සිත සැනසෙන බුදු වදන [sitha sanasena budu wadana]

  • Home
  • Sri Lanka
  • Colombo
  • සිත සැනසෙන බුදු වදන [sitha sanasena budu wadana]

සිත සැනසෙන බුදු වදන  [sitha sanasena budu wadana] shinhala bavuddaya wenuwen api

බුද්ධත්වයට ප්‍රථම බෝසතාණන් වහන්සේ දුටු සිහින පහ..🙏🌷එය වෙසක් මස පුර තුදුස්වක දිනය විය. සංසිඳුණු සිතින් යුත් බෝසතුන් එදින ...
16/12/2023

බුද්ධත්වයට ප්‍රථම බෝසතාණන් වහන්සේ දුටු සිහින පහ..🙏🌷

එය වෙසක් මස පුර තුදුස්වක දිනය විය. සංසිඳුණු සිතින් යුත් බෝසතුන් එදින සැතපෙද්දී රාත්‍රී අළුයම් කාලය එළඹෙත්ම විවිධ වූ අර්ථවත් සිහින පසක් දුටුවේ ය. අළුයම අවදි වූ බෝසතාණන් වහන්සේ එම සිහින පස හා එහි අර්ථය වෙන වෙනම විමසා බැලූහ.

එම සිහින සහ ඒවායේ අර්ථය මෙසේ යැයි උන්වහන්සේට වැටහිණ.

✴️ පළමු වන සිහිනය

මහ පොළොව යහනක් විය. හිමාලය පර්වතය තම සයනෙහි කොට්ටය වේ. එහි සැතපෙන බෝසතුන්ගේ වම් අත පෙර දිග මුහුදෙහි විය. අවර දිග මුහුදෙහි දකුණු අත විය. දකුණු දිග මුහුදෙහි දෙපා විහිදී තිබිණ.

"එය වනාහි සියල්ල අභිබවා බෝසතුන් සම්බුදු පදවිය ලබන බවට පෙරනිමිත්තක් බව උන්වහන්සේ වටහා ගත්හ."

✴️ දෙවන සිහින

දෙවන සිහිනය වූයේ බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතණ ගසක් පැන නැගී අහස පුරා දිග්ව පැතිර යාමය.

"ශ්‍රේෂ්ඨ වූ ආර්‍යෂ්ඨාංගික මාර්ගය අවබෝධ කොට ගෙන එය ලොව පුරා දේශනා කරන්නේය" යන්න එම සිහිනයේ අර්ථය ලෙස තේරුම් ගන්නා ලදී.

✴️ තුන්වන සිහිනය

තුන්වන සිහිනය වූයේ කළු හිස් ඇති සුදු පණුවන් රාශියක් පාද මූලයෙන් නැගී දණහිස දක්වා වසා ගැනීමය.

"එය වනාහි බොහෝ උවසු උවැසියෝ බුදුන් සරණ යන්නෝ ය" යන අදහස පල කරන්නක් විය.

✴️ සතර වන සිහිනය

සිව් දිගින් පියඹා පැමිණි ඒ ඒ වර්ණයෙන් යුත් ලිහිණියන් සතර දෙනෙක් බෝසතුන්ගේ පා මුල වැටී එකම සුදු වර්ණයෙන් යුක්ත වීම සතර වන සිහිනය යි.

"ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ ,වෛශ්‍ය, ශුද්‍ර යන සිව් කුලයන්ගෙන් පැමිණෙන ජනයා බුදුරදුන් හමුවෙහි පැවිදිව එකම ආර්‍ය ශ්‍රාවකයන් බවට පත්වන්නේය" යන්න එහි අදහස විය.

✴️ පස්වන සිහිනය.

මහත් සේ කිළිටි අසූචි පර්වතයක් මුදුනේ එහි නොතැවරී ,නොගැටී බෝසතුන් සක්මන් කිරීම ය.

"සිව්පසයෙහි බොහෝ ලාභ ප්‍රයෝජන ලැබෙද්දී එහි නොඇලී නිරාමිශ පිවිතුරු ජීවිතයක් ගත කිරීම"එහි අදහස වන බව වටහා ගන්නා ලදී.

" මහා පුරුෂයාණන් වහන්සේ මෙම සිහින පස තමන් වහන්සේ නිසැකයෙන්ම බුදු වන බවට පැහැදිලි පෙර නිමිත්තක් බවට වටහා ගත් බෝසතාණන් වහන්සේ අළුයම අවදිව මුහුණ දොවා පිරිසිදුව භික්ෂාචාර(දාන) වේලාව එළඹෙන තෙක් පෙර දිගට මුහුණ ලා ප්‍රසන්න මුහුණින් යුතුව අජපල් නුගරුක මුල වැඩ සිටියහ."

උපුටා ගැනීමකි.

