09/01/2020
ශ්‍රී ලංකාව තාක්ෂණය මත පදනම් වූ දියුණු රටක් බවට පරිවර්තනය කිරීම සඳහා විශේෂඥ විද්‍යාත්මක දැනුම තම අමාත්‍යාංශය මෙහෙයවීමේ දී උපයෝගී කරගන්නා කරගන්නා බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසීය. අද පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශීර්වාදය සමග සිය අමාත්‍යංශයේ රාජකාරි අරඹමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. “තාක්ෂණය හා නවෝත්පාදනය මත ගොඩනැඟෙන ආර්ථික සංවර්ධනයක් සඳහා ලාභ ශ්‍රමය වෙනුවට උසස් අධ්‍යාපනයට, උසස් තාක්ෂණයට ආයෝජනය කළ යුතු වෙනවා. ජාත්‍යන්තර තලයේ සිටින කීර්තිමත් අපේම විද්වතුන් සැමවිටම මග පෙන්වන්නේ තාක්ෂණික සංවර්ධනය ඉලක්ක කර ආයෝජනය කිරීම අනාගත ආර්ථික සංවර්ධනයට උර දෙන බවයි. මේ නිසා තේ, පොල්, රබර් වැනි සාම්ප්‍රදායික අපනයනයන්ට සීමානොවී උගත් බුද්ධිමත් ශ්‍රමය තුළින් ලෝක වෙළඳපොලේ තරඟ කළ හැකි තාක්ෂණික නිර්මාණ සිදුකළ යුතු වෙනවා. ” අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ද පෙන්වා දී ඇති ආකාරයට තාක්ෂණය පදනම් කරගත් සමාජයක් නිර්මාණය කිරීම රජයේ මූලික ඉලක්කයක් වන බැවින් ඒ සඳහා අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට තම අමාත්‍යංශය තුළින් ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍යතුමා පැවසීය. නිසි සැලැස්මක් අනුව තාක්ෂණය පදනම් කරගත් දියුණු රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය ආයෝජනය සිදු කිරීම තුළින් නුදුරු අනාගතයේදී ම කොළඹ නගරය ආසියාවේ අග නගරය බවට පත්කර ගැනීමට හැකිවන බවද අමාත්‍යතුමා විශ්වාසය පළ කළේය. ජාත්‍යන්තර තලයේ සිටින කීර්තිමත් විද්වතුන් වන නාසා ආයතනයේ සේවයේ නියුතු මහාචාර්ය සරත් ගුණපාල, හිටපු විද්‍ය හා තාක්ෂණ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වී විශේෂ දේශන පැවැත්වූ අතර තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ඉදිරි පියවර සඳහා කොන්දේසි විරහිතව අවශ්‍ය සහයෝගය සහ මගපෙන්වීම ලබාදීමට සූදානම් බවද මෙහි දී ඔවුන් ප්‍රකාශ කළහ. මෙහි දී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින්, “මෑත අතීතයේ දී ලෝකයේ උසස් තාක්ෂණ කීපයක්ම දියුණු වී පැමිණියත් අපි රටක් ලෙස ඒවා හරිහැටි ග්‍රහණය කර ගත්තේ නැහැ. අප දැන් සිටින මැදි ආදායම් තත්ත්වය ජය ගනිමින් ඉහළ ආදායම් තත්වයට යාමට නම් අනිවාර්යෙන් උසස් තාක්ෂණයක් ග්‍රහණය කරගත යුතු වෙනවා. අතිශය තරගකාරී ලෝක වෙළඳපොළේ තරග කිරීමට උසස් තාක්ෂණය යොදාගත් තාක්ෂණික නිපැයුම් අත්‍යවශ්‍යයි. එවැනි තාක්ෂණයන් යොදා ගැනීමෙන් අපේ අමුද්‍රව්‍ය වලට වැඩි වටිනාකමක් ලබා දීමට හැකි වෙනවා. මානව සම්පත දියුණු කරන අතරම නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, කෘතිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් වැනි ඉහල තාක්ෂණයක් යොදා ගැනීම තුළින් පමණයි අපට මේ අභියෝගය ජයගත හැකි වන්නේ ” යනුවෙන් පැවසීය. මහාචාර්ය සරත් ගුණපාල මහතා මෙසේ පැවසීය. “තායිවානය දකුණු කොරියාව වැනි රටවල් කෙටි කාලයක් තුළ මානව සම්පත විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කිරීම තුළින් සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්කරගෙන තිබෙනවා. මේක ශ්‍රී ලංකාවටත් වටිනාම අවස්ථාවක්. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශය හරහා උසස් තාක්ෂණය යොදා ගනිමින් තාක්ෂණ හා නවෝත්පාදනයේ ඉදිරි භූමිකාව නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින තත්ත්වයේ සිට සංවර්ධන තත්ත්වයට ගෙන යාමට හැකි වෙනවා.” මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන්, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි යන මහත්වරුන්, විද්‍යාඥයින්, තාක්ෂණවේදීන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මාධ්‍ය ඒකකය තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය. Scientific Expertise will be made use of in transforming Sri Lanka into a Technology based developed nation. - Minister Thilanga Sumathipala. State Minister of Technology and Innovation, Thilanga