සිතූ official

සිතූ official Mr . Zithu | S ArT studio |
(1)

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අ...
13/01/2024

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...

සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න. ❤️

එමෙන්ම ,
පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන්
රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක..

Pramila( 0717811711)-kalutara,Nugegoda

Danidu(0779290042)-panadura,katunayke

Rumesh (0771036230)- Moratuwa

Fathima (0702822722)
Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara

Anura (07166 99 500)-
Gampaha,yakkala ,nittambuwa

Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe

Denuwan(076 304 9683)- ganemulla

Mohan(076 823 2315) -Ragama

Yasith( 071 223 8338)-colombo

Buddhika(077 907 8103)-kaluthra,wadduwa

Sandun(077 260 4309)-piliyandala

Mayuri(071 044 0567)-werahara

Darshika(071 862 2722)-Borella,Battaramulla

Hasini-071 182 4680(Galle face)

Praveena (0767009033)-
Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya,

Dilan- 071 444 4030(Matara)

Sachini-76 804 7764(Galle)

Thevinu- 071 529 4000(kandy)

Tharinda- 071 636 4997(Polonnaruwa)

Chathura-077 126 1626(Mirigama)

Other locations-
Pramila - 0717811711

Copied...

_මේ ලෝකෙ ඇතුළෙ සිද්ධ වෙන සමහර පුංචි සිදුවීම් තියෙනවා,ඒ සිදුවීම් පුංචි වුණාට ඒවයින් අපිට, අපේ හිතට ලැබෙන සතුට හරි විශාලයි...
03/12/2023

_මේ ලෝකෙ ඇතුළෙ සිද්ධ වෙන සමහර පුංචි සිදුවීම් තියෙනවා,ඒ සිදුවීම් පුංචි වුණාට ඒවයින් අපිට, අපේ හිතට ලැබෙන සතුට හරි විශාලයි._✳️🖤

_ඔක්කොම වැඩ ඉවර කරලා නිදාගන්න යනකොට එළියෙන් වැස්සෙ සද්දෙ ඇහෙන එක,_🧡

_නොහිතපු වෙලාවක, නොහිතපු තැනක ආසම සිංදුව ප්ලේ වෙනවා ඇහෙන එක,_❤️

_නිවාඩු දවසක උදෙන්ම ඇහැරුනාම,තව ටිකක් නිදාගන්න පුලුවන් කියලා හිතට මතක් වෙන එක_,💞

_ගෙදර කුස්සිය ඇතුළෙන්, අම්මා අපි ආසම කෑම හදනකොට එන සුවඳ දැනෙන එක,_🥰

_වැඩ ගොඩක් මැද්දෙ හිර වෙලා ඉන්න වෙලාවක අපි ආසම කෙනාගෙන් කෝල් එකක්,මැසේජ් එකක් එන එක,_🕊️

_නොහිතන වෙලාවකදි, කවුරු හරි කෙනෙක් අපේH පෙනුම ගැන, ගතිගුණයක් ගැන අවංකව හොඳ කම්ප්ලිමන්ට් එකක් දෙන එක,_☘️

_ඒ වගේ දේවල් හරි පුංචි වුණාට ඒවයින් අපේ හිතට දැනෙන සතුට හරි විශාලයි._🥹

_හිත ඇතුළෙ සතුට නිර්මාණය වෙන්නෙ ලොකු ලොකු දේවල් වලින් විතරක් නෙමෙයි. පුංචිම දේවල් වලිනුත් අපි හිතනවට වඩා ලොකු බලපෑමක් වෙනවා._🩵

_ඒ හින්දා ජීවිතේ ඇතුළෙදි ඒ වගේ පුංචිම සතුටක් වුණත් මිස් කරගන්න එපා..!_💜

මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා  රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා...
28/11/2023

මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.

නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.

☠️මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .

☠️මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .

☠️මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .

☠️පළා වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .

☠️කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .

☠️බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .

☠️කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .

☠️එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.

☠️පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .

☠️ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්‍රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .

☠️පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .

☠️යෝගට් කියා ඇත්තේ එම පිටි වලටම ස්ට්‍රෝබෙරි,වැනිලා කෘතීම විස රසකාරක යෙදු වස කෝප්පයකි.

☠️ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස් දමති .

☠️කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .

☠️සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්‍රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය. .
සුප් කැටය යනු වස කුට්ටියකි.

☠️සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .

☠️අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්‍රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .

☠️මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්‍ර කරයි . එහි නියමිත මාත්‍රාවක් ඇතත් එයද වසය.

☠️පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .

☠️තක්කාලි සෝස් සෑදීමට තක්කාලි භාවිතා නොකරයි. ඒ සඳහා යොදා ගන්නේ පිටි ඩයි සහ රසකාරකය...

☠️දින 45 ට කලින් විකුණා ගතයුතු නිසා අධික විෂසහිත හොමෝන වර්ග කවා බ්‍රොයිලර් කුකුලන් ඉක්මනින් බර වැඩීවීමට සලස්වයි..

මේවායේ ප්‍රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්‍රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
අපේ රටේ සවුඛ්‍ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
.

කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කලයුතුද..?

ස්තුතිය -
උපුටා ගැනීමක සාරාංශය කි
රනිල් මුදුන්කොටුව
Ranil Mudunkotuwa page

ඔයාගෙ පාසල් ප්‍රේමයට මොකද උනේ 😗🥀Comment කරන් යමු බලන්න කට්ටිය  ‼️
26/11/2023

ඔයාගෙ පාසල් ප්‍රේමයට මොකද උනේ 😗🥀
Comment කරන් යමු බලන්න කට්ටිය ‼️

💯.....‼️
26/11/2023

💯.....‼️

CHOCOLATE GIFT BOX  & ✨️FASHION GIFT BOX ‼️ BIRTHDAY  එකට‼️ ANNIVERSARY  එකට ‼️ VALANTINE  එකට ‼️ PARTY  එකය ඔබගේ ආදරණීය...
26/11/2023

CHOCOLATE GIFT BOX & ✨️
FASHION GIFT BOX

‼️ BIRTHDAY එකට
‼️ ANNIVERSARY එකට
‼️ VALANTINE එකට
‼️ PARTY එකය

ඔබගේ ආදරණීයන්ගේ විශේෂ අවස්ථා ආදරණීය ලෙස සමරන්න. ⬇️

ඔබට අවශ්‍ය දිනයේදී අවශ්‍ය අවස්ථාවේ සප්‍රයිස් Gift ලෙස නිවසටම ගෙන්වා ගන්න.. ✔✔✔

Girls Gift Box ❤️Original Chocolate Gift 😍

ඔබට අවශ්‍ය දිනයේදී අවශ්‍ය අවස්ථාවේ සප්‍රයිස් Gift ලෙස නිවසටම ගෙන්වා ගන්න.. ✔✔✔

මේ ඕනෑම දෙයක් ඔබට අවශ්‍ය චොකලට් පැක් එකට ඇතුලත් කොට සකසා දිය හැකිය.

ඔබට අවශ්‍ය ආකාරයට අලංකාරවත් ලෙස සකසා ගත හැකියි.. වෙළඳපොළ මිලටත් වඩා අඩු මුදලට ලබා ගන්න. ✔✔

මිලදී ගැනීමට හා වැඩි විස්තර සදහා 👇👇👇
පහසු මිල ගනන් යටතේ
Rs. 1500 සිට ඉහලට 😊

ඔයාගෙ එයාට / යාළුවට / සහෝදරයට දෙන්න අදම
Whatsapp 070 119 99 20 පණිවිඩයක් ලබා දෙන්න
විශ්වසනීය සේවාව

දෙනියාය අවට Delivery free ✨️

පව් ඒ තාත්තා 😰😰😰පිටබැද්දර සියඹලාගොඩ රන්ජිත් ජයවීර ගමගේ, හවන්කෙටිය අල්ල, සියඹලාගොඩ, පිටබැද්දර. ලිපිනයේ පදිංචි මොහු මරදානේ...
25/11/2023

පව් ඒ තාත්තා 😰😰😰

පිටබැද්දර සියඹලාගොඩ රන්ජිත් ජයවීර ගමගේ, හවන්කෙටිය අල්ල, සියඹලාගොඩ, පිටබැද්දර. ලිපිනයේ පදිංචි මොහු මරදානේ සන්ගරාජ් මාවතේ No. 252 කඩය අසල, ඔහුගේ මස්සිනා, නංගිගේ ළමයි දෙන්නා සමග ඇවිත් දමාගොස් ඇත.
විස්තර මේ අංකයෙන් 0112447468 ලබාගන්න.