17/11/2023

මාගේ නමස්කාරය වේවා !! ❤🌸🍃🙏

තෙරුවන් සරණයි... 🙏🌸🌿
15/11/2023

තෙරුවන් සරණයි... 🙏🌸🌿

" නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං "බුදුරජාණන් වහන්සේගේ සරණක් හැර අන් සරණක් නොමැත...🙏❤️🙏...
13/11/2023

" නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං "

බුදුරජාණන් වහන්සේගේ සරණක් හැර අන් සරණක් නොමැත...🙏❤️🙏...

සිත් සතන් පහන්වන පිං බර වප් පුන් පොහෝ දිනයක් වේවා 🙏❤️ යාළුවෝ හැමෝටම ❤️🙏
28/10/2023

සිත් සතන් පහන්වන පිං බර වප් පුන් පොහෝ දිනයක් වේවා 🙏❤️ යාළුවෝ හැමෝටම ❤️🙏

ඔබගේ මගේ සංසාර විමුක්තිය උදෙසා බුද්ධත්වය වෙනුවෙන් උන්වහන්සේ අනේකවිද දුක් විදි සේක... ඒ මහා වීර්‍යායට මාගේ නමස්කායරය වේවා...
28/10/2023

ඔබගේ මගේ සංසාර විමුක්තිය උදෙසා බුද්ධත්වය වෙනුවෙන් උන්වහන්සේ අනේකවිද දුක් විදි සේක... ඒ මහා වීර්‍යායට මාගේ නමස්කායරය වේවා
🙏🙏❤️

රාහුල පොඩි හාමුදුරුවෝ මෙහෙම වඩින්න ඇති නේද ඒ කාලේ දැක්කත් ඇති හිත නිවෙනවා 🙏
20/10/2023

රාහුල පොඩි හාමුදුරුවෝ මෙහෙම වඩින්න ඇති නේද ඒ කාලේ

දැක්කත් ඇති හිත නිවෙනවා 🙏

බුදුසරණයී..!🙏🌻
18/10/2023

බුදුසරණයී..!🙏🌻

ඒ කාලේ මෙහෙම ලස්සනට තියෙන්න ඇති🙏බලන්න ලස්සන🌼🥺❤
18/10/2023

ඒ කාලේ මෙහෙම ලස්සනට තියෙන්න ඇති🙏බලන්න ලස්සන🌼🥺❤

15/10/2023
🙏
13/05/2023

🙏

..විහාරදායිකා විමාන කථාව..“දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ දසදිශා ඒකාලෝක කරන ඕසධී තාරුකාවක් වගේ.“නටන්නාවූ ...
13/04/2023

..විහාරදායිකා විමාන කථාව..

“දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ දසදිශා ඒකාලෝක කරන ඕසධී තාරුකාවක් වගේ.

“නටන්නාවූ ඔබගේ අංග ප්‍රත්‍යංගයන්ගෙන් ඇසිය යුතුවූ යහපත්වූ දිව්‍යශබ්දයෝ සර්වප්‍රකාරයෙන් නික්මෙන්නේ ය.

“නටවන්නාවූ තොපගේ අවයව වලින් සර්වප්‍රකාරයෙන් යහපත් හොඳ සුවඳවත් දිව සුවඳ හමයි.

“කොන්ඩෙහි යම් පළඳනාවක්වේද කය සෙලවෙන කල්හි එය පඤ්චාංගික තූර්යයෙහි මෙන් ශබ්දය ඇසෙයි.

“වාතයෙන් සොලවනලද, වාතයෙන් විශේෂයෙන් කම්පා කරනලද මුදුන්මල්කඩක් වේද, එයින් පඤ්චාංගික තූර්යයන්හි මෙන් ශබ්දය ඇසෙයි.

“ ඔබගේ හිසෙහි පිවිතුරු සුවඳ ඇති යම් මල්මාලාවක් වේද, මඤ්ජුසක දිව්‍ය වෘක්ෂය මෙන් සියලු දිශාවෙහි සුවඳ හමයි.

කියන්න දෙව්දුව, මේ සා ආනුභාවසම්පන්න දිව්‍යමය වූ ආත්ම භාවයක් ලැබුවේ කුමන කර්මයක විපාකයක් හේතු කොට ගෙන ද?

ස්වාමීනී, මාගේ යෙහෙළි වූ විසාඛා තොමෝ සැවැත්නුවරැ සංඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ය. එහි පහන් වූ මම ඒ මහත් වූ ප්‍රාසාදය ද මට ප්‍රිය වූ බුද්ධප්‍රමුඛ සංඝයා උදෙසා කළ එබඳු මාහාධනපරිත්‍යාගය ද දැක පින් අනුමෝදන් වීමි.

මාගේ ඒ පිරිසිදු අනුමෝදනාවෙන් දැකුම්කලු අසිරිමත් මේ විමන ලබන ලදී. මාගේ පුණ්‍යර්ධියෙන් (ඒ විමන) අහසෙහි හාත්පස සොළොස් යොදුන් තැන් පැතිරැ පවතී.

කොටස් විසින් බෙදූ ප්‍රමාණවත් කරන ලද කුළුගෙවල් ඇති බබළන මාගේ නිවෙස්හු හාත්පස සියක් යොදුන් තැන් බබළති.

