Live Deniyaya

Live Deniyaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Live Deniyaya, Social Media Agency, Deniyaya.

27/06/2024
27/06/2024

වගකීමක් දරන්නේ නැති තාක් සියල්ලෝම පට්ට වැඩකරුවන්ය.❤️

තිස්ස ආයේ ගෙදර යන ගමන්
22/06/2024

තිස්ස ආයේ ගෙදර යන ගමන්

13/06/2024
තේ වගාවට දෙනියාය එහෙමත් නැතිනම් පුංචි නුවරඑළිය ප්‍රසිද්ධ නිසා අද අපි ගෙනාව තේ වගාව පිළිබඳ විස්තර ටිකක් . ⁣තේ ප්‍රභේද නිස...
07/06/2024

තේ වගාවට දෙනියාය එහෙමත් නැතිනම් පුංචි නුවරඑළිය ප්‍රසිද්ධ නිසා අද අපි ගෙනාව තේ වගාව පිළිබඳ විස්තර ටිකක් .
⁣තේ ප්‍රභේද නිසියාකාරව හදුවාගෙන සාර්ථක නිරෝගී අස්වැන්නක් ලබාගමු.
🍃
ලංකාවේ වගා කරන වඩාත් ජනප්‍රිය තේ ප්‍රභේද හඳුනා ගැනීම සහ ඒවායේ වැදගත් ලක්ෂණ ගැන මූලික තොරතුරු ටිකක් ඔබේ දැනුමට එකතු කරන්න මා අදහස් කළා.

ලංකාවේ වගා කරල තියෙන මුළු ඉඩම් ප්‍රමාණයෙන් 52% - 60% අතර ප්‍රමාණයක් වගා කරල තියෙන්නෙ රිකිලි තේ. හැබැයි කුඩා තේ වතු හිමියන්ගේ ඉඩම් වලින් 98% ක් විතරම රිකිලි තේ වගාව තමා තියෙන්නේ. මේ රිකිලි තේ වගාවන්ගෙන් 65% - 70% විතර ප්‍රමාණයක් වගා කරලා තියෙන්නේ TRI 2000 කාණ්ඩයේ තේ ප්‍රභේද.

මේ TRI 2000 කාණ්ඩයේ තේ ප්‍රභේද අපේ තේ ඉඩම්වලට හඳුන්වා දුන්නේ කොහොමද කියලා මම මුලින්ම කෙටියෙන් කියන්නම්. 1950 දශකයේ මුල් කාලෙදි තේ පර්යේෂණායතනයෙ ඒ කාලෙ හිටිය ආචාර්ය ටබ් කියන අධ්‍යක්ෂකවරයා ඉන්දියාවේ ඇසෑමයේ ටොක්ලායි තේ පර්යේෂණායතන ආයතනයේ ASM 4/10 අංකය දරණ මව් පඳුරෙන් තේ ඇට ටිකක් ගෙනල්ලා තලවාකැලේ තේ පර්යේෂණායතනයෙ හිටෙව්වා. ඒ ඇට වලින් හැදුනු තේ පඳුරු 7 ක් තමා TRI 2000 කාණ්ඩයේ මව් පඳුරු. තේ පර්යේෂණායතනයට එන කෙනෙකුට අදත් මේ පඳුරු 7 දැකබලා ගන්න පුළුවන්. ඒව දැන් මීටර් 8 -10 විතර උසට වැවිලා. මේ මව් පඳුර හතෙන් ලබා ගත්ත රිකිලි වලින් තමයි TRI 2021, TRI 2022, TRI 2023, TRI 2024, TRI 2025, TRI 2026 සහ TRI 2027 කියන තේ ප්‍රභේද 7 බිහිවෙන්නේ. එකම මව් පඳුරකින් ගෙනාපු ඇට වලින් බිහිවුණත් මේ තේ ප්‍රභේද 7 එකිනෙකට බොහොම වෙනස් ඉහළ විවිධත්වයක් තියෙන ප්‍රභේද හතක්.