Sumathipala sated that Scientific expertise would be made use of, in Steering his Ministry towards transforming Sri Lanka in to a technology based developed nation. He expressed these ideas on the occasion of assumption of office at his Ministry yesterday (02) with the blessing of the Maha Sanga. The Minister further elaborated thus, “In order to attain economic development based on technology and innovation, we will have to invest in higher education and advanced technologies, in place of cheap labour. Internationally renowned Scholars of our own have always laid emphasis on the need to invest in technology related fields so as to ensure future economic development. Therefore, we should not limit ourselves to the traditional exports such as tea, rubber and coconut, but embark on technologically competitive inventions utilizing intellectual labour.” The Minister expressed his intention to work towards the creation of a technology based society, a prime objective of the government as envisaged in the policy Statement of H.E. the President, by creating the much needed platform, a task which would be performed by Ministry in the future. He also expressed his belief that through investment necessary for the creation of a developed country based on technology the city of Colombo could be made the capital of Asia in the not too distance future. Prof. Sarath Gunapala an internationally renowned Sri Lankan NASA employee, and Prof.Tissa Vitharana, former Minister of Science and Technology took part in this event by delivering special lectures and both expressed their wish to extend unconditional support for the future initiatives of the Ministry of Technology and innovation. Professor Tissa Vitharana said , “Even though a number of Advanced Technologies emerged globally in the recent past, we as a country didnot grasp them properly. If we are to move from the middle income level, that we are placed at present, to higher income level we definitely will have to grasp an advanced technology. Technological products of high end Technologies are essential to compete in the highly competitive world market. By utilizing such Technologies, we will be able to add more value to our raw materials. We will be able to overcome this challenge only by utilizing high end Technologies such as nanotechnology, biotechnology, artificial intelligence, Robotics, and Mechatronics, while also improving our human resources” Professor Sarath Gunapala Said, “ Countries like Taiwan and South Korea have achieved Rapid economic development within a relatively short period of time, through their investment made in human resources, Science and Technology sectors. This is a great opportunity for Sri Lanka too. If the future role of Technology and innovation in properly navigated utilizing high end Technologies through the intervention of the Ministry of Technology and Innovation, the economy of Sri Lanka could be elevated from its present status of being a developing economy to a developed economy” This event was attended by political represantatives, Mr. Anura Dissanayake, Secretary to the Ministry of Higher Education, Technology and Innovation, Mr. Chinthaka Lokuhetti, former Secretary to the Ministry of Science, Technology and Research along with ScientistS, Technologists, scholars, artistes and more. Media Unit State Ministry of Technology and Innvation.