මෙහි මට දිවමසුන් සිටින නොකැළඹුණු පිරිසිදු දිය ඇති රන්වන් වැලි ඇතුරූ පොකුණු ද වෙති.

නොයෙක් පියුමෙන් වැසුණු හෙල පියුමෙන් හාත්පස පැතුරුණු මනරම් වූ පවනින් කම්පිත වූ පිරිසිඳු සුවඳ හමයි.

දඹ කොස් තල් පොල් වනයෝ ද රොපණය නොකළාවූ ම නොයෙක් වෘක්‍ෂයෝ ද නිවෙස් තුළ හටගත්තාහ.

තන්තුරු රැවින් හඬ නැගුණු දෙවඟනන් විසින් ඝෝෂිත වූ මා යමෙක් සිහිනෙන් දකින්නේ ද, ඒ මිනිස් තෙමේ ද ප්‍රීත වන්නේය.

මෙබඳු අසිරිමත් දැකුම්කලු වූ සියලු ලෙසින් පැහැපත් වූ විමානය මාගේ කුශලකර්මයෙන් උපන්නේ ය. එහෙයින් පින් කිරීම සුදුසු ය.

ඔබේ ඒ පිරිසිඳු අනුමෝදනාවෙන් ලත් විමන අසිරිමත් ය. දැකුම්කලු ය. යම් ඒ ස්ත්‍රියක් දන් දුන්නී ද, ඕ තොමෝ කොහි උපන්නී දැයි ඇය උපන් ගතිය කියව.

ස්වාමීනි, මගේ යහළු ස්ත්‍රිය යම් තැනැත්තියක් වීද ඇය සංඝයාට මහාවිහාරයක් කරවූවාය. සිව්සස් දහම් මනාව දත් ඇය දානයක් දී නිර්මාණරතී දෙවියන් අතර උපන්නාය.

ඇය ඒ සුනිම්මිත දෙවිඳුන්ගේ බිරිඳ වුවා ය. ඇයගේ කර්මවිපාකය නො සිතිය හැකි ය. ඇය කොහි උපන්නී දැ යි මේ යමක් විචාරහි ද, එය ඔබට මම ඇති සැටියෙන් පැවැසීමි.

එසේ හෙයින් වස්තු ඇත්තෝ සංඝයාට දන්දෙව්. අන්‍යයන්ද සමාදන් කරවව්. පැහැදුණ සිතින් ධර්මයද අසව්. අතිශයින් දුර්ලභවූ මිනිසත් බව ලද්දේ ද එහෙයිනි.

බ්‍රහ්මස්වර ඇති රන්වන් සමක් ඇති බුදුරජාණන් වහන්සේ යම් සුගතිගාමී මාර්ගයක් ශ්‍රේෂ්ඨ යයි වදාළසේක් ද, යමකු විෂයෙහි දක්ෂිණාව මහත්ඵල වන්නේ ද ඒ සංඝයා ට දන් දිය යුතුය..

බුද්ධාදී සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආය්‍යර්‍ පුද්ගලයෝ වෙත් ද, ඔහු අටදෙනෙකි. යුගල වශයෙන් සතර දෙනෙකි. බුදුරදුන්ගේ ශ්‍රාවක වූ ඒ ආය්‍යර්‍ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුස්සෝය.. උන්වහන්සේලා කෙරෙහි දෙනලද දානයෝ මහත්ඵල වෙති.

මාර්ගස්ථයෝ සිවුදෙනෙකි, ඵලස්ථයෝ සිවු දෙනෙකි, මේ සංඝයා තෙමේ ඍජු වූයේ ය. (ආය්‍යර්‍ වූ) ප්‍රඥාශීලසමාධි ඇත්තේය .

යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය පින්පල කැමති ව දන් දෙන්නා වූ මිනිසුන්ට මහත්ඵල වේ ද,එබඳු ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක දෙන පින් කළ යුතුය

“මේ සංඝයා තෙමේ වනාහි ගුණයෙන් මහත් භාවයට ගියේය. ජලය දරණ සාගරය මෙන් මේ සංඝයා ගුණයෙන් අප්‍රමාණය. ලොවට නැණලු කරන්නා වූ ශ්‍රේෂ්ඨ වූ නරවීරශ්‍රාවකයෝ ම නිවන්මඟ දක්වති.

යම්කෙනෙක් සංඝයා උදෙසා දන්දෙත්ද, ඔවුන් විසින් මනාකොට දෙනලදී. මනාකොට යාග කරණලදී මනාකොට පුදන ලදී. සංඝයා කෙරෙහි පිහිටියා වූ ඒ දක්ෂිණාව මහත් ඵලයයි ලෝකය දත් බුදුන් විසින් වර්ණනා කරණ ලදී.

“යම්කෙනෙක් මෙබඳු යාගයක් සිහිකරමින් ප්‍රීතියෙන් ලෝකයෙහි හැසිරෙත්ද, මසුරු මල මුල් සහිතව හික්මවා නින්දා රහිත වූ ස්වර්ගලෝකයෙහි උපත ලබන්නේ ය.