මරදාන පොලිසිය දැනුවත් කර ඇත.
උපුටා ගැනීම අන්තර්ජාලයෙනී. 🤝

පලවෙනි Photo එක  රුපියල්  ලක්ශ 15000 ක් වැයකර ක්‍රිකට් ආයතනය දඹුල්ලේ හයි කරපු කලාතුරකින් අවශ්‍ය වන  ක්‍රීඩාවට අත්‍යවශ්‍ය...
21/11/2023

පලවෙනි Photo එක රුපියල් ලක්ශ 15000 ක් වැයකර ක්‍රිකට් ආයතනය දඹුල්ලේ හයි කරපු කලාතුරකින් අවශ්‍ය වන ක්‍රීඩාවට අත්‍යවශ්‍යම නොවන කොමිස් ආකරයක් බදු උපකරණයක්.
පහල Photos වල තියෙන්නේ තරුශි වගේ ක්‍රීඩිකාවන් බිහි කරන්න අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණයක් වන Running shoes නැතිව කකුල් වල දියපට්ටා එනකල් ගාල්ලේ පෙරේදා දුවපු මැරතන් එකේ ලමයි කිහිප දෙනෙකු ගේ පුපුරු ගහන ධෛර්යවත් කකුල්. Running shoe එකක් 7500 ට ගත්තොත් ලක්ශ 15000 කට , පාසල් ලමයි 200,000 Running shoes දෙන්න පුළුවන්. ඒක මුලු ලංකාවේ ම ක්‍රීඩා කරන පාසල් ලමුන්ගෙන් 25%ක්.තරුෂි ලා දින්නට පස්සේ මිලියන් ගනන් දෙනවට වැඩිය මිලියන ගණනින් තරුශීල බිහිකරන්න මේ අහිංසක කකුල්වලට ආයෝජනය කරන එකයි වැදගත්.

(උ.ගැ vidilla )

Good morning  ‼️💫
16/11/2023

Good morning ‼️💫

ජීවිතය ඉගැන්නුවේ කොළඹ....ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ කොළඹ....ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියල...
14/11/2023

ජීවිතය ඉගැන්නුවේ කොළඹ....

ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියලා ඉගැන්නුවේ කොළඹ....
මිනිස්සුන්ගේ අතීතය හාරාවුස්සන්නේ ගමේ විතරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
බඩගින්නේ හරි අරමුණු වලට යන්න හයිය දුන්නේ කොළඹ....

ලස්සන හිතවත්කම් මුණගැස්සුවේ කොළඹ....
ජීවිතය විඳින්න නිදහසක් හදලා දුන්නේ කොළඹ....
නිවාඩුවකටවත් ගමට නොඑන්න තරම් නිදහසක් දුන්නේ කොළඹ....

කොන්ක්‍රීට් වනාන්තරයක් මැද වුණත්.....
මේ නිදහස ගස් කොළන් පිරුණු ගමේදී අපිට ඇත්තේ නෑ....

අතීතය හාරාවුස්සනවා ඇරෙන්න ගම්වල මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙත් නෑ.....

ගමේ ඉඳන් කොළඹට බැන්නට....
මම දන්න තරමට....
කොළඹ නතරවුණ මනුස්සයෙක් ආයේ ගමට ගිහිල්ලත් නෑ....

පවුලක් තියෙනවා නම්....
සල්ලිත් තියෙනවා නම්....
සැනසීමෙන් ජීවත්වෙන්න.....
මෙහේ තහංචි මොනවත් ඇත්තේ නෑ......

ඇඳන් යන්නේ මොකක්ද....
ගමන් යන්නේ කාත් එක්කද....
උදේට රෑට කෑවේ මොනවද....
අලුත් වාහනය කීයක් වුණාද.....
දරුවෝ ඉන්නවද....කසාද බැඳලද....
මෙහෙදි ඒවා අහන්න කිසිම කෙනෙක්ට අවශ්‍යත් නෑ....අහන්නෙත් නෑ....වෙලාවකුත් නෑ.....

