Hiniduma Galle Sri Lanka

  • Home
  • Hiniduma Galle Sri Lanka

Hiniduma Galle Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hiniduma Galle Sri Lanka, News & Media Website, .

දුම්රිය එන්ජිමක ගින්නක්~_________________අද (15) උදෑසන 07.25 ට දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක (32...
15/10/2024

දුම්රිය එන්ජිමක ගින්නක්~
_________________

අද (15) උදෑසන 07.25 ට දකුණු කළුතර
සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක (326) දරන සීඝ්‍රගාමි දුම්රියේ පිටුපස එන්ජිමේ හදිසියේම ගින්නක් ඇතිව තිබෙනවා.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ දෙකක් යොදවා ගින්න නිවා දැමීමට කටයුතු කර තිබුණා.

ඡායාරූප අයිතිය සහ ස්තූතිය මුල් හිමිකරුවන් සතුවේ!.

*හිනිදුමින් බිහිවුනු තවත් දක්ශයෙක්*හිනිදුම ශ්‍රී චන්දානන්ද දහම් පාසලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් වගේම දහම් පාසල් ගුර...
13/10/2024

*හිනිදුමින් බිහිවුනු තවත් දක්ශයෙක්*

හිනිදුම ශ්‍රී චන්දානන්ද දහම් පාසලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් වගේම දහම් පාසල් ගුරුවරියක් මෙන්ම ජාතික ඉද්ද මල් පූජාව තුලින් වගේම ගමේ පොදු වැඩ සියල්ලකදීම ඔබේ හඬින් ගම ලස්සන කරන්නට ඔබ ගමේ සිටි කාලයේ ඔබට හැකියාව ලැබුණා.

උණුසුම් සුභ පැතුම් මධුමාධවි වික්‍රමනායක කරුණාරත්න සොයුරිය ඔබට

දක්ශතම ප්‍රවෘත්ති නිවේදිකාව වගේම දක්ශතම චරිතාංග හඬකැවීම් ශිල්පිනිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ඔබට ඉදිරියටම යන්නට ශක්තිය ලැබෙන්න ඕන.ගමේ නම ඉහළින් ඔසවා තැබූ ඔබට ජය 🏆️

22/02/2023

නෙළුව ජාතික පාසලේ ඉගෙනුම ලබන මාවිට ප්‍රදේශයේ පාසල් ළමුන් දෙදෙනෙක් අතුරුදන්ව ඇත.අද(22)දින පාසල් පැමිණ මේ වන තෙක් නිවසට පැමිණ නොමැත.හැකිතාක් share කරන්න.

22/02/2023

නෙළුව ප්‍රදේශයේ පාසල් ළමුන් ලමුන් දෙදෙනෙක් අතුරුදන්ව ඇත.තොරතුරක් දැනගැනීමට ලැබුණහොත් 0912285225 අංකයට හැකි ඉක්මනින් නෙළුව පොලිස් ඉස්තානය දැනුවත් කිරීමට කාරුණික වන්න.

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි. පක්ෂව ඡන්ද 123යි.විපක්ෂව ඡන්ද 80 යි.ඡන්දය දීමෙන් වැළකී සිටි 02 යි.
08/12/2022

අයවැය වැඩි
ඡන්දයෙන් සම්මතයි.
පක්ෂව ඡන්ද 123යි.
විපක්ෂව ඡන්ද 80 යි.
ඡන්දය දීමෙන් වැළකී සිටි 02 යි.

08/12/2022
තෙරුවන් සරණයි ..!කෝඩූ චාරිත්‍ර සැබෑ සිරිපාකරුණාව🍀 පළවෙනි වතාවට සිරිපා වන්දනාවේ යන අයෙක් (කෝඩූ කාරයෙක්) ශ්‍රී පාදය කරුණාක...
08/12/2022

තෙරුවන් සරණයි ..!