🌸  මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහින්නේ ඇයි.....? 🌸🤔අපි හැමෝම මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහිනවා නේද?ඒ ඇයි........
12/04/2023

🌸 මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහින්නේ ඇයි.....? 🌸🤔

අපි හැමෝම මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහිනවා නේද?
ඒ ඇයි........අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ කලක් රජගහ නුවරට සමීපව පිහිටි අඹසැඩ නම් බමුණුගම අසල වූ වේදීය පර්වතයේ ඉන්ද්‍රසාල නම් ගුහාවේ වාසය කළේ ය.
එකල දෙව්ලොව අධිපති සක්දෙවිඳු වසර තුන්කෝටි හැටලක්ෂයක් ආයු වළඳා සිටියේ ය. එහෙත් මේ වන විට සක්දෙවිඳුගේ පිං ගෙවී චුත වීමට ආසන්න බව හඟවන නිමිති පහළ විය. සක්දෙවිඳුට දෙව්ලොව සැප අත් හැරීමට දුකක් හට ගත්තේ ය
සක්දෙවිඳු පන්චසික පෙරටු කරගෙන මුළු දිව්‍ය සභාවම සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට ආවේ ය. වේදීය පර්වතය ආලෝකමත් කරමින් ආ මේ පිරිස පන්චසික ගේ මැදිහත් වීමෙන් බුදු සිරිපා වැන්දේ ය.
( කථාව බොහෝ කෙටි කර ඇත )
සක්දෙවිඳු පැමිණ මුණි සිරිපා නමදින විටම සක්දෙවිඳුගේ ආයුෂ ඉවර විය. මෙය සෙසු දෙවියන් නොදුටුවේ ය. බුදු රජාණන් වහන්සේ ආයු බෝ වේවා යැයි පතා, සක්දෙවිඳු නැවත ජීවත් වීමට , ආයු ලැබීමට තරම් පිං කර තිබේදැයි බැලීය.
සක්දෙවිඳු පෙර ආත්මයක මනුලොව සිටියදී ගොපළු දරුවෙකුව සිටියේ ය. මේ ගොපළු දරුවා වනයේ ඇවිදිමින් සිටින විට පොකුණක් අසල ගරාවැටී ගිය ස්ථූපයක මල් අසුනක් මත කවරෙකු විසින් හෝ පූජා කර පරවෙමින් තිබූ දියබෙරලිය මල් ටිකක් දුටුවේ ය. මේ ගොපළු දරුවා වහා ලඟ තිබූ පොකුණට බැස නෙළුම් කොළයක් කඩාගෙන එයට වතුර ගෙනවිත් ඉස, මල් ප්‍රාණවත් කළේ ය.
මේ පින දැක සක්දෙවිඳු හා පිරිසගේ ආයු බෝ වේවා යි ප්‍රාර්ථනා කළේ ය. එතැන් සිට නැවත සක්දෙවිඳුට ආයුෂ වසර තුන්කෝටි හැටලක්ෂයක් ලැබිණි.

* හදිසි මරණයකට ගොදුරු නොවේවා! යි පතා ඔබත් මල් වලට පැන් ඉහින්න.

සම්මා සම්බුදු සරණයි!!!🙏❤️❤️

🙏❤️සංසාර සාරෝඝ විනීත නීසං සංණීත සාතං සුචිසාර ධීසංසංධීරකං සොණ්ණ තනුපලාසංසංලාප දේසිං පණමේහි සාසංසංසාභිගං කේවල මෝහ නාසංසංනා...
01/01/2023

🙏❤️

සංසාර සාරෝඝ විනීත නීසං
සංණීත සාතං සුචිසාර ධීසං
සංධීරකං සොණ්ණ තනුපලාසං
සංලාප දේසිං පණමේහි සාසං

සංසාභිගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණේවිසේ සං
සංසේවිතං දාසි මුදාර හාසං
සංහාර ධම්මං පණමේ සදාසං

සංදාසගං නාසිත පාප නාසං
සං නාප ධංසිං හතඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමේ රසාසං

14/12/2022

🏵️🙏

09/12/2022

🙏🌼

Piyushan Dinusha🥀

07/12/2022

Namo Buddhaya🙏

Piyushan Dinusha🥀

Copied 💛🍂🌼  #වටිනා_ඔවදනක්..🙏👸🌅එක්තරා දියණීයක් ධර්ම සාකච්ඡාවක් අතර මඟ දමා ඉතා ආවේගශීලියි වීමෙන් පිටව යනු දුටු ගරැ ස්වාමින...
20/10/2022

Copied 💛

🍂🌼 #වටිනා_ඔවදනක්..🙏👸🌅

එක්තරා දියණීයක් ධර්ම සාකච්ඡාවක් අතර මඟ දමා ඉතා ආවේගශීලියි වීමෙන් පිටව යනු දුටු ගරැ ස්වාමින්වහන්සේ සහ ඇය අතර ඇති වූ දෙබසක් පහළින් ඇත, කියවා සිත පහාදවා ගනිමු.