ඉතින් මං ආදරෙයි කොළඹට....
මේ තියන අසීමිත නිදහසට....❤️

Copied
#කොළඹින්_ගමට_ආව_එකෙක්

හරියට හරි දේ මුල ඉඳන් ඉගන ගන්න ඔයත් එන්න. වයස් සීමාවක් නැතුව සරල ම ඉංග්‍රීසි හදාගන්න join වෙන්න පුළුවන් එකම Course එක මේ...
14/11/2023

හරියට හරි දේ මුල ඉඳන් ඉගන ගන්න ඔයත් එන්න.
වයස් සීමාවක් නැතුව සරල ම ඉංග්‍රීසි හදාගන්න join වෙන්න පුළුවන් එකම Course එක මේක වෙයි.
මේ දෙසැම්බර් 02 වෙනිදාම ඇවිත් බලන්න 🥰
If someone interested to learn English very politely,
Come and join to get this opportunity 📌

ඔබගේ දැන්වීම් පලකරවාගැනීමට
🛎️ Whatsapp 070 119 99 20

14/11/2023

වදුරා සහ අත්හැරීම ‼️

💫😌
13/11/2023

💫😌

💯😌
13/11/2023

💯😌

Good morning ✨️💫♥️
13/11/2023

Good morning ✨️💫♥️

අද තමයි දවස   Milan Pansilu  හිරුස්ටා වේදිකාවේ රෑ 7.30 ..  කට්ටියම සෙට් වෙලා වොඩ් එකක් දීලා පොඩි සප් එකක් දෙමු ගමේ කොල්ල...
12/11/2023

අද තමයි දවස Milan Pansilu හිරුස්ටා වේදිකාවේ රෑ 7.30 .. කට්ටියම සෙට් වෙලා වොඩ් එකක් දීලා පොඩි සප් එකක් දෙමු ගමේ කොල්ලට ❤️❤️

සුසුම වී හදවතටපෙම් ලොව දුක් ගිණි දැනෙන්නට දීඔහුත් නික්ම ගොසින්...!
06/11/2023

සුසුම වී හදවතට
පෙම් ලොව දුක් ගිණි දැනෙන්නට දී
ඔහුත් නික්ම ගොසින්...!

බංගලින්ට ලකුණු 280 ක ඉලක්කයක් 🎯බංගලි chase කරයිද මෙක ‼️____________________________________
06/11/2023

බංගලින්ට ලකුණු 280 ක ඉලක්කයක් 🎯

බංගලි chase කරයිද මෙක ‼️
____________________________________

🚨 චරිත් අසලංක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වෙයි 🇱🇰🏏🔥 මෙය ඔහුගේ එක්දින දිවියේ 2 වෙනි ශතකයය...
06/11/2023

🚨 චරිත් අසලංක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වෙයි
🇱🇰🏏🔥 මෙය ඔහුගේ එක්දින දිවියේ 2 වෙනි ශතකයයි 💜️

දැක්කොත් කියනවද
06/11/2023

දැක්කොත් කියනවද

🤢🤮
06/11/2023

🤢🤮

කල්ප 30 ක් විපාක දෙන කඨින පිංකම  සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංක...
05/11/2023

කල්ප 30 ක් විපාක දෙන කඨින පිංකම

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින අවස්‌ථාවේ වුවද ඒ පිළිබඳව සිත යොමු කරවන්නකි.

🌱කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇති උත්තරීතර වචනයකි. එතරම් ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය වන්නට හේතුකාරණාවක්‌ ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨින චීවරයක්‌ පූජා කිරීමට හැකි වන්නේ එක්‌ විහාරස්‌ථානයක වර්ෂයකට එක්‌ වතාවක්‌ පමණි. ඒ නිසා මෙහි සුවිශේෂත්වයක්‌ ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක්‌ ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්‌ථිරසාර බව, නොසැලෙන බව, සෘජු බව, කම්පා නොවන බව, තියුණු බව ආදිය දැක්‌විය හැකිය. අනෙක්‌ කුසලයන්ට වඩා කඨින චීවර පූජාමය කුසලය ප්‍රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා පිංකම්වල පළමු පිංකම වන්නේ මේ කඨින චීවර පූජාවයි.

🌱පංචානන්තරිය පාප කර්ම හැර වෙනත් සෙසු අකුශල කර්ම ප්‍රබල කුසලකර්ම වලින් වැසිය හැකිය “කුසලෙන පිථියති” යන්නෙන් දැක්‌වෙන්නේ එයයි. කඨින පිංකම වැනි ප්‍රබල කුසලකර්ම සිදුකර ගැනීමෙන් තමා කළ සෙසු අකුශල කර්ම පවා වෙනස්‌ විය හැකිය. කඨිනය යන්නට ගොරෝසු යන අර්ථය දක්‌වා ඇත්තේ ඉන්දියාවේ ශීත කාලගුණික තත්ත්වයට වස්‌ත්‍ර සකස්‌ කරගත යුතු බැවිනි. ගොරෝසු වස්‌ත්‍ර නොමැති වුවවොත් අධික ශීතල නිසා රෝගී විය හැකිය. “සීතස්‌ත පටිඝාතාය” යන්නෙන් දැක්‌වෙන්නේ සීතලට ඔරොත්තු දීම සඳහාය.