මේ ප්‍රභේද හත අතරින් TRI 2021 කියන තේ ප්‍රභේදය නිර්දේශ කරලා තිබුණේ මැදරට, උඩරට සහ ඌව ප්‍රදේශයන්ට පමණයි. ඉහළ අස්වැන්නක් ලබාදුන්න තේ ප්‍රභේදයක්. පෙනුමෙන් මෙය TRI 2025 සහ TRI 2023 අතර ලක්ෂණයන්ගෙන් යුක්ත වුණා. ඒ වගේම TRI 2026 ප්‍රභේදයේ තියෙනවා වගේ නටුව මුල තරමක රෝස පැහැයක් තිබුණා. නයිට්‍රිජන් ඌනතාවය පෙන්නුවෙ ළපටි දළු කහ පාටත් රෝස පාටත් ගැනීමෙන්. සාමාන්‍ය ළා කොළ පැහැයක් ගන්නා කොළ සහ දළු තරමක් විශාලයි. අවාසනාවකට මෙම තේ ප්‍රභේදයේ ආයුෂ කාලය අවුරුදු 20- 25 කට පමණ සීමා වීම නිසා දැන් මේ ප්‍රභේදය තේ ඉඩම් වල දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා TRI 2000 කාණ්ඩයේ තේ ප්‍රභේද හත අතරින් දැනට තේ ඉඩම් වල දකින්න ලැබෙන්නේ ප්‍රභේද 6 ක් පමණයි.

1. මේ සියලු තේ ප්‍රභේද ඉහළ අස්වැන්නක් ලබාදෙන තේ ප්‍රභේද
2. මේවා අතරින් TRI 2025 ප්‍රභේදය තේ වගා කරන සෑම ප්‍රදේශයකටම නිර්දේශිතයි.
3. TRI 2023 පහතරට ප්‍රදේශය හැර අනිත් සියලුම ප්‍රදේශයන්ට නිර්දේශිතයි.
4. TRI 2024 නිර්දේශ කරලා තියෙන්නේ මැදරට ට සහ ඌවට
5. TRI 2022 පහතරට ට සහ ඌවට
6. TRI 2026 සහ TRI 2027 පහතරට, මැදරට සහ ඌවට නිර්දේශ කරල තියෙනවා
7. මේ දේ ප්‍රභේද හය අතරින් TRI 2025 ප්‍රැචිලෙන්තස් ලූසයි කියන වටපනුවට මධ්‍යස්ථව ඔරොත්තු දුන්නත් අනිත් තේ ප්‍රභේද ඒ වටපනුවන්ට පාත්‍රී වෙනවා. හැබැයි TRI 2023, TRI 2024 සහ TRI 2027 ප්‍රභේද රැඩොපි‍ලස් වටපනුවන්ට නම් ප්‍රතිරෝධී බවක් දක්වනවා.

මේ ප්‍රභේද අතරින් TRI 2022, TRI 2025 සහ TRI 2027 යන ප්‍රභේද කඳ පිළිකාවට හොඳින් ඔරොත්තු දෙන අතර පහතරට සජීවී කඳන් වේයන්ගේ හානියට මධ්‍යස්ථව ඔරොත්තු දෙනවා.

TRI 2023 ඒ ප්‍රභේදය කඳ ගුල්ලාගේ හානියට ඉතා හොඳින් ප්‍රතිරෝධයක් දැක්වූවත් TRI 2025 ප්‍රභේදය කඳ ගුල්ලාගේ හානියට තදින් ම පාත්‍ර වෙනවා. TRI 2027 මධ්‍යස්ථව ප්‍රතිරෝධී බවක් පෙන්වනවා.

මේ ප්‍රභේද හය අතරින් TRI 2027 හැරුනු විට අනිත් සියලු ම තේ ප්‍රභේද තවානේ දී හොඳින් මුල් අදිනව.

