Neon Media

Neon Media ආර්ථික, සමාජීය නිදහස සහ ආකල්පමය වෙනසක් සඳහා එක්වන්න.
(1)

15/06/2024

ෆහාඩ්ගේ Quick bites questionsවලට Crepe Runner fast food restaurant ජාලයේ CEO සහ නිර්මාතෘ අබ්දුස් සලාම් දීපු උත්තර බලන්න. Neon උතුරු තරුව වැඩසටහනේ Quick Bites segment එකත් එක්ක එකතුවෙන්න.

14/06/2024

වගකීමක් හා වගවීමක් නොමැති, දූෂිත, බලය අවභාවිතා කරන, අදක්ෂ, කිසිම චාරයක් නැති දේශපාලකයා වෙනුවට අවංක, දක්ෂ, පාරදෘ‍ෂ්‍යභාවයක් සහිත, අදූෂිත පුද්ගලයන්ගේ දේශපාලන ආගමනය මේ මොහොතේ ලංකාවේ ඉදිරි අනාගතයට අතිශයින්ම වැදගත්. හැබැයි මේ විදිහේ දේශපාලන වෙනසක් කරන එක කියන තරම්ම ලේසි නැහැ. මේ තියෙනෙ ජරාජීරිණ දේශපාලන මඩගොහොරුව වෙනස් කරන්නේ කොහොමද කියලා සහ අලුත් පිරිසකට ලංකාවේ දේශපාලනයේ දොරවල් විවෘත කරන්න ඕනෑ ඇයි කියන එක ගැන Neon එක්ක කතා බහකට එක් වුනේ නව දේශපාලන පක්ෂයක් වන එක්සත් සියවස් පෙරමුණේ සභාපති ප්‍රශාන් ඩී විසර්. ප්‍රශාන් ආපු Beyond the Headline වැඩසටහන බලන්න Neon එක්ක එකතු වෙන්න.

සියලුම මෝටර් රථ සම්බන්ධයෙන්වන ආනයන සීමා 2025 වන විට ඉවතටවැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
14/06/2024

සියලුම මෝටර් රථ සම්බන්ධයෙන්වන ආනයන සීමා 2025 වන විට ඉවතට

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

සියලුම මෝටර් රථ සම්බන්ධයෙන්වන ආනයන සීමා 2025 වන විට ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍ර....

13/06/2024

නරක රජයන්න අවශ්‍ය එකම දෙය යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීමයි කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ලංකාවේ දේශපාලනයටත් මේක අදාළයි. හොඳ මිනිස්සු ලංකාවේ දේශපාලනයට එන්න කැමති නැහැ. මොකද ඒක ඒ තරමටම ජරාජීර්ණ වෙලා. හොරුන්ගෙනුයි, රස්තියාදුකාරයන්ගෙනනුයි පිරිලා. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා මේක වෙනස් කරන්න ඕනේ කියලා හිතන. ඒ සඳහා උඩුගං බලා පීනන්න, කැපකිරීම් කරන්න ලෑස්ති මිනිස්සු. එක්සත් සියවස් පෙරමුණ කියන අලුත් දේශපාලන පක්ෂයේ සභාපති ප්‍රශාන් ඩී විසර් කියන්නේත් එහෙම චරිතයක්ද? ප්‍රශාන් සහභාගී වෙච්ච Beyond the Headline podcast එක බලලා ඒක තීරණය කරන්න, Neon එක්ක රැදී සිටින්න.

IMF ලංකාව ගැන කිව්ව ප්‍රධානතම දේවල් 9 මෙන්න!වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
13/06/2024

IMF ලංකාව ගැන කිව්ව ප්‍රධානතම දේවල් 9 මෙන්න!

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමේ (stand-by facility) දෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අධ....

12/06/2024

මේ කාලේ වැඩිපුරම ඉන්නේ වටේ පිටේ අයට show off කරන්න ගිහින් අනාථ වෙන අය! අනුන්ට පේන්න වියදම් කරන්න ගිහිල්ලා ණය වෙන්නේ නැතුව හරියට තමන්ගේ ආදායම් වියදම් manage කරගන්න කැමති ඔයාටයි මේ Neon podcast එක. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක චතුර ආරියදාස සහභාගී වුණු Beyond the Headline වැඩසටහන අනිවාර්යයෙන් බලන්න.