🌱වස්‌කාලය යනු වැසි කාලයයි. එදා ඉන්දියාවේ වැසි කාලයේදී අනෙක්‌ ආගමික පිරිස්‌ එක්‌ තැනෙකට වී ඔවුන්ගේ ආගමික කටයුතු කළහ. භික්‍ෂූන් වහන්සේලා සුපුරුදු ලෙස චාරිකාවේ යෙදුනහ. එම අවස්‌ථාවේ අනෙක්‌ ආගමිකයන්ගෙන් විවිධ චෝදනා එල්ලවිය. පක්‍ෂීන් පවා වැසිකාලයේදී කෑම සොයාගෙන එක්‌ තැනෙකට වී හිඳිති. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්නට උගන්වන ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයන් කුඩා සතුන් පාගමින් අලුත් තණ පාගමින් වැසි කාලයේ සැරිසරණ බවයි. එම කාරණාවන් හා තවත් කාරණාවන් හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට වස්‌ කාලයේ එක්‌තැනෙකට වී ආගමික කටයුතු කරන්නැයි අනුදැන වදාළහ. එනම් “අනුජානාමි භික්‌ඛවේ වස්‌සානේ වස්‌සං උපගත්තුං” ‘මහණෙනි වර්ෂා කාලයෙහි වස්‌ වසන්නට නියම කරමි’. යනුවෙන් අවසර දුන්හ. ඒ බුද්ධ නියමයන් අනුව අදට වසර 2500 කට වැඩි කාලයක්‌ ගත වෙලත් උන්වහන්සේගේ අනුශාසනාව ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම කෙතරම් විශ්මයජනකද?

🌱ලෝකයේ වෙහෙර විහාරස්‌ථාන ඇති බෞද්ධ සැදැහැවතුන් සිටින හැම රටකම බොහෝ විට වස්‌ කාලයේ වස්‌ පින්කම් කෙරෙනු ඇත. අවසානයේ කඨින පිංකමද සිදුවේ. දැන් දැන් කඨින පිංකම පිළිබඳව දැඩි උනන්දුවකින් ක්‍රියාකරනු ලක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ කඨින පිංකම සෑම විහාරස්‌ථානයකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගිහි-පැවිදි උභය පාර්ශ්වයම සංවිධානය වෙති. එක්‌ විහාරස්‌ථානයක මූලික වී කඨින පිංකමක්‌ භාරගැනීමද දුෂ්කර කරුණක්‌ වී ඇත. ඒ එතරම්ම පිරිසක්‌ කඨින පිංකම් භාරගත් ලයිස්‌තුවේ සිටීම නිසාය.

🌱කඨින චීවරයක්‌ අනුදැන වදාරන්නට විශේෂ සිදුවීමක්‌ ඇත. එනම් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩවෙසෙන සමයේ පාවා නුවර වැඩවෙසෙන භික්‍ෂූන් වහන්සේලා 30 නමක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. උන්වහන්සේලාගේ බලාපොරොත්තුව වූයේ බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන සැවැත්නුවර ඡේතවනාරාමයේ වස්‌ කාලය ගතකිරීම සඳහාය. එහෙත් උන්වහන්සේලාට නියමිත දිනට සැවැත් නුවරට ළඟාවීමට නොහැකි වූහ. ඒ නිසා සාකේත නම් නුවර වස්‌ කාලය ගත කළහ. උන්වහන්සේලා එම වස්‌ කාලය ගතකළේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නොලැබීමේ කනස්‌සල්ලෙනි. වස්‌ තුන් මාසය අවසන් වූ විට එම ස්‌වාමීන් වහන්සේලා යළිත් වරක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. අතර මගදී මහ වැසි පතිත වීම නිසා ගොහොරු මඩ සහිත බිමෙහි වැසි ජලයෙන් තෙත්වූ වස්‌ත්‍ර වලින් යුතුව ඡේතවනාරාමයට වැඩම කළහ.