කෝඩූ චාරිත්‍ර සැබෑ සිරිපාකරුණාව

🍀 පළවෙනි වතාවට සිරිපා වන්දනාවේ යන අයෙක් (කෝඩූ කාරයෙක්) ශ්‍රී පාදය කරුණාකරන විට දැන ගතයුතු කරුණු සහ අවශ්‍ය දේවල්

🍀 සුදුරෙදී මීටරයක්
🍀 කහවතුරෙන් සෝදාගත් පඬුරු
🍀පඬුරු ගැටගැසීමට රෙදි
🍀ඉදිකටු නූල් බෝල
🍀විටකන හුනු පැකට් එකක්
🍀තෙල් මල් හඳුන්කූරු

🧏🏻 හොඳින් මතක තබාගන්න ඔබ මේ යන්නට සැරසෙන්නේ කා බී විනෝද වන ගමනක් නොව,
ඔබ යන්නේ සමන් දෙවියන්ගේ අඩවියේ වැඩ සිටින
සිරිපාද පත්මය වැඳ පුදාගැනීමට බව,,,

ඔබ මුලින්ම සිරිපා කරුණා කරන අයෙක්නම් රත්නපුර පලාබත්ගල මාර්ගය භාවිතා කරන්න. කෝඩු කෙනෙක් ශ්‍රී පාදය කරුණා කරන විට කිරීමට චාරිත්‍ර වාරිත්‍ර ඇත.ඒවා කිරීමට ඇති සැබෑ ස්ථානයන් ඇත්තේ ,ශ්‍රී පාදයට යෑමට මුලින්ම සොයාගත් පලාබත්ගල මාර්ගයේය. අනෙකුත් මාර්ග වල ඇත්තේ සංකේතාත්මක ස්ථාන ය.

🍀ඔබ මුලින්ම කරුණාකරනවානම් දවස් තුනක්වත් පේවී වන්දනාවේ යෙදෙන්න. මෙය ඉතා පැරණි චාරිත්‍රයක් වේ සමන්දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ශ්‍රී පාද අඩවියෙහි පවතින නිසා ඔබ පේවී යන්නේනම් එය ඔබට වඩා හොඳය.එය ඔබගේ සිතටද සැනසීමකි. ඔබව වැන්දීමට චාරිත්‍ර දන්නා නඩේ ගුරෙක් සිටීනම් ඔහුත් සමග කරුණාවේ යෙදෙන්න.

🍀පලාබත්ගල මාර්ගේ ගමන් කරන විට කෝඩුකාරයා ට මුලින්ම හමුවන්නේ පලාබත්ගල රජමහා විහාරයයි.ඔබ විහාරයට ගොස් පන්සිල් සමාදන් වී විහාරයේ ඇති සමන් දේවාලයට ගොස් කපු මහතා ලවා පඬුරු ගැටගසා ගැනීමට වගබලා ගන්න.

🍀සමන් දෙවිහාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි කියා සිරිපාකරුනා කිරීමට පටන්ගන්න.ඒ යන ගමනේදී වචාල කියවීම් ඕපාදූප සහ අවකැපෙන වචන කියා කට වරද්දාගන්න එපා .

🍀ලිහිනිහෙල අම්බලමට ඉහලින් ඇති ස්ථානයට පඬුරු දමා පන්සිල් ගෙන කරුනාකරන්න.ඉහලින් හමුවන ලිහිණිහෙල අසලට ගොස් ලිහිනි අක්කේ කියා ලිහිනි අක්කාට කතා කර ගමන නැවත පටන් ගන්න.

🍀කටුකිතුල වංගුව දානශාලාවේ ගිමන් හැර එතනටද පඬුරු දමා ඉහලට කරුණාකරන්න.කලුඟගෙන් දිය පොඳක් බී ඉහලට කරුණා කරන කෝඩුකාරයාට ඊලඟට හමුවන්නේ ගෙත්තම් පානයි.

🍀 බුදුරජාණන් වහන්සේ සිරිපා පියුම තැබීමට යන අවස්ථාවේ උන්වහන්සේගේ සිවුර ඉරී එය මැසූ ස්ථානය ලෙස ගෙත්තම් පාන හඳුන්වයි. එය සිහිපත් වීමට කෝඩූ කාරයන් ගෙත්තම් කීරීමේ චාරිත්‍රය ගෙත්තම් පානේදී සිදුකරයි.
මුලින්ම ඉදිකටුවට නූල ඇමිනීම කෝඩු කාරයා විසින් සිඳුකල යුතුය. ඉන්පසු ඔබ ගෙන ආ සුදුරෙදි යාරය කරට දමා ඒ හරහා නූලක් ඇදීම කරන්නේ නඩේ ගුරාය.එවිට ඔහු ගෙත්තම් කවියක් කියයි ඉන්පසු ඔබද ගෙත්තම් කවිය කිව යුතුය.