👸 #දියණීය : මම නම් ආයෙත් පන්සලටනම් නම් එන්නේ නෑ

☸️ #හාමුදුරුවෝ : මට එයට හේතුව දැන ගන්න පුලුවන්දදුවේ ?

👸 #දියණීය : පන්සල් ආවට වැඩක් නෑ හාමුදුරුවනේ.. හැමෝම වගේ ධර්මදේශනය වෙලාවේ ඕපා දූප කියවනවා, ෆෝන් කෝල් වල, දැන් කාලේ ළමයිගේ හැසිරීමත් අන්තිමයි, ගෙදර වගේමයි ඉන්නේ පන්සල් ආවත් කිසිම හික්මීමක් නැහැ, බුදුන් කෙරෙහී ගෞරවයක් ඇත්තෙම නැහැ. ඒ වගේම පන්සලෙන් දැන් ගන්න දෙයක් නෑ. පන්සල් වල තියෙන්නේ තරඟයක්, ඉතින් අපි පන්සල් ආවට වැඩක් තියෙනවද? සිතට සහානය,සැනසීම ලැබෙන්නේ නැහැ.

( #හාමුදුරැවන් මදක් කල්පනා කර පසුව🌼)

☸️ #හාමුදුරුවෝ : හ්හ්හ්හ්හ්... දුව මේ තීරණය ගන්න කලින් ඔබට පුලුවන්ද පුංචි ඉල්ලීමක් ඉටු කරන්න.

👸 #දියණීය : ඔව් අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ.

(හාමුදුරුවෝ කට පිරෙන තෙක් වීදුරුවකට වතුර පුරවා ඇය ලඟට පැමිණේ)

☸️ #හාමුදුරුවෝ : දුව ඔබ මේ දේ දැන් කරන්න. මේ වීදුරුවේ වතුර හැලෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් පරිස්සමෙන් විහාරස්ථානය වටේ වට තුනක් යන්න.

👸 #දියණීය : මේක තේරුමක් ඇති දෙයක් විදියටනම් මට පේන්නෙ නෑ , ඒත් මම හාමුදුරුවෝ කියන නිසා යන්නම්.

( ඉතා ගෞරවයෙන් යුතුව වතුර වීදුරුව අතට ගෙන ඇය එහි වතුර හැලෙන්නට නොදී හෙමින් පා තබමින් විහාරය වටේ වට තුනක් ගමන් කර නැවත හාමුදුරුවන් සිටින දිශාවට ගියේය.)

කුතුහලය යුතු මුහුණ සමඟින් ඇය පරිස්සමෙන් ගෙන ආ වතුර විදුරැව නැවත හාමුදුරුවන් වෙත භාර දෙන ලදී.

☸️ #හාමුදුරුවෝ : දුව දැන් මට කියන්න ඔබ දුටුවාද?, ඕපා දූප කියවනමින් සිටිව මිනිසුන්ව? ෆෝන් එකේ කෝල් ගන්න අයව? වැරදි විදියට හැසිරුණ දරුවන්ව? පන්සලේ එහෙ මෙහෙ දුවන ලමයින්ව

👸 #දියණීය : නැහැනේ හාමුදුරුවනේ ... මට දැන් නම් එහෙම දෙයක් දකින්න වුනේ නැහැ , මොකද මම මේ වතුර වීදුරැව ගැන සම්පුර්ණ අවධානයෙන් හිටපු නිසායි. මට ඒ දේවල් වෙනුවෙන් අවධානයක් දෙන්න පුළුවන් වුනේ නැහැ ඇත්තටම..

☸️ #හාමුදුරුවෝ : දුව පන්සලට ආවම ඔයත් ඔයාගේ සම්පුර්ණ අවධානය ධර්මය කෙරෙහි යොමු කරන්න. නිවන කෙරෙහිම සිත යොමු කර සිත පහාදවා ගන්න. ඔබ අවට සිදුවන සිද්ධීන් හා ගැටෙන්න යන්න එපා. ‍ඔයා එහෙම කළා නම් මේ වගේ බාහිර දේ හා ගැටෙන්න සිදුවන් නැහැ. මං හිතනවා ඔබට සියල්ල අවබෝධ වුනා කියලා.

ඒ නිසයි බුදුහාමුදුරුවෝ.. දේශනා කලේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න කියලා. උන් වහන්සේ කිව්වේ නෑ බුද්ධ ආගමක් පස්සේ යන්න කියලා. සමහරැ හාමුදුරුවෝ ගැන වැරැදි කියමින් බාහිර හේතු හදන් පන්සල් යන්නේ නැතුව ඉන්නවා. එහෙම හිතන්න එපා.. ඔබ බුද්ධ වචනය පමනක් හඹා යනවානම් ඔබට බාහිර හේතු කිසිවක් ආදාල වන්නේ නැහැ.

