21/03/2024
#තහනම්_හීනයේ...🧡
" ඇ...යි... මේ... ඔයා ස..තුටු... වෙ..න්න... ඕ..නනේ... දීක්ෂා... ඔයා දැන් මගේනේ..."
ඔහු ඒ පැවසූ දෙයත් සමගින්ම දීක්ෂා අත දිගු කර ඔහුට කම්මුල් පහරක් ගැසුවාය. දෑස් කෝපයෙන් රතු කරගෙන ඇය ගතට විරිගෙන නැගී සිටියේ තානුර දෑස් විසල් කරගෙන ඇය දෙස බලා ඉද්දීය.
" සතුටු වෙන්න... ඇයි මන් සතුටු වෙන්නේ... මන් දුක් වෙනවා... අතීතේ මගේ අතින් වෙච්ච වැරදි වලට මන් දැන් දුක් වෙනවා... ඒ දේවල් එහෙම නොවුනා නම් අද මන් සත්සර එක්ක මගේ දරුවෝ දෙන්නා එක්ක ගොඩක් සතුටින්... ඒත් ඔයා මේ සැරින් සැරේ මාත් එක්ක කරන සෙල්ලම නිසා මන් ගොඩක් විඳවනවා අක්නුල්... ප්ලීස් දැන්වත් ඇති මේ දේවල්... මට මගේ සත්සරව ගෙනත් දෙන්න... එහෙම නොවුනොත් මන් නරකයි කියන්න එපා..."
දීක්ෂා කෝපයෙන් කෑ ගැසුවද තානුර සුසුමක් හෙලමින් නැවතත් ඇයව ඇද ඔහු ළඟට ගත්තේ ඒ දෑස්වලට එබෙමිනි. ඇයගෙන් සමාව අයදිමිනි.
" අයිම් සොරි දීක්ෂා... ඒත් මට මේ දේ කරන්න වෙනවා... අවුරුදු ගානක්ම මන් බලන් ඉඳියේ ඔයාව මන් ළඟට ගන්න... මගේ ආදරේ මන් ළඟට ගන්න... ඔයා මාත් එක්ක කේන්තියෙන් ඇත්තේ... මන් දන්නවා... ඒක මිසක් ඔයාට මාව රිජෙක්ට් කරන්න වෙන හේතුවක් නෑ..."
" නෑ තියෙනවා... මට හේතුවක් තියෙනවා අක්නුල්... ගොඩක් ලොකු හේතුවක් මට තියෙනවා..."
දීක්ෂා කෑ ගසද්දී තානුර ගේ දෑස් බියෙන් සලිත විය. ඇය මේ පවසන්නට යන දේ කුමක් වුවද හිතට වේදනාවක් ගෙන දෙන බැව් නම් ඔහුට කල්තියාම වැටහුනේය.
" ම..ට... ඒක අහන්න ඕන නෑ..."
ඔහු වේලාසනම එසේ පැවසුවේ එම නිසාවෙනි.
" මට කියන්න ඕන ඒක... ඔයා ඒක අහන්න ඕන... මොකද එතකොට මේ දේවල් නවතීවි... සේරම දේවල් හරි විදියට සිද්ධ වේවි...."
" එපා... ප්ලීස් දීක්ෂා එපා.. මාත් එක්ක යමු... සත්සර ට ඕන පුතාව විතරයි... ඌ උඹට ආදරේ නෑ... ඒ නිසා මාත් එක්ක යමු.... ප්ලීස් යමු දීක්ෂා...."
" මන් එන්නෑ... පුළුවන් දෙයක් කරනවා..."
ඔහු අසලින් ඉවත් වී දීක්ෂා ඔහුට අභියෝගයට මෙන් පැවසුවද තානුර එක්වරම කලිසම් සාක්කුවෙන් පිස්තෝලයක් ගත් නිසාවෙන් ඇය තිගැස්සී ගියාය.
" තමුසෙ මාව මැරුවත් මන් එන්නෙ නෑ..."
ඉදින් ඔහු තමාව බිය වද්දමින් රැගෙන යන්නට උත්සාහ දරනවා යැයි සිතා ඇය එසේ පැවසුවත් පිස්තෝලය සයනයේ නිදා උන් දරුවා දෙසට යොමු වෙද්දී දීක්ෂා දෑතින් මුව වසාගත්තේ මුවින් විලාපයක් පිටවෙද්දීය. දොර අබියස උන් සේවිකාවද කෑ ගසද්දී තානුර ඒ දෙස බැලුවේ කෝපයෙනි.
" කට වහපන්..."
සේවිකාව වහා එතැනින් පලා යද්දී දීක්ෂා පුතු අසලට ළං වෙන්න සැදුවත් ඔහු ඇයට ඊට ඉඩක් නොදුන්නේය.