🌸ගෙත්ම්පානට මුණිරජු වැඩලා
එලුසම් දිවිසම් ආසන කරලා
ඉදිකටු නූලුත් සුරත දරාලස්
ගෙත්තම් කෙරුවයි මලුව බලාලා

ඉන්පසු නූල සුදුරෙද්ද හරහා ඇද එය
කෝඩු කාරයාගේ අතට දෙනු ලබයි.එවිට කෝඩුකාරයා ගෙත්න්පානේ නූලිපන්දුව ඇද එහි රැඳවීම සිඳුකරයි.
මෙය කෝඩු කෙනෙකුට සිරිපා වන්දනා වේ ඇති ප්‍රධාන චාරිත්‍රයකි.ඉන්පසු සුදු පිරුවටය නවා බෑගයේ දමා නැවත කරුණාවේ යෙදෙන්න.

🍀ගෙත්ම්පානෙන් පසුව ඔබට හමුවන්නේ ධර්මරාජ ගල් පර්වතයයි.කෝඩු කාරයන් විසින් මෙම ගලෙහි පඩි ගණන් කිරීම සිඳුකරයි.

🍀ධර්ම රාජගල තරණය කර ටික දුරක් යනවිට සිත ගඟුල හමුවන අතර කොඩූ කාරයන් අනිවාර්යයෙන් මේ ස්ථානයේ නා පිරිසිදු වී සුදු ඇඳුමෙන් සැරසිය යුතුය.

🍀පිරුවට ඇඳගත් කෝඩුකාරයා ට මීළඟට හමුවන්නේ හැරමිටි පානයි එම ස්ථානයට ශ්‍රී පාද කන්ද මැනවින් පෙනෙන අතර දුර සිට සිරිපා වන්දනාව මෙම ස්ථානයේදී සිදුකල හැක.

🍀හැරමිටි පානෙන් පසුව කොඩූකාරයාට ගල් වංගෙඩිය හමුවෙයි.එයතුලට පඩුරුදමා ඉහලට කරුණා කිරීමද චාරිත්‍රයකි.

🍀 ශ්‍රී පාදයේ වන්දනා වේ යෙදෙන කෝඩු ඇතුලු සියලු දෙනා තොරණ් බැද පිලිගැනීමට සාදා ඇති මකර තොරණ මී ලඟට හමුවේ.එහිද පන්සිල් ගෙන සමන් දෙවියන් වැඳ කරුණා කිරීම සිදුකල යුතුය.

🍀ඉන්පසු මෑල්ල මල කඳුර ආඩියාමල තැන්න පසුකර ශ්‍රී පාද කන්දට පිවිසෙන කෝඩුකාරයා මහගිරිදඹ පසු කිරීමෙන් පසුව ඇහැල කනුවට ලඟා වන අතරඑහිදී පන්සිල් ගෙන හුනුටිකක් ඇඟිල්ලට ගෙන "මා ඉතාමත් යහපත්ව මත්ද්‍රව්‍ය වලින් තොරව සිරිපා කරුණා කරන බවට පොරොන්දු වී " කනුවෙහි හුනු ගා නලල ගැසිය යුතුය.