මේ ප්‍රභේද සියල්ලෙන් ම නිපදවන නිමි තේ රසවත් බව අතින් මධ්‍යස්ථ බවක් පෙන්වන බව පර්යේෂණ පෙන්වා දී තියෙනව.
🤔
දැන් බලමු මේ තේ ප්‍රභේද වෙන්කර හඳුනා ගන්නට තියෙන ප්‍රධාන රූපීය ලක්ෂණ මොනවද කියලා.
🍃
ලංකාවේ වගා කරල තියන තේ ප්‍රභේද අතරින් වැඩිම ප්‍රමාණයක් වගා කරල තියෙන්නෙ මේ තේ ප්‍රභේද 6 නිසා තේ වගා කරන සියළුම දෙනා මේ තේ ප්‍රභේද වෙන්කර හඳුනා ගැනීමට හොද නිපුණතාවයක් ලබාගත යුතුයි.
🌿
තේ ප්‍රභේදවල වෙනස්කම් රූපීය ලක්ෂණ වලින් වෙන්කර හඳුනා ගන්න උත්සාහ කරන විට මෙන්න මේ කාරණා ටික ගැන විශේෂයෙන් මතකයේ තියා ගන්න ඕනි.
🌳
තේ ප්‍රභේදවල ස්වභාවික අනන්‍ය ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා.
🪴
තේ පඳුරු වල වර්ධක අවස්ථාව අනුව ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. එනම් තවානෙ තියෙන තේ පැලත්, කප්පාදු කළ පසු පලවෙනි අවුරුද්දෙ තේ පඳුරු වල රූපීය ලක්ෂණ සහ කප්පාදු චක්‍රය අන්තිම අවුරුද්දේ පඳුරුවල රූපීය ලක්ෂණ ස්වභාවික අනන්‍ය රූපීය ලක්ෂණයන්ගෙන් තරමක් දුරට වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා සමහර විට අප ඒ ඉහත දක්වපු අවස්ථාවලදී තේ ප්‍රභේදයක් හඳුනාගන්න උත්සාහ කළොත් වැරදි නිගමනයකට එන්න තියෙන අවස්ථා බොහොම ඉහළයි. ඒ හින්දා තේ ප්‍රභේදයක් හඳුනාගන්න හොඳම අවස්ථාව කප්පාදු චක්‍රයෙ දෙවෙනි සහ තෙවෙනි අවුරුදු වල තියෙන තේ පඳුරු වලින්.
🌱
ඒ වගේම තරමක් සෙවන වැඩි ස්ථානවල තියන තේ පඳුරුවල රූපීය ලක්ෂණ බොහෝ දුරට වෙනස් වෙලා පේනවා. ඒ වගේ තැන්වල හැදෙන තේ පඳුරුවල පවතින ලක්ෂණ තේ ප්‍රභේදයක් වෙන්කර හඳුනා ගැනීමට පාවිච්චි නොකළ යුතුයි. උඩරට, මැදරට, පහතරට ආදී ප්‍රදේශයන්හි වැවෙන එකම තේ ප්‍රභේදයක ලක්ෂණවල වෙනස්කම් පෙනෙන බව සමහරු පැවසුවත් මා එවැනි දෙයක් නිරීක්ෂණය කර නැහැ. ප්‍රදේශ අනුව එවැනි පැහැදිලි සැලකිය යුතු වෙනස්කමක් නැති බවයි මගේ හැඟීම.
🍃
TRI 2021 ප්‍රභේදය බහුලව දක්නට නොලැබෙන නිසාත් ඒ පිළිබඳ ඉහත සඳහන් කළ නිසාත් එහි ලක්ෂණ ඡායාරූපයෙන් හඳුනා ගැනීමට උත්සාහ කරන්න.
🍃
පහතරට ප්‍රදේශයේ නැවතත් ජනප්‍රිය වෙමින් පවතින TRI 2022 ප්‍රභේදයේ පත්‍ර ම්‍යස්ථ ප්‍රමාණයකින් සහ තරමක් දිගටි හැඩයකින් යුක්තයි පත්‍ර දාරයේ බොහෝ විට එක පැත්තක රුලි ගතියක් දැකිය හැක. පත්‍ර තලය තරමක දිලිසෙන සුළු ගතියක් මෙන් ම තරමක රළු ගතියක් පෙන්වයි.
🍃
TRI 2023 තේ ප්‍රභේදය පහතරට ට නිර්දේශ නොකළත් ජනප්‍රිය තේ ප්‍රභේදයක්. එහි පත්‍ර පළල් මෙන්ම දිගටි හැඩයක් ගන්නව. බොහෝවිට පහතට එල්ලා වැටෙන ලෙසට නටුවෙන් සවිවී තියෙන මේ ප්‍රභේදයෙ පත්‍ර දාරයේ දැති තරමක් තියුණු බවක් පෙන්වනව. පත්‍ර ලා කොළ පැහැයක් ගනී. නයිට්‍රිජන් පෝෂක ඌනතාවය ඇති විට ලපටි පත්‍ර කහපැහැයක් මෙන්ම රෝස පැහැයක් ද පෙන්වනව. නියං කාලයේ දී ඉතා ඉක්මනින් මැලවීමට භාජනය වී පත්‍ර පහතට කඩා හැලේ.
🍃
TRI 2024 තේ ප්‍රභේදයේ පත්‍ර ඉතාමත් දිලිසෙන ස්වභාවයක් ගන්නා අතර පත්‍ර පටු දිගැටි හැඩයක් ගනියි. TRI 2023 ප්‍රභේදයේ මෙන් ම නයිට්‍රජන් පෝෂකය ඌන වූ විට ලපටි පත්‍ර රෝස පැහැයක් පෙන්වයි. පත්‍ර දාරයේ දැති එතරම් තියුණු බවක් නොපෙන්වන අතර පත්‍ර තලය ද රැලි ගතියක් නොපෙන්වයි.
🍃
TRI 2025 තේ ප්‍රභේදය පහසුවෙන් හඳුනා ගත හැක්කේ එහි රවුම් හැඩය නිසාය. කොස් කොළයක හැඩය ගන්නා අතර පත්‍ර තලය මත රළු ගතියක් පෙන්වයි. පත්‍ර දාරයේ දැති එතරම් තියුණු නැත. නයිට්‍රජන් පෝෂකය ඌණ වූ විට ළපටි දළු කොළ පැහැ හා පැහැයක් ගනියි.
🍃
TRI 2026 ප්‍රභේදය පහතරට ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය තේ ප්‍රභේදයක් වන අතර කුඩා තේ ඉඩම් වල බහුලව දක්නට ලැබේ. පත්‍ර තලය එතරම් දිලිසෙන බවක් නොපෙන්වයි. පත්‍ර දාරයෙ දැති එතරම් තියුණු නැත. පත්‍රයෙ නටුව මුල තරමක රෝස/දුඹුරු පැහැයක් ගනියි.
🍃
TRI 2027 ඉහත තේ ප්‍රභේද 6 අතුරින් අඩුවෙන්ම වගා කර ඇති තේ ප්‍රභේදය යි. තවානේදී මෙහි රිකිලි මුල් ඇදීමට ප්‍රමාද වීම මෙයට ප්‍රධාන හේතුවයි. මෙහි පත්‍රවල හැඩය දිගටි නමුත් පටු ය. ඉහලට වැඩෙන පත්‍ර තරමක් බෝට්ටුවක හැඩය ගනී.