" මාවත් සත්සර ගේ තත්වෙට දාන්න එපා මැණික... හැබැයි උඹ මාත් එක්ක නාවොත් ඒකත් එහෙම වේවි... මේ දරුවා ජීවත් වෙන්න ඕන නම් මාත් එක්ක දැන් යමු... පේනවනේ... මේක සත්සරගෙම ගන් එක... ඌ දැන් ඉන්නෙ මන් ගාව... දෙන්නටම එකපාරට මොනවහරි වෙනවට කැමතිද... නැත්නම් මේ දෙන්නගේ ජීවිත බේරගන්න මාත් එක්ක යන්න එන්න කැමතිද...."
දීක්ෂා අසිහියෙන් මෙන් හිස සැලුවාය. ඉදින් ඔහුත් ඔහුගේ ලෙයින් උපන් පුතණුවන්ගේත් ජීවිතය බේරා ගත යුතුය. ඊට කළ හැකි සෑම දෙයක්ම තමා කළ යුතුය. ඔවුන්ගේ ජීවිත රැකගත නොහැකි නම් තමා ජීවත්ව කුමටද..?
නමුදු දීක්ෂා ට තේරුම් ගැනීමට නොහැකි එක් කාරණයක් ඇත. ඒ සත්සර කෙසේ ඔහුට හසු වූවේද යන්නය.
සත්සර යනු ලෙහෙසියෙන් අයෙකුට ළඟා වී ඔහුට කරදරයක් කළ හැකි පුද්ගලයෙක් නොවේ. ඔහු වටා සිටින පිරිසත් ඔහුගේ තියුණු බුද්ධියත් ඔහු මනාව මෙහෙයවමින් තමාටත් , තමා වටා සිටින ආදරණීයයන්ටත් කිසිම කරදරයක් නොවන අයුරින් කටයුතු කරන පුද්ගලයෙකි. ඉදින් ඒ තරම් සුපරීක්ෂාකාරීව කටයුතු කරද්දීත් කෙසේ නම් ඔහු තානුර වන් ශක්ති හීනයෙක්ට හසු වූවාද..? යන්න ඇගේ සිතට ගැටළුවකි.
" එන්න යමු...."
තානුර පිස්තෝලය පුතු වෙත දිගු කරමින් දීක්ෂාට අත දිගු කරද්දී ඇය හූල්ලමින් ඔහුගේ අතක වෙළුනාය. ඉදින් පුතු කුසෙන් නිදහස් වී දෑතට පැමිණ යන්තමින් දින දෙකක් ගෙවුනා පමණි. ඒ මුහුණ දෙස දීක්ෂා බොහෝ වේලාවක්ම බලා සිටියේ වේදනාවෙනි. නිවසට පැමිණ පැය දොළහක් ගෙවී යන්නට මත්තෙන්ම මෙසේ පුතණුවන්වත් , දියණියවත් , ඔහුවත් අතැර යන්න වේවි යැයි ඇය හීනෙකින්වත් නොසිතුවාය.
තානුර ගේ දෑත අල්ලාගෙන ඔහු පසුපසින්ම ඇය ඇදී යන්නට වූයේ හූල්ලමිනි. ' දෙවියනේ ඔවුන්ව ආරක්ෂා කර දෙන්න...' සිතින් දස දහස් වාරයක් මුමුණමින් ඇය ඔහුගේ මෝටර් රථයට නැංගාය. නිවස නොපෙනී යන තුරුම ඒ දෙස බලා උන් ඇය ඔහු දෙස බැලුවාය.
" මන් ආදරෙයි..."
තානුර ඇගේ දෑතක් සිපගෙන පවසද්දී දීක්ෂා ඔහුගෙන් දෑත මුදවාගෙන මහා හඬින් හඬන්නට වූයේ ළැමද මිරිකාගනිමින් වේදනාවෙනි.
________________
පොතේ මිල - 1300
30% වට්ටම් සහිත මිල රු 910
තැපැල් ගාස්තු සමග මිල රු 1110/=
පහත ගිණුම් අංක දෙකෙන් එකකට තැම්පත් කර මුදල් ගෙවූ රිසිට්පත 077 6770623 වට්ස් ඇප් අංකයට එවා ඔබේ ඇනවුම වෙන් කරවාගන්න....
පෙර ඇනවුම් බාර ගැනීම මාර්තු 31 දිනෙන් අවසන් වේ.
87306519
H R Amarathunga
City Super Grade Branch ( Galle Bazaar )
BOC
013020711322
H R Amarathunga
HNB Bank ( Galle )
හංසනී අමරතුංග