🍀ඇහැල කනුව චාරිත්‍රයෙන් පසුව අහස් ගව්ව තරණය කර මලුවට පිවිසෙන කෝඩු කාරයා මල් හඳුන්කූරු පූජාකර පත්මය වැදීමට යා යුතුය .එහිදී නඩේ ගුරා විසින් කෝඩු කාරයා ගෙත්තම් කර ගෙන ආ සුදු පිරුවටය පත්මයෙහි එලා ඒමත කෝඩු කාරයාගේ නලල ගැසීම සිදුකරයි.
ඉන්පසු
මා බුදුරජාණන් වන්සේගේ සිරිපා කරුණා කලා යැයි සිතා සතුටු වී බුද්ධාලම්බණ ප්‍රීතිය පල කල හැකිය.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මෙය කියවන ඔබ, විසිඑක් වන සියවසේ ඉපිද ඇති කෙනෙකු විය හැක.සමහර විට ඔබට මෙය විහිළුවක් ද වියහැක. සමහරු මේ කිසි දෙයක් නොකර සිරිපා කරුණාකර, ඔවුන්ට කිසි කරදරයක් වුනේ නැතැයි මේවා බොරු යැයි මත ගොඩනගාගෙන සිටිති .මතකතබාගන්න මෙය අවුරුදු දහස් ගණනක් තිස්සේ ,මිනිසුන් ගෙවල් දොරවල් පවා ළමයින්ට ලියාදී, ජීවිත ආශාව අතඇර, සිරිපා කරුණාවේ යෙදුන කාලයේ සිට පැවත එන ,චාරිත්‍රයන් බව.ඔවුන් මෙම චාරිත්‍රයන් බොරුයැයි සිතා නොකෙරුවේ නම් ,මෙය ආදම්ගේ පාදය ලෙස ප්‍රචාරය වී මෙහි සත්‍ය යට යන්නට ඉඩ තිබුණි. මෙම චාරිත්‍රයන් තුළ පවතින්නෙ
🌸බුදුරජාණන් වහන්සේගේ ආගමනය සිහිපත් කිරීම .
🌸සමන් දෙවියන්ට කරන ගෞරවය දැක්වීම.
🌸වන්දනාවේ යෙදෙන විට පවතින විනය හික්මීම.
ඇතුලු හොඳ දේ පමණක් මය.

❤️ඔබ ගෙනයන සියලු දේ ආපසු රැගෙන එන්න හඳුන්කූරු පැකට් මල් කවර කෑමකොල බිස්සක් පැකට් ආදිය එම පරිසරය තුල දමා එන්නේ නම් එම වන්දනා වෙන් පලක් නැත.සිරිපා පුණ්‍ය භූමිය අපිරිසිදු කරන්නේ නම් ඔබට වන්දි ගෙවන්නට සිදුවේවි.

තෙරුවන් සරණයි

හැකිතාක් ශෙයා කරන්න.
08/12/2022

හැකිතාක් ශෙයා කරන්න.

වායුගෝලයේ දූවිලි අංශ ප්‍රමාණය ඉහළ යාමෙන් කොළඹ අහස මීදුම් වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු ඊයේ (දෙසැ. 7) දකින්නට ලැබ...
08/12/2022

වායුගෝලයේ දූවිලි අංශ ප්‍රමාණය ඉහළ යාමෙන් කොළඹ අහස මීදුම් වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු ඊයේ (දෙසැ. 7) දකින්නට ලැබුණා.

සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාගෙන ඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වූ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි පැවසුවා.

මෙම ගැහැණු කෙනා දැන්නෙළුව, උඩවෙල බුදුමැදුර ළඟ කාත් කවුරුවත් නැතිව අසරණව සිටී.හදුනන කෙනෙකු වෙයිනම්,නෙළුව පොලීසිය මෙම අංකය...
07/12/2022

මෙම ගැහැණු කෙනා දැන්නෙළුව, උඩවෙල බුදුමැදුර ළඟ කාත් කවුරුවත් නැතිව අසරණව සිටී.හදුනන කෙනෙකු වෙයිනම්,නෙළුව පොලීසිය මෙම අංකයට ඇමතුමක් ලබා දී රැගෙන යන්න 0912285225

06/12/2022

භූමිතෙල් / පෙට්‍රල් /ඩීසල් /සුපර් ඩීසල් ඇත..
ඉන්ධන පිරවුම්හල- නෙළුව.

දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ කාන්තා කුම්තේ කේවල රිදී පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කළ ටී.එල්.එස් ප්‍රභාෂිණී...
29/11/2022

දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ කාන්තා කුම්තේ කේවල රිදී පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කළ ටී.එල්.එස් ප්‍රභාෂිණී දිනා ගනියි.

27/11/2022

රජයේ සේවකයන්ට ගෙදර ලගටම ස්ථාන මාරු…👇

නිවන් සුව ලැබේවා..🙏🙏🙏
21/11/2022

නිවන් සුව ලැබේවා..🙏🙏🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hiniduma Galle Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share