Samadhi TV

Samadhi TV Samdhi International Buddhist Channel
(2)

සාර සමාධි හිතක් හදන දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස නිර්මල ශ්රි සද්ධර්මය ලොවට දායාද කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද සමාධි අන්තර් ජාතික මාධ්‍ය ජාලයේ සමාධි රූපවාහිනිය ...

සමාධි අන්තර්ජාතික මාධ්‍යජාලයේ පොසොන් දින පණිවිඩය ....
23/06/2021

සමාධි අන්තර්ජාතික මාධ්‍යජාලයේ පොසොන් දින පණිවිඩය ....

30/05/2021
සමාජ මෙහෙවරට කැප වූ බද්දේගම සමිත මාහිමිපාණන් වහන්සේ බද්දේගම හැඩිදෙමළකන්දේ දුටුගැමුණු විහාරාධිවාසී, බද්දේගම ගොතටුව  ශ්‍රී...
30/05/2021

සමාජ මෙහෙවරට කැප වූ බද්දේගම සමිත මාහිමිපාණන් වහන්සේ

බද්දේගම හැඩිදෙමළකන්දේ දුටුගැමුණු විහාරාධිවාසී, බද්දේගම ගොතටුව ශ්‍රීපාද චෛත්‍යාරාමාධිපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බද්දේගම සමිත ස්ථවිරයන්ගේ අපවත් වීම වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළ කොට සිටුම්හ.

සුවිශේෂි ගුණාංග රාශියකින් හෙබි හිමිනමක් ලෙස එම ස්ථවිරයන් සඳහන් කිරීම සුදුසුය.

ජංගම පුස්තකාලය යැයි නම් දැරූ දුටුගැමුණු රජමහා විහාරාධිපති , පණ්ඩිත ගණේගම ශ්‍රී සරණංකරාභිධාන ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යපුත්‍රයන් වහන්සේ නමක ලෙස ප්‍රව්‍රජ්‍යා සම්පත් ලද බද්දේගම සමිත ස්ථවිරයන් කුඩා කල පටන් පරහිත පිණිස ඇප කැප වූහ.

දේශපාලන කටයුතුවල ක්‍රියාකාරී වුවද භික්ෂු ජීවිතයට කැළලක් සිදු නොවන පරිද්දෙන් පොදු මහජන යහපත පිණිස ම එම කටයුතු වල යෙදීමට මෙම ස්ථවිරයන් ප්‍රවේශම් වීම අගය කළ යුතුය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රථම භික්ෂූන් වහන්සේ ලෙසින් ඉතිහාසගත වීම සුවිශේෂි සංසිද්ධියකි. දකුණු පළාත් සභාව සහ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු වෙනුවෙන් ලබාදුන් දායකත්වය අගය කරනු වටී.

භේද නොසළකමින් සමානාත්මතාවයෙන් ගිහි පැවිදි සියලු දෙනා සමග කටයුතු කරමින් අසරණ සරණ මෙහෙවර රාශියක නිරතවූහ. කිසිදු විවේකයක් නොගෙන පරාර්ථ චර්‍යාවෙහි යෙදුණු බද්දේගම සමිත ස්ථවිරයන් රුදුරු කොරෝනා වසංගතයට ගොදුරු වී අකාලයේ අපවත්වීම ලක්වාසීනට සිදු වූ බරපතල පාඩුවකි.

මෙම අනපේක්ෂිත අවස්ථාවේ සංවේගප්‍රාප්ත සද්ධිවිහාරික,ශිෂ්‍යපුත්‍රාදීන්, දායකකාරකාදීන් ඇතුළු සැමට දක්ෂිණ ලංකාවේ මහා සංඝරත්නයේ සාතිශය සංවේගය පළ කොට සිටින අතර අපවත් වී වදාළ බද්දේගම සමිත ස්ථවිරයට නිර්වාණ සම්පත්‍යය ප්‍රාර්ථනා කොට සිටිමි .

ගාල්ල යටගල රාජමහා විහාරය , රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය තදනුබද්ධ අෂ්ට මහාවිහාරාධිපති, හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක , උපාධ්‍යාය ධුරන්දර , ශාස්ත්‍රපති, පණ්ඩිත , සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර රතනසාර ,
මැටරඹ හේමරතන නායක ස්ථවිර

Address

Samadhi International Buddhist Media Network
Dehiwela

Alerts

Be the first to know and let us send you an email when Samadhi TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samadhi TV:

Videos

Share


Other Dehiwela media companies

Show All