🌱එම භික්‍ෂූන් වහන්සේලා බුදුහිමි වැඳ පිළිසඳර කතාවෙහි යෙදුනහ. වස්‌ කාලය කරදරයක්‌ නැතිව ගත කළාද? සමගියෙන් විවාද නැතිව සතුටින් ගත කළා දැයි බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන් විචාලසේක. එහිදී භික්‍ෂූන් වහන්සේලා සඳහන් කළේ ස්‌වාමීනි අප සමගියෙන් විවාද නැතිව සතුටින් වස්‌කාලය ගතකළ බවයි. එහෙත් අප සැවැත්නුවරට වැඩම කරන විට මහ වැසි ඇදහැලීම නිසා අතරමග මඩෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත්වූ බවත් තෙත් වූ සිවුරුවලින් යුතුව පැමිණි බවත් දැන්වූහ. එවිට මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ඒ ගැන සිතා තවත් සිවුරක්‌ තිබුණා නම් මේ ආකාරයේ දුෂ්කරතාවයකට පත් නොවන බව සලකා වස්‌ වැසූ භික්‍ෂූන්ට කඨින චීවරයක්‌ ලබාගන්නට අවසර දුන්හ.

🌼🌼කඨිනයෙහි බලසම්පන්න භාවය පහත ගාථාවෙන් දැක්‌වේ.

පඨවිරිව න ජාතුකම්පතේ – න චලති මේරුරිවාතිවායුනා
වජිරම්ව න භිඡ්ජතේ ඝනං – තමිධමතෝ කඨිනන්ති වුච්චති

එනම් මහ පොළොව සේ ස්‌ථිර වූ කුසලකර්මයකි. එම කුසලය මහාමේරු පර්වතය සුළඟින් නොසෙල්වෙන සේ නොසැලෙන පිංකමකි. එසේම වජ්‍ර පර්වතය සේ බිඳිය නොහැකි වූ කුසලයකි.

දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් කැමති චීවරයක්‌ කඨිනය සඳහා පූජා කළ හැකිය. මසා නිමකළ චීවරයක්‌ මෙන්ම චීවරයක්‌ වශයෙන් සකස්‌ නොකළ චීවරයකට ප්‍රමාණවත් වස්‌ත්‍රයක්‌ (දුස්‌සං) වශයෙන් පූජාකළ හැකිය.

🍂🍂අටමහා කුසලයන් වන්නේ

කඨිනට්‌ඨ පරිඛාරං – වාසදානං ච උත්මං
බුද්ධප්පමුඛ සංඝස්‌ස – දානං ධම්මස්‌ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්‌ස – පටිමාකරණම්පි ච
කරණං වච්චකුටියා – අට්‌ඨ පුඤ්නි වුච්චරේ

එනම් –

1. කඨින පූජාව
2. අටපිරිකර පූජාව
3. උතුම් ආවාස කරවා පූජා කිරීම
4. බුදුපාමොක්‌ මහ සඟනට දන්දීම
5. දහම් පොත්පත් ලියවීම
6. කෙත්වතු පූජා කිරීම
7. බුද්ධ ප්‍රථිමා කරවීම
8. වැසිකිළි කැසිකිළි කරවීම – දැක්‌විය හැකිය.

මෙහි පළමු පිංකම වන්නේ කඨින පිංකමයි. ඒ අනුව එහි ප්‍රබල බව සිතාගත හැකිය. කඨින චීවර පූජාව සමගින් අතිරේක පිරිකර පූජා කිරීමද සිදුවේ. ඒ සඳහා කැමති කෙනෙකුට ඉඳිකටුවේ සිට විහාරස්‌ථානයට අවශ්‍ය කරන පුද පිරිකර පූජා කළ හැකිය.

කඨින පිංකම පිළිබඳ සඳහන් කරනවිට නාගිත මහරහතන් වහන්සේගේ නම අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. බුදුරජාණන් වහන්සේ එක්‌තරා අවස්‌ථාවකදී ඒහි භිCඛු භාවයෙන් පැවිදි වූ මහරහතන් වහන්සේලා 500 නමක්‌ අනෝතත්ත විල්තෙරට එක්‌රැස්‌ වන්නැයි සිහිපත් කළහ. එම මහරහතන් වහන්සේලා අතර පෙර බුදු-පසේබුදු මහරහතන් වහන්සේලාට කළ කුශල කර්මයක්‌ ඇත්දැයි ඇසූහ. එහිදී නාගිත මහරහතන් වහන්සේ පෙර ජාතිවලදී කළ කඨින පිංකම්වල හා අනෙකුත් පින්කම් ගැන විස්‌තරයක්‌ කළහ. ඒ අනුව,

“කඨින දානං දත්වාන – සංඝේ ගුණ වරුත්තමේ
ඉතෝ තිංසේ මහා කප්පේ – නාභිජානාමි දුග්ගතිං”

උත්තම ගුණ ඇති මහා සංඝරත්නයට කඨිණ චීවර දානය පූජාකර කල්ප තිහක් දුගතියෙන් තොරවූ බව හා තවත් ආනිසංශ ගෙනහැර දැක්‌වීය.