☸️සියලු දෙනට #උතුම් වු ධර්මයම අවබෝධ වේවා!! බුදුන් කෙරෙහි සිත පැහැදී උතුම් වු

නිර්වාණය අවබෝධ වෙත්වා.!"🙏🙏

තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏

චායාරූපය උපුටා ගැනීමකි✍🏻

මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?මානවකය  : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශ...
05/09/2022

මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

මානවකය : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

බුදුරජාණන් වහන්සේ : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?

මානවකය : ඔව්, ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?

මානවකය : ඔව්. ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?

මානවකය : ඉන්නවනේ හිමියනි.

බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?

මානවකය : එසේය හිමියනි.

බුදුරජාණන් වහන්සේ : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?

මානවකය : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ

බුදුරජාණන් වහන්සේ : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )

මානවකය : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.

බුදුරජාණන් වහන්සේ : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?

මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා.

බුදුරජාණන් වහන්සේ : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?

මානවකය : ඔවුනේ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?

මානවකය : නෑ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

මානවකය : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

ඔබට දැන් වැටහුනා නේද .... ඔබත් ඇත්ත ඇති සැටියේන් දකින්නේ නැත්නම්.. ඔබත් මේ මහත් දිගූ සංසාර ගමනේ ගමන් කරන, වෙරලේ වැලි මාළිගා හදන දරුවත්
අතර වෙනසක් නැත්තේමය....
Tharanga Laknath පිටුවෙන් .

꧁🌟꧂ ~දෙව්ලොව රන් පොත~ ꧁🌟꧂______________________________________________ ~🌿🌟🌿🌟🌿🌟🌿🌟🌿🌟🌿🌟🌿🌟🌿~♂️"ආච්චි එදා භාවනා කරලා නැගිට්ට...
04/09/2022

꧁🌟꧂ ~දෙව්ලොව රන් පොත~ ꧁🌟꧂
______________________________________________ ~🌿🌟🌿🌟🌿🌟🌿🌟🌿🌟🌿🌟🌿🌟🌿~

♂️"ආච්චි එදා භාවනා කරලා නැගිට්ටා විතරයි. මං මේ බලා සිටියේ ආච්චි එදා මට කියපු කාරණාවක් ගැන අහන්න යි".🌼🌼🌿

♂️“ආච්චියේ, ඔයා මට කිව්වා නේද තව්තිසා දෙවියෝ සෑම පෝය දවසක ම රැස් වෙනවා කියලා ?”

♀️“ඔව් පුතේ… සෑම පෝයක ම දේවසභාව රැස්වෙනවා.” 🌸🌸🌿

♂️“අනේ ආච්චියේ… මං හරී ආසයි ඒ විස්තරේ දැනගන්න.”

♀️“ඒ මෙහෙමයි පුතේ…. තව්තිසාවේ තියෙනවා ‘සුධර්මා’ කියලා විශාල ශාලාවක්. ඒ ශාලාවට ‘සුධර්මා’ යන නම ලැබුනේ අපේ සක්දෙවිඳු මිනිස් ලෝකේ ඉන්නැද්දි වෙච්චි දෙයක් නිසා". 🌸🌸🌿

♀️" ‘මඝ’ තරුණයාගේ එක බිරිඳක් සිටියා. ඇගේ නම ‘සුධර්මා’. ඉතින් ඈ මඝ තරුණයා සාලාව හදද්දී කැණිමඬල පූජා කරලා කියා සිටියා එයාගේ නම දාන්න කියලා. ඒ පින නිසා ඇයත් දෙව්ලොව උපන්නා. දෙව්ලොවෙත් පහළ වූ සාලාවට ඒ නම වැටුනා. හප්පා… මගෙ පුතේ ඒක හරි පුදුම සාලාවක්". 🌼🌼🌿

♀️"ඒ කියන්නේ බිම පළිඟු ගල් අතුරලා, මැණික් වැට, රන් කණු, කණු පාමුල රිදී කැටයම්, පළිඟු රූප, සත්රුවන් පරාල, රුවන් දොරටු, ඉන්ද්‍රනීල මාණික්‍ය උළු, රන් කොත්, දිග පළල යොදුන් තුන්සියයක්. වටේ යොදුන් නවසියයක වේදිකාව. උස යොදුන් පන්සීයක්".

♀️"ඉතිං පුතේ ඒ සාලාවේ සතර දිසාවේ තියෙන්නේ සතර වරම් දෙව්රජුන්ගේ ආසන. කෝටි ලක්ෂයක් ගාන්ධර්ව දිව්‍ය සේනාව පිරිවරාගෙන ධතරාෂ්ට්‍ර දෙව්රජු ඇවිත් නැගෙනහිර පැත්තේ තියෙන ආසනේ වාඩිවෙන්නේ බටහිර බලාගෙන".🌼🌼🌿

♀️"කෝටි ලක්ෂයක් කුම්භාණ්ඩ දේවතාවරු පිරිවරාගෙන ඇවිත් විරූඪක දෙව්රජු උතුරු දිග බලාන දකුණු පැත්තේ තියෙන ආසනේ වාඩිවෙනවා".