11/06/2024

ලංකාව කියන්නේ අපි දන්න දවසේ ඉදලාම සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ රටක්.‍රටක් විදිහට අපි එක තැන පල්වෙන්න එක හේතුවක් තමයි හරි නායකත්වයක් නැතිකම. මොකද අද කාලේ ගොඩක් ඉන්නේ මම තමයි වැඩකාර‍යා, මං තමයි පොර කියන අයනේ. පොරක් නොවී සැබෑ නායකයෙක් වෙන හැටි දැනගන්න කැමතිද? එහෙනම් ලංකාවේ corporate world එකේ දැවැන්තයෙක් වගේම ජාත්‍යන්තර නායකත්ව උපදේශකයෙකු වන දීපාල් සූරියආරච්චි එක්ක Neon කරපු සෙනසුරු අතුරුදහන් podcast එක ඔයා අනිවාර්යයෙන් බලන්න ඕනේ.

ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලියෙස්ටර් වලින් ඇඳුම් මහන MAS!වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11/06/2024

ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලියෙස්ටර් වලින් ඇඳුම් මහන MAS!

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

ශ්‍රී ලංකාවේ MAS Holdings විසින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍යන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන පොලියෙස්ටර් රෙදි මිලදී ගැන....

ජානාධිපතිවරණය දිනපු දවසේ රෑම පාර්ලිමේන්තුව විසුරුවනවා: AKDවැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11/06/2024

ජානාධිපතිවරණය දිනපු දවසේ රෑම පාර්ලිමේන්තුව විසුරුවනවා: AKD

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයේදී තම ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරන රාත්‍රියේම මේවන විට පවතින පාර....

10/06/2024

නායකයෝ කියලා කියාගන්න අය නම් ඕනෑ තරම් ඉන්නවා..හැබැයි එයාලා හැමෝම සැබෑ, නැත්නම් අව්‍යාජ නායකයෝ නෙමෙයි. සැබෑ නායකත්වය ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුනා ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න සැබෑ නායකයෙක්. ඒ තමා දීපාල් සූරියආරච්චි. ලංකාවේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක ප්‍රධාන නිලධාරියා විදිහට වැඩ කරලා, මේ වෙද්දිත් ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්න දීපාල් නායකත්වය කියන සංකල්පය දකින්නේ වෙනස්ම විදිහකට. දීපාල්ගේ මේ අදහස් දැනගන්න Neon සෙනසුරු අතුරුදහන් podcast එකත් එක්ක රැඳී සිටින්න.

ශ්‍රී ලංකාව මේ වසරේදී නැරඹිය යුතුම සංචාරක ගමනාන්ත 3 අතරට!වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10/06/2024

ශ්‍රී ලංකාව මේ වසරේදී නැරඹිය යුතුම සංචාරක ගමනාන්ත 3 අතරට!

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

කීර්තිමත් Forbes සඟරාවේ විශේෂඥ දායකයෙකු විසින් ශ්‍රී ලංකාව ‘2024 ගිම්හානය සඳහා නැරඹිය යුතු සංචාරක ගමනාන්ත 3 න් එකක්’ ලෙ....

07/06/2024

වැටිලා, අනාථවෙලා, පචවෙලා තියෙන ජාතිකත්ව කඳවුරට oxygen ටිකක් ගහලා ගන්න වැඩේට දිලිත් ජයවීර අතගහලා කියලා ගොඩක් දෙනෙක් කියනවා. දිලිත් හැමදාම වැඩකරලා තියෙන්නේ මේ කඳවුරත් එක්ක තමා. මෙච්චරකල් දිලිත් කළේ ජාතිකත්ව ලයින් එකේ ගිය නායකයන්ට තමන්ගේ නිර්මාණශීලී දායකත්වය දීපු එක. ඒකේ හොඳම උදාහරණය තමයි ගෝඨා. හැබැයි ඒ ගෝඨා project එක fail වුණාට පස්සේ දිලිත් හිතනවා වගේ මේ වැඩේ කරන්න වෙන වෙන අය දාල හරියන්නේ නැහැ මම ම game එකට බහින්න ඕනේ කියලා. මේ වගේ පසුබිමක ව්‍යවසායක/ මවිබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර එක්ක Neon Editor ඉන්දික සකලසූරිය කරපු ‘Beyond the Headline’ podcast එක බලන්න.

මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රිමිකයන් 10,000ක් දකුණු කොරියාවටවැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
07/06/2024

මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රිමිකයන් 10,000ක් දකුණු කොරියාවට

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

2024 වර්ෂයේදී ශ්‍රී ලංකාව ශ්‍රමිකයින් 10,000ක් පමණ දකුණු කොරියාවට යැවීමට බලාපොරුත්තු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත...

06/06/2024

එක කට්ටියකට පේන්න බෑ..තවත් කොටසකට තිතටම set වෙනවා.හරියට මාමයිට් වගේ.ව්‍යවසායකයෙක් වගේම ලංකාවේ මව්බිම ජනතා පක්ෂයේ නායකයා විදිහට ක්‍රියාකාරී දේශපාලනයට මේ වෙද්දි ඇවිල්ලා ඉන්න දිලිත් ජයවීරත් ටිකක් මාමයිට් ගණයට වැටෙන චරිතයක්. දිලිත් විශ්වාස කරන දේශපාලනය වගේම, ලංකාවේ දේශපාලනයේ ඔහු කරන්න හදන සෙල්ලම ගැන Neon එක්ක කරපු කතාබහ බලන්න.අපිත් එක්ක රැඳී සිටින්න.

ඉලෝන් මස්ක්ගේ Starlink සේවාව ලංකාවේ දියත් කරන්න TRCSL අනුමැතිය!වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
06/06/2024

ඉලෝන් මස්ක්ගේ Starlink සේවාව ලංකාවේ දියත් කරන්න TRCSL අනුමැතිය!

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

ඇමරිකානු ව්‍යාපාරික ඉලෝන් මස්ක්ගේ විප්ලවීය Starlink සේවාව ශ්‍රී ලංකාවෙ තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය වසරේ අගභාග....

අදානිගේ මන්නාරම් සුළං බල  ව්‍යපෘතිය ගැන TISL තොරතුරු ඉල්ලයිවැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
06/06/2024

අදානිගේ මන්නාරම් සුළං බල ව්‍යපෘතිය ගැන TISL තොරතුරු ඉල්ලයි

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

| NEON - The exclusive Sinhala news provider.

05/06/2024

අවුරුදු හතරකට වඩා තියෙන වාහන ආනයන තහනම අයින් කරපු ගමන් ලංකාවට මහා විශාල වශයෙන් වාහන ආනයනය කිරීමක් pent-up demand එක නිසා සිදුවෙයි කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. ඒකෙන් ආයේ ලොකු dollar outflow එකක් වෙන්න පුළුවන් කියලා එයාල හිතනවා. හැබැයි Ceylon Motor Traders’ Association එකේ සභාපති චාරක පෙරේරාට නම් තියෙන්නේ මේ ගැන තියෙන්නේ වෙනස් අදහසක්. ඒක මොකක්ද කියල දැනගන්න Neon ඔබෙ වෙත ගෙන එන Beyond the Headline වැඩසටහන එක්ක එකතු වෙන්න.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ශුද්ධ ලාභය රුපියල් බිලියනය පනීවැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
05/06/2024

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ශුද්ධ ලාභය රුපියල් බිලියනය පනී

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

දිගින් දිගටම පාඩු ලැබූ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම 2023/24 මුදල් වර්ෂයේ පළමු මාස 9 සඳහා රුපියල් මිලියන 1, 124ක බදු පෙර .....

04/06/2024

රංගනයට අවතීර්ණ වෙන එකත්,රැඳෙන එකත් ලේසි නැහැ. විශේෂයෙන්ම ලංකාව වගේ රටක. රංගනය ගැන හදාරන්න අවස්ථා අඩු, නමක් හදාගන්න අමාරු ක්ෂේත්‍රයක තරුවක් වෙන එක ඇත්තටම හීනයක්. ඒ වගේම අපේ වගේ රටක රංගනය කියන්නේ full time job එකක් විදිහට කරලා survive වෙන්න පුළුවන් රැකියාවකුත් නෙමෙයි. නිසි හැදෑරීමක් එක්ක රංගන ක්ෂේත්‍රයේ තරුවක් විදිහට බැබලෙන හැටි, නවකයින් විදිහට හොඳ චරිතයක් තෝරාගන්න හැටි, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ක ගනුදෙනු කරන හැටි වගේ දේවල් ගැන කතා කරන්න අපේ අලුත්ම උතුරු තරුව podcast එකත් එක්ක එකතු වුනේ ඩිනාරා පුංචිහේවා. ගාඩි චිත්‍රපටයෙන් ලංකාවම අඳුනාගත්ත ඩිනාරා අද වෙද්දි ෆ‍ෝබ්ස් සඟරාව අලුතින්ම ප්‍රකාශයට පත් කළ "30 under 30 Asia" ලැයිස්තුවට ඇතුළත්වුණු රංගන ශිල්පිනියක්. ඩිනාරා කියන කතාව සම්පූර්ණයෙන් බලන්න Neon එක්ක එකතු වෙන්න.

සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකමට එරෙහිව යන විදුලිබල සංශෝධන පනතවැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
04/06/2024

සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකමට එරෙහිව යන විදුලිබල සංශෝධන පනත

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

රජය විසින් ඉදිරිපත් කර ඇති නව ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට “සමස.....

03/06/2024

“අපි වැඩක් කරනවානම් professional වෙන්න ඕනෑ Home work කරන්න ඕනෑ. මම නම් පිටපතක් දහ සැරයක්වත් කියවනවා. මට අනුව acting කියලා කියන්නේ reacting”.මෙහෙම කියන්නේ මේ දවස්වල හැමෝම කත‍ා කරන, ලංකාවේ නම ආසියාවේ ප්‍රබලයින් අතරට අරගෙන ගිය, රංගන ශිල්පිනි ඩිනාරා පුංචිහේවා. රංගනයට පිවිසෙන්න හීන බලන තරුණ ඔයාට ඩිනාරා කියන කතාව අහන්න Neon උතුරු තරුව podcast එකත් එක්ක රැදී ඉන්න.

03/06/2024

“මම මේ බිස්නස් එක පටන් ගත්තේ ගමේ ගස් යට වැටිලා කුණුවෙලා යන කොස් ගෙඩියෙන්.දැනුම හොයන ව්‍යවසායකයෙක්ට ඕනෑ තරම් සම්පත් මේ රටේ තියෙනවා. නමුත් බහුතරයක් දෙනා මේ ගැන දන්නේ නැහැ.අද උපාධිධාරි තරුණයින් ලංකාවේ ඉන්න කැමති නැහැ. නමුත් ලංකාවේ අපිට දෙයක් කරන්න පුළුවන් වගේම අපේම සන්නාමයක් ලෝකේට අරන් යන්න පුළුවන් කියන එක මම අත්දැකීමෙන්ම දන්නවා.” මෙහෙම කියන්නේ ලෝකේ රටවල් ගණනාවකට කොස් වලින් කරන නිෂ්පාදන අපනයනය කරන තරුණ ව්‍යවසායකයෙක්. ඔහු Jack Fruit Ceylon - Pvt Ltdව්‍යාපාරයේ නිර්ම‍ාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී දුලංජන විතානගේ. තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගන්න හීන මවන තරුණ ඔයාට motivation එක්ක දෙන්න Neon සෙනසුුරු අතුරුදහන් podcast එකට ආව දුලංජන කියන මේ කතාව බලන්න.

01/06/2024

“ලෝකේ මොන රටෙත් gen Z එක එකයි.අපි හදන්න ඕනෑ තරුණ පරම්පරාවට හෙට දවස ගැන බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් විදිහේ system එකක්.” මෙහෙම කියන්නේ Neon ඔබෙ වෙතෙ ගෙන එන Beyond the Headline වැඩසටහනේ පළමු Rapid Fire වටයට එක්වුණු රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් ෂා. අපේ ප්‍රශ්න වලට ඔහු දීපු උත්තර බලන්න Neon එක්ක එකතු වෙන්න.

Movenpick හෝටලය ජූනි 1 සිට NH Collection Colombo Hotel වෙයි!වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
31/05/2024

Movenpick හෝටලය ජූනි 1 සිට NH Collection Colombo Hotel වෙයි!

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

අශෝක් පතිරගේගේ Softlogic Holdings සමාගමට අයත් කොල්ලුපිටියේ පිහිටි Movenpick හෝටලය ජූනි 1 වෙනිදා සිට NH Collection Colombo Hotel ලෙස නැවත සන්නාමකරණය ...

හෝටල්වල Happy Hour නැති වෙයිද?වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
31/05/2024

හෝටල්වල Happy Hour නැති වෙයිද?