මෙසේ බලන විට නිවන් දකින ආත්ම භාවය දක්‌වාම විශිෂ්ට වූ මනුෂ්‍ය සම්පත් ලැබීම සඳහා කඨින පිංකම හේතුවේ. කිසිදු අඩුවක්‌ නොමැති ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක්‌ සඳහා මෙන්ම දිව්‍ය ආත්මභාව ලැබීමටද කඨින පිංකම් බලපානු ඇත. එපමණක්‌ නොව සදාකාලික සැපත, උතුම් නිර්වාණ සම්පත්තිය උදාකර ගැනීමට මේ උතුම් කඨින පිංකමේ බලය හා ශක්‌තිය ද හේතුවේ.

තෙරුවන් සරණයි !! සුවපත් වේවා

උපුටාගැනීමකි

ඔබව අනිත් අයට ඔප්පු කරන්න හදන එක නතර කරන්න ✋ඔබ කියන්නෙ කවුද කියලා ඔබට හමුවන හමු නොවන හැමෝටම හරියටම ඔප්පු කරන්න ඕන නෑ.ඒක ...
05/11/2023

ඔබව අනිත් අයට ඔප්පු කරන්න හදන එක නතර කරන්න ✋

ඔබ කියන්නෙ කවුද කියලා ඔබට හමුවන හමු නොවන හැමෝටම හරියටම ඔප්පු කරන්න ඕන නෑ.ඒක කරන්න බැරි දෙයක් වගේම හරිම සංකීර්ණ දෙයක්.

ඔබ එක එක විදිහෙ මිනිසුන්ට එක එක විදිහෙ කෙනෙක්
'You are a different person to different people'

කෙනෙක්ට වදයක් ,තව කෙනෙක්ට දක්ශයෙක්,තව කෙනෙක්ට නිශ්ශබ්ද චරිතයක්,මිතුරෙක්ට පට්ට චරිතයක් වගේම සතුරෙක්ට ඔබ නරකම චරිතයක්.ඒ වගේම තව කෙනෙක්ට smart චරිතයක්.ඉතුරු හැමෝටම ඔබ නොදන්නා කෙනෙක්.

ඉතින් තව කෙනෙක්ට ඔප්පු කරන්න යන්න එපා ඔබ කවුද කියලා.ඔබ ඔබටම ඔප්පු කරන්න ඔබ කවුද කියලා.enough🤟

ඔබට ආදරය කරන්න ,ඔබව පිලිගන්න,ඔබව අගය කරන්න✨
එවිට ලොකු ආත්ම විශ්වාසයක් දැනෙයි ඔබට 🌎

උපුටා ගන්නා ලද්දකි

මිනිස්සු දිහා බලන් ඉන්න 💜🎯කටින් එකක් කියන ගමන් කියන දේට වඩා වෙනස් දෙයක් කරන හැටි බලන් ඉන්න .🎯අපෙන් තමන්ගෙ වැඩේ කරගන්න අප...
05/11/2023

මිනිස්සු දිහා බලන් ඉන්න 💜

🎯කටින් එකක් කියන ගමන් කියන දේට වඩා වෙනස් දෙයක් කරන හැටි බලන් ඉන්න .
🎯අපෙන් තමන්ගෙ වැඩේ කරගන්න අපිට ලස්සන ලෝක මවලා පෙන්වන දිහා බලන් ඉන්න
🎯තම තමන්ගෙ ජීවිතවල තියන අඩුපාඩු ඇරියස් එකක් විදිහට අනිත් මිනිස්සුන්ගෙන් පිට කරන හැටි බලන් ඉන්න
🎯තමන්ගෙ හිතේ වෙන කෙනෙක් ගැන තියන හංගගන්න බැරි මට්ටමේ උතුරා පිටාර යන ඉරිසියාව තමන් කියන ලියන වචන අස්සෙ තියන හිල් වලින් බේරෙන හැටි බලන් ඉන්න
🎯මිනිස්සු ගැන මවාගෙන හිටපු ප්‍රතිරූප දිය වෙලා යන හැටි බලන් ඉන්න
🎯ආත්මෙන් වේදනා විඳින මිනිස්සු ඒ පශ්චාත්තාපය හංගන්න ට්‍රයි කරන හැටි බලන් ඉන්න
🎯තමන්ට දේවල් දෙන්න වගේ ලඟට ඇවිත් තමන්ගේ හැම දේම අරන් යන්න ගේම් ගහන හැටි බලන් ඉන්න
🎯අපෙන් උදව් අරන් අපිට උදව් කළා වගේ හැසිරෙන හැටි බලන් ඉන්න
🎯තමන්ගෙ වැඩේ කරගත්තට පස්සේ හේතු නොකියම අත ඇරලා යන දිහා බලන් ඉන්න

