Crime Watch SL

Crime Watch SL Crime watch ශ්‍රී ලංකාවේ එකම අපරාධ පුවත් වාර්තාකරන ෆේස්බුක් පිටුව

හිනිදුම ත්‍රිත්ව ඝාතනය කරන්දෙණියේ සුද්දගේ වැඩක්⭕ හෝටලයේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ ඔත්තුකරුවෙක් ⭕හිනිදුම පනාගල ප්...
03/02/2025

හිනිදුම ත්‍රිත්ව ඝාතනය කරන්දෙණියේ සුද්දගේ වැඩක්

⭕ හෝටලයේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ ඔත්තුකරුවෙක් ⭕

හිනිදුම පනාගල ප්‍රදේශයේ අවන්හලක් තුළදී එහි හිමිකරු ඇතුළු තිදෙනකු ඝාතනය කර ඇත්තේ විදෙස්ගතව සිටින පාතාල නායකයකු වන කරන්දෙණිය සුද්දා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව අනාවරණය වෙමින් ඇතැයි විමර්ශන කණ්ඩායම් පවසයි.

ඝාතනයට ලක්වූ අවන්හල් හිමිකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කර ඇති බවත්, ඔහුට කරන්දෙණිය සුද්දා විසින් අවස්ථා කිහිපයකදීම අනතුරු හඟවා ඇති බවත් හෙළිවී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දනය සහ බුද්ධි අංශ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රියට ඔත්තු දුන් බව කියමින් කරන්දෙණිය සුද්දා අවස්ථා කිහිපයකදීම අවන්හල් හිමිකරුට බැණවැදී ඇති බවත් හෙළිවී තිබේ.මෙම ඝාතනය විදෙස් ගතවීම සඳහා මුදල් ලබාදීම නිසා ඇතිවූ ගනුදෙනුවක් මත සිදුවූවක් බවට මුලින් කියවුණද එම මුදල් ලබාදුන් හා ලබාගත් බව කියන දෙදෙනාම මියගිය අය අතර සිටින බව විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු හිනිදුම ප්‍රාදේශීය සභාවේ හිටපු මහජන නියෝජිතයෙක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
Aruna.lk

🔴අම්බලන්තොටදී තිදෙනෙක් කපාකොටා ඝාතනය කරයිඅම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබේ.අද(02...
02/02/2025

🔴අම්බලන්තොටදී තිදෙනෙක් කපාකොටා ඝාතනය කරයි

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

අද(02) රාත්‍රි 07.30ට පමණ ඝාතනය සිදු කර අතර, මියගොස් ඇත්තේ 29, 34 සහ 45 යන වයස්වල පසුවන්නන්.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

🔴යෝෂිතට ඇප
27/01/2025

🔴යෝෂිතට ඇප

23/01/2025

කඳාන ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරෙන පුද්ගලයෙකුගේ වීඩියෝ දර්ශන පොලිස් විමර්ශන අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබෙනවා.එම වීඩියෝ දර්ශන වල සිටින පුද්ගලයා වෙඩික්කරු බවට සැකකෙරෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගත හොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනත්වගෙන් ඉල්ලා සිටිනු ලබනවා.එම දුරකථන අංක පහතින් ,සහකාර පොලිස් අධිකාරී කැළණිය – 0718591595ස්ථානාධිපති – කඳාන – 0718591594එමෙන්ම මෙම අපරාධය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

23/01/2025

සැපට නිදන පොලිසිය

19/01/2025
19/01/2025

🔴ගල්කිස්ස වෙඩි තැබීමේ CCTV දර්ශන මෙන්න

🔴ගල්කිස්සේ වෙඩි තැබීමෙන් 24 හැවිරිදි තරුණයෙක් මරුටUPDATE -  ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේන් තුවාළ ලැබූ ප...
19/01/2025

🔴ගල්කිස්සේ වෙඩි තැබීමෙන් 24 හැවිරිදි තරුණයෙක් මරුට

UPDATE - ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේන් තුවාළ ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බඩේවිට දෙවන අදියරේ පදිංචිව සිටි ශවිඳු තරුෂ නම් අයෙකි.

පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී දෙහිවල කවුඩාන ප්‍රදේශයේදී වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමග ඔහු සතුව තිබූ ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත.

වෙඩික්කරු වයස අවුරුදු 47ක් වන අයෙකු වන අතර ඔහු මීට පෙරද මනුෂ්‍ය ඝාතනයට සැකකරු වූ තැනැත්තෙක් බවද පොලීසිය පවසයි.