♀️"කෝටි ලක්ෂයක් නාග දේවතාවෝ පිරිවරාගෙන විරූපාක්ෂ දෙව්රජු ඇවිත් බටහිර පැත්තේ ආසනේ වාඩිවෙන්නේ නැගෙනහිර දිග බලාගෙන".🌼🌼🌿

♀️"කෝටි ලක්ෂයක් යක්ෂ දේවතාවෝ පිරිවරාගෙන වෛශ්‍රවණ දෙව්රජු ඇවිත් උතුරු පැත්තේ ආසනේ වාඩිවෙන්නේ දකුණු දිග බලාගෙන".

♀️"මැද තියෙන්නේ අපේ දෙව් මහරජුන්ගේ ආසනය. උන්නාන්සේ තව්තිසා ලෝකයේ තෙතිස් දෙවියන් පිරිවරාගෙන තිස්තුන් කෝටියක දෙව්පිරිස සමගින් ඇවිත් අසුන් ගන්නවා". 🌸🌸🌿

♀️"ඉතිං පුතේ ඒ පිරිවර දෙවිවරු එන්නේ🌸🌿 පරසතු මල්, මදාරා මල් මිටි අතින් අර 🌸🌸🌿
ගෙනයි. ඒවායේ සුවඳ පන්සිය යොදුනක් පුරා පැතිරෙනවා".

♀️"පුතේ… වස් කාලෙට පුතේ තව්තිසා දෙව්ලොව තවමත් වස් තුන් මාසෙ ම උපෝසථ සිල් සමාදන් වෙනවා. ඒ කාලේ අපගේ සක් දෙව් මහා රජ්ජුරුවෝ සිල් මුදවන්ට එන්නේ පුවඟු දිවයින මහා විහාරයටයි. අනිත් දෙවිවරු ඒ ඒ තැන්වල වැඩ ඉන්න රහතුන් වහන්සේලා ළඟට ගිහින් සිල් මුදාගන්නවා".

♂️“අනේ ආච්චියේ, පරසතු මදාරා වගේම තවත් මල් ජාති එහෙ තියෙනවාද ?”🌼🌼🌿

♀️“ඇයි පුතේ... කොබෝලීල මල්. ඒවාත් එහෙ තියෙනවා. පුතේ.. ඔය දිව්‍ය මල් පිපුණාම🌸🌿 යොදුන් සිය ගණන් සුවඳ හමා යනවා. 🌸🌿🌿 දෙවිවරුන්ගේ උත්සව කාලේ එන්නේ 🌸🌸🌿 එතකොටයි. අපට වගේ කෙකි බැඳගෙන මල් කඩන්න යන්න නෑ. එතැනට ගිය ගමන් සුළඟ හමනවා. දෙවිවරු ගී ගයමින් මල් දිහා බලා🌿 ඉන්නවා. එතකොට ඒ මල් නටුවෙන් ගිලිහී🌸 එනවා. තව සුළඟක් හමා ඇවිත් ඒ මල් 🌸🌿 වැටෙන්න නොදී පිළිගන්නවා. තව සුළඟක්🌸 ඇවිත් ඒ මල් ‘සුධර්මා’ දිව්‍ය ශාලාවට🌸🌸🌿 පාකරගෙන යනවා. ඊට කලින් තව සුළඟක් ඇවිත් ‘සුධර්මා’ ශාලාවේ තියෙන පරමල් ඉවත් කරගෙන පිරිසිදු කරගෙන යනවා. අලුත් සුවඳ මල් සාලාවට ඇතුල් වුනාම තව සුළඟක් ඇවිත් මල් සොලවනවා. එතකොට මල් රේණු හෙමින් හෙමින් ශාලාව පුරා පැතිරෙනවා". 🌸🌸🌿

♀️"ඒ ශාලාවේ හරි මැද තියෙන්නෙ 🌸🌸🌿 ධර්මාසනයක්. ඒක යොදුනක විතර ප්‍රමාණයේ රුවන් ආසනයක්. ඒ ආසනයට මෙහා🌸🌸🌿 පැත්තෙන් තමයි සක් දෙවිඳුගේ ආසනය🌸🌿 තියෙන්නේ. අනිත් දෙවිවරුන්ගේ ආසන වලට තියෙන්නේ මල් කෙමි. ඉතිං පුතේ දෙවිවරුන් දේව සභාවේ අසුන් ගත් ගමන් අහසේ පාවෙන මල්වලින් වැටෙන රේණුවලින් දෙවිවරුන්ව පාට පාට වෙනවා. මල් උස්සවේ මාස හතරක් තියෙනවා".

