27/06/2023
Sri Lanka’s first original Anime “Percival: Chapter I - The Rise of Bizzareous”🔥❤️
ලෝකයේ Anime කිව්වම නොදන්න කෙනෙක් නෑ අද. ලංකාවෙ ත් එහෙමයි . සමහර දූපත් ජීවීන් තාමත් Anime කිව්වම TV එකේ යන කාටුන් මතක් උනාට අපිට නම් කරන්න දෙයක් නෑ 😅.මේ Anime කියන දේ අද ලෝකයේ සෑම රටකම වාගේ නිශ්පාදනය කරනව වගේම ඉතා ඉහල ජනප්රිය තාවයක් උහුලනවා.
ඉතින් මේ වගේ දෙයක් ලංකාවෙ තනියම අවුරුදු ගානක් කට්ට කාගෙන නිශ්පාදනය කරපු කොල්ලෙක් ඉන්නව කිව්වොත් විශ්වාස කරන්න පුලුවන් ද.
අපේ ලංකාවෙ පලවෙනි වතාවට හදන ඇනිමෙ එක ගැන දේවල් අපි අද ඒ ඇනිමෙ එක නිර්මාණය කරපු Oshada kaveesha අයියගෙන්ම අහල බලමු.
Q & A
1 - ඇනිමෙ එකක් හදන්න හිතුවෙ කොහොමද ?
ඇනිමෙ එකක් හදන්න පලවෙනි රීසන් එක තමයි, මම පොඩි කාලෙ ඉදලම ආසාවක් තිබ්බ මගේම කියල Animated "Movie" එකක් හදන්න . ඒත් ඒ ආසාව ඉෂ්ට කරගන්න තරම් කිසිම දෙයක් ඒ කාලෙ නම් තිබ්බෙ නැහැ. ඉතින් මම ස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න ගමන් 2016 පටන් ගත්ත තනියම ග්රැෆික් ඩිසයිනින් ,3D ඩිසයිනින් , ඇනිමේසන්, Movie Making , Sound Designing, Digital Arts, Videos Editing , Photo Editun, Etc.. වගේ දේවල් ඉගෙන ගන්න,ඉතින් මේවට Course ගිහින් හරි Degree කරල ඉගෙන ගන්න සල්ලි තිබ්බෙ නැහැ.ඉතින් 2016 දි ඉදන් මම මගේම උත්සාහයෙන් තනියම තමයි ඉගෙන ගත්තෙ.
2019 ය දෙසැම්බර් මාසෙදි තමයි මම ස්ටෝරි එක ලියන්න ගත්තෙ.ලියල ඉවර කරේ 2020 ජුනි මාසයේ.ඊට පස්සෙ ජුනි 10 තමයි ඉස්සෙල්ලම මේකෙ first frame එක Animate කරන්න පටන් ගත්තේ.
2-ඇනිමෙ එක හදන්න කොච්චරක් මුදලක් දල වශයෙන් ඔයාට වැය උනාද ( බජට් එක ) ?
ගානක් කිව්වොත් ඉතින් මට මැසින් වලට , හාඩ් ඩ්රයිව් වලට එතකොට අනිත් බඩු වලට ඔක්කොම ගියා 800,000- 900,000 ත් අතර ගානක්.ජොබ් කරල හම්බ කරපු ඔක්කොම මේකට යෙදෙව්ව මම.
3- ඉන්වෙස්ට් කරන අය හොයාගත්තද ? ඒ අයව හොයාගන්න කොට ආව ප්රශ්න මොනවද ?
නැහැ කිසිම කෙනෙක්ව ජොයින් කරගත්තෙ නැහැ.මම තනියම තමයි ඔක්කොම කරේ.මේකට ගත්ත pen drive එකේ ඉදන් PC එක දක්වා වෙනකම් මගෙම සල්ලි වලින් ගත්තෙ. අම්ම තාත්ත ගෙන්වත් නෙමෙයි.
4 - කොච්චර කාලයක් ගියාද ඇනිමෙ එකේ වැඩ ටික ඉවර වෙන්න ?.
මට මේක හදන්න අවුරුදු 3කුත් මාස 10 කුත් වගේ කාලයක් ගියා.
5 -ඔයා හදන ඇනිමෙ එක තමයි ලංකාවෙ පලවෙනි ඇනිමෙ කතාව . මේ ගැන ඔයාට තියෙන හැගීම මොන වගේද ?
මෙහෙමයි මට මේ හදන ඇනිමෙ එකෙන් බලාපොරොත්තු වෙන ලොකුම දේ තමයි , ලංකාවෙ මේ වගේ තව Creators ල ඇති උඩට එන්න බලාගෙන ඉන්න එන්න. ඒ නිසාම ඒ ගොල්ලන්ට Push එකක් හැටියට තමයි මම මේ ඇනිමෙ එක එක හදන්නෙ. මොකද එතකොට Future එකේ ලංකාවෙ මේකටත් වැඩිය Project එකක් ලොකුවට කරන්න පුලුවන් වෙයි. තව ආර්ටිස්ලව ජොයින් කරගෙන .
6 -ඇනිමෙ එක හදන කොට ඔයාට ආව ප්රශ්න , කරදර මොනවද ?
ආපු ප්රශ්න නම් ඉතින් ගොඩක් තියෙනව, එකක් තමයි සල්ලි මම මේකට වියදම් කරපු එක ....ජොබ් එක කරල හම්බවෙන salary එකෙන් 30,000 ක් ගෙදරට දීල අනිත් 120,000 ම මම දැම්මෙ ඇනිමෙ එකට . ඉතින් මේ විදියට මේකටම සල්ලි දාපු එකෙන් ගොඩක් සල්ලි ප්රශ්න ආව . ඒ වගේමයි bills වැඩි උන එක . මොකද 24H ම කරන්ට් එක රන් වෙන නිසා. ඕව තමයි ලොකුම ප්රශ්න.
7- ඇනිමෙ එකට නම දාන කොට යෝජනා උන තවත් නම් තියේද ? දැනට තියෙන Official Name එක හැදුන විදිය පිටුපස කතාවක් තියේද?
ඇනිමෙ එකට තව නම් ටිකක් නම් කලින් Choose කරා. ඒවනම් Classified මොකද ඒවගෙ spoilers තියෙනව ඇනිමෙ එකේ.
8- අලුතින් ඔයාට ඉන්වෙස්ට්මන්ට් කරන්න කට්ටිය ආවොත් එයාල ඔයාව සම්බන්ද කරගන්න ඕන කොහොමද ?
ගොඩක් Condition යටතේ තමයි, ඒ ගොල්ලන්ගෙ Agreement තුත් මගේ Agreement තුත් හැමදෙයක්ම ගලපගෙන ඊටපස්සෙ දෙපැත්තම Condition s වලට Agree උනොත්, ඔව් අනිවාරෙන් ගන්නවා.
9 - අපි මේ ලංකාවෙ හදන පලවෙනි ඇනිමෙ කතා මාලාව නරබන්නෙ කොහෙන්ද ?
මගේ You tube නාලිකාව හරහා පුලුවන්.
10 - ඔයාගෙ ඇනිමෙ එකේ ඉන්න චරිත ගැන හැදින්වීමක් කරමුද ?.
https://www.facebook.com/profile.php?id=100094028854955&mibextid=ZbWKwL
chanle link -
https://www.youtube.com/channel/UC6qp-nw4Suiwd0i-FtINgZA
මේ වගේ දේවල් තවත් ඉදිරියේදී ලංකාවෙ බිහි වේවා කියල අපි පාර්තනා කරන්නෙමු ❤️.