තේ ප්‍රභේද රූපීය ව වෙන්කර හඳුනාගැනීමේ කටයුත්ත එතරම් පහසු නැහැ. ඒ සඳහා නිරන්තර අභ්‍යාස කල යුතුයි. ඔබ ක්ෂේත්‍රයේ දකින තේ ප්‍රභේදය හඳුනා ගැනීමට සෑම විටම උත්සාහ කරන්න. එවිට මේ ප්‍රභේදවල ලක්ෂණ හොදින් මතක තියේවි. මේ සඳහන් කළ රූපීය ලක්ෂණ තවදුරටත් රූප විද්‍යාත්මක තාක්ෂණික වචන භාවිතා කරලා විස්තර කරන්න පුළුවන්. මා ඉදිරි කාලයේ දී ඒ පිළිබඳ තවදුරටත් විස්තර කරන්නම්. එතෙක් ඡායාරූප භාවිතා කරල ඉහත තේ ප්‍රභේද වෙන්කර හඳුනා ගන්න උත්සාහ කරන්න. මීට අමතරව අනෙකුත් තේ ප්‍රභේදයන් ද ක්ෂේත්‍රයේ ඇති බැවින් මෙම උත්සාහය තවත් සංකීර්ණ වෙයි. නමුත් උත්සාහය අත් නොහැර ඉදිරියට ම යමු. මේ පිළිබඳ මගේ දැනුම සහ අත්දැකීම් ඉදිරි කාලයේ දී ත් ඔබට ලබා දෙන්නම්.
🍃

අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි.
තේ වගාව ගැන දැනුම අවශ්‍ය අය comment එකක් දාගෙන යමු.

මාතර පැත්තෙ කොල්ලො මේ වෙලාවෙ 🐊🤓
02/06/2024

මාතර පැත්තෙ කොල්ලො මේ වෙලාවෙ 🐊🤓

පීනගෙන හරි වරෙල්ලා මොරවක බඩු තියෙනවා 🙈😁 🍻
02/06/2024

පීනගෙන හරි වරෙල්ලා මොරවක බඩු තියෙනවා 🙈😁 🍻

මාතර මාකඳුර නගරය  සමිපුර්ණයෙන්ම ජලයයෙන් යටවෙයි🥲 උපුටා ගැනීම උපුල් ශාන්ත
02/06/2024

මාතර මාකඳුර නගරය සමිපුර්ණයෙන්ම ජලයයෙන් යටවෙයි🥲
උපුටා ගැනීම උපුල් ශාන්ත

⭕️ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, පුවක්ගහහේන ග්‍රාම නිලධාරි වසමෙහි පුවක්ගහහේන - හඳුගල මාර්ගය නාය යාමට ලක්ව ඇත. ...
02/06/2024

⭕️ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, පුවක්ගහහේන ග්‍රාම නිලධාරි වසමෙහි පුවක්ගහහේන - හඳුගල මාර්ගය නාය යාමට ලක්ව ඇත. ජීවිත හා දේපල හානි වාර්තා නොවේ. සියලුම දෙනා අවදානයෙන් පසුවන්න.

අද 2024-06-02 උදෑසන මොරවක තත්වය
02/06/2024

අද 2024-06-02 උදෑසන මොරවක තත්වය

ලංකාගම පිටදෙනිය ප්‍රදේශයේ විශාල නාය යෑමක් පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නාය යාමේ අවදානම වැඩි වී ඇත. එවැනි අවදානම් සහි...
02/06/2024

ලංකාගම පිටදෙනිය ප්‍රදේශයේ විශාල නාය යෑමක්
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නාය යාමේ අවදානම වැඩි වී ඇත. එවැනි අවදානම් සහිත ප්‍රදේශ වල ජිවත් වන (නෙළුව,ලංකාගම,දෙනියාය) පුද්ගලයින් එ පිලිඹද විශේශ අවදානයෙන් පසුවන්න..
උපුටා ගැනිමකි

අඩි 18 ගැඹුරූ ජලාශය මැද ඉදිවූඅසිරිමත්  #අකුරැස්ස මාරඹ තොරණ...මෙවා තමා ඒ මිනිස්සුන්ගේ විස්කම්දාඩිය මහන්සිය හෙලපු හැමෝටම උ...
24/05/2024

අඩි 18 ගැඹුරූ ජලාශය මැද ඉදිවූ
අසිරිමත් #අකුරැස්ස මාරඹ තොරණ...
මෙවා තමා ඒ මිනිස්සුන්ගේ විස්කම්
දාඩිය මහන්සිය හෙලපු හැමෝටම උපහාරයක්ම වේවා
🙏🌸❤️💙

18/05/2024

වැරදියට ඇහෙන සින්දු මොනවද
Ex:
" පියා බස්සලා මම ඔබ සොයා එමි රැයේ" 🥲

Address

Deniyaya

Website

Alerts

Be the first to know and let us send you an email when Live Deniyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Social Media Agencies in Deniyaya

Show All

You may also like