♀️"ඒ වගේම පුතේ තව්තිසාවේ මාසයකට අට දවසක මහා ධර්ම සභාවක් පැවැත්වෙනවා. ඒ ධර්ම සභාවේදී සනංකුමාර බ්‍රහ්මරාජයා බණ කියනවා. එහෙමත් නැත්නම් මහා බ්‍රහ්ම රාජයා බණ කියනවා. එහෙමත් නැත්නම් සක්දෙවිඳු බණ කියනවා. එහෙමත් නැත්නම් මිනිස් ලොවින් තව්තිසාවට වැඩිය ඉර්ධිමත් භික්ෂුවක් බණ කියනවා".🌼🌼🌿

♀️"ඒ වගේම සෑම පුරපක්ෂයක හෝ අවපක්ෂයක අටවෙනිදා සතර වරම් දෙවිවරු මනුලොව බලනවා. පොළෝ තලේ හොඳින් විමසා බලනවා. යම් ගැහැණියක් හෝ පිරිමියෙක් හෝ අවංකව ම බුද්ධ රත්නය සරණ ගිහින් නම්, අවංකව ම ධර්ම රත්නය සරණ ගිහින් නම්, අවංකව ම සංඝ රත්නය සරණ ගිහින් නම් ඒ වග රන්පොතේ ලියාගන්නවා. පන්සිල් රකිනවා නම් ඒවාත් ලියාගන්නවා. අට්ඨාංග උපෝසථ සිල් ගන්නවා නම් ඒවාත් ලියාගන්නවා. මව්පිය උපස්ථානය, ගුරුවරුන්ට උපස්ථානය, වැඩිහිටියන්ට සැලකීම, දානාදී පිං කිරීමත් ලියාගන්නවා. ස්ථූප වන්දනා පූජා ආදියත් ලියාගන්නවා".🌼🌼🌿

♀️"දෙවිවරු ඒ ලියූ රන්පොත පංචසිඛ දිව්‍ය පුත්‍රයාගේ අතට දෙනවා. එතකොට පුතේ පංචසිඛ දිව්‍ය පුත්‍රයා ඒ පොත මාතලී දේවපුත්‍රයාට දෙනවා. මාතලී දෙව්පුතු තමයි රන්පොත අපේ සක්දෙව් මහරජුට දෙන්නේ. එතකොට පුතේ තෙරුවන් සරණේ පිහිටා පින්දහම් කරන මිනිස්සු වැඩි කාලෙට රන්පොත ලොකුයි. එතකොට දෙවියන්ට හරීම සතුටුයි".

🌿“හ… හා… හා… අගෙයි අගෙයි
🌺අපගේ දෙව් ලොව පිරෙයි පිරෙයි
🌿සත්පුරුෂයන්ගෙන් අපේ ලොව පිරෙයි
හ… හා… හා… අගෙයි අගෙයි
අසුර ලෝකෙ පිරිහී යයි”🌺🌿

♀️...."කිය කියා දෙවිවරු උදම් අනනවා. නමුත් පුතේ තිසරණයේ නොපිහිටා නැකැත් කේන්දර පස්සේ ගිහින්, යකුන් යකිනියන්ගෙන් පිහිට ඉල්ල ඉල්ලා දුවන කාලෙට මිනිස්සුන්ගේ ගුණධර්ම නැතිවෙනවා. ඒ කාලෙට රන්පොත ඉතාම කුඩයි. දෙව්ලොවට මනුලොවින් යන්නේ නැති ගානයි. ඒ කාලෙට අලුත් දෙවිවරු නැති නිසා දෙවිවරු දුක් වෙනවා".🌼🌼🌿

🌿“අනේ අපොයි දෙව් ලොව හිස් වී යනවා
🌹අසුර ලොවේ අදමිටුවෝ උපදිනවා
🌿පවින් පිරුණු අය ලොව බලවත් වෙනවා
අනේ මිනිස් ලොව තව පිරිහී යනවා”🌹🌿

♀️"ඔහොම කියමින් දුක් වෙනවා. එතකොට දෙවිවරු මනුලොව උපදින්න භයයි. එයාලා උත්සාහ කරන්නේ දෙව්ලොවදී ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නයි".🌼🌼🌿

♀"️මේ කාලේ පුතේ, අපටත් දෙව්ලොව උපදින්ට පුළුවන් වුනොත් හොඳයි නේද මගෙ පුතේ".🌸🌸🌿

-----------------------------------------------------------------------
🌿✨️🌺🌿✨️🌺🌿✨️🌺🌿✨️🌺🌿✨️🌺🌿

19/08/2022

🙏🙏

ඔබ සැමට පින්බර නිකිනි පොහොය දිනයක් වේවා !🙏°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
10/08/2022

ඔබ සැමට පින්බර නිකිනි පොහොය දිනයක් වේවා !🙏
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මගේ රටට දළදා හිමි සරණයි🙏
04/08/2022

මගේ රටට දළදා හිමි සරණයි🙏

| නුවර ලස්සනම පෙරහැර කාලෙට_________❤️
03/08/2022

| නුවර ලස්සනම පෙරහැර කාලෙට_________❤️

දළදා හාමුදුරුවෝ පළමු කුඹල් පෙරහැරේ වඩින වගයි 🙏
02/08/2022

දළදා හාමුදුරුවෝ පළමු කුඹල් පෙරහැරේ වඩින වගයි 🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සිත සැනසෙන බුදු වදන [sitha sanasena budu wadana] posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category