උත්තර දෙන්න ,ප්‍රශ්න අහන්න ඕනේ නැහැ ,තමන්ව පරිස්සම් කරගන්න ගමන් මිනිස්සු දිහා බලන් ඉන්න ..
ඇත්තම කිව්වොත් පුරුදු වුනාට පස්සේ ඒක හරිම විනෝදජනකයි ..

සරළවම කිව්වොත් ජීවිතේ තේරුම් ගන්න මහ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ ,
දිනපතා අපේ ජීවිතවලට එන යන හැසිරෙන වයිවර්ණ මිනිස්සු දිහා පොඩ්ඩක් නිදහසේ බලන් ඉන්න.. ඒ හොඳටම ඇති ..💜

අනිශා ජයකොඩි ✍️

💫
05/11/2023

💫

බටාදුර ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානයේ කඨින මහා පුණ්‍ය මංගල්‍යය 🙏⭕ 2023 නොවැම්බර් මස 22 සහ 23 යන දිනයන් හිදී සර්ව රාත...
02/11/2023

බටාදුර ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානයේ

කඨින මහා පුණ්‍ය මංගල්‍යය 🙏

⭕ 2023 නොවැම්බර් මස 22 සහ 23 යන දිනයන් හිදී

සර්ව රාත්‍රික පරිත්‍රාන පිරිත් දේශනය සහ සඟසතු දක්ෂිණාව 🙏

අටමහා කුසලයේ කොටස් කරුවෙකු වන්නට

සාදු සත්පුරුෂයෝ පැමිණෙත්වා ‼️
.

ඔබගේ දැන්වීම් පලකරවාගැනීමට Whatsapp 070 119 99 20

Lurex studio 💫🖤Lurex wedding photography⭕ 071 115 3212⭕ 072 715 3212Subhash kodagoda photography   🍀 දැන්වීම් පලකරවාගැනී...
01/11/2023

Lurex studio 💫🖤
Lurex wedding photography

⭕ 071 115 3212
⭕ 072 715 3212

Subhash kodagoda photography

🍀 දැන්වීම් පලකරවාගැනීමට Whatsapp 070 119 99 20

😅👍
01/11/2023

😅👍

01/11/2023
Road Closed/2023.10.31-2.03PM----------කොටපොල උරුබොක්ක ප්‍රධාන මාර්ගය වැසේ---------කොටපොල උරුබොක්ක ප්‍රධාන මාර්ගයට කොස්ම...
31/10/2023

Road Closed/2023.10.31-2.03PM
----------
කොටපොල උරුබොක්ක ප්‍රධාන මාර්ගය වැසේ
---------
කොටපොල උරුබොක්ක ප්‍රධාන මාර්ගයට කොස්මොදර සමුපකාරය ආසන්නයේදි පස් කන්දක් නාය යැම හේතුවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය කාර්යාලය පියවර ගෙන තිබේ.

තවදුරටත් එම ස්ථානයෙන් නාය යැම සක්‍රීය තත්වයෙන් පැවතිම හේතුවෙන් ආරක්ෂාකාරි පියවරක් ලෙස ⁣මාර්ගය වසා දැමීමට පියවර ගත් බවත් එම මාර්ගය භාවිතා කරන පිරිස් විකල්ප මාර්ග භාවිතා කිරිමට පියවර ගන්නා ලෙස එම කාර්යාලය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
Cp

Address

Deniyaya

Telephone

+94701199920

Website

Alerts

Be the first to know and let us send you an email when සිතූ official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිතූ official:

Videos

Share


Other Digital creator in Deniyaya

Show All