🔴රුපියල් කෝටි 28ක සල්ලි ගෝනියේ සුල මුල හෙළි වූ හැටිමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පසුගිය(17) දින සොයාගත් රුපියල් කෝ...
19/01/2025

🔴රුපියල් කෝටි 28ක සල්ලි ගෝනියේ සුල මුල හෙළි වූ හැටි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පසුගිය(17) දින සොයාගත් රුපියල් කෝටි 28ක මුදල හරක් කටාගේ ප්‍රධානතම ගෝලයෙක් වන විදේශගතව සැඟව සිටින රන් මල්ලි නම් අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මේ වනවිට අනාවරණ කරගෙන තිබේ.

පොලිසිය පැවසුවේ එම මුදල්වලින් මැඩගස්කරයේ මැණික් මිලදී ගෙන එම මුදල් සුදුකිරීමට සැකකරු සූදානම්ව සිට ඇති බවය.

ඉතිහාසයේ මෙතෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුයකු සතු වූ වැඩිම මුදල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් විසින් කුරුණෑගල ප්‍රදේශයේ නිවසකින් සොයාගනු ලැබීය.

එම මුදල රුපියල් කෝටි 28ක් වූ අතර එහිදී සැකකරුවකු ද අත්අඩංගුවට ගත්තේය.

සැකකරු සතුව තිබී මැණික් ගල්වලට සමාන පාශාණ තොගයක් ද විමර්ශන නිලධාරීන් සොයාගත් අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.

සැකකරු එහිදී පවසා ඇත්තේ, අදාළ මුදල් හරක් කටා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධානතම ගෝලයෙකු වන විදෙස්ගතව සැඟව සිටින රන් මල්ලී නැමැත්තාට අයත් බවය.

හරක් කටා අත්අඩංගුවට පත්වීමෙන් පසුව මේ වන විට දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයන් අතුරින් අයෙක්වන්නේ රන් මල්ලී නැමැත්තා බව වාර්තා වේ.

ඒ අනුව අත්අඩංගුවට පත් වූ පුද්ගලයා රන් මල්ලිගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් වැයකර කුරුණෑගල පිහිටි නිවසට සේප්පුවක් ද මිලදීගෙන තිබේ.

සැකකරු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පාසල් වියෙහි සිට රන් මල්ලි නැමැත්තාගේ මිතුරෙකි.

ඒ අනුව රන් මල්ලි අදාළ පුද්ගලයා අමතා තමන්ගේ මුදල් ළඟ තබාගැනීමට හැකියවක් පවතිනවා ද යන්න පිළිබඳව විමසා තිබේ.

ඊට එකඟවී ඇති අදාළ පුද්ගලයා පසුව රන් මල්ලිගේ උපදෙස් මත කඩවත හා කොළඹ ප්‍රදේශවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් තමන් සතුව තබාගෙන පසුව රන් මල්ලි පවසන අවස්ථාවලදී වෙනත් පුද්ගලයන්ට ලබා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තමන්ට නොයක් පුද්ගලයන්ගෙන් රන් මල්ලීගේ උපදෙස් මත විවිධ පාර්සල් ලැබෙන බවත්, ඒවායේ කුමක් තිබෙනවාද කියා පරීක්ෂා නොකර විවිධ පුද්ගලයන්ට ලබාදීම සිදුකරන බවත් සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

ඇතැම් අවස්ථාවලදී රන් මල්ලි සිය ජංගම දුරකතනයට එවන ස්ථානවලට ගොස් මුදල් හා පාර්සල් තබා එන බවද සැකකරු පවසා තිබේ.

ඔහුගේ උපදෙස් මත සැකකරු වෑන් රථයක් හා කැබ් රථයක් රුපියල් කෝටි 3කට අධික මුදලක් වියදමී කර මිලදී ගත් බවත් රන් මල්ලිගේ උපදෙස් මත මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස මෙරට තුළ ලියාපදිංචි වී ඇති බවත් පොලීසිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ, රන් මල්ලි තමන්ට ලබාදුන් උපදෙස් මත ඔහුගේ මුදල්වලින් මෙරටින් මැණික් ගල් රැගෙන මැඩගස්කරය බලාගොස් ඒවා එරට තුළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටි බවය.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව මෙපමණ මුදලක් තිබෙන බවට ඔහුගේ බිරිය ද දැන සිට නොමැති බවද වාර්තා වේ.

එමෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ද රන් මල්ලී නැමැත්තා දුරකතන ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරනු ලබයි.

🔴අපරාධ ජාලයක දිගුවක් හෙළිකළ කළුබෝවිල වෙඩිල්ලකළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් ප...
17/01/2025

🔴අපරාධ ජාලයක දිගුවක් හෙළිකළ කළුබෝවිල වෙඩිල්ල

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව ඇත.

පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීම බඩෝවිට අසංක නැමැත්තාගේ පාර්ශ්වය විසින් සිදුකරන ලද්දක් බවට සැකකරන බවයි.

මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ අලෙවිසැල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි අවිශ්ක නැමැත්තාගේ බාප්පාට අයත්වූවක් බව පොලීසිය පවසයි.

ඩුබායි අවිශ්ක යනු තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස් මල්ලී නැමැත්තාගේ සමීපතමයෙකු බව සඳහන් වේ.

කෙසේ නමුත් කොස් මල්ලි හා බඩෝවිට අසංක කලක සිට විරසකයකින් සිටින බව පොලීසිය පවසයි.

එම විරසකයේ ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේම පුද්ගලයින් 6 දෙනෙකු මේ වනවිට ඝාතනයට ලක්ව ඇත.

ඒ අනුව එහි තවත් දිගුවක් ලෙසින් කොස් මල්ලීට රිදවීමේ අරමුණින් මෙලෙස බඩෝවිට අසංක නැමැත්තා කොස් මල්ලීගේ සමීපතමයෙකු වන ඩුබායි අවිශ්කගේ බාප්පා ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

මේ අතර ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යංශය පසුගියදා හොරොයින් කිලෝ එක හමාරක් හා කෙරළ ගංජා කිලෝ 4ක් සමගින් කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ඉන් අත්අඩංගුවට පත් කාන්තාව ඩුබායි අවිශ්කගේ අම්මා බව සඳහන්.

මෙම සිද්ධියේ විමර්ශ කටයුතු බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

🔴පොඩ් ලැසීගේ අලුත්ම ඡායාරූපය මෙන්න
17/01/2025

🔴පොඩ් ලැසීගේ අලුත්ම ඡායාරූපය මෙන්න

🔴පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක්...
17/01/2025

🔴පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක්...

ආර් . දුමින්ද සිල්වා සිරකරු බන්ධනගාර රෝහලෙන් වැලිකඩ බන්ධනාගාරයට...ශ්‍රී ජයවර්ධනපුර රොහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ පරි...
10/01/2025

ආර් . දුමින්ද සිල්වා සිරකරු බන්ධනගාර රෝහලෙන් වැලිකඩ බන්ධනාගාරයට...

ශ්‍රී ජයවර්ධනපුර රොහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි උක්ත සිරකරු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර, බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි අතර අදාල සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් බන්ධනාගාර රෝහල තුල නේවාසික ප්‍රතිකාර ලබා දීම අවශ්‍යද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් ලිඛිතව විමසා සිටි අතර ඒ සදහා 18 දෙනෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබීය.
එම කමිටුව විසින් ලබා දෙන ලද නිර් දේශය අද දින බ න්ධනාගාර දෙපාර්තමේන්තුවට ලද අතර එහි සදහන් පරිදි අදාළ සිරකරුට තවදුරටත් බන්ධනාගාර රෝහල තුල හෝ වෙනත් රෝහලක රෝහල් ගත කර සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. එහි වැඩි දුරටත් සදහන් කර තිබුණේ ඕනෑම අවස්ථාවක හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් ඒ සදහා නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවයි.

ඒ අනුව අදාල නිර්දේශ අනුව ආර්. දුමින්ද සිල්වා යන අය බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුලත් කෙරිණි. අදාළ සිරකරුගේ හදිසි සංකූලතාවයකදි ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් වැලිකඩ අධිකාරිවරයාට උපදෙස් ලබා දීමක්ද සිදු විය.

ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස්
මාධ්‍ය ප්‍රකාශක

🔴දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට මරු කරයි
10/01/2025

🔴දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට මරු කරයි

🔴 අහුංගල්ලේ වෙඩිතැබීමක්අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.අද (09) උදෑසන 6.15ට පමණ රතු...
09/01/2025

🔴 අහුංගල්ලේ වෙඩිතැබීමක්

අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබු පුද්ගලයා "ලොකු පැටී" නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බව ද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

🔴පොලීසියේ ලොකු පුටු 11ක් හෙල්ලෙයි... ලැයිස්තුව මෙන්න...ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ....
07/01/2025

🔴පොලීසියේ ලොකු පුටු 11ක් හෙල්ලෙයි... ලැයිස්තුව මෙන්න...

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.

ඊට අනුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. වී. ගිනිගේ මහතාව අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මාතර කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරු කර තිබේ.

😉
07/01/2025

😉

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Crime Watch SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share