP එක Expire උනා තව එකක් ඇවිත් ඇති කියල. ඒ තමයි, ඔයාගෙ ගිනුමෙන් ඒගොල්ලො මුදල් ගන්න එක, එතනින් එහාට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නෙ නෑනෙ.

❌❌❌

ඒ නිසා Booking com වලට මුවා වෙලා එන Western Union වංචාවෙන් ප්‍රවේසම් වෙන්න, දන්න කියන hoteliers ල එක්කත් මේ තොරතුර බෙදාගන්න.

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Chamara Prasad Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamara Prasad Lk:

Videos

Share