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

Happy Hour ලෙස නම් කරමින් ලංකාවේ සමහර හෝටල් මද්‍යසාර නිෂ්පාදන සඳහා වට්ටම් ලබාදීම, දුම්කොළ සහ මත්පැන් අලෙවිය සම්බන්ධයෙන...

30/05/2024

අතේ ලොකු ගාණක් නැතුව බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්ද? මේ වගේ කාලෙක බිස්නස් එකක් පටන් අරගෙන ගොඩ යන්නේ කොහොමද? ව්‍යවසායකයෙක් වෙන්න කොයි තරම් ‍දුරට ඉගෙනගන්න ඕනිද? තමන්ගේම බිස්නස් එකක් පටන්ගන්න plan කරන ඔය‍ාට තියෙන හැම ප්‍රශ්නෙකටම උත්තර දැනගන්න ගමේ ගස්යට වැටිලා කුණු වෙන කොස් ගෙඩිය ජාත්‍යන්තරයට අරන් ගිය Jackfruit Ceylon ව්‍යාපාරයේ නිර්ම‍ාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී දුලංජන විතානගේ කියන මේ කතාව සම්පූර්ණයෙන් බලන්න Neon සෙනසුරු අතුරුදහන් අලුත්ම podcast එකත් එක්ක එකතුවෙන්න

ශ්‍රී ලංකා සංචාරකයින්ට තායිලන්තයට දින 60ක වීසා රහිත ප්‍රවේශයක්වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
30/05/2024

ශ්‍රී ලංකා සංචාරකයින්ට තායිලන්තයට දින 60ක වීසා රහිත ප්‍රවේශයක්

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සඳහා තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වැඩසටහනක් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරකයි...

නීති විරෝධීව රන් ආනයනය කළ ආයතන පහකට රු. මිලියන 1,243ක දඩයක්වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
29/05/2024

නීති විරෝධීව රන් ආනයනය කළ ආයතන පහකට රු. මිලියන 1,243ක දඩයක්

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

මේ වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ බවට ආයතන පහක් හඳුනාගෙන ඇති බවත්, එම ආයතන වෙත රුපියල් මිලියන...

28/05/2024

මහ බැංකුව ලංකාවේ මිනිස්සුන්ගේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි කරන්න road map එකක් පහුගිය සතියේ එළියට දැම්මා. ඒකට අනුව අපේ මූල්‍ය සාක්ෂරතාවය අපේ region එකේ අනිත් රටවල් එක්ක compare කරලා බලද්දි නරකම නැහැ. හැබැයි අපේ මූල්‍ය හැසිරීම නැත්නම් financial behaviour එක නම් එච්චර හොඳ නැහැ. ඒ කියන්නේ අපි කරන්න ඕනේ මොකක්ද කියලා දන්නව. හැබැයි අපි ඒක කරන්නේ නැහැ. එක විදිහකට ඒක පුදුමෙකුත් නෙමේ මොකද කියනවා නම් financial mismanagement නිසා බංකොලොත් වෙච්ච රටක් නේ අපි. හැබැයි රටක් විදිහට හරි business එකක් විදිහට හරි නැත්නම් තනි පුද්ගලයෙක් විදිහට හරි ගොඩ යන්න නම් සල්ලි එක්ක අපේ තියෙන අවුල අපි ලෙහා ගන්න ඕනේ. Financial discipline එකක් හදා ගන්න ඕනේ. මේ ගැන සරලව තේරෙන සිංහලෙන් කතා කරන්නඅපිත් එක්ක එකතු වුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක චතුර ආරියදාස. චතුර සහභාගී වුණු මෙවර Beyond the Headline වැඩසටහන සම්පූර්ණයෙන් බලන්න Neon එක්ක එකතු වෙන්න!

සිංහල, දෙමළ භාෂා භාවිතා කරන්නන් සඳහාම වන සීගිරිAI ළඟදීම!වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
28/05/2024

සිංහල, දෙමළ භාෂා භාවිතා කරන්නන් සඳහාම වන සීගිරිAI ළඟදීම!

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

සිංහල සහ දෙමළ භාෂා යන භාෂා ද්විත්වය සඳහා සහාය ලබාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති ‘සීගිරිAI’ කෘත්‍රිම බුද්ධි මෙවලම මේ ...

Address

No 15, Station Road
Colombo
00300

Alerts

Be the first to know and let us send you an email when Neon Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neon Media:

Videos

Share


Other News & Media Websites in Colombo

Show All